අරුණි ශපීරෝ‍ වෙතින්

සියළු වින වලට මූලය වනාහී නිෂ්පාදනයට එරෙහි බද්දයි

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 29, 2013

IMG_4831

ඇමෙරිකාව බිහිවූයේ නිර්භීත මිනිසුන් වෙතින්. නිවහල් මිනිසුන් වෙතින්. ඇමෙරිකාවේ ජාතික ගීය හෙවත් “තරු විසිරුන කොඩිය” ලියුවේ 35 හැවිරිදි නීතීඥයෙකු හා ආධුනික කිවියෙකු වූ ෆ්‍රැන්සිස් ස්කොට් කී වෙතින් 1814 දී ය. ඇමෙරිකාව “නිවහල් අයගේ වාසස්ථානයයි, එය නිර්භීත අයගේ භූමියයි,” (the home of the free and the land of the brave) යනුවෙන් ඇමෙරිකානුවන් අදත් ගායනා කරන්නේ යම් උත්සවයක් ආරම්භයේ දී ය!!!!

මුල් ඇමෙරිකානුවන් මෙහි ආවේ වැඩවසම් ආණ්ඩුවලින් මිදෙන්නට තැනක් හොයාගෙන. එතෙක් පැවති ආණ්ඩු ගැන ඔහුගේ විශ්වාසය පළුදු වී තිබිණ. ආණ්ඩුවේ ග්‍රහණයට හසු නොවී තමන් කැමති ආගමක් අදහන්නටත්, තමන් කැමති රැකියාවක යෙදෙන්නටත්, තමන් කැමති පරිදි ජීවත්වෙන්නටත් ඔහුට දැඩි උවමනාවක් තිබි නිසා ඔහු උපන් බිමේ උරුමයන්ට ආයුබෝවන් කීවේ නොදන්නා රටක් තම වාසස්ථානය කරගන්නටයි. ජීවිතය පරදුවට තබා නිවහල් ජීවිතයකට උත්සාහයක් ගන්නටයි.

තමනට යම් ආකාරයක ආණ්ඩුවක් අවශ්‍ය බව ඔහු දැකීය. තම අයිතීන් ආරක්ෂා කරන නීතිමය පිළිවෙතක් ද, පිටතින් එන සතුරන් වෙතින් ආරක්ෂාව ලබාදෙන පිළිවෙතක් ද අවශ්‍ය බව ඔහු දැකීය. පැහැදිලි ලෙසින් සීමිත බලතල ඇති ආණ්ඩුවකින් එය ඉටු කරවා ගත හැකි බව ඔහු දැකීය. ආණ්ඩුවක් තමන් දෙන සීමිත බලතල වලට වඩා පිටතින් යා නොහැකි වන සේ ඔහු ව්‍යවස්ථාවක් හදා ගත්තේය. එය සකස් කළ අය අතර වෙළඳුන්, විද්‍යාඥයන්, නීතීඥයන්, කුඩා/මහා පරිමාන ගොවිපල අයිතිකරුවන්, වෛද්‍යවරු හා දේශපාලනඥයන් ද විය. එය ලියන්නට සහාය දුන් අය සහ එයට අත්සන් තැබූ අය ගැන පැහැදිලි විස්තර ඇමෙරිකන් ඉතිහාසයේ වාර්තාගත වී ඇත.

ඇමෙරිකාවේ නිදහස් ප්‍රකාශනය ලියැවෙන්නේ 1776 දී ය. එයින් සියළු වැසියන්ට එක හා සමාන අයිතීන් ප්‍රදානය කරන ලදි. ඒ අයිතීන් ආණ්ඩුවක් විසින් ප්‍රදානය කරන්නක් නොවන නිසා ආණ්ඩුවකට පැහැර ගත නොහැකි අයිතියක් සේ අවධාරණයෙන් ලියැවුනකි.

ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1787 සැප්තැම්බර් 17 වැනිදා නිල වශයෙන් පිළිගැනුණි. ප්‍රාන්ත 11 ක් විසින් අපරානුමත කරන ලද එය 1789 මාර්තු 4 දා නීතිමය වශයෙන් ක්‍රියාත්මක විය.

සංශෝධන ගෙනැවිත් ව්‍යවස්ථාවේ අඩුපාඩු සකස් කරගන්නට හැකි බලය එහි නීති සම්පාදක (කොංග්‍රසය), විධායක (ජනාධිපති) සහ අධිකරණය (සුපිරි උසාවිය) යනුවෙන් බෙදා හැර තිබුණි. බලය වෙන් කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ආණ්ඩුවක් බලවත් වීම සීමා කිරීමයි.

වෙහෙසක් ගෙන ජීවිකාව උපයා ගැනීමට වඩා කොල්ල කෑමෙන් ජීවිකාව ගෙන යන්නට පහසු නම් කොල්ල කෑමට ඉදිරිපත් වීම මිනිස් ස්වභාවයයි. ඇමෙරිකාව පිහිටුවා ගත්තේ කොල්ලකෑමට නීතිමය අවසරයක් නොදී සෑම මිනිසෙකුටම ජීවිකාව උපයා ගැනීමට එකම තලයක තරඟ කරන ප්‍රවේශයක් (ජීවිතය හා පුද්ගල දේපල උදුරා ගත නොහැකි අයිතිය) නීතියෙන් ස්ථාපිත වීමෙනි.

ඇමෙරිකාවේ නිවහල් මිනිසාට දැවැන්ත තර්ජනයක් එල්ල වන්නේ එවක ලන්ඩනයේ ජීවත්වෙන කාල් මාක්ස් වෙතිනි. යුරෝපයේ අවුල් වැඩවසම් ක්‍රමය තුලින් ගොඩනඟන ඔහුගේ කොමියුනිස්ට් මැනිෆෙස්ටෝව 1848 දී ලොවට ඉදිරිපත් විය.

“බුර්ජුවාසිය දේපල කිහිප දෙනෙකුගේ අතට බාර කර ඇතැයි” ද, “බුර්ජුවාසිය තමන්ගේ ධනය එක්කාසු කළේ වැඩවසම් ක්‍රමයෙන්,” යැයි ද කියද්දී ඇමෙරිකාවේ වහල් බවින් සිටි අයත් නිවහල් වී ධනවතුන් වන්නට හැකියාව ලද්දවුන් බව සෙසු ලෝකය දුටුවේ නැත.

බුර්ජුවාසිය විසින් තමනට පමණක් තබා ගත් දේපල, නිෂ්පාදන ක්‍රම (means of production) ආපහු ජනතාවට ලබා ගන්නට නම්, (එහෙම වැඩවසම් තත්වයක් ඇමෙරිකාවේ තිබුනේ නැත) ආණ්ඩුව මධ්‍යගත කළ යුතු බව කාල් මාක්ස්ගේ මතය විය. බදු ක්‍රමයන්, එක ආණ්ඩුවක්, එක නීතියක්, එක ජාතික පංතියක්, … යනාදියෙන් මාක්ස් නිර්දේශ කරද්දී එයට උත්සාහයක් ධනවතුන් ගේ හිස් ගිලටිනයෙන් වෙන් කර, ඔවුන්ගේ සම්පත් උදුරා ජනතාවට බෙදා දෙනවා යැයි කියූ ප්‍රංශ විප්ලවය (1789-1799) භීෂණ සමයකින් මිනිස් ඝාතනයක් කර උන්මාද පාලක පංතියක් රටක් අඳුරු කළ හැකි හැටි ගැන කාල් මාක්ස් සේ ම, සෙසු ලෝකයා ද විමසා බැලුවේ නැත.

ප්‍රංශයේ මිනිස් හා ආර්ථික ඝාතකයෙක් වු මැක්සිමිලියන් රොබෙස්පියෙර් වැනි උන්මාද චින්තනය ඇත්තන්ට අනාගතයේ ද පුරවැසියන් රවටන්නට හැකි දේශපාලන දර්ශනයක් කාල් මාක්ස් විසින් සකස් කර දුනි. පුද්ගලයෙක් ස්ව උත්සායෙන් උපයන පුද්ගල දේපලට හිමිකමක් ආණ්ඩුවට ඇතැයි කියන වේදිකාව සකස් කර දී, පුද්ගලික දේපල හා ජීවිතයට ඇති අයිතිය ද සුණු විසුණු කර දමමින්, නීත්‍යානුකූලව සොරකම් කරන්නට හැකිවෙන, නිෂ්පාදනයට එරෙහි ආදායම් බදු ක්‍රමයක් ලොව සාධාරණීය කළේ ඔප්පු නොකරන ලද දෝෂ සහගත මතවාදයකිනි.

ආණ්ඩුවක් පනවා ගත් නීත්‍යානුකූල බලයකින්, එනම් 16 වැනි ව්‍යවස්ථාවෙන්, පුද්ගල දේපලට ඇති පරම අයිතිය ඇමෙරිකානුවාට අහිමි වූයේ 1913 දී ය. ඇමෙරිකන් සශ්‍රීකත්වයේ පදනම දෙදරන්නට පටන් ගති.

පුද්ගලයන්ගේ දේපල වලින් කොටසක් උදුරා ගන්නට ලැබෙද්දී ආණ්ඩුවේ බලතල දැඩි කරගන්නට ද හැකියාව පාලකයන් අතට ලැබුණි. පරම බලධාරීත්වයක් (despotism) කරා යන ගමනක් ආරම්භ විය. මධ්‍යගත සැලසුම් සහ සමාජවාදී ආණ්ඩු ගමන් කරනා ස්වභාවික අන්තය ආඥාදායකත්වයෙන් යුතු පාලකයෙක් හෝ පාලක මණ්ඩලයකින් අවසන් වෙන්නකි.

මැක්සිමිලියින් රොබෙස්පියෙර් සිට ස්ටාලින්ගේ රුසියාවත්, මා ඕං සේතුං ගේ චීනයත්, කැස්ත්‍රෝගේ කියුබාවත්, පැහැදිලිවම පෙන්වූයේ පුද්ගලික අයිතිය නොමැති ආර්ථිකයක් සාර්ථක නොවන බවයි. නුදුරු අනාගතයක කිම් යොන්ග්-උන් ගේ උතුරු කොරියාවටත් එයම පිළිගන්නට සිද්ධ වනු ඇත.

ඉතිහාසයෙන් කොතරම් පැහැදිලි උදාහරණ දැකගත හැකි වුවද තවමත් ලොව බහුතරයක් ආණ්ඩුවට පරම බලධාරීත්වයක් දීමට කැමැත්තෙන් සිටිති. සමාජවාදී ක්‍රමයේ පදනම පළුදු නිසා එය කඩා වැටෙන්නට මිනිස් ජීවිතයක කාලයක් ගෙවී ගියත්, එයින් විනාශ මුඛයට යන්නේ කෙටි ජීවිතයක් ඇති තමන් බව මොළයෙන් කල්පනා නොකරන මිනිසා නොදකියි.

වර්තමාන සමාජවාදී ප්‍රංශයේ ආදායම් බදු වැඩි වූවා යැයි කියා සුප්‍රසිද්ධ ප්‍රංශ නළු Gérard Depardieu රුසියාවේ පුරවැසිකම ලබාගති. හිටපු ප්‍රංශ ජනාධිපති නිකලස් සාකෝසී ද ලන්ඩන් වලට මාරු වී බදු වලින් බේරෙන්නට සැලසුම් ගසා අහුවිණ. තවමත් යුරෝපීයයන්ට වැරැද්ද තියෙන්නේ පුද්ගල දේපල අයිතියට හිමිකම් කියන්නට හැකි බලතල විසල් ආණ්ඩුවට පැවරූ නිසා යැයි අවබෝධ වී නැත!!!!!

නීත්‍යානුකූල බලයකින් ආණ්ඩුවට තමන්ව බංකොළොත් කරන අවසරය දිය යුත්තේ මන්දැයි සෑම වෙහෙසෙන පුද්ගලයෙක්ම තමන් වෙතින් ඇසිය යුත්තකි. එය විමසා බලන්නට ඔහුට ඇත්තේ ඉතා කෙටි ජීවිතයකි.

Advertisements

20 Responses

Subscribe to comments with RSS.

  1. Madu said, on ජනවාරි 29, 2013 at 4:35 ප.ව.

    පොඩි ගැටලුවක් තිබෙනවා
    //සමාජවාදී ක්‍රමයේ පදනම පළුදු නිසා එය කඩා වැටෙන්නට මිනිස් ජීවිතයක කාලයක් ගෙවී ගියත්, එයින් විනාශ මුඛයට යන්නේ කෙටි ජීවිතයක් ඇති තමන් බව මොළයෙන් කල්පනා නොකරන මිනිසා නොදකියි.//
    ඔබ කියනුයේ,
    සමාජවාදී ක්‍රමය යටතේ සිදුවන සමහර ගැටලු පදනම්කර ගනිමින් සහ හුවා දක්වමින් ඊට වඩා අර්බුධ රැසක් දකින සහ විදින ධනේශ්වර පාලන ක්‍රමය යෝග්‍ය බව ද?
    ඔබ ද එකඟවන පරිදි ශ්‍රී ලංකාවේනම් ඇත්තේ අමුතුම ආකාරයේ පාලන ක්‍රමයක් බව, අප අමුතුවෙන් කිව යුතු නොවේ.

    • arunishapiro said, on ජනවාරි 29, 2013 at 5:48 ප.ව.

      Madu,

      සමාජවාදී ක්‍රමයේ පදනම නම් පුද්ගල දේපල අයිතියක් නොමැතිකමයි. සියළු ආකාරයන් වලින් පෙනී සිටින සමාජවාදී ක්‍රම තුල පුරවැසියාගේ දේපල අයිතිය හිමිවෙන්නේ ආණ්ඩුවටයි. ජනසතු ව්‍යාපාර, මහජන සෞඛ්‍ය, මහජන ප්‍රවාහනය, ජාතික අධ්‍යාපනය, සැලසුම්ගත ආර්ථිකය යනාදියෙන් පුරවැසියාට තෝරා ගැනීම් කරත හැකි අයිතිය හැම විටම ආණ්ඩුව ගෙනෙන නීතියට යටත් වෙයි. පුද්ගලයාගේ ආදායමට බද්දක් ගැසීමටත්, ආණ්ඩුවට කැමති විටෙක බදු ඉහළ දැමීමටත් ඇති හැකියාවෙන් පෙනෙන්නේ පුද්ගලයාගේ ශ්‍රමයට ද අයිතියක් ආණ්ඩුව කියනා බවයි. බදු නැතිව සමාජවාදී ආණ්ඩුවක් ගෙන යා නොහැකිය. සියලු සැලසුම් හදන්නට විශාල ආණ්ඩුවක් අවශ්‍යයයි. එවැනි විශාල ආණ්ඩුවක විය හියදම් පියවා ගන්නට බදු නිතරම ඉහළ යවන්න අවශ්‍යයයි.

      ධනවාදී ක්‍රමයේ පදනම නම් පුද්ගලයාට තම දේපල අයිතියට හිමිකමක් තිබීමයි. සෞඛ්‍ය, ප්‍රවාහනය, අධ්‍යාපනය යනාදී පහසුකම් ආණ්ඩුව සපයන්නේ නැත. පුද්ගලයා ඒවා මිල දී ගත යුතුයි. අයෙක් හෝ මණ්ඩලයක් රටක ආර්ථිකයක් සැලසුම් නොකරයි. ආර්ථික අවදානමක් ගන්නේ ඒකීය පුද්ගලයා තම පුද්ගලික දේපල ඊට යොදමින්. පුරවැසියන් ඉල්ලන භාණ්ඩ හා සේවා සපයමින්. වෙළඳපොල (පුරවැසියා) විසින් කරන ඉල්ලුම හා සැපයුම අනුව මහජන අවශ්‍යතා සපුරාලන භාණ්ඩ හා සේවා තීරණය වෙයි. එවැනි සමාජයක බඩු හිඟයක් නැත. බඩු මිල රාත්‍රී 12 ට ඉහළ යන්නේ නැත. එක වෙළෙන්ඳෙක් බඩු මිල වැඩි කළා යැයි සිතමු. නිෂ්පාදනයට ඕනෑම කෙනෙකුට අවස්ථාවක් ඇති නිසා, එවිට අඩු මිලට ඒ බඩුව සපයන්නාට වෙළඳපොලේ වැඩියෙන් බඩු විකුණා ගත හැකියි. ඉතින්, හැම වෙළෙන්ඳාම උත්සාහ කරන්නේ බඩුවේ මිල අඩුවෙන්, එහෙත් බඩුවේ වටිනාකම වැඩියෙන්, පාරිභෝගිකායට ඉදිරිපත් කර මගේ බඩුව මිල දී ගන්න යැයි ඉල්ලා සිටින්නටය. ඒ භාණ්ඩයේ මිල අඩු වීම නිසා ඒ භාණ්ඩ ඒ විදියටම නිෂ්පාදනයෙන් තවත් කාලාන්තරයක් තිස්සේ ලාබ සොයන්නට වෙළෙන්ඳාට බැරිය. ඒ නිසා නිතරම වෙළන්ඳන් හා නිෂ්පාදකයන් හා ශ්‍රමිකයන් පවතින භාණ්ඩයක හෝ සේවාවක අගය වැඩි කරන්නටත් නැති භාණ්ඩ නව නිර්මාණයටත් වෙහෙසෙති. ඔවුන් ලාබ උපයා ගත්තේ එසේ පමණකි. එවිට නිෂ්පාදකයා ද, වෙළෙන්ඳා ද, ශ්‍රමිකයා ද යන සියල්ලන්ම ජයගනිති. ධනවාදයේ දී වැරදි ආයෝජනයක් නිසා තමන්ගේ පුද්ගලික දේපල අහිමි වීම වැළැක්විය නොහැකියි. තම පුද්ගලික දේපල යටකර ආයෝජන අවදානම් ගන්නට අකමැති අය ඒ නිසා අනුන් යටතේ මාසික පඩියකට ශ්‍රමයෙන් පමණක් ආදායම් උපයති.

      ලංකාවේ ඇත්තේ සමාජවාදී ක්‍රමයකි. සියළු ආර්ථික සැලසුම් විසල් ආණ්ඩුවක ඉන්නා කිහිප දෙනෙක් විසින් තීරණ කරති. ජනතාව දුවන්නේ ඒ නීති අනුව තමන්ගේ කුසගිනි පුරවා ගන්නටය. ජනතාවට ආණ්ඩුවේ ආර්ථික සැලසුම් නීති වලට පිටතින් ආර්ථික තීරණ ගන්නට වරම් නැත. උදාහරණයක් හැටියට කැමති කෙනෙකුට කැමති රටකින් කැමති බඩුවක් රටට ගෙන්වා කැමති මිලකට විකිණීමට ආණ්ඩුවේ අවසරය නොමැතිව ඉඩක් නැත. ආණ්ඩුව ආයෝජන අවදානම ගන්නේ ආණ්ඩුවේ පාලකයන් හෝ සේවය කරන ඒකීය පුද්ගලයන්ගේ පුද්ගලික දේපල පරදුවට තබා නොව රටේ පුරවැසියාගේ දේපල පරදුවට තබාය. ඒ නිසා ආණ්ඩුවේ ආයෝජන තීරණ වැරදි වූ විට ණය බර පැටවෙන්නේ රටේ පුරවැසියාගේ කරමත. මේ තරම් සංචාරකයන් පිරිසක් ලංකාවට ඒවි යැයි සැලසුම් හදා ඒ තරම් පිරිසක් රටට ආවේ නැත්නම් සැලසුම් හැදූ නිලධාරියාගේ ආදායම අඩු නොවේ. එහෙත් ඒ සැලසුම් සඳහා වැය කරන මුදල් නිසා ඉහළ යන්නේ ජනතාවගේ බඩු හා බදු මිල. ලංකාවේ සමාජවාදී ආණ්ඩුව, පුරවැසියාගේ පුද්ගලික දේපල පුරවැසියාට වඩා හොඳින් පරිහරණය කරන්න දන්නවා යැයි කියා, එහි තීරණ ගන්නා අයිතිය උදුරා ගෙන, එය එක ලොකු පවුලක 😀 හෝ ඒ පවුලට කත් අදින කට්ටියකගේ සුරසැප වලට වැය කරමින් පුරවැසියා ලවාම ‘නොමිලේ’ යැයි ලේබල් ගැසූ සෞඛ්‍යයට, ප්‍රවාහනයට හා අධ්‍යාපනයට දවසෙන් දවස ඉහළ යන මිල ගෙවීමත් පුරවැසියා මතම පටවා ඇත. නිෂ්පාදන ක්‍රම හා මුල ධනය හිමි ශ්‍රමය සූරා කන බුර්ජුවාසියෙන් අපි පුරවැසියා ආරක්ෂා කරන්නම් යැයි කියූ ආණ්ඩුව දැන් තමන්ට කත් අදින බුර්ජුවාසීන් හා එකතුව පුරවැසියා සූරා කයි. එය නොකළහොත් සමාජවාදී ආණ්ඩුවකට බලයේ සිටින්නට නොහැකිය. මන්ද, සමාජවාදී ආණ්ඩුවේ පදනම නම්, ඒකීය පුද්ගලයාගේ පුද්ගල අයිතිය අහිමි කර, රටේ සියළු පුරවැසියන්ට යහපත් වන සේ සම්පත් බෙදා දෙන්නට දන්නවා යැයි කීමයි. එය පිළිගන්නා පුරවැසියන් රටේ ආර්ථිකයක් බංකොළොත් වෙනතුරු ආණ්ඩුවට විසල් වෙමින් ඒ උත්සාහයේ නිරත වෙන්නට ඉඩ දෙති.

      • Madu said, on පෙබරවාරි 2, 2013 at 2:00 පෙ.ව.

        පළමුව ඔබේ පිළිතුරට තුති.

        නමුත්, ඔබ කියනා සමාජවාදයක් ලංකාවතුළ නැත. (ඔබේ අදහසේ එම කරුණට මා එකඟ නොවෙමි) එය නමට පමණක් සීමා වූ ක්‍රියාවෙන් හාත්පසින්ම වෙනස් වූ, සියලු වරප්‍රසාදලත් එක් පුද්ගලයෙකුට පමණක් සීමාවූ ආශ්චර්යවත් ගමනකි. සමාජවාදී රටක ගන්නා පරිදි තීන්දු තීරණ අප රට තුළ ගනු ලබනුයේ නෑහැ. අවම වශයෙන් සමාජවාදී රටකට ගැලපෙන විඥානයක් පාලන පංතිය තුළ නැත. අවම වශයෙන් සමාජවාදය යනු කුමක් දෑ කියා නොදන්නා මන්ත්‍රීවරු බලයේ සිටී. කිසිදු අඩුවකින් තොරව දිනෙන් දින වර්ධනයවන ජනතා පීඩනයක් පමණක් දැකිය හැකිය. ඒ සඳහා පැවති ආණ්ඩු අඩු වැඩියෙන් තොරව දායක විය.

        ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේ දේශපාලනය ව්‍යාපාරයක් ලෙසය. නමුත් එය එක් එක් කෙනාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වූ පුද්ගල ව්‍යාපාරයකි. වර්තමානයේ (විශේෂයෙන් පාලන පංතියතුළ) එක් රැස්වී ඇති දේශපාලන ඔළුගෙඩි ස්වයංව සහ බරිබාහිර මෙහෙයවීමෙන් කේන්ද්‍ර වනුයේ ලාභ ලැබීම සඳහා වූ ව්‍යාපාරයකටය. එබැවින්, සම්පත් සෑම අවස්ථාවේම කේන්ද්‍රවී ඇත්තේ සීමිත සංඛ්‍යවකටය. ඔහුන්, වෙන් වෙන්ම පුද්ගලයින් ලෙස කීමට අවශ්‍ය නැත. අප රටේ දැකිය හැකි තවත් කරුණක් නම්, මුදල් ඉපයීම -> මුදල් රැ ගැනීමට සහ වර්ධනය කරගැනීමට බලය -> බලය සඳහා දේශපාලනය.

        නමුත්, ඔබ නොකී දෙයක් ඇත. සමාජවාදී ක්‍රමයකක සම අයිතිය පුරවැසියාට හිමිවේ. රජය සියලු වගකීම් දරන සහ අවශ්‍යතාවන් ඉටුකරන අතර, ඒ සඳහා පුරවැසියාට බදු මුදලකට යටත් වීමට සිදුවේ. නමුත්, ඇති-නැති පරතරයකින් තොරව සම්පත් බෙදී යයි. එමෙන් ම සමාජ තරාතිරම් අතර, සැලකියයුතු ලොකු වෙනසක් දැකිය නොහැක.

        නමුත්, ධනේශ්වර ක්‍රමයකදී විවිධ භාණ්ඩ සහ සේවා සඳහා වෙන වෙනම බදු ගෙවීමත් සහ එහි ඓක්‍යත්, සමාජවාදය තුළ රජයට බදු ගෙවීමත් අතර සත්‍ය වෙනසක් ඇත. ධනේශ්වර ක්‍රමයේදී ඇති-නැති හැකියාව මත එකී භාණ්ඩ සහ සේවා ඔහුන් වෙත ළඟාකර ගත හැකිය. එමෙන්ම නිෂ්පාදකයා ලබන ලාභය නිසි පරිදි ශ්‍රමිකයා වෙත ගලා නොයයි. ශ්‍රමිකයා යන වදනින් ඉහළ පෙළේ නිලධාරීන් පමණක් නොව, කම්කරුවාද අර්ථකතනයවිය යුතුය. මේ දෙපාර්ශවය අතර, පැහැදිලි ලොකු වෙනසක් ධනේශ්වර ක්‍රමයේදී දැකිය හැකිය. තවත් අයුරකින් කිවහොත්, ශ්‍රම සූරා කෑමකට ලක්වීම බොහෝවිට සිදු වේ.

        අතීතයේ පැවැති වහල් ක්‍රමයට වඩා, වැඩවසම් ක්‍රමය ජානාවට වඩාත් යහපත් විය. එමෙන්ම ධනේශ්වර ක්‍රමයද ජනතාවට ඊට වඩා බලාපොරොත්තු විය හැකි ක්‍රමයකි. නමුත්, සමාජවාදය යනු මීට එහා ගිය සමාජ ක්‍රමයකි. මා අප රට තුළ ඇති වර්තමාන දේශපාලන ක්‍රමයට කිසිම කැමැත්තක් නැතුවා පමණක් නොව ඊට සහාය දෙනුයේ ද නැත. නමුත් වැරැද්ද බහුතරයක් ජනතාව දේශපාලන දැනුමෙන් අන්ධ වීම ය. ඔහුන් ව තවදුරටත් අදුරේ අඳුරේ ගිලී යන පරිදි සමහරුන් කටයුතු කරනුයේද මී වදයක් කඩනුයේ අත ලෙව කන්න නොවීමට පසක් කරමිනි. අද ජනතාව යමක් විචාරශීලීව නොදකිනුයේ ඒ හේතුවෙන්ම විය යුතුය.

        (යම් යම් අදහස්වලින් දුරස් වූවත්, පුද්ගලිකවම මා ද ඔබගේ බ්ලොග් අවකාශයට කැමැතිවෙමි. එයින් කෙනෙකුගේ විචාරශීලිබව ගොඩනැගීමට යම් දායකත්වයක් ලැබෙන බව විශ්වාස කරමි. පසුගිය මාසයේ අවසානයේ මාගේ ඩොන්ගලයේ බයිට් සීමා වූ බැවින් පිවිසීමට නොහැකි විය.)

        • arunishapiro said, on පෙබරවාරි 2, 2013 at 12:01 ප.ව.

          Madu,

          //සමාජවාදී ක්‍රමයක සම අයිතිය පුරවැසියාට හිමිවේ.// යැයි ඔබ කියයි. එයින් කියැවෙන්නේ ඒකීය පුද්ගලයාට තම දේපලට තනි අයිතියක් නැති බව නොවේ නම් වෙන කුමක් ද?

          //රජය සියලු වගකීම් දරන සහ අවශ්‍යතාවන් ඉටුකරන අතර, ඒ සඳහා පුරවැසියාට බදු මුදලකට යටත් වීමට සිදුවේ.// යැයි ඔබ කියයි. එයින් කියැවෙන්නේ සියළු වගකීම් සහ අවශ්‍යතාවයන් ඉටු කරන්නට බලය රජයට දී ඒවා ඔවුන් විසින් සාධාරණව ඉටු කරාවි යන්නට පුරවැසියා බදු මුදලකට යටත් වී ඇති බව නොවේ නම් වෙන කුමක් ද? ඉතින් යම් බලයක් දී ඒ බලය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය විය හියදම් ද දුන්නාට පසු එය සිද්ධ නොවෙන්නේ නම් ඒ ක්‍රමයේ වැරැද්ද නොවන්නේ කෙසේ ද?!!!!!

          //ඇති-නැති පරතරයකින් තොරව සම්පත් බෙදී යයි// යැයි ඔබ කියයි. එහෙත් සත්‍ය ලෝකයේ ඇති නැති පරතරයකින් තොරව සම්පත් බෙදන්නට සමත් වූ කොමියුනිස්ට් හෝ සමාජවාදී හෝ උදාහරණයක් ලෝක ඉතිහාසයෙන් පෙන්වන්න.

          //එමෙන් ම සමාජ තරාතිරම් අතර, සැලකියයුතු ලොකු වෙනසක් දැකිය නොහැක.// යැයි ඔබ කියයි. එහෙත් සත්‍ය ලෝකයේ පාලක පංතිය හා පාලිත පංතිය යනුවෙන් සැලකිය යුතු ලොකු වෙනසක් දැකිය නොහැකි ලෙසකින් සමාජවාදය ක්‍රියාත්මක වූ රටක් ලෝක ඉතිහාසයෙන් පෙන්වන්න.

          //ධනේශ්වර ක්‍රමයේදී ඇති-නැති හැකියාව මත එකී භාණ්ඩ සහ සේවා ඔහුන් වෙත ළඟාකර ගත හැකිය.// ඔව්. නමුත් එයින් ඇති අයෙක්ට නැති අයෙක් වන්නටත්, නැති අයෙක්ට ඇති අයෙක් වන්නටත් හුදු උත්සාහය හා කැපවීම මත නොහැකි යැයි කියැවෙන්නේ නැත.

          // එමෙන්ම නිෂ්පාදකයා ලබන ලාභය නිසි පරිදි ශ්‍රමිකයා වෙත ගලා නොයයි.// “නිසි පරිදි” යන්න තීරණය කරන්නේ කවුද? කාල් මාක්ස් ද? ඔබ ද? ආණ්ඩුවේ පාලකයෙක් ද? නැත්නම් නිෂ්පාදන මිල දී ගන්නා මිනිසුන් ද? ධනවාදී ක්‍රමයේ දී “නිසි පරිදි” යන්න තීරණය කරන්නේ ඉල්ලුම හා සැපයුම විසිනි. ඉල්ලුම සැපයුම තීරණය කරන්නේ වෙළඳපොලේ භාණ්ඩ හා සේවා මිල දී ගන්නා සියළු පාරිභෝගිකයන් විසිනි. වඩාත්ම සාධාරණ ලෙසින් නිෂ්පාදනයේ යෙදෙන සියල්ලන්ටම ලැබෙන ලාභය කොපමණදැයි තීරණය වෙන්නේ එකම එක ක්‍රමයකින් පමණි. එනම්, නිදහස් වෙළඳපොලක ඉල්ලුම හා සැපයුම මත ය.

          //මේ දෙපාර්ශවය අතර, පැහැදිලි ලොකු වෙනසක් ධනේශ්වර ක්‍රමයේදී දැකිය හැකිය. // නැත මේ දෙදෙනා අතර අඩුම වෙනස දැකිය හැක්කේ ධනේශ්වර ක්‍රමයේ දී ය. අපේ ගමේ කුණු ලොරිය පදවන්නාට පැයකට ලැබෙන වේතනය ඩොලර් 40 ඉක්මවා යද්දී, අපේ බැංකුවේ කවුන්ටර් ලිපිකාරියට ලැබෙන්නේ පැයකට ඩොලර් 8 ක් වැනි වේතනයකි. කුණු ලොරි පදවන්නට අකමැති අය වැඩි නිසා, බැංකුවේ Teller රස්සාවට කැමති අය වැඩි නිසා වේතන එසේ ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වී ඇත. ඉතින් කියන්න කවුද කාගේ ශ්‍රමය ද සූරා කන්නේ කියා?!!!!

          //ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේ දේශපාලනය ව්‍යාපාරයක් ලෙසය. // යැයි ඔබ කියයි. එය එසේ වී ඇත්තේ පුද්ගලයන් තම අයිතීන් රජයට බාර දී රජයට මිනිසුන් අතර සම්බන්ධතා පැවැත්වීම හසුරුවන ව්‍යාපාරයේ යෙදෙන්නට බාර දී තිබෙන නිසාය. එහෙත් දේශපාලනය යනු ඇරිස්ටෝටල් විග්‍රහ කළ ලෙසින් ‘සබඳතා පවත්වන්නට එකතු වී කටයුතු කරන’ මිනිස් හැදියාව නම් එය වෙළඳ ගණුදෙනු වලින් එකිනෙකාගේ කැමැත්ත අනුව සිද්ධ වන්නට රජයේ මැදිහත්වීමක් නොමැතිව ඉඩක් තිබීම ධනවාදයයි.

          //විචාරශීලිබව ගොඩනැගීමට යම් දායකත්වයක් ලැබෙන බව විශ්වාස කරමි// ඉතාමත් ස්තූතියි. අයෙක් පුද්ගලිකව එවැනි උත්සාහයක් ගන්නේ නම් මගේ උත්සාහයෙන් ප්‍රතිඵලයක් ලැබී ඇතැයි සතුටු වන්නට මට ද හැකියි. මා එරෙහි වන්නේ ඔබ සමාජවාදය අගය කරනවාට නොවේ. එයට විය හියදම් ඊට අකමැති අයෙකු ගෙන් බලහත්කාරයෙන් ගැනීමට අයිතියක් ඇතැයි කියනවාට පමණි.

          • Madu said, on පෙබරවාරි 2, 2013 at 4:30 ප.ව.

            //ඒකීය පුද්ගලයාට තම දේපලට තනි අයිතියක් නැති බව නොවේ නම් වෙන කුමක් ද?//
            නැත. සම්පත්, එක් පුද්ගලයෙකුට හෝ සුලු පිරිසකට පමණක් කෙන්ද්‍ර නොවීමයි.

            //යම් බලයක් දී ඒ බලය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය විය හියදම් ද දුන්නාට පසු එය සිද්ධ නොවෙන්නේ නම් ඒ ක්‍රමයේ වැරැද්ද නොවන්නේ කෙසේ ද?// එය සමාජවාදයේ වැරැද්දක් නොව. පාලනය සමාජවාදයට අනුගත නොවීමයි. ධනේශ්වර ක්‍රමයේද අර්බුද පැන නැගීමට එක හේතුවක් වනුයේ එයයි. එනම්, පාලන තන්ත්‍රය දර්ශනයට අනුගත නොවීමයි.

            //නැති පරතරයකින් තොරව සම්පත් බෙදන්නට සමත් වූ කොමියුනිස්ට් හෝ සමාජවාදී හෝ උදාහරණයක් ලෝක ඉතිහාසයෙන් පෙන්වන්න.//
            සමාජවාදය පමණක් නොව ධනේශ්වර ක්‍රමය ද අකුරටම ක්‍රියාත්මක රටක් පෙන්විය නොහැකිය. නමුත්, ආසන්නතාවයන් අනුව උ කෝරියාව, ක්‍යුබාව වැනි රටවල් පෙන්විය හැකිය. එහෙත් ඇමරිකා වැනි වෙනත් රටවල විග්‍රහ අනුව විවිධ කෝණවලින් එය විවේචනය කළ හැකි ය. ආගමක් වුව වෙනත් දර්ශනයක පදනමකින් වෙනස් කෝණයකින් විග්‍රහ කළ හැකිය. නමුත්, එකී ආගම්වලට අනුගත වූවන් ආගමින් යම් හරයක් දකී.

            //පාලක පංතිය හා පාලිත පංතිය යනුවෙන් සැලකිය යුතු ලොකු වෙනසක් දැකිය නොහැකි ලෙසකින් සමාජවාදය ක්‍රියාත්මක වූ රටක් ලෝක ඉතිහාසයෙන් පෙන්වන්න.//
            පිළිතුර ඉහත පරිදිමය. දැනට සමාජවාදී ලෙස සැලකිය හැකි රටවල පවා සුළු වෙනස්කම් පාලක සහ පාලිත පංතිය අතර ඇත. එය කිරි කළයට ගොම ටිකක් වැටුණා කියා විසිකර නොදැමිය යුතුයි. මන්ද යත්, මිනිස් සිතුම් පැතුම් සහ ජීව විද්‍යාත්මක හැඩගැසීම් ක්ෂණිකව පරිණාමය නොවීම යි. ඒ අනුව, සමාජවාදයට හෝ වෙනත් දර්ශනයකට 100% කට සම මට්ටමට අනුගත වීමට බොහෝ කාලයක් ගත විය හැකි ය. එය විවෘත ආර්ථිකය එක රැයකින් හඳුන්වා දිම මෙන් හෝ ක්ෂණික නූඩ්ලස් මෙන් හෝ සිතීම වැරැදියි.

            // //ධනේශ්වර ක්‍රමයේදී ඇති-නැති හැකියාව මත එකී භාණ්ඩ සහ සේවා ඔහුන් වෙත ළඟාකර ගත හැකිය.// ඔව්. නමුත් එයින් ඇති අයෙක්ට නැති අයෙක් වන්නටත්, නැති අයෙක්ට ඇති අයෙක් වන්නටත් හුදු උත්සාහය හා කැපවීම මත නොහැකි යැයි කියැවෙන්නේ නැත.//
            තරඟකාරී ආර්ථිකයක සියල්ලන්ටම උත්සාහය මඟින් සම තත්වයකට පැමිණිය නොහැකියි. නිවැරැදිව කියනවානම් ධාවන තරඟයකදී සියල්ලන්ටම දිනිය නොහැකි ය. මන්ද ඇත්තේ ඉල්ලුම හා සැපයුම අතර දෝලනයක් බැවින්, තවකෙක් පරයා සාර්ථකත්වය ලැබීමට වෙර දරයි. එහිදී වංචනික මෙන්ම විවිධ උපක්‍රම ක්‍රියාත්මක විය හැකිය. එබැවින්, භාණ්ඩයේ හෝ සේවාවේ ගුණාත්මකභාවය ම සාර්ථකත්වයට බලපානු ඇතැයි සිතිය නොහැකියි. එසේ ම, ධනේශ්වර ක්‍රමයට සාපේක්ෂව සමාජවාදයේදී තරඟයකින් තොරව සම්පත් හොඳන් බෙදී යයි.

            //නිසි පරිදි// මෙහිදී එය සඳහන් කරනුයේ මා ය. මා අදහස් කරනුයේ නිෂ්පාදකයාට සාපේක්ෂව ඔහු වෙනුවෙන් ශ්‍රමය වගුරුවන්නාට ලැබෙනුයේ අව ප්‍රමාණයකි. තව අයුරකින් කියනවානම්, නිෂ්පාදකයා ශ්‍රමිකයාව සූරා කෑමට ලක්කරයි.

            //අඩුම වෙනස දැකිය හැක්කේ ධනේශ්වර ක්‍රමයේ දී ය//
            ඒ ඔබගේ විග්‍රහයට අනුවය. නමුත්, ලොරි රියැදුරු සහ බැංකු ලිපිකාරී අතර සැපේක්ෂව සැලකියුතු මට්ටමේ වෙනසත් ඇත්තේ ධනේශ්වර ක්‍රමය තුළය.

            //ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේ දේශපාලනය ව්‍යාපාරයක් ලෙසය. // ඊට ඔබ දක්වා ඇති පිළිතුරට යම් මට්ටමකින් එකඟ වෙමි. නමුත්, තව හේතු ඇත. අපේ රටේ බහුතරයක් ජානතාව දේශපාලනය සහ එකී පරිසරය කෙසේ විය යුතු දැයි හදුනන්නේ නැත. තවද, සමාජවාදය බහුතරයක් නොහඳුනන අතර, ඊට මිනිසුන් තුළ හුඹස්බියකි ද ඇති කර ඇත.

            //විය හියදම් ඊට අකමැති අයෙකු ගෙන් බලහත්කාරයෙන් ගැනීමට අයිතියක් ඇතැයි //
            ධනේශ්වර ආකල්පයන් තුළින් බැලීමේදී එය බලහත්කාරයක් ලෙස පෙනෙන බව සැබෑය. නමුත්, ධනේශ්වර ක්‍රමයේදී ද බදු නොගසා රට ගෙන යා නොහැක. එම බදු ද කැමැත්තෙන් ගෙවනුයේ නැත. බදු මෙම ක්‍රම දෙකෙහිම ක්‍රියාත්මක වුවද, එය සාර්ථක පරිදි පුනරාවර්තනය වනුයේ සමාජවාදයේ දීයි. ධනේශ්වර ක්‍රමයේදී පුද්ගලයින් තවකෙකු පරයා සම්පත් ඒකරාශිකර ගැනීමට නිතැතින් ම පෙලැබේ. එකී සාධකය පාලන පංතියට පවා පොදු ධර්මතාවයකි. එහිදී විශාල පංති වෙනසක් හට ගනී. එසේ නොවේ යැයි කිව නොහැකිය.

            මා ධනේශ්වර ක්‍රමයට අකමැති, ඉන් ශ්‍රමය සූරා කන තත්වයට තල්ලුවීමට ද ඉඩ කඩ සැලසෙන බැවින් සහ සීමිත පිරිසකට පමණක් සම්පත් කෙන්ද්‍රවීමට ඉඩ කඩ සැපයීම වැනි සාඳක හේතුවෙනි. නමුත්, ධනේශ්වර ක්‍රමයට ද වඩා කීප ගුණයකින් මා වර්තමාන පාලන ස්වරූපය ට අකැමැති වෙමි. එබැවින් ම සමාජවාදය බැරිනම්, අවම වශයෙන් අපිට පිරිසිදු ධනේශ්වර ක්‍රමයක් හෝ ස්ථාපිත කරගත හැකිනම් අදට වඩා හෙට යහපත් ය.

            මා ප්‍රති උත්තර සැපවූවේ කිසියම් නොසතුටකින් නොව. ඔබගේ විචාරය හා බද්ධවීමට එකඟ වූ බැවිනි.

            • arunishapiro said, on පෙබරවාරි 2, 2013 at 6:04 ප.ව.

              Madu,

              // සම්පත්, එක් පුද්ගලයෙකුට හෝ සුලු පිරිසකට පමණක් කෙන්ද්‍ර නොවීමයි.// ධනවාදී ක්‍රමයේ දී සම්පත් එහෙම එක පුද්ගලයෙකුට හෝ සුලු පිරිසකට කෙන්ද්‍ර වී නැහැ. එහෙම සිද්ධ වෙලා ඇත්තේ සමාජවාදී ක්‍රමයන් තුල එහි පාලකයන්ට සහ පාලකයන්ට කත් අදිනා අයටයි. ධනවාදී ක්‍රමයේ දී සුපිරි ධනවතෙක් වන්නට දුප්පත් අයෙකුටත් පුලුවන්. අතීතයේ උදාහරණයක්: කොරනේලියස් වැන්ඩබිල්ට්. නූතනයේ උදාහරණයක්: ස්ටීව් ජොබ්ස්. වැන්ඩබිල්ට් එසේ මහන්සියෙන් වෙහෙසුන නිසා සෙසු සමාජයට ලැබුනේ අඩු වියදමට ප්‍රවාහනය. ජොබ්ස් නිසා ලෝකයේ ම රැකියා වැඩි වූවා.

              //පාලනය සමාජවාදයට අනුගත නොවීමයි.// සමාජවාදයට අනුගත නොහැකි වන්නේ පාලනය කරන අයට සියල්ල දන්නා ඥානයක් නැති නිසා. පැන්සලක් හදන ඥානයක් නැතිව සමාජයක් පාලනයට හැකියාවක් කාට ද තියෙන්නේ? පාලන තන්ත්‍රය දර්ශනයට අනුගත නොවන්නේ දර්ශනය මිනිස් ස්වභාවය සැලකිල්ල බැහැරකට දා ඇති නිසයි.

              // ධනේශ්වර ක්‍රමය ද අකුරටම ක්‍රියාත්මක රටක් පෙන්විය නොහැකිය.// එය ඇමෙරිකාවේ වසර ගණනාවක් තිබුණ බව පෙන්විය හැකියි.

              //උ කෝරියාව, ක්‍යුබාව වැනි රටවල් පෙන්විය හැකිය// උතුරු කොරියාවේ 200,000 කට අධික බලහත්කාරයෙන් වැඩගන්නා සිරකරුවන් ඉන්නා සිරකඳවුරු තිබෙනවා යැයි කීම නිකම් //ඇමරිකා වැනි වෙනත් රටවල විග්‍රහ අනුව විවිධ කෝණවලින් එය විවේචනය කළ හැකි ය.// පමණක් නොවේ. එය සත්‍යයෙන් පවතින අභාග්‍ය තත්වයකි. පාලකයන්ට බලහත්කාරයෙන් පාලන බලයේ ජීවිත කාලය පුරා සිටිමින්, අනතුරුව පාලන බලය පුතුන්ට හා සහෝදරයන්ට පවරන පිළිවෙත නැති පරතරයකින් තොරව සම්පත් බෙදන්නට හැකි ආකාරයක් යැයි ඔබ කියන්නේ හැබෑටම මොන සාධාරණ මට්ටමක්, මොන ආචාර ධර්ම පද්ධතියක් අනුසාරයෙන් ද? මුදල් ගෙවිය හැකි සංචාරක සෞඛ්‍යය (health tourist) එන උගෝ චැවේස් වැනි අයටත්, රටේ ඉහළ පුටුවල ඉන්නා දේශපාලකයන්ටත් වෙනම සෞඛ්‍ය පහසුකම් ද රටේ සාමාන්‍ය ජනතාවට ඇස්ප්‍රින් පෙත්ත පවා කළුකඩයෙන් ගන්නට සිද්ධ වී තිබීම නැති පරතරයකින් තොරව සම්පත් බෙදන්නට හැකි ආකාරයක් යැයි ඔබ කියන්නේ හැබෑටම මොන සාධාරණ මට්ටමක්, මොන ආචාර ධර්ම පද්ධතියක් අනුසාරයෙන් ද?

              එය ආගම් දෙකක ඇති දර්ශන දෙකකින් පෙනෙන වෙනස් කමක් පමණක් නොවේ. එක ආගමක් ඕනෑම අයෙකුට කැමති ආගමක් අදහන්නට ඉඩ දෙද්දී, තවත් ආගමක් තමන්ට විරුද්ධ ආගමේ අය සියල්ලන්වම මරා දමන්නට නීත්‍යානුකූල අවසරයක් එම ආගමේ අයට දී ඇති වැනි ජීවිතය හා මරණය තීරණය කරන ඵලවිපාක අත් කරදෙන්නකි.

              //දැනට සමාජවාදී ලෙස සැලකිය හැකි රටවල පවා සුළු වෙනස්කම්// සුළු වෙනස්කම්?!!!! ජීවිතය හා මරණය අතර යමක් තීරණය වීම ඔබට සුළු වෙනසක් වූවාට එයට මුහුණ දෙන්නාට එය ඉතා වැදගත් වෙනසකි.

              //තරඟකාරී ආර්ථිකයක සියල්ලන්ටම උත්සාහය මඟින් සම තත්වයකට පැමිණිය නොහැකියි. නිවැරැදිව කියනවානම් ධාවන තරඟයකදී සියල්ලන්ටම දිනිය නොහැකි ය. මන්ද ඇත්තේ ඉල්ලුම හා සැපයුම අතර දෝලනයක් බැවින්, තවකෙක් පරයා සාර්ථකත්වය ලැබීමට වෙර දරයි. එහිදී වංචනික මෙන්ම විවිධ උපක්‍රම ක්‍රියාත්මක විය හැකිය. එබැවින්, භාණ්ඩයේ හෝ සේවාවේ ගුණාත්මකභාවය ම සාර්ථකත්වයට බලපානු ඇතැයි සිතිය නොහැකියි. එසේ ම, ධනේශ්වර ක්‍රමයට සාපේක්ෂව සමාජවාදයේදී තරඟයකින් තොරව සම්පත් හොඳන් බෙදී යයි.// සියල්ලන්ටම සම තත්වයකට එන්නට උවමනාවක් ඇත්තේ දැයි ඔබ සියල්ලන්ගෙන්ම විමසා ඇත් ද? මගෙන් විමසා නැත. මන්ද මගෙන් ඇසුවා නම් මා දෙන පිළිතුර මෙයයි: මට කිසිවෙක් හා සම තත්වයකට එන්නට උවමනාවක් නැත!!

              ධාවන තරඟ වලට සහභාගී වී ඇති මා ඒවාට ගියේ, ඒ සියල්ලෙන්ම දිනිය නොහැකි බව දැනගෙනය. එහෙත් මගේ උත්සාහය වූයේ සෑම විටෙකම මා දුවන තරඟයෙන් දිනන්නටය. සමහර විට එම උත්සාහයෙන් මම ලැබූ සතුට තරඟය දිනුවාටත් වඩා මහත් වූ අවස්ථා ඕනෑ තරම් කියත හැකියි.

              එහෙත් ඉල්ලුම හා සැපයුම අතර ඇත්තේ ක්‍රීඩාවක දකින්නට ඇති පරිදි අයෙක් පරදින හා අයෙක් දිනන තරඟයක් නොවේ. එහි ඇත්තේ (නිදහස් ගණුදෙනු කරන්නට මිනිසාට ඉඩක් ලැබෙන කල) දෙදෙනාම දිනුම් ලබන තත්වයකි. උදාහරණයක් හැටියට මා ආප්ප කන්නට කැමතියි. මගේ සහෝදරිය ද ආප්ප කන්නට කැමතියි. මා ආප්ප වාටියට කැමති වෙද්දී ඇය ආප්පයේ මැද කන්නට කැමතියි. අප දෙදෙනා අතර ගණුදෙනුවෙන් අප දෙදෙනාම දිනුම් ලබන්නේ ඇයට ආප්පයේ මැදත් මට ආප්පයේ වාටියත් ලැබීමෙනි. භාණ්ඩයක අගය කුමක් දැයි තීරණය කරන්නේ එය පරිභෝජනය කරන පුද්ගලයාය. පරිභෝජනයට කැමති කිසිම මිනිසෙක් නැත්නම් ඒ භාණ්ඩයේ අන්තර්ගත වූ කිසිත් අගයක් නැත.

              අයෙක් පරයා තවෙකෙකු සාර්ථකත්වය ලැබිය යුත්තේ ධනවාදී ක්‍රමයේ අයෙක් සොයන ඉල්ලුමක් සැපයීම මඟිනි. දෙදෙනෙක් අතර කැමැත්තෙන් සිද්ධ වන ගණුදෙනුවකිනි. කිසිවෙක් මට අයිෆෝනයක් ගන්නට යැයි බලහත්කාරකමක් කර නැත. මා කැමැත්තෙන් මුදල් ගෙවා එයට වටිනාකමක් දී මිල දී ගෙන පරිහරණය කරමි. ඕනෑම නිෂ්පාදකයෙක්, අතරමැදියෙක් හෝ වෙළෙන්ඳෙක් කරන වංචනික කපටි කෛරාටික උපක්‍රම වල දී නීතිය හමුවට ගෙනැවිත් දඬුවම් දිය හැකියි. එහි දී පාලන පංතියේ අය කියා වරප්‍රසාල ලත් කොටසක් නැති බැවින් වරදක් කළ ගැලවීමට හැකි අය නැත!!!!

              //සමාජවාදයේදී තරඟයකින් තොරව සම්පත් හොඳන් බෙදී යයි.// පොඩ්ඩක් හොයා බලන්න මේ සබැඳි.

              මෙහි දී තරුණයා උතුරු කොරියාවේ ශ්‍රම සිරකඳවුරකින් පලා ආවෙකි.

              මෙම සබැඳි වලින් කියන්නේ කියුබාවේ ඇස්ප්‍රින් පවා ලබාගත නොහැකිව ඉන්නා සාමාන්‍ය කියුබානුවන් ගැනයි. කියුබාවේ වෛද්‍යවරු පිටරටවල් වල දී පැන යන්නට ගන්නා උත්සාහයන් ගැනය. සාමාන්‍ය කියුබානුවන් ශල්‍යකර්ම සඳහා දින ගණන් බලා සිටිය දී සංචාරක සෞඛ්‍ය සේවා සොයා එන සල්ලි ඇති අය ගෙවා සෞඛ්‍ය පහසුකම් ලබා ගන්නා ආකාරයයි. අප්‍රිකාවේ යහළුවන්ට වෙන රටවල් වලටත් වඩා වැඩි වියදමකින් අද කියුබාවේ වෛද්‍ය උපාධි විකුණන හැටි ගැනයි.

              http://www.aljazeera.com/indepth/features/2012/06/201265115527622647.html

              http://www.nationalcenter.org/NPA557_Cuban_Health_Care.html

              http://www.economist.com/news/americas/21566670-medicine-big-business-cuba-nip-and-tuck

              // මෙහිදී එය සඳහන් කරනුයේ මා ය. මා අදහස් කරනුයේ නිෂ්පාදකයාට සාපේක්ෂව ඔහු වෙනුවෙන් ශ්‍රමය වගුරුවන්නාට ලැබෙනුයේ අව ප්‍රමාණයකි. තව අයුරකින් කියනවානම්, නිෂ්පාදකයා ශ්‍රමිකයාව සූරා කෑමට ලක්කරයි.// ශ්‍රමය වෙහෙසූ පමණින් නිෂ්පාදනයක් බිහිවෙනවා ද? (දහඩිය විකුණන්නට බැහැ තවම!!!) යමක් නිෂ්පාදනය කරන්නට ශ්‍රමය වෙහෙසන අයෙකුට ඒ සඳහා නිශ්චිත ක්‍රියාදාමයක් හදා දිය යුතු නොවේ ද? ඒ ක්‍රියාදාමයේ නියැළෙන්න ස්ථානයක් වෙන් කළ යුතු නොවේ ද? නිෂ්පාදන උපකරණ සැපයිය යුතු නොවේ ද? නිෂ්පාදන අමුද්‍රව්‍ය සැපයිය යුතු නොවේ ද? ඒවා සියල්ලටම යට කරන ආයෝජන වියදම් වලට වඩා ශ්‍රමය වගුරුවන්නාට ලැබෙනුයේ අව ප්‍රමාණයක් යැයි ඔබ මිලක් තීරණය කළේ කෙසේද?

              //ධනේශ්වර ක්‍රමයේදී ද බදු නොගසා රට ගෙන යා නොහැක// ආදායම් සහ උරුම බදු නොගසා රටක් ගෙන යන්නට පුළුවනි. වසර 150 කට ආසන්න එවැනි කාලයක් ඇමෙරිකාවේ තිබුණි.

              //ධනේශ්වර ක්‍රමයේදී පුද්ගලයින් තවකෙකු පරයා සම්පත් ඒකරාශිකර ගැනීමට නිතැතින් ම පෙලැබේ. එකී සාධකය පාලන පංතියට පවා පොදු ධර්මතාවයකි. එහිදී විශාල පංති වෙනසක් හට ගනී. // ඔව් ධනවාදයේ දී තවකෙකු පරයා සම්පත් එකතු කරගැනීමට හැකියාව තිබීම තමයි එහි වැදගත්ම ලක්ෂණය. ඒත් පාලකයන්ටත් එය කරගත හැකියාව ඇත්තේ ඔවුන්ට පමණක් විශේෂ නීති හා වරප්‍රසාද වලින් නොවේ. ඔවුන් ද වෙළඳපොල තරඟයෙන් පමණක් ඊට හැකියාව ලබති. පාලක පංතියක් හා පාලිත පංතියක් කියා දෙකක් ධනවාදයේ නැත. සමාජවාදය යනු සියල්ල දන්නවා යැයි සිතන පාලකයන් තමන්ට උවමනා අය හා සමඟ ගණුදෙනු කරන්නට පුරවැසියන්ට අවසර දීමයි. ධනවාදය යනු ඒකීය පුද්ගලයන් තවත් ඒකීය පුද්ගලයන් සමඟ එකිනෙකාගේ කැමැත්තෙන් ගණුදෙනු කිරීමයි.

              • Madu said, on පෙබරවාරි 3, 2013 at 11:56 පෙ.ව.

                ඔබේ පිළිතුරට, තව දුරටත් දීර්ඝ සංවාදයක් ඇති විමට තුඩු දෙන අළුත් මාතෘකා එක්වීම හැකි පමණ අවම කරමින් මාගේ අදහස ඉදිරිපත් කරන්නෙමි….
                01)
                // සම්පත්, එක් පුද්ගලයෙකුට හෝ සුලු පිරිසකට පමණක් කෙන්ද්‍ර නොවීමයි.//
                සම්පත්, එක් පුද්ගලයෙකුට හෝ සුලු පිරිසකට පමණක් කෙන්ද්‍ර නොවූ ධනේශ්වර රටක් දැකිය නොහැකිය. නමුත් ධනේශ්වර රටවල් දෙකක් අතර වෙනසක් දැකිය හැකි විය හැක. එහෙත් සමාජවාදයට පිවිසි රටකට සාපේක්ෂව ධනෙශ්වර රටක, සම්පත් සුලු පිරිසකට ඒකරාශීවීම පැහැදිලිව ප්‍රකට කරයි.
                02)
                //සමාජවාදයට අනුගත නොහැකි වන්නේ පාලනය කරන අයට සියල්ල දන්නා ඥානයක් නැති නිසා. //
                සමාජවාදය උඩුගම් බලා ධාවනය කිරීම හා සමාන ලක්ෂණයකි. ධනේශ්වර ක්‍රමය මෙන් සියල්ල මුදලින් තීරණය වීමට හැර, පාලනය අතට ගත නොහැකි ය. එබැවින් සමාජවාදී පාලනයක පාලකයා ප්‍රඥාවන්ත විය යුතුය. එසේ නොවුනෝත්, මාස කිහිපයක් හෝ පාලනය කර ගත නොහැකිය. ධනේශවර ක්‍රමයේදී පාලන පංතියට ඥානය යන්න විශේෂ නැත. කෙටියෙන්ම දක්වතොත් හැකියාව (උගත්කම) මත රැකියාව තීරණය නොවේ.
                03)
                //…. ඇමෙරිකාවේ වසර ගණනාවක් තිබුණ බව පෙන්විය හැකියි.//
                වසර ගණනක සිට ඇමරිකාවේ ඇති සමාජ, දේශපාලන, ආර්ථික අර්බුද එහි පවතින පාලන ක්‍රමයේ කැඩපතකි. එය ඇමරිකාවේ ධනේශ්වර ක්‍රමයට හොඳම උදාහරණයකි. ඇමරිකාවේ පිරිසිදු ධනේශ්වර ක්‍රමය වසර 150 ක් තිබුණා කියනවාට වඩා රුසියාවේ පිරිසිදු ලෙසම සමාජවාදය වසර 70 ක් ම තිබුණියැයි කීම සාධාරණය. (මා දන්නා පරිදි වර්තමානයේ දී ඇමරිකාවට ඇති ප්‍රධාන ගැටලුව සමාජවාදය අන් රටවල හිස එසවීම නොව, නොව මුස්ලිම් ව්‍යාප්තවාදයයි) සොවියට් දේශය සමාජවාදීව හිස ඔසවද්දී එය ඔහුන්ගේ එකම සහ පරම හතුරා යැයි සිතා එය බිඳ දැමීමට කැත නැතුව කටයුතු කළා. බිඳ හෙළීමෙන් අනතුරුව අපි තමා ලොව පාලිත එකම රජ වංශය යැයි සිතුවා. නමුත්, රුසියාව, ක්‍යුබාව, චීනය වැනි රටවල් තමාට පසුකාලීනව අභියෝගයක් වේ යැයි කියා නොසිතුවා විය හැකිය. ලොව එකම උසස් රාජ්‍ය ලෙස සිතූ ඔහුන්ට, වර්තමානයේ ආර්ථික අවපාතය සමනය කරගැනීම සඳහා විවිධ බදු ගෙන ඒමටත්, රාජ්‍ය වියදම් කපා හැරීමටත් සිදුව තිබේ.
                04)
                //උතුරු කොරියාවේ 200,000 කට අධික බලහත්කාරයෙන් වැඩගන්නා සිරකරුවන් //
                සිරකරුවන් රඳවා ගැනීම මෙන්ම වැඩ ගැනීමද ඕනම රටක සිදුවනුයේ බලහත්කාරයෙනි. සිය කැමැත්තෙන් කිසිවෙකු ඉදිරිපත් නොවේ. ඇමරිකාවේද සිර කඳවුරු එමට ඇත. පසුගිය වර්ෂයක වර්තාවූ පරිදි ඇෆ්ගන් සහ තලේබාන් සිර කරුවන් 2000 ක් පමණ ඇමරිකාවේ අභිරහස් පරිදි මරා දමා ඇත. ඇමරිකාවේ අල්ක්ට්‍රාස් දූපතේ සිරකඳවුරේ ද අභිරහස් මරණ සිදුවන බව අසා ඇත. නමුත් පෙන්වා දිය නොහැක. මෙවැනි සිද්ධි ඕන තරම් ඇමරිකාවේ ද ඇත. නමුත්, මානව අයිතිවාසිකම් පිළිබඳව මා ගරු කරමි. ඊට අදාළව මෙම රටවල් දෙකට ද චෝදනා ඉදිරිපත් කළ හැකි ය. Frank Darabont විසින් අධ්‍යක්ෂණය කළ Showshank Redemption (1994) නම් චිත්‍රපටය රැදවියකු මුහුණ දෙන තත්ත්වය ලොවට කියාපාන බව මාගේ හිතවතෙකු වරක් මට පැවසූවා. http://www.imdb.com/title/tt0111161/

                05)
                //ඇස්ප්‍රින් පෙත්ත පවා කළුකඩයෙන් ගන්නට සිද්ධ වී තිබීම//
                එම සිද්ධියේ යථාර්ථය හෝ සත්‍ය අසත්‍ය තාවය මා දන්නේ නැත. නමුත්, රටකින් ලැබෙන අසීමිත සහන, ඇස්ප්‍රීන් පෙත්තක් සිර කළ නොහැකිය. එමෙන්ම ධනවාදය මෙන්ම, සමාජවාදයද 100% පරිපූර්ණව බිහිවූ රටක් ඇතැයි කියා මා පිළිගනුයේ ද නැත.
                6)
                //සුළු වෙනස්කම්?!!!! ජීවිතය හා මරණය අතර යමක් තීරණය වීම ඔබට සුළු වෙනසක් වූවාට//
                මේ හුදෙක් ශ්‍රී ලංකාවේ චේගුරාලාගේ (ගැමි උච්චාරණය) කල්ලියේ ලක්ෂණ යැයි කියා සමාජගත කළ භීතිකාවට සමාන තත්ත්වයකි. නැතිනම් සත්‍යයට වඩා උපුටා දැක්වීමට ඇවැසි දේ අතිශෝක්තියෙන් දැකීමකි.
                07)
                //සියල්ලන්ටම සම තත්වයකට එන්නට උවමනාවක් ඇත්තේ දැයි ඔබ සියල්ලන්ගෙන්ම විමසා ඇත් ද? මගෙන් විමසා නැත.//
                විමසිය යුතු නොවේ. සමාජවාදී ක්‍රමයකට ජනතාව මෙහෙයවීමේදී සමාජවාදය ස්ථාපිත වීමට ජනතාව වැදගත් වෙනවා. රටක පාලන ක්‍රමය තනි පුද්ගලයෙකු ගේ අවශ්‍යතාව මත තීරණය නොවිය යුතුය. එය පොදු අවශ්‍යතාවයන් බහුතරයකඟ එකඟතාවය මත විය යුතුය. මිනිසුන් මතවාදීව පොහොසත් නොකර සමාජවාදී ආකල්පයන් පෙරට ගත නොහැකිය (මාගේ අදහසකි). එකරැයින් සමාජවාදය යැයි කියා පිවිසි සිරිමාවෝ මැතිණියට ද වැරැදුන තැනකි එය.
                8)
                //මගේ උත්සාහය වූයේ සෑම විටෙකම මා දුවන තරඟයෙන් දිනන්නටය.//
                සමාජවාදය යනු ධනේශ්වර ක්‍රමයට වඩා පිවිසීමට දුෂ්කර ගමනකි. උඩුගම්බලා පිහිනීමක් වැනිය. නමුත් ජයග්‍රහණය සියල්ල අතරේ සමව බෙදේ. කෙනෙකු පරාද වීමට ඇති අවකාශය අවමය.
                09)
                //එහෙත් ඉල්ලුම හා සැපයුම අතර ඇත්තේ ක්‍රීඩාවක දකින්නට ඇති පරිදි අයෙක් පරදින හා අයෙක් දිනන තරඟයක් නොවේ.//
                ආර්ථික විද්‍යාවට අනුව ඉල්ලුම-සැපයුම අර්ථකථනය කළද ප්‍රායෝගික තත්ත්වය එය නොවේ. එක් ඇමරිකා මෘදුකාංග සමාගමක් (නම මතක නැත) තවත් සමාගමක් විසින් මිලදී ගනු ලබන අතර, ඉන් බහුතරයක් ශ්‍රමිකයාන් අපහසුතාවයකට ද පත්වන අතර ඊට හේතු සාධක වනුය් වනුයේ පාලනයේ අධික බදු සහ එකෙක් අනෙකාව ඩැහා ගැනීම හේතු කරගෙන තරඟයට මුහුණ දීමට ඇති නොහැකියාව මතය. අයි බී එම් සමාගමෙන් ස්වායක්තව බිල්ගේස්ට් ‘DOS‘ අයිතිය හිමිකරගනුයේ ආර්ථික න්‍යායන්ගේ නැති කපටිකම සහ වංචාව උපයෝගිකරගෙන ය. මෙතනදී ද න්‍යායයෙන් තොර භාවිතය අන්ධ සහ භාවිතයෙන් තොර න්‍යාය වඳ යී කීම වරදක් නැත.
                10)
                //වංචනික කපටි කෛරාටික උපක්‍රම වල දී නීතිය හමුවට ගෙනැවිත් දඬුවම් දිය හැකියි. //
                ධනේශ්වර ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී නීතිය හාත්පසින්ම වෙනස් ය. නීතිය යනු පාලකයාගේ ව්‍යවස්ථාගත කැමැත්තවන පරිදි අනියමින් සිදුවේ. එමඟින් අවශ්‍යතාව අනුව පාලිත පංතිය පීඩනයට හසුකරයි. 67 දී වියට්නාම යුදයට දායක වූ රේගල් පසුව ව්‍යාපාරිකයෙකු ලෙස දියුණුව 80 දී දේශපාලනයට පිවිසෙන්නේත්, 96 දී සෙනට් සභාවට සේන්දු වනුයේත්, කපටි කෛරාටික උපක්‍රම භාවිතයෙන් තොරව හුදෙක්ම, නීතිමය රාමුවතුළ හැසිරීමෙන් නොව.
                ඔබ ලබා දී ඇති සැබැඳියන්,
                උ කොරියාවෙන් දඩුවම් ලැබ, පසුව සිර ඳවුරෙන් පාන ආ අයෙකු නම්, ඔහු එරට ගැන දැඩි විරෝධයෙන් පසුවේ. එය ඇමරිකන් හිතවාදී ප්‍රතිචාරයන්ට මනා පසුබිමකි. මේ ආකාරයෙන් ඇමරිකන් දේශපාලන ක්‍රමය විවේචනය කරන විඩියෝ ද යූ ටියුබ් ඔස්සේ සොයා ගත හැකිය. (මා මේ මොහොතේ ලින්ක් සොයා එය ඉදිරිපත් නොකරනුයේ මාගේ ඩොන්ගලයේ බයිට් ඉතිරිකර ගැනීමටය) සමහරක් වීඩියෝ ඇමරිකාව විසින්ම මකා දමා ඇත. ඔබ දැක් වූ සහ මා කියන විඩියෝ බෝහෝමයක් එක් එක් සංවිධාන සහ රටවල් තම අරමුණ වෙනුවෙන් ගත් උස්සාහයක ප්‍රතිඵල විය හැකිය. නමුත් මා ඒ ගැන දන්නේ නැත. අප රටේ ද ඡන්දයක් හමුවේ රූපවාහිනිය පොළට ගොසින්, විවිධ පුද්ගලයින්ට මුලින් ම දෙබස් කවා පසුව ඔහුන්ගේ හඩින් රූප රාමු ලබා ගැනීම දැකගත හැකිය. තවද ඔබ කියන ඇස්ප්‍රීන් කතාව සහ එහි යථාර්ථය පිළිබඳව මා නොදතත්, රටකින් ලැබෙන අසීමිත සහන ඇස්ප්‍රීන් පෙත්තක් සිර කළ නොහැකි බව විශ්වාස කරමි. ඔබගේ කතාව ඇත්ත විය හැකිය. උ කොරියාව ද 100% පිරිසිදු රටක් නොව. තවද, මා සිතන පරිදි සමාජවාදය ද යනු ජනතාවාදී අවසාන පාලන දර්ශනය ද නොවේ. කාලීනව වෙනත් සුදුසු ජනතාවාදී පාලන ක්‍රමයක් ගොඩනැගේවි. එය කොමියුනිස්ට් ම ය කියා මා කියනුයේ නැත.
                අවසන් ඡේදය,
                ඔබ නොකියන පංති පරතරය ඇමරිකාවේ හොදින් ප්‍රකට වේ. මීට අමතරව අවම වශයෙන් එහි පාලනයට කළු-සුදු භේදය පවා නැති කිරීමට නොහැකි වී ඇත. ඔබ කියාවි කළු ජාතිකයෙකු ජනාධිපති වී ඇත කියා. නමුත්, සිදුවෙන්නාවූ සත්‍ය ඊට බොහෝ දුරස්ය‍.
                මෙම සංවාදය මා ලිපියක් ලෙස ඉදිරිපත් කිරීමට යොදා ගන්න සිතුවා. ඊට ඔබ අකමැත්කක් නැතැයි කියා සිතනවා.

                සියළු වින වලට මූලය වනාහී නිෂ්පාදනයට එරෙහි බද්දයි.

                ස්තූතියි. ෴

                • arunishapiro said, on පෙබරවාරි 3, 2013 at 1:18 ප.ව.

                  Madu,

                  01.
                  ස්වභාවික සම්පත් සහ වස්තු සම්පත් අතර වෙනස මෙතැනින් කියවන්න.

                  //සම්පත්, එක් පුද්ගලයෙකුට හෝ සුලු පිරිසකට පමණක් කෙන්ද්‍ර නොවූ ධනේශ්වර රටක් දැකිය නොහැකිය.// යැයි ඔබ තව දුරටත් කියයි. එහෙත් සත්‍යය එහි අනෙක් පැත්ත එනම්, එක් පුද්ගලයෙකුට හෝ සුලු පිරිසකට පමණක් සම්පත් කේන්ද්‍ර වෙන්නේ සමාජවාදී හා කොමියුනිස්ට් ක්‍රමය නිසාම පමණක් යැයි මා උදාහරණ ඇතිව පෙන්වා දුනිමි.

                  ආයෙත් කියන්නම්: ධනවාදී ක්‍රමයක දී ඕනෑම පුද්ගලයෙකුට සිය වෙහෙස යොදන පමණින් ධනවත් විය හැකියි: ස්ටීව් ජොබ්ස්. කොමියුනිස්ට් හෝ සමාජවාදී ලෝකයේ පාලක පංතියට යාන වාහන, විදේශ ආහාර, පිටරට සංචාර යනාදී සුරසැප තිබිය දී සාමාන්‍ය පුරවැසියාට ආර්ථික උත්සාහයකින් පමණක් ඒවාට අවස්ථාවක් නොලැබේ. මහාසමයක් පවත්වා අපේ නිරිඳා ආරාධිතයෙක් කර ඔහුට ප්‍රසිද්ධියේ බඩ ගා ගෙන ගිහින් වැඳුම් පිදුම් කිරීම හෝ කියන හැම දෙයටම එහෙයි මහරජ කියනා අයට ඇමතිකමක්, පිටරට සංචාරයක් හෝ ලක්ෂරි වාහන ගෙන්වන්නට වරප්‍රසාද ලැබේ. ඕනෑම දුප්පතෙකුට සිය වෙහෙසෙන් ආර්ථික කටයුත්තක නියැළී වස්තු සම්පත් උපයා ගත හැකියාව ඇතැයි ඔප්පු කරන්නේ ධනවාදයයි. එනම්, එහි දී පමණක්, ස්වභාවික සම්පත් වලට ශ්‍රමය යොදවා එය වස්තු සම්පතක් කරගත හැකියාව එක් පුද්ගලයෙකුට හෝ සුලු පිරිසකට පමණක් කේන්ද්‍ර වී නැති බව පෙන්වයි.

                  “මිනිසාට තමන්ගේ සත්‍යය මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන් ම ඉෂ්ට කරනු හැකි වන්නේ ඔහුට තමන් ව වෙළඳ භාණ්ඩයක් ලෙසින් විකිණීමට බලහත්කාරයෙන් යොමු නොකර නිෂ්පාදනයේ නිරත වන්නට හැකියාව ලැබෙන විට ය.”

                  “Man truly achieves his full human condition when he produces without being compelled by the physical necessity of selling himself as a commodity.” — Che Guevara, Man and Socialism in Cuba

                  මාර්ක් සුකර්බර්ග් මුහුණු පොත නිෂ්පාදනය කළේ ඔහුට තිබි සුවිශේෂි හැකියාවක්, ඉහත චේ ගුවේරා විස්තර කරන වැනි පරිසරයක දී, කරත හැකි වූ නිසා.

                  ලැරී පේජ් ගූගල් නිෂ්පාදනය කළේ ඔහුට තිබි සුවිශේෂි හැකියාවක් ඉහත චේ ගුවේරා විස්තර කරන වැනි පරිසරයක දී කරත හැකි වූ නිසා.

                  ස්ටීව් ජොබ්ස් i නිෂ්පාදනයන් කළේ ඔහුට තිබි සුවිශේෂී හැකියාවක් ඉහත චේ ගුවේරා විස්තර කරන වැනි පරිසරයක දී කරත හැකි වූ නිසා.

                  මිනිසාව වෙළඳ භාණ්ඩයක් ලෙසින් විකිණීමට බලහත්කාරයෙන් යොමු කරන ලද්දේ සමාජවාදයයි. ඒ නිසාම කොමියුනිස්ට් හා සමාජවාදී ආර්ථික රටාවන් කඩා වැටිණ. ඒ බව සෝවියට් රුසියාවට, කොමියුනිස්ට් චීනයට හා කියුබාවට ද වැටහී ගිය නිසයි ඔවුන් අද ඒ ක්‍රමයෙන් ඈත් වෙන්නට ප්‍රතිපත්ති හදන්නේ.

                  02. //සියල්ල මුදලින් තීරණය වීමට හැර//

                  ආර්ථික කටයුතු සියල්ල මුදල් අනුව තීරණය විය යුතුය. ආර්ථික ක්‍රියාවලියක ලාබය සහ පාඩුව පෙන්නුම් කරන්නේ යම් ස්වභාවික සම්පතක් යම් වස්තු සම්පතක් බවට හරවද්දී එය ආර්ථිකයේ යහපතට සිද්ධ වෙනවා ද නැත්නම් අයහපතට සිද්ධ වෙනවා ද යන්නයි. එසේ පෙන්නුම් කරන දර්ශකයක් නැත්නම් නිෂ්පාදනය කරන්නේ මොනවා ද යන්න නොදැන රටක පුරවැසියන් ණය බරින් පීඩිත වෙති. රටේ සම්පත් විනාශ වෙති.

                  ධනවාදයේ මහා දානපතියන් සිටිනා බව ඔබ අමතක කරයි. බැරී බ්ලම්බර්ග් වැනි අයට ඉඩක් නැත්තේ සමාජවාදී ක්‍රමයක පමණි.

                  03. //රුසියාවේ පිරිසිදු ලෙසම සමාජවාදය වසර 70 ක් ම තිබුණියැයි කීම සාධාරණය.//

                  මිනිස් ජීවිත සිය දහස් ගණනින් මරණයට පත් කර, රටේ ආර්ථිකයත් බංකොළොත් කර, අසාර්ථක රාජ්‍යයක් වී ඇමෙරිකාවෙන් ණය ආධාර ගන්නට සිද්ධ වූ රුසියාවේ තිබි පිරිසිදු සමාජවාදයේ අගයක් ඇතැයි ඔබ තවමත් කීම පුදුමයකි!!!

                  ලාබය යනු නිෂ්පාදකයා තමන්ව සූරා කෑමෙන් හොයාගන්නක් යැයි මාක්ස්ගේ මුලාවට රැවටිච්ච අය අනුන්ගේ පොකැට්ටුවට රිංගන්න තමන්ට හිමිකමක් ඇති වූවක් යැයි සිතූ අයයි. එහෙම සිතපු බොලේෂෙවික්ලා ඔක්තෝබර් අරලයෙන් පසු ලාබ සොයන එක රට්ටුන්ට තහනම් කළා. භාණ්ඩයක් ලාබයක් නැතිව හදන්න ගිය සෝවියට් රුසියාවේ භාණ්ඩ නැතිව ගියා. මිනිස්සු සාගතෙන් පෙළුනා. මිනිස්සුන්ට පෝලිම් වල ලගින්න වුනා. ඒත් මුලාව පතුරුවා නීති පැනවූ නායකයන් පෝලිම් වල ලැග්ගෙ නැහැ, ඔවුන් සාගතෙන් පෙළුනේ නැහැ.

                  සමාජවාදී ප්‍රතිපත්ති වලට මිනිසාගේ එදිනෙදා උවමනාවන් වත් සපුරාලන්නට හැකියාව නැහැයි කියල සිරිමාවෝ ආණ්ඩුව කාලයේ දී අපිත් අත්දැකපු දෙයක්. ඒත් එදත් පාලකයන් නම් සාගතෙන් පෙළුනේ නැහැ, පෝලිම් වල ලැග්ගේ නැහැ.

                  අකමැත්තෙන් වුනත් නව ආර්ථික ප්‍රතිපත්තියක් New Economic Policy (NEP) ගෙනෙන්නට බොල්ෂෙවික්ලාට සිද්ධ වූවා. NEPmen යැයි හැඳින්වුනේ තරුණ සෝවියට් ආණ්ඩුව විසින් ම වෙළඳාම හා කුඩා පරිමාණයේ නිෂ්පාදනය සඳහා පුද්ගලික අංශයට ඉඩ දීමයි. මොකද 1920 ගණන් වල දී ලෙනින්ගේ ප්‍රතිපත්ති වලින් සාගතයෙන් පෙළුන මිනිස්සු තමන්ට ලැබිච්ච කුසගිනි නිවාගන්න තරම් වත් ප්‍රමාණවත් නොවූ සලාක බඩු වලට එරෙහිව කැරලි කෝලාහල පටන් ගත් නිසා. ව්ලැඩ්මියර් ලෙනින් නව ආර්ථික ප්‍රතිපත්තිය පිහිටුවා “ධනවත් වෙන්නට” ඉඩක් ලබා දුන්නා පුද්ගලික අංශයට. ඉන්පසු පුද්ගලික අංශයට දැඩි බදු ගැහැව්වා. එතැනින් සිද්ධ වූයේ ආණ්ඩුවේ සමූපාකාර වලින් බඩු ගන්නවා වෙනුවට කළුකඩ මුදලාලිලා වැඩි වීම. කවුද කළුකඩ මුදලාලිලාට වැඩි වෙන්න සහාය වෙන්නෙ? පොදු ජනතාවගේ හිත සුව පිණිස යැයි කියා ආණ්ඩුවේ නීති සම්පාදනය කරන හා නීති රකින්නට පත්වෙලා ඉන්නා අයමයි.

                  ජෝසප් ස්ටාලින් ඇවිත් නව ආර්ථික ප්‍රතිපත්තිය අහෝසි කළා. මිලියන 20 ක් ඝාතනය කළ අයෙක් වීරයෙක් හැටියට දකින්නට හැකි අය රුසියාවේත් නැතිවෙද්දී ලංකාවේ නම් තවමත් ඉන්නවා. ලංකාවේ “නිදහස්” යැයි කියාගන්නා අධ්‍යාපනය වෙනුවෙන් අයිතීන් ඉල්ලන්නට පෙනී සිටින Lanka Teacher Services Union (LTSU) හි මහලේකම් ජෝසප් ස්ටාලින්!!!! ලංකාවේ අධ්‍යාපනයට දෙවියන්ගෙ පිහිටම තමා!!!! රුසියන් ලේඛනාගාර වලින් ම සොයා ගන්නට ලැබෙන තොරතුරු අනුව 700,000 ක් සාමාන්‍ය සෝවියට් වැසියන් ශ්‍රමිකයන්, ගම්බද වැසියන්, ගෙවල්වල ඉන්නා කාන්තාවන්, ගුරුවරු, පූජකයන්, සංගීතඥයන්, සොල්දාදුවන්, විශ්‍රාමිකයන්, බැලේ නර්තන දක්වන අය, හිඟන අය හිස් ගසා දැමුවේ ද ස්ටාලින් විසින්. [Hiroaki Kuromiya, The Voices of the Dead: Stalin’s Great Terror in the 1930s. Yale University Press, 24 December 2007. ISBN 0-300-12389-2 p. 4]

                  තමන් විසින් ම මරන්න නියම කරන ලද ලැයිස්තුවකට අත්සන් කරද්දී ස්ටාලින් කියනවා “කාටද මේ කමකට නැති මිනිස්සුන්ව මතක තියෙන්නෙ වසර විස්සක් ගියාම?” කියලා. කියවන්න Dmitri Antonovich Volkogonov ලියූ ස්ටාලින්ගේ චරිතපදානය.

                  04. උතුරු කොරියාවේ 200,000 ක් ඉන්නේ දේශපාලන සිරකරුවන්. දේශපාලන සිරකරුවන් සහ අපරාධකරුවන් හා ත්‍රස්තවාදීන් අතර පැහැදිලි වෙනසක් ඇත. ලංකාවේ සමාජවාදය අගයන අයටම දේශපාලන සිරකරුවන් කවුරුන් දැයි අමතක වී යන හැටි පුදුමයි.

                  සාමූහිකවාදයෙන් බිහි වූ කොමියුනිස්ට් රටවල නිදහස වෙනුවට, සමෘද්ධිය වෙනුවට, සහෝදරත්වය වෙනුවට පැතිර ගියේ බඩගින්නයි. අද උතුරු කොරියාව තම රටේ ජනතාව බඩගින්නේ මිය යද්දී වසර සියයකට පෙර උපන්, 1994 දී මිය ගිය එහෙත් රටේ සදාකාලික ජනාධිපති (Eternal President of the Republic) ලෙසින් පිළිගන්නා වූ කිම් ඉල් සුන් සමරන්නට ඔහු ගැන ප්‍රශස්ත ගීත විකාශනය කරන සැටලයිට්ටුවක් අභ්‍යාවකාශයට යවන්නට සැරසෙති.” ඒකත් අසාර්ථක වුනා.

                  05.
                  //එම සිද්ධියේ යථාර්ථය හෝ සත්‍ය අසත්‍ය තාවය මා දන්නේ නැත.// ඇල් ජීසීරා, බීබීසී සහ ‘ද ඉකොනොමිස්ට්’ යන ලොව ප්‍රමුඛ ජනමාධ්‍ය වාර්තා කරද්දී අපොයි අපිට යථාර්ථය දැනගන්නට නොහැකි යැයි ගැලවී යන හැටිත් පුදුමයි. කොමියුනිස්ට් ලෝකයෙන් පළා යද්දී වෙඩි තියන නිසාත්, එම දේශයන්ට වාර්තා කරුවන්ට කැමති පරිදි ඇතුල් වෙන්නට බැරි නිසාත් ගැලවෙන්න ඕනෑ වුනාම මාර උත්තර දෙන්න පුලුවන් .. ඒත් පුදුම විහිළුව ලංකාවේ සමාජවාදය කරන අයෙක්ව ආණ්ඩුවක් උස්සන් ගියොත් නම් වහාම ජනඝෝෂා තියන්න නිදහසක් ඉල්ලා සිටිනවා.

                  06. //පොදු අවශ්‍යතාවයන්// පොදු අවශ්‍යතාවයන් කියල දෙයක් නැහැ. ලෝකේ ඉන්නේ ඒකීය පුද්ගලයන් නිසා ඇත්තේ ඒකීය පුද්ගලයන්ට තියෙන අවශ්‍යතාවයන්. රටකට අවශ්‍යතාවයන් නැහැ. රටේ ඉන්නා පුරවැසියන්ට අවශ්‍යතාවයන් තියෙනවා. අයෙක් ලවා තවකෙකුගේ පවුලක් නඩත්තු කරවන්නට ශ්‍රමය ලබා ගැනීම, තුවක්කුවක් පෙන්නලා වුනත් ඉටු කර ගැනීම සාර්ථක ක්‍රියා මාර්ගයක් නෙමෙයි. වහල් ක්‍රමය නැති වී ගියේ ඒ නිසයි. මේ වෙනස හඳුනාගත් දාට වැඩවසම් ක්‍රමය සහ සමාජවාදය කඩා වැටුනේ ඇයි යන්නත්, ඒවා කවදාවත් සාර්ථක නොවෙන්නේ මන්ද යන්නත් වැටහේවි.

                  07. //නමුත් ජයග්‍රහණය සියල්ල අතරේ සමව බෙදේ. කෙනෙකු පරාද වීමට ඇති අවකාශය අවමය.// ඔබ එසේ යැයි කියූ පමණින් එසේ නොවන බව ඔප්පු කර ඇත්තේ ඉතිහාසයයි. සමාජවාදයෙන් ජයග්‍රහණය ලැබුනේ පාලක පංතියේ අයට පාලන බලයේ සිටිනා තාක් කල් පමණි. දහස් සංඛ්‍යාවක් බඩගින්නේ සාගතයෙන් මිය යද්දී කෙනෙකුට පරාද වීම ඇති අවකාශය අවම ය කියා පරිභව කරන්නේ සමාජවාදයෙන් වැඩියෙන් ආරක්ෂාව ලැබෙනවා යැයි පොරොන්දු වූ ජනතාවට නොවේ ද?!!!!!

                  08. මගේ ක්‍රමයේ දී මගේ පරාජයට වගකීම මම බාර ගනිමි. ඔබේ ක්‍රමයේ දී පාලකයන්ගේ මෝඩකම් නිසා පුරවැසියාට පරාජය (ජීවිත අහිමිය ද) බාරගන්නට සිද්ධ වේ.

                  09. ඉල්ලුම හා සැපයුම ධනවාදයක් හෝ සමාජවාදයක් කියා ආර්ථික ක්‍රම ගැන කතා කරන්නට පෙර ලොව තිබියකි. ඉල්ලුම හා සැපයුම යනු දර්ශනයක් කියා දුන් පමණින්, එය පිළිගත්තා වූ පමණින්, එය අදහන්නට බලහත්කාරයෙන් මිනිසුන්ව සිරකරගත් පමණින් වෙනස් කරත හැකි වූවක් නොව මිනිස් ස්වභාවය අනුව සැමට සාධාරණ ලෙසින් සම්පත් බෙදෙන එකම ක්‍රමයයි. ඉල්ලුම හා සැපයුම කුමක් දැයි සොයා ගන්නට බැරි තරමට වෙළඳපොලට මැදිහත් වන ප්‍රතිපත්ති වලින් ආර්ථික විකෘති කරන ලද නිසා කොමියුනිස්ට්/සමාජවාදී ක්‍රමයන්හි ආර්ථිකය බංකොළොත් වීම වෙනස් කළ නොහැකි මිනිස් ස්වභාවය මෙන්ම සත්‍යය වූ වෙනස් කළ නොහැකි ලෝක ස්වභාවයකි.

                  10. //ධනේශ්වර ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී නීතිය හාත්පසින්ම වෙනස් ය. නීතිය යනු පාලකයාගේ ව්‍යවස්ථාගත කැමැත්තවන පරිදි අනියමින් සිදුවේ. // මෙයත් මෙසේ යැයි ඔබ කිව්වාට එසේ සිද්ධ වන්නක් නොවේ. නීතිය කුමක් දැයි කියවන්න කියූවත් ඔබ එය කියවා නැති බව පෙනේ. නීතිය යනු මිනිස් ස්වභාවයට හා ලෝක ස්වභාවයට පටහැනිව වෙනස් කළ නොහැකි වූවකි. එසේ වෙනස් කරන්නට ගන්නා සියළු උත්සාහයන් අසාර්ථක වී කෙළවර වේ. ඉතිහාසය එය අනේක වතාවක් ඔප්පු කර ඇත.

                  //මීට අමතරව අවම වශයෙන් එහි පාලනයට කළු-සුදු භේදය පවා නැති කිරීමට නොහැකි වී ඇත. ඔබ කියාවි කළු ජාතිකයෙකු ජනාධිපති වී ඇත කියා. නමුත්, සිදුවෙන්නාවූ සත්‍ය ඊට බොහෝ දුරස්ය‍.// නැවතත්, මෙසේ යැයි ඔබ කිව්වාට එසේ වෙන්නේ නැත. සුදුහම ඇති අය 79.96% ක් ද, කළුහම ඇති අය 12.85% ක් ද ඉන්නා ඇමෙරිකාවේ කළු අයෙක් ජනාධිපති වීම කළු-සුදු භේදයක් නැතිකම පෙන්වන්නේ නැතැයි කියන්නේ නම්, එහෙම කළු-සුදු භේදයක් තිබෙනවා යැයි කියන දත්තය කුමක් ද? ඔබට එහෙම එකක් තියනවා යැයි නිකම් හිතෙන හැටි ද?

                  • Madu said, on පෙබරවාරි 3, 2013 at 7:03 ප.ව.

                    සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අදහසක් නැත.
                    නමුත්,
                    තුන්වන ජේදය සඳහා උපුටාගත් උධෘතය ඔබට ඕනෑ අයුරින් ය. එය මෙසේය.
                    //ඇමරිකාවේ පිරිසිදු ධනේශ්වර ක්‍රමය වසර 150 ක් තිබුණා කියනවාට වඩා රුසියාවේ පිරිසිදු ලෙසම සමාජවාදය වසර 70 ක් ම තිබුණියැයි කීම සාධාරණය.// එය ඔබගේ පෙර ප්‍රකාශයක් හා බැඳේ. මා ඉන් අදහස් කරනු ලැබුවේ, අනන්ත දෝෂ, අක්‍රමිකතා සහිත සහ තවමත් පීඩිතයින් සිටින ඇමරිකාව වසර 150 ක් පිරිසිදු යැයි කිව හැකිනම්, සෝවියට් දේශය ද වසර 70 ක් ම පිරිසිදුයි කීම ඊට වඩා පහසුය සහ සාධාරණය. මා ඔබ ඇද දමන සෝවියට් දේශය ගොඩෙහි එරී නැත. නමුත් ඔබ ඇමරිකාවේ දේශපාලනය පිරිසිදු ධනේශ්වර යැයි සිතමින් එහි එරී ඇත.
                    එමෙන්ම, සමහර කොටස් උවමනාවෙන් මඟහැර වෙනත් තැනක් අල්ලාගෙන ඇත. සමහරවිට මග හැර ඇති කොටස් සත්‍ය ලෙස ඔබ පිළිගන්නවා විය හැකි ය. මට අවැසි කුමන ආකාරයෙන් හෝ මාගේ මතය පිරිසිදු කිරීමට නොව.
                    සෝවියට් දේශය බිඳ වැටුණේ ඔබේ ගෙතීමට අනුව නම්, අද දින ඇමරිකාව අනිත් රටවලටද අතපොවනුයේ ඒ රටවල් ඇමරිකාවෙන් ණය ආධාර ගැනීම නිසා විය යුතුය. සත්‍ය වසන්කරන ආකාරයට මට සිතෙනවා ඔබට ඇමරිකානු පුරවැසිකමක් ලැබී ඇති දෝ කියා. එසේ නම් ඔබගේ කියමන් පිළිබඳව මා පුදුම නොවෙමි.

                    ඔබ කියනා පරිදි ලංකාවේ අධ්‍යාපනයට දෙවියන්ගෙ පිහිටම තමා….! (මාගේ අදහස වෙනත් කෝණයකි)

                    තව දෙයක්,
                    සම්පත් යන අර්ථයේ මා පැටලී නැත.

                    ඔබ කියන ස්ටීව් ජොබ්ස් චරිතය තම සේවකයන් තදින් පීඩනයට නතුකර වැඩගත් බව හෙවත්, උපරිම ශ්‍රමය මිරිකූ බව ප්‍රසිද්ධ රහසකි. නමුත් ඉදිරිපෙලේ වැජබුණේ ඔහුය. එය රෝහලක ප්‍රතිකාරයක් ලබුවායින් පසුව වෛදවරයාට පමණක් ප්‍රශංසා කිරීමට සමානය. රෝගියාටද වෙදකමට දායක වූ හෙද-හෙදියන් සහ අනිත් සේවකයින් මතක නැත. දොස්තරට පමණක් බුදුවේවා කියා පතයි.

                    “නීතිය“ යන්නට පොදුවේ පිළිගත හැකි නිර්වචනයක් දිය නොහැකිය. එයට එක් එක් දර්ශනයන් තුළින් විවිධ අර්ථකථන තිබේ.
                    “නීතිය යනු ස්වාධිපතිගේ ආඥාවකි “ – ජොන් මස්ටින්
                    “නීතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලයකි” – ඇරිස්ටොටල්
                    “නීතිය යනු ප්‍රජා විමක උපකරණ්යකි” – කාල් මාක්ස්
                    නීතිය, විවිධ වූ සමාජයන් අතරත්, විවිධ වූ රාජ්‍යයන් වෙනස් අර්ථකථනයන් ඇත.

                    අවසනායේ ඔබ අසා ඇති ප්‍රශ්නයට පිළිතුරක් දී මම අවසන් කරන්නම්.

                    ඇමරිකා සමාජයේ පැතිකඩ ඉතා අඩුවෙන් විවේචනය කර ඇති, සරලව නොකියා කියන ඔබේම ලිපිය බලන්න (ඇමෙරිකන් රජය කෙරෙහි ජනතා විශ්වාසය අඩුයි). https://arunishapiro.wordpress.com/2010/04/20/%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA-%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F/

                    ඇමරිකානු සුදු ජාතිකයෙකු අතින් 2012-02-26 ටෙ‍්‍රවොන් මාටින් නම් කළු ඇමරිකානු ජාතිකයා වෙඩි තබා ඝාතනය කරන ලදී. එය ඇමරිකාවේ කළු-සුදු භේදය නැවත හිස එසවීක් වන අතර, එය පුද්ගලික පළි ගැනීමක් නොව. මා දන්නා පරිදි ඝාතකයා තවම අත්අඩංගුවට ගෙන නැත.

                    මා පාසල් යන සමයකදී, (දිනය, නම්, ගම් මතක නැත) කළු ජාතිකයෙකුට සුදු ජාතිකයෙකු පහර දී අධිකරණයට ඉදිරිපත් කරන අතර, එහිදී කළු ජාතිකයා මත වරද පටවයි. නමුත්, එකී සිද්ධිය මාධ්‍යවේදියෙකු විඩියෝ කර ඇති අතර, එය මාධ්‍ය මඟින් නිදහස් කිරීමේදී නැවත වර්ණ භේදය මතු විය. (ඔබ පවසාවි අතරින් පතර එකක් දෙකක් වෙන සිද්ධි කියා, නැත මෙය නිරන්තර සිදුවෙන සිදුවීම්ය. මා ඇමරිකා පුරවැසියෙක් නොවන බැවින් ඇමරිකාව දෙස ඇස ගසා නොසිටිමි)

                    1944 වකවානුවේ ඔබ අර්ථය වෙනස්කළ සහ මා අර්ථ දක්වපු ආකාරයට ඇමරිකානු නීතියට (Jim Crow) අනුව කළු ජාතිකයන් සුදු ජාතිකයන්ගේ සේවකයන් විය. එනම් වහල් + ධනේශ්වර ක්‍රමය දැඩි ලෙස ක්‍රියාත්මක විය. ඔබ පෙර කියූ වසර 150 ක ශුද්ධවූ ඇමරිකානු ධනේශ්වරය ට මෙම කාලය අයත් නොවූවාද නොදනී.

                    ඇලිස් වෝකර් විසින් ලියන ලද “The Color Purple” කළු-සුදු ‍භේදය අළලා ලියන ලද නවකතාව. මෙම නවකතාවේ දුක සහ මිනිස් හැඟීම් අලෙවි කිරීමට ඔබ විසින් පෙර කී ස්‌පිල්බර්ග් සමත්විය. ඇලිස් වෝකර් – ප්‍රථම ඇමරිකානු නිත්‍යානුකූල කළු-සුදු විවාහයක කත වූ නමුදු වසර කිහිපයකින් දික්කසාද වීමට සමාජ වර්ණය හේතු විය. ඇයගේ පෙරළිකාර අදහස් 2003 දී ද ඇමරිකාව විසින් ඇය අත්අඩංගුවට ගැනීමට ද හේතු විය. නමුත්, මෙම ධනේශ්වර රටේ සියල්ල මුදලින් දැක, ඒ තුළින් පරිහානියට පත් සමාජීය සහ සංස්කෘතික යන පැතිකඩයන් හී පරිහානිය ගැන මා කතා නොකරමි.

                    කළු-සුදු භේදය මත බස් වර්ජනය 1955 මාටීන් ලූතර් කිං. තවද, ඔහු විසින් 1964 ඇමරිකානු කළු ජාතිකයා වෙනුවෙන් සහන කිහිපයක් සහිතව සිවිල් අයිතිවාසිකම් පනතක් සම්මත කර ගැනීම. එහෙත් වර්ණ භේදය තවම අවසන් නැත. එයට වංදි ලෙස සහ රටේ නායකත්වයට ඒම වැලකනු වස්, 68 දී ලූතර් කිං මරා දැමීම. අනතුරුව. කළු ජාතික ජෙසී ජැක්සන් ට ද නායකත්වය සඳහා පැමිණිමට ඉඩ නොදීම. මෙය අපි නොදන්න ධනේශ්වර පාලනයේ ලක්ෂයි. මේ ඉතිහාසය ධනේශ්වර ක්‍රමයට පිළිතුරු දෙන ආකාරයයි.

                    මා අවසන් කරමි මෙසේ. සොවියට් දේශය, ක්‍යුබාව, උ කොරියා සමාජවාදයට 100% නිදසුන් නොවනවා සේම ඔබ කියනා ඇමරිකාව ද ධනේශ්වර ක්‍රමයට පරිපූර්ණ නොවේ.පරිපූර්ණ වූ එකදු දර්ශනයක්වත් මෙම රටවල නැත. තවම මේ සියල්ල පිරිසිදු දර්ශනය. එකී දර්ශන ප්‍රායෝගිකව පරිපූර්ණ වීමට, තවම මිනිස් සංහතිය ජීව විද්‍යාත්මකව පරිණාමය වී නැත. අවම වශයෙන් වහල් හෝ වැඩවසං ක්‍රමය ද තුරන් වී නොමැත.
                    ස්තුතියි. ෴

                    • arunishapiro said, on පෙබරවාරි 4, 2013 at 2:11 ප.ව.

                      Madu,

                      //සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාමේ අදහසක් නැත.// එහෙනම් අහවල් දෙයකට ද තවත් ලියන්නෙ? සංවාදයක් යනු ඊට සහභාගී වෙන අනෙක් අයත් කියනා දෙයකට සවන් දීමක් ඇත්නම් ය. මෙහි දී දිගින් දිගටම ඔබ කරගෙන යන්නේ ඔබේ අදහස් වලට වේදිකාවක් සොයා ගන්නා උත්සාහයකි.

                      තමන්ට කැමති පරිදි අනුන්ගේ පාඨ උපුටන හැසිරීම ඔබ ද කරයි. තමන් කැමති කුමක් දැයි නොසොයා එහෙත් සියල්ලන්ටම හොඳ දේ මෙයැයි කියමින් සටන් වදිමින්, වෙන කාටවත් ඕනෑ අයුරින් වැඩ කරන්නට යන අයට සිද්ධ වෙන්නේ ඔය විදියේ අවුල් ය.

                      //නමුත් ඔබ ඇමරිකාවේ දේශපාලනය පිරිසිදු ධනේශ්වර යැයි සිතමින් එහි එරී ඇත.// ඇමෙරිකාවේ දේශපාලනය පිරිසිදු ධනේශ්වර යැයි මා කියා නැත. අවංකව සොයා බැලුවොත් මා කතා කරන්නේ ඇමෙරිකන් උත්කෘෂ්ටය, ඇමෙරිකන් සිහිනය, ඇමෙරිකන් ව්‍යවස්ථාව, ඇමෙරිකන් අදහසක් වන පුද්ගල අයිතිය හා දේපල අයිතිය වැනි සංකල්ප බව ඔබට දැනගන්නට හැකිවෙනු ඇත.

                      //සමහරවිට මග හැර ඇති කොටස් සත්‍ය ලෙස ඔබ පිළිගන්නවා විය හැකි ය.// නැත, මගේ කාලය මහත් සේ අගයමි. මේ අඩවියේ ලියා ඇති දේවල් මොනවා දැයි ඒවා ලියූ මම දන්නා නිසා, ඒවා නැවත නැවතත් ලියන්නට කාලය නාස්ති නොකරමි. අනික, මේ ලියන්නේ විශේෂයෙන්ම ඔබට පමණක් නොවන නිසා, යමක් දැනගන්නට උනන්දුවක් ඇති අයෙකුට ඒවාට උත්තර දී ඇති බවත් සොයා ගත හැකියි.

                      //අද දින ඇමරිකාව අනිත් රටවලටද අතපොවනුයේ ඒ රටවල් ඇමරිකාවෙන් ණය ආධාර ගැනීම නිසා විය යුතුය// එතකොට ඇමෙරිකන් අය හා ලංකාවේ අයත් අද චීනයෙන් ණය ගන්නේ චීනය ඇමෙරිකාවට ලංකාවට අතපොවන නිසා ද? එහෙම නම් එය කරන්නට චීනයට ඉඩ දී බලා ඉන්නේ ඇයි?!!!!

                      //සත්‍ය වසන්කරන ආකාරයට මට සිතෙනවා ඔබට ඇමරිකානු පුරවැසිකමක් ලැබී ඇති දෝ කියා.// මා ලංකාවේ පුරවැසිකම අත්හැර දමා ඇමෙරිකානු පුරවැසියෙක් වී ඇත්තේ ඉතා ඈත අතීතයක දී. පුද්ගල ජීවිතයට හා පුද්ගල දේපල වලට වටිනාකමක් දෙන ව්‍යවස්ථාවක් ලොව පළමුවෙන් බිහි කරපු, ඒ වෙනුවෙන් සටන් වදිනා මහත් පිරිසක් තවමත් ඉන්නා රටක පුරවැසියෙක් වීම ගැන මම ඉතා ආඩම්බර වෙමි. තමනට උවමනා කොටස් පමණක් කියවමින්, අනුන්ගේ තර්ක වලින් සංවාදයක් යැයි කියමින් තම මතයට වේදිකාවක් හොයන නිසා, මා ඇමෙරිකන් පුරවැසියෙක් බව අනේක වතාවක් ලියා ඇති බවත් නොදකින්න ඇති.

                      //ඔබ කියන ස්ටීව් ජොබ්ස් චරිතය තම සේවකයන් තදින් පීඩනයට නතුකර වැඩගත් බව හෙවත්, උපරිම ශ්‍රමය මිරිකූ බව ප්‍රසිද්ධ රහසකි. නමුත් ඉදිරිපෙලේ වැජබුණේ ඔහුය. එය රෝහලක ප්‍රතිකාරයක් ලබුවායින් පසුව වෛදවරයාට පමණක් ප්‍රශංසා කිරීමට සමානය. රෝගියාටද වෙදකමට දායක වූ හෙද-හෙදියන් සහ අනිත් සේවකයින් මතක නැත. දොස්තරට පමණක් බුදුවේවා කියා පතයි.// එහෙම මෝඩ වැඩ කරන්නේ ඔයා වගේ හිතන අයයි. මෙහෙ කිසිවෙක් දොස්තරට බුදු බව පතන්නේ නැත. මෙහෙ දොස්තරලා මුදල් වලට සේවය සපයන වෘත්තීකයන් මිස බුදුවරුන් වෙන්නට පෙරුම් පුරන අය නොවෙති!!!! ස්ටීව් ජොබ්ස් යටතේ සේවය කළ අය තම වෙහෙසට සරිලන වේතන ලැබුනේ නැත්නම් වෙන රස්සාවල් සොයා ගියහ. ආණ්ඩුවේ රස්සාවල් හැර වෙන රස්සාවල් සොයා යන්නට නිදහසක් නැත්තේ කොමියුනිස්ට්වාදී ක්‍රමයේ දී පමණි.

                      //“නීතිය“ යන්නට පොදුවේ පිළිගත හැකි නිර්වචනයක් දිය නොහැකිය. එයට එක් එක් දර්ශනයන් තුළින් විවිධ අර්ථකථන තිබේ.// නිර්වචනයක් යනු යමක වැදගත්ම ස්වභාවය විදහා දක්වන වාක්‍යයකි. එය තමන්ට උවමනා පරිදි නිර්වචනය කරගත් නිසා ස්වභාවය වෙනස් වෙන්නේ නැත. පොදු යහපතක් සලසන්නට ගැන කතා කරන අය පොදුවේ පිළිගත හැකි නිර්වචනයන්ට කැමති නැත්තේ ඇයි?!!!!!!!!!!! ඒ අවස්ථාවේ දී පමණක් තමන් කැමති පරිදි යමක් නිර්වචනය කරන්නාව අවශ්‍ය වෙන්නේ ඇයි?!!!!!!! 😀

                      //සරලව නොකියා කියන ඔබේම ලිපිය// ඔයිට වඩා සරලව කිව්වත් වටහා ගන්නට උත්සාහයක් නොගන්නා අයෙකුට කිසිත් ඵලක් නොලැබේ. සරලව කියා ඇත්තේ වර්තමානයේ දී ඇමෙරිකන් රජය විසල් වී, මධ්‍යම සැලසුම්කරණයට පිවිස ඇති සමාජවාදී හැදියාව නිසා රජය කෙරෙහි ජනතා විශ්වාසය අඩු වී ඇතැයි කියාය.

                      //ඇමරිකානු සුදු ජාතිකයෙකු අතින්// සංවාදයක් කරන්නට නම් අනෙක් අය ලියන දෙයත් කියවන්නට ඕනෑ!!!! ඔහු ඇමෙරිකන් සුදු ජාතිකයෙක් නෙවෙයි. ඔහුව සැලකෙන්නේ multi-racial hispanic american කියාය. ඇමෙරිකන්කාරයා කවුදැයි නොසොයා අනුන්ගේ විග්‍රහ වලින් ඇමෙරිකාවේ ජාතිවාදයක් දකින්නට උත්සාහ කරනා අයට, ඇමෙරිකාව කියා රට බිහි වු දා පටන් විවිධ ජාතීන් එකතු වූ බව දැකිය නොහැකියි. දේශපාලනඥයන් හා ජනතාවගේ යහපත පිණිස පෙනී සිටිනවා යැයි කියන සමාජ සංවිධාන වල සමාජ සේවකයන් කියා ගන්නා අය, තරුණයන් දෙදෙනෙක් අතර වූ ගැටුමේ අභාග්‍යය තුලින් දේශපාලන ලකුණු දාගන්නට කරන වෑයම් දැනගන්නට කැමති නම් ඒ ගැන මා ලියූ සටහනෙන් පුලුවන.

                      // මෙය නිරන්තර සිදුවෙන සිදුවීම්ය.// මා ඇමෙරිකාවේ දිගු කාලයක සිට වාසය කරමි. නීතිය මා ඉතා ප්‍රිය කරන තවත් ක්ෂේත්‍රයක් බැවින්, මෙවැනි සිදුවීම් ගැන නිරතුරුවම ඇහැ ගහාගෙන සිටින්නෙක්මි. රොඩ්නි කින්ග් සිද්ධිය ඇමෙරිකාවේ කළු අයෙකුට පොලීසිය පහර දුන්නා යැයි ලෝකය පුරා පැතිර ගියකි. එහෙත් කළු ජාතික තෝමස් සවෙල් විසින් එය මෙසේ පැහැදිලි කර ඇත: ඔහුට පොලීසිය පහර දුන්නේ ඔහු කළු නිසා නෙමෙයි. ඒ වාහනයේ සිටි අනෙක් කළු ජාතිකයන්ට පොලීසිය පහර දුන්නේ නැත. රොඩ්නි නීති කඩමින් වාහනයක් වේගයෙන් පදවා ගෙන ගොස් පොලීසිය අල්ලා ගත් පසුත් ගැලවී යන්නට දැඟලූ නිසා පොලීසියේ පහරට ලක් වූවෙකි.

                      රටක කොටසක් දේශපාලනය තුලින් වර්ගවාදය පතුරවමින් පාලන බලය අල්ලා ගන්නට තැත් දරනා බව ලංකාවේ අයට නොපෙනීම පුදුමයක් නොවේ. එහෙම කාලයක් මෙහෙත් තිබුණා. නමුත් සත්‍ය ඇමෙරිකානුවන් එදත් ජාතිවාදයකින් තොරව කටයුතු කළ බව දකින්නට නම් අමුණන සබැඳි කියවිය යුතුයි. නැතිව, //මෙම කාලයට අයත් වූවා දැයි නොදනිමි// කියා තවමත් ඒ අවලාදය කීම සංවාදයක් නෙමෙයි. ඒත් ඇමෙරිකාවේ අය ඒ කාලය පසුකර ඉදිරියට ගොස් සිටිනවා … අද ඇමෙරිකාවේ එය අලෙවිකරන්නට නොහැකි බව ඔබාමා ඇතුළු ඊට උත්සාහයක් ගත් බහුතරයකට පැහැදිලි වී තිබෙන නිසා ඔවුන් ඒ උත්සාහයෙන් අයින් වුනා. ඒත් ලංකාවේ අයට එය කවදා අවබෝධ වෙයි ද?

                      මිනිසා සතු කුසලතාවය අගයන සියළු ඇමෙරිකානුවන්, රටේ ඉන්නා කළු ඇමෙරිකානුවන් දකින්නේ මෙසේය:
                      අද කළු ඇමෙරිකානුවෙක් රටේ ජනාධිපතිවරයා ය.

                      ඇමෙරිකන් අධිකරණ පද්ධතියේ ඉහළම උසාවිය නම් සුපිරි උසාවියේ තර්ගුඩ් මාර්ෂල් නැමති කළු ඇමෙරිකානුවා 1967-1991 දක්වා පත් වීම. එම සුපිරි උසාවියේ ම ක්ලැරන්ස් තෝමස් නමින් කළු ඇමෙරිකානුවෙක් අද සිටීම.

                      කොන්ඩලීසා රයිස් නැමති කළු ඇමෙරිකන් කාන්තාව 2005-2009 දක්වා ඇමෙරිකාවේ විදේශ ලේකම්වරිය වීම.

                      වැඩියෙන්ම වේතනයක් ලබන ඇමෙරිකන් දැල් පන්දු (NBA basket ball) ක්‍රීඩකයා Kevin Garnett නැමති කළු ඇමෙරිකානුවෙකි. 2008-09 වේතනය පමණක් $24,751,934. පියා කළු ඇමෙරිකන් වන, මව අයිරිශ් ඇමෙරිකන් වන Jason Kidd 2008-09 වේතනය පමණක් $21,372,000. කළු ඇමෙරිකානු Jermaine O’Neal 2008-09 වේතනය පමණක් $21,372,000. කළු ඇමෙරිකානු Kobe Bryant 2008-09 වේතනය පමණක් $21,262,500. කළු ඇමෙරිකානු Shaquille O’Neal 2008-09 වේතනය පමණක් $21,000,000. ඔවුන් ලබනා දැන්වීම් මුදල් හා වෙනත් ඉපැයුම් වේතනයට වඩා වැඩිය.

                      සෙරීනා විලියම්ස් අද දක්වා සිය කුසලතාවයෙන් උපයා ඇති මුදල් ප්‍රමාණය US$ 32,773,004 කි. ලෝකයේ කාන්තා ක්‍රීඩිකාවන් අතරින් වැඩිම ඉපැයුමක් ඇති කාන්තාව සහ ටෙනිස් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් අතරන් 4 වැනි වැඩිම ඉපැයුමකට හිමිකම් කියන්නේ කළු ඇමෙරිකානු ඇයයි.

                      කළු ඇමෙරිකානු පියෙකුටත් තායිලන්ත මවකටත් දාව උපදින ටයිගර් වුඩ්ස් නැමති ගොල්ෆ් ක්‍රීඩකයා කුසලතාවය අතින් තවමත් ලෝකයේ most successful golfer of all time වෙයි. 2010 ජූලි මස ෆෝර්බ්ස් සඟරාව ලෝකයේ ධනවත් ම ක්‍රීඩකයා ලෙස ඔහු නම් කරයි. කුසලතාවයෙන් උපයා ගත් ආදායම මිලියන 105 ක් පමණ යැයි ඔවුන් කියද්දී මිලියන 90.5 ක් යැයි Sports Illustrated සඟරාව කියයි. මේ තෑගි මුදල් හා දැන්වීම් මුදල් ඇතුළු සියල්ලම ය. ඔහුගේ වයස 35 කි.

                      ඇමෙරිකන් නිෂ්පාදනයේ නව සොයාගැනීමක් සඳහා patent බලපත්‍රයක් ලැබි ප්‍රථම කළු ඇමෙරිකානුවා එය රෙදි සෝදන ක්‍රමයක් සඳහා එය ලබා ගන්නේ 1821, මාර්තු 3 වැනිදා. නම: Thomas L. Jennings

                      1834 ඔක්තෝබර් 14 වැනිදා ඇට වගා කරන ක්‍රමයකට patent බලපත්‍රයක් ලබන කළු ඇමෙරිකානුවා Henry Blair of Glenross. ඔහු 1836 අගෝස්තු 31 වැනිදා කපු වගා කරන ක්‍රමයකට ද එවැනි බලපත්‍රයකට හිමිකම දරයි.

                      1870 පෙබරවාරි 22 වැනිදා “Dining, Ironing Table and Quilting Frame Combined” සඳහා patent බලපත්‍රයක් ලබන කළු ඇමෙරිකානුවා Thomas Elkins ය. ඔහුට “Chamber Commode” සඳහා patent බලපත්‍රයක් 1872 ජනවාරි 9 වැනිදා ලැබෙයි. ඔහු 1879 නොවැම්බර් 4 වැනිදා patent for a “Refrigerating Apparatus” for “food or corpses,” which provides a convenient container and method of chilling using the evaporation of water සඳහා ලබයි.

                      බිස්කට් කපන උපකරණයක් නිපදවා patent බලපත්‍රයක් 1875 නොවැම්බර් 30 වැනිදා ලබන කළු ඇමෙරිකානුවා Alexander P. Ashbourne.

                      සපත්තු මහන්නාගේ කැබිනෙට්ටුවක් නිපදවා 1880 පෙබරවාරි 3 වැනිදා patent බලපත්‍රය ලබන කළු ඇමෙරිකානුවා Joseph W. Waller.

                      බිත්තර ගහන “Egg Beater” නිපදවා 1884 පෙබරවාරි 5 වැනිදා patent බලපත්‍රය ලබන කළු ඇමෙරිකානුවා Willis Johnson.

                      කැබිනෙට්ටු ඇඳක් (පාවිච්චි නොකරන විට අල්මාරිය ඇතුලට දමත හැකි ඇඳ) නිපදවා 1885 ජූලි 14 වැනිදා patent බලපත්‍රයක් ලබන ප්‍රථම කළු ඇමෙරිකානු කාන්තාව Sarah E. Goode නැමත්තියයි. 1885 දී ලෝකයේ වෙනත් රටකින් කාන්තාවක් නිෂ්පාදනය කර අයිතියක් ලැබි දෙයක් ගැන දන්නවා ද?

                      රේල් පාර සඳහා සංඥාවක් නිපදවීම වෙනුවෙන් patent බලපත්‍රයක් ලබන්නේ 1888 ජනවාරි 10 දා කළු ඇමෙරිකානු A.B. Blackburn.

                      1887 සිට 1893 දක්වා patent බලපත්‍ර 5 ක් ලබන්නේ කළු ඇමෙරිකානු H. Creamer නැමැත්තා Steam Trap Feeder නිපදවීමෙනි.

                      හිම දිය කරන්නක් නිපදවා 1890 මැයි 27 දා patent බලපත්‍රයක් හිමි කරගන්නේ කළු ඇමෙරිකානු F.J. Farrell විසිනි.

                      ප්‍රථම කළු ඇමෙරිකානු බැංකු හිමියා ඇලබාමා ප්‍රාන්තයේ බැංකුවක් ආරම්භ කරන්නේ ඩොලර් දෙදාහක මුල්‍ය යොදවා 1890 ඔක්තෝබර් 15 වැනිදා ය.

                      ධාන්‍ය බඳින “Grain Binder” ක්‍රමයක් සඳහා 1892 පෙබරවාරි 23 වැනිදා Peter D. Smith නැමති කළු ඇමෙරිකානුවා patent බලපත්‍රයක් ලබා ගනියි.

                      1892 අගෝස්තු 13 වැනිදා වහල් සේවකයකු ව සිට පසුව නිදහස ලැබූ ඇමෙරිකානුවා John H. Murphy ප්‍රථම අප්‍රිකානු-ඇමෙරිකන් පුවත්පත බල්ටිමෝර් හි ආරම්භ කරයි. ඔහුගේ පාඨක සංඛ්‍යාව එකල ලක්ෂයක් විය. අද දිනයේ ද පත්‍රයේ අයිතිය ඇත්තේ ඔහුගේ හතරවැනි පරම්පරාවේ ඥාතීන් ට ය.

                      1894 ජනවාරි 8 වැනිදා කළු ඇමෙරිකානු Fredrick J. Loudin විසින් “Key Fastener” සඳහා ද 1892 දෙසැම්බර් 12 වැනිදා “Fastener for the Meeting Rails of Sashes” සඳහා ද patent බලපත්‍ර ලබා ගනියි.

                      1896 පෙබරවාරි 4 වැනිදා කළු ඇමෙරිකානු Willie H. Johnson විසින් patent බලපත්‍රයක් ලබන්නේ “A Mechanism for Overcoming Dead Centers” සඳහා ය. 1898 ඔක්තෝබර් එය වැඩි දියුණු කිරීම නිසා ඔහුට තවත් patent බලපත්‍රයක් ලැබෙයි.

                      1896 දෙසැම්බර් 8 වැනිදා දෙහි ගෙඩි (ලෙමන්) මිරිකන උපකරණයකට patent බලපත්‍රයක් ලබන්නේ J.T. White විසිනි.

                      1897 පෙබරවාරි 2 වැනිදා අයිස් ක්‍රීම් බෙදන (scoop) සඳහා උපකරණයකට patent බලපත්‍රයක් ලබන්නේ Alfred L. Cralle නැමැත්තා ය. අද දිනයේ ද භාවිතා වන අයිස් ක්‍රීම් බෙදන උපකරණ ඔහු සොයාගත් මුල් උපකරණයට සමාන ය.

                      1897 නොවැම්බර් 23 වැනිදා දුම්රිය පෙට්ටි එකට හප්පා එකට අමුණා ගැනීම සඳහා “Jenny coupler” නිපදවා patent බලපත්‍රය ලබන්නේ කළු ඇමෙරිකානු Andrew Jackson Beard විසිනි. ඒ සඳහා 1897 දී ඔහුට $50,000 ක් patent අයිතියෙන් ලැබිණ. ඔහුට ඇති අනිත් patents අතරට steam driven rotary engine සහ double plow අයත් වෙයි.

                      පැන්සල් උල් කරන උපකරණයක් නිපදවා 1897 නොවැම්බර් 23 දා patent බලපත්‍රය ලබන කළු ඇමෙරිකානුවා John Lee Love ය.

                      1897 නොවැම්බර් 23 වැනිදා “Casting Composite or Other Wheels” සඳහා වැඩි දියුණු කිරීමක් නිසා patent අයිතියක් හිමිවන්නේ E.R. Robinson ය.

                      1897 නොවැම්බර් 30 වැනිදා “Device for Rolling Cigarettes” සඳහා patent බලපත්‍රය ලබන කළු ඇමෙරිකානුවා J.A. Sweeting.

                      ගොල්ෆ් ක්‍රීඩාවේ ගොල්ෆ් බෝලයට පහර දෙන්නට පෙර තබන golf tee යන්නේ first U.S. patent අයිතිය හිමි වන්නේ 1899 දෙසැම්බර් 12 වැනිදා කළු ඇමෙරිකානු දන්ත වෛද්‍යවරයෙක් වූ George F. Grant ට ය.

                      1923 නොවැම්බර් 20 වැනිදා මහා මාර්ග සංඥා ක්‍රමයක් නිපදවා patent අයිතිය හිමි කරගන $40,000 කට General Electric Corporation වෙතට තාක්ෂණය විකුණන්නේ කළු ඇමෙරිකානු Garrett Morgan විසිනි.

                      1970 පෙබරවාරි 12 වැනිදා Joseph Louis Searles III කළු ඇමෙරිකානුවා New York Stock Exchange හි ප්‍රථම කළු ඇමෙරිකානු සාමාජිකයා වෙයි.

                      “බුදුන් කාලාමයන්ට කියා දුන් විද්වත් අදහස. වාර්තා වලින් කිව්ව නිසා, කොහෙන් හරි ඇහුණ නිසා හෝ සම්ප්‍රදාය නිසා විශ්වාස නොකරන්න. ගුරුවරයා කිව්වත් විශ්වාස කරන්න එපා. තමන් විසින් සොයා බලන්න.

                      කළු ඇමෙරිකානු අර්ථ ශාස්ත්‍රඥයෙක් වන Thomas Sowell නැමති මා ඉතා අගය කරන කළු ජාතිකයා බුදු වදනක් පාවිච්චියට ගන්නේ නම් ඒ ක්‍රමවේදයට වසර 2601 ක් උරුමය කියූ අපි නොගන්නේ ඇයි?!!!!!!!!

                    • Madu said, on පෙබරවාරි 6, 2013 at 8:23 පෙ.ව.

                      ඔබ මා වෙත ප්‍රශ්න කිහිපයක් යොමුකර තිබෙනවා,
                      ඒ අනුව නැවතූ සංවාදය යලි අරඹමින් මා පිළිතුරු එවනු ලැබුවා, නමුත් ඔබ මාගේ පිළිතුරු දීම වාරණය කර තිබෙනවා.

                      එය කුමන හේතුවක් මත ද….?

                    • arunishapiro said, on පෙබරවාරි 6, 2013 at 8:25 පෙ.ව.

                      Madu,

                      මම ඔබෙන් ප්‍රශ්න අසා නැත්තෙමි. ඒවා අයිති වනුයේ උත්තරයක් බලාපොරොත්තු නොවී කියන්නට අදහස් කරන කාරණය වටහා දෙනු පිණිස ප්‍රශ්නයක් ලෙසින් අසනා සංවාද ක්‍රමයටයි. A rhetorical question is a figure of speech in the form of a question that is asked in order to make a point and without the expectation of a reply.

                      එකම ප්‍රශ්නය කිහිප විදියකින් අසමින් නාස්ති කරන්නට කාලය ඔබට තිබුණාට ඒවාට එකම උත්තර නැවත නැවතත් ලියන්න මම මගේ අගනා කාලයෙන් වේලාවක් වෙන් කරන්න අකමැතියි.

                      මගේ අඩවිය මගේ වේදිකාවයි. ඔබේ අඩවියේ දී ඔබට කැමති විදියක සටහන් දමමින්, ඔබ කැමති ප්‍රතිචාර වලට ඉඩදෙමින්, ඔබට උවමනා සංවාදයක් ගෙන යන්න.

                    • Madu said, on පෙබරවාරි 6, 2013 at 9:13 පෙ.ව.

                      ප්‍රිය හිතවතිය,

                      මා අවසන්වරට එවනු ලැබුවේ පිළිතුරුය. ප්‍රශ්න එහි නැත. සංවාදයක් අවසන් කළ යුතු වනුයේ නව ප්‍රවේශයන් හෝ ප්‍රශ්න නොනැඟීමෙනි. නමුත්, ඔබ මගේ අදහස පළ නොකළේ, ඔබේ අදහසට ඇති ප්‍රතිවිරෝධීභාවය නිසාවෙනි. එය මාගේ සිතුවිල්ලයි.

                      බොහෝ බ්ලොග් අඩවි හිමිකරුවන් තමන්ට රිසි පරිදි, අඩවි හැසිරවීම හෙවත් අන් අයගේ ප්‍රතිවිරෝධී අදහස් හෝ පිළිතුරුවලට ඉඩක් නොදීම ඔබ ද කරනු ලැබුවා. මා කාලය යොදවනුයේ සංවාදයකට සුදුසු පසුබිමක් යටතේ පමණි.
                      මා අන් අයගේ මත වාරණය කරනුයේ පළකිරීමට තරම් හොඳ වචන නැතිනම් පමණී. එමෙන් ම, මගේ මතයට එරෙහි වූවා හෝ මගේ වේදිකාව අදහස් පළකිරීම මඟින් ඔහුගේ/ඇයගේ කරගැනීම මට ගැටලුවක් නොවේ. දැනුම යනු මා ගේ තනි අයිතියක් ලෙස නොව සමාජයේ අයිතියක් ලෙස මා දකිමි.

                      මෙතෙක් ඔබ සහ මම පල කළ අදහස් මෙය කියවන තවකෙනෙකුට සිතීමට යමක් ඉතිරි කරාවි.

                      එමෙන්ම මාගේ පළමු අදහස් පල කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි.෴

                      Madushani

                    • arunishapiro said, on පෙබරවාරි 6, 2013 at 9:43 පෙ.ව.

                      Madu,

                      ඔබට පිළිතුරු එවන්නට මම ප්‍රශ්න අසා නැත.

                      //සංවාදයක් අවසන් කළ යුතු වනුයේ නව ප්‍රවේශයන් හෝ ප්‍රශ්න නොනැඟීමෙනි.// සංවාදයක් අවසන් කරන්නට එය දිගින් දිගට ගෙන යෑමෙන් ඵලක් නැති බවත් ප්‍රමාණවත්ය.

                      //ඔබේ අදහසට ඇති ප්‍රතිවිරෝධීභාවය නිසාවෙනි.// මේ අදහස් වලට විරුද්ධතා ලෝකයේ මේ අදහස් බිහි වූ කාලයේ පටන් තවමත් නොනැවතී සිද්ධ වෙන්නක්. ඒවාට දී ඇති පිළිතුරු නොතකා තව දුරටත් විරුද්ධ වීම ඒ පිළිතුරු වලට අකැමති අයගේ කැමැත්ත.

                      විරුද්ධ අදහස් ඇති අයව මම ප්‍රියකරන අදහස් වලට නම්වා ගන්නට උවමනාවක් මට නැත. මේ ලියන්නේ මේ අදහස් කියවා ඒවා ගැන සොයන කුතුහලය ඇති අයටයි.

                      // දැනුම යනු මා ගේ තනි අයිතියක් ලෙස නොව සමාජයේ අයිතියක් ලෙස මා දකිමි.// දැනුම ලැබිය හැක්කේ මොළයකින් පමණයි. සමාජයකට මොළයක් නැහැ. මොළයක් ඇත්තේ මිනිසෙකුට පමණයි. ඉතින් සමාජය කොහොම ද දැනුමක අයිතියක් ලබාගන්නෙ? මෙය ද ඔබෙන් අහන ප්‍රශ්නයක් නෙමෙයි!!!

  2. tax said, on ජනවාරි 30, 2013 at 5:01 පෙ.ව.

    මොකද්ද අප්පේ “බුර්ජුවාසිය “?

    • arunishapiro said, on ජනවාරි 30, 2013 at 8:37 පෙ.ව.

      tax,

      අප්පේ යන්න අපේ යැයි වැරදියට කියැවූ නිසා නැවත සංශෝධනය කරන ලදි!!!

      බුර්ජුවාසී (Bourgeoisie) කියන්නෙ ප්‍රංශ වචනයක්. මුලින් පටන් ගත්තෙ මැද පංතියේ ධනවතුන් හඳුන්වන්නට. පස්සෙ කාලයක කාල් මාක්ස් එයින් පංතියක් නිර්වචනය කරනවා.

      ලංකාවේ බුර්ජුවාසිය කොටස් දෙකකින් හැදෙන්නෙ: එකක්, දුප්පත් රටවැසියන් ණය බරට පත් කරමින් නිදහස් අධ්‍යාපනය යැයි කියා විශ්ව විද්‍යාල වලට වරම් ලබන විද්වත් පංතිය. ජනතාව වෙනුවෙන් යැයි කියමින් සටන් මෙහෙයවන්න පුරෝගාමීත්වය ගන්නෙ ඔවුන්. ඔවුන්ගේ ජනතා සටන් වලින් හැමදාම ඔවුන් ලබන වාසි මෙහෙම: උපාධියක් තිබි පමණින් අයෙකුට රස්සාවක් කවුරැන් හෝ දිය යුතු යැයි ජනතාව ගොනාට අන්ඳවා තිබීම; කුසලතාවය මත නොව උපාධිය මත වේතන තීරණය වීම; වෘත්තීය ඉහළ තනතුරු වලට රථ වාහන පර්මිට් වැනි විශේෂ වරප්‍රසාද; ආණ්ඩුවේ රස්සාවක යෙදෙන නිසා බදු ගෙවීමෙන් නිදහස; ආණ්ඩුවෙන් ගෙවන ඉන්ධන හා රථ වාහන පාවිච්චිය; එහෙත් තවත් මුදල් උපයන කටයුතු වල යෙදෙන්නට, පුද්ගලික ව්‍යාපාර කරන්නට ද අවහිරයක් නීතියෙන් නොමැති වීම …

      අනික, දේශපාලන බලය සතු වූවන් හා ඔවුන්ට හේත්තු වූ ව්‍යාපාරිකයන් තුලින් හැදෙන පංතිය. ජනප්‍රිය නළුවෙක් හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ධනවත් වෙන හැටි ගැන හැමෝම දන්නවා. ඒත් දේශපාලනඥයෙක් බලයට පත් වූනාම සමාජ සේවයෙන් ධනවත් වෙන්නේ කොහොම ද?!!!! චන්දෙ ඉල්ලන අයටත් වාහන පර්මිට් ලැබෙද්දී සමාජ සේවය කියා පැරදුනත් පුද්ගලිකව වාසියි!!! දේශපාලනඥයන්ට ආණ්ඩුවේ පහසුකම් හා වරප්‍රසාද ලබමින් තරඟකාරී නොවන වෙළඳපොලේ ආදායම් උපයන්නත් තහනමක් නැහැ. තමන්ගෙ සහ පැත්තට කත් අදින අයගේ ව්‍යාපාර වලට වාසි වෙන්න නීති සම්පාදනය කරන්නෙ තමන් වුනාම වෙළඳපොල තරඟයක් නැහැ. රටේ නව රෙගුලාසි ගැන දැන ගන්නට සෙසු ව්‍යාපාරිකයන්ට වඩා මේ වරප්‍රසාද ලත් ව්‍යාපාරිකයන්ට ඉඩකඩක් තියෙනවා. ව්‍යාපාරයන් දියුණු කරනවාට වඩා ආණ්ඩුවේ දේශපාලනඥයන්ගෙ සිත් සතුටු කරන්න බහුතර ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙනවා ව්‍යාපාරය පවත්වා ගෙන යන්නටත්. ඉතින් ඔවුන් තම ව්‍යාපාර ඉලක්ක කරගන්නේ අනගි බඩුවක් හෝ සේවාවක් සපයන්න නෙවෙයි. එන එන අලුත් රෙගුලාසියට අනුව ව්‍යාපාර වල ආදායම කෙටි කාලයක දී වැඩි කරගන්න පමණයි. ඒ නිසා දීර්ඝ කාලීන සාර්ථක ව්‍යාපාර රටේ ඉතා අඩුයි. ඒ නිසා පාරිභෝගිකයාට අඩු මිලට අනගි බඩුවක් ලැබෙන තරඟකාරී වෙළඳපොලක් ද නැහැ.

      ඔබේ වෙබ් අඩවිය පැත්තේ ආවා. 😀

      • tax said, on පෙබරවාරි 3, 2013 at 1:00 පෙ.ව.

        අපි අද ඔබ කියන දේවල් අත්දකිනවා. අවසාන ප්‍රතිපලය වන දිළිඳු මැද පන්තිය සහ අන්ත දිළිඳු පීඩිත පන්තිය ඇතිවෙමින් පවතිනවා.

  3. Ravi said, on පෙබරවාරි 1, 2013 at 5:06 පෙ.ව.

    / සමාජවාදී ක්‍රමයේ පදනම පළුදු නිසා එය කඩා වැටෙන්නට මිනිස් ජීවිතයක කාලයක් ගෙවී ගියත්, එයින් විනාශ මුඛයට යන්නේ කෙටි ජීවිතයක් ඇති තමන් බව මොළයෙන් කල්පනා නොකරන මිනිසා නොදකියි /

    මසුරං කියමන අරුණි!

    නොබෝ දිනකින් Famous quotes on socialism කියල සොයනකොට මෙහෙම එකක් හමුවේවා කියලයි මගේ පැතුම. 😀

    Socialism’s inevitable collapse due to inherent cracks in its very foundation takes only a life time but the problem is we all have only a single life time – Aruni Shapiro

    • arunishapiro said, on පෙබරවාරි 1, 2013 at 8:09 පෙ.ව.

      Ravi,

      😀 අනිත් පැත්තෙන් තව කට්ටියක් කියයි ඒත් මම කාටවත් සිගරට් බොන්න එපැයි කිව්වෙ නැති නිසා හැමෝටම සිගරට් බොන්න කිව්වා කියලත්!!!!!!

      “හැමදාම පැවතෙන්නට නොහැකි දෙයක්, නවතිනු ඇත,” යැයි “Herbert Stein’s Law,” යන්නෙන් ඇමෙරිකන් අර්ථ ශාස්ත්‍රඥයෙක් කියලා තියෙනවා -“If something cannot go on forever, it will stop,” ඉතින් දිගටම කරගෙන යන්න නොහැකි වැඩ සටහන් නතර කරන්න අලුත් ක්‍රියාවක් වහාම අවශ්‍ය නැහැ, ඒවා ඉබේම නැවතෙනවා. එයාගේ අදහස මෙහෙමත් කියනවා: “Trends that can’t continue, won’t.”

      කාලය යන්න ගැන කැක්කුමක් ඇත්තේ මිනිසාට පමණක් බැවින්, ඒ අදහසට අප්පමාදේන සම්පාදේථ කොටස එකතු කළ යුතුම යැයි මට සිතුණ.

    • Madu said, on පෙබරවාරි 2, 2013 at 2:17 පෙ.ව.

      රවී,
      අරුණිගේ එකී කිමනෙහි අරුතක් ඇති මුත්, ඊට එක් කළ ඔබේ පැතුම වැරැදියි.
      මා වර්තමාන දේශපාලනයට ඉඳුරාම අකමැති වෙමි. නමුත්, නමුත් උක්ත කියනා පරිදි අත්දැකීමක් ජනතාවට නොලැබේවා යි කියා පතමි. එය හුදෙක් පැතුමක් පමණි. ජනතාව යන පදයට අප සැවොම අයත් වේ.

      පවතින තත්ත්වය තව තවත් උග්‍ර වී අප දේශපාලන විප්ලවයක් දැක්කාට එහි ප්‍රතිඵල රහිත වීමට පුළුවන. මක් නිසාද යත්, සමහර විනාශයන් ආපසු නිවැරැදිකීරීම අති මහත් දුෂ්කර කර්යක් විය හැකිය.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: