අරුණි ශපීරෝ‍ වෙතින්

සැන්ඩි පිළිගන්නට අපි දෙන්නා ලැහැස්තියි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 27, 2012

සැන්ඩි සැර බාල වෙලාලු. ඒත් නෝර්ත් කැරලයිනා වලින් උඩට එද්දී උණුසුම් මුහුද නිසා ආයෙත් සැර වැඩිවෙන්නත් පුළුවන්ලු. සැන්ඩි අපිට විහිළු කරනවා, ඉතින් අපිත් ගිය පාර වගේ හෝටලේකට නොගිහින් මෙදා සැරේ ගෙදරම ඉඳගෙන සැන්ඩිට විහිළු කරන්න හිතුව. බටහිර පැත්තෙන් එන හේමන්ත සුළඟක් නිසා හිම වැටෙන්න තියන ඉඩත්, සඳුදා පසළොස්වක පෝය දවසක් නිසා නැගෙනහිර මූදේ කැළඹීම වැඩිවෙලා අපණ්ණ කුණාටුවක් (perfect storm) හැදේවි යැයි කාලගුණ අනාවැකිය.

අද (සෙනසුරාදා) උදේ එළියට ගියාම හරියට ලංකාවේ කන්ද උඩරට දේශගුණය වගෙයි. ආර්ද්‍රතාව (humidity) 87% ක්. උණුසුම් දූපත් සුළඟ ලුණු රහ ගෙනෙමින් හිමින් හමා යනවා. තාම වැස්ස පටන් අරගෙන නැහැ. ඒත් අහස වැහි වළාකුළු වලින් පිරිලා අළු පාටයි.

සැන්ඩි වලින් ගංවතුර ගැලුවොත්, දවස් කිහිපයක් ගෙදෙට්ට වෙලා ඉන්න වුනොත්, අපි දෙන්නට කන්න ගෙනාපු කඩචෝරු තමයි උඩ පින්තූරේ. අඟහරුවාදා වෙනකම් අත නොතියා ඉන්න එක තමයි හපන්කම.

මේ ඊයේ පින්තූර. බලමු අඟහරුවාදා පහුවෙද්දී පරිසරය වෙනස් වෙලා තියේවි ද කියලා.

උයන්න, සීතකරණය හා ලයිට් සඳහා පොඩි ජෙනරේටරයක් තියෙනවා. අයිෆෝන් එක චාර්ජ් කරගත්තම ඒක හොට් ස්පොට් කරගත හැකියි. ඉතින් කේබල් නැත්නම් අයිෆෝන් වලින් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි බැටරි වලින් වැඩකරන රේඩියෝවත් අමතක කරන්නෙ නැහැ. ව්‍යවසනයක දී ජෙනරේටර් මිල සෑහෙන්න ඉහළ යද්දී සැලසුම්කාරයෙක් පාලන මිලක් ගෙනාපු ගමන් ඒවා හොයාගන්න තවත් අමාරු වෙනවා. ඉතින් කළින් අරගෙන තියාගත්තම ලාබයි. පාවිච්චි කරන්න සිද්ධ වුනේ නැත්නම් වැඩියෙන්ම ලාබයි කියන්නෙ වෙනත් අලාබ වෙලා නැති නිසානේ!!!!

අපි ඉන්න ගෙදර මුහුදු මට්ටමනේ අඩි හතරක් විතර උඩින්. ඉතින් ගෙදර ඉන්නම බැරි තරමට වතුර පිරුනොත් අපි ගරාජ් එකට දාගත්තු රුවල් නැව හබල් ගාමින් පිටවෙලා යන්න හිතාගෙන ඉන්නෙ!!!!

මේ ලියන අස්සෙ වොෂිංටනයට වදින ඊ ළඟ ව්‍යසනය කුමක් දැයි කියලා සුදු අප්පුහාමි ඇවිත් මගෙන් අහනවා. සැන්ඩි ද? ඔබාමා ද? රොම්නි ද?!!!!! 😀

Advertisements

30 Responses

Subscribe to comments with RSS.

  1. Alchemiya said, on ඔක්තෝබර් 27, 2012 at 10:07 පෙ.ව.

    සැන්ඩිගෙ සැර සැන්ඩි වෙලා වදීවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඊලඟට වොෂිංටන් වලට වදින ව්‍යසනය කුමක් වුනත් ලොකු වෙනසක් නැතිවෙයි…. ඩුපොන්ට් එකෙත් විද්‍යාඥයෝ බර ගානකට රැකියා නැති වෙලාලු… මගේ අංශය නම් ඔය පැත්තේ එන්න එන්නම කඩා වැටෙනවා… ආයෙම ඔය පැත්තට එන්න වෙන්නෙ ඉතිං නිවාඩුවකට තමයි…
    කොහොම වුනත් පරිස්සමින් ඉන්න.. ඒ වගේම නුවණැත්තා හැම දේටම සූදානම් වෙලයි ඉන්නෙ….

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2012 at 10:17 පෙ.ව.

      Alchemiya,

      වැඩේ මේකයි මල්ලි, සැන්ඩි සැන්ඩි වෙන්නෙ හේමන්ත කුණාටුව සහ පුරහඳ එක්කලානේ … ඉතින් සැර අඩුවෙනවා වෙනුවට වැඩිවෙනවාලු.

      සැන්ඩි ව්‍යසනයක් හැටියට වොෂිංටන් වලට මුලින් ම වැදුනට අනිත් දෙකෙන් එකකට වඩා අඩුවෙන් අලාභ වෙයි ද?!!!!!!

  2. Kevin Perera (@PereraKevin) said, on ඔක්තෝබර් 27, 2012 at 10:40 පෙ.ව.

    අපොයි සැන්ඩි දැන් මේ පැත්තට හැරිලා. ඔයාල බේරෙයි අපි අහුවෙන්නයි යන්නේ. කැමරාවේ වර්ගය හා මොඩලය කියන්න පුලුවන්ද අරුණි පින්තූර වලට මම කැමතියි. මේ පාර කළු සිකුරාදාට කැමරාවක් ගන්නයි ඉන්නේ.

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2012 at 10:44 පෙ.ව.

      Kevin Perera,

      මෙහෙට වඩා සෙනඟ වැඩි නිසා ඔයාලට නම් කරදර වැඩිවේවි.

      මට තියෙන්නෙ අර මරියා ශරපෝවා ටෙනිස් ස්කර්ට් එක අස්සෙ තියාගෙන ඉන්න ජාතියේ පුංචි කැමරාව: Canon powershot S95

  3. Gold fish said, on ඔක්තෝබර් 27, 2012 at 11:03 පෙ.ව.

    //ඉතින් ගෙදර ඉන්නම බැරි තරමට වතුර පිරුනොත් අපි ගරාජ් එකට දාගත්තු රුවල් නැව හබල් ගාමින් පිටවෙලා යන්න හිතාගෙන ඉන්නෙ!!!! ///මේ ටිකට ම හෙන ආසයි…

    අක්කාගේ මේ පෝස්ට් එක ලියලා තියෙන විදිය නම් මාර ලස්සනයි….!!!!

  4. Shanthi Chandrasekera said, on ඔක්තෝබර් 27, 2012 at 11:14 පෙ.ව.

    apitath hima kunatu enawalu ehema unoth tikak amarui lokumade genath thiyena kaama parissam kara ganna ekai chuti putha ekka mama ada keewa moka hari loku deyak unoth apita pirimahala kanna awruddaka kama thiyenawa keewa eth eyata pudumai mama pennuwa hal,parippu, lankawen genawa umbalakada, karawela welapu kos ata, thawa welapu dewal welagaththa pan dannam mama ewa ganne katlet hadanna ganna piti thawaruma vidihata . issra kale gamwela minisun loku niyagayak ho gun wathurak awama . jeewath une welapu kaama welin kiya kiya dunna, ithin hithanawa obata karadarayak nowewa kiya . nuwanaththa pera sudanam wenawalu anathuren berenna obath esemai oba vitharak nowei oba anuwada bera ganna uthsaha ganna bawakui penne,anith karane OBama. ho Romeni awa kiya ehi loku wenasak wennathi wi. Thanks Aruni. Photo lassanai.

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2012 at 11:52 පෙ.ව.

      Shanthi,

      ශාන්ති ලියා තියෙන කරෝල පරිප්පු වගේ අපේ කල්තබා ගතහැකි ආහාර ගැන කියවා ගෙන යද්දී මේ කාරණය මතක් වුනා. මිට් රොම්නිගේ ආගම මෝර්මන්. ඒ ආගම අදහන අය වසරක පාවිච්චිය සඳහා අවශ්‍ය දේවල් පිරුණු ගබඩා කාමරයක් ගෙදර නිතර තියාගෙන ඉන්න අය. මෝර්මන් ආගම ගැන ගොඩක් කරුණු සොයාගෙන තියෙන්නෙ, රොම්නි ජනාධිපති වුවහොත් ඒ ගැන ලියන්න. ඔව්, ඔබාමා රොම්නි කියා වැඩි වෙනසක් නැතිවේවි කියා චන්දෙ දාන බහුතරය දන්නවා.

      • මිස්ටර් හයිඩ් said, on ඔක්තෝබර් 28, 2012 at 3:58 පෙ.ව.

        //ඒ ආගම අදහන අය වසරක පාවිච්චිය සඳහා අවශ්‍ය දේවල් පිරුණු ගබඩා කාමරයක් ගෙදර නිතර තියාගෙන ඉන්න අය//.

        රොම්නි ලොක්කා නං ඉතින් අවුරුද්දකට විතරක් නෙවෙයි ආත්ම ගාණකට සෑහෙන්ඩ වත්කමක් තියෙන කෙනෙක්නේ

  5. ravi said, on ඔක්තෝබර් 27, 2012 at 1:28 ප.ව.

    / අපි ඉන්න ගෙදර මුහුදු මට්ටමනේ අඩි හතරක් විතර උඩින්. ඉතින් ගෙදර ඉන්නම බැරි තරමට වතුර පිරුනොත් අපි ගරාජ් එකට දාගත්තු රුවල් නැව හබල් ගාමින් පිටවෙලා යන්න හිතාගෙන ඉන්නෙ!!!! /

    Like noah’s Ark, eh??? Hope it won’t come to that 🙂

    / මේ ලියන අස්සෙ වොෂිංටනයට වදින ඊ ළඟ ව්‍යසනය කුමක් දැයි කියලා සුදු අප්පුහාමි ඇවිත් මගෙන් අහනවා. සැන්ඩි ද? ඔබාමා ද? රොම්නි ද?!!!!! /

    Sandy may go away harmlessly after all but you won’t have even that faint hope with the other two, one of them will definitely hit not only Washington but whole of U.S. Come 6th of November.. 🙂

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2012 at 6:46 ප.ව.

      ravi,

      තාම හිමින් හිමින් වැඩිවන හුළං විතරයි. රෑ වෙද්දී වැස්ස පටන් ගන්නවාලු.

      ඔව් දරුණුම ව්‍යසනය වූ කත්‍රීනා වලිනුත් බිලියන $81 ක හානියක් වෙද්දී ඔබාමාගේ ජාතික ණය ට්‍රිලියන $16 ක්.

  6. wicharaka විචාරක said, on ඔක්තෝබර් 27, 2012 at 1:49 ප.ව.

    හයියෝ………සැන්ඩි කියපු ගමන් මම හිතුවේ ‘ෂැන්ඩි’ ගැන මොකක්හරි රසවත් දෙයක් කියලා 😀 ඔය කඩචෝරු විතරක් කාලා මදි. කඩචෝරු කන ගමන් කන්දෙකෙන් ගින්දර පිටවෙන දෙයක් බොන්න ඕනේ. 😀 😀 😀

    කුණාටුවෙන් කරදරයක් නෑ නේද? එවන් විපත් සිදු නොවේවා !!!!!!!

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2012 at 6:49 ප.ව.

      විචාරක,

      වතුර බෝතල් තමයි බොන්න ගෙනාවේ. පියැවි සිහියෙන් ඉන්න එපායෑ.

      බලමු කොහොම පුදුමයක් ස්වභාව ධර්මයා සැලසුම් කරනවා ද කියල.

  7. ළිහිණි said, on ඔක්තෝබර් 27, 2012 at 2:00 ප.ව.

    සැන්ඩි එන එකක් නෑ ..සැර බාල වෙලා නම් ඔහොම්ම වෙන පාරකින් යාවි…කොහොම උනත් පරිස්සමෙන් ඉන්න එක හොඳයි…අක්කගෙ සූදානම නියමයි…

    /ඔබාමා ද? රොම්නි ද? //

    වැඩි වෙනසක් නැති වේවී…දෙන්නම එකයි වගේ.. 🙂

    • arunishapiro said, on ඔක්තෝබර් 27, 2012 at 6:52 ප.ව.

      ළිහිණි,

      බලමු නංගි. අර කඩචෝරු වලට අත නොතියා ඉන්න එක තමයි දැන් අමාරුම වැඩේ!!!!!

      ඒකනෙ … මෙහෙ අයයි ලෝකෙ හැමෝමයි දන්නවා දෙන්නා ගෙන් කොයි එක්කෙනා ආවත් වැඩි වෙනසක් නැහැයි කියල.

  8. R.p. Susantha said, on ඔක්තෝබර් 27, 2012 at 11:22 ප.ව.

    ඔබ සුරක්ෂිතයිනේ. එහෙනම් හොදම වැඩේ සැන්ඩි රසවිඳින එක තමයි. ජය වේවා!!

  9. praveena said, on ඔක්තෝබර් 27, 2012 at 11:25 ප.ව.

    මට නම් පේන්නෙම අර කඩචෝරු ටික. කොච්චර අහක බැලුවත් ඇස් යන්නේ එතනටමයි. සැන්ඩිලා ඕන ගානකට මූන දෙන්ට බැරියෑ ඔහොම කන්ට තියනවානම්.

    ගරාජ් එකේ ඔය තියෙන්නේ රුවල් නැවක්ද?
    අර දෙන්නටම වඩා සැන්ඩි හොඳයි වගේ… 😀

    • arunishapiro said, on ඔක්තෝබර් 28, 2012 at 9:23 පෙ.ව.

      praveena,

      කඩචෝරු කතාවට ඔයා එක්ක සුදු අප්පුහාමි එකඟයි.

      ඔව්, රුවල් නැවක් තමා. ඒත් පුංචි එන්ජින් එකකුත් තියෙනවා. හබල් දෙකකුත් තියෙනවා.

      අපොයි ඔව් ඒ දෙන්නට ම වඩා නම් සැන්ඩි හොඳයි!!!

  10. Buwa said, on ඔක්තෝබර් 28, 2012 at 12:03 පෙ.ව.

    // අයිෆෝන් එක චාර්ජ් කරගත්තම ඒක හොට් ස්පොට් කරගත හැකියි. ඉතින් කේබල් නැත්නම් අයිෆෝන් වලින් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි බැටරි වලින් වැඩකරන රේඩියෝවත් අමතක කරන්නෙ නැහැ//

    අපිට නම් ඉතින් ෆෝන් එක තිබුනාම ඇති , අමුතුවෙන් බැට්‍රි දාන රේඩියෝ ඕනි නෑ 😛

    //මේ ලියන අස්සෙ වොෂිංටනයට වදින ඊ ළඟ ව්‍යසනය කුමක් දැයි කියලා සුදු අප්පුහාමි ඇවිත් මගෙන් අහනවා. සැන්ඩි ද? ඔබාමා ද? රොම්නි ද? //

    රොමිනි කඩා වදිනවා නම් වැඩිය හොඳයි වෙයි – අහන්න එපා ඇයි එහෙම කියන්නෙ කියලා තනිකරම ගට් ෆීලින් එකක්

    • arunishapiro said, on ඔක්තෝබර් 28, 2012 at 9:28 පෙ.ව.

      Buwa,

      හැම් රේඩියෝවක් තියෙන අසල්වැසියෙක් ද ඉන්නවා අනිත් ඔක්කොම නැතිවුනොත්. 😀

      චන්දෙ දාන likely අය ගැන polls කියන්නෙ රොම්නි කඩා වදින බව තමයි. එහෙම නැති අය ගැන මොකට polls කරනවා ද කියල හිතාගන්න බැරුව ඉන්නෙ!!!

  11. Kenji @ Japan said, on ඔක්තෝබර් 28, 2012 at 3:40 පෙ.ව.

    මිලියන 60 ක ජනතාවට “සැන්ඩි”ගෙන් අනතුරක් නැත.ඔබ මා ට 06-11-2012 දින ඔබගේ වටිනා X ගසන්න.අවුරුද්ද පූරා පරණ කර ගත්තේ නැති කෑම නැතිඋනාට හොද පසුකම් ලැබෙයි කියල හිතෙනවා.මීට් මහත්තය කතාකරද්දී මතක් වෙන්නෙම,මහින්ද මහත්තයව ධිවර ඇමති කරපු වෙලාවේ කතා කරපු විදියයි,මුහුණයි.

    • arunishapiro said, on ඔක්තෝබර් 28, 2012 at 9:29 පෙ.ව.

      Kenji @ Japan,

      මේ අඩවියේ ලියූ දේවල් කියෙව්වට ඒවා නිකම් ඔහේ කියවනවාට කියවන අයට තමයි මගේ චන්දය ඔබාමාටවත් රොම්නිටවත් ලැබෙන්නෙ නැහැයි කියල දකින්න බැරි.

  12. සාබිත් said, on ඔක්තෝබර් 28, 2012 at 3:53 පෙ.ව.

    love the boat 🙂 and it will be obama again!

  13. දුමී said, on ඔක්තෝබර් 28, 2012 at 3:59 පෙ.ව.

    පරිස්සමෙන් අරුණි. අරුණිටත් සුදු අප්පොටත් කිසිම හිරිහැරයක් සිදු නොවේවා…..!

    (ප.ලි : කුණාටුවෙන් සහ චන්දෙන් යන දෙකෙන්ම.)

  14. රාජ් said, on ඔක්තෝබර් 28, 2012 at 7:11 පෙ.ව.

    තරමක අවදානමක් අරගෙන ගෙදර ඉන්න ඒකෙත් පොඩි ගතියක් තියනව. (නිකං ස්පාඤ්ඤ ගොන්පොර තරගයකට යනව වගේ) “නැගෙනහිර මූදේ කැළඹීම වැඩිවෙලා අපණ්ණ කුණාටුවක් (perfect storm) හැදේවි යැයි කාලගුණ අනාවැකිය”
    අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඕක කිව්වනං බයවෙන්න දෙයක් ඇත්තෙම නෑ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: