අරුණි ශපීරෝ‍ වෙතින්

දැනුම සහ මතිය අතර වෙනස නොදන්නා විද්වතුන් සහ සමාජය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 10, 2012

විද්වතා නොහොත් intellectual ගැන ගොඩක් ඉස්සර ලිව්වා. කෙටියෙන් කිව්වොත් අපි විද්වත් යැයි අදහස් කරන්නෙ අදහසක් නිර්මාණය කරන කෙනෙක්ව. එයින් අදහස හරි ද වැරදි ද කියා කියැවෙන්නේ නම් නැහැ!!! නමුත් සමාජයේ හුරුව විද්වත් අයෙක් කියන අදහස් නිවැරදි යැයි සොයා නොබලා පිළිගැනීම.

සමහර විට ඉතා ඈත අතීතයක, මුළු ලෝකයේ හැම පැත්තකින් ම දකින්න තිබිච්ච ලක්ෂණයක් මීට සාධක වෙන්න පුළුවන්. ඒක තමයි අධ්‍යාපනය යම් පිරිසකට පමණක් සීමා වී තිබීම. පොත් කියවන්න හැකියාව සහ ලියන්න හැකියාව තිබ්බෙ පූජක පක්ෂයට, රජ දරුවන්ට, රදළයන්ට. ඉතින් ඒ අයට දාගෙන යන්න සපත්තු හදන්න දන්න මිනිසාට දැනුමක් (knowledge) තිබ්බා කියල කවුරුත් කිව්වෙ නැහැ. පුටුවක් හදන්න දැනුමක් තිබ්බ වඩුවා, කුඹුරක් කොටලා වගාවක ඵලදාව ගන්න දැනුම තිබි ගොවියා, අසිපතක් හදන්න දන්න වානේ වැඩකාරයා එහෙම දැනුමැතියෙක් කියා නෙමෙයි සැලකුනේ. පරම්පරාවෙන් පරම්පරාවට යන කුසලතාවයක් (skill) ගෙන ගිය කෙනෙක් හැටියට විතරයි පිළිගැනුනේ. ඒත් ඵෛතිහාසික යුගයන් දිහා බලද්දී ඒවායේ දැනුම වර්ධනය වෙලා ක්‍රමවේදයන් පරම්පරාවෙන් පරම්පරාවට දියුණු වූවා. ඒ දැනුම නැතිව විද්වත් අයට ජීවිතය ගෙනියන්න අපහසු වෙන තරමට!!!

අද ලෝකය කැමති ඕනෑම කෙනෙකුට දැනුම සහ ඥානය සොයා යන්න ඉඩක් සලසලා තියෙනවා. ඒත් පටු චින්තයෙන් වූ අය තාම හිතන්නෙ ඒ දියුණුව ලැබුනේ අයිතීන් හා වරප්‍රසාද දිනාගත් පමණින් කියල. ඒ දියුණුව සඳහා තම මුදල්, තම කාලය හා තම උත්සාහය කැප කළ අය නිසා එයින් ඵල ප්‍රයෝජන තමන්ට ද ලැබුනා යැයි දකින්නෙ නැහැ.

2012 නොබෙල් රසායන විද්‍යා තෑග්ග ලාභීන් දෙදෙනා Robert J. Leflowitz සහ Brian K. Kobilka. ඔවුන් කරලා පෙන්නපු දැයක් තියෙනවා. ඒත් 2009 දී බරක් ඔබාමාගේ සාම අදහස් වලට ලැබිච්ච තෑග්ගට තවම කරලා පෙන්වපු දෙයක් නැහැ. හිතන්න ඕන මේ දැය: විද්‍යාඥයන්ගේ දැනුම පෙන්වත හැකියාව කොතරම් දැයි තීරණය කරන මති බලයක් ජනාධිපති සතු රටවල් කොතරම් ද? අර දෙන්නා අසාර්ථක වුවහොත් නැතිවෙන්නෙ ඔවුන්ගේ ශ්‍රමය, කාලය හා මුදල්. ජනාධිපති අසාර්ථක වුවහොත් රටම ඉවරයි.

කාල් මාක්ස් ගෙනාවේ “ශ්‍රමය” (labor) ගැන විද්වත් අදහසක්. කාල් මාක්ස් කවදාවත් කම්හලක රස්සාවක් කරපු හෝ කම්හලක අයිතිකාරයෙක් වූ අයෙක් නොවේ. එයා ඒවා ගැන කියවන්නෙ අනිත් අය ලියපු පොත් වලින්. මාක්ස්ගේ මතිය: නිෂ්පාදනයක් බිහිකරන්නට අමුද්‍රව්‍ය හා උපකරණ භාවිතා කරන පුද්ගලයාගේ ශ්‍රමය තමයි වස්තුවේ සත්‍යය නිදානය කියල. ශ්‍රමය බහුලව තියෙන ඒත් තාක්ෂණය හා ව්‍යවසායකත්වය (entrepreneurship) අඩුවෙන් තියන ඉන්දියාව, චීනය වගේ රටක් ශ්‍රමය අඩු තාක්ෂණය හා ව්‍යවසායකත්වය වැඩියෙන් තියන ඇමෙරිකාව වගේ රටක් එක්ක තරඟ කරන්න අසමත් ඇයි කියල කවුරුත් අහන්නෙ නැහැ.

ජෝර්ජ් ඕර්වෙල් දක්ෂ නවකතාකරුවෙක්. ඒත් එයා හිට්ලර් ගැන කියූ විද්වත් අදහස් විශ්වාස කළ අයෙක් සිටියේ නම් ඒ තවත් විද්වතෙක් විතරයි!!!!

බර්ට්‍රන්ඩ් රසල් දාර්ශනිකයෙක්, තර්ක ශාස්ත්‍රඥයෙක්, ගණිතඥයෙක්, ඉතිහාසඥයෙක්. 1930 ගණන් වල හිට්ලර් ජර්මනියේ අවි ආයුධ වලින් සන්නද්ධ වෙද්දී එයා බ්‍රිතාන්‍යයට යුද හමුදා, නාවුක හමුදා සහ ගුවන් හමුදා සියල්ල අහෝසි කරලා නිරායුධකරණය කරන්න යැයි විද්වත් අදහසක් ගෙනාපු අයෙක්.

නෝම් චොම්ස්කි සෑහෙන දක්ෂ භාෂාවේදියෙක්. ඒත් එයා ඉදිරිපත් කරපු දේශපාලන මති තමයි එයාගේ අසාර්ථක විද්වත් අදහස් වෙන්නේ.

අදත් මේ හුරුව සමාජයේ තියනවා. අපි ලෙඩ දුරු කරන්නට ක්‍රමවේද හොයාගත් දක්ෂ වෛද්‍යවරයන්, පාලම් හා ගොඩනැඟිලි නිර්මාණය කරන ඉංජිනේරුවන්, ව්‍යාපාරයක් දියුණු කරන්න සමත් වූ බිල් ගේට්ස් සහ වොරන් බෆට්ලා විද්වත් යැයි හඳුන්වන්නේ නැහැ. ඔවුන්ගේ වෘත්තීය දැනුම ගැන නොව ඔවුන් යම් සමාජ මතියක් (notion) ප්‍රකාශ කරනවා නම් එතැන දී පමණක් එයා විද්වත් යැයි සලකනවා.

මෑතක සිට අපි මේ විද්වත් තත්වය බාර දෙන්නෙ යම් දැනුමක් සතු වූවන්ට විතරක් නෙමෙයි. යම් කුසලතාවයක් සතු වූවන්ට ඒ සඳහා කියන ප්‍රකාශයන්ටත් නෙමෙයි. කුමක් හෝ සිද්ධියක් නිසා සමාජයේ ජනප්‍රියත්වයක් ලබන්න හැකි වූ අයත් කියන ඕනෑම දේවල් විද්වත් යැයි දැන් සලකන්නට පටන් ගෙන.

රඟපෑමෙන් ධනස්කන්ධයක් එකතු කරගත් ඩැනී ග්ලවර් උගෝ එක්ක යද්දී වෙනිසියුලාවේ මිනිස්සු හිතන්නෙ ඇමෙරිකන් ධනවාදී අයත් අපේ බෙදා දෙන ක්‍රමයට කැමතියි කියලා ද? රට හැදෙන්න ශ්‍රමය තිබුනාම ඇති තාක්ෂණය හා ව්‍යවසායකත්වය අනවශ්‍යයි කියා ද?!!!!

අද ප්‍රවෘත්තියක් වාර්තා කියන වාර්තාකරුවා ද විද්වත් යැයි සලකන්නට පටන් ගෙන. ඉස්සර හිටියෙ ප්‍රවෘත්තියක් වාර්තා කරන අය. අද ප්‍රවෘත්තියක් තමන්ට උවමනා විදියට කපලා, කොටලා, විද්වත් සමාජයේ පවතිනවා යැයි කියන අදහස් වලට ගැලපෙන්නට ලියලා, ඒකට සහාය දෙන තවත් විද්වතෙක් ද සහභාගී කරගෙන විද්වත් ප්‍රවෘත්තියි ඉදිරිපත් කරන්නේ!!!!

නිර්මාණයක් බිහි කරන්නා ඒ නිර්මාණයේ ගුණ අගුණ ගැන වගකීමක් ගන්නවා. ඒත් විද්වත් මතියක් ඉදිරිපත් කරන අයෙකු වෙතින් එහෙම වගකීමක් සමාජය බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. පාලම කැඩුනොත් හදපු ඉංජිනේරුවාව උසාවියට ගෙන යන්න පුළුවන්. ඒත් සමාජ ඉංජිනේරුවා ඉදිරිපත් කරන මතියක් වැරදුනාට කිසිත් ගානක් නැහැ. ප්‍රධාන හේතුව මේකයි. සමාජ ඉංජිනේරුවා ගේන මතිය ක්‍රියාත්මක කරන්නට වෙන්නෙ වෙන අයට. සැකසුම් පරිපාලන නිලධාරියෙකුට. දියත් කිරීම් සමාජ සේවා නිලධාරීන් යටතේ. ඉතින් වැඩේ වැරදුනාම වැරැද්ද අනිත් අයගේ, රස්සා නැතිවෙන්නෙ එයාලගේ. වැරදි මති ගෙනෙන සමාජ ඉංජිනේරුවන් තවත් වැරදි මති ඉදිරිපත් කරමින් කාලාන්තරයක් විද්වත් අයෙක් ලෙස එයාව පිළිගත් සමාජයේ වැජඹෙනවා.

සමහර විද්වත් අදහස් වල ඇත්තේ මතියක් නොව දැනුමක් යැයි වැඩිකල් නොගිහින් දැනගන්නට පුළුවන්. කාලයකට සීමා නොවෙන විද්වත් අදහස් ඉතිහාසය පුරා දැනුමැත්තන් වෙතින් ප්‍රදානය වී තියෙනවා. දැනුම සොයන්නන් සොයා යා යුත්තේ ඒ විද්වත් අදහස් තුලින්.

කුමක් ද එහි දී පාවිච්චි කළ යුතු ක්‍රමවේදය? බුදුන් කාලාමයන්ට කියා දුන් විද්වත් අදහස. වාර්තා වලින් කිව්ව නිසා, කොහෙන් හරි ඇහුණ නිසා හෝ සම්ප්‍රදාය නිසා විශ්වාස නොකරන්න. ගුරුවරයා කිව්වත් විශ්වාස කරන්න එපා. තමන් විසින් සොයා බලන්න.

කළු ඇමෙරිකානු අර්ථ ශාස්ත්‍රඥයෙක් වන Thomas Sowell නැමති විද්වතා එය පාවිච්චියට ගන්නේ නම් ඒ ක්‍රමවේදයට වසර 2601 ක් උරුමය කියූ අපි නොගන්නේ ඇයි?!!!!!!!!

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. සුදත් said, on ඔක්තෝබර් 10, 2012 at 8:02 පෙ.ව.

    මොනන්ද මේ “මතිය” කියන්නෙ? අනේ මට තේරුම් ගන්න බැහැ. මම දන්නේ “මතය” කියන වචනය (ඒකට ටිකක් සමාන ඉංග්‍රිසි වචනයක් තමයි “ඔපිනියන්”. එතකොට “මතිය” කියන්නෙත් ඒ වගේ එකක්ද?

    මට මේ ලිපිය බලද්දි මතක් වුනා හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යායය (1983) හෙවත් මල්ටිපල් ඉන්ටෙලිජන්ස් තියරි එක.

    • arunishapiro said, on ඔක්තෝබර් 10, 2012 at 11:06 ප.ව.

      සුදත්,

      ඔපීනියන් එකක් කියන්නේ දැක්මක්, විනිශ්චයක්, මොකක් හරි දෙයක් ගැන තමන්ගේ මතයක්. ඒක යම් හැඟීමකට වඩා දැඩි වූවක් ඒත් තමා නිශ්චිතව ම දන්නවා යැයි කියනවාට වඩා අඩුවෙන් වූවක්. හැමෝම එහෙම යැයි අල්ලා ගෙන සිටින දැක්මක්. මතයක් කියන්නෙ උසාවියක විනිසුරුවෙක් නඩු විභාගයෙන් පසුව ඉදිරිපත් කරන විනිශ්චයක් ද වෙනවා. එය ඒ නඩු විභාගයට අදාල දේවල් සලකා බලන නීති අනුව දෙන විනිශ්චයක්.

      මතිය කියන්නෙ ඒක නෙමෙයි. මතියක් කියන්නෙ දන්න, අත්දැකි, හෝ පරිකල්පනය (imagine) කරන සංකල්පයක්, හැඟීමක්. ඒ මතිය කුමක් වේ ද ඒ ගැන සම්පූර්ණ සාමාන්‍ය අදහසක්. පුද්ගලයෙක් හෝ කට්ටියක් විසින් අල්ලා ගෙන සිටින සිද්ධාන්තයක් නැත්නම් විශ්වාසයක්.

      • සුදත් said, on ඔක්තෝබර් 11, 2012 at 2:11 ප.ව.

        මතයකට සහ මතියකට උදාහරණ දෙකක් දෙන්න පුළුවනිද?

        • arunishapiro said, on ඔක්තෝබර් 11, 2012 at 2:24 ප.ව.

          සුදත්,

          ඔහුගේ මතය වූයේ හොඳම වාහනය ඇස්ටන් මාටින් එකක් කියායි.

          වේගය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යයනයෙන් දැක් වූ හොඳම වාහනය නම් ඇස්ටන් මාටින් බව ඔහුගේ මතිය විය.

  2. Shanthi Chandrasekera said, on ඔක්තෝබර් 10, 2012 at 9:50 පෙ.ව.

    watina adahs tikak thanks Aruni

  3. Kevin Perera (@PereraKevin) said, on ඔක්තෝබර් 10, 2012 at 3:32 ප.ව.

    ඇත්තටම අරුණි මොකද්ද මේ “මතිය” කියන වචනය ??? කොහෙන්ද හොයා ගත්තේ. හැමෝම එකඟ වෙලා තියන භාවිත වචන පාවිච්චි නොකර ශබ්දකෝෂ වචන මෙහෙම යෙදුවාම ඒවාට මං කියන්නේ Hysterical Literature කියල. කියවන කෙනා හරියට කරකවල අත්හැරිය වගේ අවුල් වෙලා යනවා නේ..

    • arunishapiro said, on ඔක්තෝබර් 10, 2012 at 11:31 ප.ව.

      Kevin Perera,

      අර්ථය මෙයයි කියා හැමෝම එකඟ වෙච්ච වචන තියෙන්නෙ ඉංග්‍රීසි ශබ්දකෝෂයේ. සිංහල වචන ඒ ඒ ශබ්දකෝෂය ලියන එක්කෙනාට ඇති කැමැත්ත අනුව එහි අර්ථයට හා ලියැවිලා තියෙන විදියට එකඟත්වය පළ කරන වචන.

      හැමෝම එකඟ වෙලා තියන භාවිත වචන වල අරුත් දන්නෙ නැතිව භාවිතය නිසා තමයි සමහර ගැටළු. ඉතින් වචනයේ තේරුමත් පැහැදිලි කරගෙන ම කතාබහ කරන්න ඕනෑ.

      මතයක් සහ මතියක් එකම අර්ථයක් නෙමෙයි. මතය = opinion, idea; මතිය = Knowledge

      • සුදත් said, on ඔක්තෝබර් 11, 2012 at 2:20 ප.ව.

        මතයක් සහ මතියක් එකම අර්ථයක් නෙමෙයි. මතය = opinion, idea; මතිය = Knowledge
        මං හිතන්නෙ, මගේ ගැටළුවටත් මේ පිළිතුර සෑහෙනවා. ඒතා නොලේජ් කියන එකට අපි මෙච්චර කල් පාවිච්චි කළේ දැනුම කියන වචනය.
        ඒත් අයිඩියා කියන්නෙ පරිකල්පනය කරන අදහසක් නෙවෙයිද එතකොට?
        ඒත් ඔබ කියනවා, “මතියක් කියන්නෙ දන්න, අත්දැකි, හෝ පරිකල්පනය (imagine) කරන සංකල්පයක්” කියල.
        ආයෙත් ටැපලුනානෙ මට.

        • arunishapiro said, on ඔක්තෝබර් 11, 2012 at 2:27 ප.ව.

          සුදත්,

          දන්න දෙයක් වුනාට, යම් අත්දැකීමක් වුනාට, යම් පරිකල්පනයක් වුනාට, එහි අදහස වූ ‘මතිය’ හරි ද වැරදිද කියා කියැවෙන්නෙ නැහැ.

          මතයක් හැම විටම කියන්නාට අනුව හරි. ඒක එයාගේ මතය, ඒක එහෙම නෙමෙයි කියන්න වෙන කාටවත් බැහැ.

          ඒත් යම් අයෙක් ගොඩනැඟූ මතියක් එහෙම නොවේ යැයි පෙන්වා දෙන්නට පුළුවන්. එය පිළිගන්න නොගන්න එක වෙනම කාරණයක්, නමුත් එය හරි ද වැරදි දැයි පෙන්වන්නට පුළුවන්.

  4. dayal bathee said, on ඔක්තෝබර් 10, 2012 at 5:19 ප.ව.

    බෙදා දීමට විරුද්ධ අරුනිට,

    ධනය සර්පයෙකියි දෙසූ බුදුන්ගේ ධර්මයේ මනෝ පුබ්බම්ගමා ධම්මා යන්න ධනවාදය යයි කීම උන්වහන්සේට කල හැකි ඉහලම නිග්‍රහයයි. ධනය නිසි ලෙස පරිහරණයේ වැදගත්කම අවධාරනය කළ උන්වහන්සේ ධනය එකතු කර එය බලයක් වීම වැලක්වීමටයි (ධනවාදයක් වීම වැලක්වීමටයි ) දානයේ අගය වර්ණනා කලේ එමෙන්ම බෙදා දීමේ අගය පෙන්වන්නටයි.

    මා සල්ලි ටිකක් එකතු කර ගත් විට හොඳ ගෙයක් දොරක් යාන වාහන ඇති විට ලොකු ලොකු මිත්‍රයෙන් ඇති විට, දේශපාලන බලය ඇති විට මා තරම් ලොක්කෙක් නෑ මා කියන දේ තමයි හරියට හරි යන්නයි ධනවාදය. ලංකාවේ ධනවතුන් ඇති වූයේ කොහොමද කියල ඔබ දන්නවනේ කුමාරි ජයවර්ධනගේ සොක්කෝ ලොක්කෝ වීම පොතේ තිබෙන පරිදි. පසුව මේ සොක්කෝ ලොකු ලොකු තියරි ගෙනාපු හැටි අගමැතිලා වූ හැටි පසුව ඔවුන් විසින් සුද්දන් විසින් දෙන ලද ඉන්දීය දෙමල ජනයාගේ ඡන්ද අයිතිය නැති කළ හැටි. සුද්දන්ට ලී බඩු වෙළඳාමෙන් දියුණු වූ හේවාවිතාරණ පවුලේ කෙනෙකු වූ අනගාරික ධර්මපාල ගෙනා මූලධර්ම විද්වත් අදහස් ලෙස විමර්ශනයෙන් තොරව දේශපාලන වාසි තකා යොදා ගැනීම

    ඒ වගේමයි සමාජවාදයත්. එයත් බලය ලැබුනු පසු තමන් කියන කරන දේ පමණක් හරි යයි කියන ක්‍රමයක්.
    ඒ දෙකම නොවන ක්‍රමද එසේමය.

    කාලයක් ධනවාදය පැතුරුවේ අසිපතෙන් හා කුරුසයෙන්, මත් ද්‍රව්‍යවලින්, පසුව බැංකුවෙන්,

    දැන් එල්ලෙන්න වැලක් නැතුව මනෝ පුබ්බංගමා ධම්මා හි එල්ලෙන්න හදනවා කියලයි මගෙ නොතේරුම් කමට තේරෙන්නෙ.

    ඇයි වොරන් බෆට් හා බිල් ගේට්ස් වැනි අය බිලියන් ගනන් පුණ්යාධාර දෙන්නේ. (සමහරුන් නම් කියන්නේ ටැක්ස් වලින් බේරෙන්න කියලයි)

    ධනවාදී ක්‍රමය මගින් මුදල් අපට දුන්නේ වැඩවසම් ක්‍රමයෙන් නිදහස් වන්නටයි. ඒ අර්ථයෙන් මා මුදලට ධනයට ආසා කරමි.
    නමුත් සිදු වී ඇත්තේ අප එක තැන පල්වීමයි. ධනය ගැන උදම් අනමින් සිටීමයි.

    ලෝකයේ භාගයක් හාමතේ සිටින අතර අප අත ඇති මුදල් ගැන ආඩම්බරවෙමින් අප ඒ මුදල් සෙවූ විදිය සාධාරණීකරනය කරමින් න්‍යායන් හදමින් සිටීමයි අප කරමින් සිටින්නේ.

    ශ්‍රමය හා තාක්ශනය ගැන

    ශ්‍රමයේ මුදල් අගය පහලට වැටී නෑ.

    උදා ලෙස තාක්ශනය යොදාගත්තාට අමෙරිකාවේ ජෙනරල් මෝටර්ස් හි සාමාන්‍ය සේවකයෙක් ලංකාවේ එවැනි සේවකයන් සියයක දෙසියයක පඩි ලබනවා. ශ්‍රමය පාලනය කිරීමට පහසු වී ඇතිවා පමණි. ධනවාදය විසින් මිනිසාගේ අගය පහලට දමන්නට හැදුවාට එය කරන්න පුලුවන් දෙයක් නොවෙයි කියලයි මගේ දැනුමේ හැටියට මට තේරෙන්නෙ.

    • arunishapiro said, on ඔක්තෝබර් 10, 2012 at 11:54 ප.ව.

      dayal bathee,

      මම ලියන ඒවා තමන්ට ඕනෑ විදියට වෙනස් කරගෙන කියෙව්වට මට කරන්න දෙයක් නම් නැහැ. මම විරුද්ධ බෙදා දෙනවාට නෙමෙයි. ඔයාගේ කැමැත්තට අනුව ඔයාගේ සේරම දේපල වුනත් බෙදා දෙන්න ඕනෑ කෙනෙකුට මගේ කිසිම විරුද්ධතාවයක් නැහැ!!!!

      මම විරුද්ධ අනිත් අය මගේ දේපල බෙදා දෙන්න එන එකටයි 🙂

      //ධනය සර්පයෙකියි දෙසූ බුදුන්// කොහේ ද මෙහෙම සඳහන් වෙන්නේ?

      සිත පෙරටුකරගෙන නැතිව බුද්ධ ධර්මය ඉගෙන ගන්නේ කෙසේද?!!!! සිත පෙරටු කර නොගෙන භාණ්ඩ සහ සේවා හුවමාරු කරගන්නේ කොහොම ද?!!! හිත පාවිච්චියට නොගෙන කරන නිසා වෙන්නැති රට හැමදාම ණය වෙලා ඉන්නෙ!!!!

      දීඝ නිකායේ සිඟාලෝවාද සුත්ත කියවා තියෙනවා ද? ස්වාමියා සහ සේවකයා කොටස හොයාගෙන ආයෙත් කියවන්න.

      දයාල් බතී ධනවාදය කියලා කාගේ දෝ වැරදි මතියක් අල්ලාගෙන. ධනවාදය කියන්නේ ධනය එකතු කර එය බලයක් වීම නෙමෙයි. ධනවාදය කියන්නේ පුද්ගලික අය සතු පුද්ගලික දේපල වලින් පුද්ගලික භාණ්ඩ හා සේවා සඳහා හුවමාරු කරගන්නා නිදහස් ආර්ථික ක්‍රමයක්. ධනය එකතු වී එය බලයක් වෙලා තියෙන්නෙ ලංකාව වගේ රටවල් වල. ධනවාදය තියෙන රටක ධනයට එහෙම බලයක් වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

      • dayal bathee said, on ඔක්තෝබර් 11, 2012 at 2:22 පෙ.ව.

        //ධනය සර්පයෙකියි දෙසූ බුදුන්// කොහේ ද මෙහෙම සඳහන් වෙන්නේ?//

        //ධනය සර්පයෙකියි දෙසූ බුදුන්// කොහේ ද මෙහෙම සඳහන් වෙන්නේ?

        http://www.buddhapadipa.org/dhamma-corner/a-farmer/
        A Farmer

        Translated by Dhammacaro

        It was said that once upon a time, there was a farmer who had a farm not far from Savatthi city. One day, a group of thieves had gone into the city and stole a big sack of money from a wealthy family. While fleeing, the thief who was responsible for carrying the sack of money had thought of a cunning plan to cheat his friends out of their equal share and had taken some money out of the sack and had placed a handful of it into another smaller bag and had hidden it in this particular farmer’s field. The thief had thought that he would come back to collect the bag after he had met up with his friends to split what he had left in the sack.

        That morning, the Buddha had already foreseen the events that would occur and also the deadly consequences it was to have on the farmer and so, with Ananda (one of his attendants) had set out early that morning to help the farmer. When the farmer had seen the Buddha, he dually paid his respects, before carrying on with his work. The Buddha had not said anything to the farmer in regards to the incidents he had foreseen, but before leaving, he had pointed at the bag of money that was lying on the ground and said to Ananda, “Ananda, do you see a poisonous snake?” in which Ananda replied, “Yes sir, I do”.

        In hearing this remark, the farmer was astonished. He himself had been working in the fields since the early hours and yet, he had not seen any snakes. And so taking with him a stick as a weapon, he had walked over to the spot where the Buddha had pointed and there behold, he saw the bag of money. In wanting to hide it within his field, he quickly covered it up with soil before carrying on working.

        At the same time, back in town, the wealthy man had reported the robbery to the officials who had begun their search for the thieves. After a thorough search, they indeed came across the bag of money buried in the farmer’s field and therefore, had the farmer under arrest and sent to court to be sentenced to death by the order of the King. The farmer was traumatized and did not know what to do. Fearing for his death, the farmer had told the story of how he had come across the bag of money and the conversation that had taken place between the Buddha and Ananda – “Ananda, do you see a poisonous snake? Yes sir, I do.”

        In hearing this, the executioners doubted his story and so reported it to the King. The King therefore called the farmer for further interrogation and took him to see the Buddha so that he may verify the story. At the end of which, the Buddha became a vital witness to the farmer; an alibi that saved him from execution.

        After the trial, the King said to the Buddha, “Lord Buddha, if you had not been the witness for the farmer, and offered him an alibi, he would definitely not have escaped death. The Buddha had replied, “Your majesty, the moral of this case, is to beware of actions. I always express in my teachings to people to beware of thy actions; that action which will lead to suffering, should be avoided, while on the other hand, those actions which will lead to no suffering, should be done.

        The farmer, in hearing these words, had contemplated on his own actions. The fact that he had canceled the bag of money by covering it up with soil has lead to his conviction. He became to understand the law of “Causes and Effects” and thus made a promise to himself that he would never act in the same way again.

        This story teaches us not to let greed consume us in our lives. We should instead learn to realize that certain things are improper or wrong and if we do it, it may lead to suffering sometime in the future. If one is careful of all actions in the present, one will be free from the hands of evil. In English there is a saying, “See a penny, pick it up, all day long, you’ll have good luck.” After reading this story, it may give us some idea; when we see something on the floor, we should not naively think, “Lucky me”, because if we did, then we may turn ourselves into a thief and become just like the farmer in the story.

        • arunishapiro said, on ඔක්තෝබර් 11, 2012 at 9:24 පෙ.ව.

          dayal bathee,

          තම වෙහෙසෙන්, තම කාලයෙන්, තම මුදල් වැය කර උපයා ගන්නක් නොව හොරුන් දමා යන මුදල් මල්ලක් නොහොත් අනුන් ගෙන් ලැබිච්ච දෙයක් නේද දයාල් බතී මෙතැන සර්පයා?!!!!!

          තම ක්‍රියාවන් ගැන අවධානයෙන් සිටිය යුතුයි. කෑදරකමට ජීවිතය ගිලගන්න ඉඩ දෙන්න එපා. මිනිසා කෑදර මුදලට විතරක්ම ද? “නිකම් ලැබෙන දෙයක්” දැක “මම වාසනාවන්තයි” කියා හිතුවොත් ඔබ මේ කතන්දරයේ එන ගොවියා මෙන් හොරෙක් ම වන්නේ ය.

  5. Chandi said, on ඔක්තෝබර් 11, 2012 at 5:20 පෙ.ව.

    වැදගත් සටහනක්. ස්තූතියි, නංගී. අදමයි මමත් මතිය ගැන දැන ගත්තේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: