අරුණි ශපීරෝ‍ වෙතින්

මම, පැන්සල

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 15, 2013

19 Responses

Subscribe to comments with RSS.

  1. Uditha Meegahathenna (@UdithaMe) said, on ජනවාරි 15, 2013 at 10:13 පෙ.ව.

    පරිවර්තනය නොමිලේ දුන්නට ස්තුතියි. මේක කියවනකොට මතක් උනේ ලඟදි බලපු චිත්‍රපටියක් The Odd Life of Timothy Green චිත්‍රපටියේ කතාව ඇතුලේ ඇමරිකාවේ මේ වගේම පැන්සල් හදන පැන්සල් ෆැක්ටරිය පෙන්වනවා හරි ලස්සනට.
    මේ පොතේ අදහසට මම කැමතියි. මේ අදහස අපේ ලෝක දැක්ම වෙනස් කරනවා ඒ එක්කම ලෝකය වෙනස් කරනවා

    ඒ වගේම පසුගියදා මගේ බ්ලොග් එකේ ඇනෝනිමස් කෙනෙක් අයින් රෑන්ඩ් ගේ අදහසක් බිඳින්න පැන්සල් හදන හැටිම මේ කතාවට වඩා හාත්පසින්ම වෙනත් විරුද්ධ මතයක් තහවුරු කරන්න යොදාගෙන තිබුනා. එකම දේ ප්‍රතිවිරුද්ධ අදහසක් තහවුරු කරන්න යොදාගන්න පුළුවන් වන්නේ භාෂාවේ විස්මිත බව නිසාද ලෝකය විස්මිත නිසාද?
    ඒ ඇනෝනිමස් මගේ බ්ලොග් කිව්ව දෙය අමනාපයක් නැත්නම් පහත දාන්නම්.

    //මෙතනදී ඔබ අයින් රෑන්ඩ්ගේ ‘මා මහන්සි වී නිපදවන දෙයක්’ කියන මිථ්‍යාව විශ්වාස කරන බැව් පෙනේ. එවැන්නක් නැත. ඔබ ‘මා නිපදවන දෙයක්’ කියන්නේ තවත් බොහෝ දෙනා විසින් දායකත්වයක් සපයන ලද දෙයක යම් සීමිත කොටසකි.
    සරල නිදර්ශනයක් හැටියට ඔබ පැන්සල් නිෂ්පාදකයකුයයි සිතන්න. ඊට අවශ්‍ය ලී ඔබ ලබා ගන්නේ කැලයෙනි. මිනිරන් පොළොවෙනි. මේ හැම දෙනාටම අයිති පොදු දේපළකි. ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම මිළක් ගෙවිය යුතුයි. එසේම ඔබ නිෂ්පාදනයේදී විනාශ කරන්නේ තවත් පොදු දේපළක් වන පරිසරයයි. ඊටද ඔව යම් ගෙවීමක් කළ යුතුය. මෙය කළ හැකි පහසුම ආකාරය ඔබ බදු වලට යටත් කිරීමයි.(වරදවා තේරුම් නොගන්න – බදු වලින් පීඩිත කිරීම නොව සාධාරණ බද්දකට නතු කිරීමයි.)
    මෙය තවත් ආකාරයකින් (වඩා පුළුල් අර්ථයකින්) පැහැදිළි කළේ බරක් ඔබාමාය. ඒ 2012 ජූලි මාසයේදී වර්ජිනියාවේ කරන ලද පහත ප්‍රකාශයෙනි.
    “If you were successful, somebody along the line gave you some help. There was a great teacher somewhere in your life. Somebody helped to create this unbelievable American system that we have that allowed you to thrive. Somebody invested in roads and bridges. If you’ve got a business—you didn’t build that. Somebody else made that happen.”//

    ඔබගේ පරිවර්තනය තුල ඒ පැන්සල දිහාම ඔබාමට/අනොනිමස්ට වඩා වෙනත් ඇසකින් බලන්න අපිට බල කරනවා.

    • arunishapiro said, on ජනවාරි 15, 2013 at 11:00 පෙ.ව.

      Uditha,

      ඔයා දාන ඇනොනිමස් මතය මේ සත්‍යයට හාත්පසෙන්ම පරස්පර වූ බොරුවක්.

      ඉතින් ඒ නිසා එයින් පෙනෙන්නේ ප්‍රතිවිරුද්ධ අදහසක් තහවුරු කරත හැකි භාෂාවේ විස්මිත බවක් නොවෙයි.

      ඉතාමත් සරල අදහසක් වුවත් වටහා ගන්න සමහර අයට ඇති දැඩි අපහසුවයි එයින් පෙන්වන්නේ.

      සමහර විට වටහා ගන්න නොහැකියාව නිසාම නෙමෙයි. අවුලක පටලවා බල තණ්හාධික තඩියන් පෝෂණය කරන තවත් ප්‍රයෝගයක් පමණක් වෙන්නත් පුලුවන්.

      කැලයේ ලී තිබුන පමණින්, පතලක මිනිරන් තිබි පමණින්, එය හැමදෙනාටම අයිති පොදු දේපලක් වෙන්නේ නැහැ. ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්නා අය වස්තු සම්පත් සහ ස්වභාවික සම්පත් අතර වෙනස දන්නේ නැහැ. දැන ගන්නට කැමති අයට මෙතැනින් කියවන්න පුළුවන්.

      ඒ වගේම ලාබ හා අලාබ ඇතිවන්නේ කෙසේදැයි නොදන්නා අය.

      ඒ වගේම පොදු දේපලක් යැයි කියන පරිසරය ආණ්ඩුවේ සැලසුම් නිසා වැඩියෙන් විනාශ වෙනවා යැයි ද, පුද්ගලික ව්‍යාපාර නිසා වැඩියෙන් ආරක්ෂා වෙනවා යන්න ද දැනගන්න ඔවුනට හැකියාවක් නැහැ. සරල අදහස ස්වභාවික සම්පත් වලින් වැඩියෙන් වස්තු සම්පත් ලාබ හොයන්න නම් වැඩියෙන් කාලයක් ස්වභාවික සම්පත් පැවැත්ම අවශ්‍ය නිසයි.

      ඔබාමා, ඊට කළින් එලිසබෙත් වොරන්, ඒ වගේම උදිතගේ ඇනොනිමස් සැලකිල්ලට නොගන්න කාරණය: අනිත් අයට thrive වෙන්න පුලුවන් යැයි තමන් සිතන සිස්ටම් එකක් හදපු පමණින් එය ඉෂ්ට වෙන්නෙ නැහැ. හරියට අපරාධකරුවන් සමාජයෙන් තුරන් කරන්න සිස්ටම් හදන්න පුලුවන් යැයි හිතන අය වගේම තමයි ඔවුන් ද සිතන්නේ.

      ඒ අයට අමතක වෙන අනිත් වැදගත්ම කාරණය: තමන්ට මාස්ටර් මොළයක් නැතිව ඒත් අනුන්ගේ යහපත පිණිස යැයි කියා සිස්ටම් හදන්න ගිහින්, පරිසරය විනාශ කරලා, සම්පත් නාස්ති කරලා, ඒ දෙකම නොකර ඉතා සාර්ථකව ලාබ හොයන්න දන්නා අයව, එයා තමයි අර somebody නැතිව රජය නෙමෙයි, හැබැයි ඒ somebodyව තමයි රජය විසින් පාගා දමා දැඩි හානියකට පත් කරන්නේ.

    • Sharanga said, on ජනවාරි 16, 2013 at 4:57 පෙ.ව.

      People need to come to grips with the fact that your beliefs have consequences. If reality was kind, it would see that your intentions are pure, and it would exempt you from bad consequences. But reality isn’t kind.

      Capitalism has a bad side to it. I’m saying this even though I am a capitalist. Reality doesn’t exempt me from bad consequences simply because I have my heart in the right place. So what’s the bad side of capitalism?

      We did not choose our genes. We did not choose our parents. So if you’re an incredibly smart, energetic young man like Bill Gates, and you become a billionaire, many reasons for your success never were in your control. You didn’t choose your brain, you didn’t choose the environment grew up, you didn’t choose the time and age you grew up.

      Take Baby X and Baby Y. A large part of their future is already determined by their genes, parents, and the environment. These are not things either baby could control. (Add scientific causal determinism and you’re controlling nothing, in a sense). The dark side of capitalism is, if Baby X is talented and Baby Y is not, Baby Y will live a crappy life and die. It is not a matter of ideology. It is a matter of fact.

      I find it laughable that ideological people think that their ideology solves everything, and has no dark side. Reality doesn’t exempt you from consequences.

      • arunishapiro said, on ජනවාරි 16, 2013 at 9:39 පෙ.ව.

        Sharanga,

        ධනවාදයේ අයහපත් පැත්ත යනුවෙන් Sharanga දක්වා ඇති උදාහරණය වැරදි වෙන්නේ මෙසේයි. බිල් ගේට්ස් නැමැත්තාට ජානු වලින්, පරිසරයෙන් හා වෙනත් බොහෝ ඔහුගේ පාලනයෙන් බැහැර වු හේතූන් නිසා බිලියෙනපතිවරයෙක් වන්නට හැකි වූ බැවින් යැයි කියද්දී, (මෙහි දී අපි ඒ දේවල් තිබුණත් බිල් ගේට්ස්ලා නොවූ අනිත් සියල්ලන්ම සැලකිල්ලට ගැනීම මොහොතකට බැහැර කරමු) ඒ දේවල් කිසිවක් නොමැති වූ, ලොව වටා මිලියන ගණනක ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කරගන්නට ඔහු සමත් වී සිටියි:

        1. ඔහු නිර්මාණය කළ නිෂ්පාදන හදන රැකියාවන්, විකුණන රැකියාවන්, ඒවාට රැකියා ස්ථාන හා වෙළඳ සැල් හදන අය, මුදල් හුවමාරුවට බැංකු රැකියා යනාදී වශයෙන්
        2. ඔහුගේ නිර්මාණ නිසා බිහි වූ ගණනය කල නොහැකි තරමින් වූ අනිකුත් අය විසින් සොයාගත් සුවිශේෂී නිර්මාණයන්
        3. දානපතියෙක් වීමට ඔහු ලද්දා යැයි කියන හැකියාවෙන් මැලේරියා මර්ධන, ඒඩ්ස් මර්දන, අධ්‍යාපන ආධාර යනාදියෙන්
        4. ගෝලීය පරිසරයේ යහපතට ආයෝජනයෙන් බිහිකරන නිර්මාණයක්

        සත්‍යයෙන්ම, ඔව් යථාර්ථය විසින් ඔබව යමක ප්‍රතිඵල අත්විඳීමෙන් මුදවා හරින්නේ නැත!!!!!😀 මෙය ද විහිළුවක් නොවේ, බහුතර ජනතාවකගේ ජීවන මඟට හා සෞඛ්‍යයට කෙළින්ම බලපාන නිසා මෙය ඔවුන්ගේ ජීවිතයත් මරණයත් තීරණය කරන සත්‍යයකි.

        • Sharanga said, on ජනවාරි 16, 2013 at 11:38 පෙ.ව.

          මම Bill Gates වැන්නන් නිසා ලෝකයට අයහපතක් වෙනව කියල හිතන්නෑ. එහෙම හිතනවනම් මම ධනවාදියෙක් වෙන්නෙත් නැහැ. ඒත් තර්කය ඒක නෙවෙයි.

          මූලික වශයෙන්ම කළින් කිව් පරිදි ඔහුගේ සාර්ථකත්වයට ඔහුට පාලනය කළ නොහැකි, ජාන, පරිසරය වගේ දේවල් බලපෑවා. කොටින්ම ඔහුගේම කොපියක් හැදුවත් ඒ කොපියත් බිලියනපතියෙක් වෙයි කියල පොරොන්දුවක් නැහැ. මේක counterfactuals ගැන දේශනයක් නොකර නිවැරදිව පැහැදිලි කරන්න අමාරු වුනත් සරළව කිව්වොත් බිල් ගේට්ස් කොපියට අයි.බී.එම් එක්ක ඩීල් එකක් ගහගන්න බැරිවුනොත් බිලියනපතියෙක් වෙන්න බැරිවෙනව වගේ වැඩක්.

          දැන් වැදගත් කොටස. කෙනෙක්ගෙ සාර්ථකත්වයට ඔහුගෙ පාලනයෙන් එපිට දේවල් බරපතල ලෙස බලපානවනම් අනිත් අතට කෙනෙක්ගෙ අසාර්ථකත්වයටත් ඔහුගෙ පාලනයෙන් එපිට දේවල් බරපතල විදිහට බලපානව. ඒකෙ තේරුම සමහර ධනවාදින් කියන, අසාර්ථක වෙන්නෙ කම්මලියන්, ඒ නිසා ඒක ඔවුන්ගෙ වැරැද්ද වගේ කතා අසාධාරණ කතා වෙනව.

          එතකොට ශුද්ධ ධනවාදී සමාජයක් කියන්නෙ safety net එකක් නැති සමාජයක්. රජය ඔබේ රෝහල් බිල ගෙවන් නැති, දුප්පත් මිනිසුන්වත් රක්ෂණ වලින් ආවරණය කරන්න කියල රක්ෂණ සමාගම් වලට රෙගුලාසි දාන්නෙ නැති සමාජයක්. එහෙම සමාජයක් අනිවාර්යයෙන්ම රක්ෂණයකින් ආවරණය නොවෙන කොටසක් ඉතිරි වෙනව. සමහර පුද්ගලයන් ආවරණය කරන එක රක්ෂණ සමාගමකට පාඩුයි. ඒනිසා ඔවුන් ඒවැන්නන් ආවරණය නොකර ඉන්න තීරණය කරනව. ඒකෙ ප්‍රතිපලය සමාජයේ යම් කිසි කොටසක් ඔවුන්ට පාලනය කරන්න බැරි හේතු නිසා වියදම් දරාගන්න බැරුව මිය යනව කියන එක.

          Free market ගැනත් මට මෙවැන්නක්ම කියන්න පුලුවන්. මෝඩකමට ඉල්ලුමක් තියනවනම් වෙළදපොළ ඒ ඉල්ලුමට සරිලන ලෙස මෝඩකම් සපයනව. Drug regulation අයින් කරා කියමු. ඉතා අනතුරුදායක drugs පහසුවෙන් කවුන්ටරයෙන් ලබා ගන්න පුලුවන් කියල හිතමු. අනිවාර්යෙන්ම කවුරුහරි කෙනෙක් කැස්සට බෙහෙත් කියල හිතල වෙන මොනව හරි බීල මැරිල යනව. මේක දෘෂ්ටිවාදය පිළිබද ප්‍රශ්නයක් නොවෙයි. සරළ යතාර්ථය පිළිබද ප්‍රශ්නයක්. Gun regulations නැත්තම්, AK47 ඕවර් ද කවුන්ටර් ගන්න පුලුවන්නම් අනිවාර්යයෙන්ම මොකෙක් හරි එකෙක් ඕකක් අරන් ගිහින් මිනිස්සුන්ට ළමයින්ට වෙඩි තියල දානව. ඒක තේරුම් ගන්න දෘෂ්ටිවාදයක් වුවමනා නැහැ.

          මම ධනවාදයටවත්, නිදහස් වෙළදපලටවත් විරුද්ධ නැහැ. තුවක්කු පාලනය, සෞඛ්‍යය ප්‍රශ්නය වගේ දේවල් කිහිපයකදි මම ගන්නෙත් ධනවාදී, නිදහස් වෙළදපල ලිබර්ටේරියන් පැත්ත තමයි. ලිබර්ටේරියන් දේශපාලන දර්ශනය මම අගය කරනව (ඔබ්ජෙක්ටිවිස්ම් නොවෙයි ). බොහෝ අවස්ථා වලදී මම ප්‍රජාතන්ත්‍රවාදයත් අගය කරනව. ඒත් ඒ නිසා මට ඒවයෙ අදුරු පැත්ත දකින්න බැරිනම් මගෙයි, ආගම්වාදිකුගෙයි අතර වෙනසක් නැහැ.

          • arunishapiro said, on ජනවාරි 17, 2013 at 9:20 පෙ.ව.

            Sharanga,

            //කෙනෙක්ගෙ සාර්ථකත්වයට ඔහුගෙ පාලනයෙන් එපිට දේවල් බරපතල ලෙස බලපානව නම්// එහෙම කියන්නේ ඔබයි. මගේ පුද්ගලික සහ මගේ පියාගේ සමාජ සේවා උත්සාහයන් තුලින් වසර 40 කට අධික කාලයක් පුරා සත්‍ය සිද්ධීන් තුලින් මා දැක ඇත්තේ කෙනෙකුගේ සාර්ථකත්වයට බරපතල ලෙසින්, වඩාත්ම ප්‍රධාන ලෙසින්ම බලපාන්නේ ඔහුගේ පාලනයේ ඇති දේවල් යන්නයි.

            • Sharanga said, on ජනවාරි 17, 2013 at 12:21 ප.ව.

              ඔබ දැක ඇත්තෙ භෞතික විද්‍යාත්මක න්‍යායයන්ට පරිබාහිරව ක්‍රියාත්මක වන මිනිසුන්නම් ඇරෙන්න මිනිස්සුන්ගෙ සාර්ථකත්වයට අසාර්ථකත්වයට වැඩිපුරම බලපාන්නෙ ඔවුන්ට පාලනය කළ හැකි දේවල් යැයි සිතීම එච්චර නිවැරදි නැහැ.

              අපි ජීවත් වෙන්නෙ causal deterministic විශ්වයක් තුල ද, causal indeterministic විශ්වයක් තුල ද, යන්න තවමත් විද්‍යාත්මක මතභේදාත්මක කරුණක්. ඒත් ඒ මොන විශ්වයක් උනත් acausal free-will කියල දෙයක් නැහැ කියල පහසුවෙන් පෙන්න පුලුවන්. ඊට අමතරව බිල් ගේට්ස්ගෙ කොපියකට උනත් වෙනස් තත්ව යටතේ බිලියනපතියෙක් වෙන්න බැරි බවත් පහසුවෙන් තේරුම් යන දෙයක්.

              • arunishapiro said, on ජනවාරි 17, 2013 at 1:03 ප.ව.

                Sharanga,

                //භෞතික විද්‍යාත්මක න්‍යායයන්ට පරිබාහිරව ක්‍රියාත්මක වන//

                අතීත අත්දැකීම් තුලින් අනාගතය වෙනස් කරගන්නට සමත් මිනිස් හැකියාව ගැන කොයි භෞතික විද්‍යාත්මක න්‍යායෙන් ද විස්තර කරන්නේ? මිනිස් උත්සාහයන්හි සාර්ථක/අසාර්ථකත්වයට ප්‍රබල ලෙසින් බලපාන්නේ ඒ හැකියාවයි. එය වැරදි ද/නිවැරදි ද යන්න ඔප්පු කර ඇත්තේ මිනිසාගේ ඉතිහාසයයි.

                බිල් ගේට්ස්ට කළින් අපි ඉන්නා ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ම Eleuthère Irénée du Pont ලා, ජෝන් ඩී. රොකෆෙලර් ලා, ජෝන් ජේකබ් ඇස්ටර් ලා, ඇන්ඩෲ කානගී ලා, ඇන්ඩෲ මෙලන් ලා, කෝර්නේලියස් වැන්ඩබිල්ට් ලා එහෙමත් හිටියා. බිල් ගේට්ස් ගේ කොපියකට වෙනස් තත්ව යටතේ බිලියනපතියෙක් වෙන්න බැරිවුනාට එයින් කියන්නේ ඇමෙරිකාවේ මාක් සුකර්බර්ග් ලා, පීටර් තීල් ලා බිහිවෙන්නට අවස්ථාවන් නැතැයි කියා නෙමෙයි. අනාගතයේ ද බිල් ගේට්ස් වැන්නෙක් බිහිවෙන්නේ නම් (අනෙක් කිසිම රටක් දැනට ඇමෙරිකන් සිහිනය කුමක් දැයි කියාවත් දන්නා බවක් පෙන්වන්නේ නැති නිසා) ඔහු බිහිවෙන්නේ ද ඇමෙරිකාවෙන්මයි.

                • sharanga said, on ජනවාරි 18, 2013 at 1:37 පෙ.ව.

                  I don’t know to what extent I can explain this. We have volition.We can make rational decisions under different circumstances after assessing all the available data. But we don’t have free will. If you did something at time T, if we start the universe from the beginning once again, you won’t do something else at time T. Suppose you wrote something yesterday. You might feel that you could have written something else. But that’s an illusion. Laws of physics are such that you could not have done anything other than what you did yesterday. We can make decisions. But their outcomes are already determined in a deterministic universe. That’s why we don’t have free will. In a very real sense, a person who invested all his money in something and lost it all never could have done anything different.

                  That’s one part of this problem. The other part is about couterfactuals. I’m not saying if Bill Gates weren’t able to make money, Steve Jobs or Mark Zuckerberg won’t be able to make money either. My point is, even if you have an exact copy of Steve Jobs, there’s no guarantee that he’d become a billionaire under different circumstances. There are lot of things that need to go right for Jobs to become a billionaire that are not under his control. Suppose that we make an exact copy of Steve Jobs today. There’s no guarantee that he’d become a billionaire (if that was the case, everyone would be busy cloning billionaires). What that proves is that even if you are a highly competent person who has the potential to succeed, there are lot of things that are not under your control that needs to go right for you to be successful. For example, perhaps you can get fatally ill when you’re a child, and need a government doctor to cure you. If he didn’t, you’d be dead, and never become a billionaire. In any case, if you’re a highly competent person, the fact that you born as a competent person was never under your control.

                  So the fact that people think that their success is their own, and therefore don’t have to pay taxes that would fund free healthcare are totally mistaken, or being dishonest. Your success was contingent on lot of things that were never under your control. It’s possible that if Napoleon didn’t sneeze on particular day (talking about chaos theory here), you wouldn’t have even born.

                  • arunishapiro said, on ජනවාරි 18, 2013 at 9:37 පෙ.ව.

                    sharanga,

                    ඔබ කියන්න පැහැදිලි කරන්න උත්සාහ ගත් ලොව ප්‍රකට දාර්ශනිකයන් බොහොමයක් ලියූ බොහෝ පොත්පත් උපාධි/පශ්චාත් උපාධි පංති වල දී හදාරා ඒ විභාග වලින් ඉහළින්ම සමත් වී ඇත්තෙමි! ඔබේ මතය පැහැදිලි කරන්න යැයි මා ඉල්ලා සිටියේ නැත. මම ඔබගේ දැක්ම පිළිගන්නේ නැතිබව දැනුම් දුන්නා පමණයි. ස්වත්‍න්ත්‍රභාවය -free will නැතැයි ඔබ කියද්දී මම free will (සර්ව සම්පුර්ණයෙන්ම නොවූවත් වඩාත් ප්‍රබල ලෙසකින්) ඇතැයි කියනවා පමණි.

                    මගේ සාර්ථකත්වය කිසිත් ලෙසකින් මගේ පාලනය යටතේ නොවුනු බොහෝ දේවල් මත රඳා පැවතියා යැයි ඔබ කියද්දී, මා මගේ සාර්ථකත්වය දකින්නේ මහත් ස්වයං වෙහෙසකින් අත්පත් කරගත්තා වූවක් ලෙසිනි. නැපෝලියන්ට යම් දවසක හචිං එකක් නොගියා නම් මා ඉපදෙන්නට ඉඩක් නැතැයි ඔබ කියද්දී එවැනි කිසිසේත්ම දැනගත නොහැකි දෛවයෝගයක් ගැන විශ්වාසයක් තබා කාලය නාස්ති කරනවාට වඩා මේ කෙටි වූ මිනිස් ජීවිතයේ පැහැදිලිවම ප්‍රතිඵල දැකගත හැකි මගේ පාලනය යටතේ පවතින මගේ වෑයම් වලට මම වෙහෙසෙමි.

                    • Sharanga said, on ජනවාරි 18, 2013 at 10:22 ප.ව.

                      // ඔබේ මතය පැහැදිලි කරන්න යැයි මා ඉල්ලා සිටියේ නැත. මම ඔබගේ දැක්ම පිළිගන්නේ නැතිබව දැනුම් දුන්නා පමණයි.//

                      ඔව්. නමුත් සියලුම ඔබ්ජෙක්ටිවිස්ට්ලට පොදු විද්‍යාත්මක කරුණු වැරදි දාර්ශනික පදනමක සිට බැහැර කිර්‍රිම ඔබත් සිදු කරනව. David Harriman, Leonard Piekoff වැනි ඔබ්ජෙක්ටිවිස්ට්ලා ක්වොන්ටම් භෞතික විද්‍යාත්මක කරුණු බැහැර කරන්නෙ විද්‍යාත්මක පදනමක ඉදල නොවෙයි, තමන්ගෙ දර්ශනයට පටහැනි නිසා දාර්ශනික පදනමක ඉදල.. Petr Beckmann සාපෙක්ෂතාවාදයට පහර දෙන්නෙ විද්‍යාත්මක පදනමක ඉදල නොවෙයි, මැටිමෝල් දාර්ශනික පදනමක ඉදල. මොවුන් කවුරුවත් නූගත් මෝඩයන් නෙවෙයි.ඔවුන් කරන වැරද්ද තමයි ලෝකය තමන්ගෙ දර්ශනයට අනුව ක්‍රියාත්මක විය යුතුයි යැයි සිතීම. ඇත්තටම මම, මම ලිබර්ටේරියානුවෙක්, ලිබරල්වාදියෙක්, ධනවාදියෙක් ආදී වශයෙන් මාව අදුන්වානොදෙන්න හැකිතාක් උත්සහ කරනව. ඒ මමත් Leonarad PIekoff වැටිච්ච වලට වැටෙයි කියන බය නිසා.

                      //ස්වත්‍න්ත්‍රභාවය -free will නැතැයි ඔබ කියද්දී මම free will (සර්ව සම්පුර්ණයෙන්ම නොවූවත් වඩාත් ප්‍රබල ලෙසකින්) ඇතැයි කියනවා පමණි.//

                      මම කළින් කිවු පරිදි free will කියල දෙයක් නැහැ. මෙම ප්‍රතිචාරය මගෙ අන්තිම ප්‍රතිචාරය කරන්න මම අදහස් කරන නිසා මේ සම්බන්ධව මම දරණ මතය මම නැවත වරක් වඩා පැහැදිලිව ඉදිරිපත් කරනව.

                      Free will කියල දෙයක් නැහැ. ඒක සම්පුර්ණයෙන් නැතිවුනත් භාගෙට තියනව කියල දෙයකුත් නැහැ.මේකට හේතුව අපි ජිවත් වෙන්නෙ causal deterministic විශ්වයක් තුල නම් අපි ගන්න සියලු තීරණ, කරණ සියලු දේ, සිතන සියලු දේ තීරණය වුනේ විශ්වයේ initial conditions මත. න්‍යායත්මකව, විශ්වයේ ආරම්භක තත්වය අපි දන්නවනම් එතැන් සිට විශ්වයේ අවසානයක් තියනවනම් ඒ දක්වා සමීකරණ හරහා ඉගෙන ගන්න අපිට පුලුවන්. මීට අවුරුදු මිලියනයකට පස්සෙ විශ්වයෙ තත්වය ගැන දැනගන්න පුලුවන්. ඒකෙ තේරුම අපි මොනව කරත් කාලය හරහා යන ගමන කිසි ලෙසකින්වත් වෙනස් කරන්න අපිට බැහැ.

                      හැබැයි volition කියන දේ අපිට තියනව. අපිත් physics මිසක් අපි ඉන්නෙ physics වලින් පිට නෙවෙයි. අපිට තියන දත්ත මත, අපේ විශ්වාසයන් මත, අපේ හැකියාව මත විවිධ තීන්දු තීරණ ගන්න අපිට පුලුවන්. නමුත් අවසාන වශයෙන් අපි කරන්නෙ මොකද්ද කියන දේ දැනටමත් තීන්දු වෙලා ඉවරයි. අපිට will කරන්න පුලුවන්. නමුත් will කරන්නෙ මොකද්ද කියන එක අපිට පාලනය කරන්න බැහැ.

                      අනිත් අතට අපි ඉන්නෙ causal indeterministic විශ්වයක් තුළ නම් ඒකේ තේරුම අපි ගන්න කිසිම තීරණයක් අපේ නෙවෙයි කියන එක. එහෙම විශ්වයක free will කියල දෙයක් තියෙන්න බැහැ.

                      //මගේ සාර්ථකත්වය කිසිත් ලෙසකින් මගේ පාලනය යටතේ නොවුනු බොහෝ දේවල් මත රඳා පැවතියා යැයි ඔබ කියද්දී, මා මගේ සාර්ථකත්වය දකින්නේ මහත් ස්වයං වෙහෙසකින් අත්පත් කරගත්තා වූවක් ලෙසිනි. //

                      මම කොහෙදිවත් කිව්වෙ නැහැ ඔබවත්, බිල් ගේට්ස්වත්, ස්ටිව් ජොබ්ස් වත් තම සාර්ථකත්වය සදහා දැඩි වෙහෙසකින් ක්‍රියා නොකළයි කියල. ඒ වගේම මම කියන් නැහැ ඔබේ සාර්ථකත්වයට ඒ වෙහෙස මහන්සිය හේතු වුනෙ නැහැ කියල. නිකං ඉදල සාර්ථක වෙන්න බැහැ.

                      නමුත් ඔබට එලෙස දැඩි වෙහෙසකින් යුතුව කටයුතු කරන්න පුලුවන් ඔබට නිරෝගී ශරීරයක් ලැබුන නිසා. ඒක තීරණය වුනේ ඔබේ ජාන වලින්. ඒ වගේම ඔබේ බුද්ධිය තීරණය වුනෙත් ඔබෙ ජාන වලින්. ඒ වගෙම විවිධ රජයන්ගෙ මැදිහත් වීම හරහා small pox ලෝකයෙන් තුරන් කරල තිබුනේ නැත්තම් ඔබ, බිල් ගේට්ස්, ස්ටිව් ජොබ්ස් සියලු දෙනා කුඩා කාලයෙදි මැරිල යන්නත් තිබ්බ, ඔබ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න කළින්. මේ කිසි දෙයක් ඔබේ පාලනය තුල තිබ්බ දේවල් නෙවෙයි.

                      බිලියනපතියෙක් ක්ලොනීකරණය කලාට ඒ කොපියටත් බිලියනපතියෙක් වෙන්න පුලුවන් කියල වගකීමක් නැහැ. ඒක ඒහෙමනම් බිලියනපතියෙක් වෙන්න ලේසීම ක්‍රමය තමන්ගෙම බිලියනපති කොපියක් සාදාගැනීම වෙන්න ඕන. ඒත් ඒක එහෙම නොවෙන එකෙන් පේන්නෙ අපෙ සාර්ථකත්වයට, හෝ අසාර්ථකත්වයට අපිට පාලනය කළ නොහැකි දේවල් බරපතල ලෙස බලපානව කියල.අන්න ඒ නිසයි මම හිතන්නෙ tax නොගෙව ඉන්න මිනිස්සු දක්වන හේතුවක් වෙන මේ සියලු සාර්ථකත්වයට තමන්ගෙයි කියන තර්කය වලංගු නැහැ කියල. මමත් අධික බදු වලට විරුද්ධ වුනත් ඒ ප්‍රායෝගික කාරණා මත මිසක් මෙම වැරදි දාර්ශනික තර්කය මත නෙවෙයි.

                    • arunishapiro said, on ජනවාරි 19, 2013 at 9:33 පෙ.ව.

                      Sharanga,

                      අපි දෙන්නා අතර වෙනස මේකයි Sharanga.

                      මට free will එකක් නැහැයි Sharanga කියනවා. මම එය සම්පූර්ණයෙන් නොවුනත් යම් ප්‍රබල ලෙසකින් ඇතැයි කියනවා.

                      මම Sharanga ජීවත්විය යුතු ආකාරය තීරණය කරන්න යන්නෙ නැහැ. ඒත් මා ජීවත්විය යුතු ආකාරය Sharang විසින් තීරණය කරනවා. පැහැදිලිවම මගේ වෑයමෙන් මම හම්බ කරන සල්ලි (මොකද ඒ වෑයම මම ගත්තෙ නැත්නම් බදු ගෙවන්න සල්ලි නැතිබව ඔප්පු කර පෙන්විය හැකියි!) පාලන බලය යොදාගෙන හොරකම් කිරීම Sharanga විසින් අනුමත කරනවා. මම ඉල්ලා සිටින්නේ Sharanga ගේ වෑයම් වල ඵලය මට හුවමාරුවෙන් (trade) ගන්න ඉඩ දෙන්න කියලා.

                      මම ඔයාට ඔයාගේ සාර්ථකත්වයට/අසාර්ථකත්වයට ඕනෑම නිදහසට කාරණයක් දක්වන්න ඉඩක් දීලා තියෙනවා.

                      ඔයා මගේ සාර්ථකත්වය මගේ නොවේ යැයි කියනවා.

                      මගේ ලෝකයේ Sharanga ට නිදහස් කැමැත්තක් කරන්න ඉඩක් තිබුණාට Sharanga ගේ ලෝකයේ මම Sharanga කියන විදියට කටයුතු කළ යුතු සිරකරුවෙක් පමණයි.

                    • Sharanga said, on ජනවාරි 19, 2013 at 11:04 පෙ.ව.

                      කලින් කමෙන්ට් එක මගේ අන්තිම ප්‍රතිචාරය කරන්නයි මං අදහස් කළේ. නමුත් මට සිද්ධවෙනව ඔබෙන් ඉල්ලා සිටින්න කරුණාකර straw man කෙනෙකුට පහරදීමෙන් වලකින්න කියල.

                      ඔබ මෙහෙම කියනව. //ඒත් මා ජීවත්විය යුතු ආකාරය Sharang විසින් තීරණය කරනවා. පැහැදිලිවම මගේ වෑයමෙන් මම හම්බ කරන සල්ලි (මොකද ඒ වෑයම මම ගත්තෙ නැත්නම් බදු ගෙවන්න සල්ලි නැතිබව ඔප්පු කර පෙන්විය හැකියි!) පාලන බලය යොදාගෙන හොරකම් කිරීම Sharanga විසින් අනුමත කරනවා.//

                      ඔබ මෙහෙම කියන්නෙ මම මෙහෙම කියල තියෙද්දි.
                      //මමත් අධික බදු වලට විරුද්ධ වුනත් ඒ ප්‍රායෝගික කාරණා මත මිසක් මෙම වැරදි දාර්ශනික තර්කය මත නෙවෙයි.//

                      මට ඔබ ජීවත් වෙන ආකාරය පාලනය කරන්න උවමනාවක් නැහැ. මට ඔබ මත අධික ලෙස බදු පටවන්න උවමනාවකුත් නැහැ. තුවක්කු පාලනය, සෞඛ්‍යය පහසුකම් ආදී කාරණා කිහිපයකදි ඇරෙන්න මට ප්‍රශ්නය තිබෙන්නෙ ඔබේ conclusion එකත් එක්ක නෙවෙයි. ඔබේ හා අනිකුත් ඔබ්ජෙක්ටිවිස්ට්ලාගේ conclusion බොහොමයක් එක්ක මම එකගයි. මට ප්‍රශ්නය තිබෙන්නෙ ඔබලා ඒ conclusion එකට පැමිණෙන ආකාරයත් එක්ක. ඔබේ දර්ශනයට ක්වොන්ටම් භෞතික විද්‍යාවත් එක්ක ප්‍රශ්නයක් තියෙනව. පරිණාමවාදයත් එක්ක ප්‍රශ්නයක් තියනව. Anthropogenic global warming එක්ක ප්‍රශ්නයක් තියනව. Naive realism වලට පටහැනි සියලුම cognitive scientific අදහස් එක්ක ප්‍රශ්නයක් තියෙනව. මම හිතන්නේ ඒ ඔබ්ජෙක්ටිවිස්ට් දර්ශනයේ දුර්වලතාවයක් කියල.

                      මම කියන්නේ ඒක මිසක් ලෝකය පාලනය කරන්න අදහසක් මට නැහැ.

                      ස්තූතියි.

                    • arunishapiro said, on ජනවාරි 19, 2013 at 11:13 පෙ.ව.

                      Sharanga,

                      Sharanga යනු straw man කෙනෙකු නොවේ. මේ අඩවියේ මා සමඟ සංවාදයක් ගෙන යන්නෙකි. මා තනිවම Sharanga යැයි ලියමින් මගෙන් ප්‍රශ්න අසමින් මා හටම උත්තර දී ගන්නවා නොවේ නේද?

                      Sharanga මොන මාස්ටර් මොළයෙන් ද තීරණය කරන්නෙ බදු අධිකයි ද නැද්ද කියලා!!!!! කිසිම බද්දක් ගෙවන්න මගේ කැමැත්තක් නැත්නම්, මගෙන් සතයක් හෝ බදු මඟින් අය කිරීම මගේ වෑයමෙන් ගන්නා ඵලය හොරකම් කිරීමක්. බදු කැමැත්තෙන් ගෙවන මිනිස්සු ලෝකයේ නැති නිසයි මිනිසාගේ වෑයමේ ඵලයෙන් ආණ්ඩුව විසින් තීරණය කරන බදු නොගෙව්වොත් දඬුවම් දීම නීතිමය බලහත්කාරකමකින් සිද්ධ වෙන්නේ. බදු වලට පක්ෂපාතී වීමෙන් මා ජීවත්වෙන ආකාරය, එනම් මගේ වෑයමේ ඵලයෙන් කොටසක් හොරකම් කරන අයිතිය රජයට ඇතැයි කීම Sharanga විසින් දැනටමත් තීරණය කරන ලද්දකි.

                    • Sharanga said, on ජනවාරි 19, 2013 at 11:58 පෙ.ව.

                      හ්ම්. ඔබ දිගින් දිගටම ඔය straw man ට පහරදෙනව වගේ. කමක් නැහැ. මං හිතන්නෙ මම මගෙ අදහස පැහැදිලි කළා.

                      හැබැයි මට එක කියන්න දෙයක් තියනව. ඒ තමයි ඔබ්ජෙක්ටිවිස්ට්ලා යථාර්තය ගැන හුගක් දේවල් කිව්වත් ඔවුන්ගෙ බොහොමයක් මත හදල තියෙන්නෙ යථාර්තය කියල දෙයක් නැහැ වගේ. ඔබ්ජෙක්ටිවිස්ට්ලාට අනුව බදු ගෙවීම ස්වකැමැත්තෙන් සිදු විය යුතුයි. එනම් බදු ගැසීම නීති හරහා සිදු නොවිය යුතුයි. තමන් බදු ගෙවිය යුත්තේ තමන් කැමති නම් පමණයි. මෙතනදි හුගක් ඔබ්ජෙක්ටිවිස්ට්ලා නොහිතන දෙයක් තමයි ඇයි දැනට තියෙන රජයන් එකක් වත් ඔය කියන voluntary taxation වලින් පමණක් යැපෙන් නැත්තෙ කියල.

                      ප්‍රායෝගික යථාර්තය තමයි හමුදාවක් පවත්වා ගැනීමට රජයකට මුදල් අවශ්‍යයයි. එතනදී voluntary taxation හරහා යැපෙන රජයකට හා හමුදාවකට වඩා statutory taxation මත යැපෙන රජයකට හා හමුදාවකට වාසියක් තියනව. Statutory taxation ක්‍රමයක් තියෙද්දි වැඩි වැඩියෙන් මුදල් රැස් කරන්න පහසුයි. යුද්ධයකදී මේ තත්වය අත්‍යාවශ්‍යයි. ඇමරිකාව දැන් voluntary taxation ක්‍රමයකට යනව කියන්නෙ චිනෙන් අම්බානක කනවයි කියන එක.

                      දෙවැනි ලෝක යුද්ධ සමයේදි ඇමරිකාවට තිබ්බෙ voluntary taxation ක්‍රමයක් නම් නාසිවාදින් ඔය යුද්ධෙ දිනනව. ඊට අමතරව ඇමරිකානුවන් බදු වලින් හුගක් එහාට ගිහින් draft එකක් ගෙනාවා තරුණයන් බලෙන්ම හමුදාවට බදවා ගන්න. ඒකට හේතුව මේවයෙ හරි වැරැද්ද මොකක් උනත් බලෙන් හරි මිනිස්සු හමුදාවට ගන්න රජයකට වාසියක් ලැබෙනව. ඊට අමතරව යුද්ධ සමයෙදි ඕන තරම් පෞද්ගලික දේපල හමුදා අවශ්‍යතාවයන් සදහා යොදා ගත්ත. ඒකට හේතුව හරි වැරැද්ද මොකක් උනත් තමන්ගෙ සතුරා එහෙම කරද්දි තමනුත් එහෙම නොකර ඉන්න එක තමන්ට අවාසියක් නිසා.

                      මේක තමයි ප්‍රායෝගික තත්වය. එතකොට ඔබ්ජෙක්ටිවිස්ට්ලාට කියන්න බැහැ එහෙම කරන්න පුලුවන් යුද්ධ කාලෙක විතරයි කියල. මොකද යුද්ධ කාලෙක එහෙම් කරනව කියන්නෙ ප්‍රායෝගික හේතු මත අයිතිවාසිකම් උල්ලංගනය කරනව කියල. එතකොට ප්‍රශ්නයක් එනව යුද්ධයක් නැති කාලෙකත් එහෙම කරන්න සිදුවෙන තත්ව තියනවද කියල.

                      කොටින්ම බදු ගැසීම අයිතිවාසිකම් පිළිබද ප්‍රශ්නයකට වඩා ප්‍රායෝගික අවශ්‍යයතාවය මත තීරණය කළ යුතු දෙයක් කියන දේ පෙන්නුම් කරන්න පුලුවන් නම් මුලු ඔබ්ජෙක්ටිවිස්ට් බදු තර්කයම බිද වැටෙනව.

                    • arunishapiro said, on ජනවාරි 19, 2013 at 12:49 ප.ව.

                      Sharanga,

                      Sharanga කියනවා මම straw man කෙනෙකුට පහර දෙනවා කියල. මම කියනවා මම Sharanga ගෙනෙන අදහසට එකඟ නැත්තෙ ඇයි කියලා පෙන්වනවා කියල.

                      මා ලවා ආණ්ඩුවක පැවැත්ම පිණිස කැමැත්තෙන් වැඩ කරවා ගැනීමට ඔබට තියා ලොව කිසිවෙකුට නොහැකියි යන්න යථාර්ථයයි. බලහත්කාරයෙන් මිනිසුන් ලවා ආණ්ඩුවේ පැවැත්ම පිණිස වැඩගත් ආණ්ඩු ග්‍රීක රෝම යුගයේ සිට මේ දක්වා කඩා වැටුණු බව පෙන්වන්නේ ඉතිහාසයයි. ප්‍රායෝගික තත්වය බැහැරකට දා තියෙන්නේ මම නෙමෙයි.

                      බදු වලින් සිද්ධ වෙන ආණ්ඩුවේ වැඩ, බදු නැතිව කොහොම ද කරගන්නෙ යන්න කතා කරන්නට පෙර මුලින්ම බදු නම් වෙහෙසන මිනිසාගේ ශ්‍රමයේ ඵලය සොරාකෑම යන්නයි කියන්නට එකඟ වෙන අය හොයාගන්න ඕනෑ!!!!!

  2. […] සත්‍යයෙන්ම සමගිය ගොඩනැඟුනු හැටි “මම පැන්සල” වැනි විශිෂ්ඨ කෘති වලින් අවබෝධ […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: