අරුණි ශපීරෝ‍ වෙතින්

ෆ්‍රැන්සුවා බූෂේ ඇන්ද වීනස් ආදරය සනසයි පින්තූරය

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 28, 2012

මේ චිත්‍රය ෆ්‍රැන්සුවා බූෂේ (François Boucher) නම් කලා ශිල්පියා විසින් අඳින ලද්දකි. Venus Consoling Love

එය අද වොෂිංටන් ඩී සී හි ජාතික කලාගාරයේ ප්‍රදර්ශනය පිණිස තිබෙන්නකි. ප්‍රංශ විප්ලවයට පෙර හා පසුව ද පැවති මේ ඉඳුරන් පිනවන ප්‍රංශ සමාජය සෑදී තිබුනේ පරම්පරාගත රදළයන්ගෙනි. පැරිසියේ උපන් ෆ්‍රැන්සුවා බූෂේ 18 වැනි සියවසේ වඩාත්ම කීර්ති ප්‍රශංසා ලැබූ කලාකරුවා යැයි සැලකේ. ඔහුගේ අනුග්‍රාහිකාව වූ මැඩාම් පොම්පඩූරා එවක රූමත් බවෙන් ඉහළ වූ කාන්තාවක් ලෙස සැලකුණි. ඇයගේ පින්තූර කිහිපයක් ෆ්‍රැන්සුවා අතින් නිමැ වී තිබේ.

පින්තූර වලට අමතරව ෆ්‍රැන්සුවා විසින් නාට්‍ය වලට වේදිකා පසුබිම් නිර්මාණයේ යෙදිණ. වේදිකා ඇඳුම් පැළඳුම් නිර්මාණයේ ද යෙදුනේය. ඔහුගේ කලා කෘතියන් රජ මාලිගාවල උත්සව සැරසිලි වලට ද යොදා ගැනිණ. පිඟන් තේ පෝච්චි වැනි භාණ්ඩ වල මෙන් ම බිස්ක් (Bisque) නමින් හැඳින්වෙන සුදු පිඟන් මැටියෙන් වූ විසිතුරු භාණ්ඩ වලින් ද ඔහුගේ කලා කෘතියන් නැවත නැවත දකින්නට ලැබුණි.

ඔනරේ ඩි බල්සැක් (Honoré de Balzac) ලියන ලද කෙටිකතා හා නවකතා එකතුවක් වූ මිනිස් නාඩගම (La Comédie humaine) මේ ප්‍රංශ කාල පරිච්ඡේදය මනාව විස්තර කරයි. බල්සැක් පොත් ගුල්ලෙක් විය. ස්වාධීන චින්තනයකට හිමිකම් කීය. ඒ නිසා කනිෂ්ඨ පාසැලේ උගන්වන විධික්‍රමයන් ඔහුට රිස්සුවේ නැත. ගත්කරුවෙක් වෙන්නට පෙර හේ ප්‍රකාශකයෙක්, මුද්‍රණකරුවෙක්, ව්‍යාපාරිකයෙක්, විචාරකයෙක් හා දේශපාලනඥයෙක් ලෙසින් ද ජීවිතය ජයගන්නට උත්සාහ කර බලා තිබිණ. මිනිස් නාඩගම නැමති එකතුවෙන් කියැවෙන්නේ ඔහුගේ සත්‍ය ජීවිතයේ උත්සාහයන් ගැන ද වෙති. බල්සැක් ලියූ ‘අහිමි වී ගිය මිරිඟුව’ (Lost Illusions) පොතේ පත්තර විකුණාගන්නට මාධ්‍යවේදීන් කරනා ගුණ්ඩු රැසක් ගැන කතා වෙයි.

ඒ ගුණ්ඩු අදත් මාධ්‍යවේදී උත්සාහයන් හි දී එසේම ලොව දකින්නට ලැබීම මිනිස් ස්වභාවය නම් බුද්ධිමය විචාරයෙන් තොර වූ විට ආපස්සට යන ම්ලේච්ඡ ස්වභාවයක් යැයි පෙන්වන්නකි!!!!

ඉහත සබැඳියෙන් කැමති අයෙකුට ‘අහිමි වී ගිය මිරිඟුව’ ඉංග්‍රීසියෙන් කියවත හැකිය. ගූටන්බර්ග් ව්‍යාපෘතියෙන් ලෝකයේ බුද්ධිමය දේපල අයිතිය යල්පැන ගිය සුප්‍රසිද්ධ කෘතීන් බොහොමයක් අද නොමිලේ කියවන්නට අවස්ථාව සලසා ඇත.

බල්සැක් සිය ප්‍රබන්ධ වලින් විස්තර කරන පසුබිම, මේ පින්තුරයේ පිළිබිඹු වෙන ඉඳුරන් පිනවීම සේ ප්‍රංශ රදළ පංතියේ හැසිරීම හා සමාන විය. එහෙත් කාර්මීකරණයෙන් හා නිදහස් වෙළඳපොල සමඟින් බිහි වූ මිනිස් අයිතිවාසිකම් නීති වලින් සෑම දෙනාට තම තම යහපත සලසා ගන්නට අධ්‍යාපනයට හා රැකියාවන්ට අවස්ථා ලැබෙද්දී දුප්පතුන් සූරා කමින් ඉඳුරන් පිනවමින් ජීවත් වූ රදළයන්ට ඊට ඉඩකඩ නැති වී ගියේය. පරම්පරාගත රදළයන් හෝ ස්වෝත්සාහයෙන් ධනපතියන් වූ පමණින් එදා ප්‍රංශයේ වූ ලෙසින් ජීවත්වීමට අද ලෝකයේ නීති කිසිවෙකුට ඉඩක් නොදේ. අද රට්ටුන්ගේ මුදල් වලින් එසේ හැසිරෙන හැකියාව ඇත්තේ නීති විපර්යාස කරන ලද ආණ්ඩුවල බලයැත්තන් හා එහි ගැත්තන්ට පමණකි.

ෆ්‍රැන්සුවා බූෂේගේ කලාකෘතිය කලා ඉතිහාසය හදාරන අයට වැදගත් වූවකි. එම විඩියෝවේ විස්තරයට සිංහලෙන් උපසිරුසි දැම්මේ මේ අඩවියේ සහායෙනි. එහි select language හි සිංහල බස තෝරාගැනීමෙන් සිංහල උපසිරැසි කියවිය හැකිය. http://www.universalsubtitles.org/en/videos/rfxh7cAbocHM/url/169773/

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. chandi said, on දෙසැම්බර් 28, 2012 at 12:49 ප.ව.

    නොදන්නා විස්තර හුඟක් දැන ගත්තා. ස්තූතියි! අරුණි. මොනව උනත් ලස්සන කලා නිර්මාණයක්.

  2. R.p. Susantha said, on දෙසැම්බර් 29, 2012 at 4:26 පෙ.ව.

    ස්තුතියි අක්කා. බොහොමයක් දේ උගත්තා.
    අක්කටත් දියණියටත්, සුදු අප්පුහාමි අයියාටත් සුභ නව වසරක් පතමි.

  3. Madu said, on දෙසැම්බර් 31, 2012 at 3:46 ප.ව.

    උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් – අළුත් දිනක් – නිවහල් ජාතියක්
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

  4. දේශකයා said, on ජනවාරි 2, 2013 at 12:53 පෙ.ව.

    ඔබ ලියපු එක මං කියෙව්වට පස්සේ තමා විස්තර සෑහෙන්න හොයාගෙන කියෙව්වේ.. ස්තුතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: