අරුණි ශපීරෝ‍ වෙතින්

මනෝවිද්‍යාවයි නීතියයි දෙකම දන්න කෙනෙක් වුනොත් මොකද වෙන්නෙ?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 18, 2012

පුස්තකාලයේ සිටි කෙල්ලක් වෙතින් කොල්ලෙක් මෙසේ ඇසුවේය: “මම ඔයා ළඟින් වාඩි වෙන්න ද?”

කෙල්ල මහා හයියෙන් බෙරිහන් දුන්නේ මෙසේය: “මට ඕනේ නැහැ ඔයා එක්ක රාත්‍රිය ගෙවන්න!!!!!”

පුස්තකාලයේ සිටි සියළු සිසු සිසුවියන් කොල්ලා දිහා බැලූහ. ඔහු ලැජ්ජාවෙන් රතුවිය.

මිනිත්තු කිහිපයක් ගෙවී ගිය පසු, කෙල්ල කොල්ලා සිටි මේසය අසලට ගියේය. “මම මනෝවිද්‍යාව හදාරන්නෙ. මම දන්නවා පුරුෂයෙක් හිතන්නෙ කොහොම ද කියලා. ඔයාට ලැජ්ජා හිතුනා නේද?”

කොල්ලා මහා හයියෙන් බෙරිහන් දුන්නේ මෙසේය: “ඩොලර් පන්සීයයක් එක රාත්‍රියකට?!!!!! අයියෝ ගණන් වැඩියි!!!!”

පුස්තකාලයේ සිටි සියල්ලන්ම කෙල්ල දිහා විමතියෙන් බැලූහ. කොල්ලා කෙල්ලගේ කනට රහසින් මෙසේ කීවේය: “මම හදාරන්නෙ නීතිය. මම දන්නවා කෙනෙක්ව සාපරාධී (guilty) කරවන්නේ කෙසේ ද කියා.”

*******
ඊ මේලයකින් මෙය එව්වාට මගේ යෙහෙළිය අනෝජාට ස්තූතියි.

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. සොඳුරු සිත said, on ඔක්තෝබර් 18, 2012 at 8:03 පෙ.ව.

    අක්කා………..
    පිටු ගණන් ලියල හිතට කාවද්දන්න බැරි දෙයක් පුංචි කතාවකින් කියා දීල තියෙන හැටි හරිම අපූරුයි.

  2. wicharaka විචාරක said, on ඔක්තෝබර් 18, 2012 at 8:17 පෙ.ව.

    මට පෙනෙන්නේ අරුණි මනෝ විද්‍යාවයි නීතියයි දෙකම දන්නවා. නමුත් ඒ බව පෙන්වන්නේ නැහැ. පුංචි කතා ලියන්න දන්නවා නමුත් ලියන්නේ නැහැ.

  3. emailkavikaari said, on ඔක්තෝබර් 18, 2012 at 8:18 පෙ.ව.

    හරි සරලයි!

  4. Shanthi Chandrasekera said, on ඔක්තෝබර් 18, 2012 at 9:22 පෙ.ව.

    Matath hithenne Aruni mano vidiyawai neethiyai dekama dannawa ewagema sahiththiyath, ekai lassanata punchi katha hith adaganna vidihata liyanne Thanks Aruni,

  5. දූපත් වැසියා said, on ඔක්තෝබර් 18, 2012 at 9:41 පෙ.ව.

    කාලාන්තරයකට ඉස්සර කෙල්ලෙක් මගෙන් ඇහුවා නොවැ “මම ඔයා ලගින් වාඩි වෙන්නද” කියල. “ශික්”,, කොහේද, ඒ වගක් දැනන් හිටිය නම්, අපරාදේ…
    කමක් නෑ. පසුබට නොවෙමි. මෙවර මා කෙල්ලෙක්ගෙන් අසමි. ඔය කියපු විදියට “හා, වාඩි වෙන්න” කීවොත්, වැඩේ හරි නේද??

  6. සුදත් said, on ඔක්තෝබර් 18, 2012 at 10:40 පෙ.ව.

    මනෝ විද්‍යාවයි නීතියයි දෙකම දැනගත්තත් එකෙක්වත් පුස්තකාලය ඇතුළෙ කෑගහන්න හොඳ නැති බව දන්නෙ නෑනෙ.

  7. ravi said, on ඔක්තෝබර් 18, 2012 at 12:54 ප.ව.

    මනෝ විද්‍යාව සහ නීතියට අදාල නොවන නමුත් යම් තරමකින් මීට සමාන කතාවක්…

    ඔන්න මැදිවියේ යුවලක් ගියා වාර්ෂික නිවාඩුව ගත කරන්ට පිටරටකට.

    බබලතා හෝටල් කාමරේට ගිය ගමන් මහන්සියි කියල නිදාගත්ත.

    පුරුස තෙමේ වහාම ඇඳ පැලඳගෙන එලියට බැස්ස.

    හෝටලේ ලොබියෙ ඉන්නව ඕන හැටිය අර ජාතියෙ කෙල්ලො…..

    මිනිහ එක්කෙනෙකුට ලංවෙලා ඇහුව මෙහෙම…

    ” කීයද? ”

    ” ඩොලර් පණහයි.!”

    ” අපෝ වැඩියි! ”

    ” කීයද එහෙනම් ඔහේ කියන්නෙ?” කෙල්ල ඇහුව.

    ” විස්සක් දෙන්නම්.”

    ” විස්සක්?… මේ මගෙං කුණුහරුප අහගන්ට එපා…”‘ කෙල්ල කෑගැහුවා

    එතනින් වැඩේ අහවරයි…මිනිහත් කාමරේට ඇවිදිල්ල නිදාගත්ත.

    හවස් අතේ බිරිඳ එක්කලම මිනිහ පාතට බැස්ස.

    අර කෙල්ල මේ දෙන්න දැකල ආව ළඟට,

    බිරිඳගෙ ඉස්මුදුනෙ ඉඳල දෙපතුල් දක්වා දෙතුන් පාරක් බලල කිව්ව මෙහෙම.

    ” හ්ම්ම්ම්ම්…..ඩොලර් විස්සට ඔහෙට ඉතිං මීට වඩා හොඳ එකක් නම් හොයාගන්ට ලැබෙන එකක් නෑ තමයි…”

  8. Alchemiya said, on ඔක්තෝබර් 18, 2012 at 3:30 ප.ව.

    අපි දෙන්නම ඉන්නෙ එකම ඊමේල් නූලක දෙපැත්තෙ… මටත් ඔය ඊය ම ආවා ඊයෙ…

  9. දේශකයා said, on ඔක්තෝබර් 18, 2012 at 10:39 ප.ව.

    මී අඹයයි. රස බොහොමයි. ස්තුතියි අනෝජටත්

  10. R.p. Susantha said, on ඔක්තෝබර් 18, 2012 at 11:21 ප.ව.

    බුදු අම්මෝ!!!! අපේ අවසානෙ තමයි. ලංකාවේ පොලීසිය වගේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: