අරුණි ශපීරෝ‍ වෙතින්

කැසිනෝ මන්දිර වලට ගියාට සූදු කෙළිය යුතුම නැත

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 1, 2013

IMG_4753

ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළබඩ ජීවත්වෙන සූදු කෙළින්නට කැමති අයට ඒ සඳහා බොහෝ ඉඩකඩ සලසා ඇති නිව් ජර්සි ප්‍රාන්තයේ අත්ලාන්තික් නගරයට යා හැකිය. එහි දී අනුන්ගේ වෙහෙසෙන් ඉපැයූ මුදල් උදුරාගෙන සූදු කෙළින්නට නීත්‍යානුකූල අවසරයක් කිසිවෙකුට ලැබෙන්නේ නැත.

2013 වසර ඇමෙරිකාවට උදාවෙන්නේ රට ආණ්ඩු කරන අය අනුන්ගේ වෙහෙසෙන් උපයන මුදල් වලින් සූදු කෙළිමිනි. අවිනිශ්චිත බව නිසා, උදා වූ වසරේ දී රටේ ආර්ථිකය තවත් අඩපණ වීම කොතරම් උදාර චේතනා මුරගෑවත් වළක්වා ගත නොහැකිය. ආණ්ඩුව ලෝස් නැතිව වියදම් කරන කෑදර හැදියාව පියවන්නට ධනවතුන්ගේ සියළු වස්තුව රාජසන්තක කළ ද නොහැකිය. ධනවතුන් කොල්ල කා අනතුරුව පටන් ගැනෙනුයේ දැන් ආරක්ෂා කරනවාය කියන මැදපංතිය ද කොල්ලකෑමයි. එය පැහැදිලිවම යුරෝපා රටවල් වලින් අද දකින්නට හැකි වුවද බහුතර ලෝකයා රැවටී සිටින්නේ ඒ ආණ්ඩුවට බැරි වුනාට මේ ආණ්ඩුවට කළ හැකි යැයි සහ යුරෝපයට බැරිවුනාට ඇමෙරිකාවට කළ හැකි යැයි මුලාවේය.

IMG_4752 IMG_4685

මිනිස් ස්වභාවය නම්, ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකක් යැයි මනෝව්‍යාධිකයෙක් නොවන සෑම අයෙකුටම දැනෙන්නකි. නමුත් තම ප්‍රියයන් කවුදැයි කියා දන්නේ ඒකීය පුද්ගලයා පමණි. හඳුනාගනිද්දී ප්‍රියයෙක් වෙන අයෙක් තව වැඩියෙන් හඳුනාගනිද්දී අප්‍රිය වෙන අවස්ථාවන් ඕනෑතරම් මිනිසා අත්දැක ඇත්තේය!!!! දැන් මේ අවස්ථාවේ ප්‍රියයා කවුදැයි තීරණය නිසා එයා අනාගතයේ සෑම අවස්ථාවකම ප්‍රියයෙක් වෙනවා යැයි කියැවෙන්නේ නැත. නිවුන් සහෝදරයෙක්ට වුවත් අනෙකාට ප්‍රියයෙක් විය හැක්කේ කවුදැයි 100% ක් නිවැරදිව තීරණය කරන්නට හැමවිටම නොහැකිය. එහෙත්, ඒ සියළු වෙනස්කම් තිබුණ ද, මූලික සිද්ධාන්තය වූ ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකක් යන්න සදාකාලික සත්‍යයකි.

IMG_4709 IMG_4691

ඇමෙරිකන් දේශපාලනඥයන් විසින් ඊයේ රාත්‍රියේ දී රටේ ධනවතුන් වනාහී $450,000 සහ ඊට වැඩියෙන් වසරක ආදායම උපයන අය යැයි කියමින් “ආර්ථික මිනිසෙක්” ගේ අභූතරූපයක් ඔවුන් අනුන්ගේ සල්ලි වලින් කරනා සූදු කෙළියේ දාදු කැටයක් කරන ලදි.

ඩාවින්ගේ 1859 පරිනාමවාදය අනුව ජයගන්නේ යෝග්‍යතමයාය. එහෙත් ශරීර ශක්තියෙන් බලවත් වූ අය නොව 1970 දී ‘වඩාත්ම බුද්ධිමතාගේ ජය ගැනීම’ ගැන දැනගන්නට ලැබුණි.

කවුද වඩාත්ම බුද්ධිමතා?

කුමක් ද ඔහු සතු ඥානය?

සංකල්පය ඉදිරිපත් කළ විද්‍යාඥයා කිව්වේ “අතීතයේ පාඩම් තුලින් අනගාතය දෙස බැලීමට ඇති හැකියාව යනු ඥානයයි,” කියාය.

ශරීර ශක්තියෙන් බලවත් වූ ම්ලේච්ඡ පිරිමියා තමනට ලිංගික තෘප්තියක් උවමනා වූ විටෙක ගැහැණියක් අල්ලාගෙන දූෂණයෙන් එම උවමනාව පිරිමසා ගති. එහෙත් අතීතයේ පාඩම් තුලින් අනාගතය දෙස බැලීමට හැකියාව වන ඥානය පෑදෙන විට, එසේ බලහත්කාරයෙන් කරන දූෂණයට වඩා එකට ජීවත්වෙන්නට කාන්තාවක් රැකබලා තියා ගැනීමෙන් තෘප්තිය නිරතුරුව ද පහසුවෙන් ද ලැබෙන බව වටහා ගති. ම්ලේච්ඡයා ශිෂ්ඨාචාර විය.

ශිෂ්ඨාචාර නොවූ මිනිසා මෘගයෙකුට වඩා වැඩි අවශ්‍යතා වලින් නොයුතු වූවෙකි. එහෙත් ප්‍රගතිය සඳහා ඔහු ඉදිරියට තබනා සෑම පියවරක දී ම ඔහුගේ අවශ්‍යතාවන් හි විවිධත්වය වර්ධනය වේ. ඒ විවිධ අවශ්‍යතාවන් තෘප්තිමත් කරගන්නා ක්‍රම වේදයන් ද විවිධ වේ.

වෙරමුණ්ඩම් වලින් හැදෙන තෙලිතට්ටුවට අකමැත්ත මිනිස් ස්වභාවයයි.

“මිනිසා යනු ස්වභාවයෙන් ම වේදනාව මඟ හරින්නවා වූ හැදියාවෙන් යුතු වූවෙකි. ශ්‍රමය වෙහෙසීම යනු එහි අන්තර්ගත ස්වභාවයෙන් ම වේදනාකාරී වූවකි. ඒ නිසා කොල්ලකෑම ශ්‍රමය වෙහෙසීමට වඩා පහසු වෙද්දී මිනිසා නිරන්තරයෙන් ම කොල්ලකෑමට ඉදිරිපත් වෙනු ඇත.” ඒ ෆ්‍රෙඩරික් බැස්ටියාට් 1850 දී සිය නීතිය කෘතියෙන් කියූවයි.

ආදීතම අක්ෂර උප්පතියෙන් පසු කියවන හෝඩියක් බිහිවෙන්නට වසර 2450 ක කාලයක් ගතවිය. රජ්ජුරුවන්ට කීකරු විය යුතු යැයි කියා දෙන අධ්‍යාපනය බෙදා හැරියේ රජුට හේත්තු වූ ආගමික සංස්ථාව විසිනි. ජනතාව විසින් ජනතාව පාලනයට ලෝක නීති වෙනස් වුවත් තවමත් අධ්‍යාපනය යනු රජ්ජුරුවන්ට/ආණ්ඩුවට කැමති සේ බෙදා හරින්නකි. අයින් රෑන්ඩ්ගේ ‘ඇට්ලස් හැකිළුණි’ පොත ඇමෙරිකන් ජනතාව බයිබලයට අනතුරුව කැමති දෙවැනි පොත වෙද්දී එය ඇමෙරිකාවේ මහජන පාසැල්, විශ්ව විද්‍යාල කිසිවක පංතියක භාවිතයට නොගැනේ. ඇමෙරිකන් පාසැල් ළමුන්ට Life of Pi සහ The English Patient යනාදිය කියැවිය යුතු පොත් ලැයිස්තුවේ අඩංගු ය!!!

ඇමෙරිකන් පාසැල් ළමුන් සමාජ සේවය කරද්දී පාසැලෙන් අනුමත නොකරන ඒවායේ නියැළීමෙන් ‘වාසියක්’ නැත!!!!!

මාක්ස්ගේ 1867 දාස් කපිතාල් අනුව සදාකාලිකව පවතින ධනවතා හා දුප්පතා අතර අරගලය රදළයා සහ ප්‍රවේණි දාසය අතර අරගලයෙන් වෙනසක් නැත. නමුත් ලෝකයා තවමත් වහල් අයිතිකරුවන්ට තිබි නීත්‍යානුකූල අයිතීන් (වහලාගේ ජීවිතයට හා දේපල වලට) ආලෝපනය වී ඇතැයි නොදකිති. ඒ නිසා හැසිරෙන්නේ වහලුන් ලෙසිනි!!!!!

අධිවේගී මාර්ගයේ මැද සේවා ස්ථානයක් ඉදි කළ පමණින් එහි නතර වී මුදල් ගෙවා කාලය නාස්ති කළ යුතුම නැත. කැසිනෝ මන්දිර වලට ගියාට සූදු කෙළිය යුතුම නැත!!!!!

IMG_4729 IMG_4724

හැමෝම හැමෝවම කොල්ලකන සේ නීති විපර්යාස වී ඇති සමාජයක, වහලුන් සේ ඉන්නා නිදහස් මිනිසුන් තවමත් ගැහැණියක් අල්ලාගෙන දූෂණය කර තම ලිංගික තෘප්තිය ලබා ගන්නා ම්ලේච්ඡ හැසිරීමෙන් යුතුයි.

IMG_4755 IMG_4756

ටික දෙනෙක්ව කොල්ලකන සේ නීති විපර්යාස වී ඇති සමාජයක, වෙරමුණ්ඩම් වලින් හැදෙන තෙලිතට්ටුව නිසා මිනිසා වෙරමුණ්ඩම් වලින් ඈත් වීමේ ස්වභාවික මිනිස් හැසිරීමෙන් යුතුයි. අනතුරුව විපර්යාසයට පත්වෙන නීති වලින් හැමෝම හැමෝවම කොල්ලකන සමාජයක් ඇතිවේ.

කැසිනෝ මන්දිර හදන්නට පෙර සිටම පැවතෙන පල්ලියක් ඒවා මැද්දෙන් තවමත් ඉතිරි වී තිබුණාට ඵලක් නොවේ. කොල්ලාකෑම ශ්‍රමය වෙහෙසීමට වඩා පහසු වෙන සේ නීති විපර්යාසයට පත් වූ කලෙක ආගමකට හෝ සදාචාරයකට ම්ලේච්ඡ ලෙසින් හැසිරෙන මිනිසා ශිෂ්ඨාචාර කරනු නොහැකිය. -බැස්ටියාට්

IMG_4772

ආත්මවාදයක් ඇදහූ හින්දු සමාජයක අනාත්මවාදී බුදු දහම උපත ලැබීය. ප්ලේටෝ මනෝරාජ්‍ය ලියද්දී ඇරිස්ටෝටල් කිව්වේ එහෙම බාහිරව පවතින ලෝකයක් නැහැ අපි ඉන්නේ සත්‍ය ලෝකය මැද්දේ කියාය. රොබෙස්පියෙර් බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකියි කියූ ප්‍රංශයේම බැස්ටියාට් කිසිවෙක්ව කොල්ල නොකන ආකාරය පෙන්වා දුනි. මැල්තස් කාර්මීකරණය නිසා ජනගහණය වැඩි වී මිනිසා දුක්විඳින්නේ යැයි කියද්දී ජෝසෆ් බැසල්ගෙට් අපද්‍රව්‍ය ඉවත්කරන නල පද්ධතියක් හදා මිනිස් ජීවිත බේරාගත්තේය. කාල් මාක්ස් දාස් කපිතාල් ඉවර කරන්නට එංගල්ස්ට තියා මිය යද්දී, චාල්ස් ඩිකන්ස් ස්වොත්සාහයෙන් ඉගෙන ගෙන, ලෝකයාම අදත් මිල දී ගන්නා පොත් ලියා ධනවතෙක් වෙන්නට සමත්වූයේ පවතින්නේ රදළ-ප්‍රවේණිදාස අරගලයක් නොවන බව ඔප්පු කරමිනි!!!!!

වහල් ලෙසින් මිනිසා දක්කන්නට කැමති ‘රජවරු’ හා ඔවුන්ට හේත්තු වෙන වෙරමුණ්ඩම් අකැමති හෙංචයියන් තවමත් උත්සාහ ගන්නේ දක්කාගෙන යා හැකි අදහස් වලින් ගෙඹි මනස් පෝෂිත කරමින් නීති විපර්යාසයෙන් බලයේ ඉන්නටය. එහෙත් මිනිස් ඥානය සමාජයෙන් පෑදුනක් නොව මිනිසා වනාහී ඒකීය වූ මොළයකට හිමිකම් කියන්නෙකි යන්න සනාථ කරමින් වෙරමුණ්ඩම් වලින් හැදෙන තෙලිතට්ටුවට බිය නැති සත්‍ය මිනිසුන් එදත් අදත් ලෝකයේ සිටිති.

නිවන් අවබෝධය හැකි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යැයි අපිට කියා දී ඇත. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමනට කැමති සේ නිර්වචනය කරගෙන එහි නියැළෙනු නොහැකිය.

එම උත්සාහය අපොයි හරි අමාරුයි කියා අත්හරින්නාට ද අවබෝධය ලැබෙන්නේ නැත!!!!

මාර්ගයේ වෙන අයෙකුව යවා තමනට අවබෝධය ලබනු නොහැකිය!!!!

එහෙත් එයින් කියැවෙන්නේ එය අවබෝධයට හැකි මොළයක් ඒකීය පුද්ගලයා සතු නැතැයි කියා නොවේ!!!!!!

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on ජනවාරි 1, 2013 at 10:53 පෙ.ව.

    දැන් අවුරුදු කීපයක ඉඳන් ලංකාවෙත් කොළඹ කිට්ටුව ප්‍රාන්ත කීපයක් දෙසැම්බර් 31 වෙනිදට වහලා… එදාට ඒ පාරවල් වල යන අයට කිලෝමීටර් 6,7ක වටයක් යන්න ඕනේ…

  2. Gold fish said, on ජනවාරි 1, 2013 at 11:00 පෙ.ව.

    //ආත්මවාදයක් ඇදහූ හින්දු සමාජයක අනාත්මවාදී බුදු දහම/// මෙතෙන ප්‍රශ්නයක් මට…

  3. maathalan said, on ජනවාරි 1, 2013 at 11:28 පෙ.ව.

    දැන් බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවයින් පස්සෙ කී දෙනෙක් නිවන් දැකලා තියෙනවද….? අනික නිවන් දකින්නෙ කොහෙමෙයි ඔහේ කැසිනෝවල පින්තූර දාලා තියෙද්දි… මට මතක් උනා සෝමතිලක ජයමහ මහත්මයගෙ ගීතයක්.. එකේ බුදු හාමුදුරුවන්ට කියනවා අනේ කැත වැඩ කරන්න එපා බුදු සාධු කියලා.. ගීය තමයි..
    නව දැලි හේනට පෑව වැදිරි රුව
    ලෙස උවමින් දෙනුවන් රවටා
    මා පෙම් කල ජනපදකල්‍යාණිට
    හිමියනි මට කල නොහැක නිගා……..

    • arunishapiro said, on ජනවාරි 2, 2013 at 9:50 පෙ.ව.

      maathalan,

      නිවන් දැක්කයි කියල ප්‍රසිද්ධ කළේ නැති පමණින් එය දැකි අය නැතැයි කියවෙනවා ද?

      කැසිනෝ පින්තුර දැක දැකත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කොම්ප්‍රොමයිස් නොකරත හැකියාව තියෙන්න ඕනෑ!!! ආණ්ඩුව ධනවතුන්ගෙන් උදුරාගෙන තමන්ට දෙනවා කියන මුලාවේ ඉන්න අය කැසිනෝව හැමෝගෙන්ම උදුරාගෙන කලාතුරකින් කෙනෙක් දිනවනවා කියලා දකින්නෙත් නැහැ. අර දිනන අයගෙන් වැඩි පිරිසක් ඊට පස්සෙ ආයෙ ඒ විදියටම දිනන්න පුලුවන් කියලා ලැබිච්ච සල්ලි සේරම වගේ සූදු කෙළින අය බව පෙන්වන්නේ ඒ අය ගැන කරන ලද දත්ත වලින්.

      විශේෂයෙන්ම ගිය ඉරිදා ඩොලර් පහක් දාපු ස්ලොට් මැෂින් එකකින් මිලියනයක් දිනුවා කියලා ඇහෙද්දී මතක් කරගන්න ඕනෑ ඒක ඉතාමත් ඉතා කලාතුරකින් සිද්ධ වෙන්නක් බව. ඊට වඩා සාර්ථක තමන්ගෙ මුදල් තමන් උපයා ගැනීමයි. කොහොම වෙතත්, හොඳ වේලාවට මනුස්සයා 2013 ට කළින් දිනුවේ නැත්නම් ආණ්ඩුවට වැඩියෙන් දෙන්න වෙනවා!!!!

  4. දේශකයා said, on ජනවාරි 2, 2013 at 12:54 පෙ.ව.

    කැසිනෝ පොලට ගියාට කම් නැත. කැසිනෝ ඉගෙනගන්ට එපාය..

  5. ineshwickramaraja said, on ජනවාරි 2, 2013 at 2:52 පෙ.ව.

    ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගන්න උදව් ගත හෑකි ඔබ දන්නා මුලාශ්‍ර තිබේද?මෙහේ හාමුදුරුවරු කරන පාලි පරිවර්තන වල එයාලගෙ මතයත් තියන නිසා ඒවා කියෙව්වොත් අනාථ වෙනවා.

    • arunishapiro said, on ජනවාරි 2, 2013 at 9:58 පෙ.ව.

      ineshwickramaraja,

      වල්පොල රාහුලගේ What The Buddha Taught (1959) හොඳ පොතක්. වැඩි විස්තර නැහැ ඒත්. සම්පූර්ණ බුදු දහම මෙය පැහැදිලි කරන්න ගත් වෑයමක් විදියට රාහුල හිමියන් දක්වන්නේ. ඒ නිසා ත්‍රිපිටකයම පුරාම විසිරිලා තියෙන්නෙ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන විස්තර යැයි ඔහු කියා තියෙනවා.

      ත්‍රිපිටකය සිංහලෙන් අන්තර්ජාලයට දාන උත්සාහයක් දැන ටික කලක සිට පිරිසක් කරගෙන යනවා. එතැනත් අපහසු දේ මුලින්ම ග්‍රන්ථාරූඪ කරපු අයගෙ මතයන් මොනවා ද බුද්ධ වචනය මොනවා ද කියන එක තෝරා බේරා ගැනීම තමයි.

  6. sharanga said, on ජනවාරි 2, 2013 at 4:07 පෙ.ව.

    I have several problems with this post, especially the one about Charles Dickens proving that capitalism is all fun (we talked about this earlier). But I want to concentrate on something else. Evolution.

    When Charles Darwin discovered natural selection in 1859, the idea of “survival of the fittest” (this is not a term that Darwin himself created), meant survival of the fittest individual. This is the way you are are using to characterize it. However, this is not how it is characterized in modern evolutionary theory (neo-Darwinism). What survival of the fittest actually means is survival of the fittest genes. We are not the descendants of the fittest individuals. We have the genes that managed to survive. Thus, it is perfectly plausible that natural selection might favour a particular gene while at the same time driving the specie that carried that gene into extinction.

  7. chandi said, on ජනවාරි 2, 2013 at 6:04 පෙ.ව.

    නංගී ඔබට ස්තූතියි! මේ දේට මම සම්පූර්ණයෙන්ම එකඟයි. අපි සවුත් අප්‍රිකාවෙ සන් සිටි ගියා. සූදු කෙළියේ නැතිව විනෝද වෙලා ආවා. වැඩි මුදලක් අනවශ්‍ය ලෙස වියදම් කලෙත් නෑ. කොහොමත් මත් පැන් භාවිතය නැ නේ. අපි අපේ පමණ දැන වැඩ කලාම ලොකෙ කොහේ ගියත් සතුටින් ඉන්න පුළුවන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: