අරුණි ශපීරෝ‍ වෙතින්

දවසකටත් කළින් සැන්ඩි එන මඟ මෙසේ දක්වයි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 28, 2012

අනාවැකි කියලා වැරදුනාට කමක් නැහැ. බහුතරයට මතක හිටින්නේ හරි ගිය එකම එක අනවැකිය පමණයි.

මූද ළඟ තියෙන ජනප්‍රිය පොප්කෝර්න් කඩේ වසා දමා ඇත්තෙ යුගයේ අවසානය එන නිසා යැයි සඳහන් කරලා තිබ්බා. මේ පැත්තෙ කඩ බොහොමයක් වැහිලා ඔබාමාගේ ආර්ථික සැලසුම් නිසා. ඉතින් ඔය අනාවැකිය සැන්ඩි ගැන නෙමෙයි ද මන්දා?!!!!!

මැඩෝනා නිව් ඕර්ලියන්ස් වල සිංදු කියන්න ගිහින් රසික රසිකාවියන්ට ඔබාමාට චන්දෙ දෙන්න කිව්වාම ඔවුන් සිංදුත් අහන්නෙ නැතිව පිටවෙලා ගියාලු!!!! ඇමෙරිකානුවන් ගැන පුදුම ආඩම්බරයක් දැනුනා හිටි හැටියේම!!!!

වැස්ස තවම පොද විතරයි. (පූසෝ බල්ලෝ -මෙහෙ කියන විදියට) බල්ලො පූසෝ වැටෙන කම් බලාගෙන ඉන්නෙ. හිතට හරියන බල්ලෙක් වැටුනොත් තියාගන්නවා තියාගන්නවාමයි. 😀

සුළං එන්න එන්නම වැඩිවෙනවා. සීතලත් ටිකක් වැඩියි. ගංවතුර ද? හිම වරුසාවක් ඇද වැටෙයි ද? තාම හැතැප්ම 400 කට වඩා දුරකින් සැන්ඩි ඉන්නෙ.

හිටිහැටියේ සටහන් නැවතුනොත් බයවෙන්න එපා. අපි දෙන්නා කොහේ හරි ඉහළ තැනකට ගිහින්, හරි ද?!!!!

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. Buwa said, on ඔක්තෝබර් 28, 2012 at 9:38 ප.ව.

    දෙන්නටම සැන්ඩිගෙන් කරදරයක් නොවෙවා කියල ප්‍රාර්ථනා කරනවා

  2. budditha said, on ඔක්තෝබර් 28, 2012 at 10:16 ප.ව.

    අරුණි අක්කේ කරදරයක් වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා!!! අපිට ඔයාගේ බ්ලොග් එක දිගටම ඕනේ!

  3. Kenji @ Japan said, on ඔක්තෝබර් 28, 2012 at 10:19 ප.ව.

    ඇත්තටම දැන්වත් ටිකක් දුරට ගියොත් හොද නැද්ද?ඔබ දන්නවනේ සැන්ඩිල එක තප්පරෙන් වෙනස්වන බව.

  4. ravi said, on ඔක්තෝබර් 29, 2012 at 12:34 පෙ.ව.

    මැඩෝනට වෙච්චි දේ කරගත්තු තව හුඟක් අය ඉන්නවා. තමන්ගෙ දක්ෂතාවය නිසා ඇතිවෙච්චි ජනප්‍රියත්වය යොදාගෙන දේශපාලන තීරණවලට බලපෑම් කරන්න පුලුවන්ය කියල හිතන අය එදත් හිටිය, අදත් ඉන්නව, හෙටත් ඉඳීවි.හැබැයි ලංකාව ගත්තම නම් ඒ කතාව සම්පූර්ණ ඇත්ත. උපේක්ෂා,සනත් පාර්ලිමේන්තු යන්නෙ අනර්කලී පළත් සභා යන්නෙ අන්න ඒ පසුගාමී මානසිකත්වය නිසයි.

    ඔය තමන්ගෙ ජනප්‍රියත්වය දඩමීමා කරගෙන දේශපාලන බලාපොරොත්තු ඉෂ්ඨ කරගන්ට පුලුවන්ය කියල හිතන්නෙ ඔය වගෙ තරු විතරක් නෙවෙයි. රටේ බුද්ධිමය සාරය තමන්ය කියල සියතින්ම ඔටුණු පැළඳගෙන ඉන්න කට්ටියත් මේ බොහොම මෑත අතීතයෙ තමන්ට සමාජයෙ තිබුනු සිවිල් බලය පාවිච්ච් කරල අපේ දේශපාලන තීරණ ගැනීමේ අයිතියට බලපෑම් කරන්න ආව කඩේ යෑමේ එක් අංගයක් විදිහට. මේ ඊයෙ පෙරේදා මාස තුනකද කොහෙද මහා වැඩ වර්ජනයක් කලේ ඒ කට්ටිය තමයි 🙂

    ප.අ. – ලොක්කා මොකෝ මේ කොරන්නෙ හැබෑට?….සැන්ඩි එද්දි කෙලින් ඉන්න පුරුදු වෙනවද?…ඉස්කෝලෙ යද්දි බස් එකේ පොල්ල අතෑරල නොවැටී ඉන්න උත්සාහ කරපු සෙල්ලම මතක් උනා…හෙහ්, හෙහ්, දවසක් එක පාරට බෙරෙක් පාරක් ගහල මම විසිවෙල ගිහිල්ල වැටුනෙ ගෑණු ළමයෙක්ගෙ දෙපතුල ගාව…විලි ලැජ්ජාවයි කියන්නෙ අරුණි, මම රතු වෙච්චි රතු විල්ල තිබුන දවස් දෙකක් විතර… 🙂

    එහෙත් ප්‍රත්‍යාවලෝකනයේදි ඒ ඉදිරි ජීවිතයට මනා පෙර හුරුවකැයි මට සිතේ 🙂

    • arunishapiro said, on ඔක්තෝබර් 29, 2012 at 9:08 පෙ.ව.

      ravi,

      2009 දී සෑහෙන්න අනාගත්තෙ ඔබාමාට චන්දෙ දෙන්න කියපු ඕප්රා වින්ෆ්‍රි. එයාගෙ රසික රසිකාවියන් අතර බහුතරයක් සිටියේ සුදු කාන්තාවන්. ඔවුන් අකමැති වුනා ඕප්රා දේශපාලන පැත්තක් ගත්තාට. දැන් එයාගෙ ජනප්‍රියත්වය අන්තිමට බැහැල.

      මෙන්න බරාක්ට චන්දය දෙන්න යැයි කියන ජනප්‍රිය අයගේ ලැයිස්තුව.

      මාත් // බස් එකේ පොල්ල අතෑරල නොවැටී ඉන්න උත්සාහ කරපු සෙල්ලම // කැම්පස් යන කාලේ දී ත් කරගෙන ගියානේ!!!! අපි ගිය බස්වල සෙනඟ වැඩි නිසා වෙන්නැති වැටුනේ නම් නැහැ. සැබැවින්ම //ප්‍රත්‍යාවලෝකනයේදි ඒ ඉදිරි ජීවිතයට මනා පෙර හුරුවකැයි // මාත් සිතනවා 😀

  5. Gold fish said, on ඔක්තෝබර් 29, 2012 at 2:30 පෙ.ව.

    අමුතු අත්දැකීමක් විඳින්න ලෑස්ති වෙන හැටි…!!!!

  6. රාජ් said, on ඔක්තෝබර් 29, 2012 at 3:46 පෙ.ව.

    “මැඩෝනා නිව් ඕර්ලියන්ස් වල සිංදු කියන්න ගිහින් රසික රසිකාවියන්ට ඔබාමාට චන්දෙ දෙන්න කිව්වාම ඔවුන් සිංදුත් අහන්නෙ නැතිව පිටවෙලා ගියාලු!!!”
    එහෙම බැලුවම ලංකාව කොච්චර හොඳද! මාලනීල ජැක්සන් ඇන්තනීල අනර්කලීල (අරුණි දන්නවද දන්නෑ) මහින්දට ඡන්දය දෙන්න කිව්වම මිනිස්සු අහනව 🙂
    පූසො බල්ලො නොවැටේවා කියල ප්‍රාර්තනා කරනව.

    ඩේවිඩ් මහත්තය ඇයි කුණාටුව කියල නම්කරල තියෙන්නෙ? 🙂 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: