අරුණි ශපීරෝ‍ වෙතින්

ට්‍රාන්ස්-සයිබීරියන් ඔකෙස්ට්‍රා නම් ඇමෙරිකන් රොක් සංගීත කණ්ඩයාම

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 25, 2012

IMG_4643

ට්‍රාන්ස්-සයිබීරියන් ඔකෙස්ට්‍රාව මිනිස් කුසලතාවයන් විදහා පාන්නකි. 1993 දී පෝල් ඕ’නීල් විසින් ආරම්භ කරන ලද TSO සංගීත කණ්ඩායම මිලියන 9 කට වඩා සංදර්ශන ටිකට් පත් විකුණා ඇති අතර මිලියන 8 කට වඩා සංගීත තැටි විකුණා ඇත. එතෙක් තිබි සංගීතයෙන් නව මගක යෑම පමණක් නොව එතෙක් තිබි සංගීත සංදර්ශන වලින් ද නව මගකට පිවිසි නියමුවෝ හැටියට ඔවුන් සැලකේ.

මේ සංගීත කණ්ඩායම ආරම්භයට පෙර පෝල් ඕ’නීල් පැය දස දහසකට වඩා වෙහෙසුනේ පද රචකයෙක්, නිෂ්පාදකයෙක්, කළමනාකරුවෙක් සහ සංදර්ශන ප්‍රචලිත කරන්නෙක් වශයෙනි. “කිසිදාක කනවා බොනවා හෝ නිදාගෙන ඉන්නවා දැක නැති මේ විඩාවට පත් නොවන මගේ මිතුරා” යැයි විහිළු කරමින් ඔහුව සභාවට හඳුන්වා දුන් සගයා කීවේය.

නිව් ජර්සි ප්‍රාන්තයේ සෙනඟ විසිඑක්දාහකට වඩා පිරිසක් සමඟ එක් වී මා සති අන්තයේ දී නැරඹූ මෙම සංදර්ශනය ඩොලර් මිලියන තුනකට අධික මුදලක් එක සන්ධ්‍යාවක දී ටිකට් පත් වලින් පමණක් උපයා ගෙන ඇතැයි දළ වශයෙන් ගණනය කළෙමි.

සංගීත කණ්ඩායම අලෙවි කරන හැම ටිකට් පතකින්ම ඩොලරයක් සංදර්ශනය පැවැත්වෙන පළාතේ සුබසාධක සමිතියකට පරිත්‍යාග කිරීම, එය පටන් ගත් දා පටන් පවත්වාගෙන එන ඔවුන්ගේ සිරිතකි.

සංගීත කණ්ඩායමේ උත්සාහය නිසා ශාලාව නඩත්තු කරන්නට මුදල් ලැබේ. ශාලාවේ සේවය කරන අය, ආහාර පාන විකුණන අය, ටී ෂර්ට් සහ සංගීත පටි විකුණන අය, විදුලිබල හා ශබ්ද සපයන අය යනාදී තවත් රැකියා ගණනාවක් බිහිවේ.

අයෙක් තම දක්ෂතාවය නිසා මිලියනයක් උපයන හැකියාවෙන් යුතු වූ විට එයා ටිකට් විකුණන්නට හා ආහාර පාන විකුණන්නට පමණක් වැනි කුසලතා ඇති අයගේ රැකියාව වෙනුවෙන් තරඟ කරන්නේ ද නැත.

නරඹන්නන් වූයේ පුද්ගල අයිතිය අගයන නිසා තම මුදලින් ටිකට් පත් අරගෙන කැමැත්තෙන් සංදර්ශනය බලන්නට ආ අයයි.

IMG_4671 IMG_4651 IMG_4652 IMG_4659 IMG_4667 IMG_4669

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. naleendilruksha said, on දෙසැම්බර් 25, 2012 at 11:39 පෙ.ව.

    අරුණි මට ඔබව තේරුම් ගත හැකිය දැන්. ඒ මන්ද යත් ඔබගේ පසු ගිය ලිපි ද ටිකක් හැදෑරූ නිසාවෙනි. ඒත් අද ඔබ ගෙන එන දේ සිංහල පමණක් කියවන්නට දන්නා අයට කොපමණ දුරට වැටහේද.ඔබ සමාජ ගත කරන්නට වෙර දරණ සංකල්පය මෙයට වඩා සරළ කළොත් බොහෝ දෙනකුට වැටහේවි.මට කියන්නට හැකි මෙපමණයි.

    • arunishapiro said, on දෙසැම්බර් 25, 2012 at 11:45 පෙ.ව.

      naleendilruksha,

      ස්තූතියි ගොඩක්, උත්සාහයක් ගත්තාට 😀 කළින් සටහන් කියෙව්වා නම් දකින්න ඇති සරල බවින් ලියන එකේ කොච්චර අසාර්ථක පටන් ගැන්මක් ද මට තිබ්බෙ කියලත්!!!! ඔව්, සරල බවින් ලියන්න තමයි හැමදාම උත්සාහ ගන්නෙ … කවදා හරි ඒ ඉලක්කයට එන්න ලැබේවා යැයි මගේ ද පැතුමයි!

  2. රාජ් said, on දෙසැම්බර් 25, 2012 at 11:42 පෙ.ව.

    //අයෙක් තම දක්ෂතාවය නිසා මිලියනයක් උපයන හැකියාවෙන් යුතු වූ විට එයා ටිකට් විකුණන්නට හා ආහාර පාන විකුණන්නට පමණක් වැනි කුසලතා ඇති අයගේ රැකියාව වෙනුවෙන් තරඟ කරන්නේ ද නැත. // මසුරං කියමන‍.
    ඒ වගේම එවැන්නෙක් වටා අර විදියේ රැකියා අවස්තාත් ඕන තරම් තියනව‍.

  3. wicharaka විචාරක said, on දෙසැම්බර් 25, 2012 at 12:46 ප.ව.

    එතකොට ඔය ශාලාව ඔබාමා පොකුණ ජාත්‍යන්තර, අන්තර් ග්‍රහලෝක, අන්තර බිත්තිය…. (හුටා වැරදුනා) රඟහල කියලා නම් කරලා නැද්ද? ඔය සංදර්ශනයක කෑම සැපයීමේ පරම අයිතිය අරන් තියෙන්නේ කොයි ඇමැත්තයාගේ අයියා/මල්ලී/මස්සිනා/ගෝලයා ද? නර්තන කණ්ඩායම් කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ පහුගිය ඡන්දෙදි ඔබාමාට වැඩ කරපු ගෑණු ළමයින්ව හොඳට බලාගන්නා අස්ස වලිගෙ එල්ලුන ඇමතියා වගේ එකෙකුටද? සම්පූර්ණ කොන්ත්‍රාත්තුවේ එකම උරුමක්කාර පොල්මඃකාරයා හොඳට ජැක් ගහපු කළා ව්‍යාපාරිකයෙකුද? සංගීතය සපයන්නේ ඉස්සර බොහොම ප්‍රබුද්ධ වෙලා හිටිය දැන් පීචන් වෙලා ඔලුව හංගගන්න තැනක් නැතුව ඉන්න එදා ආරෝහණ අද අවරෝහණ කෙනෙක්ද? ඔය සංදර්ශනය විවෘත කරේ ඔබාමාගේ මල්ලි කෙනෙක් වෙන කලාව ගැන මේ ලෝක දෙයක් නොදන්නා, ආමි එකෙන් පැනලා ගිය පරණ කොම්පියුටර් ජිල්මාට් කෙනෙක් නෙවෙයිද?

    අයියෝ අරුණි එහෙම නැත්නම් අපිනම් එන්නේ නෑ ඔව්වා බලන්න.

  4. Jay said, on දෙසැම්බර් 25, 2012 at 9:26 ප.ව.

    Wichraka well said, be carefully hope you are there.
    We are safe here.
    Any way thanks for the comment.

  5. දූපත් said, on දෙසැම්බර් 26, 2012 at 1:17 පෙ.ව.

    අයෙක් තම දක්ෂතාවය නිසා මිලියනයක් උපයන හැකියාවෙන් යුතු වූ විට එයා ටිකට් විකුණන්නට හා ආහාර පාන විකුණන්නට පමණක් වැනි කුසලතා ඇති අයගේ රැකියාව වෙනුවෙන් තරඟ කරන්නේ ද නැත.// වින්ඩෝස් සී.ඩි එකක් විකුණා දවසක් වේල පිරිමහින මල්වත්ත ප්ලාසා එකටත්, ප්‍රින්ට් අව්ට්‌ ගන්නා ලෑලි කඩේටත් බලපෑම් කරන විදියට මයික්‍රෝ සොෆ්ට් ආයතනය පත්වෙන්නේ මිලියනයක් නොඋපන නිසාවෙන්ද? මයිකෝලාට එරෙහිව කොකාකෝලා නඩු දැම්මේ නැතිද,,,,? පොඩියට දාගන්නා සබන් කොම්පැනි වලට යුනිලීවර්ලා වල කපන්නේ නැතිද,,,,?

    • arunishapiro said, on දෙසැම්බර් 26, 2012 at 12:30 ප.ව.

      දූපත්,

      මල්වත්ත ප්ලාසාව දවසක් වේල පිරිමහින්නට පමණක් හැකි අන්දමින් වින්ඩෝස් සී.ඩී. එකක් විකුණා ජීවත්වෙන්නේ නම් කඩේ වසා දමා වෙන ව්‍යාපාරයක් පටන් ගත යුතුයි නේද?

      පුද්ගලික අයිතිය යනු කුමක් දැයි විමසන්නට මොහොතක් වත් වැය නොකරන අය එක්ක මයිකෝලා/කෝකාකෝලා ගැන මොන සංවාද ද?

      පොඩියට පටන් ගෙන දැන් පිටරට පටවන සබන් කෑලි හදන වෙන්ඩෝල් ලංකා සමාගමට වල කැපුවේ යුනිලීවර් නෙමෙයි, මම අහලා තියෙන විදියට මිනිහාට තඩිබාලා තිබ්බෙ සිද්ධාලේප වෙද මහත්තයාලු!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: