අරුණි ශපීරෝ‍ වෙතින්

සැන්ඩි ටී ෂර්ට් දැන් වෙළඳපොලේ

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 29, 2012

තාම මුහුද මැද්දෙයි සැන්ඩි චණ්ඩිකම් පෙන්වන්වන්නෙ. ඊයේ පටන් ගත්ත වැස්ස හෙමින් හෙමින් වැඩිවෙලා නැවතිල්ලක් නැතිව ඇද වැටෙනවා. සුළං සැරවෙලා.

ඇමෙරිකාවේ අය ඕනෑම දෙයකට ටී-ෂර්ට් එකක් ගහන්න හපන්නු. ෆුට්බෝල්, බේස්බෝල්, බාස්කට්බෝල් සහ හොකී යනාදී තරඟ වල දී පිල් දෙකම දිනුම් කියලා ගහන ටී-ෂර්ට් සහ කැප් තොප්පි පෙට්ටි වලින් අවසන් තරඟයෙන් පසුව අරින්නෙ දිනපු පැත්තෙ ඒවා විතරයි. පැරදිච්ච පැත්තෙ ඒවා ගොඩාක් කාලයක් යනකම් පුළුස්සලා දාන සිරිතක් ඔවුන් අනුගමනය කළේ. සෑහෙන සංඛ්‍යාවක් විවිධ ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදකයන් අතින් සූදානම් වෙනවා. ඉතින් මෑතක දී සිට ඔවුන් පුළුස්සා දමන එක නවතලා පැරදුන පිල දිනුවයි කියලා ගහපු ටී-ෂර්ට් සහ කැප් තොප්පි යනාදිය World Vision සංවිධානයට තෑගි කරන්නට පටන් ගෙන. ඒ සංවිධානය ස්වභාවික ව්‍යසනයන්ට මුහුණ දුන්නු හා දුප්පත් රටවල ඒවා බෙදා දෙනවා. 2009 දී පැරදිච්ච ඇරිසෝනා කාඩිනල් කණ්ඩායමේ බඩු ගියේ එල් සැල්වදෝරයටලු. 2010 දී කෝල්ට්ස් ලා පැරදුනාම ඒවා ගියේ හයිතියේ භූමි කම්පාවෙන් බැට කාපු අයටලු.

මෙහෙ ස්වභාවික ව්‍යසන වල දී එයින් ගැලවුනා කියල ගහන ටී-ෂර්ට් කැමති මෙහෙ අය ඒවා සල්ලි දීලා අරගෙන අඳින්නේ. සැන්ඩි ව්‍යසනය සඳහා හදපු උඩ පින්තූරේ තියනවා වගේ ටී-ෂර්ට් එකක් ඩොලර් තිහකට විතර අන්තර්ජාලයෙන් මිල දී ගෙන තැපෑලෙන් ගෙන්වා ගන්න පුළුවන්. ගංවතුර ගැලුවොත් නම් ඊ ළඟ දවසේ උදේ බෙදනවා කියන එක නම් බොරු!!!!

මේ ගේ පිටිපස්සෙ ලොකු පොකුණකට හැමදාම ගලන වතුර පාර. මේක යන්නෙ Little Assawoman බොක්කට. ඒක ඔය අනිත් පින්තූරේ තියන සුදු වැලි තීරුවෙන් එහා පැත්තෙ තියන අත්ලාන්තික් මුහුදට ගලන්නෙ. හැබැයි දැන් නම් පේන්නෙ වතුර මුහුදෙන් මේ පැත්තට ගලන හැටියි. හැම තිස්සෙම දකින මාළු බාන සුදු කොක්කු උස ගස්වලට පියාඹලා වෙන්නැති. දකින්න නැහැ. ඊයේ රෑ අන්තිම ෆුට්බෝල් තරඟයත් බලලා අපි නිදාගත්ත. අද උදේ පාන්දරින් නැඟිට්ට ගමන් දුවලා ගිහින් බැලුවේ මේ දිහා. වතුර තාම තණකොල කණ්ඩි පහු කරලා උඩට ඇවිත් නැහැ. ඒත් දැන් වඩදිය පටන්ගෙන. ආයේ හවස වඩදිය එන්න කළින් මේක තව පිරෙනවා මිසක් බහින්නෙ නම් නැතිවේවි. අද දවසේ වැඩි කාලයක් තුල කරන්න මට පැවරිලා තියෙන්නෙ මේ වතුර පාර දිහා බලාගෙන ඉන්නයි!!!!

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. Kenji @ Japan said, on ඔක්තෝබර් 29, 2012 at 10:12 පෙ.ව.

    චීන්නු එච්චර ඉක්මනට ඒකත් ගහලද?

    • arunishapiro said, on ඔක්තෝබර් 29, 2012 at 10:50 පෙ.ව.

      Kenji @ Japan,

      ආර්ථිකය වැඩ කරන හැටි නොදන්න අය හිතන්නෙ ටී-ෂර්ට්, ජාතික කොඩි වගේ දේවල් යම් රටක හැදුවම ලාබ හොයන්නෙ ඒ රට කියල. තමන්ගෙ රටේ හදනවාට වඩා අඩුවෙන් වෙන රටකින් හදවා ගෙන තමන්ගෙ රටේ විකුණලා ලාබ වැඩියෙන් හොයන්න පුළුවන් බව දන්නෙ ආර්ථිකය වැඩ කරන හැටි දන්න අය.

      • Kenji @ Japan said, on ඔක්තෝබර් 29, 2012 at 12:55 ප.ව.

        ඔය කතාව ඔබ ඉපදුන ලංකාවටත් බලපානවද?පන් පැදුරු ,සරුංගල් හදන ලංකාවේ එදා වේල හොයන අයට ලාභය දෙන්නේ ඔබගේ රටේ පුරවැසි බැසිල් ගොයියද?

        • arunishapiro said, on ඔක්තෝබර් 29, 2012 at 1:06 ප.ව.

          Kenji @ Japan,

          යහපත් ආර්ථිකයක් වෙන්නෙ එදා වේල හොයාගෙන කන්න හැදිච්ච ආදී කාලේ ආර්ථිකයක් නෙමෙයි. එහෙම වුනොත් මේ වගේ චණ්ඩ මාරුතයක දී මුළු ආර්ථිකයම කඩා වැටෙනවානේ.

          ලාබය යැයි කියන්නේ කුමක් දැයි දන්නවා නම් එදා වේල හොයන අයට ලාබයක් හොයන්නත් බැරි බව දන්නවා.

          සමාජවාදයට කැමති අය කැමති ම මිනිස්සුන්ව එදා වේල හොයන රජයෙන් ගෙවන අවම පඩියක් නිර්දේශ කරලා වහල්ලු වගේ තියාගන්නයි. ධනවාදී ආර්ථිකයේ එදා වේල හොයන්නෙ එහෙම කැමති අය විතරයි. අනිත් අය කුණාටු කාලයේ සැපෙන් ඉන්න වෙහෙසෙන කාලයේ වෙහෙසිලා ලාබ හොයා ගන්නා අයයි.

  2. wicharaka විචාරක said, on ඔක්තෝබර් 29, 2012 at 10:41 පෙ.ව.

    දැන්නම් සැන්ඩි ගේ සැර ටිකක් බාල වෙලා කියලයි මම අල් ජසීරා එකේ දැක්කේ. එහෙමම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න මෙහාටත් අද රෑ 2 විතර වෙනකොට එනවලු කුණාටුවක්. බොහෝවිට යාපනය හරහා යයිලු. ඒකටනම් නමක් දාලා නැහැ. අද රෑ ඉඳලා පාන් මිල වැඩිවෙලා නිසා ‘පාන්’ කියලා නම දැම්මනම් හොඳයි.

    • arunishapiro said, on ඔක්තෝබර් 29, 2012 at 10:54 පෙ.ව.

      විචාරක,

      මෙහෙ නම් කිව්වෙ මේ දැන් සැර ටිකක් වැඩි වෙලා කියල!!!! හැබැයි අපි ඉන්න හරියෙන් ටිකක් උතුරට ගිහින්.

      පාන් තවත් මිල ඉහළ යයි, දැනට “පාන් 1” කියලා දාන්න වෙයි!!!

  3. Gold fish said, on ඔක්තෝබර් 29, 2012 at 11:09 පෙ.ව.

    අපේ රටේ ටී ෂර්ට් එක පැරදුනත් අඳිනවා දිනුවත් අඳිනවා… උපේක්ෂාව පුරුදු කරලනේ තියෙන්නේ….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: