අරුණි ශපීරෝ‍ වෙතින්

යුග පෙරැළිය, චාල්ස් ඩිකන්ස් සහ තුර්කියේ ඒප්‍රිකොට්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 21, 2012

Turkish Apricots and Turkish Coffee

සත් සමුදුර අඩවියේ චාල්ස් ඩිකන්ස්ගේ Hard Times පොතේ සිංහල පරිවර්තනය වූ යුග පෙරුළිය ගැන සටහන කියෙව්වෙ දැඩි සතුටකින්. නිර්මාණශීලී කටයුතු සඳහා ලෝකයේ බුද්ධිමය දේපල අයිතීන් කාලය ඉකුත්වීම නිසා යල්පැන යද්දී, යළි හිමිකර නොගද්දී සහ තව දුරටත් යෝජිත නොවෙද්දී, ඒවා දැන් මහජන වසමට එකතු වෙන්නේ ඉතා සීඝ්‍රයෙන්.

පුද්ගලික අයිතියට ගෞරවයක් නොදෙන නිසා, නිර්මාණශීලීත්වයක් සොරකම් කරගැනීම කිසිම වරදක් නොවේ යැයි සිතන නිසා, බාල බඩු වැඩි මිලට ගෙන ජීවත්වන, අපොයි අපිට සල්ලි දීලා පොත් අරගෙන කියවන්න වත්කමක් නැහැයි කීම සිරිතක් වී ඇති, එහෙත් තම නිර්මාණයක් කවුරුන් හෝ සොරකම් කළාම පමණක් ඇයි මේ දුසිරිත් යැයි විමසන සිංහල පාඨකයාට අනාගතයේ සොරකම් නොකර කියවන්නට හැකි ලොව අනගි කෘති පහසුවෙන් ලැබෙනු ඇත. වෙනදා බුද්ධිමය දේපල අයිතිකරුට ගෙවීමක් නොකර හොරෙන්ම පරිවර්තන අච්චු ගසා විකුණූ අයට දැන් නීති නොකඩා එහි නිරත විය හැකිය.

එහෙත්, එසේ තමන්ට ලැබෙන්නේ කාගේ හෝ නිර්මාණශීලී උත්සාහයක් නිසා බවත්, කාගේ හෝ පරිත්‍යාගශීලීත්වය නිසා බවත්, ඒ ගැන පුද්ගල දේපල සඳහා ගෞරවයක් වඩවා ගත යුතු බවත්, තව දුරටත් වටහා නොගෙනම බහුතරයක් ජීවත්වනු ඇත. සමහර විට, මේවා මෙතෙක් කාලයක් ලෝක ධනවතුන් විසින් දුප්පත් සිංහලයාව සූරා කෑ නිසා තමනට ලැබිය යුත්තක් සේ වහසි බස් දොඩමින් සිටිනු ද ඇත!!!!!

පොතක් කියවද්දී එහි ගලායන කතන්දරයට සේ ම, එහි ඵෛතිහාසික පසුබිම, එහි භාෂා ශෛලිය, එහි උපමා උපමේය, ඒ ඒ කතුවරයාගේ සුවිශේෂී දැක්ම ගැන විමසීම මගේ සිරිතකි.

බර්ටොල්ට් බ්‍රෙෂ්ට් ලියූ “Die Lösung” නොහොත් “විසඳුම” යන කවියේ ඵෛතිහාසික පසුබිම නොදැන කවිය විතරක් කියවා ඇති අයෙකු එහි වැදගත්කම දන්නේ කෙසේ ද? එය නිසි සේ රසවිඳින්නේ කෙසේ ද?

ඉතින් එසේම චාල්ස් ඩිකන්ස්ගේ යුග පෙරුළිය පොතේ දිග හැරෙන විස්තරය ‘මෙහෙම වෙන්නැති’ යැයි සිතාගෙන ඉන්නා කී දෙනෙක් මේ තොරතුරු දන්නවා ද?

චාල්ස් ඩිකන්ස් උපන්නේ කාර්මීකරණයෙන් සීඝ්‍රයෙන් දියුණු වෙන එංගලන්තයේය. ණය ගෙවා ගන්නට නොහැකිව ඔහුගේ පියා සිරගත වෙද්දී ඔහු කම්හලක ළමා කම්කරුවෙක් ලෙසින් රැකියාවට ගියේ පාසැල් ජීවිතයෙන් සමුගෙනය. ඔහුට ක්‍රමවත් අධ්‍යාපනයක් ලැබුනේ ඉතා කෙටි කලකටය. පත්තර සඟරා වලට සතිපතා දිගු නවකතා සපයා ඔහු තම නිර්මාණශීලීත්වයෙන් ජීවිතය ජයගත්තේය. එදා එංගලන්තයේ බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා වූ නිසා මේ දුප්පත්, ක්‍රමවත් අධ්‍යාපනයක් නොලැබුණු කුසලතාවයෙන් පිරි ඉතිරී ගිය තරුණයාට සිය ජීවිත කාලයේ දී ම මහත් ජනතා ප්‍රසාදයක් සේ ම මහත් ධනයකට හිමිකම් කියන්නට හැකිවිණ.

ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ඔහුගේ චරිතපදානය යැයි සැලකේ. “මට උපදෙස් නොලැබුණි, අනුශාසන නොලැබුණි, දිරිගැන්වීමක් නොලැබුණි, සහනයක් නොලැබුණි, උදව්වක් නොලැබුණි, කිසිම සහායක් නොලැබුණි, කිසිවෙක් ගෙන්, මම සිහි කරමි ඒ ගැන, මම දිව්‍යලෝකයට යන්නට බලාපොරොත්තු වෙමින් සිටිය දී!” යැයි එහි කියා ඇත්තේ ඔහු සිය ජීවිතයේ අත්විඳි සත්‍යය කටුක ස්වභාවය ගැනයි.

චාල්ස් ඩිකන්ස් විසින් ඩේවිඩ් කොපර්ෆීල්ඩ් පොත ලියන කාලයේ දී කාල් මාක්ස් ද ලන්ඩනයේ වාසය කළේය. ඔහු රැකියාවක් නොකළේය. ඔහුගේ වියදම් පියැවුනේ සිය ධනවත් භාර්යාවගේ උරුමයෙන් සහ ඇයගේ ඥාතී සහයෙනි. මාක්ස් ජීවතුන් අතර සිටිය දී සමාජයේ ජනප්‍රසාදය දිනාගත්තෙක් නොවීය. වහල් හිමියා/වහලා අතරත් රදළයා/ප්‍රවේණි දාසයා අතරත් ඇත්තේ ධනවාදියා/ශ්‍රමිකයා අතර දකින පංති භේදයම යැයි මාක්ස් ලියන්නට පටන් ගන්නේ ඒ කාලයේය. ඔහු පංති භේද මුලාව වපුරා පොත නිමා නොකරම මිය ගියවිට එංගල්ස් විසින් එය නිමාකර අච්චු ගසයි.

ඒ කාර්මික යුගයේ ම උපන් චාල්ස් ඩිකන්ස් දුප්පත් කම්කරුවෙක් ලෙසින් මුලු ජීවිතය නොගෙවා ස්වෝත්සාහයෙන් ලොව ජනාදරයට පත්වෙන්නේ පංති භේදයක් සත්‍යය ධනවාදී ලෝකයේ නොමැති බව ඔප්පු කරමිනි!!!!!!

යථාර්ථය පැහැදිලිව පෙන්නුම් කරන ඩිකන්ස්ගේ ප්‍රබන්ධ ඔහු ජීවත්වන සමාජය ගැන නිර්මාණාත්මක ගුණදොස් කියා පාන්නකි.

එවක දී තෝමස් රොබට් මැල්තස් කාර්මීකරණය නිසා ජනගහණය වැඩිවෙන හැටි ගැනත්, එයින් ජනගහණයට කන්න අවශ්‍ය තරමට වගා කරනු නොහැකිව හා ජීවත්වන්න ඉඩ නොමැතිව යන හැටි මතය වූ මැල්තීසියානු අසුභවාදය පතුරුවා හැරීය.

මිනිස් මනස නම් ලොව අභියෝග ජයගන්නට හැකි වු ආශ්චර්යයකි යන්න තමා විසින් ම ඔප්පු කරගත් ඩික්න්ස් ඒ මුලාව තරයේ හෙළා දැකීය. බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල සහතික පෙන්වන මැල්තස් වැන්නුවන් හා යාන්තම් අධ්‍යාපනයක් ලැබූ ඩිකන්ස් සටන් වදින්නේ කෙසේ ද? එය ද මිනිස් මොළයේ අතිශය අපූර්වත්වය විදහා පාන්නකි!!!!!

ඔහු තම යුග පෙරැළිය පොතේ බිලි දෙන්නට ගොඩනඟන පඹයාට දාන්නේ මැල්තස්ගේ මුල් නම වූ තෝමස් යන්නයි!!!!! නොදන්නා කමෙන් පොත් කියවන්නෝ ඩිකන්ස් විසින් ධනවාදියෙක් බිල්ලට දුන්නා යැයි සතුටු වනු ඇත. එහෙත් පසුබිම, ශෛලිය, උපමා උපමේය විභාගයට උත්සාහයක් ගන්නාට එහි බිල්ලට දී ඇත්තේ ලොව සුවිශේෂී වූ මිනිස් ස්වභාවයට තැනක් නොදෙන්නාව බව දකියි.

ඩිකන්ස් විසින් මැල්තීසියානු අසුභවාදය කොතරම් පිළිකුල් කළේ ද යන්න දකින්නට නම් ඔහුගේ ප්‍රබන්ධ පුරා දරීද්‍රතාවය ගැන විස්තරාත්මක සටහන් අතරින් දිවෙන බටර්, කේක්, හැම් බේකන්, කේජු, වයින්, මෝකා කෝපි යනාදියේ විස්තර කොතරම් ප්‍රමාණයක් දකින්නට හැකිදැයි කියා සොයා බැලිය යුතුය!!!!!! මැල්තස් වැනි මිනිසා අගතියට යන්නේය, ඒ නිසා ඔහු සුගතියට හරවා ගන්නට නම් නීති ගෙනැවිත් නියාමන මඟින් මිනිසාට අධ්‍යාපනයේ පටන් මුළු ජීවිතයම ගෙන යන හැටි රජය විසින් නිර්දේශ කළ යුතුය වැනි අදහස්, ඩිකන්ස් තම ප්‍රබන්ධ වල දුෂ්ටයාගේ කටින් පිටවෙන වදන් සේ ලියා ඇත. එසේම ධනවාදය නිසා දරීද්‍රතාවය පැතිරෙන්නේ යැයි අනාවැකි කියන එවැනි අයගේ චරිත වලට ම ඉස්තරම්ම ආහාර පාන කවන්නට ඩිකන්ස් අතපසු නොකරයි!!!!

ඩිකන්ස් කවුදැයි නොසොයා කියවන අය දකින්නේ ධනවාදියාට පහර දුන් නවකතාකරුවෙකි. ඔහු පහර දී ඇත්තේ ලෝක අණ්ඩපාලයන්ට බව නොදකියි!!!!!!

ඉතිහාසමය පසුබිම නොදැන පොත් මුලයි, මැදයි, අගයි කියවන අය ඉතින් මේ ප්‍රබන්ධයන්හි රසාස්වාදය මුළුමනින්ම දත්තා දැයි සැකයි.

ඉතින් ඔබ සිතා සිටිය ‘මෙහෙම වෙන්නැති’ යන්න එසේ ද, නැත්නම් මා සඳහන් කළ ඇති ඉහත තොරතුරු අනුව ‘එහෙම වෙන්නැති’ ද යන්න සොයා බැලිය හැකියාව ඇත්තේ එකම එක අයෙකුට පමණි. ඔබටයි! එය කළ හැක්කේ පොත මුල සිට අගට කියැවීමෙනි!!!!!

ධනවාදයේ මහිමයෙන්, මිනිස් අපූර්වත්වය අවතක්සෙරුවට ලක් නොකර, සැමදා වෙහෙසන කූඹින් අතින් නිපැදෙන ලද තුර්කියේ ඒප්‍රිකොට් කමින් සහ කෝපි බොමින් මෙය සටහන් තැබුවෙමි!!!!!

Advertisements

20 Responses

Subscribe to comments with RSS.

  1. Maathalan said, on දෙසැම්බර් 21, 2012 at 11:33 පෙ.ව.

    හැබයි ඔය කෝපි වවන අයයි ඇප්‍රිකට් වවන අයයි බංගලාදේශයේ ඇඟළුම් සේවීකාවන් වගේම දුක් විඳිනවා නේද….? ඒ ගැනත් සටහනක්…..

    • arunishapiro said, on දෙසැම්බර් 21, 2012 at 12:00 ප.ව.

      Maathalan,

      ඒ අය කෝපි නොවැව්වොත්, ඇප්‍රිකට් නොවැව්වොත්, ඇඟළුම් නොමැහුව්වොත් දුක් නොවිඳ සැපසේ ජීවිත ගෙවනවා ද?

      මේවා තොග වශයෙන් පිටරට පටවන්නට පටන් ගන්න කළින් ඒ රටවල ශ්‍රමිකයන් ආරක්ෂාව සඳහා තිබි ඔක්කොම නීති ආලෝපනය කර ඇති නිසා ද මොවුන් ශ්‍රමිකයන් විදියට දුක් විඳින්නේ?

      • මාතලන් said, on දෙසැම්බර් 21, 2012 at 11:51 ප.ව.

        නැතිනම් කුමක් නිසාද….?

        • arunishapiro said, on දෙසැම්බර් 24, 2012 at 10:25 පෙ.ව.

          මාතලන්,

          නීති නැති නිසා නෙමෙයි, නීති තිබුණාට ලංකාවේ වගේමයි, රජයේ අයට සහ රජයට හේත්තු වෙච්ච බඩතඩි මුදලාලිලාට විශේෂ වරප්‍රසාද ලැබෙන නිසා. මිනිස්සු මරලා වුනත් වසර පුරා පඩිය ලබමින් වැඩට යන්නෙ නැතිව ඉන්න පුලුවන් ද පුද්ගලික අංශයක?!!!!!!!!

          ඉතින් ජීවිතය හා දේපල ආරක්ෂාවෙන් රටේ ජනතාව ආරක්ෂා කරනු පිණිස යැයි ඉදිරිපත් වෙන රජය, නීති විපර්යාස කරනවා මෙහෙමයි ජීවිත හා දේපල අපි ආරක්ෂා කරන්නේ කියා, ප්‍රතිඵලය තමයි අවසානයේ ජනතාව අනාරක්ෂිත වීම.

  2. DG said, on දෙසැම්බර් 22, 2012 at 12:24 පෙ.ව.

    ධනවාදය හොඳයි. ඒක නරකයි කියන්න බෑ. ඇමෙරිකාවේ ධනවාදය ක්‍රියාත්මක වෙනවා. චීනයේ සමාජවාදය ක්‍රියාත්මක වෙනවා. ඒ රටෙත් දුක් විඳින අය ඉන්නවා. ඇමෙරිකාවෙත් දුක්විඳින අය ඉන්නවා. ඉතින් ධනවාදයටත් බෑ සමාජවාදයටත් බෑ මිනිහෙක්ගේ ජීවන තත්තවය උසස් කරලන්න. එතන තියෙන්නෙ අඕන මිනිහෙක්ගේ උත්සාහය.

  3. Uditha Meegahathenna (@UdithaMe) said, on දෙසැම්බර් 23, 2012 at 3:47 ප.ව.

    දෙනුවර අන්දරයේ මුල් පරිච්ඡේදය තරම් රසවත් වෙන පොතක් ඇත්ද? මෙම ලිපිය කියවීමේදී මගේ පියා සිහිවී ඇසට කඳුලක් ඉනුවා. මම කුඩා කාලේ අපේ තාත්ත ඇඳේ හන්සිවෙලා මට ඩිකන්ස් ගේ A Tale of Two Cities කියවල තේරුම් කරලා දෙනවා

    • arunishapiro said, on දෙසැම්බර් 24, 2012 at 10:32 පෙ.ව.

      Uditha Meegahathenna,

      මෙන්න Les Misérables හි පෙරවදන:

      So long as there shall exist, by virtue of law and custom, decrees of damnation pronounced by society, artificially creating hells amid the civilization of earth, and adding the element of human fate to divine destiny; so long as the three great problems of the century -the degradation of man through pauperism, the corruption of woman through hunger, the crippling of children through lack of light- are unsolved; so long as social asphyxia is possible in any part of the world; -in other words, and with a still wider significance, so long as ignorance and poverty exist on earth, books of the nature of Les Misérables cannot fail to be of use.

      1862 වික්ටර් හියුගෝ එහෙම ලිව්වට 2012 දීත් බහුතරයා තාම හිතන්නේ මේ විශාල ප්‍රශ්න තුන විසඳිය හැක්කේ මෙච්චර කාලයක් ඊට අසාර්ථක වූ ආණ්ඩුවටමයි කියලා. ඒ මදිවට මේ ආණ්ඩුව පෙරළලා තවත් ආණ්ඩුවකට කළ හැකි යැයි කියන්න තවත් සංවිධානාත්මක වෙන්න හදනවා!!!! 😦

  4. Vidula said, on දෙසැම්බර් 26, 2012 at 1:54 ප.ව.

    හුගක් දවසට අරුනි අක්ක කියන දේට 100% එකග නැතිනිසා සතහනක් දමන්නෙ නෑ. හැබැයි අදනම් 200% එකගයි මුලු හදවතින්ම…

    • arunishapiro said, on දෙසැම්බර් 27, 2012 at 10:13 පෙ.ව.

      Vidula,

      එහෙම තමයි Viduala. මගේ ගෙදර උදවිය ගෙන් වත් මම 100% ක එකඟතාවයක් හැම දෙයක දී ම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. එහෙම වුනොත් ජීවිතය කොතරම් නීරස වේ ද? 😀

  5. Sharanga said, on දෙසැම්බර් 29, 2012 at 3:46 පෙ.ව.

    It seems that Thomas Malthus is your favourite punching bag.

    Charles Dickens had really naive understanding of politics, which is not surprising given the education he had. The thing about abstract political theories is that they are hard to understand, and when you don’t understand them, you instinctively think that they are inhumane.

    Let me give you an example. I cannot remember exactly who did this experiment, but there was this experiment where people were given the following scenario. There is an hospital administrator who has 5 million dollars in his possession with which he intends to buy a medical equipment. Then there comes a child, about to die. A surgery needs to be done, but the thing is, in order to do that surgery, he has to spend all 5 million dollars he has. People are asked what should the doctor do. Should the doctor spend the money to save the kid’s life, or should he buy the equipment he intended to buy.

    This was done in America, and it turned out that both conservatives and liberals overwhelmingly thought that the doctor should spend the money to save the kid’s life. Lot of them blamed the doctor for even considering the alternatives. Only libertarians thought that spending the money on the equipment was probably the right thing to do.

    Isn’t that weird? If medical equipment don’t save lives, if doctor’s salaries, nurse’s salaries, and all such administrative costs don’t save lives, then what’s point of having hospitals in the first place. But the thing is, for most people this is not obvious. This is one inference step beyond their understanding, whereas saving the dying child is obvious to them.

    Charles Dickens is like those conservatives and liberals and Malthus was like those libertarians. Charles Dickens’ Ebenezer Scrooge says stuff like “If they would rather die they had better do it, and decrease the surplus population”, thinking that that’s what Malthus thinks. That’s hardly the case. What Malthus actually wanted was to prevent exactly that kind of thing from happening.

    I’m not a Malthusian. I don’t think that the resource limitation problem is unsolvable. But really the difference between Malthus and Dickens is similar to the difference between a scholar and cartoonist.

    • arunishapiro said, on දෙසැම්බර් 29, 2012 at 11:20 පෙ.ව.

      Sharanga,

      පරිසරය හා මිනිස් ක්‍රියා නිසා මිනිසාට යන එන මං නැතැයි කියනා අය රොබට් මැල්තස් වැන්නුවන් සිටින සමාජයේ ම වූ තවත් අය සිය මිනිස් මොළයෙන් විසඳාගත් ගැටළු ඉතිහාසය පෙන්නුම් කරන නිසා රොබට් මැල්තස් වැන්නුවන් හැමදාම මගේ punching bag එක වෙනු ඇත.

      ක්‍රමවත් අධ්‍යාපනයක සහතිකයක් ලැබූ නිසා පමණින් එවැන්නා තුල ඥානය ඇතැයි සිතනා අය ද හැමදාම මගේ punching bag එක වෙනු ඇත.

      අනුන්ගේ යහපත කුමක් දැයි තමන් දන්නවා යැයි කියමින් ඊට ක්‍රියාමාර්ග ගෙනෙනා අය ද හැමදාම මගේ punching bag එක වෙනු ඇත.

      • Sharanga said, on දෙසැම්බර් 29, 2012 at 11:48 පෙ.ව.

        You last sentence would make all kinds politics, except Machiavellian politics which only concerned about maintaining power, impossible. Doing politics means taking responsibility for others, and doing what you think is best for you and others. How else are you ever going to do politics? No matter what you are, be it social anarchist, liberal or Marxist, you are what you are because that’s what you think that is best for you and others. Maybe you meant something. In that case you have rephrase in a way that doesn’t make all kinds of politics impossible.
        ****

        Anyway, my main point is, I’m not saying Malthus was right. I’m saying he was a true scholar and Dickens’ attacks on him were ridiculous. If you disagree with Malthus, disagree with like a true scholar by demolishing his claims through logical argument, not by drawing straw-men like Ebenezer Scrooge and appealing to people’s emotions.

        Reality does not owe it to you to be nice. Reality does not owe it to you to be moral. Reality does not owe it to you to be what you want it to be. Reality is simply what it is, and Malthus simply wrote what he thought reality looks like. Malthus had a legitimate concern. Resources on earth are limited. There’s no way around it. So his concern was, if population kept on growing, where would it find the resources to sustain it. This is a very legitimate concern, and if you disagree with him, you have to disagree with him not because you don’t like the conclusion he has come to, but because you have reason to believe that reality is not what he thought it was.

        Dickens thought that reality owed it to him to be what he wanted it to be.

        • arunishapiro said, on දෙසැම්බර් 30, 2012 at 10:08 පෙ.ව.

          Sharanga,

          පුද්ගලයාගේ ජීවිතයට හා ඔහුගේ දේපලට අයිතිය තහවුරු කරන මිනිස් අයිතිවාසිකම් පිළිගත්තා වූ ලෝකයක දේශපාලනය යනු අනවශ්‍ය වූවක්. අද සමාජ සාධාරණත්වය සලසන නාමයෙන් කෙරෙන්නෙ පුරවැසියන්ගේ අයිතීන් කප්පාදුවෙන් බලයේ ඉන්නා අය බලයේ ඉන්නට වෙර දැරීමයි.

          අද දේශපාලනයේ යෙදෙන අය //Doing politics means taking responsibility for others, and doing what you think is best for you and others.// මෙවැනි යැයි ඔබ සත්‍යයෙන්ම විශ්වාස කරනවා නම් ඔබ නිවටයෙක් ද නැත්නම් අහිංසකයෙක් දැයි සිතාගනු නොහැකියි!!!!

          ලිබටේරියාන්වාදියාට සියළු දේශපාලනය අපුල ය. අනවශ්‍යය. සියළු පුරවැසියන්ට එක හා සමාන ලෙසින් ඔවුන්ගේ ජීවිතයට හා දේපල අයිතීන් ආරක්ෂා කර දීම පමණක් ආණ්ඩුවේ කාර්ය භාරය වෙද්දී ආණ්ඩුව ඉතා කුඩා වූ එදිනෙදා ජීවිතයට අඩු බලපෑමකින් යුතු වූවකි. එවිට රෑ දොළහට වැඩිවෙන බඩු මිල සොයන්නට අවශ්‍ය නැත. රටේ ලොක්කෝ ගත් තීරණ වලින් අද ජනතාව සහ හෙට පරම්පරාවල් ද ණය කරවූ නිසා අනාගතය කෙසේ වේදැයි බලා ඉන්නට අනවශ්‍යයය.

          මැල්තස් විසින් ඉදිරිපත් කළ අදහස් මීට කළින් මා නිශ්ප්‍රභා කර ඇත්තෙමි. ඉතිහාසය පෙන්වා ඇත්තේ ජනගහණය වැඩිවීම නිසා ඇති වූ ගැටළු මිනිසා ජයගත් බවයි. එහෙත් තවමත් ඒ මැල්තීසියානු අසුභවාදය පතුරවමින් සැලසුම් ගෙනෙන්නට, ඒවායෙන් ජනතාව ණය බරින් පුරවන්නට හදනා අසාර්ථක උත්සාහ ඒවාට රැවටෙන මිනිසුන් සිටිනා ලෝකයේ තවමත් ඇත.

          http://www.ft.lk/2011/12/12/sri-lanka’s-choice-by-2050-go-live-in-the-sky-and-release-land-for-agriculture/

          https://arunishapiro.wordpress.com/2011/12/13/අහසේ-ජීවත්-වෙනවා-ද-මුහුදේ/

          https://arunishapiro.wordpress.com/2011/09/21/ලූ-වෙන්චායි-hukou-සැලැස්ම-සහ-ඔබ/

          https://arunishapiro.wordpress.com/2012/04/22/මිහිකත-දිනයේ-අද-ජීවත්වන-අ/

          https://arunishapiro.wordpress.com/2011/07/15/ඉන්දියාවේ-කොන්ඩොම්-සහ-ඒඩ/

          https://arunishapiro.wordpress.com/2012/01/25/අශ්ව-බලයෙන්-අශ්ව-බෙටි-අර්/

          https://arunishapiro.wordpress.com/2012/02/02/කෘෂි-හා-කර්මාන්ත-ආර්ථිකය/

          https://arunishapiro.wordpress.com/2012/01/27/ලෝක-ජනගහණයට-ආහාර-සැපයුම/

          තවත් සටහන් ගණනාවක් ලියලා තියෙනවා, ඒවායේ සබැඳි ඉහත සටහන් තුලින් ද සොයාගත හැකියි.

          • sharanga said, on දෙසැම්බර් 31, 2012 at 3:27 පෙ.ව.

            අමාරුවෙන් නමුත් සින්හලෙන්ම ලියන්න හිතුව.

            පළවෙනි කාරණය: පුද්ගලයාගේ ජීවිතයට හා ඔහුගේ දේපලට අයිතිය තහවුරු කරන මිනිස් අයිතිවාසිකම් පිළිගත්තා වූ ලෝකයක දේශපාලනය යනු අනවශ්‍ය වූවක් නම් තමයි. ඒත් ප්‍රශ්නය එහෙම ලෝකයක් එන්නෙ අහසින්ද කියන එක. Homo sapiens හැදුනෙ මීට අවුරුදු 200,000 කට විතර කලින්. එතැන් පටන් අද වෙනකම් ඔය කියන වර්ගයෙ සමාජය තිබුනනම් කරුණාකර උදාහරණයක් දෙන්න. ඔය කියන වර්ගයේ සමාජයකට ආසන්නම සමාජයක් හැදුනනම් හැදුනෙ විසි වෙනි සියවසේ, විශේෂයෙන් ඇමෙරිකාවෙ. එතකොට මතු වෙන ප්‍රශ්නය තමයි George Washington ලා, Thomas Jefferson ලා කළේ දේශපාලනය මිසක් වෙන අහවල් එකක්ද කියල.

            නමුත් ඔබට අනුව නම් ඔවුන් කර ඇත්තේ දේශපාලනය නොව, වෙනත් කුමක්දෝ දෙයකි. මන්දයත් ඔබට අනුව ලිබර්ටෙරියානුවන්ට දේශපාලනය අපුලයි. යම් පමනකට ලිබර්ටෙරියන් මත දරන මට මෙය පෙනෙන්නෙ විකාර අදහසක් විදිහට. Libertarianism is a political philosophy කියද්දී political යන වචනය දමන්නෙ කට කහනවටදැයි අසන්නට සිතෙන්නෙ එවිටයි.

            අනෙක් දේ තමයි Doing politics means taking responsibility for others, and doing what you think is best for you and others කියද්දි මම කියන් නෑ විමල් වීරවන්ශ කරන්නෙ ඒකයි කියල. කාරණා පටලව ගන්න එපා. මම කියන්නෙ Machiavelli ගෙ වර්ගයේ political philosophy හැරුන විට, අනෙක් සියලුම political philosophy හැදිලා තියෙන්නෙ ඒ අදහස මත. ඉතින් ඒ political philosophy වලට අනුව Doing politics means taking responsibility for others, and doing what you think is best for you and others තමයි.

            කෙළින්ම අදාළ නොවුනත් තවත් කාරණාවක් කියන්න ඔන. ඒ තමයි libertarianism කියන වචනයට ඔය අදහස දෙන්නෙ ඇමරිකාවෙ විතරයි කියන එක. යුරෝපයෙ ඔකට තියෙන්නෙ වෙනත් අදහසක්. අනෙක් කාරණය තමයි මට පෙනෙන විදිහට ඔබ අගය කරන Ayn Rand ලිබර්ටෙරියන්ලව පිළිකුල් කරපු බව. රෑන්ඩ් ගෙ objecitvism හි සමහර දෙවල් වලට මම එකග උනත් කියන්න තියෙන්නෙ ඒකෙ හුගක් දෙවල් අවිද්‍යත්මකයි කියල.

            දෙවනි කාරණය: මම කලින් කිව් පරිදි Malthusian catastrophe එකක් වෙයි කියල මමත් පිලිගන්නෑ. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නෙ. ප්‍රශ්නෙ තමයි Charles Dickens ඊට විරුද්ධ වුනේ හොද හේතුවක් නැතුව, මහ මෝඩ විදිහට. හොදම උදාහරණය Ebenezer Scrooge.

            • arunishapiro said, on දෙසැම්බර් 31, 2012 at 9:27 පෙ.ව.

              sharanga,

              නැහැ අහසින් නෙමෙයි එන්නෙ. පුද්ගලයාගේ ජීවිතයට හා ඔහුගේ දේපල අයිතියට ගරු කරන සමාජයක් එන්නෙ මිනිසුන්ගෙ මොළය තවත් බුද්ධිමත් බවට පරිනාමය වෙද්දී. වහල් ක්‍රමය ලොව නුසුදුසු වූවක් යැයි පිළිගන්න පරිනාමය වූ මිනිස් මොළයට මෙය ද තමන්ගේ ම යහපත පිණිස වූ එකම මාර්ගය යැයි වටහා ගෙන පරිනාමය වෙන්න හැකියාව තිබෙන්නක්. වහල් ක්‍රමය බහුතර ලෝකයෙන් තුරන් වූයේ දේශපාලනය නිසා නෙමෙයි, මිනිසා එහි ආදීනව වටහා ගත් නිසයි. එහෙම නැති පැතිවල තවමත් ‘වහල් ක්‍රම’ පැවතෙනවා.

              පුද්ගල ජීවිත හා දේපල අයිතිය ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් සහ ඒ සඳහා වූ නීති පද්ධතියක් සමඟ පුරවැසියන්ට ජීවිතය ගෙන යන්නට ඉඩ ලැබෙන කොට දේශපාලනයේ වැදගත්කමක් නැති වී ගිය සමාජයක් තිබුනේ 19 වැනි සියවසේ ඇමෙරිකාවේ. එවැනි තත්වයක් පිහිටුවා ගන්නට ඔවුන් ගත්තේ දේශපාලන ක්‍රියා මාර්ගයක් නෙමෙයි බ්‍රිතාන්‍යයෙන් වෙන්වෙන විප්ලවීය යුද්ධයක්. ප්‍රංශයේ ලිබටේරියන්වාදියා වූ බැස්ටියාට් ඉදිරිපත් කරපු ‘නීතිය’ කියවන්න. ඒත් දේශපාලන බලතණ්හාවෙන් යුතු අය එය නොසලකා හැරි නිසා ප්‍රංශය අදත් අයිතීන් ආරක්ෂා වෙන්නේ නැතැයි කියා පුරවැසියන් පිට වී යන රටක් වෙලා.

              ඇමෙරිකාව අයිතීන් ආරක්ෂාවෙන් වේගයෙන් සංවර්ධනයක් ලබමින් ඉදිරියට යද්දී ඇතුලට රිංගන දේශපාලනය තමයි නැවතත් දේශපාලන ගුණ්ඩු වලින් පුරවැසියා සතු අයිතීන් කප්පාදුව හෙමින් හෙමින් පටන් ගත්තෙ. පළමු හා දෙවැනි ලෝක යුද්ධ, New Deal, Great Society වලින් නිදහස් වෙළඳපොල හා පුද්ගල අයිතීන් කප්පාදුවට ලක්වෙද්දී තමයි, “හැමෝටම අනික් හැමෝගෙම වියදමෙන් ජීවත්වනු හැකියි කියන රජය නම් සංකල්පය යනු ලෝක බොරුවක්,” යැයි කියමින් ඇමෙරිකාව තුලින් ම ලිබටේරියන්වාදයට පක්ෂව ජනතාව සංවිධානය වෙන්න පටන් ගන්නේ. ලිබටේරියන්වාදය යනු මිනිස් ස්වභාවය සැලකිල්ලට ගනිමින්, අර්ථ ශාස්ත්‍රමය පදනමක් මත ගොඩනැඟෙන ආචාර ධර්ම දැක්මක්. ලිබටේරියන් පක්ෂයේ අරමුණ යළිත් පුද්ගල අයිතීන් රකින කුඩා ආණ්ඩුවක් කරා යෑම; ඒත් එයට ඔවුන් කා එක්කවත් කොම්ප්‍රොමයිස් ගහන්න කැමති නැතිකම නිසා ඔවුන් දේශපාලනයේ යෙදෙන අය අතරින් පැහැදිලිවම වෙනස් වෙනවා.

              මැකියාවලිගේ වර්ගයේ දේශපාලනය තමයි “හැමෝටම අනික් හැමෝගෙම වියදමෙන් ජීවත්වනු හැකියි කියන රජය නම් සංකල්පය” නොහොත් හැමෝම හැමෝවම කොල්ලකෑම සහ සුළු කොටසක් බහුතරයක් විසින් කොල්ලකෑම. අද බහුතර රටවල දකින්නට ඇත්තේ මුල් එක. සංවර්ධිත රටවල දකින්නට ඇත්තේ දෙවැන්න. ඒ දෙක හැරුනාම ලෝකයේ තියෙන අනිත් එකම ආණ්ඩු ක්‍රමය, “කිසිවෙක් කිසිවෙක් කොල්ල නොකෑම” තමයි ලිබටේරියන් දැක්ම. ඒක දැක්මක්, අවබෝධ කරගත යුතු වූවක් මිසක් දේශපාලනයේ යෙදී කොම්ප්‍රොමයිස් ගැසිය හැකි වූවක් නෙමෙයි. නැවතත් තාම කියෙව්වේ නැත්නම් ප්‍රංශයේ ලිබටේරියන්වාදියා වූ බැස්ටියාට් ඉදිරිපත් කරපු ‘නීතිය’ කියවන්න.

              ඔව් ලිබටේරියාන්වාදය ඇමෙරිකාවේ හටගත් බීජයක්. ජනතාව අතින් ජනතාව පාලනය වීම සේ ම හටගත්තා වූ අනගි බීජයක්.

              අයින් රෑන්ඩ් තමා ලිබටේරියන්වාදියෙක් නොවේ යැයි කීවා සේ ෆිඩෙල් කැස්ත්‍රෝ ද කීවා නැහැ නැහැ මම කොමියුනිස්ට් නොවේ, අපේ විප්ලවයත් කොමියුනිස්ට් නොවේ යැයි කියා!!!!! ඒත් අද අයින් රෑන්ඩ්ව සැලකෙන්නේ 20 වැනි සියවසේ වඩාත්ම බලපෑමක් කළ ලිබටේරියන්වාදියා ලෙස. 1991 කොංග්‍රස් පුස්තකාලය/book of the month club දෙක කරන ලද සොයා බැලීමක දී බයිබලයට අනතුරුව ඇමෙරිකන් පුරවැසියන්ගේ ජීවිත වෙනස් කළ දෙවැනි පොත ලෙස සැලකෙන්නේ ඇයගේ “ඇට්ලස් හැකිළුණි” බව අනවාරණය වූවා. ඉතින් “ඇට්ලස් හැකිළුණි” ලිබටේරියන් නෙමෙයි නම් එහෙම නම් ෆිඩෙල් කැස්ත්‍රෝ ද කොමියුනිස්ට් නෙමෙයි!!!!!!

              මැල්තස් ගෙනා අදහස් අනුව අදත් ලෝකයේ (ලංකාවේ ද) නීති රීති වෙනස් වෙද්දී (මම කළින් උත්තරයට සබැඳි යොදා ඇත්තෙමි) චාල්ස් ඩිකන්ස් මැල්තස්ට විරුද්ධ වුනේ හොඳ හේතුවක් නැතිව යැයි ඔබ කියයි.

              • sharanga said, on දෙසැම්බර් 31, 2012 at 12:32 ප.ව.

                දිගින් දිගටම වාද කිර්‍රිමෙන් පලක් නැති නිසා මේ වටයෙන් නවතින්න මම අදහස් කරනව.

                මූලික වශයෙන්ම මට කියන්න තියෙන්නෙ මේකයි. ඔබ දේශපාලනය කියන එක ඔබට ඕන විදිහට අර්ථ ගන්වල ඒ හරහා දේශපාලනය කියන සම්පූර්ණ විද්‍යාවටම මඩ ගහනව මිසක් ඊට වඩා වැදගත් අදහසක් ඉදිරිපත් කරන්නැහැ. මම එහෙම කියන්නෙ ඔබත් අගය කරන libertarianism ඔබගෙ දැක්මට අනුව දේශපාලනය නොවන නිසා. දේශපාලනය යනු the way we “choose government officials and make decisions about public policy යනුවෙන් සාමාන්‍යයෙන් අර්ථ ගැන්වෙද්දි,, libertarianism යනු political philosophy එකක් ලෙස අර්ථ ගැන්වෙද්දි ඔබ විතරක් libertarianism එළ නමුත් එය politics නොවෙයි සියලු politics නරකයි, libertarians ලට politics අපුලයි කියනව.

                මිනිස්සුන්ගෙ මොළය අවුරුදු 1000 කින් 2000 කින් තියා 10,000 කින් වත් ස්වභාවික වර්ණවාදය අනුව සැලකිය යුතු තරම් පරිණාමය වෙන් නෑ. එවැනි සැලකිය යුතු ජීව විද්‍යත්මක පරිණාමික වෙනසක් වෙන්න අවුරුදු 100,000 ක් 200,000 ක් වත් ගත වෙනව. ඒ නිසා ඔබ ඔය කියන පරිණාමය ජීව විද්‍යාත්මක පරිණාමයක් නොවෙයි, සංස්කෘතික පරිණාමයක්. එතකොට මතු වෙන ප්‍රශ්නෙ තමයි දේශපාලනයෙන් (including political philosophy) නොවෙයි නම්, මෙවැනි වෙනස්කම් ඇති වුනේ කොහමද කියල. මිනිසුන් වහලුන් කර ඔවුන්ගෙන වැඩ ගන්න එක වැරදියි කියල අපි ඉගෙන ගත්තෙ කොහමද? විද්‍යාව අපිට ඒක ඉගැන්නුවෙ නෑ. ආගම් අපිට ඒක ඉගැන්නුවෙ නැහැ. අපිට ඒ දෙවල් ඉගැන්නුවෙ දර්ශනය හා ඒකෙම කොටසක් වෙන දේශපාලනික දර්ශනය.

                ඔබ කියනව ඇමරිකන් ව්‍යවස්ථාව හැදුනෙ දේශපාලනය හරහා නොවෙයි, බ්‍රිතාන්‍යය විප්ලවය හරහා කියල. ඒක විකාර කතාවක්. මොකද ඔය කියන දේ ඇත්ත වෙන්න නම් පලවෙනියට බ්‍රිතාන්‍යාය විප්ලවය දේශපාලනික එකක් නොවෙන්න ඕන. ඒක විකාර අදහසක්. දෙවැනියට Thomas Jefferson, George Washington, Benjamin Franklin එහෙම කළේ දේශපාලනය නොවෙන්න ඕන. ඒක ඊටත් වඩා විකාර අදහසක්..

                Malthus ගැන දිගින් දිගටම කතාකරන්න දෙයක් මට නැහැ. මම කලින් කියපු විදිහට Malthusian Catastrophe එක මම වෙයි කියල හිතන්නැහැ. මට කියන්න තියෙන්නෙ Malthus ට විරුද්ධව Charles Dickens කලේ Straw-man කෙනෙක් හදල ඊට විරුද්ධව මිනිස්සුන්ගෙ හැගිම් අවුස්සපු එක මිසක් ඊට විරුද්ධව තර්කානුකූලව අදහස් ඉදිරිපත් කිරීම නොවේ.

                Ayn Rand ගැන කියනවනම් යම් ප්‍රමාණයකට Rand ලිබර්ටෙරියානුවෙක් කියන්න පුලුවන්. ඒත් සියලු ලිබර්ටෙරියානුවන් objectivist ලා නෙවෙයි. Libertarianism කියන වචනය ඇමරිකන් අර්ථයෙන් විතරක් ගත්තත් බොහෝ ලිබර්ටෙරියානුවන් Objectivist ලා කියන Quantum physics වල causality වැරදියි කියනව වගේ ඔලමොට්ටල කතා කියන් නෑ. ඒකට හේතුව quantum physical causality ඉදිරියේ objectivism බිද වැටුනත් libertarianism බිද නොවැටීම..අනික් කාරණය තමයි libertarian නමින් ඇමරිකාවෙ හදුන්වන්නෙ propertarian ලා විතරයි. යුරෝපීය අර්ථ දැක්වීම අනුව නම් natural resources ගැන වෙනම අදහසක් දරන Chomsky එහෙමත් libertarian තමයි. Libertarianism ඒ අර්ථයෙන් යුරොපයෙ පටන් ගත්තෙ ඇමරිකාවෙ ඒක ප්‍රචලිත වෙන්න කලින්.

                අවසාන වශයෙන් අනිත් comment එකත් මේකටම ඈදල කතා කළොත් Obama ජනාධිපති වීම නිසා ඇමරිකාවෙ racism නෑ කියල ඔබ කියනවනම් මට ඒ ගැන ඊට වඩා කියන්න දෙයක් නෑ. ඔබ එවැනි සරළ දෙයකටත් අන්ධයි නම් ධනවාදය වැනි සංකීර්ණ දෙයක අදුරු පැත්තක් නෑ කියල හිතන එකේ පුදුමයක් නෑ. ඒ විතරක් නෙවෙයි, ඔය Obama තර්කය හරහාම යමින් ඔබ හිතන්න ඕන ලෝකේ පළමු අගමැතිනිය හා පළමු විධායක ජනාධිපතිනිය බිහි කළේ ලංකාව නිසා ලංකාවෙ ස්ත්‍රී සමනාත්මතාවය තියෙනව කියලත්.

                • arunishapiro said, on ජනවාරි 1, 2013 at 10:45 පෙ.ව.

                  sharanga,

                  මම දේශපාලනය මට ඕන විදියට අර්ථ ගන්වා නැත. බැස්ටියාට්ගේ අදහසකින් කියුවොත් ලිබටේරියන්වාදීන්ට ඇත්තේ එකම අරමුණක් පමණි. ජනතාවට නිදහසේ ඉඩ දෙන්න යැයි කියන දේශපාලනය පමණි.

                  කළින් සටහන් වලින් මිනිස් මොළයේ පරිනාමය ගැන ඇති තරම් අදහස් දක්වා ඇත. ඒ සටහන් වලට අමුණා ඇති සබැඳියන් තුලින් තතු විමසන්නට කැමැත්ත ඇති අයෙකුට තවත් තොරතුරු රාශියක් සොයාගත හැකියි. ඒත් කළින් සටහන් කියවන්න අකමැති නම් මට කරන්නට දෙයක් නැත.

                  ජනතාවට නිදහසේ තම තම ඉලක්කයන් කරා යන්න ඉඩ දෙන්න යැයි කියනා බුදුන් ද ලිබටේරියන්වාදියෙකි!!!!!

                  පරම්පරාවේ නම නිසා තවමත් දේශපාලනයට පිවිසෙන හැකියාවෙන් යුතු ඉන්දියාවේ රාහුල් ගාන්ධිලා සහ පාකිස්තානයේ බිලාවල් භූතෝ සදාරී වැන්නවුන්ට ඉඩ ඇති ආසියාවේ සිරිමාවෝ හා චන්ද්‍රිකා බලය ලත් පමණින් ස්ත්‍රී සමානාත්මතාවයක් ඇතැයි ඔප්පු වෙන්නේ නැත. එසේ තර්කයක් ගෙන එන්නේ ඔබයි. මම නෙමෙයි. මම දත්ත පෙන්වා පැහැදිලි කළේ 13% ක් පමණක් කළු ජනතාව සිටින රටක, බහුතර සුදු අයගේ චන්දය ලැබීමෙන් ඔබාමාට දෙවරක් ජනාධිපතිවන්නට හැකිවීමෙන් පැහැදිලිවම පෙනෙනුයේ ඇමෙරිකාවේ ජාතිවාදයක් නැතැයි කියාය. එය ඔබ පිළිගත්තේ නැති පමණින් අසත්‍ය වෙන්නක් නොවේ.

          • sharanga said, on දෙසැම්බර් 31, 2012 at 4:02 පෙ.ව.

            තව නොකියම බැරි දෙයක් තියනව. ඔබ කියනව //ඒ කාර්මික යුගයේ ම උපන් චාල්ස් ඩිකන්ස් දුප්පත් කම්කරුවෙක් ලෙසින් මුලු ජීවිතය නොගෙවා ස්වෝත්සාහයෙන් ලොව ජනාදරයට පත්වෙන්නේ පංති භේදයක් සත්‍යය ධනවාදී ලෝකයේ නොමැති බව ඔප්පු කරමිනි!!!!!!/// කියල. ඒක එහෙම නම් ඔය තර්කයම දාලා මම කියනව Obama ජනාධිපති වෙලා ඇමරිකාවෙ racism කියල දෙයක් නෑ කියල ඔප්පු කළා කියල.

            මම සමාජවාදියෙක් නෙවෙයි. අන්ත ධනවාදියෙක්. නමුත් ඒ කියල ධනවාදයෙ අදුරු පැත්ත නොදැක ඉන්න එක තක්කඩි වැඩක්.අපි හුගක් කුසලතා අරන් එන්නෙ උපතින්. ඒ නිසා හැමොටම Dickens, Obama, Bill Gates වෙන්න බෑ. හැමොටම American dream එක achieve කරගෙන Bill Gates වෙන්න පුලුවන් කියල සමහර ධනවාදින් කියද්දි මට කියන්න තියෙන්නෙ ඒ තමන්වම රවට්ටා ගැනීමක් කියල. නියම ධනවාදියෙක් නම් “ඔව්, ධනවාදයෙ හැටි එහෙම තමයි. හැමොටම Bill Gates වෙන්න බෑ. ඒ උනත් මම ධනවාදියෙක්” කියල කියන්න ඔන.

            • arunishapiro said, on දෙසැම්බර් 31, 2012 at 9:35 පෙ.ව.

              sharanga,

              රටේ සමස්ත පුරවැසියන්ගෙන් 14% ක් පමණක් කළු සම්භවයෙන් යුතු රටක ඔබාමා ජනාධිපති වූයේ රටේ ජාතිවාදයක් තියෙන නිසා යැයි ඔබ සිතනවා ද?!!!!!!!

              ඔබ අන්ත ධනවාදියෙක් නොවේ, ඔබ අන්ත අණ්ඩපාලයෙකි!!!!! මන්ද නිදහස් වෙළඳපොලක් පවතින හා පුද්ගල අයිතීන් රකින කුඩා ආණ්ඩුවක් ඇති සත්‍ය ධනවාදයේ අඳුරු පැත්තක් නැත. ධනවාදය යනු බිල් ගේට්ස් කෙනෙක් වීම නෙමෙයි. ධනවාදය යනු තම උත්සාහය අනුව තම සාර්ථකත්වය සොයා යෑමට ඉඩක් ලැබීමයි. එසේ ඉඩක් බිල් ගේට්ස් වැනි අයෙකුට ලැබෙන නිසා ලෝකයේ බිල් ගේට්ස්ලා නොවන පුරවැසියන් මහත් සංඛ්‍යාවකගේ ජීවිත ඉතා සාර්ථක වී තිබෙන හැටි දකින්නට පුළුවන් සත්‍ය ධනවාදියෙකුට පමණයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: