අරුණි ශපීරෝ‍ වෙතින්

ස්තූති පුද කිරීමේ දිනයට හත්දහස් පන්සියයක් කෑම පෙට්ටි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 19, 2012

අස්වනු නෙළා ගත් ගොවියන් වාර්ෂිකව දෙවියන්ට ස්තූතිය පුද කිරීම සඳහා පටන් ගත් Thanksgiving Day උත්සවය මෙම බ්‍රහස්පතින්දාත් පැවැත්වේ. රෝස් කරන ලද කළුකුමෙක් කෑම බහුතරයකගේ සිරිතයි. ඒ සමඟින් ග්‍රේවි (පාන්පිටි සහ කළුකුමා රෝස්ට් කරද්දී බේරෙන යුෂ වලින් හදන ලද ඝන දියරය), පාන් කැබලි වලින් හදන ඩ්‍රෙසින්, තිරිඟු, බතල, බෝංචි, ක්‍රැන්බෙරි සෝස් යනාදිය එදින සිරිත් පරිදි අනුභව කරන අනිකුත් ආහාර වෙති. ඩෙලවෙයාර් හි මා වාසය කරන ගමේ පිහිටි ඇමෙරිකාවේ 7 වැනි විශාලතම කුකුල් ගොවිපල පළාතේ අඩු ආදායම් ලබන පවුල් වලට හත්දහස් පන්සියයක් කෑම පෙට්ටි සකස් කළේ පළාතේ ස්වේච්ඡාවෙන් සහභාගී වූවන්ගේ ශ්‍රම පරිත්‍යාගය හා අනිකුත් කෑම ගන්නට පළාතේ අය කැමැත්තෙන් දුන් මුදල් ආධාර වලිනි. මෙය මේ ලාබ උපයන කර්මාන්තය විසින් කරන පරිත්‍යාගයකි. නත්තල් දිනය ළං වෙද්දී නැවතත් මෙවැනි පිරිසක් එකතු වී මෙවැනි පරිත්‍යාගයක් කරති.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. අටම්පහුර said, on නොවැම්බර් 19, 2012 at 9:24 ප.ව.

    දනට පිනට දීම ඔහෙත් සිද්ධ වෙනවා එහෙනං

  2. Maathalan said, on නොවැම්බර් 19, 2012 at 10:24 ප.ව.

    අපොයි මෙහෙත් තියෙනවා අළුත් සහල් මංගල්ලෙ කියලා.. වගා නොකරන අයට කන්න හදාගත්ත ක්‍රමයක්. රජ කාළේ ඉඳන් එන්නේ. දැන් ඒවගේ දේවල් වලට, මාර ඉල්ලුමක් තියෙන්නේ. රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවොත් මහරජානෝ කියල කවියක් හෙම ලියලා තිබුනේ. මේ ආත්මෙම නිවන් දකීවී.

    ඔයා හිතන්නෙ හැම දේම තියෙන්නෙ ඔහේ විතරයි කියලා.

    • arunishapiro said, on නොවැම්බර් 19, 2012 at 11:08 ප.ව.

      Maathalan,

      මෙහෙයි ඔහෙයි එක සමාන දේවල් කොච්චර තිබුණත් මේක නම් වැඩියෙන් ඔහෙ දකින්න ලැබෙන්නෙ නැති වූවක්. කිසිම දේශපාලනඥයෙක් එතැන හිටියේ නැහැ!!!

      • Maathalan said, on නොවැම්බර් 19, 2012 at 11:14 ප.ව.

        මෙහේ පබ්ලික් ටොයිලට් එක ඕපන් කරන්නෙත් දේශපාලකයා. එයා බෙට්ටක් නොදැම්මොත් අනික් උන්ට බෙටි දාන්න බෑලූ…. අකමැති නම් දාන්න ඕන නෑ… හික්ස්….

  3. දේශකයා said, on නොවැම්බර් 19, 2012 at 10:48 ප.ව.

    බලං ගියාම ලංකාවේ වැඩත් ඒ වගේනේ.. හැක්..හැමෝම දෙවියන්ට කොමිස් දෙනවා..

  4. kavikaari said, on නොවැම්බර් 20, 2012 at 12:25 පෙ.ව.

    ඇමරිකන් කාරය මං හිතුවට වඩා හොඳයි නෙ

    • arunishapiro said, on නොවැම්බර් 20, 2012 at 8:19 පෙ.ව.

      kavikaari,

      USAid වලින් බෙදා දෙන ඇමෙරිකන්කාරයන්ගෙ බදු මුදල් වලට තමන්ට අයිතියක් තියෙනවා යැයි හිතන මිනිස්සු වැඩියෙන් ඉන්න රටක වැරදිලාවත් ඇමෙරිකන්කාරයන්ගෙ හොඳක් ගැන අහන්න ලැබෙන්නෙ නැති එක පුදුමයක් නෙමෙයි.

  5. Chandi said, on නොවැම්බර් 20, 2012 at 5:15 පෙ.ව.

    මේ ටිකේ අපේ ඉන්ටර්නෙට් හරිම අවුල්. මට යාන්තම් කමෙන්ටුවක් දමා ගන්නවත් විදිහක් නැතිව ලත වෙවී හිටියෙ. අද පොඩ්ඩක් ඔන්න ආවා. නියම දානෙ. දැක්කත් බඩ පිරුනා.

  6. Kenji @ Japan said, on නොවැම්බර් 20, 2012 at 8:21 පෙ.ව.

    මෙවැනි විශේෂ අවස්ථාවල සහ ආපදා අවස්ථාවල [තම රටේ සහ වෙනත් රටවල]ඇමරිකානුවන්ගේ ක්‍රියාවලිය අතිවිශිස්ටයි!!!අවුන් සාන් සුකීට ඔබාමා දෙන KISS එකම ඇති ඇමරිකානුවන් ලෝකයාට සලකන විදිය කියන්න.ඇමෙරිකාව ලෝකයේ බලවතා කියුවට කටවල් වලට “පනුවෝ”ගහන්නේ නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: