අරුණි ශපීරෝ‍ වෙතින්

නොවැරදීම ජයගන්න කිට්කැට් කන්න

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 28, 2012

බ්ලොග් සටහනකට දාන්න පින්තූරයක් ගන්න කියල ගෙනාපු කඩචෝරු ඇරියලු!!!

ඒක හරියට තණකොළ කපන්න කිතුලට ගිය කතාව වගේමලු!!!!

තණකොල කපන අයෙක් කිතුල් ගහක රා මුට්ටියත් දැකලා දෑකැත්තත් එක්කම කිතුල් ගහට නැඟලා රා බිව්වාලු.

ගහෙන් බහින කොට කිතුල අයිතිකාරයා ගහ යටලු.

“මොනව ද උඹ කළේ?”

“මම මේ තණකොල ටිකක් කපන්ඩ කිතුලට ගියා.”

“කිතුල් ගහේ කොහෙන්ද යකෝ තණකොල?”

“නැති හින්ද නේන්නම් මේ බහින්නෙ.” -ප්‍රස්තාව පිරුළු, පී. ඇම්. සේනාරත්න (2011)

****

“ඇයි මේ කිට්කැට් ඇරියේ?”

“බ්ලොග් එකට දාන්න හොඳ පින්තූරයක් ගත්තෑකි.”

“බ්ලොග් ලියන්නෙ මමනෙ, ඔයා නෙවෙයිනෙ.”

“චොක්ලට් කන්නෙ මමනෙ, ඔයා නෙවෙයිනෙ.”

මේක හතරබීරි කතාවක් කියලා නොදැම්මෙ දෙන්නෙක් විතරක් අතර සිද්ධ වෙච්ච නිසා!!! 😀

****

ඩෙලවෙයාර් ප්‍රාන්ත ආණ්ඩුකාරයා ඊයේ නියෝගයක් නිකුත් කළා මුහුදට සැතපුමකට අඩුවෙන් ළඟින් ඉන්න අයට අද හවස 8 වෙද්දී ඉවත් වී යන්න කියා. අපි එච්චර ළඟින් නැහැ!!! ඉවත් වී යද්දි යා යුතු පාරවල් මොනවා දැයි රේඩියෝවෙන් සහ රූපවාහිනියෙන් කියනවා. සවස 8 න් පස්සෙ පාරවල් වල යන්න පුළුවන් විශේෂ අවසරය ඇති අයට විතරයි. අපිට විශේෂ අවසරයක් තියෙනවා, ඒත් දැනට යන්න තැනක් නෑ!!! දැන් හදිසි නීතිය ක්‍රියාත්මකයි.

දැනටමත් මුහුද අයිනේ තියන Route 1 පාරේ කොටසක් වතුරට යටවෙලා. ඒ අද උදේ 5 ට ආපු වඩදිය එක්ක මඟ එන සැන්ඩි නිසා මුහුදු වතුර වැඩිවෙච්ච නිසාලු. දැන් මේ පැත්තට එන්න එපා යැයි ද නිවේදන නිකුත් වෙනවා. සඳුදා පාසැල් වහලා. රැකවරණ ස්ථාන පටන් ගත්තු පාසැල් කිහිපයක නම් විටින් විට කියනවා ඇහුණ. ඒවායේ ආහාර වේල් තුනක් සැපයෙන අතර ජලනල හා විදුලි බල පහසුකම් තියෙනවා. ඒ හැරෙන්නට වෛද්‍ය පහසුකම් වෙනුවෙන් ද විශේෂ ස්ථානයක් විවෘතව තියෙනවා. සාමාන්‍යයෙන් හදිසියක දී මෙහෙ කතා කරන්නේ 911 වලට. සැන්ඩි සම්බන්ධයෙන් කතා කළ යුත්තෙ 211 ට.

කිට්කැට් කාලා සතුටින් ඉන්න හැටි!!!!


ජපානයේ කිට්කැට් ජනප්‍රියතාවයට හේතුව මේ වෙළඳනාමය ජපන් “kitto katsu” හා ළඟින් යන නිසාලු. ඔයා ජය ගනීවි යැයි බලාපොරොත්තු වෙනවා යන අර්ථයක් ගෙනෙන වගන්තිය විභාග කාලයේ දී සිසු සිසුවියන් එකිනෙකාට කියාගන්නක්. ජපානයේ අලෙවි කරපු කිට්කැට් චෙරි පොහොට්ටු රසයෙන් හෝ ග්‍රීන් ටී රසයෙන් පිළිගන්වපු නිසාම නෙමෙයිලු. විභාග කාලයට ජපානයේ සෑහෙන්න කිට්කැට් අලෙවිය වැඩි වෙනවාලු. යටිහිතේ කිට්කැට් එකක් කෑවාම විභාගය ඉහළින් පාස් වෙනවාය කියන හැඟීමක් ඇතුල් වෙලා තියන නිසා. සමහර දේවල් වැඩියෙන් අලෙවි වෙන්නෙ දැන්වීම්කරුවන්ගේ දක්ෂතාවය නිසාම නෙමෙයි!!!!

ඉන්දියාවේ ග්‍රාන්ඩ් ෆ්‍රී සෙබැස්ටියන් වෙට්ල් ජයගත්තා. මෙහෙ වැස්ස හෙමිහිට පටන්ගත්තා. ඇමෙරිකන් ෆුට්බෝල් නරඹමින් වතුර කොතරම් ඉහළට නඟීවි දැයි විපරමින් ඉන්න මම මේකත් හදාගෙන ලෑස්තියි. අද හවස 5 ට අයෙත් වඩදිය. එළිවෙනකම් ඇහැරගෙන ඉන්න වෙයි වගේ. ඩෙලවෙයාර් හි දී, කිට්කැට් වලට වඩා වැඩියෙන් නොවැරදීම ජයගන්න popcorn වලට හැකි වේවි ද?!!!!!


Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. emailkavikaari said, on ඔක්තෝබර් 28, 2012 at 11:27 පෙ.ව.

    චන්දෙ ගැනත් වාක්‍යක් හරි ලිව්වනං තමා හොඳ

  2. ravi said, on ඔක්තෝබර් 28, 2012 at 1:06 ප.ව.

    කිතුල් ගහේ කතාවට සමාන තව කතාවක්…

    මේක ටිකක් විතර ආදි කාලෙ සිද්ද වෙච්චි එකක්ලු. එක ගොවියෙකුට තමන්ගෙ මායිය ගැන ආවලු පොඩි සැකයක්..දවසක් රෑට බත් මුලක් එහෙමත් බැඳගෙන පැලට යන්නා වගෙ ගිහිල්ල නිස්සබ්දව ආපහු ගෙදර ආවලු.

    කඩුල්ල පනින කොටම දැක්කලු දනි පනි ගාල කවුද ඇඳ යටට රිංගනව…මිනිහ ගෙට ඇතුලු වෙච්චි ගමම්ම නැමිල බැලුවලු ඇඳ යට…

    ” දෙයියෝම සාක්කි…මේං බලාපල්ලකො ආරච්චි මහත්තය ඇඳ යට…මොකද ආරච්චි මහත්තයො මේ දෙගොඩ හරියෙ මගෙ ඇඳ යට කොරන්නෙ? ”

    මිනිහ ඇහුවලු …බෝම තරහින්..

    ආරච්චි මහත්තය ආවලු ඇඳ යටිං එළියට…මකුලු දැල් එහෙම පිහදාල කාරිය රවල බැලුවලු මිනිහ දිහාවෙ…

    ” හුහ්, මට යකෝ, මගෙ වැයික්කියෙ ඕනම තැනක ඉන්ට පුළුවන් රෑ දවාලක කියල වෙනසක් නැතුව…අන්න ඒක දැන ගනිං උඹ…ඒක ඇවිල්ල එංගලංතෙ මහ රජ්ජුරුවො මට පොරදානය කරපු බලයක්…උඹ කවුද ඒක ගැන පුරස්න කොරන්ට…මහ රජ්ජුරුවංගෙ බලතල ගැන හැක පහල කොරාය කියන්නෙ කිරිමෙල් වරදක්…මට ඕනනං උඹව දහ අට මාසෙකට හිරේ යැව්වෑකි. ඒත් උඹ ගැන අනුකම්පා කරල මම මේ වතාවට උඹව අතාරිනව දඩයක් ගහල…හ්ම්ම්ම්..දඩේ සිලිං පහයි…හෙට උදේම මයෙ කංතෝරුවට වරෙං සල්ලිත් ඇන්න තේරුනාද?…මම යනව ”

    එහෙම කියල ආරච්චි මහත්තය බොහොම ගාම්බීර ගමනින් යන්ට ගියාලු.අර මනුස්සය මේ හදිස්සියෙ සිළිං පහක් හොයන විදිහ කල්පනා කරකර ඒ ඇඳේම ඉඳගත්තලු….

    **********************************

    Heh, heh…..Sudu Appuhami’s very contented smile reminds me of some one….. Aah, got it….it’s from Alice in Wonderland……want to make a guess? 🙂

  3. wicharaka විචාරක said, on ඔක්තෝබර් 28, 2012 at 1:06 ප.ව.

    ඒ කියන්නේ සුදු අප්පුහාමි කිට් කැට් මරුවෙක්? 😀 😀 😀 නියම කොල්ලෙක් කියලා මම කිව්වා කියන්න.
    බාගෙට පිස්සුද තවත් වතුර වැඩි වෙනතුරු බලා ඉන්නේ. පැන යන්න වාහන සුදානම්ද? යන තැනක් හිතට එයි එලියට බැස්සට පස්සේ. මෙහෙ වගේ ගේ අතැරලා දාලා ආපහු ඇවිත් බලනකොට ගෙදරට සුද්දයක් දාලා තියන එකක් නැහැ නේද?

  4. Shanthi Chandrasekera said, on ඔක්තෝබර් 28, 2012 at 5:13 ප.ව.

    niyamaikathawa meheth kiyanawa wadakaraddi a dan kit kat welawai kiya e kiyanne podi rest ekak ganna eka ewelawata oya kit kat ekak kala tea or coffee bonawa dannam hungak adui mokada kattiyaanga mahawei kiyala nikamma tea bonawa. . ow wathura wadi wenakam inna epa honde Thanks Aruni oyage lipiyata,

  5. රාජ් said, on ඔක්තෝබර් 29, 2012 at 10:03 පෙ.ව.

    බෝට්ටුව සූදානම් කරගෙන ඉන්න කොයිකට‍ත්‍‍.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: