ලෝක පුරුෂයන්ගේ ශුක්‍රාණු ගණනය පහළ යෑමට හේතුව කුමක් ද?
ප්‍රංශයේ පුරුෂයන්ගේ ශුක්‍රාණු ගණනය පසුගිය වසර 16 දී මිලියන 74 සිට මිලියන 50 දක්වා පහළ ගිහින් තිබේ යැයි ප්රවෘත්තියකි. ලෝකය පුරා ම දකින්නට ඇත්තේ පුරුෂයන්ගේ ශුක්‍රාණු ගණනය පහළ යන ප්රවණාතවයක් යැයි පින්තුරයට අමුණන සබැඳිය ඇති එම වාර්තාවේ සඳහන් වෙයි. පුරුෂයාගේ සිතට ධෛර්ය, විශ්වාසය, ආඩම්බරය සහ උදාරත්වය ගෙනෙන තම පවුල රකින හැකියාව ඔහු වෙතින් ඉවත් කර ආණ්ඩුව බාර ගනිද්දී මේ තත්වය ඇතිවෙලා දැයි සොයන පර්යේෂණයක් පැවැත්වෙයි ද?!!!!!!
වෙද ගෙදර මහ වෙදනා මල්ලීට ප්‍රංශයේ විශේෂයෙන් ම සහ ලෝකයේ නන් දෙස වෛද්‍ය සේවයට යන්න කාලය පැමිණ ඇත් ද?!!!
කාමෝද්දීපනය වඩන්නට අනාගතයේ දී ඉතිරි වෙන්නේ දේශපාලනය පමණක් නම්?!!!!!!!!!!!!!!
රටක ආණ්ඩුවක් රටේ පුරවැසියා ධනවත් හෝ දුප්පත් යැයි හංවඩු ගසන්නේ මේ තරමට වඩා ආදායම් ලබනවා නම් මේ තරම් බදු ගෙවිය යුතු යැයි තීරණය කරද්දී ය. මේ භාණ්ඩ මිල දී ගන්නේ නම් මේ බදු ගෙවිය යුතු යැයි තීරණය කරද්දී ය.
රටක පුරවැසියෙක් තමන් ධනවත් දැයි දුප්පත් දැයි තීරණය කරන්නේ පාන් ගෙඩිය ගන්නට අතේ කාසි ඇත්දැයි ගණන් කරන විට දී ය. විලිවසා ගන්නට පමණක් නොව කැමති විලාසිතාවක ඇඳුම් ගැනීමට හැකියාව ඇති නැති බව අනුව ය. අන්ධකාරය පහත් වෙද්දී ලාම්පු දල්වත හැකියාව සහ නොහැකියාව අනුව ය. තමන්ගේ දුවට හෝ පුතාට අනගි අධ්‍යාපනයක් ලබා දෙන්නට වත්කමක් තියෙනවා ද අනුව ය. මහන්සි වූ දිනයෙක නිවාඩුවක් ගන්නට හැකියාවක් ඇත්දැයි අනුවය. කුණාටුවකින් පසු අලාභ දරාගත හැකිදැයි අනුවය. මහන්සි වූ මොළයට නිවාඩුවක් ලබා දෙන විනෝදාංශයකට ඉඩක් තියෙනවා ද නැද්ද යන්න අනුව ය. සිය පවුල, නෑදෑ, යහළු මිත්‍රාදීන්ගේ සතුටට හේතුවන දේවල් කරත හැකියාව ඇත්දැයි අනුවය.
ආණ්ඩුවක් විසින් යම් කොටසකට සමෘද්ධි, සහන නිවාස, නොමිලේ අධ්‍යාපනය ලබා දෙන විට එයට ගෙවන්නේ කවුදැයි හොයන්නට පුරවැසියා උත්සාහයක් ගන්නේ නැත. එය නොමිලේ ලැබෙනවා නොව තම දූ දරුවන් රටේ අනාගත ණය කරුවන් කරමින් නොයෙකුත් වක්‍ර බදු කොතරම් දුප්පත් වුවත් තමන් ද ගෙවන ප්‍රමාණය ඉහළ යන බව නොදකින්නෙකි.
ධනය වනාහී උදාරත්වයයි. ආත්ම විශ්වාසයයි. ස්වාධීනත්වයයි. දානයයි.
ධනය වනාහී ප්‍රගතිය සහ ශිෂ්ඨාචාරයයි.
ධනයටත් වඩා අනගි වූ විජට්ටු දෙකක් ලොව ඇත. ශ්‍රමය (labor) සහ හුවමාරුව (exchange) යනු ඒ දෙකයි. මේ ප්‍රශංසනීය වූ විජට්ටු දෙක මඟින් මිනිසාව වඩා ශිෂ්ඨාචාරවත් අයෙක් කරවයි. -ෆ්රෙඩරික් බැස්ටියාට්
මනුෂ්‍යයෙක් තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් තීරණ ගන්නට යද්දී, ඒ ඒ අයගේ පුද්ගලික වූ උවමනාවන් මොනවා දැයි කියා දැනගන්නට ක්‍රමයක් නැත. එවිට වගකීම යන්න වැරදි තැනක පැළපදියම් වෙයි. එයින් අයෙක් රැවටෙයි. අනෙකා දුක් විඳියි.
ඔබට මුදල් ගැන හෝ ධනය ගැන ඇති න්‍යාය දැනුම කුමක් වුවත්, දැඩි කුසගින්නක් දැනුනු කළ ඔබ කරන්නේ කුමක් ද?
ඔබට කෑම හදා දෙන්නා හෝ විකුණන්නාට පිපාසයක් දැනුනොත්, එයා කරන්නේ කුමක් ද?
ලෝකයේ සෑම පුද්ගලයෙක් ම නිදහස් වූ පුද්ගලයෙක් නම් ඔවුන් සොයා යන්නේ ඒ අවස්ථාවේ දී එකම දැයකි. කුසගින්න නිවා ගන්නට හා පිපාසය නැති කරන්නට අවශ්‍ය දෑ ය.
නමුත් ඒ ප්‍රාථමික අවශ්‍යතා වල දී පමණකි. එතැනින් එහාට අයෙක් සොයා යන්නේ කුමක් දැයි කීමට තවකෙකුට නොහැකියි.
එසේම අයෙක් විශ්වාස කරනවා නම් තම ප්‍රාථමික නොවන උවමනා සපුරා ලීම නිසා තවත් උවමනා ඇති වනවා මිසක් සතුටක් ලැබෙන්නේ නැතැයි කියා එවැනි චින්තනය තමයි ලෝකයේ දරීද්‍රතාවයට හේතු පාදක වෙන්නේ.
වාහනයක් ගන්නට අවශ්‍ය වූ අයෙකුට බෝට්ටුවක් අවශ්‍ය නැති බව ඔවුන් දකින්නේ නැත. ඔවුන් සිතන්නේ ගෙයක් ගන්නට සල්ලි ලැබුනාම හැමෝම ගෙයක් ගන්නා බවයි. ඊ ළඟට වාහනයක් ගන්න යනවා කියාය. වාහනයක් ගත්තාම බෝට්ටුවක් ගන්නට යනවා කියාය. රත්තරන් මාල දාහක් ගන්නට වත්කම තිබියත් එක මාලයක් වත් දාන්නේ නැති අයෙක්ව නොදකින්නේ නොකරන දැයක් නොපෙනෙන නිසාය!!!!!
විචාරයට හැකි මිනිසාට ධනයට ඇති උවමනාවේ සීමාවක් නැත. එහෙත් ඒ ඔබ නීර්ණය කරන දැයට නොවේ. බඩගින්නේ හෝ පිපාසයෙන් ඉන්නා අයෙකුට බඩගින්න පිපාසය සංසිඳුවා ගත්තාම ඒවා නැවත අවශ්‍ය වෙන්නේ බඩගින්න හෝ පිපාසය දැනෙනා කළය. එහෙත් හිතන්න හැකි මොළයෙන් යුතු මිනිසාට, ප්‍රාථමික අවශ්‍යතා සම්පූර්ණ වීමත සමඟ, ධනයෙන් කරත හැකි අසීමිත ක්‍රියාවන් කන්දරාවක් ගැන සිතිය හැකියි.
වෙන කරන්න දෙයක් නැත්නම් අභ්‍යාවකාශයේ ගැට්ටේ සිට පොළවට පනින්න පුළුවන්!!!!
අපට කරන්නට ආශා හිතෙන දේවල් පසුපසින්, ඒවා කරත හැකි අපේ හැකියාව හැමවිටම හඹා ගිය ද එය අසතුටට කාරණයක් නොවේ. මන්ද යමක් සපුරා ගැනීමෙන් පසු වෙන දෙයකට උවමනාවක් ඇතිවීම මිනිස් ස්වභාවයක් නිසාය. එය විචාරය පාවිච්චියට මිනිසා උනන්දු කරවන්නකි. එය සතුට සඳහා අත්‍යවශ්‍යයෙන්ම උවමනා වූවකි.
සතුටක් ඇතිවෙන්නේ ලැබුණු දේවල් ගැන සිත සිතා සතුටු වීමෙන් ද?!!!!!!!!
නැත්නම් සතුටක් ලැබෙන්නේ ගැටළු විසඳාගෙන තව තව දේ කරන්නට තමන්ට හැකියාවක් ඇතැයි යන සිතුවිල්ල නිසා ද?
තම ප්‍රගතිය සලසා ගන්නට තමනට හැකියාව ඇතිබව මිනිස් මොළයේ සතුට ඇති කරන්නකි.
එයට තම ශ්‍රමය යොදවත හැකියාව තමන් සතු බව වටහා ගැනීම මිනිස් මොළයේ සතුට ඇති කරන්නකි.
තම ශ්‍රමය හුවමාරුවට බාධා නැති බව දැකීම මිනිස් මොළයේ සතුට ඇති කරන්නකි.
මනුෂ්‍යයාගේ උන්නතිය මෙතෙක් සාක්ෂාත් වූයේ ද, අනාගතයේ සාක්ෂාත් වන්නේ ද, සතුට හඹා යන්නට හැකියාව ඇති පරිදි මිනිස් මොළය හැඩ ගැසී ඇති නිසාය. වෙනත් සත්තුන්ට එහෙම මොළයක් දායාද වී නැත. උන්ට ලැබී ඇති සහජ හැකියාව තවත් වර්ධනය කරගන්නට බැරි ය. උන්ට විලිවසා ගන්නට අවශ්‍යතාවයක් නැත. විලිවසා ගැනීමෙන් පමණක් තුටු නොවී තම ස්වාධීනත්වය පෙන්වන විලාසිතාවක් කරන්නට උවමනාවක් නැත. තමා හදන විලාසිතා අනුන්ට විකුණා තමන්ට කැමති දැයක් මිල දී ගන්නට හැකියාවක් ලබා ගැනීමට උවමනාවක් නැත.
මිනිසාව සත්වයෙකුගේ මට්ටමෙන් වෙනස් කරන්නේ ධනයයි. මිනිසා ශිෂ්ඨාචාර කරන්නේ ධනයයි.
නමුත් බහුතරයක් පිළිගන්නා මිථ්‍යාව නම් ධනය මිනිසාව වහලෙක් කරනවා යන්නය. එසේ කියනා අය ශ්‍රමය හා හුවමාරුවට නිදහස් ඉඩක් නොදෙනා අයයි. ඔවුන් තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් තීරණ ගන්නට යති. මිනිසාගේ ස්වාධීනත්වය නොසලකති. අනතුරුව මිනිසා ධනයට වහලෙක් වෙලා යැයි කියති!!!!
ශ්‍රමය හා හුවමාරුවට නිදහස් ඉඩ කඩක් නොදී මිනිසාව වහල් බවින් තියාගන්නා ආණ්ඩු/පාලකයන්/රජවරු කරන්නේ ධනය මිනිසා නරක් කරනවාය යන මිථ්‍යාවෙන් රවටා මිනිසාව රූකඩයක් කර තම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමයි. එවිට වහල් බවින් හා අසතුටින් ඉන්නා මිනිසා ශිෂ්ඨාචාර බවින් ද ආපස්සට යයි.
මේ යන විදිහටනම් පුරුෂයන්ගේ ශුක්‍රානු ගිණුම ඔවුන්ගේ බැංකු ගිණුමට ඒකාබද්ධ කරන්න වෙනවා. අනික බදු ගහගෙන යන වේගයට ශුක්‍රානු ගිණුමේ සරු බව අනුව බද්දක් වැටෙයි කියලා හිතන්නත් පුලුවන්. හනිමූන් බද්දකුත් ඇති නොකලොත් තමා පුදුමේ.
තම ආර්ථිකය කළමනාකරණය කරගනීමර 1,2,3, ආදී වශයෙන් කරුණු කීපයක් කියන්න පුලුවන්ද?
විචාරක,
//අනික බදු ගහගෙන යන වේගයට ශුක්‍රානු ගිණුමේ සරු බව අනුව බද්දක් වැටෙයි කියලා හිතන්නත් පුලුවන්.// 😀 ඒ වගේ ම තමන්ගෙ ශුක්‍රාණු තමන්ට නෙමෙයි අයිති ඒවා රජයට කැමති පරිදි භාවිතයට හැකි යැයි කියා නීතියක් ද ගෙනෙන්නට පුළුවන්!!!!
The Way to wealth නමින් බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් ලියපු කෘතියක් තියෙනවා ඕනෑ ම කාලයකට ගැලපෙන සත්‍යයන් සමන්විත.
1. උද්යෝගය -industry: අපට ගෙවන්නට සිද්ධ වෙන්නේ රජය පනවන බදු පමණක් නෙමෙයි. අපේ අලස බව නිසා අපි දෙගුණයක් බදු ගෙවනවා. අපේ පුහු ආඩම්බරය නිසා අපි තුන් ගුණයක් බදු ගෙවනවා. අපේ ඔලමොට්ටලකම් නිසා අපි හතර ගුණයක් බදු ගෙවනවා. මේවායෙන් ගැලවෙන්නට සල්ලි දීලා බැහැ. කිසිත් ඵලකට නැති දේවල් වල නිරත වෙමින් කාලය නාස්ති කරන අය ෆ්රෑන්ක්ලින් සම කරන්නේ නිදාගෙන ඉන්න නරියෝ කුකුලන් අල්ලන්නේ නැහැයි කියන්නට. ඉතින් තමන්ගෙ ආර්ථිකය ගැන උද්යෝගයක් දක්වන්නට ඕනෑ එය දියුණු කරගන්නට.
2. අනලස -diligence: අනුන්ට බාර නොදී තමන්ගේ වැඩ කටයුතු නිවැරදිව කෙරෙනවා දැයි සොයා බැලීමේ වගකීම තමන් බාර ගැනීම. පුංචි නොසලකා හැරීමක් නිසා දැවැන්ත මගෝඩියකට ඉඩ සැලසෙනවා -a little neglect may breed great mischief-
3. අරපිරිමැස්ම -frugality: ඉතිරි කරන්නට නොදත්තා හැමදාම මැරීගෙන වැඩ කර තඹයකු දූ නැතිව මිය යන්නෙකි. මුදල් ලැබෙන්නට මාර්ග සොයනා සේ ම මුදල් ඉතිරි කරන්නටත් මාර්ග සොයා ගත යුතුයි. තමන් අකමැති දේවල් වලටත් සල්ලි වියදම් කරන අය ඉන්නවා අනිත් අයව සතුටු කරන්නටයි කියා. අවසානයේ තමන්ගේ මුදල් හිඟයි, අනුන් ද සතුටු වී නැහැ. ඒ වගේම සතයක් ඉතුරු කරගන්නට රුපියලක් වියදම් කරන අයත් ඉන්නවා, නොදන්නාකම නිසා. අරපිරිමැස්ම හරි හැටියට දැන ගන්නේ අනුන්ගේ වැරදීම් දැකලා තමන්ට හැදෙන්නට හැකියාව ඇත්නම්. ඒත් වැඩියෙන් ඉන්නේ තමන්ගේ වැරදීම් පවා දකින්නට අකමැති අයයි!!
4. ණය -debt: මේක තරම් වටහා ගැනීමට අපහසු කරලා අනලා පොවන දෙයක් ලෝකයේ එදත් අදත් ඇත්තේ නැති තරම්. ණයක් ගන්නට සුදුසු අවස්ථාව සහ නුසුදුසු අවස්ථාව මොනවා දැයි වටහා ගැනීම ආර්ථික කළමනාකරණයේ දී ඉතා වැදගත් වූවක්. උදාහරණයක්: ගන්නා ණයකට පොලියක් වැදුනේ නැතත් (අද මෙහෙ වාහන ගනිද්දී පොලී රහිත ණය ලැබෙනවා) වාහනයේ වියදම් (පැට්රල්, ලියාපදිංචි ගාස්තු, රෙපෙයාර් ..) වාහනය නිසා ලැබෙන වාසි වලට වඩා අඩු දැයි සොයා බලන්න ඕනෑ.
5. දැනුම ක්‍රියාවට නැඟීම -knowledge into action: පන්සිල් පද පහ වගේ තමයි. දන්නවා වුනාට පාවිච්චියට ගන්නේ නැතිකම නිසා ඉතින් යහපතක් සිද්ධ වෙන්නේ නැහැනේ. ඔව් ඔව් හරි වැදගත්, සාදු සාදු කියල සම්පූර්ණයෙන් විරුද්ධ දේ කරමින් ජීවත් වීම නතර කරන්නට ද අවශ්‍යයයි. තීරණ වෙනස් කරත හැකියාව තමන් අතේ තියෙද්දි දකින්නේ තමන්ට වෙනස් කරන්නට බැහැයි කියා “හිතෙන” ඒවා වීම නිසයි පුද්ගලයාගේ ආර්ථිකය පරිහානියට යන්නේ.
බොහොම ස්තුතියි. ප්‍රින්ට් එකක් ගත්තා.
bohoma watina lipiyak thanks Aruni
Shanthi,
🙂
ශුක්‍රාණු ගනනය අඩුවීම,
අරුනි’ත් හෙමිහිට ලිංගික විද්‍යාව පිලිබඳ මාතෘකාවකට අත ගහල වගේ, කෙසේ වෙතත් මගේ මතය
1. දැන් කාලේ ගැහණිය පිරිමි වගේ වෙලා,, අපේ වෙදන කියන පිරිමියට වාජීකරනයක් වීම වෙනුවට…
2. අතේ මුදල් නැතිකම, ආදායමයට වඩා කරන්න තිබෙන දේවල් වැඩිවෙලා, අරුනි කියන පාලනය
3. ජනගහන පාලනය හා දරුවන් හැදෙන්නෙ නෑ කියන සිතිවිල්ල, අරුනි කියන පාලනය
4. දැන් රාජකාරිය ස්වභාවික පරිසරයෙන් ඈත්ව මේසෙට හා ගොන්පීටර්ට සීමා වීම, අරුනි කියන පාලනය
5. පිරිමියත් ගැහණිය මෙන් ඕප දූප සේවීම, ?
6. පිරිමියා ගැහණියට වඩා තම ශරීරයේ ශේප් එක, ෆේසියල් ගැන කරදර වීම, සුමට සමක් වෙනුවෙන් රෝම ඉවත් කිරීම ආදිය ?
7. පිරිමියාට උයන්නට සිදුවීම නිසා පෝශ්යදායක් අහාර වේලක් නොලැබීම ?
8. සම රිසි සංකල්පයේ නැගීම ?
dayal bathee,
ලිංගිකත්වය අලුත් මාතෘකාවක් නෙමේ මේ අඩවියට. ලිංගික හෝර්මෝන රහස් ගැනත්, සබැඳියට අමුණා ඇති කාමොද්දීපනය වඩවන දේශපාලනය ගැනත් කොන්ඩොම් ගැනත් …. බානකුසුමයා බානසුල්ලෙක් වෙයිද වැනි සටහන් ද කළින් ලියා තියෙනවා.
මම නොකියපු දේවල් “අරුනි කියන පාලනය” කියල ලේබල් අලවාගෙන!!!!!
තමන්ගෙ මතයක් ගොඩ නඟද්දී, සැලකිල්ලට ගන්නා අනිත් අය කියපු දේවල් තමන්ට ඕනෑ විදියට ලියාගෙන පාවිච්චිය ගොඩක් දෙනෙක් කරන වැරැද්දක්.
අක්කා දැනටත් මට වැඩ ගොඩ ගැහිලා. 😀
ඇත්තෙන්ම මේ කතාව නිවැරදියි. ලංකාව ගත්තත් විශාල වෙනසක් නැහැ. අපේ රටේ තත්ත්වේ පිළිබඳ මම ඉදිරියේදී ලියන්නම්.
මම මේ ප්‍රශ්නෙට හේතු විදියට දකින්නේ ත්,
1. සමාජ
2. අර්ථික
3. මානසික
4. කායික
5. පාරිසරික ප්‍රශ්නම තමා.
මේ සියල්ලෙන් ගොඩ එන්න ලෝකයට හැකි වෙයි.
හැබැයි ඒකට ආකල්පමය වෙනසකුත් සමාජ ආකෘතිකමය වෙනසකුත් අවශ්‍යයි.
මම නම් යෝජනා කරන්නේ බුදු දහමට අනුකූල සමාජ වාතාවරණයකින්, ( වඳින පුදන ආගම කියන සංකල්පය නම් නෙමේ.) මේ සියල්ල ඉතා පහසුවෙන් විසදා ගත හැකි බවයි.
මහ වෙදනා මල්ලි,
//අපේ රටේ තත්ත්වේ පිළිබඳ මම ඉදිරියේදී ලියන්නම්.// මෙය දැනගන්නට ආසාවෙන් බලා සිටිමි!!!!!
බුදු දහම විස්තරාත්මකව කියා දී තියෙන නිසා එයට අනුකූල සමාජ වාතාවරණයක් ඉතා යහපත් වේවි. මමත් හිතන්නේ //මේ සියල්ල ඉතා පහසුවෙන් විසදා ගත හැකි බවයි.//
ධනයත් හරියට යුවතියක් වගේ, අපි කොච්චර බොරුවට එපෝ කියලා කෑගැහුවත් අන්තිමට අපි සිහින මවන්නේ,ඇලුම් කරන්නෙ,පස්සෙන් යන්නේ ඒ පස්සෙ.
පස්සෙන් යන්න යන්න තව තවත් ඈත් වෙනවා වගේ පේනවා ඒත් හඹායාම නවතන්නේ නැහැ.මිනිසෙකුගේ ජීවිතය සුර ලොවත් අවීචී මහා නරකාදියත් අතර විචලනය කරන්නෙ ඒ එක් බැල්මකින්.
magenama,
🙂
බොහොම කරුණු කාරනා අපට හිතන්නට අවකාශ ලබා දෙන අගනා වියමක්. මගේ හිතට මේ කොටස නම් තදටම වැදුනා.
//රටක පුරවැසියෙක් තමන් ධනවත් දැයි දුප්පත් දැයි තීරණය කරන්නේ පාන් ගෙඩිය ගන්නට අතේ කාසි ඇත්දැයි ගණන් කරන විට දී ය. විලිවසා ගන්නට පමණක් නොව කැමති විලාසිතාවක ඇඳුම් ගැනීමට හැකියාව ඇති නැති බව අනුව ය. අන්ධකාරය පහත් වෙද්දී ලාම්පු දල්වත හැකියාව සහ නොහැකියාව අනුව ය. තමන්ගේ දුවට හෝ පුතාට අනගි අධ්‍යාපනයක් ලබා දෙන්නට වත්කමක් තියෙනවා ද අනුව ය. මහන්සි වූ දිනයෙක නිවාඩුවක් ගන්නට හැකියාවක් ඇත්දැයි අනුවය. කුණාටුවකින් පසු අලාභ දරාගත හැකිදැයි අනුවය. මහන්සි වූ මොළයට නිවාඩුවක් ලබා දෙන විනෝදාංශයකට ඉඩක් තියෙනවා ද නැද්ද යන්න අනුව ය. සිය පවුල, නෑදෑ, යහළු මිත්‍රාදීන්ගේ සතුටට හේතුවන දේවල් කරත හැකියාව ඇත්දැයි අනුවය.//
අපූරු පෝස්ටුවක් සහෝ.
මම සමකය වටේ ලියන නලින්
naleendilruksha,
ස්තූතියි සහෝ.
සන්තුෂ්ටිය පරම ධනයයි..
Din,
වැඩේ වැරදිලා තියන්නෙ තමන්ගෙ සන්තුෂ්ටිය කුමක් දැයි නොසොයා අනුන්ගේ සන්තුෂ්ටිය කුමක් විය යුතු දැයි කියන්නට කාලය වැය කරද්දී.