අරුණි ශපීරෝ‍ වෙතින්

මිනිසුන් අතර යහළුවන් කවුදැයි මම තෝරාගන්නම්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 6, 2013

රොන් පෝල්

“මිනිසුන් අතර යහළුවන් කවුදැයි මම තෝරාගන්නම්, ඒ ඔවුන් වහලුන් හෝ ස්වාමියන් කියා නොවෙයි. මා තෝරාගන්නේ මට සතුටක් ගෙනෙන අය පමණයි. ඒ අයට මම ආදරය කරමි. ගෞරව කරමි. එහෙත් ඔවුන්ට අණ නොදෙන්නෙමි. ඔවුන්ට කීකරු නොවෙන්නෙමි. ඉතින් අපි එකිනෙකා කැමති වුනාම අපි අත් අල්ලාගෙන යමු. එහෙම නැත්නම් අපිට කැමති පරිදි අපි තනි තනිවම ඇවිදින්නෙමු.”

“‘මම ඔබට ආදරෙයි’ කියන්නට නම් අයෙක්ට පළමුවෙන් ‘මම’ කියා ගැනීමට හැකිවිය යුතුයි.”

“නම්බුව නම් තමන් කරන කියන කටයුතු වලින් පෙන්වන ස්ව-සම්මානයයි.”

“සතුට යනු තම අගැයුම් සාක්ෂාත් වෙද්දී තම සිතේ පවතින තත්වයයි.”

“නිර්වචන යනු විචාර බුද්ධියේ බාරකරුවන්ය, ඔවුන් අවුල්ජාලයන්ට සහ මානසික පරිහානියට එරෙහි වන පළමු සටන්කාමීන්ය.”

“මම ආරක්ෂා කර ගනිමි මගේ වස්තුව: මගේ සිතුවිලි, මගේ අභිප්‍රායන්, මගේ නිදහස. මේ තුනෙන් වඩාත්ම ශ්‍රේෂ්ඨ වූව නම් නිදහසයි.”

“මගේ පැවැත්මට කාගෙන්වත් අවසරයක් අවශ්‍ය නැත, එසේම මගේ පැවැත්මට එකඟතාවය දක්වන වචනයක් අවශ්‍ය නැත. අවසරය මමයි. එකඟතාවය මමයි.”

“නිර්මාණශීලී මිනිසා වනාහී යමක් සාක්ෂාත් කරගන්නා ආශාවෙන් උත්සාහයේ යෙදෙන්නෙකි. අනුන් පරාජය කරන ආශාවෙන් උත්සාහයේ යෙදෙන්නෙක් නොවේ.”

“ලෝකයේ ඉන්නා ඉතාම කුඩා සුළු ජාතිය නම් ඒකීය පුද්ගලයාය. ඒකීය පුද්ගල අයිතියට ඉඩක් නොදෙන අය සුළු ජාතීන්ගේ ආරක්ෂාව සලසනවා යැයි කිව නොහැකියි.”

“ප්‍රශ්නය නම් කවුද මට ඉඩ දෙන්නේ කියා නෙමෙයි; එය කවුද මාව නතර කරන්නේ යන්නයි.”

“අනාගතය වෙනුවෙන් සටන් වදින්නේ කවුද, එයා අද එහි ජීවත්වෙන්නේය.”

“ඔබ තුල ඇති වඩාත්ම හොඳ යහපත් වූව නාමයෙන්, මේ ලෝකය එහි වඩාත්ම නරක වූ අයට පාවා දෙන්න එපා. ඔබ ආරක්ෂා කරන අගැයුම් නාමයෙන්, මිනිසා කවුදැයි කියා ඔබ හිතාගෙන ඉන්නා වූව, ලෝකයේ ඉන්නා දුෂ්ට, නීච, සිතන්න නොහැකි, මිනිසා යන නාමයට නුසුදුසු වූ අය අතින් විකෘති වී යන්නට ඉඩ දෙන්න එපා. මිනිසාගේ නිසි හැදියාව නම් කෙළින් හිටගෙන ඇවිදින, සම්මුතීන්ට හිර නොවූ මනසක් ඇති, අසීමිත පාරවල් වල ඇවිදගෙන යා හැකි වූවෙක් යන ඔබේ දැනුම කිසිදිනෙක නැතිවී යන්නට ඉඩ දෙන්න එපා. යාන්තම් ඇති, ඒ ළඟින් ගියාම ඇති, තාම බැහැ, දැනට ඕනෙ නැහැ, කිසිම විදියකින් වෙන්නෙ නැහැ, යනාදියෙන් ඔබ තුල ඇති ගින්න, යළි ඇතිකරනු නොහැකි සේ පුපුරෙන් පුපුර නිවී යන්නට ඉඩදෙන්න එපා. ඔබ අපේක්ෂා කරන සම්පූර්ණ සතුටු ජීවිතය එයාකාරයෙන්ම මුදුන් පමුණුවා ගත නොහැකි වූ පමණින් හුදකලා වූ ඉච්ඡාභංගත්වයෙන් ඔබේ හදවතේ ඉන්නා වීරයා විනාශ කරන්න එපා. ඔබේ මාර්ගය නැවත විමසා බලන්න. ඔබේ සටන කුමක් දැයි නැවත විමසා බලන්න. ඔබට රිසි ලෝකය දිනාගත හැකියි. එය පවතින්නකි. එය සත්‍යයකි. එය ලබාගත හැකිවූවකි. එය ඔබේය.”

-අයින් රූන්ඩ් (1905-1982)

Advertisements

20 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on ජනවාරි 6, 2013 at 10:19 පෙ.ව.

    මේ පෝස්ට් එක නම් හොඳටම ​තේරුම් ගත්තා… ස්තූතියි… ගොඩක් හොඳ ​දේවල් ටිකක්…

  2. Chandi said, on ජනවාරි 6, 2013 at 12:08 ප.ව.

    ගොඩාක් හොඳ ලිපියක් නංගි. මේ දේ තමයි වෙන්න ඕනෙ. අපි එකිනෙකා වෙනස්. අපි කාගෙවත් වහලුන් වෙන්න ඕනෙ නෑ. එකිනෙකාට ගරුකරමින් නිදහසේ තමන් ගෙ අදහස් බෙදා ගනිමින් ඉන්නයි ඕනෙ.
    //“මගේ පැවැත්මට කාගෙන්වත් අවසරයක් අවශ්‍ය නැත, එසේම මගේ පැවැත්මට එකඟතාවය දක්වන වචනයක් අවශ්‍ය නැත. අවසරය මමයි. එකඟතාවය මමයි.”//

    • arunishapiro said, on ජනවාරි 6, 2013 at 2:31 ප.ව.

      Chandi,

      ස්තූතියි චාන්දි අක්කා … අවුරුදු පනහක කාලයක් නිතිපතා ලිව්ව අයෙක්ගෙ අදහස් සම්භාරයකින් වඩාත්ම ජනප්‍රිය කිහිපයකි මේ.

  3. kavikaari said, on ජනවාරි 6, 2013 at 12:53 ප.ව.

    මගේ පැවැත්මට කාගෙන්වත් මොනවත් ඕනැ නැහැ. නමුත් මගෙ සතුට රඳවා ගැනීමට නම් මගෙ මුලු පිරිවරම සතුටින් සිටිය යුතුය. එකෙකු ඇබැද්දියකනම් අනෙකාගේ මූඩ් සවුත්තු වේ. පම්මාට එයාගෙ නංගීගේ බල්ලා සපාකාලා. මම කැළඹිලා. ඊළඟට ගියා සුපර් මාකට්. එතනදි මාළුකපන දරුවා ඇඟිල්ල කපාගත්තා. මට දුක වැඩිකමට රෑට කෑම කන්නත් බැහැ. බලන්න දම්වැලක එක පුරුකක් ගැලවුනාම තියෙන අවුල.

    මගේ හදවතේ ඉන්නා වීරයා විනාශ වෙලා. නමුත් හෙට අදට වැඩිය හොඳ වේවි. වීරයා නැවත උපදීවි.

    • arunishapiro said, on ජනවාරි 6, 2013 at 2:35 ප.ව.

      kavikaari,

      පම්මා වගේ කෙනෙක් ඉන්න තැනක බල්ලෙකුට නිදැල්ලෙ ඉන්න ඉඩක් නැහැ, පම්මාගෙ නංගි ඉක්මණින් වටහා ගත්තොත් පම්මට විතරක් නෙමෙයි බල්ලටත් හොඳයි!!!

      හෙට කියන්නෙ අලුත් ආරම්භයකට තවත් අවස්ථාවක්නෙ. වීරයා යළි ඉපදේවා!

  4. lakmal said, on ජනවාරි 6, 2013 at 1:15 ප.ව.

    Gold fish කියුවා වාගේ මේකනං තේරුම් ගන්න ලේසියි තමයි

  5. Ravi said, on ජනවාරි 6, 2013 at 3:43 ප.ව.

    “මගේ පැවැත්මට කාගෙන්වත් අවසරයක් අවශ්‍ය නැත, එසේම මගේ පැවැත්මට එකඟතාවය දක්වන වචනයක් අවශ්‍ය නැත. අවසරය මමයි. එකඟතාවය මමයි.”

    අරුණිගෙ සටහනේ මම කැමතිම කොටස මේ…මමත් හැකි පමණ ඒ දර්ශනය අනුව ජීවත් වෙන්ට උත්සාහයක් ගනිමිනුයි ඉන්නෙ …

    “As a human being, you have no choice about the fact that you need a philosophy. Your only choice is whether you define your philosophy by a conscious, rational, disciplined process of thought and scrupulously logical deliberation — or let your subconscious accumulate a junk heap of unwarranted conclusions, false generalizations, undefined contradictions, undigested slogans, unidentified wishes, doubts and fears, thrown together by chance, but integrated by your subconscious into a kind of mongrel philosophy and fused into a single, solid weight: self-doubt, like a ball and chain in the place where your mind’s wings should have grown.”

    From : Philosophy: Who Needs It by Ayn Rand

    මේ දවස්වල අයින් රෑන්ඩ් නෝනා මහත්මිය ක්‍රමයෙන් හඳුනා ගනිමින් ඉන්නෙ 🙂

    • arunishapiro said, on ජනවාරි 6, 2013 at 3:53 ප.ව.

      Ravi,

      මව්බස රුසියන් වෙලා ඇය ඉංග්‍රීසියෙන් ඔහොම ලියද්දී මගේ සිංහලෙන් ලිවීමේ දැනුම ගැන ලැජ්ජත් හිතෙනවා.

      කලබල වෙලා ඉවර කරන්න එපා, ගෘහනිර්මාණ ශිල්පියාගේ කතාව Fountainhead ඊ ළඟට. ඒකෙ පිටු “ඇට්ලස් හැකිළුණි” වලට වඩා අඩුයි!!!!!

  6. තිසර said, on ජනවාරි 6, 2013 at 7:36 ප.ව.

    //ඉතින් අපි එකිනෙකා කැමති වුනාම අපි අත් අල්ලාගෙන යමු. එහෙම නැත්නම් අපිට කැමති පරිදි අපි තනි තනිවම ඇවිදින්නෙමු.//

    ඔබගේ සටහනේ ඇතිප්‍රකාශ අතරින් කැමතිම කොටස මෙයයි.

    “There are two sides to every issue: one side is right and the other is wrong, but the middle is always evil.”

    ඔබගේ අද සටහනේ නැති උනත් අයින් රෑන්ඩ් ගේ ප්‍රකාශ වලින් (මා දන්නා) මම අකමැතිම (පිළිනොගන්නා) ප්‍රකාශය මෙයයි.

    • arunishapiro said, on ජනවාරි 6, 2013 at 7:41 ප.ව.

      තිසර,

      දැනට කැමති කොටස බාරගන්නකෝ … කවදා හරි වැටහේවි අකමැතිම පිළිනොගන්නම ප්‍රකාශයේ ඇත්ත නැත්ත. එදාට එයට ඇති අකමැත්ත නැතිවේවි දැයි වැඩිවේවි දැයි තීරණය කරන පොඩ්ඩක් ඉවසන්න. 😀

    • අමා said, on ජනවාරි 7, 2013 at 10:03 පෙ.ව.

      “There are two sides to every issue: one side is right and the other is wrong, but the middle is always evil.”

      ඒකෙන් කියන්නේ මොකක් හරි ප්‍රශ්නෙකදී ‘අනේ මන්දා’ කියල බබා පාට් නොදා තීරණයක් ගන්න එක. ප්‍රශ්නෙට අදාළ කරුණු දැන ගන්න කම් තීරණේ නොගන්න එක ගැන නෙවෙයි මෙතන කියන්නේ…තමන්ගේ ගැලවිජ්ජාවට, කවුරු හරි තරහ වෙයි කියල, හෝ වගේ මොකක් හරි හේතුවකට ප්‍රශ්නේ මග අරින එක.

      මේ ඉතින් මට තේරෙන හැටි. 🙂

  7. මාතලන් said, on ජනවාරි 7, 2013 at 3:55 පෙ.ව.

    මමත් මාර ලයික් මේකට නම්.. මට හරි සන්තෝෂයි මම වගේම මිනිස්සු තව ඉන්න එක ගැන…

  8. magenama said, on ජනවාරි 7, 2013 at 4:09 පෙ.ව.

    මම කියන එක නම් කියන්න පුලුවන්.ඔයාට ආදරෙයි(එයාට හොඳේ)…කියලා කියා ගන්නනේ අමාරු.

  9. අමා said, on ජනවාරි 7, 2013 at 9:52 පෙ.ව.

    ඇට්ලස් හැකිළුම නම් කොහොම හරි කියෙව්වා…. ඒකෙ Dagni ගේ චරිතයට මම ගොඩක් ආසයි. හැබැයි අන්තිම හරියේ ජෝන් ගේ දිග ස්පීච් නම් වෙලාවකට කම්මැලි හිතුන…ඒ ටික නම් කියෙව්වේ නවකතා වක් කියවනවා වගේ නෙවෙයි… ඒ ගනයේ ‘බර’ පොතක් කියෙව්වම දැනෙන ‘බර’ හැඟීම මට ‘ඇට්ලස් හැකිළුම’ කියෙව්වමත් දැනුන සෑහෙන්ට. ඒ කියන්නේ අන්තිම පිටුව කියවල ඉවර වෙලා ටික වෙලාවක් හිස් අවකාශයට ඔහේ බලන් හිටිය. හිත හිත.
    කොහොමත් ඒක අර එක දිගට කියවන යන්ට පුළුවන් පොතක් නෙවෙයි…මට නම් සමහර තැන් ආයේ කියෙවන්ට උනා. අවාසනාවකට ඒක මම පුස්තකාලෙන් ගත්තු පොතක්. කියෙවල ඉවර උනාට සල්ලි වලට අරන් ළඟ තියාගන්ට ඕනේ කියල දැන් හිතෙනවා…මට හිතෙනවා ඒක නැවත නැවත කියවන්ට පුළුවන් නම් පොතේ හරය හොඳට ගන්ට පුළුවන් වේවි කියල.
    fountainhead පොතත් අරන් කියවන්ට ඕනේ…

    මෙතන දැනට කමෙන්ට් කරලා තියෙන ගොඩක් අය වගේම මම ත් මෙතනින් කැමතිම මෙන්න මේකට:
    “මගේ පැවැත්මට කාගෙන්වත් අවසරයක් අවශ්‍ය නැත, එසේම මගේ පැවැත්මට එකඟතාවය දක්වන වචනයක් අවශ්‍ය නැත. අවසරය මමයි. එකඟතාවය මමයි.”
    🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: