අරුණි ශපීරෝ‍ වෙතින්

ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාව බිඳ වැටුනේ 1932 දී

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 26, 2012

ලුඩ්විග් වොන් මීසස් විසින් “Die Legende von Versagen des Kapitalismus” නමින් Der Internationale Kapitalismus und die Krise, Festschrift für Julius Wolf (1932) හි පළ කරන ලද “ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාව” යන ඉංග්‍රීසි පරිවර්තන ලිපියේ සිංහල අනුවාදයයි. උපුටා ගැනීමේ අවසරය ලැබෙන්නේ Copyright © 2012 by the Ludwig von Mises Institute වෙතින්.

පහුගිය වසර කිහිපය තුල පටන් පැවතෙන ආර්ථික අර්බූදය සලකුණු කරන්නේ ධනවාදයේ අවසානය බව මේ දිනවල වැඩියෙන් අහන්නට ලැබෙන්නකි. ධනවාදය අසාර්ථක යැයි චෝදනා ලැබ සිටියි. ආර්ථික ගැටළු විසඳන්නට ධනවාදයට නොහැකි බව ඔප්පු වී ඇතැයි කියැවේ. ඉතින් මිනිස් සත්වයාට වෙන විකල්පයක් නැත, ජීවිතය බේරා ගන්නට නම්, එහෙනම් අපි සැලසුම් ආර්ථිකයට නොහොත් සමාජවාදයට පිවිසිය යුතු යැයි අහන්නට ලැබෙයි.

මේක කිසිසේත් ම අලුත් අදහසක් නෙමෙයි. සමාජවාදීන් හැමදා කියා සිටියේ ධනවාදී නිෂ්පාදන ක්‍රමයේ නියත ප්‍රතිඵලය ආර්ථික අර්බූදයන් යැයි කියාය. සමාජවාදයට නොයා ආර්ථික අර්බූදයන් මුලිනුපුටා දැමිය නොහැකි බව ඔවුන් කියූහ. මේ අදහස් දැඩි සේ අද අහන්නට ලැබෙන්නේ සහ එයින් මහත් මහජන ප්‍රතිචාරයක් උපදින්නේ ද, නූතන අර්බූදය වඩා දීර්ඝ වූවක් හෝ වඩා මහත් වූවක් නිසා නොවේ. ඒ මීට කළින් තිබූ දශක වලට වඩා අද සමාජ මතයන් හි සමාජවාදී ආභාෂය වඩා වැඩි නිසාය.

I

ආර්ථික න්‍යායයක් නොමැති වූ යුගයක, විශ්වාසය වූයේ බලය ඇත්තාට, ඒ බලය පාවිච්චියට අදිටන් කරගත් අයට ඕනෑම දෙයක් කරත හැකි යැයි කියාය. අධ්‍යාත්මික යහපත සහ දිව්‍යලෝකය වෙනුවෙන් තම බලය සංයමයෙන් පාවිච්චි කරන්න යැයි රජවරුන්ට ඔවා දුන්නේ පූජ්‍ය පක්ෂයයි. එදා බලය කුමක් දැයි විමසීමේ දී නිෂ්පාදනයට බලපාන මිනිස් ජීවිතයේ ස්වභාවික තත්ව සීමාවන් මොනවා දැයි ගැන ඇසීමක් නොවීය. එදා බලය සාකච්ඡාවට ලක් වූයේ සමාජ සබඳතා වල අනන්ත අප්‍රමාණ වූ සර්වබලධාරී වූවක් ලෙසිනි.

බලය අනන්ත අප්‍රමාණ වූ සර්වබලධාරී වූවක් යන මතය විනාශ කරන ලද්දේ සමාජ විද්‍යා මූල ධර්ම කියා දුන් ශ්‍රේෂ්ඨ විද්වතුන් ය. ඔවුන් අතර ඩේවිඩ් හියුම් සහ ඇඩම් ස්මිත් ඉදිරියෙන් ම සිටිති. එක් කෙනෙක් සොයා ගත්තේ සමාජ බලය නම් අධ්‍යාත්මික වූවක් ද යන්නයි. කළින් සිතා සිටි ලෙසින් එය භෞතික වූවක් නොවන බවයි. රළු ලෙසින් වචනයේ අරුත ගත්කල, සත්‍ය වූවක් ලෙසිනි. මේ සත්‍ය වූ බලයට විනාශ කළ නොහැකි වූ ද, වටහාගැනීමේ අවශ්‍යතාවයකින් යුතු වූ ද, වෙළඳපොල ප්‍රපංචයන් ඇති බවත් හඳුනා ගැනිණ. එසේම අවබෝධ කරගන්නට ලැබුණු තවත් ලක්ෂණයක් වූයේ සමාජ සබඳතා වල දී බලය ඇත්තවුන්ට බලපෑම් කරත නොහැකි යම් දෙයක් පවතින බවයි. ඒ දැයට ඉඩක් දීම කරන්නට ම සිද්ධ වෙන්නකි. හරියට ස්වභාවික ලෝකයේ රීතින්ට අනුව හැඩ ගැසෙන්නට සිද්ධ වෙන සේ ය. මිනිස් චින්තනයේ හා විද්‍යාවේ ඉතිහාසය තුල මෙයට වඩා වැදගත් වූ වෙන සොයාගැනීමක් නැත.

ඉහත කියු බලය හඳුනා ගැනීමෙන් අනතුරුව ඉදිරියට යද්දී, ආර්ථික න්‍යාය පෙන්වන්නේ වෙළඳපොල ක්‍රියාවලියේ දී බලය සහ එහි දිවෙන බලපෑම් ඇති කරන යම් දෙයට බාධා පැමිණවීමෙන් මොන වාගේ තත්වයයන් ඇති වෙනවා ද යන්නයි. යම් ඒකීය වූ බලපෑමක් කළ පමණින් බලධාරීන් අදහස් කරන්න සාක්ෂාත් කරගත නොහැකිය. ඒ නිසා බලධාරීන්ට රිසි නොවූ ප්‍රතිඵල සිද්ධ වනු ඇත. බලධාරීන්ගේ පැත්තෙන් බලන කල ද එය එවිට ඵලකට නැති විනාශකාරී වූවක් වෙයි. මේ දැක්මේ සිට පටන් ගනිද්දී, යම් අයෙකුට වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය යම් විද්‍යාත්මක චින්තනයකට අනුව හැඩ ගසන්නට උවමනා නම්- මේ වැඩේ අපි කරන්නේ දැනුම සොයා යන නිසා පමණකින් නොව එයින් යම් අරමුණක් සාක්ෂාත් කරගන්නට අපේ ක්‍රියාවන් හැඩ ගසා ගන්නා අපේක්ෂාවෙන් ද නිසා- එහෙම නම් මේ බලයට කරන බලපෑම් වැඩිමනත් වූ, අනවශ්‍ය වූ, විනාශකාරී වූ බලපෑම් යැයි ප්‍රතික්ෂේප වෙති.

ලිබරල්වාදයට උවමනා අගැයුම් වල ප්‍රමිතියන් විද්‍යාවට ගෙන යන්නට නොවේ. එයට උවමනා වෙළඳපොල ක්‍රියාවලියට විද්‍යාවෙන් ගන්නා මාලිමාවක් පමණි. ලිබරල්වාදය උත්සාහ ගන්නේ විද්‍යාත්මක පර්යේෂණ වලින් සමාජයක් සාර්ථක කරන්නට ය. ඒ සාර්ථක සමාජය සාක්ෂාත් කරන්නට අරමුණු කරගන්නා වූවට වඩාත් කාර්යක්ෂම ලෙසින් යා හැකි ලෙස හැඩගසා ගන්නට ය. දේශපාලන-ආර්ථික පක්ෂ අවසන් ප්‍රතිඵලය ගැන විවාදයක් කරන්නේ නැත. දෙපැත්තම සොයනා පොදු ඉලක්කය වන සාර්ථක සමාජය සාක්ෂාත් කරගන්නා මාර්ගය ගැන වූ වෙනස් අදහස් වලින් යුතු වූවා පමණි. ලිබරල්වාදීන් දරනා මතය නම් හැම දෙනාටම සම්පත් ලබන්නට හැකි වාතාවරණය නිර්මාණය වෙනුයේ පුද්ගලික දේපල හිමිකම ඇති මාර්ගයේ ගමන් කෙරුවොත් පමණක් කියාය. ඔවුන් සමාජවාදය ප්‍රායෝගික නැතැයි ද, වෙළඳපොලට ඇඟිලි ගැසීමේ දී අරමුණු සාක්ෂාත් වෙන්නේ නැතැයි ද කියති.

ලිබරල්වාදී මතයට දරුණු විරෝධතාවයක් එල්ල වී තිබේ. එහෙත් ඊට විරුද්ධ වෙන අයට එහි මූලික න්‍යාය හෝ ඒ න්‍යායයේ ප්‍රායෝගික භාවිතය අවතක්සේරු කරන්නට නොහැකි වී ඇත. ඇඟිලි ගැහීමෙන් සාර්ථකත්වය කරා යා නොහැකි යැයි තාර්කිකව පෙන්වා දුන් විට ඔවුන් ගැලවී යන්නට වෙනත් මාර්ග සොයා ගනිති. මේ විවේචනය තමන්ට අදාල නැතැයි කියා ඔවුන් හැරෙන්නේ මාක්ස්වාදය පවතින තත්වය ගැන කරන ලද ප්‍රශ්න වෙතට ය, සාක්ෂාත් කරගත නොහැකි වූ සමාජවාදී පොදුරාජ්‍ය මණ්ඩලය මිථ්‍යාව වෙතට ය. සමාජවාදී රාජ්‍යයක් මිහිමත දිව්‍ය ලෝකයක් වේ යැයි කියමින් තව දුරටත් එය පතමින් සිටිති. එහෙත් ඒ සඳහා සවිස්තරාත්මක සැලසුම් ගැන කතාබහට එන්නේ නැත. ඇඟිලි ගසන්නෝ ක්‍රියාත්මක කරන්නේ වෙනත් ක්‍රමවේදයකි. ප්‍රමාණවත් සාධක නැතිව ඔවුන් ආර්ථික න්‍යායේ විශ්ව වලංගු බවට එරෙහිව තර්ක කරති. තාර්කිකව ආර්ථික න්‍යායට පටහැනිව වාද කරනු නොහැකි නිසා, ඔවුන් හැරෙන්නේ “උදාර වූ සද්ගුණයක්” වෙතට ය. මේ ගැන ඔවුන් කතා කළේ අයිසෙනාහ්ක් හි පැවති සමාජ පිළිවෙත සඳහා වූ සංවිධානයේ දී රැස්වීමක දී ය. තර්කයට එරෙහිව ඔව්හු සද්ගුණය වෙතට හැරුණහ. න්‍යායට එරෙහිව ඔව්හු ආවේගාත්මක පූර්ව මතයකට හැරුණහ. විවාදයට එරෙහිව ඔවුන් ජනතාවගේ කැමැත්තට තැන දෙනවා යැයි කිව්වහ.

ආර්ථික න්‍යායයට ඇඟිලි ගැසීම නිසා සිද්ධ වෙන්නේ කුමක් දැයි අනාවැකි කියන ලද්දේය. ඒ අනුව රාජ්‍ය හා නගර සභා සමාජවාදයන් ඒ ආකාරයෙන් ම ප්‍රතිඵල දකිනා බව කීවේය. එහෙත් සියළු අනතුරු ගැන අවදානම් නොසලකා හැරිණ. වසර 50-70 ක් යනතුරු යුරෝපීය රටවල් ධනවාදයට සහ ලිබරල්වාදයට එරෙහි දේශපාලනයේ යෙදුනහ. වසර 40 කට පෙර ලෝඩ් පැස්ෆීල්ඩ් නොහොත් ස්ටැන්ලි වෙබ් මෙසේ ලියූවේය,
දැන් තරමක් දුරකට කියා සිටින්න පුළුවන් මෙහෙම. අද තියෙන සමාජවාදී දර්ශනය නම්, දැනටමත් බොහෝ දුරට අවිඥානික ලෙසින් භාවිතයට ගෙන තිබිච්ච සමාජ සංවිධානයේ මූල ධර්ම සවිඥානික හා පැහැදිලි තිරසාරව ප්‍රකාශ කිරීමයි. (Webb, Fabian Essay in Socialism .. ed. by G. Bernard Shaw. (American ed., edited by H.G. Wilshire. New York: The Humbolt Publishing Co., 1891) p. 4.

****
[ඉතිරි කොටස පසු දිනෙක.]

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. w a wijewardena said, on සැප්තැම්බර් 26, 2012 at 11:24 ප.ව.

    Congratulations, Aruni, for putting this into Sinhala for readers. In fact, like any dogma, capitalism too has gone through its evolutionary process and what we have today is not the type of capitalism which we had in 1930s, though its core values remain unchanged, A simple form of those core values is that prosperity comes from hard work and hard work comes from people being motivated through appropriate incentives via maintenance of law and order, observance of rule of law and practicing governance not as a fashion but as a passion. These are all time tested methods.

    • arunishapiro said, on සැප්තැම්බර් 27, 2012 at 9:34 පෙ.ව.

      w a wijewardena,

      “යමෙක් වෙහෙසී වැඩ කරනවා නම් බදු පනවන්න. තවත් වෙහෙසනවා නම් රෙගුලාසි පනවන්න. වෙහෙසීම නතර කළාම මුදලින් උපකාර කරන්න,” මේක ඇමෙරිකන් ආණ්ඩුවේ ද ප්‍රතිපත්තියක් යැයි රොනල්ඩ් රේගන් පෙන්වා දුන්නේ කොච්චර කාලෙකට ද ඉහත දී ද, ඉතින් කොහෙද ධනවාදයක් ඇමෙරිකාවේ?!!! තණකොළ පෙත්තො එක්ක එකතු වෙච්ච කූඹි නටමින් ඉන්නවා මිසක!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: