කන්නන්ගර දරුවනේ, මේ අහපල්ලා
ස්පාඤ්ඤයේ, ග්‍රීසියේ, ඉතාලියේ හා පෘතුගාලයේ මේ දිනවල බුරුතු පිටින් ජනතාව පාරට බැස ඉල්ලන්නේ අනුන් ගෙන් අරන් තවකෙකුට බෙදා දීමේ අයිතියයි.
සමාජ සාධාරණත්වය ඉටු කරනවා කියමින්, එය දින නියමයක් නැති අනාගතයක දී ඉටුවෙන බව කියමින්, කාලාන්තරයක් තිස්සේ කරගෙන යද්දී, අද රටේ ආර්ථික බංකොළොත්භාවය ඉදිරියේ තවමත් හැමදාම කරපින්නා ගත් අසාර්ථක ක්‍රමය ගැන කියන්නේ සාර්ථක වූ ක්‍රමයක් ලොව තිබිය දී ය. එය නිවැරදි යැයි ඔප්පු කරගන්නට නොහැකි වුවත් එය නිවැරදි යැයි කියමින් අල්ලා ගෙන ඉන්නේ “උදාර චේතනා පිණිස දිවි පිදීමෙන් වීරයෙක් වෙනවා,” කියන ත්‍රස්තවාදී චින්තනයයි.
කිසිදාක සාක්ෂාත් කරගත නොහැකි වූ අසාර්ථක යැයි හැම වතාවක දී ම පෙන්වා ඇත්තකට මෙසේ මුලාවෙන් ඇදගෙන යන්නේ කාගේ බල තණ්හාව ඉටු කරන්න දැයි ඔබ ඇසිය යුත්තේ ඔබගෙනි. එවැනි ත්‍රස්තවාදී නායකයෙක් ගෙන් ලංකාව ගලවා ගෙන වැඩි කල් ඉක්ම ගොස් නැත.
අනුන් ගෙන් අරන් තවකෙකුට බෙදා දීම ප්‍රතික්ෂේප කරන අයෙක් ලංකාවේ නැත!!! ඒ නිසා ලංකාවේ වාමාංශික නොවන දේශපාලන පක්ෂයක්, දැක්මක් හෝ නායකයෙක් නැත.
මෙයා ගෙන් අරගෙන අරයාට බෙදන මේ ආණ්ඩුව පෙරළා දමා තමන්ට ඊට වඩා විනිවිදභාවයකින්, ඊට වඩා යුක්ති සහගත ආකාරයකින්, දැනට වඩා හොඳින් සමාජ සාධාරණය සැලසෙන අයුරින් මෙයා ගෙන් අරගෙන අරයාට බෙදා දිය හැකි අලුත් ආණ්ඩුවක් පත් කරගත හැකියාවට පෙනී සිටින නායකයන් සියල්ලම එකතු වී ඊයේ එක වේදිකාවේ විරෝධතා දැක්වූහ!!!!
ඉතිහාසය අමතක බහුතරයට හැමදාම ලංකාවේ පැවතියේ “අරයා ගෙන් අරන් මෙයාට බෙදා දෙන” ආණ්ඩු බව අමතක ය. ඒ සංස්කෘතියෙන් රටවැසියාට ලැබුනේ උදාර චේතනා වෙනුවෙන් පෙනී සිටින්නට අවස්ථාව පමණක් බවත්, එයින් හැමදාම පාලකයන්ට සහ ඔවුන්ට හේත්තු වූ අයට ලැබුනේ තමන්ගේ මළු යහමින් පුරවා ගන්නට අවස්ථාව බවත් අමතක ය.
ඔවුනට අමතක, සුලුතරයකට මතක කාරණාව නම්, මේ ප්‍රතිපත්තියට කැමති අය බලයේ සිටි දා ඔවුන් ද ඊට අසමත් වූවා යැයි ඔවුන්ට එරෙහිව වේදිකාවට නැඟ්ග අය ඔවුන් සමඟ ම ඊයේ වේදිකාවේ සිටීමයි.
ලෝක ඉතිහාසයේ ඊට සමත් වු කිසිත් ආණ්ඩුවක් නොතිබි බව සටන් මෙහෙයවන ඉතිහාසය, අර්ථ ශාස්ත්‍රය, දේශපාලන දර්ශනය කියා දෙන ආචාර්යවරුන් නොදන්නවා නම් ඔවුන්ගේ වේතන වැඩි කළ යුත්තේ ඇයි දැයි අහන්නට කෙනෙක් ලංකාවේ ඉන්නවා ද?!!!
ලෝක ඉතිහාසයේ ඊට සමත් වු කිසිත් ආණ්ඩුවක් නොතිබි බව සටන් වලට හනිකට දුවගෙන ඇවිත් සහභාගී වෙන නායකයන් නොදන්නවා නම් ඔවුන්ට පාලන බලයට අවස්ථාවක් දිය යුත්තේ ඇයි දැයි අහන්නට කෙනෙක් ලංකාවේ ඉන්නවා ද?
විනිවිදභාවයක්, යුක්ති සහගත ආකාරයක්, සමාජ සාධාරණත්වයක් ස්වභාවයෙන් ම වෙළඳපොලේ පතුරුවන ධනවාදී ආර්ථික රටාව කුමක් දැයි රටේ බහුතරයගේ භාෂාව වන සිංහලෙන් ලියන්නට දන්නා කෙනෙක් රටේ ඇත්තේ ම නැද්ද? සමාජවාදී ප්රජාතන්ත්රවාදී රටක් කවදා හෝ ආශ්චර්යයක් වෙන තුරු බලා සිටින්නා මුලා වූවෙකි. මන්ද ආර්ථික න්‍යාය විද්‍යාත්මකව ඔප්පු කර ඇත්තේ එසේ විය නොහැකි බවයි. ඉතිහාසය පෙන්වන්නේ එය කිසිදා සිදු නොවූ බවයි.
“අරයා ගෙන් අරගෙන මෙයාට බෙදා දෙන” සංස්කෘතිය පැතිර තිබි යුරෝපය කාලාන්තරයක් තිස්සේ ඇද වැටී, දැන් හිර වී ඉන්නේ ආර්ථික මඩ ගොහොරුවක ය. අද ඔවුනට ලැබී තිබෙන්නේ “තව දියව්” කියා ඉල්ලා සටන් වදින බහුතරයක් මිසක නිර්මාණයට හැකි ජනතාවක් නොවේ.
කන්නන්ගර දරුවන් ද අනුන්ගෙන් යදින හිඟන්නන් කරවීම ඔබේ අභ්රිපාය යැයි ලොවට මෙසේ හඬ ගා කියන්නේ ඇයි?
මිනිසා ස්වභාවයෙන් ම මුදලට තණ්හාධික වූ ස්වරූපයකින් කටයුතු කරන්නෙකි යන මිථ්‍යාව බිඳ වැටී ඇතත්, එය ඇඩම් ස්මිත් විසින් පටන් ගෙන ඩේවිඩ් හියුම්, ෆ්රෙඩරීක් බැස්ටියාට් සහ ෆෙඩ්රික් හයෙක් වැන්නන් දිගින් දිගට ම පෙන්වා දුන්නත්, එයම වෙළඳපොල හසුරවන්නට ඇඟිලි ගැසිය යුතු කාරණයක් යැයි තවමත් තරයේ කියනා වාමාංශිකයන් ජනතාව මුලා කරමින් මේ මඩ ගොහොරුවට ඔබව ද ඇදගෙන යයි. ඔවුනට උවමනා “අරයා ගෙන් අරන් මෙයාට බෙදා දෙන” බලය තමන් සතු කරගන්නට පමණි.
මිනිස් සත්වයන් සියල්ලට ම ඕනෑ “බෙදා දෙන බලය” තමන් සතු කරගන්නට ය. එයට සියල්ලන් ට ම හැකියාව ලැබෙන, එය ඔප්පු කරන ලද ක්‍රම වේදයක් ලොව ඇත. සමාජ සාධාරණත්වය සලසන ඒ ක්‍රම වේදය මුලාවෙන් රවටා අවුල් කර ජනතාවට කියමින් තවත් කාලයක් අනුන් ගෙන් ඉල්ලන් කන්නට ලංකාවේ අයට නොහැකි වන්නේ අද සෙසු ලෝකය ද ඒ මුලාවෙන් ගොඩ එන්නට බඩගාමින් සිටින නිසායි.
වෙළඳපොලට ගියාම, අයෙක් භාණ්ඩයක් හෝ සේවාවක් ගන්නට තීරණය කරන්නේ කෙසේදැයි කියාත්, එය නොගන්නට තීරණය කළේ කෙසේදැයි කියාත් නිශ්චිතව ම කියන්නට නොහැකි බව සියලු අර්ථ ශාස්ත්‍රඥයන් පිළිගනිති. අනගි බඩු අඩු වැයෙන් මිල දී ගන්නට හැකි තෝරා ගැනීම් ඉදිරියේ දී වුව ද සමහරු වැඩි මිලෙන් ඇති බාල බඩුත්, සිතේ සතුට හැරෙන්නට කිසිම උවමනාවක් සපුරාලන්නේ නැති බඩුත් මිල දී ගන්නට පෙළඹෙති. ඒ තීරණය ගැනෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කෙසේදැයි ඔප්පු කර පෙන්වන්නට පුද්ගලයෙකු හෝ කමිටුවක් හෝ කිසිම විද්‍යාඥයෙක් තවම සමත් වී නැත.
සැමට සාධාරණත්වයක් සලසන්නට හැකියාව ඇත්තේ ඒ මිනිස් ස්වභාවයටයි. ඊට ඉඩක් දෙන ලෙසින් රටේ ආර්ථික ප්‍රතිපත්ති ගෙන ආ හැම අවස්ථාවක දී ම රටක ආර්ථිකය ඉහළ ගොස් ඇත. ඊට බාධා පැමිණ වූ හැම අවස්ථාවක දී ම රටක ආර්ථිකය පහළ ගියේය. එය ඔප්පු කර ඇති බව කියන්නේ ලෝක ඉතිහාසයයි.
නිදහස් යැයි කියා රවටන නිදහස් නොවූ අධ්‍යාපනයත්, නොමිලේ යැයි කියා රවටන එහෙත් රටවැසියන් ණයගැතියන් කරන උසස් අධ්‍යාපනයත් තම අයිතියක් කියා ලැග ඉන්නා මඩ ගොහොරුවෙන් එළියට ඒමට උත්සාහ කළ යුතු කාලය අද උදා වී ඇත. බහුතර පිරිසකට ලැබිය යුතු වූ මූලික අයිතියක් සපුරාලන්නට නම් එය විසල් සැලැස්මකින් කළ යුතුය යන්න පළමු රැවටිල්ලයි. ඊ ළඟ රැවටිල්ල නම් විසල් ආයතනයක් “ලාබයක් සොයන පටු අරමුණකින්” පවත්වාගෙන යා නොහැකියි කියාය. ඉතින් ඒ නිසාම සියළු දෙනාගේ පොදු යහපත වෙනුවෙන් කියමින්, අසාර්ථක යැයි සත්‍ය ලෝකයේ කිහිප වතාවක් ඔප්පු කර ඇති න්‍යායයකින්, රජයේ මැදිහත්වීමෙන්, විප්ලවීය යැයි කියමින් තවමත් පරණ හණමිටි අදහස් කරපින්නා ගෙන ඉන්නා නායකයන් සමඟ රට අගාධයට ඇදගෙන යෑමට ඔබ මෙතරම් කෑදර ඇයි?
අසමත් රටවල ඇත්තේ උදාර චේතනා ඇති නිසා පිදුම් ලබන නායකයන් නිති පොරොන්දු වෙන “හෙට උදාවන ආශ්චර්ය” බව ඔබ දකින්නේ කවදා ද?
ප්රජාතන්ත්රවාදය යැයි කියමින්, “අරයා ගෙන් ගෙන මෙයාට බෙදා දෙන” ත්‍රස්තවාදී ප්‍රතිපත්ති රකිමින්, ඔබ කාලයක් තිස්සේ රැකගත්තේ පාලන බලය ඇති සුලුතරයකට කැමති ආකාරයට රට ගෙනියත හැකි ක්‍රම වේදයකි. පාලන බලය ආණ්ඩුවේ සුලුතරය වෙතින් අයින් කර රටේ බහුතරය අතට පත් කරත හැකි සරල ක්‍රමය ගැන කතා කරන කිසිම නායකයෙක් අද ලංකාවේ නැත්තේ මන්දැයි සුළු මොහොතකට හිතා බලන්න. තව කොච්චර කාලයක් මුලාවන්ට රැවටී ඉන්නට ඔබ කැමැති දැයි ඔබ විසින් විමසා බැලිය යුත්තකි.
මට හිතෙන විදියට මේක System එකේ වැරැද්ද… මොකද system එක හැදිලා තියෙන්නෙ තට්ටුමාරු දේශපාලනයකට මිස අළුත් අදහසක් හිතන අයට ලැබෙන විදියට නොවෙයි. හැමෝම බලයට එන්නෙ තමන් හැදෙන්න විතරයි. රට හදන්න බලයට එනවා නම් තමන්ට පුළුවන් වෙලාවට මේ අමන ප්‍රතිපත්ති වෙනස් කරලා තමන්ගේ දේශපාලන අනාගතය උගස් තියලා රට හදන්න බලනවා. නමුත් මේ බලයේ ඉන්න හැමෝම හැම දේටම පෙර බලන්නේ තමන්ගේ දේශපාලන පැවැත්ම (Political Survival) ඒක නැතිව කිසි කෙනෙකුට ජීවත් වෙන්න බැහැ. හැමෝම බලන්නේ ඊලඟ ඡන්දය දිහා මිස රට හැදීම ගැන නොවෙයි.
දැනට පවතින ආණ්ඩුව දන්නවා තමන්ට අභියෝගයක් නැහැ කියලා… ඒ නිසා ඊලඟ ඡන්දයක් ගැන බලන්න අවශ්‍ය නැති නිසා තමන්ගේ ගොඩ වඩා ගැනීම කරනවා… මේකයි වෙනස.
2/3 ක බහුතර බලයක් ඇති ආණ්ඩුවකට කරන්න බැරි දෙයක් නැහැ. එහෙම කියලා තමයි 2/3 ක බලය ඉල්ලුවෙත්… අපට බලය දෙන්න අපි රට හදන්නම් කියලා.. නමුත් ඒ දුන්න බලයෙන් මොකද කරගත්තේ ? දෙපාරකට වඩා වැඩියෙන් ජනාධිපති තනතුරට ඉල්ලන්න පුළුවන් වෙන විදියට වැඩ හදා ගත්තා… නමුත් ඊට වඩා බොහෝ දේ කරන්න පුළුවන්..
මෑතකදි මට හමු වුන මිතුරෙක් කියූ කතාවකින් රටේ තත්ත්වය පැහැදිළි වුනා….. ඔහුගේ සංගමය රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වැඩි දියුණු කරන්න රජයේ ජ්‍යෙෂ්ඨ ඇමති කණ්ඩායමක් සමඟ කතා කරලා අවසානයේ එක් ඇමති වරයෙක් ඔහුගේ කණට කොඳුරා කියා ඇතිතෙ ඔබේ යෝජනා ඉතා හොඳයි.. නමුත් මේවායේ හොඳ දකින්න ලොක්කට මොලේ නැහැ කියලා.. ඔහු බලන්නෙ පිටතට පෙනෙන සංවර්ධනය දිහා විතරයි කියලා… කවුද ලොක්කා කියලා හිතා ගන්න….
ඉතින් අපිට ඉන්නවා නම් තමන්ගේ දේශපාලන අනාගතය උගසට තියලා එක වතාවක් හෝ රට හදන්න උත්සාහ කරන කෙනෙක්, මේ නරා වලෙන් ගොඩ එන්න අපට බැරි කමක් නැහැ.
ඒ වගේම අපේ ඡන්ද දායකයො කවදාවත් සම්ප්‍රදායෙන් පිටතට යන්නෙ නැති නිසා ඒ බුද්ධිමත් භාවය ලැබෙන්නෙත් නැහැ… කිසිම විටෙක වෙනසක් හිතන්නෙ නැතිව හැම දාම එකම රටාවට යන ජාතියකට මීට වඩා හොඳ දේශපාලනඥයො කොටසක් ලැබෙන්නෙත් නැහැ…
ඒ මට හිතෙන හැටි…
Alchemiya,
රජ දවසේ සිස්ටම් එක වෙනස් විය යුතුයි අනිවාර්යෙන් ම … කොයි සිස්ටම් එකට ද වෙනස් විය යුත්තේ කියලා තමයි එදත් වාදය අදත් වාදය!!!
//ඉතින් අපිට ඉන්නවා නම් තමන්ගේ දේශපාලන අනාගතය උගසට තියලා එක වතාවක් හෝ රට හදන්න උත්සාහ කරන කෙනෙක්, මේ නරා වලෙන් ගොඩ එන්න අපට බැරි කමක් නැහැ.//
ඇයි හැමදාම ටොප් ඩවුන්? ඇයි ඉල්ලන්නෙ නැත්තෙ රට්ටුන් ගෙන් හෙට දෙන බියර් වලට රැවටෙන්නෙ නැතිව වැඩේ කෙරෙන විදිය ගැන කතා කරන්න කියලා?
//ඒ වගේම අපේ ඡන්ද දායකයො කවදාවත් සම්ප්‍රදායෙන් පිටතට යන්නෙ නැති නිසා ඒ බුද්ධිමත් භාවය ලැබෙන්නෙත් නැහැ… කිසිම විටෙක වෙනසක් හිතන්නෙ නැතිව හැම දාම එකම රටාවට යන ජාතියකට මීට වඩා හොඳ දේශපාලනඥයො කොටසක් ලැබෙන්නෙත් නැහැ…// අගාධයට යන සම්ප්‍රදායෙන් පිටතට යන්න වෙනස් දැක්මක් ලැබෙන්න ඕනෑ. ඒක ලියන්නට, ඒක ගැන කතා කරන්නට බිය නැති අය වැඩි වෙන්නට ඕනෑ … හැමට සම්පත් ලැබෙන පැතුම් පතන අය නෙමෙයි, ආර්ථිකය වැඩ කරන හැටි ගැන කතා කරන අය 😀
සරළ කාරණේ ලක් වැසියන් බහුතරය – උගතුන් කියා කියා ගන්නා කොටස ද ඇතුලුව – අමුම අමු මෝඩයින්…
මුන් එකෙක් වත් අනාගතයක් ගැන, වැඩක් හරියට කෙරෙන විදිහක් ගැන හිතන ජාතියක් නෙවෙයි. තමන්ට හම්බෙන සත පහේ වාසිය වෙනුවෙන්, තව මනුස්සයෙකුට ලක්ෂ ගානක් පාඩු උනත් මේ මිනිස්සුන්ට ගානක් නෑ…
අම්මලා තාත්තලා ළමයින්ට පෝලිම් පනින්න කියලා දෙන, හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස් සමාජයක් මේක.
ඉතින් මේ රටේ, බොටම් අප් ඇප්රෝච් එකක් බලාපොරොත්තු වෙන්න බෑ.
Mahasen Bandara,
බැහැයි කියා පටන් ගත් කිසිම දෙයක් සාර්ථක වුනේ නැහැ කියලා මට පුංචි කාලේ දී ම කියා දුන්නෙ මගේ තාත්තා. පුළුවන් යැයි කියා පටන් ගත්තම සාර්ථක වෙන ක්‍රමයක් හොයා ගන්න හැකි යැයි ලෝකයාට ඔප්පු කරලා පෙන්නලා දුන්නෙ ඇමෙරිකාවේ ජීවත් වෙච්ච, ජීවත් වෙන නිදහස් මිනිස්සු.
අකුරක් නෑර කියෙව්වව්ත් අද ලිපියත් මට බරපතල වැඩියි. මමත් ලීව ඔය ගැන මට තේරෙන විදියට. http://duupath.blogspot.com/2012/09/blog-post_29.html
ලින්කුව දැම්මට තරහක් නෑ නොවැ.
දූපත් වැසියා,
බරපතල වැඩි කොතැන ද? ආපු හැම ආණ්ඩුවක් ම රටේ සම්පත් බෙදා දීමේ බලය තමන් අත තියා ගත්තා යැයි කීම පැහැදිලි සරල වාක්‍යයක් නොවේ ද? ඒක ම තමයි අද වර්ජනයේ යෙදෙන අය ඉල්ලන්නේ, නිදහස් අධ්‍යාපනය බෙදා දෙන බලය තමන් අතට. ඒත් ඒ ක්‍රමය එනම් උසස් අධ්‍යාපනයට වෙන් කරන රටේ සම්පත් බලය ඇති එක පිරිසක් විසින් බෙදීම සාර්ථක නැහැ, කිසිම දාක. එහෙම නම් හිටපු අයට වඩා, ඉන්න අයට වඩා, මේ අයට එය කරන්න පුළුවන් යැයි අපි පිළිගන්නේ කොහොම ද?
මම දූපත් වැසියාගේ සටහන කියෙව්වා: ඉඳලා හිටලා දූපත් වැසියායි මමයි එකඟ වෙන්න දෙයක් හොයා ගන්නවා!! හරියට මහින්ද රාජපක්ෂ ඇමෙරිකාවට බනින කොට මහින්ද රාජපක්ෂට බනින අය ඒකට නම් එකඟ වෙනවා වගේ 😀
තාම කියවන 2012 සැප්තැම්බර් 29 “ද ඉකොනොමිස්ට්” සඟරාවට අනුව සීඝ්‍රගාමී දුවන ඉන්දියාවේ ආර්ථිකයට 2010 දී සිවිල් ඉංජිනේරුවන් හිටියේ 500,000 ක් ලු රටට මිලියන හතරක් උවමනා වෙද්දී; ගෘහ නිර්මාණ ශිල්පීන් (architects) හිටියෙ 45,000 ලු රටට 366,000 ක් උවමනා වෙද්දී. 2020 වෙද්දි ගොඩනැඟිලි ඉදි කිරීම් ක්ෂේත්රයේ රස්සාවල් වලට අවශ්‍ය වෘත්තීය පුහුණුවක් ඇති මිලියන දස ගණනක් අවශ්‍ය යැයි අනාවැකි කියන්නෝ කියන්නේ. යම් රටක නිදහස් වෙළඳපොල යාන්තමින් හරි ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන වර්ධනය තමයි ඒ. ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල අරඹන්නට ඉඩක් දුන්නොත් ඉන්දියාවේ ළමයින් උපාධි ගන්න ගෙවන සල්ලි වලින් අපේ අයට නොමිලේ ශිෂ්‍යත්ව ඕනෑ තරම් දෙන්නට පුළුවන් වේවි. හැබැයි අපි ලෝකෙ යන හැම කෝච්චියක් ම පිටවෙලා යනකම් පදික වේදිකාවේ තැප තැප ඉන්නෙ .. එම ලිපියේ ම කියනවා අළුතින් ඇතිවෙන ඉන්දියාවේ මධ්‍යම පංතිය පක්ෂ බදා ගෙන නැතිලු. මාරුවෙන් මාරුවට පක්ෂ වලට චන්ද දෙන්නේ තම කල්ලියට ඔවුන් දෙන පොරොන්දු වලට නෙමෙයිලු ඔවුන් ඉටු කර ඇති දේවල් වලටලු … ඉන්දියානුවන් අන්තිම කෝච්චියේ හරි එල්ලිලා යන්නට හපන්නු!!!!
එහෙම නම් හිටපු අයට වඩා, ඉන්න අයට වඩා, මේ අයට එය කරන්න පුළුවන් යැයි අපි පිළිගන්නේ කොහොම ද?//:- ඔතන “මේ අය ” කියල කියන්නෙ වර්ජනයේ යෙදෙන කස්ටියද? අව්රුදු ගානක් බෑ බෑ කියපුව අලුත් කෙනෙක් අව්රුදු 3නෙන් කළා නෙව. ඒ වගේ හිටපු , ඉන්න අයට වඩා මේ අයට කරන්න බෑ කියන්නෙ කොහොමද…
UCSC වගේ ආයතන හැදුවේ අනුන්ගේ සල්ලි වලින් වෙන අය වෙනුවෙන් වැඩ කරන කට්ටියකගේ තීරණ වලින් නොවේද?
දූපත් වැසියාට ඉදලා හිටලා එකග වෙන්න දෙයක් හොයා ගන්නවා නොවේ. ලියන දේ පොඩියක් හෝ තේරුම්ගන්න ලැබෙන්නේ ඉදල හිටල. මට දිග වාක්‍ය කියවනකොට අග මතකයි, මුල අමතකයි. ආපහු මුල බලද්දී අග අමතකයි. වැඩේ කම්ප්ලෙක්ස් නොවැ ….
දූපත් වැසියා,
“මේ අය” කිව්වෙ වර්ජනයේ ඉන්න අයට විතරක් නෙමෙයි. 6% ක් ලැබුනොත් නිදහස් අධ්‍යාපන ගොඩ කියලා කියන හැමෝටම. අවුරුදු ගානක් බෑ කිව්වෙ බැරි නිසාම ද? හිටපු අයටත් බැරිකමක් තිබුනෙ නැහැ. ඉන්න අයටත් බැරි කමක් නැහැ. ඒත් පුළුවන් දේවල් නොකරන අය කොච්චරක් ඉන්නවා ද?
//UCSC වගේ ආයතන හැදුවේ අනුන්ගේ සල්ලි වලින් වෙන අය වෙනුවෙන් වැඩ කරන කට්ටියකගේ තීරණ වලින් නොවේද?// හඳට ගියෙත් එහෙම තමයි. නාස්ති කරපු සල්ලි කොච්චරක් ද?
වෙනස මේකයි. පුද්ගලික අංශය තනියම වැඩකට වැය කරනවා. හරි ගියොත් ලාබය එයාට. වැරදුනොත් පාඩුවත් එයාට. අහක ඉන්න අයට නෙමෙයි.
UCSC ආයතනය මහාචාර්ය වී.කේ. සමරනායක විසින් බිහි කළේ රාජ්‍ය සරසවි වල පවතින දුර්වලතා නැති ඉදිරි දැක්මක් සහිත ආයතනයක් විදියට. මගේ මතය නම් UCSC වගේ ස්වාධීන පාලනයක් සහිත ආයතන රජයේ සරසවිවල වැඩි වශයෙන් බිහිවිය යුතුයි. කොළඹ විශ්වවිද්‍යාලයේ මේ ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. දේශපාලන ඇඟිලි ගැසීම් නැතුව නියම උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න ඔවුන්ට පුළුවන්. විශේෂයෙන්ම ඔවුන් බාහිර උපාධි, පාඨමාලා, තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතින් හරහා මුදල් උපයන නිසා රජයේ ආධාර මතම යැපෙන්න ඕනෙ නැති නිසා.
Vinnie,
මහාචාර්ය වී.කේ.සමරනායක කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ ගොඩනැඟිල්ලෙ පුංචි පංති කාමරයක පරිගණක ගෙනැත් පටන් ගනිද්දි මාත් ඒ කාලේ ඒ පැත්තෙ කාලය ගෙව්ව, මහාචාර්යතුමාව හොඳින් දැන සිටි කෙනෙක්.
ඉතින් දැන ගන්න කැමැතියි, UCSC අය වර්ජනයේ නැද්ද?
අරයගෙන් අරගෙන මෙයාට නොදිය යුතුයි කියන ඔබේ චින්තනයට මම කැමතියි. හැබැයි ලංකාවත් ඇතුළු හැම තැනකම වෙන්නෙ අරයගෙන් ගන්න 100න් 95ක්ම තමන්ට තියාගන්න එකයි. ඒ නිසා අපි විරුද්ධ වෙනවනං විරුද්ධ වෙන්න ඕන අපෙන් ගන්න එපා කියල. ඒත් ඒක වෙන්නෙ නෑ. අපි ඉල්ලන්නෙ අරයගෙන් ගත්තදෙයින් වැඩි දෙයක් අපිට දෙන්න කියල.
රාජ්,
ඔව් රාජ් ඒ චින්තනය නිසා තමයි ලෝකයේ බහුතරයක් වැඩවසම් සමාජයෙන් අයින් වෙන්න කැමති වුනේ.
//හැබැයි ලංකාවත් ඇතුළු හැම තැනකම වෙන්නෙ අරයගෙන් ගන්න 100න් 95ක්ම තමන්ට තියාගන්න එකයි.// ඇමෙරිකාවේ සහ යුරෝපීය රටවල් වල එහෙම නැහැ. මෙහෙ ගන්න 100 න් 95 ක් ම නාස්තියයි!!! හෙට බිල් ගෙවා ගන්න බැරි ඇමෙරිකන් තැපැල් කන්තෝරුව ඊට කදිම උදාහරණයක්.
ඉතින් ඔව්, සැබැවින් ම අපි විරැද්ධ විය යුතුයි, ආයේ මෙතැන දී විරුද්ධ වෙනවා නම් කියලා විකල්පයක් නැහැ, මන්ද විරුද්ධ නොවුනොත් වැඩි කාලයක් නොගිහින් අපෙන් ගන්න 0 ක් වත් නැතිව යන නිසා. දැන් යුරෝපයේ බංකොළොත් රාජ්‍යයන් වල ඇති තත්වය ඒකයි: බෙදා දීම චන්ද දිනාගන්නට නිසා හැම විටම බහුතරයට බෙදීම, ඒ නිසාම බහුතරය යදින යාචකයෝ වීම. බෙදා දෙන්නට නිෂ්පාදනය කරන සුලුතරය තමනට වෙන අසාධාරණය දැක කම්පා වීමෙන් නිෂ්පාදනයෙන් අයින් වීම. අවසානයේ දී බෙදා දෙන්නට 0 විතරක් ඉතිරි වී ණය ගත්තත්, බෙදා දෙන්නේ කාගේ දැයක් දැයි, නිෂ්පාදනය කෙසේ වෙන්නේ දැයි නොදන්නා කමින් බහුතරය තවත් දියව් කියා පාරට බැස සිටීම.
ඇයි අපෙන් ගන්න එපා කියන එක වෙන්නෙ නැත්තෙ .. අපි කිසිවක් ඉල්ලන්නෙ නැත්නම් අපෙන් ගන්නත් එපා කියන්න පුලුවන්කම ලැබෙනවා. අපි නොදී අරයාගෙන් ගත්ත දෙයින් වැඩි දෙයක් අපිට දෙන්න කියද්දී අර ආඬි හත් දෙනාගේ කැඳ හැලිය බොන්නයි අපි ලැහැස්ති වෙන්නේ. ඉතින් දන්නවානේ ඒකේ රස.
සරසවි සිසුන්ට අපහාස කරල තැන් තැන් වල කොමෙන්ට් දාන බුරූවන් ගැන සරසවි සිසුන් වෙනුවෙන් මට දෙකක් කියන්න තියෙනව. නමුත් ඒකට සුදුසු තැනක් ලැබුනෙ නැහැ. Dear Gossip 9, කරුණාකර මෙය පළ කර මාගේ මා හට අවස්ථාවක් ලබා දෙන්න.
අද රටේ නිදහස් අධ්‍යාපනය රැක ගන්නවනම් ඒක කරන්නෙ කැම්පස් ගිය කොල්ලො විතරයි. කැම්පස් නොගිය උන්ට අධ්‍යාපනයට හෙණ ගහල ගියත් කමක් නෑ. ඒ විතරක්ද උන් කැම්පස් කොල්ලෙක්ව දැක්කත් ඉරිසියාවෙ පැලෙනව.
ඒ ලෙවල් කිව්වාම චූ යන මෝඩයින්ට කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් තේරෙන්නෙ නෑ. කැම්පස් එකක් ඇතුලෙ වෙන දේවල් දැනගන්නමම් , සරසවි අධ්‍යාපනයේ වැදගත් කම තේරෙන්නනම් සරසවි මාතාවගේ තුරුලේ උණුසුම දැනිල තියෙන්න ඕනැ. අනිත් මෝඩයින් කරන්නෙ කැම්පස් වලට වින කරන එකයි. ඒ ලෙවල් වලට A 3 ක් ගන්න බැරි නූගත් කාලකන්නින්ට රටේ අනාගතය ගැන වැටහීමක් නෑනෙ.
කැම්පස් නොගිය මෝඩයින් කැම්පස් කොල්ලන්ට ඉරිසියා කරන්නේ ඇයි කියල දන්නවද? පළමුවැන්න තමයි කැම්පස් යන අයට හොඳ අනාගතයක් තියෙනව. මම කියන්නේ මේ ආට් හැර අනිත් ෆීල්ඩ් ගැන. මොරටුවේ ඉන්ජෙක් අවුට් වුණ ගමන් මුල්ම සැලරි එක රු.60000 ක් විතර. ඊට පස්සේ ඩිවලොප්ඩ් රටකට මයිග්රේට් වුණාම මන්ත්ලි ඉන්කම් එක $5000 ක් (රු.650000) විතර. බොරුනම් ඇවරේජ් සැලරීස් සයිට් එකකින් හොයල බලන්න. ඉතින් කැම්පස් කොල්ලෙක්ව දැක්කාම අර ඒලෙවෙල් කරගන්න බැරි වුණ කාලකන්නින්ට ඉසිරියා හිතෙන එකක් පුදුමයක් නෙමෙයි.
දෙවැන්න තමයි කැම්පස් කොල්ලෙක් කොච්චර අවලස්සන වුණත් ඒකෙක් එක්ක යාලු වෙන්න ඕනැම කෙල්ලෙක් කැමතියි. තමන්ගෙ කොල්ලව අත හැරල කැම්පස් කොල්ලොත් එක්ක යාලු වෙන ඕනැ තරම් කෙල්ලන්ව මම දැකල තියෙනව. ගොඩක් කොලො තමන් යාලු වෙච්ච කෙල්ලව කැම්පස් යනවට අකමැති අනිවාර්යයෙන්ම ඒකි කැම්පස් එකේ කොල්ලෙක් එක්ක යාලු වෙන බව දන්න නිසයි. ඉතින් වැස්සකටවත් කැම්පස් නොගිය ඒලෙවල් භීතිකාව තියෙන නූගත් ගොඩේ කාලකන්නින්ට කැම්පස් කොල්ලොත් එක්ක තියෙන්නෙ ලිංගික ඉරිසියාවක්. න්යෂ්ටකාමයෙන් පෙළෙන ගොඩේ බයියන්ට කැම්පස් ගැන කියපු ගමන් ජුවල් නගින්නෙ ඔය නිසයි.
වැස්සකටවත් කැම්පස් නොගිය කාලකන්නින් කියන්නෙ මහම මහ කරුමක්කාරයො කොටසක්. ගෙදරින් කකා බිබී අන්තිමට මොකක් හරි ජොබ් කට්ටක් සෙට් කරගන්න උපන්නාට මේ ලොව වැනෙන තිරිසනුන් වගේ එවුන්. ඉතින් තිරිසනුන්ට මොන නිදහස් අධ්‍යාපනද. උන් කරන්නෙ කැම්පස් වලට වින කරන එක. විමල් වීරවංසත් ඔය වගේ කැම්පස් නොගිය අමු මී හරකෙක්. කැම්පස් කොල්ලන්ට බැනල වෙබ් අඩවි වල කොමෙන්ටු දාන උනුත් කැම්පස් එකක් ගැන මුකුත් දන්නෙ නැති බූරුවො කියල තේරෙනව. මම උන්ගෙන් අහන්නමයි හිටියෙ, උඹලට ඩිග්රියක් නැති වීම ගැන කැම්පස් යන උන් එක්ක ලිංගික ඉරිසියාවක්ද තියෙන්නෙ? පුළුවන් එකෙක් මෙතනට ඇවිත් උත්තර දීපන්.
ආණ්ඩුවට කඩේ යන ගමන් කැම්පස් වලට බැනල කොමෙන්ට් දාන උන් ගොඩක් අය කැම්පස් එකක් ගැන මුකුත් දන්නෙ නැති බූරුවන් කියල තේරෙනව. එස් බීගේ රෙදි අපුල්ල අපුල්ල කොමෙන්ට් දාන මොට්ටපලලාගෙන් මම අහන්නමයි හිටියෙ, උඹලට ඩිග්රියක් නැති වීම ගැන කැම්පස් යන උන් එක්ක ලිංගික ඉරිසියාවක්ද තියෙන්නෙ?
තමන්ගේ ජීවිත පවා පරදුවට තියමින් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂය බල මණ්ඩලය වැස්සකටවත් කැම්පස් නොගිය මොඩයින්ට ආදර්ශයක්. අද වෙනකොට අන්තරේ කී දෙනෙක් අපේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදල තියෙනවද? ඒත් කැම්පස් නොගිය නූගත් අමනයින් අපේ රටේ නිදහස් අධ්‍යාපනයට කරල තියෙන්නෙ මොකක්ද? කැම්පස් කොල්ලන්ට බනින නූගත් පාහරයින්ට හෙණ හතම ගහපන්.
එස් බී ත් කැම්පස් ගියපු ඩිග්රියක් තියෙන එකෙක් නේද…? ඔලමොට්ටල කම කැම්පස් ගියත් නැතත් තියෙනවා. ඔබ කැම්පස් නොගිය අය ඔලමොට්ටලයන් ලෙස දැකීමට පෙර අධ්‍යාපනය කන පිරිස ඔක්කෝම කැමපස් ගිය අය බවත් අමතක කරන්න එපා. කෙසේ වෙතත් කැම්පස් වහන්න ඕන කියන උන් නම් කැම්පස් ගියත් නොගියත් නම්බර් වන් බූරුවෝ.
Maathalan,
මම හිතන්නෙ මාතලන් මේක ප්‍රියංකර ලියන හාස්‍ය රසයෙන් පිරිච්ච එකක් පමණයි. මෙහෙම දකින අයත් නැහැයි කියනවා නෙමෙයි!!!!
//කෙසේ වෙතත් කැම්පස් වහන්න ඕන කියන උන් නම් කැම්පස් ගියත් නොගියත් නම්බර් වන් බූරුවෝ.// එතකොට කැම්පස් වහන බව දැන දැනම වර්ජනයට බහින අය මොක්කු ද? 😀
පැහැදිලි කිරීමක්: මම කැම්පස් වහන්න කියන බූරු දෙනක් නම් නෙමෙයි … කැම්පස් අධ්‍යාපනයේ චිරස්ථායී බව ආරක්ෂා වෙන්නටත් සහ එහි අද නැති අගය ලෝක තරඟකාරී වෙළඳපොලේ ඉහළ යවා ලංකාවට බරක් නොව සම්පතක් වනු පිණිස රජයේ ආධාර නොමැතිව, රජයේ ඇඟිලි ගැසීම් නොමැති, පුද්ගලික අංශයේ ලාබ සොයන කොම්පැණි වලින් විය යුත්තක් බව කියමි.
>>//කෙසේ වෙතත් කැම්පස් වහන්න ඕන කියන උන් නම් කැම්පස් ගියත් නොගියත් නම්බර් වන් බූරුවෝ.// එතකොට කැම්පස් වහන බව දැන දැනම වර්ජනයට බහින අය මොක්කු ද?
😀 😀
රටේ ඉදිරි අනාගතය බාරගන්න මණ්ඩලයක් ලෙස ක්‍රියා කරන සංවිධානයක් හොඳ බව මම දීර්ඝ කාලයක සිට විශ්වාස කරනවා. මේ සඳහා ජනතාවගේ මනස එතනට තල්ලු කරන මුලොපායයන් stratergies ඉක්මනින් සකස් කරගෙන ඒ සංකල්පය ජනතාවට කවන්නට පුළුවන් පිරිසක් වහාම බිහි වියයුතු සංවිධානය වියයුතු කාලයයි මේ.
විචාරක,
කවදාවත් අනුන්ගේ සල්ලි වලින් වෙන අය වෙනුවෙන් වැඩ කරන කට්ටියකට තීරණ ගැනීමේ බලය බාර වෙච්ච දෙයක් සාර්ථක වෙලා නැහැ. දැන් බලන්න එක්සත් ජාතීන් දිහා .. වැය කරන සල්ලි කොච්චර ද තාම සිරියාවේ සාමයක් කතිකා කරගන්න බැහැනේ!!!
ඒත් තමන්ගෙ සල්ලි වියදම් කරද්දී හැමෝම ඒ ගැන වැඩි සකසුරුවමින්, වැඩි අවබෝධයෙන් සහ වැඩි අවධානයෙන් වැඩ කරන්නෙ. කවුරු කවුරුත් තම අනාගතය හදාගන්න වගකීම බාර ගත්තොත් රටේ අනාගතය ඉබේ ම සාර්ථක වේවි! සාර්ථක වෙච්ච හැම රටක් ම සාර්ථක වුනේ එහෙම පමණයි.
වැය කරන සල්ලි කොච්චර ද තාම සිරියාවේ සාමයක් කතිකා කරගන්න බැහැනේ!!!//:- සිරියාවේ අස්ථාවරත්වයට ගැන ඇමරිකාවට මාර දුකක් උඩින් තියනව. යටින් වැඩේට ෆුල් හැපී. විහිළුවටවත් අරුණි නෝනට ඔහොම හිතෙන් නැති හැටි.
දූපත් වැසියා,
අපොයි ඒ ගැන විතරක් නෙමෙයි. 1983 දී රුසියන් interceptor Su-15 ප්‍රහාරයෙන් කොරියන් එයාර් ලයින් ෆ්ලයිට් 007 මිය ගිය මගීන් 269 දෙනා ගැනත් මාර දුකක් තියෙනවා. වාක්‍ය දිග වැඩි වුනා ද මන්දා 🙂
පෝසතාගෙන් අරන් දුප්පතාට බෙදන්න රොබින් හුඩ්ලා, සෝරෝලා එන්නෝනි මගෙ හිතේ..
වර්ථමාන ක්‍රමය වෙනස් කරන්න දේශපාලනයෙන් තොර නීතියක් ආවොත් මට ඕනවටත් වැඩිය ඇති.. 🙂
ජය !
සෑම්,
සෑම් පෝසතෙක් යැයි රොබින් හුඩ් කිව්වොත්, සෑම්ට වඩා දුප්පතෙක් ලොව ඉන්නා නිසා …?
පරාර්ථකාමීත්වය නම් සංහිතාව ඔබ බාරගෙන ඇති විදියට ඔබට වඩා ඩොලරයක් අඩුවෙන් ඇති මිනිසා ගැන ඔබට බියක් ඇත. ඔබ හිතන්නේ ඔබේ ඩොලරය ඒ මිනිසාට අයිති විය යුතු යැයි කියාය. ඔබට වඩා ඩොලරයක් ඇති මිනිසාට ඔබ ද්වේෂ කරයි. මන්ද ඔබ හිතන්නේ ඔහු තියාගෙන ඉන්නේ ඔබට අයිති විය යුතු ඩොලරය යැයි කියාය. ඔබේ සංහිතාව මොන අවස්ථාවේ ද දෙන්නේ මොන අවස්ථාවේ ද ගන්නේ කියන්න වටහා ගැනීමට නොහැකි තත්වයකට ඔබව පත්කර ඇත.
කාලෙකින් මේ පෑත්තෙ එන්නේ, බූඩි නම් ඔව්වා ගැන හිතන්න යන්නේ නෑ. මොකටද නිකන් . . . . . . . . . . . . .
කාලෙකින් පෝස්ට් එකක් දැම්මෙත් නෑ මට නම් දේශපාලනැ ඇත්තටම එපා වෙලා තියෙන්නේ, හරි කෙනා කව් ද කියලා හිතන්න ගියොත් පිස්සු හැදෙනවා. ඊට වඩා හොදයි වැඩක් බලාගෙන ඉන්න එක. බ්ලොග් ලිවිල්ලත් එපා වෙලා තියෙන්නේ දැන් නම් .
buddie-බුඩී,
දේශපාලනය අපට එපා වුනත් ඒකට අපිට එපා වෙන්නැති හැටි … හඹා ඇවිත් මිනිස් උත්සාහය තළා පෙලා අඩපණ කර අනතුරුව සිරබන්ධනයට හසු කරන හැටි.
වැඩක් බලාගෙන ඉන්නෙ කොහොම ද බුඩී ලංකාවේ මිනිස්සු පාරට බැහැලා පඩි වැඩි කරන්න යැයි වර්ජන කරන කොට, ලංකාවේ ඉන්න දේශපාලනඥයෝ පිටරට ආධාර ඉල්ලන් වැඳගෙන එද්දී මෙහෙ ඉන්න දේශපලානඥයොත් උන්ගෙ මළු පුරවද්දී කාගේ සල්ලි ද හිස් වෙන්නෙ, කාගේ දරුවන් ද ණය වෙන්නෙ?
// බ්ලොග් ලිවිල්ලත් එපා වෙලා තියෙන්නේ දැන් නම්.// ලෝකේ දැක්කම, වයසෙන් නෙමෙයි බුද්ධියෙන් මහළු වෙද්දී … මුලින් ඔහොම තමයි. ඊට පස්සෙ මගේ වයසට එනකොට ආයේ හිතෙන්නෙ හිතේ තියන දෙයක් හැමෝට ම කියලා ම මැරිලා යන්නයි. 😀
අපේ රටට හිගාකන්න වෙන්නේ අපේ මිනිස්සුන්ගේ වරදට වඩා බටහිර කොල්ලො කාරයො හින්දා, කොහෙත් එකයි………
ඉස්සර රටවල් කොල්ල කාපු Portugal වගේ කොල්ලකාරයින්ට දෑන් වෙලා තියෙන දේ පේනවනේ, කල කම් පල දෙනවා, ඉතින් ඒක වෙනකම් බලන් ඉන්නවා . . . .
කොහෙත් එකයි කියලා හිතුන නිසා තමා බූඩි හිතුවේ දේශපාලනේ ගෑන හිතන එක නැවැත්තුවේ, වැඩක් බලන් ඉන්න තියෙන්නේ………..
ඇත්තටම අපේ රට තියෙන විදිය හොදයි, , ඒක වෙනස් කරන්න ඕනේ නෑ, ඒක කාලයත් ඒක්ක වෙයි, ඒ සදහා වෙනම වෙහෙසක් දරන එක බොරු වැඩක් ඒක නිසා තමා ඔව්වා ගැන කතා කරන්න ඕනේ නැත්තේ . . . .
දියුණුයි කියන රටවල් වලට වඩා අපේ රටවල් කොච්චර දියුණුද කියලා බූඩි දැන් දන්නවා . . . .
ඒක තේරුම් ගන්න අරුණිට බූඩි වගේම බුද්ධියෙන් මහලු වෙන්න වෙනවා 😉 . . . .
buddie-බුඩී,
තමන්ගෙ රටේ අය තමන්ව කොල්ල කන හැටිත්, ඒ කොල්ල කාපු සල්ලි අඩුගානේ තමන්ගෙ රටේ ආයෝජනය නොකර පිටරට ගෙන යන හැටිත් නොදන්න අය හැමදාම දකින්නෙ බටහිර මංකොල්ලයක් කියන බොරුව.
//දියුණුයි කියන රටවල් වලට වඩා අපේ රටවල් කොච්චර දියුණුද කියලා බූඩි දැන් දන්නවා . . . .// ඇත්තෙන් ම එහෙම හිතනවා නම් බූඩී වාසනාවන්! හදපතුලෙන් ම අවංකව කරන ආශීර්වාදයක්! මොකද මම 2012 දී දැකි ලංකාව එදා මම හැදිච්ච ලංකාවටත් වඩා පිරිහිලා කියලයි මට හිතෙන්නෙ.
එතකොට තවත් ප්‍රශ්නයක් එනවා, ලංකාව දියුණුයි කියන රටවල් වලට වඩා දියුණු නම් ඇයි පිටරට යාවි කියලා බයේ ආචාර්යවරුන්ගේ පඩි වැඩි කරන්න යැයි ඉල්ලා වර්ජනයේ ඉන්නෙ?
බටහිර කොල්ල කාරයින්ව සුද්ධ කරන්න එපා, අපේ මිනිස්සු කොල්ල කන එක පැත්තකින් තියමු, ඒත් අනිත් උන්ට මොකක්ද තියෙන අයිතිය අපේ රට කොල්ල කන්න. බටහිර ඇතුලු අපිව හූරාකන ජාතින් එදත් හිටියා අදත් ඉන්නවා….
වර්ජනය කරන්නේ පිටරට යෑමක් ගැන නෙමෙ, ඉගෙනීමට මුදල් වැඩිකරන්න කියලා…… රට යන කෙනා කොහොමත් යනවා කොච්චර පඩි වැඩි කලත්………
සල්ලි වලින්ම දියුණුව මනින්න බෑ, අන්න ඒ නිසයි බූඩි කියන්නේ අපේ රට දියුනු රටක් කියලා, මීට වඩා හොද රටක් තවත් නැහැ . . . .
buddie-බුඩී,
එතකොට කියන්න බුඩී ඔයා පැවත එන්නෙ විජයගේ පරම්පරාවෙන් ද කුවේනිගෙ පරම්පරාවෙන් ද කියලා? මුතුන් මිත්තො කරපු පව් ගැන තාම කියනවා ද?
ඇයි ලංකාවටත් බැරි කියුබාවට වගේ බටහිර ට කොල්ල කන්න නොදී ඉන්න?
වර්ජනය කරන්නේ උගන්වන ගුරුවරුන්ගේ ද පඩි වැඩිකරන්න කියලයි. මම එකඟයි බුඩී එක්ක රට යන කෙනා කොහොමත් යනවා කොච්චර පඩි වැඩි කළත් කියා. ඒත් මම නෙමෙයි ඒ පඩි වැඩිකරන්න කියා වර්ජනයේ ඉන්න අයයි ගුරුවරු පිටරටට ඇදී යෑම නවත්වා ගන්නට පඩි වැඩි කරන්න යැයි ඉල්ලන්නේ.
මේ මුහුණු පොතෙන් දැක්ක කවියක්: ස්තූතියි දාපු එක්කෙනාට 🙂
*****
කලු ගැහී තරඟයට ඉහල ගිය
සිමෙන්ති බිත්ති මිසක
ඇසට නිලට
අහසක් ගහක් කොලක්
අවටක් නැත.
නිව්යෝර්ක් නම් පුරවර
සියක් මහල් එක්ටැම් ගෙය මුදුනේ
දොර ජනෙල් වසා සිරකල කාමරයක
ඇඳක්-පුටුවක්-මේසයක්
මම.
මහපොලවේ අනික් පැත්තෙ
සෙනෙහැති දෙමාපියන්
නෑ මිතුරන් අඹු දරුවන්
මට සිහි වෙයි.
පලවන්නට මළ පාලුව
කවියක් හඬ නඟා කියමි
නින්නාදව ආපසු එයි මගෙ කටහඬ
මගෙ කනටම.
යා යුතු අතක් නොදැන
කවුලුව හැර එබී බලමි.
ප්‍රපාතයට එබී බලමි
මූණට කටු ඇනගෙන
සීතල කඩා පනින.
අසුවී විදුලි එලිය පිටාරයට
මොර දීගෙන යයි වාහන ඒ මේ අත
ඉවසිල්ලක් නොමැතිව
දිවගෙන යයි ඒ මේ අත
කුරා කුහිඹු මිනිස් යන්ත්‍ර
මොහොතක් නැවතී මා දෙස
ආදරයෙන් බලන කෙනෙක්
වගතුග අසන කෙනෙක්
දන්නා හදුනන්නෙක්
මෙතන නොමැත
ඒ හැම දෙන මහ පොලවේ අනිත් පැත්තෙ
මට සිහි වෙයි.
මහා දුකින් ඉහල බලමි
දිලිහි දිලිහි ආකාසේ
රන් පිඟාන සේ
හඳ..
මා දන්න හදුනන
අපේ ගමේ වෙල් එලියට පායන හඳ
පෝය දාට බෝ මලුවට පායන හඳ.
බෝඩිම – මහගම සේකර
****
මෑන්හැටන් තියන අක්කර 843 ක සෙන්ට්‍රල් පාර්ක් එක ලංකාවේ පාර්ක් එකක් වගේ කියලා හිතලා ගියෙ නැතිව වෙන්නැති මහගම සේකර මුල් පද පේලිය ලියන්න ඇත්තෙ. ඉතිරිය නම් හුරු පුරුදු පරිසරයෙන් සහ ආදරය සෙනෙහස ලැබෙන පවුලෙන් ඈත් වුනාම මිනිස් ස්වභාවයට දැනෙන ශෝකය තමයි.
එන්නකෝ බුඩී, ආදරයෙන් පිළිගන්නම්. ධනවාදය බිඳවැටී ඇති යුරෝපය වගේ නෙමෙයි මෙහෙ දැනට. ආයෙත් හමුවෙන්න ලැබුනොත් ඔය කොල්ල කන හැටි ගැන පැහැදිලි කරගන්න බලමුකෝ 🙂
ස්තූතියි ! 🙂
අම්මෝ මම නම් වාද විවාද වලට නෑ, බූඩි දෑන් ඒකට මහලු වැඩියි 🙂
බූඩි කිව්වනේ මෙව්වා ගැන කතා කරලා වැඩක් නෑ . . . . .
කොහොමත් ලගදිම අරුණිලගේ පැත්තෙ එන්න ඉන්නේ . . . .
AnonymousSeptember 30, 2012 7:28 PM
ලංකා පුරේ පාසල් ගිය පොඩි කෙල්ල
ගිහින් ඇමෙරිකාවට දැන් නැහැ මෙල්ල
කියුවත් රිපබ්ලිකන් බණ අප හට ඔය ගොල්ල
මෝඩ කමට නැහෙනේ බෙහෙත් මගේ මල්ල
නිදහස් අධ්‍යාපනේ දැන් නම් හොඳ නැතිලු
වැඩිපුර අරන් නැති අයහට දෙනවාලු
මේවගේ කතා අහනා අයත් ඉන්නවලු
පුන්නක්කුද කෑවේ පොඩි කල දන් නැතිලු
I am at least 50% sure that this poem has a resemblance to you, Aruni.
I said 50%
Clement Peris
Calgary
clement peris,
මම කියන්නෙ ලිබටේරියන් පක්ෂයේ අදහස් කියලා නොදැන, යදින යාචකයන් වීම උදාර මිනිස් ගතියක් යැයි වපුරන අදහස් වලට හුරේ දාන අයයි දක්කන් යන රැලේ ගමන් කරන්නේ. තාමත් කන්නෙ පුන්නක්කු දැයි සැකයි.
අද ලංකාවෙ බොහො දෙනෙක් නිදහස සහ වරප්‍රසාදය කියන දෙක පටලවගෙන ඉන්නේ! උපාධිය විකුනනවා කියලා කෑ ගහන අය තේරුම් ගන්නේ නැත්තේ එයාලත් උපාධිය මිලදී ගන්නවා කියන එක.වෙනසකට තියෙන්නේ පෞ,ව්,විද්‍යාල වලදි දෙමාපියන් පිරිවැය දරද්දි මෙයාලට මහජනයා පිරිවැය දරන එක.නිදහස් අද්යාපනයත් කරන්නේ උපාදිය විකුනන එක.හැබැයි එතනදි අර ළමයින්ට වියදම් කරන්නේ මහ ජනයා.
ලඟකදි මං දැක්කා මහපොල සල්ලි ඩෙනිමක් ගන්නවත් මදි කියලා පොටෝ එකක් ෂෙයා වෙවී තියෙනවා.එයාල හිතන්නේ ඒක එයාලගේ අයිතියක් කියලා.ඒක වරප්‍රසාදයක් කියලා තේරුම් ගන්නේ නෑ!
අද ලංකාවට වෙලා තියෙන්නෙත් ඔබ හරියටම මතු කරපු මේ දේම තමයි;
” අද ඔවුනට ලැබී තිබෙන්නේ “තව දියව්” කියා ඉල්ලා සටන් වදින බහුතරයක් මිසක නිර්මාණයට හැකි ජනතාවක් නොවේ.”
මං කියන්නේ නෑ ලංකාවේ නිදහස්(වරප්‍රසාද) අද්යාපනය නවත්තන්න ඕන කියලා. මං ඔය ‘නිදහස් අහ්යාපනය සුරකිමු’ කියලා කෑ මොර දෙන අයගෙන් ඉල්ලන්නේ එයාලත් මිලදී ගන්නවා වගේ (මහ ජනයාගේ මුදලින්) පුලුවන් කමක් තියෙන අයට ඔවුන්ගේ දරුවන්ටත් ඒ දේ අරගෙන දෙන්න වට පිටාවක් ලංකාව තුල නිර්මානය කරන්න ඉඩ දෙන්න්න කියලා.පෞද්ගලික වි.විද්‍යාල එපා කියලා කෑගහන්න කුහක වෙන්න එපා කියලා!
සාබීත්,
ලංකාවේ විතරක් නෙමෙයි සාබීත් මුළු ලෝකයම ඔය දෙක පටලවා ගෙන ඉන්න සමයක්!!!
ඔව්, උපාධිය විතරක් නෙමෙයි කිසිම දෙයක් නිකම් ලැබෙන්නෙ නැහැ. දෙයක් නිකම් ලැබෙන කොට වටපිට බලලා කවුද ඒකට ගෙවන එක්කෙනා කියල හොයාගන්න බැරිනම් ඒ ගෙවන එක්කෙනා වෙන කවුරුත් නෙමෙයි තමන් ම බව වටහා ගන්න ගොඩක් අයට අමාරුයි.
//මං කියන්නේ නෑ ලංකාවේ නිදහස්(වරප්‍රසාද) අද්යාපනය නවත්තන්න ඕන කියලා. මං ඔය ‘නිදහස් අහ්යාපනය සුරකිමු’ කියලා කෑ මොර දෙන අයගෙන් ඉල්ලන්නේ එයාලත් මිලදී ගන්නවා වගේ (මහ ජනයාගේ මුදලින්) පුලුවන් කමක් තියෙන අයට ඔවුන්ගේ දරුවන්ටත් ඒ දේ අරගෙන දෙන්න වට පිටාවක් ලංකාව තුල නිර්මානය කරන්න ඉඩ දෙන්න්න කියලා.පෞද්ගලික වි.විද්‍යාල එපා කියලා කෑගහන්න කුහක වෙන්න එපා කියලා!// සම්පූර්ණයෙන් ම එකඟයි සාබීත් එක්ක.
රටක හෑම දේටම තියන අවස්ථා වෑඩිකරාම සේරම හරි.ඔන්න සරලවම මන් කිව්වා.ඔය හෑමදෙම ගන්න පුලුවන් තෑනක මිනිස්සු සතුටින් ඉන්නේ,මහන්සි වෙලා වෑඩ කරන අයට තමන්ගෙ උවමනා සම්පුර්න කරන්න පුලුවන් වටපිටාවක් හදාගමු.මොළෙන් කල්පන කරලා අවස්ථා වෑඩි කරගමු.
inesh,
ඔව් inesh පැහැදිලිව ම අවස්ථා වැඩි කරන එක තමයි නිදහස් වෙළඳපොල කියන්නෙ. ලංකාවේ බහුතරය රටේ කිසිදා නොතිබිච්ච නිදහස් වෙළඳපොලට බැන වදිමින් සිටිනවා.