අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකාවේ සිට නැරඹූ විස්සයි විස්සේ දස්කම්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 7, 2012

උදේ පාන්දර ම රූපවාහිනියෙන් ජපානයේ තිබිච්ච ග්‍රාන්ඩ් ෆ්‍රී තරඟය නරඹලා අවසන් කෙරුවා. 1990 න් පසුව ජපන් ජාතිකයෙකු ලෙසින් වේදිකාවේ නඟින්න සමත් වූ කමුයි කෝබයාශි දැක්කම ඒක ලංකාවේ විස්සයි විස්සට සුබ නිමිත්තක් දැයි කියාත් හිතුණා.

ESPN විකාශය තමයි අන්තිමේ අපි තෝරාගත්තෙ. බාධාවක් නැතිව කොළඹ සිට ගලා එන රූප රාමු දැක්කම තාක්ෂණයේ අගය ගැන සතුට කියා නිම කළ නොහැකියි. ලසිත් මාලිංගගේ කොණ්ඩයේ කැරලි කොච්චරක් තියෙනවා ද කියල ගණන් කරන්න තරම් පින්තූරේ පැහැදිලියි!!!!!

පුංචි වේලාවකට ලංකාවට ඇවිත් යන්න ලැබුනා වගේ.

මෙයාට නම් ඇල්කෙමියා මල්ලි කියන තැනකට වඳින්නම් කිව්වත් ඇහිලා නැහැනෙ!!!!

අවසන් වටයට ඇවිදින් ආයෙත් පැරදිච්ච ලංකාවේ කණ්ඩායමට හිතන්න දෙයක් නම් බටහිර කොදෙව් කැප්ටන් කියා දුන්න. යමක් හරි ගියත් වැරදුනත් විවේචනය කරන අය නම් අඩු වෙන්නෙ නැහැ කියන්න එයා කිසිත් වරදක් නොකරපු ජේසුවත් කුරුසෙට තියලා ඇණ ගහපු එකේ මේ මා ගැන කුමන කතා ද ඇහැව්වා!!!! විවේචන වලට බයේ තරඟයෙන් පැත්තකට වෙන්නෙ නැතිව උත්සාහවන්තයන් නොනැවතී ජය හඹා යා යුතුයි.

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. dayal bathee said, on ඔක්තෝබර් 7, 2012 at 4:44 ප.ව.

    අද කියවල ඉවර උනහම ඔලුව රිදෙන්නෙ නැති පෝස්ට් එකක්.
    වෙනද අරුණි ලියාගෙ ලියාගෙන යනව මගේ අම්මෝ සමහරවෙලාවට මෙලෝ දෙයක් තෙරෙනෙනෙ නෑ.

    පොඩි විහිලුවක් කලා.

    අපි හොඳම පැරදෙන්නෝ, ඒත් මදෑ.!

    • arunishapiro said, on ඔක්තෝබර් 7, 2012 at 4:45 ප.ව.

      dayal bathee,

      ඔලුව රිදි රිදී ඒත් කියවන්න එන එකම මදෑ 😀

    • RanDil said, on ඔක්තෝබර් 8, 2012 at 6:09 පෙ.ව.

      ඇයි එහෙම කියන්නේ? අපි පළවෙනියෝ නොවුනාට දෙවැනියෝනේ. මට හිතුනු දෙයක් තමයි හැම තැනකදීම මහා විශාල පිරිසක් පරදවාගෙන ඉදිරියට එන දෙන්නෙක් අතරින් එක්කෙනෙක් දින්නහම පැරදුනු කෙනා මුලින්ම තරඟයෙන් ඉවත් වුනු කෙනාටත් වඩා පහත් අඩියකට දාලා තමයි මිනිස්සු කථා කරන්නේ………….. ඕක මට මුලින්ම හිතුනේ සිරස සුපර් ස්ටාර් බලලා……… 😀 එයාලා කියන විදිහට දහස් ගණනක් අතුරින් තමයි දෙන්නෙක් තේරෙන්නේ……….

      • arunishapiro said, on ඔක්තෝබර් 8, 2012 at 8:44 පෙ.ව.

        RanDil,

        ඔව් නංගි ඉතා වටිනා කාරණයක් …. දෙවැනි තැන ජයගත්තා කියා සතුටු වෙන්නෙ නැතිව ඇයි මේ පැරදිච්ච බව ගැන ම කතා කරන්නේ. බටහිර කොදෙව් නායකයාගේ කතාව වැදගත් ඒ නිසාමයි. විවේචනය කරන්න නම් ඕනෑ තරම් අය ඉන්නවා තරඟයකට එන්නෙ වත් කොච්චර ටික දෙනෙක් ද? ඒ අයගෙන් තරඟය අවසන් වෙන තෙක් රැඳී ඉන්නට සමත් වෙන්නෙත් කොච්චර ස්වල්පයක් ද?

      • ravi said, on ඔක්තෝබර් 8, 2012 at 2:36 ප.ව.

        Randil,

        ඔතන වෙන්නෙ මේකයි…කලින්ම අයින් උනාට වැඩිය හිතට අමාරු අන්තිම කඩුල්ල දක්වා ඇවිල්ල ඒක පැනගන්ට බැරිඋනාමයි….ලකුණු දෙකකින් කැම්පස් සිලෙක්ෂන් නැති උනා වගේ තමයි….So near yet so far 😦 😦

  2. තිසර said, on ඔක්තෝබර් 7, 2012 at 8:03 ප.ව.

    මම බැලුවා කියන්න හදන්නේ කොදෙව්වෝ කැමැත්තෙන් සත්‍ය සොයාගෙන ගිහින් ජයගත්තා කියල….

    එහෙම නැති නිසා, ඊලඟ ප්‍රශ්න වටය පසුවට…..

    ලේසියෙන් ක්‍රිකට් තරඟ free-to-air රූපවාහිනී චැනල වල පෙන්නන්නේ නැති මේ රටේත් ඔස්ට්‍රේලියානුවෝ අවසාන මහා තරඟයට සුදුසුකම් ලබයි කියන විශ්වාසය උඩ, අවසාන තරඟයේ විකාශන අයිතිය ලබාගෙන තිබුනා. ඒ නිසාම පුළුල් රූපවාහිනී තිරයක අර කිව්වත් වගේ මාලිංගගේ කොන්ඩේ කැරලි ගණන් කරන්න පුළුවන් තරම් පැහැදිලි රූප එක්ක තරඟය නැරඹුවා (නොමිලේ දෙනකං බලං ඉන්න එක අපේ පුරුද්ද්නේ). රූප පැහැදිලි වෙන තරමටම පරාජයේ දුකත් වැඩියි.

  3. Chandi said, on ඔක්තෝබර් 7, 2012 at 8:43 ප.ව.

    දුකයි හරියට. පරිස්සමින් සෙල්ලම් කලානම් දිනා ගත හැකිව තිබුන මැච් එක.

  4. Chandimal Adikari said, on ඔක්තෝබර් 7, 2012 at 9:19 ප.ව.

    Ape TEAM eka peradunaama Palu Yanna Bayyna ayay.. Arehema gahanna tibba mehema gahanna tibba kiyna kattiyatai.. Aparaade Gahanna Yanna denna tibbe.. Aasaawata wath Cricket gahala tiyana ekek ohoma kathaawak kiyanne ne…

  5. maathalan said, on ඔක්තෝබර් 7, 2012 at 10:46 ප.ව.

    අපි මැච් එකට කලින් මැච් එක දිනලා තුබුනා. මාර වැඩේ කියන්නේ ප්ලේ කරයින් පස්සේ පැරදුනා. අපි හරි පවු නේද…?

    • arunishapiro said, on ඔක්තෝබර් 8, 2012 at 8:40 පෙ.ව.

      maathalan,

      අද පැරදුනාට හෙට ලැබෙන ආශ්චර්යය ගැන නම් පිටියේ වැටිච්ච පින්තූරයකින් සඳහන් කළා කිහිප වතාවක් ම.

      I wonder (a feeling of puzzlement or doubt) about the Wonder of Asia! මාතලන්, කොහොම ද මේක සිංහලෙන් කියන්නේ?!!!!!!

  6. Nihal Gurusinghe said, on ඔක්තෝබර් 7, 2012 at 10:55 ප.ව.

    අද පන්සලේ කටිනෙ. අපේ කට්ටිය ගොඩක් අඩුයි. මැච් එක නිසා.
    මමත් බැලුව මැච් එක.tharunaya.com එකෙන්. පැරදුන හැටි දැක්කම දුකයි.
    හැමදේම වාගේ ක්‍රිකට් ක්‍රීඩාවත් දේශපාලනීකරණය වෙලා.
    ඔන්න මම ටිකක් වෙනස් ආකාරයක බ්ලොග් එකක් ඇරිය. මේ මගේ හෝම් වර්ක්. Flash4Fun nihalg1958.blog.com ක්ලික් කරල බලන්න.

  7. chami4u~චමී4යු said, on ඔක්තෝබර් 8, 2012 at 7:15 පෙ.ව.

    සිර ..කුඩුවක සිට නැරබු විස්සයි විස්සේ දස්කම්..

    • arunishapiro said, on ඔක්තෝබර් 8, 2012 at 8:23 පෙ.ව.

      chami4u~චමී4යු,

      නීතිය ඇත්තේ චමීගේ ආරක්ෂාවටත් අනිත් පාරේ යන අහිංසකයන්ගේ ආරක්ෂාවටත් බව තවමත් පසක් වූයේ නැද්ද?!!!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: