අරුණි ශපීරෝ‍ වෙතින්

කාලෙකට පස්සෙ පරණ යෙහෙළියක් ආවා

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 9, 2012

සති අන්තය අපිත් එක්ක ගෙවන්න සිකුරාදා හවස ආවේ “මාර්ලි.” ගිය අවුරුද්දෙත් තෝරා ගැනීම් බහුල සති අන්තයක් අපි සමඟ ගෙවා දැමු ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයේ බැල්ලි තමයි මේ.

මගේ හොඳම මිතුරිය මාව දාලා ගියාය කියල දන්න අසල්වැසියන් සැවොම ඉතා සතුටින් ඇහැව්වෙ “අලුත් බල්ලෙක් ගෙනාව ද?” කියල. ටික දවසකට තියාගන්න මිතුරියක් කියල කියද්දී සමහරැ ඇහෙව්වෙ එහෙම නම් එයාල කොහේ හරි යද්දී එයාලගෙ බල්ලෙක් දෙන්නෙක් ව තියාගන්නත් අනාගතේ දවසක දෙන්න ද කියලයි. තව යාළුවෝ ලැබේවි මේ වැඩෙන්.

ඉතින් මාර්ලි එන්න කළින් එයා වෙනුවෙන් ම බිස්කට් එහෙමත් හදල ලෑස්ති වුනා.

දවසේ වැඩි කාලය අපි ගෙවන්නේ හාවෝ, පාත්තයෝ, තාරාවෝ පස්සෙ එළවන්න හිරිපොද වැස්සත් එක්ක හැම අත ඇවිදින්න ගිහින්. එහෙම ඇවිදලා ඇවිදලා ඇවිත් බිස්කට් කාලා, එයාට පුටුව අපිට බිම!!!!

තමන්ගෙ අයිතිකාරිය ආවම අපිත් එක්ක ගෙවපු රසවත් කාලය ඔක්කොම අමතකයි!!!

හෙට සිංහල බ්ලොග් වලින් හඳුනාගත්ත අළුත් යහළුවෙක් හමුවේවි. වොෂිංටන් ඩී. සී. නගරයේ කොච්චරක් දැකබලා ගන්න පුළුවන් වේවි දැයි බලමු.

Advertisements

23 Responses

Subscribe to comments with RSS.

  1. සොසී said, on සැප්තැම්බර් 9, 2012 at 10:12 පෙ.ව.

    අක්කා…..

    අපේ ගෙදර හිටියෙ කවුදෝ පාරේ දමල ගියපු බලු කික්කියෙක්. එයා මැරුනට පස්සෙ දැන් සුරතල් සතෙක් නැහැ. පුංචි බබෙක් ගෙදර ඉන්න නිසා බල්ලෙක් වෙනුවෙන කාලය වැය කරන්න බැරි නිසා සහ මැරුනම දැනෙන දුක නිසා කියල එක එක හේතු අරන් දැන් සුරතල් සතෙක් නැහැ.

    හොදයි මම අක්කාගේ නොදුටු යහළුවාව අනුමාන කරන්නෙයි ?

    ඔහු එන්නේ ශ්‍රී ලංකාවේ මාතර ඉදලැයි?

    • arunishapiro said, on සැප්තැම්බර් 9, 2012 at 10:23 පෙ.ව.

      සොසී,

      ඔව් සතෙක් බලාගන්න එකත් වගකීම් ගැන සලකන අයට ලොකු තීරණයක්.

      නංගිත් යන එන අඩවියක් ලියන්නෙක්. ලංකාවේ සිට තමයි ඇවිත් ඉන්නෙ. හැබැයි මාතර පැත්තේ දැයි නම් ඇහැව්වේ නැහැ. හෙට අහන්නම් 😀

  2. රාජ් said, on සැප්තැම්බර් 9, 2012 at 10:48 පෙ.ව.

    දවසේ වැඩි කාලය අපි ගෙවන්නේ හාවෝ, පාත්තයෝ, තාරාවෝ පස්සෙ එළවන්න හිරිපොද වැස්සත් එක්ක හැම අත ඇවිදින්න ගිහින්. එහෙම ඇවිදලා ඇවිදලා ඇවිත් බිස්කට් කාලා, එයාට පුටුව අපිට බිම!

    මරු! 🙂

  3. marayagehorawa said, on සැප්තැම්බර් 9, 2012 at 10:49 පෙ.ව.

    අරුණි අක්කා බලාගෙන ඔය එන හාදයා රටේ වෙදා..පරිස්සමට ඈ.. 😀 😀 😀 ඕනනං ආවම මං එහෙම කිව්වා කියන්ටකෝ…

  4. Kenji @ Japan said, on සැප්තැම්බර් 9, 2012 at 12:27 ප.ව.

    ලෝකයේ එක එක සතුන්ට තියෙන සැප දරුවන්ට නැති එකයි දුක.

    • arunishapiro said, on සැප්තැම්බර් 9, 2012 at 1:54 ප.ව.

      Kenji @ Japan,

      කරන්න බැරි සමානාත්මතා අල්ලා ගෙන ඉන්න අයට ඉතින් හැමදාම දුකින් ඉන්න කරුණු කාරණා ලොව තියෙනවා.

  5. ravi said, on සැප්තැම්බර් 9, 2012 at 1:29 ප.ව.

    ” හොඳයි, තමන්ට පුළුවන් විදිහට මහප්‍රාණ අකුරු යොදල වාක්‍යයක් ලියන්න බලන්න ළමයි ” ටීචර් කිව්වලු පහේ පංතියෙ ළමයින්ට..

    මෙන්න එක්කෙනෙක් ලියාපු වාක්‍යය…

    ” භළ්ළා ළභුථ් එඛ්ඛ භථ් ඛා ළිභ් භොඛ්ඛේ භුධි. ”

    අන්න ඒ වගේ ” භැළ්ළී ඵුඨුවේ භුධි.මිණිෂ්ෂු භිම. ” 🙂 🙂

  6. අටම්පහුර said, on සැප්තැම්බර් 9, 2012 at 1:49 ප.ව.

    බල්ලන් ගැනනං කියලා වැඩක් නැ , සමහරක් වේළාවට මිනිස්සුන්ටත් වැඩිය හොදයි.

    මම දන්න බල්ලෝ ගැන මම ලියපු එකක් තියනවා වේලාවක් ලැබුනොත් කැමතිනං බලන්න

    http://atampahura.blogspot.com/2012/06/blog-post_03.html

    • arunishapiro said, on සැප්තැම්බර් 9, 2012 at 1:57 ප.ව.

      අටම්පහුර,

      ඔව් ‘මහත්මා ගති’ තියන බල්ලො බැල්ලියො මටත් මුණ ගැහිලා තියෙනවා … එන්නම් කියවන්න.

  7. දුමී said, on සැප්තැම්බර් 9, 2012 at 4:29 ප.ව.

    අරුණිගෙයි සුදු අප්පු හාමිගෙයි මූණුවල තියෙන රිලැක්ස් ගතිය ගැන හරිම ඊරිසියයි……! 🙂

    පොඩි කාලේ බල්ලෝ මහ තොගයක් ඇති කලත් දැන් ජීවත් වෙන ෆ්ලැට් ඇතුලේ ඒ කෙලි කරන්න බැහැනේ…..! අනිත් එක අපේ ගම හාමිනෙත් බල්ලන්ට කැමති නෑ….! 😦

  8. Gold fish said, on සැප්තැම්බර් 9, 2012 at 10:18 ප.ව.

    අපෝ මුගේ හුරතලේ… 🙂

  9. Chandi said, on සැප්තැම්බර් 10, 2012 at 6:11 පෙ.ව.

    අනේ හරිම ආසයි එයාවයි, ඔයාල ඉන්න විදිහයි දැක්කහම. ඔන්න මාත් එන යහළුවාට සුබ පතනවා. අපේ ඉන්නවා ඩොබමන් කෙනෙක්. දැන් වයසයි. ඇස් පේන්නෙත් නෑ. නම බිතෝවන්. මදෑ දමලා තියෙන නම. නම දුන්නෙ කලින් අයිති මහත්තයා. අපි අර ගත්තේ එයා රට යත්දි. අපිට පණ වගේ ආදරෙයි. වෙනම බ්ලොග් එකක් ලියන්න ඕනෙ ඒ ගැන.

    • arunishapiro said, on සැප්තැම්බර් 11, 2012 at 2:51 ප.ව.

      Chandi,

      ඔය නම ඇති බල්ලා ඉන්න ෆිල්ම් එකෙන් පස්සෙ ඒ නම මේ පැත්තෙ බල්ලො ගෙඩාකටත් වැටුණා. ලියන්න චාන්දි අක්කා එයා ගැනත් දවසක. බලු සුරතල් ගැන කියවන එක හැමදාම සතුටක්.

  10. Rv said, on සැප්තැම්බර් 10, 2012 at 6:11 පෙ.ව.

    balu biscuit hadana hati kiyala denna puluwanda, ape ekkenaatath denna

    • arunishapiro said, on සැප්තැම්බර් 11, 2012 at 2:43 ප.ව.

      Rv,

      whole wheat පිටි කෝප්ප 1 1/4 ක්,
      quick rolled oats කෝප්ප 1/2 ක්,
      බිත්තරයක් යාන්තමින් ගසා ගන්න,
      පාන් පිටි කෝප්ප භාගයක්,
      සීනි මේස හැන්දක්,
      කිරිපිටි කෝප්ප 3/4 ක්,
      yellow cornmeal කෝප්ප 1/4 ක්,
      උණු වතුර කෝප්ප භාගයක්,
      මැගී සුප් කැටයක්,
      grate කරපු චීස් කෝප්ප 1/4 ක්,
      එළවළු තෙල් කෝප්ප 1/3 ක්
      ඔක්කොම එකට දාලා පිටි ගුලියක් අනාගෙන, එය රෝලකින් තුනී කර, කැමැති හැඩ කපා ගෙන මිනිත්තු 10-15 විතර (ෆැරන්හයිට් 350°) බේක් කරගන්න. සතියකට වඩා තියාගන්න බැහැ ආහාර සුරක්ෂකයන් කිසිවක් දාලා නැති නිසා. සාමාන්‍ය්‍යෙන් නරක් වෙන්න කළින් ඔක්කොම ඉවර වෙනවා!!!

  11. RanDil said, on සැප්තැම්බර් 10, 2012 at 6:24 පෙ.ව.

    ඇමරිකාවේ බල්ලෝ හරි හොඳයි නෙව. අපි ගමනක් ගිහින් එනකං මෙන්න මෙහෙන් ඉන්න කිව්වාහම ඉන්නවා නේද? ඒකට මෙහේ බල්ලෝ……….. අපේ අම්මා තාමත් නෝක්කාඩු කියනවා ලොකු දුව ගෙනැල්ලා දීපු දෑවැද්ද නිසා අපිට කොහිවත් යන්න නැහැ කියලා………….. (ගෙදර ඉන්න බල්ලා සහ බල්ලාගේ වයිෆ් මං ගෙදර ඉන්න කාලේ මට ලැබිච්චි තෑගි… ඉතිං මක් කරන්නද එයලා ළමයි තුන්දෙනෙකුත් හැදුවා. වෙලාවට දෙන්නෙක් අසල්වැසියන් ඉල්ලා ගත්තා.)

    • arunishapiro said, on සැප්තැම්බර් 11, 2012 at 3:00 ප.ව.

      RanDil,

      මෙහෙ තියනවා ගෙදරට ඇවිත් බල්ලො බලාගන්න බිස්නස් කරන අය. බොහෝ විට විශ්‍රාමිකයෝ. බල්ලාට කන්න දීලා රවුමක් ඇවිදින්න එක්කන් ගිහින් පැයක් විතර ඉඳලා යන්නෙ. විසිට් එකට ඩොලර් 10-15 ක් ගන්නවා.

      නිව් යෝර්ක් වල බල්ලන්ට ට්‍රාන්ස්පොර්ට් දෙන ටැක්සි තියෙනවා. කෙනඩි එයාර්පෝට් බල්ලව ගෙනෙන්නට ඩොලර් 117+ ටොල් ගාස්තු සහ ටිප් (20%) එකක් දෙන්න ඕනෑලු.

      නංගිගේ අම්මලා මේ පැත්තෙ වත් හිටියා නම් .. කොහෙ හරි යන වේලාවක මට බලාගන්න තිබුණානේ.

  12. Chanaka Aruna Munasinghe said, on සැප්තැම්බර් 10, 2012 at 11:09 ප.ව.

    ෂෝයි බවුවී. බවුවීගේ අක්කත් හරි හුරතල්. මෙන්න මගේ බවුවො සෙට් එක.

    https://www.facebook.com/media/set/?set=a.397936967931.200064.685407931&type=3&l=e61887d2d5

    මේ කලෙක්ෂන් එකට ගන්න ඔය බවුවීගේ ලස්සනම ෆොටෝ 2 3 ක් එවන්නකෝ ? ලස්සනඇඳුමක් ඇඳගෙන ඉන්න එකක් නම් තවත් ශෝයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: