අරුණි ශපීරෝ‍ වෙතින්

2012 සර්කිට් ඔෆ් ඇමෙරිකා දිනූ ලුවිස් හැමිල්ටන්ට ජයවේවා!!!!!!!

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 18, 2012

ලුවිස් හැමිල්ටන් මගේ ප්‍රියතම F-1 ධාවන ශූරයා බව කිහිප වතාවක් මා මෙහි ලියා ඇත්තෙමි. ඔහු ඇමෙරිකාවේ දී ජයග්‍රහණය ලැබීම තරම් වෙන සතුටක් අද නැත!!!!!!!

අද ඔස්ටින්, ටෙක්සාස් හි පැවැත්වුනේ අතුරු සිදුරු නැතිව පිරුණු සෙනඟක් උද්දාම කරවන තරඟයකි. තරඟය දිනූ අයට දෙන බේස්බෝල් කැප් වෙනුවට මෙදා ඔවුනට කව්බෝයි තොප්පි ලැබිණ.

තරඟ පිටිය අක්කර 375 ක ඉඩමක ඩොලර් මිලියන 400 ක පුද්ගලික ආයෝජන වලින් නිර්මාණය විය.

එහි 1,700 ක් ඉදිකිරීම් රැකියා ලැබෙන්නේ ටෙක්සාස් හි කොම්පැණි 16 කටය.

තරඟය පවත්වන පුද්ගලික ව්‍යාපාරය “සර්කිට් ඔෆ් ද ඇමෙරිකා” ඩොලර් මිලියන 13 වැය කරමින් වතුර සපයන හා අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් කරන ජලනල පහසුකම් එහි ගෙන එයි. ඔස්ටින් නගරය මේ පහසුකම් තම නගරය යටතට ගන්නට කැමති නිසා පසු දවසක දී ඒ වියදම් ගෙවා මිල දී ගනු ඇත.

අද තරඟය බලන්නට ටෙක්සාස් වෙත ආ ජනගහණය ලක්ෂයකි. එයින් 80% ක් ටෙක්සාස් වැසියන් වෙති.

මේ තරඟාවලිය රටවල් 187 ක මිලියන 520ක ජනතාවක් නරඹන, හැම තරඟයක් ම මිලියන 30 කට වඩා සජීවීව නරඹන්නන් සිටින්නකි.

තරඟයෙන් හා මේ හා සම්බන්ධව පැවැත්වෙන සියළු උත්සව වලින් ටෙක්සාස් ප්‍රාන්තයට මිලියන 400-500 අතර ආර්ථක වාසියක් ද, වසර 10 ක් පුරා බිලියන 4-5 ක අතර ආර්ථික වාසියක් ද ලබාගත හැකිවෙනු ඇතැයි අනුමානය කෙරේ.

වඩාත්ම වැදගත්, ඔස්ටින් නගරය හෝ ප්‍රාන්තය හෝ ඇමෙරිකාව මේ තරඟය පවත්වනු සඳහා හෝ මෙම තරඟ පිටිය හදනු සඳහා සතයක් වත් නොදීමයි.

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. Maathalan said, on නොවැම්බර් 18, 2012 at 10:01 ප.ව.

    මෙහෙ නම් ඒ වගේ අසාධාරණ වැඩ කරන්නෙ නෑ. ට්‍රැක් එකත් ආන්ඩුවෙන්ම හදලා දෙනවා. තාම හදල ඉවර නැති නිසා, මේ පාරත් නයිට් රේස් කොටුව වටේම තමයි…. නිකන් මොන්ටිකාලෝ වගේ.. මාරයි මෙයා….

  2. R.p. Susantha said, on නොවැම්බර් 18, 2012 at 10:52 ප.ව.

    මේ ලිපියේත් යටි පෙළ අරුත මට හොදින්ම වටහා ගන්නට හැකියාව තිබෙනවා. මට කවදත් සතුටුයි මගේ අදහස් ඇති එක් අයෙකු හෝ සිටීම පිළිබඳව. මම නිතරම හිතන දෙයක් රාජ්‍ය අනුග්‍රහය නැතුව විදුලි බලය, මහා මාර්ග, වගේ දේ දියුණු කරන්නේ කොහොමද කියන එක. මේ ලිපියෙන් මගේ ඒ අදහසට යම් ආලෝකයක් ලබා ගත්තා. ස්තුතියි අරුණි අක්කා!!!!!

    මුළු ලිපියම අවසාන වැකියේ කැටි කරලා තියනවා.

  3. Kenji @ Japan said, on නොවැම්බර් 18, 2012 at 10:54 ප.ව.

    දැනුයි වැඩේ තේරුනේ,දුර දක්නා නුවනින් තමයි රේසින් කාර් බද්දෙන් නිදහස් කරලා තියෙන්නේ.කොහොමද චීනෙන් නයට අරන් චින්නුන්වම දාල “හම්බන්තොට සර්කිට්” හදවල රේස් තියද්දි?චීන්නු මිලියන් ගණන් උපයල ආණ්ඩුව නයගෙවද්දී මතලන්ලට දැනෙන සනීපෙ මට හිතාගන්න බැහැ!!!බැසිල් ගොයිය කියල තියෙනවා රේසින් කාර් සහනය ලැබෙන්නේ ජනගහනයෙන් දශම 0000000001ට කියල.ඔහොම කියන්නේ නැතුව ගෙන්වන කීප දෙනාගෙ නම් ටික කිව්වනම් ඉවරනේ.

  4. දේශකයා said, on නොවැම්බර් 18, 2012 at 11:07 ප.ව.

    හොද ක්‍රියාවලියක්. මමනං ටිකක් විතර තමා ආස ඔය වැඩේට.. අර මයිකල් ෂුමාකර් දැං F1 දුවන්නේ නැත්ද?

    • arunishapiro said, on නොවැම්බර් 19, 2012 at 8:51 පෙ.ව.

      දේශකයා,

      අපි ආස දේ හා ආස නැති දේ දෙකම ඒ අය එයාලගේ පුද්ගලික සල්ලි වලින් කරනවා නම් අපිට පාඩුවක් නැහැ, ඔවුන් වාසි ලැබුවොත් අපිත් වාසියක් පමණයි.

      මයිකල් ෂූමාකර් 2011 දී විශ්‍රාම ගත්ත.

      • Taxi Driver said, on නොවැම්බර් 19, 2012 at 3:50 ප.ව.

        @arunishapiro

        මයිකල් ෂූමාකර් 2006 දී විශ්‍රාම ගියත් 2010 සිට නැවත Mercedes Team එක යටතේ තරග වදිනවා. ඉරිදා ටෙක්සාස් තරගයේදී මයිකල් ෂූමාකර් 5 වෙනි ස්ථානයෙන් තරගය ආරම්බ කරත් අවසන් කිරීමට හැකි උනේ 15 වෙනි ස්ථානයේ. ලෝකයේ ප්‍රදනතම තරගාවලියක් උනත් ඇමරිකාවට වසර ගණනාවකින් තරග කරුවෙකු (Driver) ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබෙනවා.

        • arunishapiro said, on නොවැම්බර් 19, 2012 at 6:30 ප.ව.

          Taxi Driver,

          ඔව් ඔව් මයිකල් ෂූමාකර් 2006 දී විශ්‍රාම ගිහින් ආයෙත් ඇවිත් දැන් මේ පාර තරඟාවලිය අවසානයේ දී විශ්‍රාම යනවා කියලනේ කියා තියෙන්නෙ. වැරැද්ද මගේ. සෙබැස්ටියන් වෙට්ල් එක්ක තරඟ කරන්න ෆර්නැන්ඩෝ අලාන්සෝට ෆිලීපේ මාසා දීපු උදව් එහෙම බලද්දී ෂූමාකර්ලා හිටියා දැයි සම්පූර්ණයෙන් අමතක වෙලා ගියා.

          බීබීසීය කියන විදියට ෂූමාකර් ඇවිත් තියෙන්නෙ 16 වැනි තැනටයි කියන්නෙ. ලුවිස් හැමිල්ටන් දිනුව නිසා පෝඩියම් එකට නැඟ්ගෙ නැති අනිත් අය කොයි තැන් දිනා ගත්තාදැයි බලන්නත් අමතක වුනා!!!!

          ඇමෙරිකාවේ අය නෑස් කාර් වගේ ම ඉන්දි 500 වලටත් ඇදිලා යනවා. ඉතින් ඇමෙරිකාවේ කලින් කලට ග්‍රාන්ඩ් ප්‍රී ආවට වාර්ෂිකව පවත්වන්න තරම් ඕනෑකමක් ද තිබ්බෙ නැහැ. බලන්න ටෙනිස් ලෝකෙ කොච්චර ප්‍රදානතම තරඟාවලියක් US Open මෙහෙ වාර්ෂිකව පැවැත්වෙන. ඒත් කෝ මෑත කාලෙක දී ඇමෙරිකන් පිරිමියෙක් නැහැනේ හරිහැටියකට තරඟ වදින්න.

  5. කෝරලේ මහත්තයා said, on නොවැම්බර් 19, 2012 at 11:51 පෙ.ව.

    ලංකාවේ රේස් වලට තරඟ භූමිය සකස් කරන්නේ රජයෙන්ම තමයි.

  6. wicharaka විචාරක said, on නොවැම්බර් 19, 2012 at 12:10 ප.ව.

    පුඃ, සර්කිට් ඔෆ් ඇමරිකා? ඔව්වා මොනවද…………….සර්කිට් ඔෆ් මැදමූලන ගහලා……… එකේ, එම්.ආර්, බී.ආර්, ජී.ආර්, එන්.ආර්, වයි.ආර්, ආර්.ආර්, තව ඉතින් රාජිත, සෝබිත, දූෂිත, වලත්ත, කට්ටිය පදිනකොට අපි යනවා ටිකට් එකක් ලක්ෂයයි කිව්වත්. කාටද අප්පා ආඩම්බර?

  7. Chandi said, on නොවැම්බර් 20, 2012 at 5:27 පෙ.ව.

    පහුගිය ටිකේ කමෙන්ටුවක් දාගන්න වින්ද දුකක්. ජයම වේවා!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: