අරුණි ශපීරෝ‍ වෙතින්

ඇල් ගෝර් කොහෙ ගිහින් ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 29, 2012

දැන් නම් බාල්දි පුරවලා වතුර ගහනවා වගේ වැස්ස තදයි. මැදියම් රූ එනවා කිව්වට සැන්ඩි ටිකක් ඉක්මන් වෙලා. හරහට හමන සුළඟ කෙළින් හිටගන්න බැරි තරම් සැරයි.

අපි ඉන්න ගේ හදපු ඉංජිනේරුවෝ වැඩේ හරියට කරලා තියෙන එක ගැන නම් දැනෙන්නේ ලොකු සතුටක්. කොහෙන් වත් වතුර පොදක් වත් ඇතුලට ඇවිත් නෑ තවම. දිය අගලත් වැඩි ඉහළකට ගියේ නෑ දවස පුරාම.

සැන්ඩි අපිව පහුකරලා යනකම් අද රෑට ඇහැරගෙන ඉන්න වේවි වගේ. දැන් කළුවර වැටිලා. ගොඩක් අයට විදුලි බලය නැතිවෙලාලු. අපිට නම් තාම කරදරයක් නැහැ.

දවස් දෙක තුනක් නොකඩවා ස්වභාවික ව්‍යසනයක් ගැන වාර්තා ඇහුණත් කිසිම නායකයෙක් මෙදා පාර නම් ගෝලීය උණුසුමක් ගැන කතා කරනවා ඇහුනේ නැහැ. දියවෙන අයිස් කුට්ටි ගැන කතාවෙනවා ඇහුනේ නැහැ. ‘ඇල් niño’ ගැන කියනවා ඇහුනෙත් නැහැ.

කෝ ඇල් ගෝර් කොහෙ ගිහින් ද?

කවුරුත් මෙය ෆොසීල ඉන්ධන පුච්චන එක වැඩි නිසා ආපු දෙයක් යැයි කතාවුනේ නැහැ. සමහර විට 1900 ගණන් වලත් චණ්ඩ මාරුත තිබිච්ච බව මතක් වෙලා ද? නැත්නම් මේ මාතෘකාවත් තව කාලයක් ඇදගෙන යන්න බැරි තරමට පට්ට ගහපු නිසා ද?

වෙනදා නම් ව්‍යසනයක් කියද්දී ඒ නිසා ආර්ථිකයට තල්ලුවක් ලැබෙනවා යැයි පට්ට ගහන මුලාවන් එක එක අය අතින් කියැවුනා. මේ සැරේ ඒකත් කිසිවෙක් කතාබහට ගත්තෙ නැහැ. කැඩුණු ජනේලයේ මුලාව දැන් වැටහී ඇති නිසා ද?

චන්දෙට තව සතියයි. ඇමෙරිකන් චන්ද වලට සහභාගී වන සංඛ්‍යාව මෙදා පාර වෙනදාටත් වඩා අඩුවේවි ද?

Advertisements

30 Responses

Subscribe to comments with RSS.

  1. kasunmathota said, on ඔක්තෝබර් 29, 2012 at 7:11 ප.ව.

    Sandigen karadarayak wenna epa …

  2. තිසර said, on ඔක්තෝබර් 29, 2012 at 9:33 ප.ව.

    මේ වගේ දේ ස්වාභාවික දේවල් තමයි බොහෝ වෙලාවට. නමුත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වලින් ස්වාභාවික පරිසර රටාවට සැලකියයුතු හානියක් වෙනවා කියන එක බැහැර කරන්න බැහැ. ඒත් ඉතින් ලෝකේ කොයි කාලෙත් මේ වගේ විපත් තිබ්බා කියනවනේ….

    මේ ශපීරෝ නෝනා සෙල්ලං දානවද? වැටිලා අතක්පයක් කඩාගන්නෙ නැතුව ගෙදරට වෙලා අර එකතුකරගත්ත චොකලට් කකා හිටියානම් හොඳයි නේද? වෙන මොනවත්ම වුනේ නැතත් හුලඟේ ගහගෙන යන්න බැරි නෑ කියලා හිතුනා. 😀

    • arunishapiro said, on ඔක්තෝබර් 30, 2012 at 8:49 පෙ.ව.

      තිසර,

      //නමුත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වලින් ස්වාභාවික පරිසර රටාවට සැලකියයුතු හානියක් වෙනවා කියන එක බැහැර කරන්න බැහැ. ඒත් ඉතින් ලෝකේ කොයි කාලෙත් මේ වගේ විපත් තිබ්බා කියනවනේ….// ඔව් මිනිස්සු බිහිවෙන්නත් කළින් මහාද්වීප වෙනස් වෙලා පරිසරයත් වෙනස් වුනා කියන එකත් බැහැර කරන්න බැහැනේ.

      ස්වභාව ධර්මය කියන්නෙ බය වෙලා අයිනක් ගහලා ඉන්න ඕනා දෙයක් නෙමෙයිනේ. අවදානම දැනුවත් වෙලා සතුටු වෙන්න හැකියි!!!

  3. අටම්පහුර said, on ඔක්තෝබර් 29, 2012 at 9:33 ප.ව.

    කුණාටුව හිතපු තරම් සැර නැ වගේ

    • arunishapiro said, on ඔක්තෝබර් 30, 2012 at 8:52 පෙ.ව.

      අටම්පහුර,

      අපි ඉන්න හරියේ අලුත් නිවාස හදලා තියෙන්නෙ පරිසරය සැලකිල්ලට ගෙන. අපේ නිවාස අතර මැදින් වතුර ගලන්න දිය අගල් සහ වතුරට බහින තෙක් රැඳී ඉන්න ලොකු පොකුණු හදලා තියෙනවා. වතුරට යන්න හදලා තිබිච්ච තැන්වලට වතුර ගිය නිසා ගෙවල් ඇතුලට වතුර ආවේ නැහැ.

      මුහුද අයිනේ පාරවල් මුහුදු වැල්ලෙන් පිරිලා. තාම ඒ නිසා පාරවල් වහලා ඒවා අස්කරන තෙක්.

  4. Kenji @ Japan said, on ඔක්තෝබර් 29, 2012 at 9:34 ප.ව.

    ඔය මුහුදද?තාම බලු පැට්ටෙක් කඩ වැටුනේ නැතය?මෙච්චර කරදර අවස්ථාවකත් අපට විස්තර සැපයුම ගැන ස්තුතියි!සුදු අප්පුහාමි KIT KAT ටික කාල ඉවරද?

    • arunishapiro said, on ඔක්තෝබර් 30, 2012 at 8:54 පෙ.ව.

      Kenji @ Japan,

      මේ මුහුදෙන් මෙහා පැත්තෙ තියන ඩෙලවෙයාර් බොක්කෙ අගිස්සක්. බලු පැටියෙක් වැටෙයි වැටෙයි කියලා බලාගෙන හිටියා, පොල් ගෙඩි වැටුණා විතරයිනේ 😀 නෑ කිට්කැට් ගොඩක් ඉතුරුයි, බ්‍රහස්පතින්දාට candy ඉල්ලාගෙන එන දරුවන්ට බෙදලා දෙන්න පුළුවන්.

  5. wicharaka විචාරක said, on ඔක්තෝබර් 29, 2012 at 10:07 ප.ව.

    සිදුවී ඇති හානිය පිලිබඳ ගොඩක් විස්තර අල් ජසීරාවෙන් දැක්කා. යාපනය හරහා යන කුණාටුවෙන් නම් හානියක් නැති පාටයි. ඔබට කරදරයක් නැහැ නේද? ඔබාමාට ගහන ආකාරයේ පෝස්ටරයක් මෙහෙ ගැහුවොත් මොකක් වෙයිද කියලා හිතුනා. පෝස්ටර් නැතුවම ගහන එක තමයි හොඳ කියලා මම හිතන්නේ. කුනාටු බිය පහවන තුරු පරෙස්සමෙන් ඉන්න.

    • arunishapiro said, on ඔක්තෝබර් 30, 2012 at 8:57 පෙ.ව.

      විචාරක,

      කිසිම කරදරයක් නැහැ. දැන් ඔක්කොම මේ පැත්තෙ සංසුන්.

      //ඔබාමාට ගහන ආකාරයේ පෝස්ටරයක් මෙහෙ ගැහුවොත් මොකක් වෙයිද කියලා හිතුනා.// මේක මුහුද අයිනේ කඩකාරයෙක් සැන්ඩිගේ සුළං වලින් තමන්ගෙ ජනේල බේරාගන්න ගහපු ලෑලි වල ලියපු එකක්. නිදහස් ප්‍රකාශයට තියන අයිතියේ අගය කියන්නම තමයි දැම්මේ.

  6. දේශකයා said, on ඔක්තෝබර් 29, 2012 at 11:33 ප.ව.

    සැන්ඩි වෙලාම යන්ට කියලා කියන එක තමා වටින්නේ. ඒ කියන්නේ සැර බාල වෙලා.

  7. Maathalan said, on ඔක්තෝබර් 29, 2012 at 11:37 ප.ව.

    තාම හරියට ආවේ නෑ කියල නේද කියන්නේ… මම හිතන හැටියට චන්දෙ කල් යන්නත් පුළුවන් වගේ…

    • arunishapiro said, on ඔක්තෝබර් 30, 2012 at 9:07 පෙ.ව.

      Maathalan,

      සැන්ඩි ඇවිත් ගියා. ඇමෙරිකන් ඉතිහාසයේ දැනට ජනාධිපති මැතිවරණයක් කල් දාලා නැහැ. ඊට කොංග්‍රසයේ අනුමැතිය හා ප්‍රාන්ත අනුමැතිය අවශ්‍යයයි. මෙය ජනාධිපතිවරණයට බලපාන බව සැකයක් නැහැ. ඒත් දැනට ඒ ගැන නම් කතාබහක් පටන් ගෙන නැහැ.

  8. Padhmakumara said, on ඔක්තෝබර් 30, 2012 at 2:14 පෙ.ව.

    Hope you safe and well

  9. මැණික් said, on ඔක්තෝබර් 30, 2012 at 4:14 පෙ.ව.

    මෙහේ News වලින් නම් කියන්නෙ සැන්ඩි ටිකක් දරුණුයි කියල. පරිස්සමින්.
    මැණික්

    • arunishapiro said, on ඔක්තෝබර් 30, 2012 at 9:13 පෙ.ව.

      මැණික්,

      සැන්ඩි සෑහෙන සංඛ්‍යාවකට කරදර කරලා. මිලියන හතක ජනතාවකට දැන් විදුලි බලය නැහැල්ලු. ඒත් 1900 දී ඊසාන දිග වෙරළබඩට ආපු චණ්ඩ මාරුතයකින් 8,000 ක් මිය ගිය බව එක සසඳද්දී මිලියන 60 ජනකායක් වැඩිවෙලා සිටිය දී අද අලාභ වැඩි වුනත් මිනිස් ජීවිත හානිය අවමයි කියන්න පුලුවන්.

  10. budditha said, on ඔක්තෝබර් 30, 2012 at 7:57 පෙ.ව.

    ඇමරිකාවට වගේම ලංකාවෙත් ඊයේ අද දෙකේම අනතුරු අඟවලා තියෙන්නේ 29-30.. මෙහෙට එන්නේ ඊලාම්, මට ඒ නම ඇහුනාම සැන්ඩි වගේද ඊලාම් කියල හිතුනා! lol

  11. emailkavikaari said, on ඔක්තෝබර් 30, 2012 at 8:40 පෙ.ව.

    අක්කා ඉන්න පලාතට කරදරයක් නැතිව ඇති කියා හිතනවා NY වලට නං අලාබයි කියල දැක්ක

    • arunishapiro said, on ඔක්තෝබර් 30, 2012 at 9:16 පෙ.ව.

      emailkavikaari,

      අපි ඉන්න පැත්තට කරදර එතරම් නැහැ. මුහුද අයිනේ පාරවල් වැහිලා යන්න ආපු වැලි අයින් කරන තෙක් ඉන්නයි වෙන්නෙ. නිව් යෝර්ක් නගරයට සහ නිව් ජර්සි ප්‍රාන්තයේ මුහුදුබඩ නගරවලට සෑහෙන්න අලාබයි.

  12. Shanthi Chandrasekera said, on ඔක්තෝබර් 30, 2012 at 10:47 පෙ.ව.

    Obatath, anith siyaludenatath kisima karadarayak nowewa!!!!!!!!!!!!! obage dahiriya ha anunta udaw karanna yanna ona kiyana sithivilla age kota salakami.

  13. තිසර said, on නොවැම්බර් 1, 2012 at 1:04 පෙ.ව.

    අරුණි ශපීරෝ කොහෙ ගිහින් ද?

    සැන්ඩි වලින් කරදරයක් නැතිබව තමයි කලින් කියවිලා තියෙන්නේ… ඒත් දිනපතාම වගේ ලිපි පලවෙන අඩවිය නිස්සබ්ද මොකද කියලා බැලුවේ… කරදරයක් නැතුව ඇති කියලා හිතනවා…

  14. wicharaka විචාරක said, on නොවැම්බර් 2, 2012 at 8:54 පෙ.ව.

    කරදරයට පත්වූ අයට උදවු කරලා ඉවර වෙලා විස්තර ලියන්න. එතකල් අපි බලාගෙන ඉන්නවා. චන්දෙ දැම්මද? ඒවත් කරන්න එපායැ. කොයි රටේ කාට වුනත් මෙවැනි විපතක් වුනාම උණුවන හදවත් තවමත් ලෝකයේ තිබීම කොච්චර හොඳද?

  15. Chandi said, on නොවැම්බර් 3, 2012 at 1:12 පෙ.ව.

    කෙනෙක්ගෙ විපතකදී උණුවෙන හිත් ඇත්තෝ තවම ලෝකෙ ඉන්නා බව දැක්කහම සතුටක් නංගී. කරදරයක් හෙම නෑ නේද ? ඔයාලට. අපිට නොනවත්වාම වැස්ස මේ ටිකේ. ඉන්දියා ගමන ඔයාලගෙ ආශීර්වාදයෙන්ම හරිම හොඳින් කෙරුනා. ස්තූතියි! සැමටම. වෙලා ඇතිවිටෙක http://chandigesithuviliuyana.wordpress.com/2012/10/31 කියවන්න එන්න.

    • arunishapiro said, on නොවැම්බර් 3, 2012 at 8:48 පෙ.ව.

      Chandi,

      නැහැ අපට කිසි කරදරයක් නැහැ චාන්දි අක්කා. ඉන්දියාවේ තොරතුරු දැක්ක. ගමන සාර්ථකව ඉටුවෙලා තියනවා. ප්‍රතිචාරයක් ලියලා යන්න තරම් විවේකයක් තිබ්බෙ නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: