අරුණි ශපීරෝ‍ වෙතින්

මේ ලෙවියතන් රාක්ෂයා අවදි කළ සමයක් ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 31, 2013

leviathan

බ්‍රිතාන්‍ය ජාතික තෝමස් හොබ්ස් ලියූ The Leviathan (1660) කෘතියෙන් ඔහු විසල් රාජ්‍යයක් යුක්ති සහගත කරන දාර්ශනික පසුබමික් ගොඩනැඟුවේ ප්ලේටෝ ඉදිරිපත් කළාට වඩා ඉතා වෙනස් තර්කයක් ගෙනැවිත්.

සත්‍ය ලෝකයේ පවතින්නේ චලනයට (motion) හසු වී ඇති භෞතික සිරුර යැයි කියද්දී හොබ්ස් සිතුවිලි යනු මොළයේ ක්‍රියාකාරකම් අතර ඇති හොල්මන් (phantasms) වගේ දෙයක් හැටියට සැලකුවා. සිතේ සිතුවිලි නිසා භෞතික පද්ධතියට වැඩි දෙයක් සිද්ධ වෙන්නේ නැහැයි කියා කිව්ව අයෙක්. එක සිතුවිල්ලක් මොළය වෙනස් කරන හැටි මෙතැනින් කියවන්න.

හොබ්ස් නියතවාදියෙක්. වතුර පහළට ගලාගෙන යන්නෙ උවමනාවෙන්ම සහ නිදහස් ලෙසකින් කියා කිව්ව අයෙක්. මෙහෙම කතා කියන අනිත් අය වගේම ඒත් හොබ්ස් පවා තමන්ගෙ අදහස ඉදිරිපත් කරන්න සෑහෙන්න උඩුගං බලා පීනපු අයෙක්!!!! “බාධක රහිත චලනය” යැයි හඳුන්වන්නේ පමණක් නම් කියමින් හොබ්ස්ට නියතවාදියෙක් වුනාට “නිදහස” යන්නටත් පුංචි ඉඩක් දෙන්න වෙනවා. නැත්නම් දේශනයක් පවත්වද්දී හිටි හැටියෙම වාඩිවෙලා ඉන්න අය නැඟිටලා ගියේ මොකද කියලා පැහැදිලි කරන්නෙ කොහොම ද?!!!

ජීවය ඇති සෑම සත්වයෙක්ම තම පැවැත්ම ආරක්ෂා කරගන්නට සටනක යෙදෙන්නෙ යැයි ඔහු කියනවා. මිනිසා ද එවැනියි කියන හොබ්ස් ස්වාධීන පැවැත්මකින් යථාර්ථවාදී වූ ස්වාර්ථයකින් අනිත් අය ගැන සැලකිල්ලකින් තොරව තම පැවැත්ම ආරක්ෂා කරගන්නට මිනිසා නිරතුරුවම වෙහෙස වෙන බව කියනවා.

යථාර්ථවාදී වූ ස්වාර්ථය (rational self-interest) ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමී (selfish) වෙනවා කියමන හොබ්ස් වගේම අදත් බහුතරයක් පටලවා ගත්තක්. ඒ අය එහෙම වැරදියට පටලවා ගන්නේ මිනිස් මනසට නිසි තත්වය දෙන්න හොබ්ස් වගේම ඔවුන් අතපසු කරන නිසයි. එකම සේ පිහිටා ඇති මිනිස් හදවත් දෙකකට එකම විදියට දුක වේදනාව දැනෙනවා කියල හිතන්නෙ මිනිසා යනු සුවිශේෂී වූවෙක් යන්න අමතක කරන අයයි. ඉතින් ඒ අය නිගමනය කරන්නේ, පාරේ ගමන් කරන සහජයෙන් යථාර්ථවාදී වූ ස්වාර්ථයෙන් යුතු මිනිසා බස් රථයකට හැප්පෙන්න යන නොදන්නා දරුවෙක්ව බේරාගන්න උත්සාහයක් නොකර එකම විදියට තම ගමනේ යෙදෙන බවයි. එහෙත් යථාර්ථය අපිට පෙන්වා දෙන්නේ මිනිස් ස්වභාවය නම් තම ජීවිතයට පරදුවට තබා නොදන්නා අයෙක් බේරාගන්නට ස්වාර්ථයෙන් යුතු පුද්ගලයන් ඉදිරිපත් වන බවයි.

මිනිස් මනසට වැදගත් තැනක් නොදී, මිනිසුන් සියල්ල එකම අච්චුවකින් හැදිච්ච භෞතික සිරුරු යැයි පමණක් සලකමින්, තම ස්වාර්ථය සලසා ගන්නට මිනිසා අනිකුත් අය ගැන තැකීමක් නැතිව කටයුතු කරන බව හොබ්ස් කියයි. එවිට ඇතිවන්නේ ‘යුද තත්වයක්’ (state of war) යැයි ඔහු පෙන්වයි. එය “හුදකලා වූ, දුප්පත් වූ, පිළිකුල්, රුදුරු හා කෙටි,” (solitary, poor, nasty, brutish, and short) යැයි ඔහු කියනවා.

එහි දී මිනිසාට ඔහු ඉන්නා දුක්ඛිත තත්වයෙන් ගැලවෙන්නට නම් ඒකීය කැමැත්ත (individual interest) අත්හැරලා එකිනෙකාගේ වාසියට සබැඳියාවන් ගොඩනඟා ගන්නට වෙනවා යැයි හොබ්ස් කියන්නෙ. ඒත් යථාර්ථය නම් මිනිසා ස්වභාවයෙන්ම සත්තුන්ට වඩා වෙනස් බවයි. සත්තුන්ට ප්‍රාජක දෙකක් තියෙද්දී, මිනිසාට ප්‍රාජක හතරක් තියෙනවා. සත්වයන්ට නැති ස්වභාවයෙන් දායාද වූ ප්‍රාජක දෙක කෙළින්ම මිනිස් මනසේ කාර්ය භාරයක්.

මොළය යනු ප්‍රධාන වශයෙන් භෞතික පමණක් යැයි කියන අයට ඒකීය පුද්ගල සුවිශේෂත්වය අනුව මනස වැඩ කරනවා යන්නත්, එය පුද්ගල හැදියාවේ ප්‍රධාන තැනක් ගන්නවා යන්නත් සංවාදයට ඉඩක් නැහැ. ඉතින් ඔවුන් මනෝවිද්‍යාව බැහැරලා භෞතික විද්‍යාවෙන් පමණක් මිනිස් හැදියාව විස්තර කරන්නට යෑමෙන් සිද්ධ වෙන්නේ ඔහොම අවුල් තමයි.

ඒ මදිවාට, හොබ්ස් අපිට පිළියමක් හැටියට දෙන්නෙ, කැමති අයට එකිනෙකාගේ වාසියට සබැඳියාවන් ගොඩනඟා ගන්න නිදහසක් නෙමෙයි!!!!

අපිට හොබ්ස් මෙහි දී පිරිනමන්නේ, ලෙවියතන් රාක්ෂකයෙක්!!!!

ඒකීය පුද්ගල අයිතීන් බාර දීලා තමා වෙනුවෙන් තීරණ ගන්නා වූ දැවැන්ත වූ, දැඩි බලතල සහිත, සමාජ සංවිධානයක් ඔහු ලෙවියතන් නමින් යෝජනා කරනවා!!!!

ඒකට පොදුරාජ්‍යමණ්ඩලය (commonwealth) කියල නමක් දාලා, සමාජ සංවිධානයේ සහ මහජන සුබ සාධනයේ සියළු වගකීම් ඊට බාරදෙනවා!!!

ඔබේ ජීවිතයේ සියල්ලකටම ප්‍රධාන වෙන මනස ඔබේ නෙමෙයි කියා පටන් ගත්තාම, දැක්කාද බැටළුවන් දක්කන් යන්න පුලුවන් හැටි?

උත්සාහය ඔබේ නෙමෙයි.

හැමෝම එකම විදියට ආත්මාර්ථකාමීව හිතන නිසා ඔබ වැටී ඉන්නේ හැමෝම එකිනෙකාව කොල්ලකන මහ අපායක.

ඉතින්, ඔබේ කැමැත්ත අනුව ගණුදෙනු කිරීමට ඔබට ඇති එකම මාර්ගය ඔබේ අයිතීන් වෙන කෙනෙකුට පැවරීම!!!!

නමුත් වෙන්නේ කෙසේදැයි භෞතිකව දකින්නට බැරි වුනත්, හිතන්න පුලුවන් අපිට, සියල්ල දන්නා ලෙවියතන් කෙනෙක් නැතිබවත් දැනගත හැකියි.

ඉතින් අපට අපේ සෙසු පුරවැසියන් ඔවුන් ස්වාර්ථයෙන් හඹා යන ඒකීය උවමනාවන් නිසා “හුදකලා වූ, දුප්පත් වූ, පිළිකුල්, රුදුරු හා කෙටි,” ජීවිතයක් ගෙවන්නට සිද්ධ නොවී, “යුද තත්වයක” නිරන්තරයෙන් ගැටෙන්නත් අවශ්‍ය නැතිව එකිනෙකාගේ කැමැත්තෙන් එකිනෙකාගේ යහපත සාක්ෂාත් කරගන්නට අපේ අයිතීන් ලෙවියතන් රාක්ෂයෙකුට පාවා දෙන්නට අවශ්‍ය නැති බවත් වටහා ගත හැකියි.

යථාර්ථය අපට පෙන්වන්නේ, “හුදකලා වූ, දුප්පත් වූ, පිළිකුල්, රුදුරු හා කෙටි,” ජීවිත ගෙවන්නටත්, නිරන්තරයෙන් “යුද තත්වයක” ගැටෙන්නටත් සිද්ධ වී ඇත්තේ ලෙවියතන් රකුසන්ට ඒකීය පුද්ගල අයිතීන් පවරා දුන්නාම කියා නොවේ ද?

සියළුම දේශපාලන පක්ෂ කෝප කරන්නට සමත් වූ හොබ්ස්ට අවසානයේ ලන්ඩනයෙන් පළාගොස් ප්‍රංශයේ ජීවත් වෙන්නට සිද්ධ වීම පුදුමයක් ද?!!!!!

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. දේශකයා said, on පෙබරවාරි 1, 2013 at 2:18 පෙ.ව.

    ඇත්ත නේන්නං හොබියට හැංගෙන්න වෙන එක අරුමයක් නෙමෙයි.

  2. Madu said, on පෙබරවාරි 2, 2013 at 2:46 පෙ.ව.

    ඔව්, අපේ අයිතීන් ලෙවියතන් හෝ වෙනත් කිසිම රාක්ෂයෙකුට පාවා දෙන්නට අවශ්‍ය නැත….

  3. […] එක මිනිසා ගලවා ගන්නට යොදා ගත හැකියි. ලෙවියතන් රකුසාගෙන් ගැලවෙන්නට උත්සාහ ගන්නා අය නියැළෙන […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: