අරුණි ශපීරෝ‍ වෙතින්

ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාව බිඳ වැටුනේ 1932 දී -2

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 27, 2012

[“ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාව බිඳ වැටුනේ 1932 දී” පළමු කොටස මෙතැනින් කියවන්න.]

මේ රටාවේ වර්ධනය පටන් ගත්තේ මෙතැනින්. ධනවාදයට විරෝධී වූ ආර්ථික ප්‍රතිපත්ති වලට ඉඩ නොදී ඉන්නට වඩාත් ම දිගු කාලයක් සමත් වූයේ එංගලන්තයේ එදා තිබි ලිබරල්වාදයයි. එහෙත් මෙතැනින් පටන් ගත් පසු ඇඟිලි ගැසීම් කරන සැලසුම් වඩාත් ඉක්මණින් පැතිරෙන්නට ඉඩක් ලැබිණ. අද තිබෙන සාමාන්‍ය දැක්මෙන් කියැවෙන්නේ අපි අද ජීවත්වෙන යුගය ගැනයි. මේ රජකරන “අවහිර ඇති ආර්ථිකය” සමාජවාදීන්ගේ සාමූහික සවිඥානයේ ආශීර්වාදයෙන් ඉදිරියෙන් ම යන්නකි.

අනාවැකි කියූ පරිදි ම ඒ ආර්ථික න්‍යාය සිද්ධ වුවත්, ධනවාදයට විරෝධී වූ ආර්ථික සැලසුම් වල ඵල දකින්නට ලැබුණත්, දැන් මුර ගෑමක් හැම පැත්තෙන් ම අහන්නට ලැබෙන්නේ මේ ධනවාදයේ අවපතනයයි, ධනවාදී ක්‍රමය අසාර්ථකයි කියාය.

අද දකින්නට ලැබෙන ආර්ථික සැලසුම් වල හැදියාවට ඒ ස්වභාවය දුන්නා යැයි ලිබරල්වාදය අල්ලා ගෙන එය වැරදිකරුවෙක් යැයි කියන්නට නොහැකියි. ලිබරල්වාදය ජනසතු කිරීමට එරෙහි විය. කැත කුණු වලින් පිරි දූෂණයේ ප්‍රභවය වූ, නගර සභා පාලනයෙන් මහජන සේවයන් සපයන ව්‍යාපෘති වලට ලිබරල්වාදය එරෙහි විය. කැමැත්තෙන් වැඩ කරන අයට ආරක්ෂාවක් දීම ප්‍රතික්ෂේප කරන සැලසුම් වලට ලිබරල්වාදය එරෙහි විය. ආණ්ඩුවේ බලය යුනියන් නායකයන් අතට පැවරීම ලිබරල්වාදය ප්‍රතික්ෂේප කරන ලදි. ලෝකෙ හැම තැනකම දකින්නට හැකි වී ඇති නොහොත් විශ්ව ප්‍රපංචයක් වී ඇති රැකියා නැතිව සිටීම ස්ථිර කාලීන වූ හැදියාව වපුරවන ලද රස්සාවක් නැති අයට සුබ සාධන ගෙවීමට ලිබරල්වාදය එරෙහි විය. රක්ෂණය ලබන්නවුන් නැහැයෙන් අඬනවුන් බවට පත් කරන, හොර ලෙඩ ගන්නා අය සහ හිත දුර්වල යැයි කියා ගන්නා අය වැඩි කරන, සුබසාධන රක්ෂණ වලට ලිබරල්වාදය එරෙහි විය. තීරු බදු වලට ලිබරල්වාදය එරෙහි විය, එයින් ඇතිවන කාටෙල් බලයට නිසැකයෙන් ම ලිබරල්වාදය එරෙහි විය. නිදහසේ ජීවත්වීමට, නිදහසේ ගමන් බිමන් යෙදෙන්නට, තමන් කැමැත්තක් හදාරන නිදහසට එරෙහි සීමාවන්ට ලිබරල්වාදය එරෙහි විය. උද්ධමනය ඉදිරියේ බදු වැඩි කිරීමට විරුද්ධ විය. අවිබලයට විරුද්ධ විය. යටත්විජිතයන් පවත්වා ගැනීමට විරුද්ධ විය. සුළු ජාතීන් පීඩනයට විරුද්ධ විය. අධිරාජ්‍යවාදයට විරුද්ධ විය. යුධ වලට විරුද්ධ විය. ප්‍රාග්ධන පරිභෝජන දේශපාලනය ඉදිරියේ දැඩි මුරණ්ඩු බවකින් සිටියේය. අවිගෙන සිවිල් යුද්ධයක් පටන් ගන්නට හැකි කුමක් හෝ කොණක් අල්ලා ගන්නට බලා සිටිනා අය ලිබරල්වාදය විසින් බිහි කළේ නැත.

II

සමහර දේවල් දිහා බලා, ඒවා ධනවාදයේ වැරද්ද යැයි කියන්නට පෙළඹෙන්නේ ව්‍යාපාර ආරම්භ කරන ව්‍යාවසායකයන් හා ධනවාදීන් තව දුරටත් නිදහස් ලෙස කටයුතු නොකර ඇඟිලි ගැසීමේ යෙදෙන හා රජයට හේත්තු වූවන් යැයි තර්කයෙනි. එය නිවැරදියි. ඒත් එයින් ජනතාව කරන නිගමනය දුවන්නේ වැරදි පැත්තකටයි. ජනතාව මෙසේ නිගමනයට එළඹෙන්නේ පැරණි මාක්ස්වාදී දැක්මකින්. ව්‍යවසායකයන් හා ධනවාදීන් ඔවුන්ගේ සුවිශේෂී පංතිය ලිබරල්වාදයෙන් රැකගන්නේ මෙතෙක් කාලයක් ධනවාදය වැජඹුන හැටියෙන් ම යැයි සිතීම ඒ වැරදි දැක්මයි. දැන් තිබෙන මේ ධනවාදයේ අවපතනය යැයි කියන කාලයේ දී, කිසිත් ඇඟිලි ගැසීම් නොමැතිව ඔවුන් ආරක්ෂා කරනවා යැයි සිතීම ඒ වැරදි දැක්ම වෙයි. එය, අද අපි දකින ඇඟිලි ගැසීම් නිසා ඇති වී ඇති “අවහිර ඇති ආර්ථිකය” යනු ධනවාදයේ ඵෛතිහාසික අවපතනය යැයි පහදන්නට ගෙනෙන සාධකයයි. එහෙත් සම්භව්‍ය දේශපාලන ආර්ථිකය නම් සංකල්පය සහ (මාක්ස්ගේ භාෂාවෙන් කිව්වොත්) බුර්ජුවාසීන්ගේ අයිඩියලොජියක් ලෙසින් ඉදිරිපත් වන ලිබරල්වාදය, යන ඒවා තමයි මාක්ස්වාදය පටලවා ගෙන ඇති ක්‍රම වේදයන් වෙන්නේ. 1800 ගණන් වල එංගලන්තයේ සිටි ව්‍යවසායකයන් සහ ධනවාදීන් එදා ලිබරල්වාදී චින්තකයන් වූවා නම්, එසේම 1930 ගණන් වල දී ජර්මනියේ විසූ සමාජවාදී චින්තකයන්, ඇඟිලි ගැසීම උවමනා යැයි කියූ අය හා රාජ්‍ය බලය වැඩි කිරීමට කැමති වූවන් වූවා නම්, එය එසේ වීමට හේතුව ව්‍යවසායකයන් හා ධනවාදීන් ද ඔවුන්ගේ කාලයේ වැඩියෙන් පැතිර තිබූ මතයන්ට වශී වී සිටි බැවිනි. ව්‍යවසායකයන්ගේ අභිප්‍රායයන් වලට ලිබරල්වාදයෙන් පහර වැදීමත්, ඇඟිලි ගසන්නන් ගෙන් ආරක්ෂාව ලැබීමත් 1800 දී තිබි ලෙසින් ම 1930 දී ද සිද්ධ විය.

අද ශ්‍රේෂ්ඨ ව්‍යවසායකයන් ගැන කියන්නේ ඔවුන්ව බොහෝ අවස්ථා වල දී “ආර්ථික නායකයන්” යැයි හඳුන්වමිනි. ධනවාදී සමාජයක “ආර්ථික නායකයන්” කියා කොට්ඨාශයක් නැත. මෙයින් ම දකින්නට ලැබෙන්නේ සමාජවාදී ආර්ථිකයන්හි සහ අනෙක් පැත්තෙන් ධනවාදී ආර්ථිකයන් හි ඇති ලාක්ෂණික වෙනස්කම් ය. ධනවාදයේ දී ව්‍යවසායකයන් හා නිෂ්පාදන ක්‍රම අයිති වූවන් තවත් කිසිවෙකුගේ නායකත්වයක් යටතේ වැඩ කරන්නේ නැත, ඔවුන්ට නායකත්වය දෙන්නේ වෙළඳපොලයි. සාර්ථක ව්‍යාපාරයන් ආරම්භ කළ අයව මෙසේ විරුදාවලි වලින් හැඳින්වෙන හැදියාවක් මේ දිනවල පටන් ගෙන තිබීමෙන් පෙනී යන්නේ, ඒ ඉහළ ස්ථානයන්, ඔවුන් ආර්ථික සාර්ථකත්වයක් තුලින් ලබාගත්තක් නොව වෙනත් පාරවල් දිගේ පැමිණ ලබාගත්තක් යැයි කියන්නයි.

[ඉතිරි කොටස ඉක්මණින්.]

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. […] ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාව 1932 ද… එය වටහා ගත් අය ලොව ස්වල්පයකි. […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: