අරුණි ශපීරෝ‍ වෙතින්

ජීවත්වෙන හැටි මම පෙන්වමි! උපන්දිනේ අද නෙමෙයි!!!!

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 14, 2012

IMG_4546

වැඩවසම් යුගයේ රජවරුන් දෙවියන් ගෙන් ලැබුණු බලයක් යැයි කියමින් තම පුරවැසියන් කොල්ල කෑහ. අහල පහල රටවල් කොල්ල කෑහ. කොල්ලා කන්නට ඈත එපිට නව මහාද්වීප සොයාගෙන ද ගියහ.

අනතුරුව බුද්ධිමය විචාරයේ පිබිදීමක් ඇතිවිය.

මිනිස් ශ්‍රමය අනෙකෙකුට අයිති වූවක් නොව එය වෙහෙසන්නාගේ අයිතියක් බව පිළිගැනුණි.

මිනිසා ඉපිද ඇත්තේ ඒකාධිපතියෙක්, රජෙක්, රදළ පංතියේ ඉඩම් හිමියෙක් වෙනුවෙන් වෙහෙසෙන්නට නොවේ යන්න සමාජයේ බහුතරය විසින් පිළිගන්නා ලදි. අනුන්ට කඹුරනවාට වඩා තමන්ගේ හිතසුව පිණිස වෙහෙසීමට ඉඩ දීම මිනිසාගේ අයිතියක් යැයි බහුතරය විසින් ස්ථාපිත කරගෙන එහි ආරක්ෂාව සඳහා නීති ගෙන ආහ.

ඒත් රජවරුන් ලොවෙන් තුරන් වී නොගියහ. ඔව්හු රටවැසියාගේ අයිතීන් ආරක්ෂා කරදෙන්නට ඉදිරිපත් වූහ. පාලකයන් පොදු ජනතාවගේ හිත සුව පිණිස යැයි පෙනී සිටියහ. මේ පාලකයාට බැරි ය ඒ නිසා මාව පත් කරගන්න මම වැඩියෙන් සාධාරණ බෙදන්නට දන්නවා යැයි කියද්දී, බෙදා දෙන්නේ කාගේ වස්තු සම්පත් දැයි අහන්නට නිදහස ලැබූ මිනිසාට අමතක විය.

බුද්ධිමය විචාරයට හැකියාව ඇත්තේ ශ්‍රමය වෙහෙසන්නාට නොව බෙදන්නට දන්නා අයට යැයි මුලාවක්, බෙදන අයට බලය අල්ලා ගන්නට අත දෙන අය තවමත් ප්‍රචාරය කරති.

බෙදා දෙන බලයට හේත්තු වූවන් තඩියන් උකුණන් මෙන් ජීවත්වෙන පරපෝෂිතයන් බව මිනිසාට කල්පනා නොවීය. මන්ද කල්පනාව නිරන්තරයෙන් යොමු වෙන්නේ මිනිස් ශ්‍රමය හැමගේ යහපත සැලසෙන ආකාරයට හැඩගස්වන්නට උඹට වඩා මම දන්නවා යැයි ඔවුන් අතර සිද්ධ වෙන “බුද්ධිමය විචාරය” දිහාට ය!!!!!!!

මිනිස් ශ්‍රමය අනෙකෙකුට අයිති වූවක් නොව එය වෙහෙසෙන්නාගේ අයිතිය යැයි තවමත් ලොව පිළිගනිති.

එහෙත් අරුමයකි!

“අයිතීන් කියා දෙයක් නොතිබුණු කම්කරුවාව කර්මාන්ත හිමියා විසින් සූරා කෑම අවසන් වූයේ ඔහුගේ ශ්‍රමය ඔහුට අයිතියි කියූ බහුතර චන්දයෙනි. එදා කර්මාන්ත හිමියා සතු වූ බලය අද බහුතර චන්දයෙන් දිනාගෙන නිර්ධන පංතියේ යහපත පිණිස රජ බොජුන් බුදින ආණ්ඩු විසින් නීත්‍යානුකූල බලයකින් ශ්‍රමයට අයිතිය හා ශ්‍රමයේ ඵලයට අයිතිය අහිමි කර ඇත. නිර්ධන පංතියට සියල්ලන් කැමැත්තෙන් යන්නේ තවමත් කර්මාන්ත හිමියාට එදා තිබූ අප්‍රසාදය අදත් එලෙසින්ම පතුරවා එහෙත් එදා කර්මාන්ත හිමියා නීත්‍යානුකූල නොවන විදියට කළ සූරා කෑම අද නීත්‍යානුකූල ලෙසින් කරන ලෝක ආණ්ඩු විසිනි. කම්හලක් පටන් ගන්නට ප්‍රාග් ධනයක් එකතු කරනු තියා දිනපතා බඩ පුරවාගන්නටත් ශ්‍රමයේ ඵලයෙන් නොහැකි වන සේ බදු පනවා ඇත. නවීන තාක්ෂණ ක්‍රම විධි ඉගෙනුමට ඉඩක් නොදී රජයේ පාසැල් වලින් කුඩා කාලයේ සිටම උගන්වන්නේ ආණ්ඩුවේ ගුණ වර්ණනා පමණි.” මා මුහුණුපොතේ දැමූ ප්‍රතිචාරයකි.

අද පොදු ජනතාවගේ හිත සුව පිණිස යැයි කියා, ශ්‍රමය වෙහෙසා උපයා ගත් ඵලයෙන් වැඩි කොටසක් ගෙන තවත් අයෙකුට ඩිංගක් බෙදා දෙන්නේ නීත්‍යානුකූල බලය පාවිච්චියෙනි.

ආදී කාලේ රජ්ජුරුවෝ තම යටත්වැසියන්ගේ ශ්‍රමයට හෝ ජීවිතයට ඔවුනට අයිතියක් දුන්නේ නැත. අයිතියක් නුදුන් නිසා කැමති වේලාවක ඇවිත් ප්‍රාණය වුවත් නිරුද්ධ කරන්නට හැකියාව තිබුණි. “මැරෙන හැටි මම පෙන්වමි,” කියා මිය යෑමත් ඒ නිසා වීරකමක් විය.

අද පාලකයන් තමන් විසින් මංකොල්ලය නීත්‍යානුකූල කර ඇත. තමන් ආරක්ෂා කරනවා යැයි කියන ශ්‍රමිකයාගේ වෙහෙසෙන් උපයා ගත් වස්තුවට ඔහු අයිතියක් කියන්නටත් පෙර ම එය කොල්ලා කමින් සිටිති. ශ්‍රමිකයාගේ දූ දරුවන්ට අධ්‍යාපනයට අයිතියක් දෙනවා කියමින් ඉපදෙන්නටත් පෙර ම ඒ දරුවන්ට රටේ ඉහළ යන ණය බර පටවා ඇත.

නීතිය යනු අනුන්ගේ වස්තුවෙන් පුණ්‍ය කටයුතු කරත හැකි විජට්ටුවක් නොවේ. නීතිය යනු සැමට යුක්තිය සලසන්නකි. එය කරත හැක්කේ එකම එක ආකාරයකින් පමණි. එනම් ශ්‍රමයේ ඵල වෙන කිසිම කෙනෙකුට බලහත්කාරයෙන් උදුරා ගන්නට ඉඩක් නොදීමෙනි. ශ්‍රමයේ ඵලයට නීතියේ රැකවල දී ආරක්ෂා කරදෙනවාය කියන අයම අද ශ්‍රමයේ ඵල ශ්‍රමිකයාට රිසි සේ පරිහරණයට ඉඩක් නොදෙති.

ඉතින් අද කෙරෙන නීත්‍යානුකූල කොල්ලය ආදී කාලයේ තිබූ මංකොල්ලයට වඩා දරැණු නොවේ ද?

එයින් ආරක්ෂා කරනවා යැයි පොරොන්දු වන දැයම බලය පාවිච්චියෙන් උදුරා ගන්නවා නොවේ ද?

ඇති අයෙකුගෙන් අරගෙන නැති අයෙකුට බෙදා දී සමාජ සාධාරණත්වය සලසන්නට තමන් දන්නවා යැයි කියන අය ඒ බලය ලද වහාම සමාජයේ ම “මුදල් නැති දුප්පතුන් ඉන්නවා,” කියති. ආණ්ඩුව දැඩි මූල්‍ය අර්බූදයක ඉන්නවා යැයි කියති.

සමාජයේ මුදල් නැති දුප්පතුන් දකින හුදී ජනයා තමන්ට හැකි පමණින් එකිනෙකාට උදව් පදව් කරගනිති. ඔවුන් බෙදා දෙනුයේ කැමැත්තෙන් දෙන අයගෙන් එකතු කරගන්නා මුදල් හා තෑගි ය. දානය කරන්නේ තම ශ්‍රමයෙන් උපයා ගත් වස්තුවෙන් කොටසකි.

අනුන්ගේ ශ්‍රමයෙන් සැපයෙන පාර්ලිමේන්තුවේ රජ බොජුන් බුදිමින් අනුන්ගේ ශ්‍රමයෙන් තවත් අයට සෙත සලසන්නට දන්නවා කියන පාලකයන් “මුදල් නැති දුප්පතුන් ඉන්නවා,” කියද්දී ගෙනෙන්නේ ශ්‍රමිකයා වෙතින් තවත් වැඩි මුදල් කොටසක් අරගන්නට නීත්‍යානුකූල වූ කොල්ලකෑමේ තවත් පියවරකි. එනම් සංවිධානයෙන් කරන අයුක්තියකි.

නීතියක් ගෙනා පමණින්, පුණ්‍ය කටයුත්තක් සැලසුම් කළ පමණින් භාණ්ඩාගාරය පිරී යන්නේ නැත.

කවුරුන් හෝ ශ්‍රමය වෙහෙසන්නේ පමණක් භාණ්ඩාගාරය පිරෙයි.

ශ්‍රමය වෙහෙසා මිනිසාට තම පසුම්බිය 100% ක් පුරවා ගන්නට හැකියාව ඇත.

එහෙත් අයෙක් තම වෙහෙසෙන් උපයන මුදල පොදු යහපත වෙනුවෙන් රටේ මිලියන විස්ස සමඟ බෙදා හදාගන්නේ යැයි සිතමු. එවිට එක් අයෙකුට ලැබෙන්නේ මිලියන විස්සෙන් එක් කොටසක් පමණක් නම්, වැඩියෙන් මහන්සි වී වැඩියෙන් උපයන අය කොයිතරම් රටේ වැඩිවේවි ද?!!!!

ශක්තිමත් අයටත් දුර්වලයන්ටත් ලැබෙන්නේ එකම ආහාර ප්‍රමාණයක් නම් ශක්තිමතා වැඩියෙන් වෙහෙසෙන්නේ කුමකට ද?

1623 දී මෙය ඔප්පු කර පෙන්නුවත් අදත් ස්වාර්ථය ගැන සිතනු එපා, පොදු අරමුණු ගැනම සිතන්න යැයි කියන උදාර චේතනා වලට මිනිසා රැවටෙන්නේ ඇයි?!!!!

“ජීවත්වෙන හැටි මම පෙන්වමි,” කියා ජීවත්වෙන හැටි පෙන්වන්නට නිදහස පොදු ජනතාව ඉල්ලා සිටිනුයේ කවදා ද?!!!!!

ගූගල් උපන්දිනේ දන්නවා වුනාට මෙය කියවන බහුතරයක් නොදන්නා මගේ උපන්දිනේ අද නෙමෙයි!!!!!

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. shermie Fernandez said, on දෙසැම්බර් 14, 2012 at 8:01 පෙ.ව.

    අරුණි සීත කල කාමරයේ බඩ පිරෙන්නට සප්පායම් වී
    කකුල් උඩට ගෙන නිදහසේ සිටින විට මටද නිර්ධන පැලැන්තිය
    ගැන අති මහත් අනුකම්පාවක් ඇතිව හිත කඳුලින් තෙත්ව යෑම
    සිදුවේ… අරුණි සීත කල කාමරයේ බඩ පිරෙන්නට සප්පායම් වී
    කකුල් උඩට ගෙන නිදහසේ සිටින විට මටද නිර්ධන පැලැන්තිය
    ගැන අති මහත් අනුකම්පාවක් ඇතිව හිත කඳුලින් තෙත්ව යෑම
    සිදුවේ…

    එහෙත් මාගේ කාර්යාලීය පුටුවේ ටයි පටිය දමා හිඳිනා පුද්ගලයාගේ
    ක්‍රියා , නිර්ධන පැලැන්තියේ කලකන්නින්ගේ කන් ලෙයින් තෙත් කරනු
    දැක ඇත්තෙමි…

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2012 at 8:08 පෙ.ව.

      shermie,

      මූල ධර්මයන්, පරිසිද්ධි සහ විචාර බුද්ධිමය තර්කය නොදන්නා සමාජවාදියා නිතරම කරන්නේ අනුන්ගේ පුද්ගලික ජීවිතය ගැන තමන් දැක්කා සේ කතා කරන්නටය.

      මා ඉන්නේ සීත කල කාමරයක නෙමෙයි, උණුසුම් කල කාමරයක ය. මන්ද මේ කාලයේ ඇමෙරිකාවේ ඊසාන වෙරළබඩ ඇත්තේ හේමන්තයයි.

      බඩ පිරෙන්නට සප්පයාම් වී හෝ කකුල් උඩට ගෙන නිදහසේ ඉන්නේ නම් ඒ මගේ ශ්‍රමයෙන් මා ලබාගත් ඵල වලින් මිසක් තවකෙකුගේ ශ්‍රමය බලහත්කාරයෙන් උදුරා ගෙන නෙමයි.

      ඔබේ කාර්යාලීය පුටුවේ වාඩි වෙන්නා ඔබ නොවේ ද?!!!!!!!!

  2. shermie Fernandez said, on දෙසැම්බර් 14, 2012 at 8:16 පෙ.ව.

    හරියටම හරි අරුණි මම අවෙත් එතනටම තමා..
    ඔයා මේ කමෙන්ට් එක දමාවි කියා සිතනවා..
    ඒත් නොදා ඉඳල ඒක පාර්ශවිකව ජය සමරන්නත්
    පුළුවන්….

    මටත් කියන්න ඕන උනේ අරුණි අපේ බඩ පිරෙද්දී කිඹුල්
    කදුළු මිස ඇත්ත කඳුළු උනන්නේ නැහැ..ඔබගේ පිළිතුරු
    හැම වචනයක් වචනයක් ගානෙම ඔබගේ භූමිකාව පැහැදිලියි..
    තවත් කතා කරන්න දෙයක් නැහැ…ස්තූතියි…!

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2012 at 8:24 පෙ.ව.

      shermie,

      විචාර බුද්ධියෙන් වූ තර්කයක් යැයි සිතා තමන් ගෙනෙන මෝඩ කතාවකට පිළිතුරක් නොවැටීම නිසා ඒක පාර්ශවිකව ජය සමරන්නාගේ මෝහන්ධකාරය දුරු වන්නේ නැත.

      //අපේ බඩ පිරෙද්දී කිඹුල්
      කදුළු මිස ඇත්ත කඳුළු උනන්නේ නැහැ// එහෙම අය එක්ක නිර්ධන පංතියේ අයගේ ගැලවීම ගැන කුමට කතාබස් කර කාලය නාස්ති කරනවා ද?!!!!!!

  3. wicharaka විචාරක said, on දෙසැම්බර් 14, 2012 at 8:25 පෙ.ව.

    1. අපිට ලැබෙන විශ්‍රාම වැටුපත් කාව හරි සූරා කෑමක්ද?
    2. පාර්ලිමේන්තුවේ බම්මන්නලාගේ බඩවල් මහත්වෙන්නේ, අපේ බදු මුදල් වැයකර ගිල දමන සුපිරි ආහාර වලින් කියලා කිව්වට ගමේ මැගිලින් අක්කා බංදයිආ තවම කියන්නේ යුදී දිනුවනේ කියලයි. තමන් කොතරම් දැඩි සූරාකෑමකට ලක්ව සිටිනවාද කියන එක ඒ අහිංසක මෝඩයන්ට තේරුම්කර දෙන්නේ කොහොමද?
    3. මේකා අපේ සල්ලි අපිටම බෙදන්න කතා කරන එකෙක් නෙවෙයි කියලා හඳුනාගන්න නම්, ඒ මිනිහාගේ තිබිය යුත්තේ කෙබඳු සැලැස්මක්ද?

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2012 at 8:40 පෙ.ව.

      විචාරක,

      //1. අපිට ලැබෙන විශ්‍රාම වැටුපත් කාව හරි සූරා කෑමක්ද?// ඔව්. විශ්‍රාම වැටුප් සඳහා තම ශ්‍රමයේ ඵලය යෙද වූ සියල්ලන්ම අද ජීවතුන් අතර නැහැ. ඔවුන් සේවය කරද්දී ඒ සඳහා කපා ගන්නා කොටස (ලැබෙන කොටස) එදා භුක්ති විඳින්නට හැකි වූවා නම්?!!!! අයෙක් රැකියාව කරද්දී කැපෙන/ලැබෙන කොටසට වඩා බඩු මිල ඉහළ යෑම වැනි හේතු නිසා අයෙක් විශ්‍රාම යද්දී ලබාගන්නා කොටස වෙනුවෙන් තවත් කිහිප දෙනෙක් අතින් කැපෙන/ලැබෙන කොටස වැඩියි. විශ්‍රාම වැටුප් ආරක්ෂා කරන්න යැයි තියාගන්නා ආණ්ඩුව එහි වටිනාකම පහළ යවන ක්‍රියා පටිපාටි වල යෙදෙනා විට පාඩුව ඊට හිමිකම් කියන්නාගේ ය. ශ්‍රමිකයාට තමන් කැමති ලෙසින් තම විශ්‍රාම වැටුප යැයි කියාගන්නා කොටස භුක්ති විඳින්නට හෝ ආයෝජනයට නිදහස ලැබෙන්නේ නම් එවිට එය සූරා කෑමක් නොවේ.

      //2. පාර්ලිමේන්තුවේ බම්මන්නලාගේ බඩවල් මහත්වෙන්නේ, අපේ බදු මුදල් වැයකර ගිල දමන සුපිරි ආහාර වලින් කියලා කිව්වට ගමේ මැගිලින් අක්කා බංදයිආ තවම කියන්නේ යුදී දිනුවනේ කියලයි. තමන් කොතරම් දැඩි සූරාකෑමකට ලක්ව සිටිනවාද කියන එක ඒ අහිංසක මෝඩයන්ට තේරුම්කර දෙන්නේ කොහොමද?// මේක දුෂ්කර වැඩක් වී තියෙන්නේ රජයේ පාසැල් හා බහුතර ලෝකය තවමත් ඉන්නේ රජය බෙදා දෙන්නට සමත් වූ හපනෙක් කියන මුලාවේ. මෙතැන දී මිනිසුන් තර්ක කරන්නේ කොයි රජය ද ගැන මිසක් ‘රජය’ කියන සංස්ථාව ගැන විචාරයක් නැහැ. එය පටන් ගත්ත දාට තමයි වැටහීමක් ද ලැබෙන්නේ. අහිංසකයාටත් තියෙනවා පාවිච්චි කරන්නට හැකි මොළයක්. රජයේ පාසැල් වලින් ලැබෙන අධ්‍යාපනයෙන් තමයි එය මොට වී ඇත්තේ. ඒ නිසා රජයේ පාසැල් වලින් නොලැබෙන දැනුම අපි මෙවැනි අන්තර්ජාල, සමිති සංවිධාන සහ පවුලේ කතාබහෙන් අහිංසකයන්ට ලබා දිය යුතුයි.

      //3. මේකා අපේ සල්ලි අපිටම බෙදන්න කතා කරන එකෙක් නෙවෙයි කියලා හඳුනාගන්න නම්, ඒ මිනිහාගේ තිබිය යුත්තේ කෙබඳු සැලැස්මක්ද?// සෑම මිනිසෙක් ම බුද්ධිමත් වන්නට හැකියාව ඇති මිනිසෙක් කියන තැනින් තම සැලැස්ම පටන් ගන්නවා නම්. තමන්ගේ අභිවෘද්ධිය සලසා ගැනීමට වඩාත් ම හොඳින් දැනුමක් ඇත්තේ තමාට යැයි කියන අයිතිය ආරක්ෂා කර දෙන්නට ඉදිරිපත් වෙන්නේ නම්. දැනට එහෙම අයෙක් ලංකාවේ දේශපාලනයේ නැහැ!!!!!

  4. samantha said, on දෙසැම්බර් 14, 2012 at 10:19 පෙ.ව.

    //බඩ පිරෙන්නට සප්පයාම් වී හෝ කකුල් උඩට ගෙන නිදහසේ ඉන්නේ නම් ඒ මගේ ශ්‍රමයෙන් මා ලබාගත් ඵල වලින් මිසක් තවකෙකුගේ ශ්‍රමය බලහත්කාරයෙන් උදුරා ගෙන නෙමයි.// නෝනා ඉගෙන ගත්තේ අපේ රටේ අපේ සල්ලි වලින් වෙන්ටැ. දැන් ඉතිං ඇමරිකාවට වෙලා කකුල් උඩදාන් ලංකාවේ ආර්ථික් සාමාජීය සංවර්ධනයක් ගැන ටෝක්ස් දෙනව. නෝනා වගේ ඈයෝ තමා වැඩි හරියක් මේ අන්තර්ජාලේ ඉන්නෙ. ඔය වැල් බයිලා කෙසේ වෙතත් අපි අමාරුවෙන් රෝල ගහං මෙහේ ජීවත් වෙනව. පුළුවන්නම් ලංකාවට ආපු දොහක ලොකු හෝටල් වල යාළුවොත් එක්ක පාටි දාන සල්ලි වලින් දුප්පත් පොඩි එකෙක්ට සපත්තු කුට්ටමක් අරන් දෙන්න. මේ ලොකු කතා වලට වඩා ඒක සෑහෙන්න වටිනව.

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2012 at 10:27 පෙ.ව.

      samantha,

      “මූල ධර්මයන්, පරිසිද්ධි සහ විචාර බුද්ධිමය තර්කය නොදන්නා සමාජවාදියා නිතරම කරන්නේ අනුන්ගේ පුද්ගලික ජීවිතය ගැන තමන් දැක්කා සේ කතා කරන්නටය.” -අරුණි ශපීරෝ

  5. Shanthi Chandrasekera said, on දෙසැම්බර් 14, 2012 at 2:29 ප.ව.

    Aruni mama oyath ekka seeyata seeyak ekngai, api duk mahansiwela upayana mudalin kammalikamen inna alasakama nisa duppath una ayata mama kawadawath udaw karanne naha kawruhari uthsahagannawanam inimage ihalayanna mama inimaga watenna nodee alla gannawa eyath amaruwen naggama anith ayata penevi monada uda thibune kiya. Thanks aruni.

  6. අටම්පහුර said, on දෙසැම්බර් 14, 2012 at 3:01 ප.ව.

    ලොකු කතන්දර කියන්නට නං මම දන්නේ නැ . ඔබ ඔය කියන කතන්දරය විදිමින් , විදවමින් කාලය ගතකරමී, දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගන ඉන්නවා ඇර මම වෙන මොනවා කරන්නද, කවදාවත් වෙනස් වෙන්නේ නැති , වෙනස් කරන්නත් බැරි සදාතනික ප්‍රශ්නයක් ඕක.

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2012 at 7:08 ප.ව.

      අටම්පහුර,

      රජවරුන් අධිරාජ්‍යයන් වලින් එළවා දමා ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසීමත් කවදාවත් වෙනස් වෙන්නෙ නැති, වෙනස් කරන්නත් බැරි “සදාතනික” වූවක් යැයි සිතපු අය හිටියා. බැහැයි නොකියා පුළුවන් කියලා ඒකට ක්‍රමයක් කට්ටියක් හොයාගත්ත. බැහැයි කියලා හිතපු අය අවුරුදු 236 ක් ගිහින් තවමත් රජ පරම්පරාව රකින්න බදු ගෙවමින් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදයෙන් චන්ද ප්‍රකාශ කරමින් ම!!!!

  7. Jay said, on දෙසැම්බර් 14, 2012 at 8:25 ප.ව.

    My comment is “අදුරට සාප කරනවාට වඩා එක පහනක් හෝ දෑල්වීම වටිනවා.” Your work is appreciated.
    It’s discouraging if we not write here. Do writing majority is not here.
    On the other hand enlightment is not easy.
    I caught ” ආනන්දය මේ අනන්ත වූ ධර්මස්කන්ධය තම තම නෑන පමනින් දෑනගතයුතුය් ”
    Even though we read English too it’s not easy to collect this much of facts this easy, I thank you again for that.
    You may happy to know your some extracts I translate back to English for my young lazy readers.
    Keep on going.

  8. Sinha said, on දෙසැම්බර් 15, 2012 at 12:34 පෙ.ව.

    ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

  9. Chandi said, on දෙසැම්බර් 15, 2012 at 5:43 පෙ.ව.

    ගොඩක් දෙනා ඉන්නෙ තියෙන අය ගැන ඉරිසියාවෙන්. නමුත් ඒ අය එම තතවයට එන්න කොපමණ දුක් වින්දා ද කියා බලන්න දන්නේ නෑ. කෙනෙක් එකපාරටම දේ අරන් උපදින්නෙ නෑ. කාලයක් කැපවීම් කරල දුක් මහන්සියෙන්ම තමයි මේ තැනට එන්නෙ. ඒ තත්වයට එන්න උත්සාහ කරන්නා දිනන්නේය. ඔබේ සටහන් බලනා අයට ඔබ කරනා සේවය අගනේය. ජයම වේවා!
    // “අදුරට සාප කරනවාට වඩා එක පහනක් හෝ දෑල්වීම වටිනවා.” //

    • arunishapiro said, on දෙසැම්බර් 15, 2012 at 9:58 පෙ.ව.

      Chandi,

      හුරුවට පටහැනි වූවක් කියන්න ලෙහෙසි වූයේ නැහැ ඉතිහාසයේ කිසිම දවසක. ඒත් කාලයක් ගිහින් සත්‍යයක් බව තමන්ට ඔප්පු වෙච්ච දාට එය තමන්ගේ අදහසක් වුවා යැයි සිතූ අය වැඩි ද වූවා!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: