අරුණි ශපීරෝ‍ වෙතින්

ඇයි අනිත් රටවල් වලින් මෙහෙම කතා අහන්න නැත්තේ?

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 27, 2012

එකිනෙකාට උදව් කරගන්නා සමාජයක් ගැන වැඩියෙන්ම අහන්නට ලැබෙන්නේ වඩාත්ම පුද්ගලික අයිතිය අගයන සමාජය තුලින් ම නොවේ ද?

ජෝ ලියුකන් ගැන ප්‍රතිචාරය දැම්මාට උදිතට බෙහෙවින් ස්තූතියි.

වසර 14 කට පෙර ජෝ ලියුකන් තම සිල්ලර කඩයේ වැඩ කරමින් සිටිය දී තමාගේ අත් වෙව්ලන බව දැකීය. ඒ ගැන වැඩි අවධානයක් ඔහු දැක්වූයේ නැත.

තමා වාසය කරන නගරය වූ බෙමිඩ්ජි හි තිබෙන බෙමිඩ්ජි ප්‍රාන්ත විශ්ව විද්‍යාලය සම්පූර්ණ ටියුෂන් ඇතුලත් ශිෂ්‍යත්වයක් පිහිටුවන්නට යද්දී එහි අධ්‍යක්ෂකවරිය ජෝ වෙතින් ආධාරයක් ඉල්ලුවාය. පළාතේ වෙළෙන්ඳන් පළාතේ අධ්‍යාපනික ආයතන වලට පරිත්‍යාගයන් දීම සාමාන්‍ය ඇමෙරිකන් සිරිතකි.

ශිෂ්‍යත්වයට මුදල් පරිත්‍යාග කර වසරක් ගෙවී යද්දී තම අත්වල වෙව්ලීම එන්නම එන්නම වැඩියෙන් සිද්ධ වෙන බව දකින ජෝ පළාතේ වෛද්‍යවරයෙක් හමුවන්නට යයි. මේයෝ ක්ලිනික් නම් වූ ඇමෙරිකාවේ ගවේෂණ (research) රෝහලකට ද යෑමෙන් අනතුරුව ජෝ දැනගන්නේ තමනට පාකින්සන්ස් රෝගය තිබෙන බවයි.

ඒ සඳහා ඇති නවතම ප්‍රතිකාරය වන මොළය අභ්‍යන්තරයට සිහින් මුරුක්කුවක් තරමේ ලෝහ ඉලෙක්ට්‍රෝඩ දාගන්නට ඔහු ඉදිරිපත් වෙයි. මේ ලෝහ ඉලෙක්ට්‍රෝඩ සවි වෙන්නේ ස්පන්දයක් උපදවන පරිගණකයකටය. එයින් නිකුත් කරන ස්පන්දනයෙන් පාකින්සන්ස් රෝගයේ චලනය පාලනය කරගත හැකිය.

මේ සැත්කම කරන වෛද්‍යවරයා ජෝ විසින් පිහිටුවන්නට අත දුන් ශිෂ්‍යත්ව ලාභියාය!!!! තමනට අත දුන් අයෙකුට සැත්කම කරන්නට ලැබීම ගැන වෛද්‍යවරයා ඉතා සතුටට පත්වීය. වසර 12 ක් තිස්සේ සෙලවුන අත් සැත්කම අවසන නැවතිණ.

පුද්ගලික අයිතියට ගරු කිරීම නිසා වස්තු පොදි ගහගෙන ඉන්නා මසුරු සිටාණන් වැඩියෙන් ඇතැයි කියා, පොදු ජනතාවගේ සුවසෙත නාමයෙන් දිනන්නේ කවුදැයි පරදින්නේ කවුදැයි ආණ්ඩුව තීරණය කරන රට රටවල් වලින් වැඩියෙන් දැකිය හැක්කේ මසුරු සිටුවරුය. ආණ්ඩුවේ පාලන බලය ලත්තවුන් හා එකතුව ඔවුන් තමන් සුවසෙත සලසනවා යැයි කියන තමන්ගේ ම ජනතාව කොල්ලා කති. මෙය වටහා ගන්නට බැරි සමාජවාදීන් පුද්ගලික අයිතියට ගරු කරන සමාජයක ඕනෑම උත්සාහවන්තයෙකුට සාර්ථකත්වය කරා යන්නට අවස්ථාව ලැබෙන බව කුමක් හෝ සමාවට කරුණක් ඉදිරිපත් කරමින් සැලකිල්ලෙන් බැහැර කරති. කොතරම් සාධක ගෙනැවිත් පෙන්වූවාට ධනවතා නම් කොල්ලා කා ධනවතෙක් වූවා යැයි හිතන්නේ තමන්ට කිසිදා උත්සාහයෙන් ධනවත් වූවෙක් දකින්නට බැරි නිසාය. මන්ද තමන් ලැග ඉන්නා පොදු ජනතාවගේ හිතසුව පිණිස වූ සමාජයේ එවැන්නක් සිද්ධ වීමට තමන් අගයන සමාජවාදී ක්‍රමයේ දී ඉඩක් නැති නිසාය.

ඇමෙරිකාව හැදෙන්නේ පර්යේෂණයක (experiment) ප්‍රතිඵලයක් හැටියට. පර්යේෂණය තමයි පුද්ගලික අයිතියට ඉඩ දුන්නාම සාගතෙන් මිය නොගිහින් මිනිස් ජීවිත බේරාගත හැකි වේවි ද යන්න සොයා බැලීම. පර්යේෂණය අති සාර්ථක වෙන්නේ සාගතෙන් මිය නොයෑම පමණක් ඉටු වෙලා නෙමෙයි. පුද්ගලික අයිතියට ඉඩක් දුන්නාම සශ්‍රීකත්වය කියා නිම කළ නොහැකි තරමින් වැඩි වර්ධනය වෙන බව පැහැදිලිව ඔප්පු කරමින්.

ඇමෙරිකන් පර්යේෂණයේ අති සාර්ථකත්වය දැකලා ඊට වඩාත් ලැදියාවක් දැක් වූ එදා විසූ ජන කොට්ඨාශ දෙකක් තිබුණ. එකක් තමයි මහා බ්‍රිතාන්‍යය. අනෙක තමයි ප්‍රංශය. දෙකම වැඩවසම් රජවරු, ප්‍රභූ පංතියක් හා යටත්විජිත අයිති වූ මහා රාජධානි. තමන්ගේ රටවල සාගතයෙන් පෙළෙනා දුප්පතුන් සිටිය දී ඔවුන්ගේ ප්‍රභූන් තව තවත් සශ්‍රීක වුනා.

බ්‍රිතාන්‍යයේ දේශපාලනඥයන් ඇති-නැති පරතරය අවම කරගන්නට ගෙන ගිය පිළිවෙතක් ලෙසින් ඉඩම් ජනසතු කරන්නට වූවා. දුප්පත් නීති (Poor Laws) ගෙනැවිත් ප්‍රභූන් යටතේ වූ ඉඩම් බෙදා දෙනවිට ඇති වූයේ අයිතිය පිළිබඳ වගකීමක් නැතිව යාම. ආයෝජනයක් කරන්නට මුදලක් නැති අයෙකුට ඉඩමක් දුන්නට වගා කරලා පවුලක් නඩත්තු කරන්න බැහැ. ප්‍රභූන් යටතේ සිටි ගොවියන්ට අඳ ක්‍රමයට වැඩ කරමින් නීත්‍යානුකූලව ඉඩම් මිල දී ගන්නට සහ කම්හල් වල සේවකයන්ට තමන් කැමති ව්‍යාපාරයක් අරඹන්නට නිදහසක් දුන්නා නම් චාර්ල්ස් ඩිකන්ස්ට පොත් ලියන්න සමාජ පසුබිමක් ලැබෙන්නේ නැහැ!!!!!

1790 දී ප්‍රංශයේ රොබෙස්පියෙර්ලා නිදහස, සාමානාත්මතාවය, සහෝදරත්වය නාමයෙන් ගෙනාවේ ඇමෙරිකාවේ පර්යේෂණය පෙන්වූ පුද්ගලික අයිතියට කාටත් ඇති නිදහස නෙමෙයි. මැද පංතියට ප්‍රභූ පංතියට යාගන්නට හැකි වූ මිනිස් ඝාතනයක්. 1922 දී සෝවියට් රුසියාවේ ද ‘ප්‍රංශ විප්ලවයෙන්’ බොල්ෂෙවික්ලාට රජ සැප ලැබෙනවා. ඒ වගේ ම විනාශයක් 1945 දී මාඕ සේතුං විසින් චීනයේ ද ගෙනෙනවා. ප්‍රංශයේ 40,000 වඩා මිය යනවා. සෝවියට් රුසියාවේ මිය ගිය සංඛ්‍යාව 20,000,000. ඊට වඩා මිය යනවා මාඕ සේතුං ගේ චීනයේ 40,000,000 සංඛ්‍යාවක්. වෙන මොන සාධකයක් අවශ්‍ය ද සමාජවාදී චින්තනය නිසා මිනිස්කමට උදාර බවක් ලැබෙන්නේ නැතැයි පැහැදිලි වෙන්නට?

ඒවායෙන් කොපමණ මිනිස් ජීවිත අහිමි වූවාදැයි පැත්තකට දැම්මා කියමු. ඒත් පැහැදිලිව පෙනුනු ආර්ථික හානිය දකින්නට බැරි ඇයි? දුප්පතෙකුට සිය නිර්මාණශීලීත්වය නිසා සමාජයේ ඉහළ ධනවතෙක් වෙන්නට හැකියාවක් නොලැබුණ බව දකින්නට බැරි ඇයි?

මිනිසාගේ සදාචාරාත්මක ගුණය වර්ධනයට ඉඩක් ඇත්තේ සමාජවාදයෙන් යැයි තවමත් අල්ලා ගෙන සිටීම මිනිස් මොළයෙන් හිතන්නට හැකි වූවන්ට ලැජ්ජාවකි!!!!!

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on නොවැම්බර් 27, 2012 at 12:57 ප.ව.

    matath penee giya deyak thama hithuwata samajawaden minisata sethak salasanna haki wevi kiya, eheth danawathun pamanai minisun gana hithala thiyenne oun viyapara arambakalama rakiya upadinawa, aluth de soyaganna uthsahagannawa viyaparaya wadi diunu karanna, evita vidiyawa diunuwenawa , thawa noyek dewal ..ithin obe lipiyata godak sthuthi. mama wadath agayakaranawa thanks giving ekath. obata subadawasak!

  2. wicharaka විචාරක said, on නොවැම්බර් 27, 2012 at 1:47 ප.ව.

    ‘සමාජවාදී, පුද්ගලික අයිතියට ගරුකරන’ ඇයි හත්දෙයියනේ ඔය රබන් පදේ කීදෙනෙක් ගැහුවද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියන්නේ තොගේ අම්……….කියනවටත් වඩා ලොකු කුණුහරපයක් නේද?

    • arunishapiro said, on නොවැම්බර් 27, 2012 at 1:56 ප.ව.

      විචාරක,

      අද රුසියාව Russian Federation. අද චීනය People’s Republic of China. කියුබාවත් Republic of Cuba.

      //ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියන්නේ තොගේ අම්……….කියනවටත් වඩා ලොකු කුණුහරපයක් නේද?// 😀 සම්පූර්ණයෙන් ම එකඟයි!!!!

  3. Saduni said, on නොවැම්බර් 27, 2012 at 3:37 ප.ව.

    Dear Aruni,

    Any idea about which number is correct ? 18,000 or 44,800 ?

    “A 2004 Institute of Medicine (IOM) report said: “The United States is among the few industrialized nations in the world that does not guarantee access to health care for its population.”[14] A 2004 OECD report said: “With the exception of Mexico, Turkey, and the United States, all OECD countries had achieved universal or near-universal (at least 98.4% insured) coverage of their populations by 1990.”[15] The 2004 IOM report observed “lack of health insurance causes roughly 18,000 unnecessary deaths every year in the United States.”[14] while a 2009 Harvard study estimated that 44,800 excess deaths occurred annually due to lack of health insurance.[16]”

    source:
    http://en.wikipedia.org/wiki/Health_care_in_the_United_States

    • arunishapiro said, on නොවැම්බර් 27, 2012 at 4:28 ප.ව.

      Saduni,

      ඔයා මේ මොනවා අහනවා ද මන්දා, ඇමෙරිකාවේ සම්මත කරපු ඔබාමා සෞඛ්‍ය පනතෙන් තමන් රැකියාවක් දුන්නම වැඩ කරන අයට නොමිලේ කොන්ඩොම් සපයන්නත් ඕනෑ කියල ඔබාමා අණ කරලා තියෙද්දී!!!!!! බේත් හේත් නැතිව එක මනුස්සයෙක් හෝ ඇත්තෙන්ම මෙහෙ මිය යනවා නම් අහවල් කාරියකටැයි කොන්ඩොම් සැපයීමට සල්ලි වෙන් කරන්න යැයි රැකියා දෙන අයට සෞඛ්‍ය පනතෙන් කියන්නෙ? ජීවත්වෙලා ඉන්න ඕනෑ නේද කොන්ඩොම් පාවිච්චි කරන්නට?!!!!!!

      • Saduni said, on නොවැම්බර් 28, 2012 at 6:52 ප.ව.

        Dear Aruni,
        I am living in Canada working as a engineer. But I like to come to US (attractive salary, low tax (I am paying 40% as tax, and better weather (we have 7 month very cold period)) . But I am afraid of healthcare (not condoms !). In Canada, government provide free healthcare (no need to pay to doctors even, but we pay lot tax instead) and free education (but not university) for permanent residents and citizens.

        I have heard that there is a “cap” when we buy a heath insurance in US. We usually buy private insurance for our parents (just visitors to Canada). if they get ill (suppose if they require continuous treatment), they will pay the money and then cancel the insurance. So to get another insurance is difficult (according to the history of the parent, insurance companies do not want to get involve this kind of patient that requires treatment surely in the future ). Sometimes if the heath problem is related to the ill condition that exists before (e.g. high blood pressure), then the company does not pay it (it is a condition).

        This is very scary and there are few incidents that few of my friends had to pay huge money from their pocket (more than 20 lacks in sri lankan rupees). In sri lanka, even a beggar can have a right and claim any treatment from government hospitals (although the quality of healthcare is not as good as other developed countries )

        I am not saying that healthcare should be provided by solely by the government, but combination of government and private sector. Otherwise if you lost a job in US, no insurance and dooms to die. Happy that Obama is doing something.

        • arunishapiro said, on නොවැම්බර් 28, 2012 at 8:41 ප.ව.

          Saduni,

          වැයක් නොගෙවා යමක් ලබා ගන්නට බැහැ. කැනඩාවේ බදු 40% ක් ගෙවන්නේ නොමිලේ සෞඛ්‍ය ලැබෙන නිසානේ! ඒ විතරක් නෙමෙයි කැනඩාවේ භාණ්ඩ හා සේවා වලට ගෙවන ගානත් ඇමෙරිකාවට වඩා හෙන වැඩියි. ඉතින් මෙහෙට ඇවිත් අඩුවෙන් බදු ගෙවා, නොමිලේ සෞඛ්‍යත් ලබාගෙන, පඩියෙන් වැඩි හරියක් තියාගන්න හැකි යැයි හිතන්නෙ ඇයි!?! නොමිලේ සෞඛ්‍ය දෙන කොට මෙහෙ බදුත් වැඩිවෙනවා. නැත්නම් ඔබාමාගේ පොකැට්ටුවෙන් යැයි ඒවා ගෙවන්නේ.

          රක්ෂණය නැති වුන පමණින් කොහොම ද මැරෙන්න නියම වෙන්නෙ? ඔයා මට පෙන්නුවොත් දිනපතා ව්‍යායාම කරන, පමණට වඩා ආහාර අනුභව නොකරන, මත්පැන් හා සිගරට් කටේ නොතියන, මත්පැන් බීලා රිය පදවන්නෙ නැති සමාජයක් මම පෙන්වන්නම් සාර්ථක ලෙසින් නොමිලේ දෙන්න පුළුවන් සර්ව සෞඛ්‍ය රක්ෂණයක්.

          මෙන්න ඇමෙරිකාවේ ගණන් හිලව් අන්තර්ජාලයෙන් දාලා තියෙන ගාණ පමණක් ගෙවා වෛද්‍ය සේවය ලබාගත හැකි තැනක්:

  4. maathalan said, on නොවැම්බර් 27, 2012 at 10:31 ප.ව.

    ඔබ හරි. ජේ ආර් ගේ පුත්තු අතර තිරිසනුන් සුළු පිරිසක් මෙන්ම. දෙවියන් වන් මනුෂ්‍යයින් විශාල පිරිසක් සිටිනවා. නමුත් අර සුළු පිරිස බලවත්. කරුමේ ඒකයි. නැවතත් මහත්මා දේශපාලනයක පෙරමග ළකුණු පෙනෙනවා, අප බලා සිටිමු.

    • arunishapiro said, on නොවැම්බර් 28, 2012 at 8:24 පෙ.ව.

      maathalan,

      සුළු පිරිස බලවත් නැහැ. අමනුෂ්‍යයන්ට ඉඩ දී මනුෂ්‍යයන් විරුද්ධත්වය නොකියා පැත්තකට වෙලා ‘දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන’ සිටින නිසා අමනුෂ්‍යයන් බලවත් යැයි පෙනෙනවා විතරයි.

      ඊජිපත්තුවේ මෝර්සි ගෙනා බලය වැඩිකරගන්නා පිළිවෙත් වලට එළියට බැස්ස පිරිස දැක්කාම ඊජිපත්තුවේ මිනිස්සුන්ට යන්න කටුක මාර්ගයක් තිබුණත් ඔවුනට වරදින එකක් නැහැයි කියල හිතුන.

      //නැවතත් මහත්මා දේශපාලනයක පෙරමග ළකුණු පෙනෙනවා// එහෙම වේවා යැයි බලා සිටිමු.

  5. Ravi/N said, on නොවැම්බර් 28, 2012 at 1:16 පෙ.ව.

    //එකිනෙකාට උදව් කරගන්නා සමාජයක් ගැන වැඩියෙන්ම අහන්නට ලැබෙන්නේ වඩාත්ම පුද්ගලික අයිතිය අගයන සමාජය තුලින් ම නොවේ ද?//

    වෙන්න බෑ අපි ලාන්කිකයො හැටියට අන්යෝන්‍ය සත්කාරයෙන් ඉහලින්ම ඉන්න රටක්නෙ? 😀

    • arunishapiro said, on නොවැම්බර් 28, 2012 at 8:29 පෙ.ව.

      Ravi/N,

      ලාංකිකයා හැමදාම කටින් බතල හිටවන්න නම් අති දක්ෂයෙක්. ඒවා කන්න පුළුවන් නම් ලෝකෙටම අපනයනය කරලා කිසිත් වැඩ නොකර ඉන්න පුළුවන් ලංකාවේ හැමෝටම. 😀

  6. මයියා said, on නොවැම්බර් 28, 2012 at 5:07 පෙ.ව.

    කාලෙකට පස්සෙ මේ පැත්තේ ආවේ…..

    ඒතකොට ඇමෙරිකාව කියන්නේ දේශපාලන අර්ථික පරීක්ෂණයක්? ඔය වගේම එකක් ලංකාවේත් ක්ලා ‘සර්ව ජන ඡන්ද අයිහිය කියලා

    • arunishapiro said, on නොවැම්බර් 28, 2012 at 9:20 පෙ.ව.

      මයියා,

      ඊට කළින් ලෝකයේ හැම රටකම තිබ්බෙ රජවරු හා රජවරු මරා දමා පාලන බලය අල්ලා ගත් ඒකාධිපතියන් සිටි වැඩවසම් ක්‍රමයක්.

      ලෝකයේ ප්‍රථම වතාවට ඇමෙරිකාවේ තමයි “we the people” කියලා ව්‍යවස්ථාවක් හැදෙන්නෙ තමන් විසින් තමන්ව පාලනය කරගන්නා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. ඒ ව්‍යවස්ථාව අනුමත වෙන්නේ 1787 සැප්තැම්බර් 17 වැනිදා.

      එවක රටේ සිටි ස්වදේශී ඉන්දියානු Iroquois nations නම් වූ අය සමඟ සාකච්ඡාවෙන් Great Law of Peace වලින් පසු ඇමෙරිකන් ව්‍යවස්ථාවේ ඇති Articles of Confederation සැකසෙන්නේ. තෝමස් ජෙෆර්සන් හා බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් යන ආදී පිතෘවරු තමයි ඒවා සකස් කරන්නට කළින් ස්වදේශීන් සමඟ සාකච්ඡා පවත්වන්නේ.

      1868 දී 14 වැනි සංශෝධනයෙන් රටේ උපදින සියළු වැසියන්ට පුරවැසිබව ලැබෙනවා. හොයලා බලන්න අද ලෝකයේ සංවර්ධිත රටවල් වලින් කීයක එය තියෙනවා ද කියල.

      1870 දී 15 වැනි සංශෝධනයෙන් ‘ජාතිය, පාට, පෙර තිබූ වහල්බව’ යනාදිය අහෝසි කරනවා. වහලුන් සේ රටට ආ කළු අයට චන්ද අයිතිය සහතික වුනා.

      1920 දී 19 වැනි සංශෝධනයෙන් ගැහැණුන්ට ද චන්ද අයිතිය ලැබුණ.

      1964 දී 24 වැනි සංශෝධනයෙන් චන්ද බදු හෝ වෙනත් බදු ගෙවිය නොහැකි නිසා චන්ද ප්‍රකාශයට ඉඩ නොදීම තහනම් වූවා.

      1971 දී 26 වැනි සංශෝධනයෙන් වයස 18 සහ ඊට වඩා වැඩි සියල්ලන්ටම චන්ද අයිතිය ලැබුණා.

      2009 දී කළු ජාතියෙක් රටේ ජනාධිපති වූවා ඔහු හා තරඟ කළ කාන්තාවක් ද පරදවමින්. අනිත් පැත්තේ ද කාන්තාවක් සිටියා.

      ඇමෙරිකාවේ මුල්ම ව්‍යවස්ථාවේ කියූ ‘ජනතාව වන අපි’ යන්න වටහා නොගත හැකි අයට ජනතාව නම් රටේ සියළුම අයයි නැතිව කොටසක් විතරක් නෙමෙයි යන්න වටහා ගත හැකි සේ පහදා දෙන්නට ඇමෙරිකාව සිය වසර 236 ක කෙටි ඉතිහාසය පුරා උත්සාහ කර ඇත්තේ එසේයි.

      නිදහස යන්න නිකම් බලාගෙන හිටියාට රැකෙන්න නැති දෙයක්. එය උදුරා ගන්න බලතණ්හාධිකයන් නොයෙක් වේෂ වලින් හැමදාම එනවා. තමන්ගේ නිදහස ආරක්ෂා කරගන්න නම් සැමදා ඒ සඳහා වෙහෙසිය යුතුයි.

      ඒත් නිදහස දිනා නොගෙන, නිකම් බලාගෙන සිටිය දී අත ළඟටම ගෙනැවිත් නිදහස දුන්නාම වෙන්නෙ මොකක් ද?

      1928 ඩොනමෝර් කොමිසමෙන් සියළු වැසියන්ට සර්ව ජන චන්ද බලය රෙකමදාරු කරත් ඒ ගැන කිසිත් සැලකිල්ලක් දැක්වූවා ද?

      1940 ගණන් වල ලංකා සම සමාජ පක්ෂයට එකතු වෙන ද්‍රවිඩ වතුකර ශ්‍රමිකයන්ට ගිල්ලපු බොරුවට -බ්‍රිතාන්‍යයේ වතු කොම්පැණි වලින් සූරා කනවා- රැවටිලා 1948 නිදහස ලැබුනාට පස්සෙ ලාංකිකයා මුලින් ම වෙනස්කම් කළේ ඔවුන්ටමයි. 1948 ලංකා පුරවැසි පනත සහ 1949 ඉන්දියා-පාකිස්තාන පුරවැසි පනත අනුව ලංකාවේ එතෙක් කාලයක් වාසය කළ සියළු ඉන්දියානු හා පාකිස්තාන ද්‍රවිඩයන්ට නොහොත් වතුකරයේ ශ්‍රමික ජනතාවට චන්ද අයිතිය නොලැබී ගියා.

      1956 අනුමත කරගත්තු සිංහල පමණක් පනතෙන් ද්‍රවිඩ කියලා භාෂාවක් තියෙනවා ද කියන එකත් සඳහන් කිරීමෙන් වැළකිච්ච හැටි නියමයි නේද?

      1948 සිට 1964 දක්වා වතුකරයේ ජනතාව සෙසු ලංකිකයන්ට අමතක වී ගියා.

      ඊට අමතරව උතුරේ අඩු කුලයේ ද්‍රවිඩයන්ට රට ප්‍රජාතන්ත්‍රවාදී වූ දිනයේ පටන් සිද්ධ වෙන වෙනස්කම් නිසා වසර 30 ගානක යුද්ධයක් දිනාගත්ත ද වෙනස්කම් සංශෝධනයට තියා ඒවා ගැන කතා කරන්නට වත් ඉන්නේ රටේ කී දෙනෙක් ද?

      40 ගණන් වල දී ලංකා සම සමාජ පක්ෂය කළා සේ ම වාමාංශික පක්ෂ අදත් හදන්නේ ද්‍රවිඩයන්ගේ චන්ද දිනාගෙන ඔවුන් රවටන්නටයි.

      ඇමෙරිකාව ඉතිහාසයේ කරන ලද වැරදි වලින් පාඩම් ඉගෙන ගෙන එදා පටන් අද දක්වා පහදා දිය යුතු දේ තවත් පහදා දෙන්නට උත්සාහ කරමින් සිටිනවා. ලාංකිකයන් ඇමෙරිකාවට බැන බැන තමන්ට නිකම් ලැබුණු සර්ව ජන චන්ද අයිතිය කුමක් දැයි කියා සොයන්නේ ද නැතිව ඉන්නවා.

      • මයියා said, on නොවැම්බර් 28, 2012 at 10:42 පෙ.ව.

        බුදු අම්මේ අරුණි…ඔයා මෙච්චර දිග උත්තරයක් ලියයි කියලා දන්නවනම් ම්ං අර වචන දෙක තුන් ලියන්නේත් නෑ 🙂

        බොහොම ස්තූතියි දීර්ඝ උත්තරයට හා වෙහෙසට……cheers

  7. kavikaari said, on නොවැම්බර් 29, 2012 at 3:02 පෙ.ව.

    අපේ රටෙත් දන් දී සතුට ලබන අය ඉන්නවා අක්කේ. පිරිවෙන් වලට පාසැල් වලට පොත්පත් අරන් දීලා, තව පෞද්ගලිකව සොයා බලා අවශ්‍යතා ඇති අයට ඉගෙනීමට උදව් කරන දානපතිනියන් ගැන මා දන්නවා. සමහර වෙලාවට ඒ අයට මගේ ශ්‍රමයෙන් දායක වෙලා පුංචි සතුටක් මා ලබනවා.

    • arunishapiro said, on නොවැම්බර් 29, 2012 at 8:17 පෙ.ව.

      kavikaari,

      මාත් දන්නවා එහෙම අය ගැන!!! මමත් ඒ අයට දායක වෙලා ලොකු සතුටක් ලබනවා!!!!

      ඒත් මේ වෛද්‍යවරයා ස්තූති කරන්නේ නොමිලේ ලැබුණු “නිදහස්” අධ්‍යාපනයකට නෙමෙයි. ඔහු කරන්නේ නොමිලේ සැත්කමක් ද නොවේ.

      අයෙක් කැමැත්තෙන් දානය කිරීම වැරදි යැයි කිසිදා කියන්නේ නැහැ. වැරැද්ද ඇත්තේ අනුන්ගේ ධනය බලහත්කාරයෙන් අරගෙන තව අයට දානය කරද්දීයි.

  8. Chandi said, on දෙසැම්බර් 6, 2012 at 12:11 ප.ව.

    මිනිසාගේ සදාචාරාත්මක ගුණය වර්ධනයට ඉඩක් ඇත්තේ සමාජවාදයෙන් යැයි තවමත් අල්ලා ගෙන සිටීම මිනිස් මොළයෙන් හිතන්නට හැකි වූවන්ට ලැජ්ජාවකි! දැනෙන්නෙ නෑ අරුණි.
    අපේ රටේ නිහඬව දරුවන්ට උගන්වන්නට වියදම් කරන අයත්, උගන්වන අයත් ඕනෑ තරම් ඉන්නවා. ඔබත් කාලෙකින් ආවත් ඒ දේ කරනාබව මා දන්නවා නංගි. ඒ ගැන මට ඇත්තෙ සතුටක්.

    • arunishapiro said, on දෙසැම්බර් 6, 2012 at 12:18 ප.ව.

      Chandi,

      පීත්ත පටි කපලා, ගැට බෙර ගහලා, පිටවල් කහන්න ඕන අයට මල් මාලා දාලා, ඔවුන් ලවා පහන් පත්තු කරවලා නොකරන සේවයන් කොතරක් තියෙනවා දැයි දන්නෝ දැනගත්තාම ඇති චාන්දි අක්කා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: