අරුණි ශපීරෝ‍ වෙතින්

අපොයි සිංහල විකිපීඩියාවට යන කළ!!!! සිංහල විකිපීඩියා පාලකයන්ගේ අවධානය පිණිසයි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 26, 2012

2010 දී මේ අඩවියේ ලියූ ජීවත්වන ඉතිහාසය කවුදෝ මුළුමනින් ම විකිපීඩියාවට එකතු කර තිබුනේ මේ අඩවියට සබැඳියක් වත් නොදී ය. ඊට අකමැත්තක් නැති හෙයින් එය දැකි මම කිසිත් නොකළෙමි.

සිංහල විකිපීඩියාවේ ප්‍රංශ විප්ලවය යනුවෙන් සටහනක් ඇරඹී තිබෙනු දුටුවෙමි. එහි වැඩිපුර තිබුනේ ඉංග්‍රීසි අකුරු ය. ප්‍රංශ විප්ලවය ගැන මෑතක දී මම ලියු නිසා ඒ ගැන තොරතුරු එම අඩවියට එකතු කරන්නට සිතුවෙමි. එහි දී මේ බ්ලොග් අඩවි සටහනේ වූ මගේ අදහස්, මගේ කතුවර පාඨයන් ඉවත් කර ඉතිහාස පොත් වලින් හා ඉංග්‍රීසි විකිපීඩියාවෙන් පමණක් මූලාශ්‍ර පෙන්විය හැකි කොටස් එකතු කළෙමි. එය සකස් කරන්නට පටන් ගත්තා පමණකි.

ඊට මකා දැමීම් යෝජනාවක් ගෙනැවිත් තිබිණ. මා ඊට අභියෝගයක් එල්ල කළෙමි.

වැරදි ඇත්නම් මූලාශ්‍ර ගෙනැවිත් පෙන්වමින් සටහන වෙනස් කරන්නට හැකි අයට ඉඩ දීම විකිපීඩියාවේ අගය වෙයි.

අහෝ! සිංහලෙන් ලියන කියවන බහුතරයගේ හැටි දැන දැනත් මට එවැන්නක් කරන්නට ඇයි සිතක් පහළ වූයේ?  😀

විකිපීඩියා සටහන හා මේ බ්ලොග් සටහන් ලියන්නේ මා දැයි නොදන්නවා යැයි කිව්වත්, ඒ නිසාම ප්‍රංශ විප්ලවය සටහන මකා දමන්නට යන (බීටල් ලියන අකුරු බ්ලොගය කියවා ඇති) “ශ්වේත” එය ලියා ඇත්තේ සැබැවින් ම අරුණි ශපීරෝ නම් කවුද යැයි දන්නා බැවින් ම යැයි පෙනෙයි!!!!

*********

සාකච්ඡාව:ප්‍රංශ විප්ලවය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
[සංස්කරණය]මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

මෙම සටහන ඉක්මණින් මකා දැමිය නොයුතුය. එහි විස්තර ලියා ඇත්තේ මවිසින් ලියන ලද “අරුණි ශපීරෝ වෙතින්” වෙබ් අඩවියෙන් ය. මම මගේ අවසරය ඇතිව ඉහත ලිපිය සකස් කර ඇත්තෙමි! ඉතින්, නැවත වෙනස් කර ලිව්වත් ලියැවෙන්නේ මගේ ශෛලියෙනි. එහෙත් වෙනස් කර ලිවිය යුතු නම් දන්වන්න. මෙම සටහනේ තොරතුරු වල ඉංග්‍රීසි විකිපීඩියාවෙන් කියැවෙන තොරතුරු අඩංගු වෙනවා මිසක් මාගේ පුද්ගලික අදහස් ගැබ් වී නැත. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Aruni Shapiro (සාකච්ඡාව • දායකත්ව) විසින් 12:04, 26 අගෝස්තු 2012 (UTC) හිදී එක් කර ඇත

****

බ්ලොග් අඩවියෙහි සටහන තැබු තැනැත්තේ හා Aruni Shapiro නමින් පෙනී සිටින පරිශීලක ඔබ එකම පුද්ගලයා බවට අප දන්නේ නැත; එය එසේ යැයි ඔබටද කිසි දිනෙක ඔප්පු කල නොහැකි වනු ඇත. වෙබ් අඩවි වල අන්තර්ගත සඳහා කිසියම් හිමිකම් නීති යෙදෙන බැවින් ඒවායින් විකිපීඩියාවට පිටපත් කිරීම තහනම්ය. —–ශ්වෙත (talk) 14:42, 26 අගෝස්තු 2012 (යූටීසී)

ඔබ ජීවිතය ගැන කලකිරී සිය දිවි නසා ගැනුම වරදකි. ඔබගේ ජීවිතය ඔබ සතු වස්තුවක් නොව රාජ්‍යය සතු වස්තුවක් බැවිනි. ඔබ විසින් බ්ලොගයක හෝ වෙනයම් වෙබ් අඩවියක සටහනක් දැමූ විට එය එම වෙබ් අඩවි සඳහා වන හිමිකම් නීති වල යටත් වනවා මිස තවදුරටත් ඔබගේ අයිතිවාසිකමකට යටත් නොවේ. එම අන්තර්ගත ගැන ඔබට රිසි සේ අවසර ලබා දීම කල නොහැක්කකි. —ශ්වෙත (talk) 15:17, 26 අගෝස්තු 2012 (යූටීසී)

****

මම උත්සාහ කර ඇත්තේ ප්‍රංශ විප්ලවය ගැන පවතින සටහනකට තොරතුරු එකතු කිරීමටයි.
ඊට එකතු කරන ලද තොරතුරු මා ලියන බ්ලොග් සටහනින් එකතු කරන ලද වුවත්, ඊට අනුමැතිය මෙහි යොදා ගැනීමට විකිපීඩියාවෙන් දෙන අවසරයට ඉඩක් ලබා ගැනීමට පෙර මෙසේ වෙනත් සිංහල බ්ලොග් අඩවියක ලියූ මගේ පුද්ගලික ප්‍රතිචාරයක් මෙතැනට ඇඳා ගනිමින් කියනා මුග්ධ වදන් දොඩන ශ්වේත විසින් විකිපීඩියාවේ ගෞරවය නැති කරයි.

I started to contribute to an existing wiki Sinhala language site on French Revolution.
Since I had already written about French Revolution in another site (my copyright) I took editorial comments out and contributed most factual information per English wiki to this wiki page about French Revolution. This is still under construction, or so I thought per wiki guidelines.

While authenticity of my copyright is questioned by the person “ශ්වේත” who is moderating here, this “ශ්වේත” has read a personal comment I have written in another Sinhala language blog about euthanasia (http://akurublog.blogspot.com/2012/08/63.html?showComment=1345989276653#c8349536354556955428) and is making personal comments about me. Below it says that “if you are displeased with your life suicide is wrong. Your life belongs to the state not to you.” My comment in that site has NO RELEVANCE in this discussion.

This ශ්වේත moderator does not reflect the integrity of Wikipedia.

Aruni Shapiro 15:47, 26 අගෝස්තු 2012 (යූටීසී)

Advertisements

27 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on අගෝස්තු 26, 2012 at 12:38 ප.ව.

    කතෘගේ අවසරය නැතුව අඩංගු දේ තැන් තැන් වල දාන එක වැරදි ආදර්ශ දෙන වැඩක්….

    • arunishapiro said, on අගෝස්තු 26, 2012 at 12:42 ප.ව.

      Gold fish,

      ඔව්, ඒක හරි. මෙහි දී “ජීවත්වන ඉතිහාසය” කළින් අවසරයක් නැතිව දාලා තියෙනවා. දැන් පැහැදිලිව ම කර්තෘ කවුදැයි විකිපීඩියාව තුල ලියාපදිංචියෙන් පසු ඇවිත් “ප්‍රංශ විප්ලවය” සංස්කරණයට ඉඩක් නොදෙන්නේ ඇයි?

      “Also, if the contributor is the copyright holder of the text, even if it is published elsewhere under different terms, they have the right to post it here under CC-BY-SA and GFDL – the text may still be unsuitable for Wikipedia for another reason, but it is not a copyright violation. “-http://en.wikipedia.org/wiki/Wikipedia:Copyright_violations

  2. Nuwan Prabhath said, on අගෝස්තු 26, 2012 at 12:52 ප.ව.

    Ohoma tamai lankawe hugak aya 😀 Katha karala wadak na ewa gana nam. Sinhalen kiyona hugak aya rawatenawa kiyala api kohomath dannawane 😀 eka e aya nodannawa kiyalath dannawane 🙂 Ehema aya gana anukampawak tamai athiwenne 😀

  3. Dishan Savithra Rajapaksha said, on අගෝස්තු 26, 2012 at 1:20 ප.ව.

    Sri Lankans 😀

    What can we expect more from our people? They pull their own men’s legs :/

  4. Kulendra said, on අගෝස්තු 26, 2012 at 2:39 ප.ව.

    Hi Aruni,
    I think the moderator was a bit overly enthusiastic with his comment on the rights of life 🙂 But I think he was just acting on the exact rule about copyright infringments.

    You can simply add a widget to your website granting a creative commons license. I think you will prefer releasing your work under CC-BY-SA-NC (BY = Attribution to the original author, SA = Share Alike: Modifications can be made but must be released under same license, NC = Non-Commercial use only). If you are ok with this, you can put the widget on your site and put a note of it on the wiki talk page. That should (I think) do 🙂

    • arunishapiro said, on අගෝස්තු 26, 2012 at 3:01 ප.ව.

      Kulendra,

      බෙහෙවින් ස්තූතියි. ඔබ කියන්න මාත් සිතූ දෑ ම තමයි.

      මේ ආකාරයෙන් ඊට දායක වීමට තමයි උත්සාහයක් ගන්නට හැදුවේ. හවුලේ වැඩ කරන හැටි ගැන පොඩ්ඩක් වැටහෙන තෙක් මම ඉන්නම්.

  5. dawkinssdodo said, on අගෝස්තු 26, 2012 at 6:47 ප.ව.

    ඔය වගේ බක පණ්ඩිතයෝ නිසා ලැබෙන්න තියෙන දායකත්වයත් නැති වෙලා යන එකයි වෙන්නෙ. තමන්ගෙ බොරු පාණ්ඩිත්‍ය පෙන්නන්න යන අය කරන විනාශය දීර්ග කාලීනව බලපාන බව ඔවුන්ට නොපෙනෙනවා නොවෙයි.

  6. Kevin Perera (@PereraKevin) said, on අගෝස්තු 26, 2012 at 9:25 ප.ව.

    මිනිසුන් සමග කතා බහ කර වචන මගින් ගැටලු නිරාකරණය කර ගත හැකි නමුත් හරක් රැලක් දක්කන විට ඔබට වචන වලට වඩා කෙවිට ප්‍රයොජනවත්ය. ලාංකිකයන් සමග කටයුතු කරන විට සමහර විට සම-හරක් අය සමග කතා කිරීමට වඩා මුලින්ම හොම්බට දෙකක් ඇනීම ප්‍රතිපලදායකය

  7. Maathalan said, on අගෝස්තු 27, 2012 at 12:10 පෙ.ව.

    කනගාටු නොවන්න..
    ළොවෙන් උතුම් රටේ . දීර වූ උදාර වූ ජාතියයි.

    • arunishapiro said, on අගෝස්තු 27, 2012 at 7:23 පෙ.ව.

      Maathalan,

      ‘බලාපොරොත්තුව’ සහ ‘වෙනස’ කියලා කියා ගත්තම ඇති, ඒක සිද්ධ වෙන විදියට මුකුත් කරන්න ඕනෙ නැහැ කියලා හිතපු මෙහෙ කට්ටියත් දැන් පුදුම වෙලා ඉන්නෙ ඇයි බලාපොරොත්තු වූ වෙනස නැත්තෙ කියලා. ඔහොම යනකොට කවදා හරි වැටහේවි ද? එහෙම වැටහෙන අයෙක් ඉතුරු වේවි ද?

  8. wicharaka විචාරක said, on අගෝස්තු 27, 2012 at 3:39 පෙ.ව.

    මමත් සිංහල විකියට දායක වන්නට උත්සාහ කළා. නමුත් එය අධික වෙහෙසකර කාර්යයක් නිසා අතහැර දැමුවා.

    • arunishapiro said, on අගෝස්තු 27, 2012 at 7:35 පෙ.ව.

      wicharaka විචාරක,

      විචාරක වගේ අගනා තොරතුරු එකතු කරන්න හැකියාව ඇත්තෙක් ට, පහසුවෙන් සටහන් එකතු කරන්නට සහාය වී ආදරයෙන් පිළිගන්න ඕනා එතැන ඉන්න කට්ටිය. ඔවුන් කළ යුත්තේ ලංකාවට හා සිංහල භාෂාවට උන්නතියක් සිද්ධ වෙන පරිදි කටයුතු කිරීමයි.

  9. buddie-බුඩී said, on අගෝස්තු 27, 2012 at 12:15 ප.ව.

    මකා දැමීමේ ටැග ඉවත් කලා. මෙවැනි අඳ බාලයින් ගැන සානුකම්පිතව බලන්න ඕනේ, පව්නේ 🙂
    සැලෙන්න එපා දිගටම වැඩේ කරගෙන යන්න. බූඩිගෙන් ලොකුම ලොකු ජයවේවා එකක් ඔන්න 🙂 !!

  10. Lee said, on අගෝස්තු 27, 2012 at 11:38 ප.ව.

    Hi Aruni,

    ශ්වෙත is not a modarator. He is a contributor, a very good one in my opinion. But sometimes he is too aggressive. But you know what, as a race Sinhala people have been fighting all throughout their existence. So I believe he has a right to be a fighter and so does you.

    I’m no expert in copyrights. So I cannot really comment on the copyright issue without going into details and analyzing things. Unfortunately I have very limited time for it these days.

    Do you think Sinhala Wikipedia will ever be useful to somebody?

    /Lee

    • arunishapiro said, on අගෝස්තු 28, 2012 at 7:20 පෙ.ව.

      Hi Lee,

      Thanks for your reply and also for what you do for Sinhala Wikipedia.

      I do not doubt ශ්වේත is a very good contributor. Hats off to him for his contributions. I welcome his aggressive approach (see above reply to Kulendra, and my reply to ශ්වේත when he blocked the construction of the page) regarding copyright infringements. But he needs to learn to be aggressive about the right issue. He need not resort to personal take on things said by me somewhere else. That would have been more in line with the spirit of Wikipedia.

      I do not agree that Sinhala people have been fighting all throughout their existence. History shows they were lackadaisical throughout their existence when they should have been aggressive. I think they lack direction and are aggressive only amongst each other resulting in eliminating those amongst them who are able to advance their very existence. They need to wake up soon and become aggressive against the real enemies who threaten their existence or face extinction themselves. World is not idling by for the Sinhalese to catch up.

      Re: copyright //“Also, if the contributor is the copyright holder of the text, even if it is published elsewhere under different terms, they have the right to post it here under CC-BY-SA and GFDL – the text may still be unsuitable for Wikipedia for another reason, but it is not a copyright violation. “-http://en.wikipedia.org/wiki/Wikipedia:Copyright_violations// If needed I can send myself a note thru Wiki and give Wiki permission for it.

      YES. Right now it is perceived in Sri Lanka as unreliable because academics and others who prefer to have knowledge limited to their way of distribution are saying it is unreliable. But when each individual realizes that they are able to garner knowledge more easily and reliably through sources provided there they will start using it. It is up to those who contribute to Wikipedia to make it a place that is full of factual information and easy navigation.

      Sinhala readers will realize what it is all about someday soon. After all, The Economist when mentioning the news that Encyclopedia Britannica print editions were to discontinue, sited Wikipedia:
      In a move hailed as a triumph by the digerati but deplored by bibliophiles, the publishers of “Encyclopaedia Britannica” decided to discontinue the printed edition of the 32-volume tome in order to focus on the online and digital versions. The encyclopedia contains 40m words, is in its 15th edition and was first published in Edinburgh in 1768 but has been based in America since 1901 (according to Wikipedia).”

      • රොයිලි ප්‍රනාන්දු said, on අගෝස්තු 28, 2012 at 9:57 පෙ.ව.

        ශ්වෙත ගේ ආක්‍රමණශීලි හැඟීම කොච්චර හොඳ වුනත් ඒකෙන් වුනේ අමාරුවෙන් වෙලාවක් හොයාගෙන විකිපේඩියාවට ලිපියක් ලියන්න හෝ පරිවර්තනයක් කරන්න තිබිච්ච මගේ ආශාව මොටවෙච්ච එක. ශ්වෙත මා එක්ක කතා බහ ඇති කරගත්තේ වරක් දෙවරක් නෙවෙයි. එයා කියන දේවලින් මට හැඟෙනු එකම දේ ශ්වෙත ඇරෙන්න ආධුනික අපි විකිපේඩියාව කාලා දානවා කියන හැඟීමෙන් එයා වැඩ කරනවා කියන එකයි. අනික මම කියන හැම වචනයකම ශ්වෙත දැක්කෙ උපහාසයක්ම නේ 😛

        • arunishapiro said, on අගෝස්තු 28, 2012 at 10:02 පෙ.ව.

          රොයිලි,

          අපි එයාට කියමු විකිපීඩියාව යනු සමූහයක් විසින් ගන්නා උත්සාහයක් නිසා අනිත් අයටත් ඉඩක් දෙන්න කියලා.

          දාන සටහන් වල අඩුපාඩු හදනවා මිසක පුද්ගලික මත ගැන කාලේ නාස්ති නොකර වැරදි හදාගන්න ඉඩදෙමු නේද?

          රොයිලි ඔයාගේ උත්සාහය අත්හැර දමන්න එපා. එහි දැනට ඇති සටහන් කිසි සේත් ම ප්‍රමාණවත් නැහැ. ගොඩ දෙනෙකුගේ සහාය අවශ්‍ය්‍යි එය සිංහලෙන් තොරතුරු සොයන්නාට වැදගත් වෙන අඩවියක් බවට පත් කරන්නට නම්.

    • Kevin Perera (@PereraKevin) said, on අගෝස්තු 29, 2012 at 12:57 පෙ.ව.

      //Sinhala people have been fighting all throughout their existence//
      being subjects to a king in the era of internet …what a good fight ha…?Where aruni lives they fight for freedom not for king, in sri lanka they still fight for king, like ninjas did. About race Where aruni lives they all “Americans” unlike you said “sinhala race” when you guys call yourself “Sri lankans” and fight for freedom together?

  11. Randeer said, on මැයි 9, 2016 at 2:17 ප.ව.

    අරුණි, තවමත් ඔබ ලිපි ලිවීමේ නිරතව සිටින බව දක්නට ලැබීම සතුටක්. ඇත්තෙන්ම වැදගත් මාතෘකා යටතේ හරබර ලිපි ලියා තිබීම විශේෂයි. ඒ වගේම ඒක වසර හතක් පමණ තිස්සේ පවත්වාගෙන ඒම සුවිශේෂයි. ඇත්තෙන්ම සිංහල විකිපීඩියාව සම්බන්ධයෙන් ඉහත ඔබ සඳහන් කර ඇති සිදුවීම නිසා ඔබේ දායකත්වය සිංහල විකිපීඩියාවට නොලැබී යාම එයට විශාල පාඩුවක්. අදටත් ඔබ පරික්ෂා කර බැලුවොත් දැකිය හැකියි සිංහල විකිපීඩියාවේ ලිපි ලියන්න ඉතිරි වී සිටින්නේ “ශ්වේත” පමණක් බව. ඇත්තෙන්ම සිංහල විකිපීඩියාව වැනි විශ්වකෝෂයක් තනි පුද්ගලයෙකුට පමණක් ගොඩනැගිය හැක්කක් නොවෙයි. ඒ සඳහා ඔබ වැනි රචකයන්ගේ දායකත්වය අත්‍යවශ්‍යයි. “ශ්වේත” එය අතීතයේදී වටහා නොගෙන සිටියත් මේ වන විට ඔහු එය වටහා ගෙන ආධුනිකයන්ට වඩාත් සුහදශීලිව උපකාර කරනු ඇතැයි මා විශ්වාස කරනවා. වඩාත් දියුණු සිංහල විකිපීඩියාවක් සිංහලෙන් තොරතුරු සොයන බොහෝ දෙනෙකුට ඉතා වැදගත් දෙයක් වනු ඇති බව මගේ විශ්වාසයයි. ඉතින් සිංහල විකිපීඩියාවේ දියුණුවට (පැරණි අමිහිරි සිදුවීම් අමතක කොට) නැවතත් දායක වන්නැයි මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

    • arunishapiro said, on මැයි 9, 2016 at 5:58 ප.ව.

      Randeer,

      ස්තූතියි ප්‍රතිචාරයට. කොතැනක හරි මෙය සටහන් වී තිබීම හොඳ යැයි සිතෙනවා. දැන් වෙන වැඩ වලට බැහල නිසා සිංහල විකිපීඩියාවට දායකත්වය දෙන්න ඉස්පාසුවක් නැහැ. ඒත් ලැබුනොත් නැවතත් උත්සාහයක් කරලා බලන්නම්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: