අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් බදු අබිරහස

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 2, 2013

Reason.com

ආණ්ඩුවේ වියදම් පාලනය කරගත නොහැකි ලෙසින් ඉහළ ගොසින් නැත්නම් බුෂ් බදු සහන් මරා දැමීමට කිසිවෙකුටත් උවමනා නොවේ.

අයිරා ස්ටොල් විසින් 2012 දෙසැම්බර් 31 වෙනිදා reason අන්තර්ජාල අඩවියේ පළ කරන ලද ලිපියයි. ඉංග්‍රීසියෙන් කියවන්න සබැඳියට කොටන්න.

රහස් පරීක්ෂක ප්‍රධානියා තමන්ගේ අත් දෙක දිගු වැසි කබායේ පොකැට්ටු තුලට ඔබමින් ෆෙඩෝරා තොප්පියේ ගැට්ට ඇද්දේය. “අපේ ඉස්සරහ මිනීමැරුමක් තියෙනවා, මහත්වරුණි.”

“අයියෝ, අලුත් අවුරුද්ද උදාවෙන දවසේ? කවුද මළමිනිය?” ඇහැව්වේ සහායක චරිතයයි. (රහස් පරීක්ෂක කතාවල දකින්නට ලැබෙන්නක් නම්, ෂර්ලොක් හෝම්ස් හි ඩොක්ටර් වොට්සන් සිට කින්කි ෆ්‍රීඩ්මන්ගේ රැට්සෝ දක්වා, හැම විටෙකම සහායක චරිතයක් තිබීමයි.)

“මේ කවුද සහන් කියලා හාදයෙක්. බුෂ් බදු සහන්. හරියටම රෑ දොළහට මිය ගිහින් සැක කටයුතු විදියට. නරකයි වැඩේ. මම කියන්නේ මේ, සාමාන්‍යයෙන් මරණයක් සිද්ධ වෙන එක නරකයි තමයි, අනෙක මම මළමිනියක් දැකි පමණින් හිත උණුවෙන කෙනෙක් නෙමෙයි, ඒත් මේ මිනිහා ගොඩක් හොඳක් කළා වගේ පෙනෙනවා,” රහස් පරීක්ෂක ප්‍රධානියා කීවේය. ඔහු නිකරෙට් දවටනයක් හරින්නට අසාර්ථක උත්සාහයක යෙදුනි. (රහස් පරීක්ෂක කතාවල දකින්නට ලැබෙන්නක් නම්, ෂර්ලොක් හෝම්ස්ගේ දුම් පයිප්පයේ සිට කින්කි ෆ්‍රීඩ්මන්ගේ සුරුට්ටුව දක්වා, රහස් පරීක්ෂකයන් සියල්ලන්ම පාහේ දුම්බොන බවයි. එහෙත් දැන් ඒවා වෙනස් වෙන කාලයයි.)

“හරි, හරි, හරි,” සහායකයා කීය. “වයස කීය ද?”

“දරුවෙක්,” රහස් පරීක්ෂක ප්‍රධානියා පිළිතුරු දුනි. “කොහොම ද ගණන් හදන්නෙ අනුව එක්කො 11 ක් නැත්නම් 9 ක්.”

“අපොයි, හරි ළාබාලයි නොවැ,” සහායකයා කීය.

“ඉතින්, ඔව් කියන්නත් පුළුවන් නැහැයි කියන්නත් පුළුවන්,” රහස් පරීක්ෂක ප්‍රධානියා කීය. “ගොඩක් අය හිතුවෙ එයාව මීට අවුරුදු හතරකට කළින් මරා දාවි කියලයි. නැත්නම් අවුරුදු දෙකකට කළින් මරා දාවි කියලයි. ඒත් එයා ජීවත්වුනා කවුරුවත් හිතපු නැති තරම් දිග කාලයක්. දැන් වුනත් කතාබහ වෙනවා එයාගෙ සමහර කොටස් නැවත පණ උපදවන්නට. ඒත් මගෙන් ඇහැව්වොත් මම කියන්නෙ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් කියලයි.”

“මොකක් කිව්වා?” සහායකයා කීය.

“ඒක අමතක කරලා දාන්න,” රහස් පරීක්ෂක ප්‍රධානියා කීවේය. “ඇත්ත තමයි ප්‍රචණ්ඩත්වය කියන්නෙ පවුලෙන් එන එකක්.”

“මොකක් කිව්වා?” සහායකයා කීය. (රහස් පරීක්ෂක කතාවල දකින්නට ලැබෙන තවත් දෙයක් නම් සහායකයා ඉන්නේ රහස් පරීක්ෂකයා ඉතා බුද්ධිමත් යැයි පෙන්වන්නටයි.)

“මතක ද අර රේගන් බදු සහන් කේස් එක, අපිට දශක කිහිපයකට පෙර ලැබුනු එක?” ප්‍රධානියා විමසීය.

“ආ අර උප ජනාධිපති වැඩේ දුන්න එක නේද?” සහායකයා ඇසීය.

“ඔව් ඒක තමයි. ඒ සැරේ මළමිනිය වයස අවුරුදු පහක කෙනෙක්. ඒකෙ අපරාධකාරයා මේ උපහටයාගේ තාත්තා,” රහස් පරීක්ෂක ප්‍රධානියා කීය.

“මගෙ අම්මෝ, එහෙනම් ප්‍රචණ්ඩත්වය පරම්පරා ගානක් පුරා පවුල් වල දුවන එකක් නිසා පුංචි සංන්දියේම මැදිහත් වෙන්න ඕනෑ යැයි හාවඩ් මහජන සෞඛ්‍ය පාසැල කියලා තියෙන්නෙ ඇත්ත,” සහායකයා කීය.

“බලාගෙන උඹ ඔහොම කට දාන්නෙ. උඹ සහායකයා, සමාජ සේවකයෙක් නෙමෙයි,” රහස් පරීක්ෂක ප්‍රධානියා කීය.

“හරි එහෙනම්, කවුද කළේ?” සහාකයා ඇසීය.

“ඔයා අදහස් කරන්නෙ ‘කවුද කෙරුවේ?’ කියලා නේද?” රහස් පරීක්ෂක ප්‍රධානියා කීය.

“මම නිකම් සහායකයා විතරයි. ව්‍යාකරණයේ සහ උච්චාරණයේ මහාචාර්යවරයෙක් නෙමෙයි,” සහායකයා කීය.

රහස් පරීක්ෂක ප්‍රධානියා සහායකයා වෙත සිය ෆෙඩෝරා තොප්පියේ ගැට්ට පහළට අදිමින් ඉහළට ඉස්සූ ඇහි බැම යටින් තියුණු බැල්මක් එල්ල කර බලා සිටියේය.

“හරි හරි එහෙනම්, කවුද කෙරුවේ?” සහායකයා ඇසීය.

“එය වඩා නිවැරදියි,” රහස් පරීක්ෂක ප්‍රධානියා කීය.

“සැක කටයුතු පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්නවා, මේ මළමිනියත් සැක කටයුතු අය අතර ඉන්නෙ.”

“මම හිතුවේ මේක සියදිවිනසා ගැනීමක් නොව මිනීමැරැමක් කියලයි,” සහායකයා කීය. “මේ අලුත් අවුරුද්ද උදාවෙන රැයේ මාව මෙතෙන්නට ඇදගෙන ආවේ සියදිවිනසා ගැනීමකට ද?”

“බුෂ් බදු සහන් වසර අවසානයේ මැරෙන්න ලෑස්ති වෙලයි තිබ්බෙ. ඒත් මානසික සෞඛ්‍ය විශේෂඥයන් කියන්නෙ නම් ඔවුන් දිවිනසා ගන්නට සූදානම් වූවා කියල. ඒ අය ඒ ගැන කතා කරන්නෙ නැහැ. කතාව අවධානය ගන්න හදන ආයාචනයක්,” රහස් පරීක්ෂක ප්‍රධානියා කීය.

“දැන් බලන්න කවුද සමාජ සේවකයෙක් විදියට කතා කරන්නෙ කියල,” සහායකයා කීය.

රහස් පරීක්ෂක ප්‍රධානියා සිනාවක් පෑය.

“ඉතින් ඒක සියදිවිනසා ගැනීමක් නොවේ නම් කවුද කළේ?” සහායකයා විමසීය.

රහස් පරීක්ෂක ප්‍රධානියා ඔහු දිහා රවාගෙන බලා සිටියේය.

“මම මේ ඇහැව්වේ, කවුද කෙරුවේ?” සහායකයා කීය.

“ඉතින් එක සැක කටයුතු චරිතයක් ඉන්නවා වියදම් කියල. ආණ්ඩුවේ වියදම්,” රහස් පරීක්ෂක ප්‍රධානියා කීය. “මාව විශ්වාස කරපන්, ආණ්ඩුවේ වියදම් පාලනය කරගන්න බැරි නිසා නොවේ නම් කාටවත් බුෂ් බදු සහන් මරා දාන්න ඕනෑකමක් ඇතිවෙන්නෙ නැහැ. බුෂ් බදු සහන් මරා දාන්න ඕනෑ ආණ්ඩුවේ වියදම් වලට ගෙවන්නයි.”

“අඩේ පොඩ්ඩක් ඉන්න,” සහායකයා කීය. “ආණ්ඩුවේ වියදම් වලට ගෙවන්න බුෂ් බදු සහන් මරන්න සත්‍යයෙන් ම ඕනෑ වුනා නම්, ඇයි එහෙනම් මේ එයාගෙ කොටස් වලට යළි පණ දෙන්න කතා කරන්නෙ? ආණ්ඩුවේ වියදම් වලට ගෙවන්න යැයි කියලා මේ මරලා තියන්න හදන ඉහළම සියයට එක හෝ දෙක – ඒවායෙන් පුංචි වෙනසක් වත් වෙන්නෙ නැහැනේ.”

රහස් පරීක්ෂක ප්‍රධානියා සහයකයා වෙත රුදුරු බැල්මක් එල්ල කළේය. “ඒයි, ඒ වගේ නිගමන තර්කයන් භාර වෙන්නෙ ප්‍රධාන රහස් පරීක්ෂකයාට. සහායකයාට නෙමෙයි. සහායකයා ඉන්නෙ රහස් පරීක්ෂකයා බුද්ධිමත් කියල පෙන්වන්න යැයි කවුරුත් ඔයාට කිව්වෙ නැද්ද?”

“ඉතින් එහෙනම් ආණ්ඩුවේ වියදම් නෙමෙයි නම්, සියදිවිනසා ගැනීමක් ද නෙමෙයි නම්, එහෙනම් කවුද කළේ? -මම අහන්නෙ කවුද කෙරුවේ?” ඔහු නිවැරදි කරමින් කියුවේ තවත් රුදුරු බැල්මක් ප්‍රධාන රහස් පරීක්ෂකයාගේ මුහුණේ පැතිරෙන්නට යන හැටි දුටු නිසාය.

“දැනට අපේ ප්‍රධාන සැකකරුවා තමයි ඔබාමා කියල මිනිහෙක්. බරක් ඔබාමා,” රහස් පරීක්ෂක ප්‍රධානියා කීය. “මේක ඇත්තටම ඉතා පැහැදිලිව පෙනෙන කේස් එකක්. අපිට විඩියෝ ටේප් තියෙනවා එයා මේක කරනවා යැයි ප්‍රසිද්ධියේම කියපු. ‘ධනවතාට තව ටිකක් වැඩියෙන් ගෙවන්න කියමු’ වගේ දියාරු කතා. ඒවා කියද්දි කවුරුත් එයාව සීරියස් විදියට ගණන් ගත්තෙ නැහැ. කිසිම කෙනෙක් බුෂ් බදු සහන් මරා දාවි කියල ඔවුන් හිතුවෙ නැහැ. විශේෂයෙන්ම ඔබාමා එයා එක්ක වසර හතරක් ඇසුරැ කරලා කිසිම අවස්ථාවක මරන්න උත්සාහයක් ගත්තෙ නැති නිසා. අඩුගානේ බුෂ් බදු සහන්ගෙ බොඩිගාඩ්ල, නියෝජිත නිවසෙ රිපබ්ලිකන් අය, පහුකරගෙන යන්න පුලුවන් කෙනෙක් හිටියෙ නැහැ. ඒත් එතකොට තමයි බුෂ් බදු සහන් අවදානමට පාත්‍ර වුනේ. එයා හිතුවා එයා හැමදාම ජීවත්වේවි කියලා ඉතින් මුරකාවල් අහක් කළා.”

“හරි භයානකයි,” සහායකයා කීය.

“ඔව් එහෙමයි,” රහස් පරීක්ෂක ප්‍රධානියා කීය. “ඊ ළඟ බදු සහන් වත් මීට වඩා පරිස්සම් වුනොත් හොඳයි.”

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. shermie Fernandez said, on ජනවාරි 2, 2013 at 10:16 පෙ.ව.

    වෙවෙකීව කියවන්නම් වෙලාවක…
    සුබම සුබ නව වසරක් වේවා…

  2. Chandi said, on ජනවාරි 2, 2013 at 11:32 පෙ.ව.

    ලස්සන පැහැදිලි කිරීමක් අරුණි. ස්තූතියි! අද ඉදන් වැඩියෙන් ගෙවන්ට වෙයි නේද?

  3. maathalan said, on ජනවාරි 2, 2013 at 11:52 පෙ.ව.

    මෙහේ නම් ධනපති, නිර්ධන කියලා අවුලක් නෑ. පොදුවේ හැම එකාටම කෙලිනවා. ව්‍යවස්ථාවෙත් තියෙන්නේ, සමාජවාදී ප්‍රජාචන්ත්‍රවාදී කියලනේ. ඒ නිසා ඕන මගුලක් ඔට්ටුයි. දැන් නෝනේ දුප්පත් එකෙකුටත් කසාද බඳින්න රුපියල් 5000 ක්ම ඕන. සමෘධි ණයක් අරගෙන තමයි මගුල් කන්න වෙන්නේ.. මිනී පුච්චලත් ඉවරයි. ඒකත් වැඩි කරලා. මට පේන්නේ හලාල් ක්‍රමයට අනුග්‍රහයක් වශයෙන් එයාලගෙ වැඩ ප්‍රමෝට් කරනවද කොහෙද….

  4. wicharaka විචාරක said, on ජනවාරි 2, 2013 at 1:27 ප.ව.

    ඔබාමාට තියන ලෑජ්ජාවෙන් දාහෙන් එක පන්ගුවක්වත් නැති අපේ ‘ම මාමා’ මේවා කියවලා හැදෙන්නේ නැහැ. බලමුකෝ අළුත් බණ්ඩාරනායක මැතිණියවත් ‘යමක්’ කරයිද කියලා.

    • arunishapiro said, on ජනවාරි 2, 2013 at 7:14 ප.ව.

      විචාරක,

      ආයෙත් මතක් කරන්නම්: පුරවැසියන් වටහා ගන්නට ඕනෑ සහනාධාර බෙදන්න කිසිම ආණ්ඩුවට බැහැ කියල. එදාට තමයි කොයි මාමා කෙනෙක් වත් කොයි මැතිණි කෙනෙක් වත් නැතුව හැමෝගෙම සුභ සිද්ධිය සැලසෙන්නේ.

      • Mahesha Padmaperuma said, on පෙබරවාරි 17, 2015 at 5:16 ප.ව.

        සහතික ඇත්ත අරුණි, ඔය ටික අපේ ඇත්තන්ට නොතේරෙන එකයි ප්‍රශ්නෙ. සජිත් ගෙවල් දහස් ගනන් හදලා ජනතාවට නිකම් දුන්නට රටේ සන්වර්ධනයක් වෙන්නෙ නැහැ. කල යුත්තේ නැති අයට රැකියා උත්පාදනයකොට ඒ අය හැකි අය කරවා, ඔවුනට නිවසක් තනා ගැනීමට දීර්ඝ කාලීන ණයක් සැපයීමයි. එවිට රැකියා ප්‍රශ්නය සමඟ නිවාස ප්‍රශ්නයත් හරි. (වැඩේ අමරුයි නේද?) නිකන් දීම චන්ද ලබා ගැනීමේ ගුන්ඩුවක් පමනයි. ඔයාට මොනවද මේ ගැන හිතෙන්නේ?

        • arunishapiro said, on පෙබරවාරි 17, 2015 at 5:38 ප.ව.

          Mahesha Padmaperuma,

          අපේ ඇත්තන්ට විතරක් නෙමෙයි ලෝකෙ ගොඩක් අයට මේක නොතෙරෙන තැනට ඇවිත්. මේ බලන්න මහේෂා ග්‍රීසිය වැනි රටවල් තවත් බේල්අවුට් නොකරන නිසා ද ඉකොනොමිස්ට් සඟරාව පවා ඇන්ගලා මෙයකල්ට බනින හැටි.

          රැකියා උත්පාදනය වෙනවා වෙන කිසිවක් නැතිව දැනට රටේ තියෙන රෙගුලාසි ඩිංගක් හෝ අඩු කළොත්. සිද්ධ වෙන්නේ තියෙන රෙගුලාසි වලට තව තව රෙගුලාසි වැඩියෙන් එකතු වෙන එක. සල්ලි උපයන වැඩක් පටන් ගන්න නම් කොච්චර තැන් තැන් වලට ගිහින් දෙකට තුනට නැවිලා වඳින්නයි, අත් පුරවන්නයි, දින නියමයක් නැතිව අවසර ලැබෙන තෙක් බලාගෙන ඉන්නයි වෙද්දී මිනිසුන්ට ධනය බහිවෙන රැකියා උත්පාදනයක් වෙන්නෙ නෑ.

  5. දේශකයා said, on ජනවාරි 3, 2013 at 1:13 පෙ.ව.

    හෙහ්.. නව වසරේ බදු කෙලී එහෙනං.. දැං බලං ගියාම සුපිරි ප්‍රජාතන්ත්‍රවාදි ස්ථාන වලටත් බදු බිය පැටවෙනවනේ…ජය

    • arunishapiro said, on ජනවාරි 4, 2013 at 6:29 ප.ව.

      දේශකයා,

      ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මහජනතාවගේ කැමැත්ත අනුව ආණ්ඩුවයි. මහජනතාව කියන්නෙ බහුතරය විතරක් නෙමෙයි කියන එක බහුතරයට අමතක වෙලා නොවැ!!!

  6. […] ඇමෙරිකන් බදු අබිරහස මෙතැනින්. […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: