අරුණි ශපීරෝ‍ වෙතින්

ලාහෝර් හි බූරුවා

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 13, 2012

ඉස්ලාම් වැළඳගත් ප්‍රථම ස්වීඩන ජාතිකයා සේ සැලකෙන්නේ Ivan Aguéli ය. ඒ 1909 දී ය.

වාමාංශික කම්කරු Autonomia කල්ලියේ නායකත්වයක් ගත් ඉතාලි ජාතික Hamza Roberto Piccardo 1974 මිලිටරි සේවයෙන් පසු අප්‍රිකාව බලා යයි. සහාරාව තරණය කරන ඔහු 1975 දී ඉස්ලාම් භක්තිකයෙක් වෙයි. 1993 දී al Hakima ග්‍රන්ථ ප්‍රකාශන පටන් ගන්නා ඔහු කෝරානය ඉතාලි බසින් මුද්‍රණය කරයි. අද ඉතාලියේ මුස්ලිම් සමාජ යුනියනයේ සහ යුරෝපීය මුස්ලිම් නෙට්වර්ක් හි ඉන්නා ඔහු කාලයක් UCOII (Unione delle Comunità e Organizzazioni Islamiche in Italia) හි ද මුලසුන දරා සිටියෙකි.

1983 දී තනාපති සේවයෙන් විශ්‍රාම යන Knut Johan Richard Bernström ඉස්ලාම් වැළඳ ගෙන මුහම්මඩ් යැයි නම වෙනස් කරගෙන 1986 දී කෝරානය ස්වීඩිශ් බසට පරිවර්තනය කරයි.

1994 සිට 1996 දක්වා සවුදි අරාබියේ වූ ඉතාලි තානාපතිවරයා වූ Mario Scialoja 1988 අග දී ඉස්ලාම් භක්තිකයෙක් වෙයි. ඔහු සිය විශ්‍රාම ජීවිතය ගෙවන්නේ ඉතාලියේ මුස්ලිම් සමාජය වෙනුවෙන් සේවයටයි.

තවත් ඉතාලියේ තනාපතිවරයෙක් ලෙසින් 1991 දී ඇල්බේනියාවට, 1993 දී ටැන්සේනියාවට, 2000 දී සවුදි අරාබියට හා 2005 දී ඇන්ගෝලාවට සහ 2009 දී ලුවාන්ඩා යන Torquato Cardilli ද සවුදි අරාබියේ සිටි කාලයේ ඉස්ලාම් වැළඳ ගනියි.

තලිබාන් විසින් අල්ලා ගනු ලැබූ Yvonne Ridley නම් බ්‍රිතාන්‍ය පුවත්පත්කලාවේදිණිය ද නිදහස් වූ පසුව ඉස්ලාම් වැළඳ ගත්තියකි.

ප්‍රංශ සොල්දාදුවෙකු වූ Lionel Dumont සෝමාලියාවේ සාම භටයෙක් ලෙසින් සේවය කළ පසු ඉස්ලාම් භක්තිකයෙක් වෙයි. 1996 මාර්තු මාසයේ දී G7 සමුළුවකට වාහන බෝම්බයක් දාන්නට ගිහින් ඔහු දැන් වසර 25 ක සිර දඬුවමක් ගෙවන්නෙකි.

Anne Sofie Roald සහ Pernilla Ouis දෙදෙනා ස්වීඩනයේ මුස්ලිම් අය ගැන පොතක් (Muslim i Sverige) ලියන්නේ 2003 දී ය. ඈන් Malmö විශ්ව විද්‍යාලයේ ඉතිහාස මහාචාර්යවරියක් වන අතර පර්නිලා එහි ඉස්ලාම්, huamn ecology පර්යේෂණ ව්‍යාපෘති වල නියැළෙන්නියකි. ඔවුන් ඉස්ලාම් භක්තිකයන් වූහ. ඒ ‘විද්වතුන්’ දෙදෙනා 1980 ගණන් වල දී හිස් ආවරණ පැළඳූහ. එවක යුරෝපයේ පීඩිත පංති හොයන ‘විද්වත්’ අය අතර ඉස්ලාම් ආරක්ෂා කළ යුත්තක් හැටියට ජනප්‍රියත්වයක් ගත් සමයයි. ඉන්පසුව ඔවුන් අගාරික වන්නට යැයි කියන රැල්ලක සිටිමින් හිස් ආවරණ සහ වේල් ඉවත් කරන්න යැයි කියන පිරිසට එක් වූහ. එදා පර්නිලා කිව්වේ කාන්තා පීඩනය ඉස්ලාම් වල වැරැද්දක් නොව මුස්ලිම් අයගේ වැරැද්දක් කියාය. 2009 දී පර්නිලා ඉස්ලාම් ඇදහීමෙන් ඉවත් වෙයි. ඇය දැන් කියන්නේ කාන්තා පීඩනය මුස්ලිම් අයගේ වැරැද්දක් නොව ඉස්ලාම් හි වැරැද්දක් කියාය. (Gudmundson -නොවැම්බර් 30, 2009) ඈන් තවමත් ඉස්ලාම් පතුරවන්නට කැප වී සිටින්නීය.

බෙල්ජියමේ Muriel Degauque ඉස්ලාම් වැළඳගත් අතර ඇය 2005 නොවැම්බර් 9 වැනිදා ඇමෙරිකන් මිලිටරි රිය සමූහයකට මරාගෙන මැරෙන බෝම්බයක් ගසා මිය ගියාය.

ඉස්ලාම් භක්තියෙක් වූ Cat Stevens නොහොත් Yusuf Islam තවමත් රසවත් සංගීතය ලොවට ප්‍රදානය කරන්නෙකි.

ලාහෝර් හි බූරුවා” ඔස්ටේලියානු-ඉරාන Faramarz K-Rahber ගේ වාර්තාකරණ චිත්‍රපටියකි. රැල්ලට පෙරළෙන හැදියාවකින් යුතු ඔස්ට්‍රේලියානු සුද්දෙක් පාකිස්තානයේ රූකඩ (puppet) උත්සවයක් සඳහා යයි. බූරුවා එම උත්සවයේ දී පාවිච්චි කරන රූකඩයයි. එහි දී ඔහු පාකිස්තාන මුස්ලිම් කෙල්ලක් සමඟ ආදරයෙන් බැඳෙයි. ඇය හා ඇසුරක් ඇති කරගන්නා ඔහු ඇය හා විවාහ වෙන්නට මුස්ලිම් ආගම වැළඳ ගනියි. විවාහ දිනයේ ම ආපසු ඔස්ට්‍රේලියාවට යන ඔහු ටැක්සියේ දී තම සහෝදරිය සමරිසි බව කෙල්ලට කියයි!!! ඇයව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නට ඔහු දරන උත්සාහය චිත්‍රපටියේ දිග හැරෙයි. ලොස් ඇන්ජලීස් වල පැවැත්වෙන ඉරාන චිත්‍රපටි උළෙලේ (Noor Film Festival) දී එය හොඳම වාර්තාකරණය, ප්‍රේක්ෂක කැමැත්ත හා හොඳම අධ්‍යක්ෂක යන සම්මාන දිනා ගනියි.

ඉතින්, ඔය ටික ලිව්වේ ටික දෙනෙක් ගැන. සොයා නොබලා රැල්ලට පෙරළෙන අය සේ ම, තමන් විසින් සොයා බලා යම් ධර්මයක් තමන්ට ගැලපේ යැයි තෝරා ගන්නා අය ද ලොව සිටින බව පෙන්වීමටයි. තම කැමැත්ත සොයා යන්නට නිදහස ලොව තිබිය යුතුය. කැමැත්තක් අකැමත්තක් වූ විට එය වෙනස් කරගන්නට ඉඩ ලොව තිබිය යුතුය. එසේම අනුන්ගේ ජීවිතයට හානියක් කරන අපරාධකරුවන්ට දඬුවම් දිය හැකියාව ද ලොව තිබිය යුතුය. ඒවාට ඉඩ නොදෙන ලෙසින් හැදූ සමාජයන් ගැටුම් බහුල වී විනාශ මුඛයට ගිය බව පෙන්වන්නේ ඉතිහාසයයි.

*** උඩ පින්තූරය වර්ජීනියාවේ ඉස්ලාමික් කෙන්ද්‍රය ඉදිරිපිට දී ගත්තකි. එය පිහිටුවා ඇත්තේ 1981 දෙසැම්බර් 4 දා බව එම නාම පුවරැව කියයි.

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on සැප්තැම්බර් 13, 2012 at 11:06 පෙ.ව.

    //සොයා නොබලා රැල්ලට පෙරළෙන අය සේ ම, තමන් විසින් සොයා බලා යම් ධර්මයක් තමන්ට ගැලපේ යැයි තෝරා ගන්නා අය /// හරි අඩුයි…..!!!

  2. wicharaka විචාරක said, on සැප්තැම්බර් 13, 2012 at 1:07 ප.ව.

    අර බෙන්ගාසි නගරයේ ඇමරිකානු තානාපති වරයාව මරපු බුරුවන්ට මොකද කරන්නේ. මම බලාගෙන හිටියා අල් ජසීරා එකේ හෝඩා අබ්ඩෙල් හමීඩ් ඒ පරිශ්‍රය ඇතුලේ සිට පෙන්නපු විස්තර. එය සැලසුම් සහගත ප්‍රහාරයක්. මම හිතන්නේ 9/11 වෙනුවෙන් සහ බින් ලාඩන් වෙනුවෙන් කල ප්‍රහාරයක්. කතාන්දරයේ තව ජවනිකා බලන්න අල් කයිඩා තලේබාන් බුරුවන්ට අවශ්‍යයි වගේ.

    • arunishapiro said, on සැප්තැම්බර් 13, 2012 at 8:44 ප.ව.

      විචාරක,

      ඔව් ඒක සැලසුම් සහගත වූවක්. ගෞරවය (respect) කියන්නෙ එකිනෙකාට ඇති එක හා සමාන වූ ගෞරවය බව, දැනගන්න ඕනෑකමක් නැති අයට කියලා දුන් පමණින්, ඔවුන් ද එය පිළිගෙන එසේ හැසිරේවි යැයි හිතපු වාමාංශික අදහස් පිරිච්ච ඇමෙරිකන් තානාපතිවරයා තමන් රැවටිච්ච මුලාවේ ප්‍රතිඵලය අත්දැකීම ඛේදවාචකයක්, ඒත් පුදුමයක් නෙමෙයි. ඉවසීම හා නිදහස මොනවාදැයි නොදන්න මිනිස්සු ගෞරවය කිව්වම හිතන්නෙ තමන්ට අහිමි වූවක් ලබාගැනීම කියලයි. මේ එයාල ඒක ලබාගත්තා යැයි හිතන විදිය. හැම සැප්තැම්බර් 11 දිනයක ම ඇමෙරිකන් අයට ගහන්න ඕනෑ යැයි සිතන පිරිසත් වැඩිවේවි!!! අපරාධකරුවන්ට දඬුවම් දිය යුතුයි. ඒත් දේශපාලනය ඊට හරස් වේවි. අපට කරන්න පුළුවන් වඩා පහසු දෙයක් තියෙනවා. ඒක තමයි අපෙන් කාලා, අපිට බනින අයටයි, අපිට ගහන අයටයි ආධාර දෙන එක නැවැත්වීම.

      අපි අද දැක්කා, අනිත් හැමදාම විදියට ඇමෙරිකන් කොංග්‍රසයේ දෙපැත්තෙ ම අය තමන්ගෙ රස්සාව බේරගත්තු හැටි. තාවකාලික බජට් එක සම්මත කරලා ඇමෙරිකන් බදු ගෙවන ජනතාව මහන්සියෙන් හම්බ කරන සල්ලි බලහත්කාරයෙන් අරගෙන ලිබියාවට ඊජිපත්තුවට හා වෙනත් අනිත් රටවල් වලට ආධාර පිණිස යවන්නට සියල්ල අනුමත කරලා ඔවුන් ගෙදර ගියා.

      ලිබියාවේ පාලකයන් සහ ඊජිප්තුවේ පාලකයන් ද අවසානයේ කරන්නේ ද එයම යි. ඔවුන් තමන්ගේ ජනතාවගේ සතුට වෙනුවෙන් අද වැඩ කරලා, ඇමෙරිකාවෙන් සල්ලි ගන්න ඕනා වුනාම ඒකටත් කාව හරි අල්ලලා හිර ගෙදරක දාලා වගේ පොඩි උප්පරවැටියක් දාලා රස්සාවේ ඉඳීවි.

  3. අමා said, on සැප්තැම්බර් 13, 2012 at 10:13 ප.ව.

    අක්කා අද ලිපිය ලියා තියෙන හැටිය වෙනදට වඩා හොඳයි. මොකද අක්කා අද අන්තිමට කියා තිබෙනවා උඩ සඳහන් කරුණු එකිනෙක ගැලපෙන හැටි යි, ලිපියේ අරමුනයි. ලිපිය සරලයි සුගමයි. (සරල සුගම වෙන එක හොඳයි කියල තේරුනේ ගුත්තිලේ ඉගෙන ගන්න කොට!)
    🙂

    • arunishapiro said, on සැප්තැම්බර් 14, 2012 at 7:48 පෙ.ව.

      අමා,

      ඔව් නංගි, එහෙන් මෙහෙන් කතෘ අදහස් දැම්මත් සාමාන්‍ය්‍යෙන් මම සටහන අමුණ ගන්න ටික පාඨකයාට බාරකරනවා. මේකෙ දී ඒක නොකළේ එය අපහසු වේවි කියලා හිතුණු නිසා. ඒත් හැම සටහනකින් ම එහෙම කළොත් පාඨකයා හැමදාම ඉගෙන ගන්නෙ කවුරු හරි ගිලින්න කියන ගුලිය ගිලින්න විතරයි. නැතිව ජීවිතයේ අනිත් දේවල් වල දී ද, ඇසෙන ලැබෙන අනිත් තොරතුරු වල දී ද තමන් විසින් විචාරය කළ යුතු බවක් හුරු කරගන්නේ කොහොම ද?

  4. ravi said, on සැප්තැම්බර් 14, 2012 at 1:44 ප.ව.

    / ඒත් හැම සටහනකින් ම එහෙම කළොත් පාඨකයා හැමදාම ඉගෙන ගන්නෙ කවුරු හරි ගිලින්න කියන ගුලිය ගිලින්න විතරයි. නැතිව ජීවිතයේ අනිත් දේවල් වල දී ද, ඇසෙන ලැබෙන අනිත් තොරතුරු වල දී ද තමන් විසින් විචාරය කළ යුතු බවක් හුරු කරගන්නේ කොහොම ද? /

    ඇත්ත, අපට අධ්‍යාපනය කියල හැමදාම කලේ කිසිම විචාරයකට අවස්ථාවක් දෙන්නෙ නැතුව ගෙඩි පිටින් කරුණු, න්‍යායයන් ගිල්ලවපු එක…

    පස්වන වසරෙ විතර සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය ගැන කියල දෙද්දි අර ඉපදුණු ගමන් ඇවිද්ද කතාව බොරුවක් කියල කිව්ව මගෙ හොඳම යාලුවව බුද්ධාගම ගුරුතුමී පංතියෙන් එළියට දැම්ම…එයාගෙ ඒ අදහස ගැන අවංකව පැහැදිලි කිරීමක් කලානම් කොයි තරම් හොඳද කියල මට ඒ පුංචි වයසෙදිම තේරුණා…

    සමහර විට එදා ඒ ගුරුතුමී නොදැනුවත්වම විනාශ කරල දැම්මෙ මිනිස් චින්තනය කණ පිට හරවන විප්ලවීය මනසක් වෙන්න බැරිද? 😦

    අරුණිගෙ සටහන් වලට මම කැමති අන්න ඒ නිසා…සටහන කියවල අමතක කරල දානව වෙනුවට අපිටම හිතන්න ඉඩ හසරක් වෙන් කරල තියනව..තම තම නැණ පමණින් 😦

  5. අමා said, on සැප්තැම්බර් 15, 2012 at 4:39 පෙ.ව.

    ඇත්ත තමයි. ප්‍රශ්න ඇසීම යටපත් කරන අධ්‍යාපන සම්ප්‍රදායක් අපට තීන්නේ. අපේ සම්ප්‍රදාය හොඳ විභාග පාස් කරන්ට මිසක් ‘ඉගෙන ගන්ට’ නෙවි.
    පහ වසරේදී මගේ එක ගුරුතුමියක් නිතරෝම තරවටු කරා ‘dont be extra smart’ කියල.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: