ලබන වසර කිහිපයේ දී හැමෝගේ ම ධනය අඩුවෙන්නේ කොහොම ද?
ධනවාදය කුරුවල් වෙලා යැයි සතුටින් හුරේ දමනා සමාජවාදීන් හෙට අනිද්දාට හනිකට තමන්ගේ පොකැට්ටු හිස් වෙද්දී, ධනවතාගේ පොකැට්ටුවට වැටෙන ගානත් අඩුවෙලා යැයි විකෘති සතුටකින් කල් ගෙවනු ඇත. වහල් මිනිස් චින්තනය එසේ වෙද්දී නිවහල් මිනිසා තම ප්‍රතිපත්ති වෙනුවෙන් ඉතා ආඩම්බරයෙන් පාඩු විඳ ගන්නට කළින් ම සූදානම් වූ අයෙකි.
බහුතර සමාජය නොදකින්නේ ධනවාදයේ ලේබල් ගසාගෙන සමාජවාදී සැලසුම් ක්‍රියාත්මක කිරීම අලුත් විලාසිතාවක් නොවන බවයි. ධනවාදය අසාර්ථක යැයි හිතන අය අසාර්ථක වී ඇත්තේ සමාජවාදය යයි නොදැක තවමත් අසාර්ථක මාර්ගයට කැමති වෙති.
ලබන වසර කිහිපයේ දී ලෝකයේ හැමෝගේම ධනය අඩුවේ. වඩා පාඩු විඳින්නේ දුප්පතුන්ය. මන්ද කාලාන්තරයක් තිස්සේ මූලධනයක් එකතු කරගත් රටවල් වලට හා ධනවතුන්ට කිසිත් ආයෝජනයක් නොකර අඩු වී යන මූලධනයේ පාඩු විඳ දරාගත හැකියාව ඇත.
ධනවාදය නම් ඒකීය පුද්ගලයන් තම වස්තුව රැස් කරගන්නා ආර්ථික ක්‍රමයයි. දුප්පත් රටවල ඉන්නා අය මේ ක්‍රමය අත්හදා බලනවා වෙනුවට ධනවාදී යැයි ලේබල් ගසා ගත් රටවල් දැන් කරන සමාජවාදී සැලසුම් වල හැමදාම නියැළී සිටියහ.
පාන් ගෙඩියක් ගන්නට හිමිදිරි උදෑසන නැඟිට පෝලිම් වලට එකතු වූ ජනතාවක් සිටි සිරිමාවෝගේ ලංකාවෙන් ආ මම අද වැඩියෙන් කෑවොත් තරබාරු වෙන නිසා පාන්ගෙඩියේ ඉතිරිය විසි කරන සමාජයක සිටිමි.
මෙවැනි සුඛෝපභෝගී සමාජයක් ලැබී ඇත්තේ මන්දැයි එනම් අවම පඩියකින් ජීවත්වෙන්නෙකුට වුවද පාන් ගෙඩියක් ගන්නට පෝලිමේ සිටින්නට සිදු නොවන සමාජයක් ඇත්තේ මන්දැයි විමසූ විට සමාජවාදියා උඩ පැන පැන කියන්නේ තෙවැනි ලෝකයෙන් සූරා කෑ නිසා කියාය.
නූතනයේ ලංකාවේ කම්හල් ශ්‍රමිකයෙකුට වුවත් මධ්‍යයතන යුගයේ රජෙකු ජීවත් වූ මට්ටමකින් ඉන්නට කිව්වොත් වහාම පාරට බැස වර්ජනය කරනු ඇත. මූලධනය සූරා කෑවා නම් එසේ ජීවන මට්ටම ඉහළ ගොස් ඇත්තේ මන්දැයි කියන්නට නොදනී.
පරිගණකයක්, ටෙලිවිෂන් එකක්, සෙල් ෆෝන් එකක් නැති ජීවිතයකට ආපසු යන්නට කැමති කවුද?!!!!
එදා සෙල් ෆෝන් නොතිබි අපිට අද මොන සෙල් ෆෝන් එක ද වඩා හොඳ යැයි වාද කරන්නට හැකියාව ලැබී ඇත!!!!
සමහරු හිතන්නේ එකම ධනයක් ලොව සැරිසරනවා කියාය. එය එක පැත්තකින් අඩු වී තවත් පැත්තක වැඩි වෙනවා කියාය. එහෙත් ලෝකයේ ධනය වැඩි කරගත හැකියාව ඇත්තේ එකම එක මාර්ගයකින් පමණි. එනම් එකතු කරගත් හෝ ණයට ගත් මූලධනය අවදානමක් ගෙන ආයෝජනය කිරීමෙනි.
බටහිර දියුණු රටවල ධන සම්භාරය දුප්පත් රටවල් වලට වඩා වැඩි ඇයි? ශතක ගණනාවක් පුරා මූලධනය එකතුව, ඒවා කැමති පරිදි ආයෝජනයෙන් සිදු වූ කර්මාන්ත හා උපකරණ වැඩි දියුණුව හා නිෂ්පාදනය නිසා තවත් වැඩියෙන් ගොඩ ගැසුණු මූලධනය එකතුව නිසාය.
1963 දී The Economic Role of Savings and Capital Goods ලියන ලුඩ්විග් වොන් මීසස් මෙසේ කියයි.
පඩිය වැඩි කරන්නට නම් ඒ ඒ ශ්‍රමිකයා වෙනුවෙන් වැඩියෙන් මූලධනය ආයෝජනයෙන් මිස කළ හැකි වෙන ක්‍රමයක් නැත. මූලධනය වැඩියෙන් ආයෝජනය කරන එක ක්‍රමයක් නම් ශ්‍රමිකයාට වඩා කාර්යක්ෂම උපකරණ ලබා දීමයි. වඩා හොඳ උපකරණ හා මැෂින් වල ආධාරයෙන් නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන්නටත් නිෂ්පාදනයේ අනගි බව වැඩි කරගන්නටත් හැකියාව ලැබේ. එවිට එක පැයක ශ්‍රමයෙන් නිම කළ දැයට වැඩියෙන් ලාබයක් සොයාගන්නට අයිතිකරුවා සමත් වෙයි. අනිත් අයිතිකරුවන් ද හොඳ ශ්‍රමිකයන් තමන් යටතේ වැඩට ගන්නට වලිකන හෙයින් ශ්‍රමයට වැඩියෙන් පඩි ගෙවීමක් ද සිදුවේ.
වැඩියෙන් නිෂ්පාදනයට අතදෙන ශ්‍රමිකයා වැඩියෙන් පඩි ලබනවා පමණක් නොව, වැඩියෙන් භාණ්ඩ නිෂ්පාදනය වෙද්දී ඒවා ලාබයෙන් ද යුතු වේ. එවිට පාරිභෝගිකයා ද වාසි ලබයි. හැමෝගේ ම ධනය වැඩිවේ.
උදාහරණයක් මෙසේය. Y ඉල්ලුම යටතේ X සැපයුමෙන් A විජට්ටුව නිෂ්පාදනය කරනවා යැයි සිතමු. A විජට්ටු සියයක නිෂ්පාදන වැය ඩොලර් දාහක් යැයි සිතමු. එවිට එකක නිෂ්පාදන වැය ඩොලර් 10 කි. දැන් නිෂ්පාදකයාට අලුත් මැෂිමක් ගැන දැනගන්නට ලැබේ. එයට ආයෝජනය කළහොත් විජට්ටු දෙසියයක් සපයන්නට හැකිය. ඔහු තමාගේ හෝ අනාගතයේ යම් පොරොන්දු වූ දිනයක පොලියක් සමඟ ගෙවන්නට පොරොන්දු වෙන මූලධනයක් ආයෝජනය කරන්නට අවදානමක් ගනියි. විජට්ටු නිෂ්පාදනය දෙගුණයකින් වැඩිවීම නිසා දැන් එකක නිෂ්පාදන වැය ඩොලර් පහකි.
සෑම ආයෝජනයක්ම නිෂ්පාදනයේ ප්‍රමාණය වැඩි කරගන්නට කරනා ආයෝජනයන් නෙවෙයි. එහෙත් සෑම නිෂ්පාදකයෙකුට අවශ්‍ය වෙන්නේ වැඩියෙන් භාණ්ඩ හා අනගි සේවා සපයා වැඩියෙන් ලාබ සොයන්නටය. ඒ නිසා මූලධනයෙන් අවදානමක් ගෙන කරන ආයෝජනය නිසා වැඩියෙන් නිෂ්පාදන බිහි වී, වැඩියෙන් පඩි තීරණය වී අඩු මිලෙන් භාණ්ඩ වෙළඳපොලට ඉදිරිපත් වෙයි. මෙය ධනවාදයයි.
ජෝර්ජ් රීස්මන් Capitalism (1990) යන පොතේ තවත් ආකාරයක් මෙසේ සඳහන් කරයි.
ඉල්ලුමේ වෙනසක් නොමැති කල, දෙගුණයකින් නිෂ්පාදනය වැඩි වීම නිසා භාණ්ඩයේ මිල භාගයකින් අඩු වී, පඩියේ වැඩිවීමක් සිද්ධ නොවී එහෙත් පාරිභෝගිකයාට මිල දී ගන්නා බලය දෙගුණයකින් වැඩි වී යයි.
එසේම ඔහු මෙසේ ද කියයි.
ශ්‍රමිකයාගේ නිෂ්පාදන හැකියාව පඩිය තීරණය කරන්නයි. ශ්‍රමිකයාගේ නිෂ්පාදන හැකියාව වැඩි කරන්නට හැක්කේ මිනිස් මොළයට හැකි පමණින් ශ්‍රමිකයා භාවිතා කරන උපකරණ දියුණු කිරීමෙනි. ඒවා දියුණු කරන්නට නම් මූලධනයක් ආයෝජනයක් අත්‍යාවශ්‍යය වෙයි.
ඇමෙරිකාව උපන් දා සිට අද දක්වා රටේ වස්තුව වැඩි වූයේ නිෂ්පාදනය පිණිස මූලධනයක් ආයෝජනය කරන්නට අවදානමක් ගත් අය මේ රටේ වැඩියෙන් සිටි නිසයි. ඒවරි දූපතෙන් ලැබෙන ටැබැස්කෝ සෝස් ව්‍යාපාරය මෙන් වසර සිය ගණනක් පුරා මූලධනය තම ව්‍යාපාරයේ දියුණුවට යොදවන ලද අය සිටියහ. එවැනි දිගු කාලයක් තිස්සේ සාර්ථකත්වයෙන් තවමත් දුවන ව්‍යාපාර ලෝකයේ වැඩියෙන් ම ඇති රට ඇමෙරිකාවයි. ඇමෙරිකාවට ඒ හැකියාව ලැබුනේ කාගෙන්වත් කොල්ලා කා ගත් නිසා නොව යම් පුද්ගලයෙක් තමන්ගේ හෝ ණයට ගත් මූලධනය ආයෝජනයට අවදානමක් ගත් කල රජය මැදිහත් වී ප්‍රතිපත්ති වෙනස් නොකළ නිසාය.
මූලධනය ආයෝජනය ආණ්ඩුවකට කරත හැකි දෙයක් නොවේ. වෙළඳපොල යනු අයෙකු හෝ පිරිසක් හසුරැවන්න දන්නා කෘතිම පද්ධතියක් නොවේ. මූලධනය එකතුව, මුදලක් ගෙවා භාණ්ඩයක් මිල දී ගැනීම සහ ආයෝජනය යනු වෙළඳපොල ගණුදෙනු වල දී මිනිස් කැමැත්ත අනුව ස්වභාවයෙන් සිද්ධ වෙන්නකි. එය සමාජයේ වාසය කරන හැමෝම තම තම කැමැත්ත අනුව සිද්ධ කරන මිනිස් ක්‍රියාවලියකි. එය කුමන භාණ්ඩයකට දැයි, කුමන සේවාවකට දැයි, කොතරම් ප්‍රමාණයක් දැයි, කොතරම් මිලකට දැයි, යනාදී වශයෙන් තීරණ කරන්නට ආණ්ඩුවක් ගන්නා හැම පියවරක දී ම වෙළඳපොල ස්වභාවික ක්‍රියාවලිය බිඳ වැටේ.
නිදහස් වෙළඳපොලක දී අයෙක් බේගල් කියා නොව බේගල් හදා ධනවත් වෙයි. අයෙක් නරක් වී යන කෙසෙල් විකුණා ධනවතෙක් වෙයි. අයෙක් කුණු වලින් ධනවතෙක් වෙයි. අයෙක් තම සහෝදරියට සුවයක් ගෙනෙන්නට විජට්ටුවක් නිපදවා ධනවතෙක් වෙයි. ඔවුන් රටේ සැබෑ ආර්ථික නායකයන්ය. ඔවුන් කතා පවත්වා, රිබන් පටි කපා, රටේ ආර්ථිකය නඟාලනවා යැයි පොරොන්දු දී අනුන්ගේ ධනය ආයෝජනය කරන අය නොව තමන් ණයට ගත් හෝ තමන් එකතු කරගත් මූලධනයක් ආයෝජනය කර ලාබයක් සොයන්නට අවදානමක් ගන්නා අයයි.
ඔවුන් දිනුවොත් ජයගන්නේ හැමෝම. ඔවුන් පැරදුනොත් පාඩු විඳින්නේ ඔවුන් පමණි.
රටේ නායකයා ආර්ථික නායකයෙක් වෙන්න ගිහින් අනිවාර්යෙන් ම පැරදුනාම පාඩු සිද්ධ වෙන්නේ හැමෝටම.
මෝටර් රේස් වලට බදු සහන ලැබෙන සේ සහ සිල්ලර බඩු වලට වැට් බදු එකතු කරන වැනි ආර්ථික සැලසුම් වෙළඳපොල ස්වභාවික ක්‍රියාවලිය බිඳ දමන්නකි. එහි දී මූලධනය එකතුවක් සිද්ධ නොවේ. ආණ්ඩුව විසින් එක පැත්තක ඇති සල්ලි තවත් පැත්තකට තල්ලු කරනවා පමණි. ආණ්ඩුවට හේත්තු වී ඉන්නා බඩ තඩි මුදලාලිලා වෙළඳපොල හසුරුවන ඇඟිලි ගැසීම් වල දී රජයේ අභිප්‍රායන් හා අනුමැතියන් කළින් දන්නා හෙයින් මහජන බදු මුදලින් තම පසුම්බි තර කරගනිති. අනතුරුව එකතු කරගත් ඒ මූලධනය වෙළඳපොලෙන් ලාබ ලබාගත හැකි වෙන රටක ආයෝජනය කරති. එවිට මූලධනය තව තවත් එකතු වෙන්නේ නිදහස් වෙළඳපොල ඇති සමාජයේය. ධනවාදයට බනින වාමාංශිකයන් කොල්ලා කන්නේ තමන්ගේ ජනතාවය. ඒ කොල්ලා කාපු ධනය කැමැත්තෙන් එවන්නේ කොල්ලා කනවා යැයි කියා අවලාද කියනා අය වෙතටම ය. ආර්ථිකය හසුරැවන්නට නිතර ඇඟිලි ගැසීම අසාර්ථක නිසා මූලධනය එකතුවක ආයෝජනයෙන් ලාබයක් උපයන්නට හැක්කේ එසේ ඇඟිලි ගැසීම් අඩුවෙන්ම ඇති ආර්ථිකයේ දී ය. එවැනි ආර්ථකයන් ලොවේ අඩුවෙද්දී සියල්ලන් ම දුප්පතුන් වෙති.
දැන් මෙහෙත් ආර්ථික නායකයෙක් රටේ නායකයෙක් වී ඇති බැවින් හෙට අනිද්දා ඇමෙරිකාවේ ආර්ථිකය තවත් හැකිළෙන විට ලෝකයේ ම මූලධනය ආයෝජනය වීම අඩුවීම නිසා මූලධනය එකතුවීම ද අඩුවෙනු ඇත. කාලාන්තරයක් තිස්සේ ගොඩ ගසා ගත් මූලධනය එකතුවක් ඇති රටක වැසියන්ට එය ආයෝජනය නොකර වසර කිහිපයක් පාඩු විඳ දරා ගත හැකියාවක් තිබේ.
අපට තවත් කාලයක් යනතුරු බාගයක් කා පාන්ගෙඩියේ ඉතිරිය කුණු බක්කියට විසිකළ හැකිය!!!!
ඇමෙරිකාවේ ණය ආධාර වලින් යැපෙනා රටවල් වලට කුමක් වේ ද?
ඇමෙරිකාවේ නිෂ්පාදන වැය ඉහළ යද්දී ආයෝජකයන් නිෂ්පාදනයෙන් ඉවත් වෙද්දී ඇමෙරිකන් ආහාර වලින් බඩ පුරවා ගන්නට බලාගෙන සිටින අයට කුමක් වේ ද?
තමන්ගේ ජනතාවගෙන් කොල්ල කා ඇමෙරිකාවේ ආයෝජනය කරන්නට හිතනා අයට කුමක් වේ ද?!!!!!!
ප්‍රශස්ත යයි කියන ධනවාදී ක්‍රමයක ඉඳල සහනාධාර ක්‍රමයකට යන්න මිනිස්සු පෙළඹෙන්න හේතුව මොකද්ද?
රාජ්,
ආණ්ඩුවක් වුවත් පුද්ගලයෙක් වුවත් ස්වභාවයෙන් කරන්නෙ තම බලය වැඩි කරගන්න උත්සාහයක්.
නිදහස් වෙළඳපොලක දී එහෙම උත්සාහ කරන පුද්ගලයන් ගොඩක් ඉන්න නිසා එක් අයෙකුට වඩා බලයක් ලැබෙන්නෙ නැහැ. මොනොපොලියක් ලැබෙන්නෙ නැහැ.
එහෙත් ආණ්ඩුවක් යනු විපක්ෂය පරදවා බලය අල්ලා ගත්, මොනොපොලියක් ඇත්තක්.
අල්ලා ගත් බලයේ වඩාත් කාලයක් ඉන්න හැකියාව ඇත්තේ තමාට පමණක් කරත හැකි යැයි යම් සුවිශේෂී සේවයක් පෙන්වත හැකි නම් පමණයි. ඒ සේවය තමයි සහනාධාර ලේබල් එකෙන් පිළිගන්වන්නේ. ඉතින් වඩා සහනාධාර පොරොන්දු වෙන්නාට හැමදාම පාලන බලයේ ඉන්න පුළුවන්. මිනිසා ඉතිහාසයේ කොතරම් උදාහරණ දුටුවත්, උදා: සෝවියට් දේශය, කොමියුනිස්ට් චීනය, කියුබාව, අද යුරෝපය. සහනාධාර බෙදන එකට රජය මැදිහත් වෙලා තම භාණ්ඩාගාරයන් කොච්චර හිස් වුනත් සාමාන්‍ය මිනිසාට එසේ වූයේ කොහොමදැයි දැනගන්නට ආර්ථික දැනුමක් නැති නිසා ඔවුන් රැවටීම ඉතා පහසුයි.
රනිල් කියලා තියෙනවා ඔබා මාමට ඇල් ටි ටි ඊ එක ෆුල් බැක් කල නිසා එහෙන් මෙහේට එන තෙරපුම වැඩි වෙයි කියලා. මේ බජට් එකේ මුකුත් නැති නිසා. මාර්තු අප්‍රේල් වෙනකොට ආන්ඩුවට සෑහෙන අමාරුවෙයි කියලා. ඕක කී සැරයක් කීවද..? වානිජ ණය අරගෙන හරි ගේම ගෙනියයි. ඔබා මාමා වගේ. කොහොමත් දුප්පතුන් නම් වැඩිවෙයි. අපටත් දෙවියන්ගේම පිහිට තමා..
Maathalan,
රනිල් පරදින හැම වතාවකම කාගේ හරි පිටක් හොයා ගන්නවා වැරැද්ද පටවන්න. ඔහෙ අය වෙන නැද්ද, දැන් ඔබාමාගේ පිට අල්ලා ගෙන තියෙන්නේ!!!!!
අනික, මෙවර ඔබාමාට සපෝට් කරපු කොලින් පවෙල් රනිල් ගෙත් යාළුවෙක් නේද? එයාට කියලා බැරි වේවි ද ඔබාමා ලවා ලංකාවේ ආණ්ඩුවට පොඩි උදව්වක් කරදෙන්න, අඩුගානේ විපක්ෂයේ නායකයෙක් හැටියට මෙච්චර කාලයක් ඉන්නට ඉඩදුන්නටත් කලගුණ සැලකීමක් තියෙන්න එපායෑ 🙂
අරුණි ඊ මේල් එකට ස්තුතියි සෑහෙන අලාභයි සැන්ඩි ඇවිත් ගියා 77 සිරිමාවෝ ගේ කාලේ වගේ පෝලිමේ ඉඳල කාරෙකට යන්තම් තෙල් ටිකක් ගහ ගත්තේ. ලෝකය අපි පහු කරලා ගොඩක් දුර ගිහින් ඔබාමා දිනලා අරුණි මාතලන් පොස්ට් ගොඩයි දැන් ඉතින් කියවපල්ලකෝ .
Kevin Perera,
ඉතාමත් ස්තූතියි කරදර මැද්දෙ ඇවිත් ලිව්වට.
ඔබාමා අද දිනුව නිසා පැරදිලා ඉන්නෙ එයාට චන්දෙ දීපු අය මිසක් අපි නෙමෙයි. අපේ දැනුම එයාට උදුරා ගන්න බැරි නිසා අපි අදත් දිනලා ඉන්නෙ. ඒ දැනුම නිසාම අපි හෙටත් දිනනවා.
You are correct the vacuum may be filled by a capitalist communist country. No human rights lots of capital. Hope constructive answer. Sorry for English I’m using vidjet to write.
Jay,
ධනවාදී කොමියුනිස්ට් සමාජයක් කියලා අලුත් ලේබල් ගහන එක හරියට “දැන් තියෙන්නෙ new normal” කියනවා වගේ අර්ථ ශුන්‍ය වූවක්. ධනවාදයටත් කොමියුනිස්ට්වාදයටත් අත්වැල් බැඳගෙන සාර්ථක ගමනක් යන්න බැහැ. එහෙම යන්න පුළුවන් බංකොළොත් බවේ අගාධයට පමණයි. ඒ වගේම මානුෂීය අයිතීන් නැති කල මූලධනය වැඩි වෙන්නේ ද නැහැ කිසි සේත්ම. ඉංග්‍රීසියෙන් ලිව්වාට කමක් නැහැ මම සිංහලෙන් උත්තර දුන්නාට කමක් නැත්නම්!!!!!
සහනාධාර වලින් ලේසියෙන් මිනිසුන් රවටන්න හැකි නිසාත්, කවදාහරි ගැරී ජොන්සන් දිනලා පූර්ණ නිදහස් ආර්ථිකයක් ඇති කරලා මිනිස්සුන්ගේ ජීවන තත්වය ඉහල ගියත්, ඔවුන්ට එහෙම උනේ ඇයි කියලා තේරුම් ගන්න බැරි නිසාත්, ඒ ක්‍රමයට පැවැත්මක් තියේවිද? සාපේක්ෂව බුද්ධිමත් යැයි සිතිය හැකි ඇමරිකානු ජනතාවටවත් ජොන්සන් කියන දේ තේරුම් ගන්න බැරි නම් (හැබැයි ඡන්ද මිලියන 1.1, ලිබටේරියන් අපේක්ෂකයෙක් ඉතිහාසයේ ලබාගත් වැඩිම ඡන්ද ගණන කියලා දැක්කා, ඒත් 5% නැහැනේ) ඔය ආර්ථික ක්‍රමය හීනයක්ම නොවේවිද? දැන් අරුණි හිතන විදිහට ඇයි ඔබාමා ඔය ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන්නේ? බලයට කෑදරකමද?
තිසර,
ඉතිහාසය කියවලා බැලුවම තිසර, ලෝකයේ මේ අදහස් වලට පුරෝගාමී වූයේ ඇමෙරිකාව. ඒත් ඔවුන් අදහස් ක්‍රියාත්මක කළා මිසෙක ඒවා තෝරා බේරා පැහැදිලි කරගෙන අනිත් අයට කියලා දෙන්න උත්සාහයක් ගත්තෙ නැහැ.
හරියට ධනවතෙක් පත්තර, සඟරා, රේඩියෝ වලට තම දැක්ම ගැන අනුන්ට අදහස් කිය කිය ඉන්නවා අහන්න වැඩිය ලැබෙන්නෙ නැතිවා වගේ. අපිට එහෙම අදහස් මෙච්චර කාලයක් තිස්සෙ අහන්න ලැබුනේ කාගෙන් ද? දේශපාලනඥයන් වෙතින්. යුනියන් නායකයන් වෙතින්. කැම්පස් ආචාර්යවරු වෙතින්. නළු නිළියන් වෙතින්!!!!
වසර සියයක් දෙසියයක් පුරා කර පින්නා ගෙන ඇවිත් තියෙන, සල්ලි හම්බ කරලා පෙන්නපු අය කියන දැක්ම නොව අනුන්ගේ සල්ලි වලට තමන්ට අයිතියක් තියෙනවා යැයි කියන අයගේ දැක්ම බිම තියන්න ඉතා අමාරු තවත් කාරණයක් තමයි ජනමාධ්‍ය තුලින් අහන්න ලැබෙන්නේ ද සහනාධාර හොඳ යැයි කියන මතය ම වීම නිසයි. ඔවුන් විකුණන්නේ ද තමන් දන්න දෙයයි, පාරිභෝගිකයා මිල දී ගන්නේ ද තමන්ට හුරු පුරුදු දෙයයි!!!!!
ඒත් අද විකල්ප මාධ්‍යයන් (මේ බ්ලොග් වැනි) තුලින් අනිත් පැත්ත බහුතරයට කියන්නට (ධනවාදී අදහස්) ඉඩක් ලැබී තියෙනවා.
හීනයක් නොවෙන්නේ මේ නිසයි. මේ යන විදියට හරි යන්නෙ නැති බව දැක්කාම, නැත්නම් හැමෝම දුප්පත් වෙන බව ඔවුන් දකිනා නිසා වටහා නොගත්තත් ඔවුන් තමන් යන මාර්ගය වෙනස් කරනවා. ඇමෙරිකාවේ මීට කළින් මෙහෙම අවස්ථා තිබිලා තියෙනවා. ඒත් එදා බහුතරයකට අවබෝධයක් ලබන්න දැනුමක් දෙන්න පහසු ඉඩක් තිබ්බේ නැහැ. අන්තර්ජාලය නිසා අද ඒ සඳහා ඇති මාර්ග ඉතා වැඩියි. ධනපති රිපබ්ලිකන් පක්ෂය හා ගැටී මිලියන 1.1 ක වාර්තාගත ලිබටේරියන් චන්ද ලබාගත්තේ ප්‍රධාන මාධ්‍යයන් තුලින් ලැබිච්ච සහයෝගයකින් නොවේ. තනිකරම අන්තර්ජාලයේ වූ තොරතුරු ප්‍රචාරණයකින්. ඒකයි මේ පටන් ගැන්ම කියලා කිව්වෙ.
ඔබාමා මේ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන්නේ ඔහු මේ අදහස් පිළිගන්නේ නැති නිසා. බලයට කෑදරකම තිබුනාට ඒක නෙමෙයි මෙතැන දී ඉස්මතු වෙන්නේ. ඔහුගේ අදහස් තුල ඇත්තේ ඔහු වාමාංශික ප්‍රතිපත්ති නිවැරදි යැයි තරයේ අල්ලා ගෙන ඉන්නා විශ්වාසයයි. සෝවියට් දේශයට වසර 69 ක් ගියා තම ප්‍රතිපත්ති වලින් වූ පාඩු අවබෝධයට. ඔබාමා වැනි වාමාංශිකයන් හිතන්නේ ධනවතා ධනය ගොඩගැසීමට ගිජු නිසා කොතරම් බදු ඉහළ දැම්මත්, කොතරම් රෙගුලාසි තද කරත්, ඔහු ධනය හම්බ කරන එක නවත්වනුයේ නැතැයි කියා. මෙතැනයි වැරැද්ද.
මම මීට කළින් ස්ටැන්ලි මිල්ග්‍රැම්ගේ සහ පෝල් සැක්ගේ මනෝවිද්‍යා පර්යේෂණ ගැන ලියලා තියෙනවා. සල්ලි ලැබෙන්නෙ අනිකා හා බෙදා ගන්නේ නම් පමණක් යැයි කියද්දී, තමන්ට දෙන සල්ලිය ගොඩක් අඩු වුනාම මට නැත්නම් උඹටත් නොලැබියන් කියන අයයි වැඩියෙන් ලෝකයේ ඉන්නෙ. මිනිසා 20% ක් දානය කරන්න කැමතියි. එතැනින් එහාට යද්දී ඔහු අනුන් වෙනුවෙන් වෙහෙසෙන්න කැමති නැහැ. කියවන්න ultimate game.
ඉතින් වැඩවසම් යුගයේ දුප්පතා අනුන් ධනවත් කරන්න වැඩ කරන්න කැමති වුනේ නැහැ වගේ ම නූතනයේ ධනවතා අනුන්ගෙන් පෝෂණය වෙන සමාජ පරපෝෂිතයන් රකින්නට වෙහෙසනවාට වඩා තමන්ගෙ ධනය අඩුවෙලා යන දිහා බලාගෙන සතුටු වෙන්න තියෙන කැමැත්ත ස්වභාවික මිනිස් ගතියක්.
මේක මුලින් ම පෙන්නලා දුන්නෙ අයින් රූන්ඩ් 1958 දී ලියූ ‘ඇට්ලස් හැකිළුණි’ පොතෙන්. ඒත් ඇය ධනවාදියෙක් නිසාත්, දෙවියන් අදහන්නේ නැති අයෙක් නිසාත්, එදා බහුතර ලෝකය ඊට සවන් දුන්නේ නැහැ. අද ලෝකය පුරා ඒ පොත කියවන තරුණ පිරිස ලෝකයේ ම මෙතෙක් කාලයක් කාල් මාක්ස්ගේ දාස් කපිතාල් කියවපු අයට වඩා වැඩියි!!!!!
ඒකයි මේක හුදු හීනයක් පමණක් නොවෙන්නේ.
හොදට පැහැදිලි කරලා ලියල තිබෙන ලිපියක්.මේ ලිපිය කියවල ඔබ ලියලතිබුන ටැබැස්කො සෝස් ව්‍යාපාරය ගැන ලිපිය කියෙව්ව.එම මිරිස් නැට්ටෙන් උඩට නේද හැදිලා තියෙන්නේ?හරිම ලස්සනයි!ලංකාවේ දේශපාලනය ගැන ලියන්න හිටිය ඒවා සේරම් අමතක උනා ඒ පින්තුරු දැකල.
Kenji @ Japan,
ඇමෙරිකාව ගැන මාකටින් හොලිවුඩ් වලට බාර දීලා ඉන්නෙ නැතිව මේ විදියට මාකටින් කරගන්නෙ නැහැනේ!!!!!! 😀