අරුණි ශපීරෝ‍ වෙතින්

ඔවුන් ආවේ මා වෙනුවෙන් නොවේ

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 28, 2013

73814_10151352850731663_385945222_n

ඔවුන් ආවේ මා වෙනුවෙන් නොවේ

පළමුවෙන්ම මම විවාහයෙන් ඈත් වුනෙමි
උත්සාහයක් ගන්නට තරම් වටිනාකමක් එහි නැතැයි කියා

අනතුරුව රස්සාව හැර දැමුවෙමි
නිෂ්පාදනය කරනවාට වඩා දෙන දෙයක් ගැනීම පහසු නිසා

අනතුරුව චන්දය ප්‍රකාශ නොකළෙමි
මන්ද ඔවුන් හැම දෙයක්ම බලාගනියි කියා සිතු නිසා

අනතුරුව මා අයිතීන් අත් හැරියෙමි
බැටළුවන්ට අයිතීන් අවශ්‍ය නැති නිසා

අනතුරුව මගේ අභිලාෂය මැකී යන්නට ඉඩ දුන්නෙමි
කවුරුන් හෝ මට කන්න දෙන තුරු බලා සිටියෙමි

අනතුරුව මගේ සතුට සහ උත්සාහය අත්හළෙමි
ඉතිරි වී ඇති ඩිංගෙන් ජීවත්වුනෙමි

අනතුරුව මගේ අධිෂ්ඨානය, මගේ ජීවිතය පැතුවෙමි
ලබාගන්නට උත්සාහයක් ගත්තෙමි

එහෙත්, බැටළුවන් කොහොම ද නිදහස ඉල්ලන්නේ?

මෙවර ඔවුන් ආවේ මා වෙනුවෙන් නොවේ,
මා ගෙන ගන්නට මම ඔවුන්ට සහාය වුනෙමි.

© ටිකිරි ශපීරෝ, 2013

මෙය උපුටා දක්වන්නේ නම් කරුණාකර නිර්මාණය: © ටිකිරි ශපීරෝ, 2013 යැයි සඳහන් කරන්න.

They Did Not Come For Me

First, I strayed from marriage
Because it was not worth A Try

Then, I gave up my job
Because Getting is easier than producing

Then, I didn’t vote
Because I thought they’d take care of it all

Then, I gave up my rights
Because sheep don’t really need them

Then, I let my ambition fade
Waiting for someone to feed me

Then, I gave up my happiness, my pursuit,
Existing on what still remained

Then, I yearned for my will, my life
And tried to get it back

However, how do sheep ask for freedom?

They did not come for me this time,
I let myself be taken.

©Tikiri Shapiro, 2013

Advertisements

27 Responses

Subscribe to comments with RSS.

  1. kavikaari said, on ජනවාරි 28, 2013 at 7:40 පෙ.ව.

    හරි අපූරුයි!

  2. Gold fish said, on ජනවාරි 28, 2013 at 7:44 පෙ.ව.

    ධනාත්මකද සෘනාත්මකද….

  3. praveena said, on ජනවාරි 28, 2013 at 7:58 පෙ.ව.

    ගහේ කටු උල් කරන්ට ඕනි නෑ කියන කතාව මතක් උනා. මෙතනට ඒක ගැලපෙනවා නේද?

    අම්මා වගේමයි දුවත්. 🙂

    අපූරු කවි පෙල…ටිකිරි හරි හපනියක්.

  4. Yasiru Udana said, on ජනවාරි 28, 2013 at 8:04 පෙ.ව.

    හොද ලිපියක් මගේ බ්ලොග් එකටත් එන්න http://sinhapedia.blogspot.com/

  5. udontneed said, on ජනවාරි 28, 2013 at 11:40 පෙ.ව.

    charter !!

  6. chandi said, on ජනවාරි 28, 2013 at 1:37 ප.ව.

    අම්මාගෙ දුව! හරිම අර්ථවත් කවියක්. හරිම හපනියක්.

  7. Shanthi Chandrasekera said, on ජනවාරි 28, 2013 at 2:31 ප.ව.

    Harima agana kavi sithivillak. pudumai jana kriyakarana hati neda? ammage janawela thiyena dakshakam e vidihatama pihitala. ithin Deviyan minisun mawwanam e kagana passe balamu neda? kiyanna Duwata suba pathuwa kiyala.

  8. Jay said, on ජනවාරි 28, 2013 at 8:05 ප.ව.

    🙂

  9. තිසර said, on ජනවාරි 29, 2013 at 12:18 පෙ.ව.

    මුල් කවිය කාලයට ගැලපෙන විදිහට අපූරුවට වෙනස් කරලා… රාජ්‍යය විවේචනයට කලින් ස්වයං විවේචනයකට පොලඹවන කවියක්… නීමොලර් ගෙ අන්තිම පේලි දෙකේ ක්ලයිමැක්ස් එක ටිකිරිත් ඒ විදිහටම දනවනවා…

    අන්තිම පදයේ සිංහල පරිවර්තනය ‘මා ගෙන යන්නට මම ඔවුනට ඉඩ හැරීමි’ වගේ වුනා නං හොඳයි කියලා හිතෙනවා…

  10. Bindi said, on ජනවාරි 29, 2013 at 1:31 පෙ.ව.

    she takes after you…..wow

  11. magenama said, on ජනවාරි 29, 2013 at 3:08 පෙ.ව.

    අන්තිම පදය “මා ‍රැගෙන යන්නට” කිව්වොත් වඩා ගැලපෙනවා නේද?

  12. දුකා said, on ජනවාරි 29, 2013 at 4:01 පෙ.ව.

    සුපිරියි . . .

    මේක සිරි දේසේ අපිට නම් හොඳින්ම ගැලපෙනවා . .

    ඔයාල ඉන්න රටේ ජීවත් වෙන අය මේ වගේ නෙමේනේ . .

    අපේ සිරි දේසේ කට්ටිය නම් මේ වගේ . . .

    අයිතීන් ගැන කතා කරන්නේ නෑ මේක තමයි අපේ කරුමේ කියලා

    දේශපාලනේ ගැන කතා කරනෙන දේශපාලනේ මට තිත්තයි කියලා

    මහන්සිවෙලා දෙයක් ලබා ගන්නවට වඩා ඔන්න ඔහේ ලැබෙන්න තියෙන දෙයක් ලැබෙයිනේ කියලා ඉන්නවා.

    ඔක්කෝම අල වුනාට පස්සේ කෑ ගහනවා අරක නෑ මේක නෑ කියල.

    එතකොට අපිව පාලනය කරන උන් අහනවා ඇයි ඉතිං කලින් කිව්වේ කමක් නෑ කියලා දැන් මොකෝ මේ කියල

    අන්තිමේදි වෙන එකෙක් බිල්ලට ගන්න ආවත් ඌට කලින් මාව අරගෙන මේ අපායෙන් වෙන අපායකට යවපන් කියලා දුවන කෝච්චියට බෙල්ල තියනවා.

    ඇත්තමයි ඔයාගේ දූගේ කවිය නම් සුපිරි . . .

    • arunishapiro said, on ජනවාරි 29, 2013 at 10:35 පෙ.ව.

      දුකා,

      අපි ඉන්න රටේත් දැන් කාලයක් තිස්සෙ වැඩි වේගන එන්නෙ මේ වගේ අය!

      එක එක පැති වලින් උස්සන් ආපු කරැමේ මෙහාටත් හෙනයක් වගේ පාත් වෙලා!!!

      සාමාන්‍යයෙන් කතා කරන දේශපාලනේ නම් මටත් තිත්තයි. ඒ කතා කරන්නෙ අරයාගෙ පැත්තයි මෙයාගෙ පැත්තයි ගැන. උන් දෙගොල්ලොම බල තණ්හාධික පැත්තෙ කියලා කතා කරනවා නම් ඔන්න මට ඒක රස මාතෘකාවක් වෙනවා.

      ස්තූතියි දුකා මල්ලි, ටිකිරි ගෙන් සහ මගෙන්.

  13. Ravi said, on පෙබරවාරි 1, 2013 at 4:31 පෙ.ව.

    When sheep suddenly realizes they don’t want to be sheep anymore its invariably much too late,
    The first and foremast condition of being eternal sheeps is to be always contended with your lot, always.

    Congratulations Tikiri, you are lucky to have such a liberal & free thinking shepherd…no..rather a guide I would say… 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: