අරුණි ශපීරෝ‍ වෙතින්

දීර්ඝායුෂ හා සමෘද්ධිය ලැබේවා!!!!

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 1, 2013

IMG_8193

මේ අත්වැසුම දැක්කෙ REI කඩේට ගියාම. සීත කාලයේ එළිමහනේ සිටිය දී අත්වැසුම් ගලවන්න සිද්ධ වෙනවා multi-touch interface ඇති ස්මාට් ෆෝන් පාවිච්චියට. නිතර ගලවන දාන කරදරේ වගේම ඇඟිලි අයිස් වගේ සීතල වෙනවා පණිවිඩ කියවන්න යවන්න වැඩි කාලයක් ගියොත්. මේ අත්වැසුම් වල මහපටැඟිල්ල සහ වෙදැඟිල්ල අගිසි හැදිලා තියෙන්නෙ ඒ ෆෝන් පාවිච්චියට අත්වැසුම දාගෙන කිරීම පහසු විදියට. ඉතින් එහෙම ෆෝන් හදපු අය නිසා මෙහෙම අත්වැසුමක් ලොවට බිහිවුනා.

REI කඩේ පටන් ගන්නෙ 1938 දී. ලොයිඩ් සහ මේරි ඇන්ඩර්සන් යන දෙදෙනා සියෑටල්, වොෂිංටන් වල පදිංචිකරුවන්. විනෝදාංශයක් වශයෙන් කඳු නඟින්න කැමති දෙදෙනෙක්. ඔවුන් ඔස්ට්‍රියාවෙන් තමන්ට අයිස් පොරවක් ගෙන්වා ගන්නවා. ඒක අයිස් කඳු නඟින්න සහ බහින්න උපකාරයට ඉතා හොඳින් හදලා තියෙන බව දැකලා, තමන්ගෙ හිතවත් අයටත් හඳුන්වා දෙන්න සමූපාකාරයක් විදියට මේ කඩේ පටන් ගන්නෙ. එළිමහන් විනෝදාංශ වලට කැමති අයට තවත් අනගි බඩු ගෙනැල්ලා විකිණීම තමයි ඔවුන්ගේ පරමාර්ථය. එහි සාමාජිකත්වය ගන්න ඕනෑ කඩෙන් බඩු ගන්න. මවුන්ට් එවරස්ට් නැඟපු මුල්ම ඇමෙරිකානුවා ජිම් විටකර් තමයි එහි මුල්ම පූර්ණකාලීන සේවානියුක්තියා වෙන්නෙ. අනුන්ගේ සාර්ථක නිෂ්පාදන එක වහලක් යට විකුණන එකෙන් තමයි 2011 දී කොම්පැණිය බිලියන 1.80 ක ආදායමක් උපයන්නට සමත් වෙන්නේ. ඔවුන්ගේ දක්ෂතාවය අලුතින් යමක් නිපැදවීම නෙමෙයි. නිපැදවීම් අතරින් වඩාත්ම අනගි බඩු තෝරා විකිණීමයි.

යම් නිෂ්පාදනයක් වෙනුවෙන් තවත් නිෂ්පාදනයක් හදන එක ලේසි වැඩක් නෙමෙයි. අලුතින් වෙළඳපොලට ඉදිරිපත් කරන භාණ්ඩයකට අවශ්‍ය වෙනත් විජට්ටු හදන කොම්පැණි අතර තියෙන්නේ ද එවැනිම වූ තරඟකාරීත්වයක්. මොකද මුලින්ම අඩු ගණනට අනගි බඩුවක් දෙන එක්කෙනා තමයි ලාබයක් සොයාගන්නෙ.

ඇපල් 4S වෙළඳපොලට එද්දී හාඩ් කැන්ඩි කේසස් කියන කොම්පැණිය ඩොලර් පනස්දාහක් යට කළා ෆෝන් එකේ අලුත් හැඩයට සරිලන ආවරණයක් වෙළඳපොලට ඉදිරිපත් කරන්න. හැඩය ගැන ඔත්තු වලින් ලැබිච්ච තොරතුරු මිසක් වෙන නිල මාර්ග වලින් විස්තර නැහැ. ඔවුන් හදපු ආවරණය වැරදියි. කොම්පැණිය ගත්ත අවදානමෙන් ලැබුනේ පාඩුවක්. ඇපල් 4S වලට එක දවසක දී මිලියනයක් ඇණවුම් ලැබුණ. ඉතින් ඒ වෙලාවේ ඊට සරිලන ආවරණය හරි ගියා නම් ඒ මුළු වෙළඳපොලම ඔවුනට අල්ලා ගන්නට ලැබෙනවා. අවුරුද්දක් ගෙවෙද්දී පාරිභෝගිකයන් ඩොලර් මිලියන 436 ක් වියදම් කරලා තියෙනවා විවිධ ෆෝන් ආවරණ වලට. GnG හදන Golden Delicious (කන ඇපල් වර්ගයක නමක්) iPhone ආවරණය ඩොලර් ලක්ෂයකට විකිණෙනවා. හාඩ් කැන්ඩි කේසස් කොම්පැණිය 2013 දී ෆෝන් ආවරණ විකුණලා ඩොලර් මිලියන 50 ක ආදායම ඉක්මවා යන්න පුලුවන් යැයි අනුමාන කරන්නෙ.

ලංකාවට රූපවාහිනිය ආපු අලුත අපේ ගෙදර ස්ටාර් ට්‍රෙක් බලන්න වාඩිවුනේ තාත්තයි මායි විතරයි. සුදු අප්පුහාමි ට්‍රෙකියෙක් බව දැනගත්තාම මෙයාව නම් කොහොම හරි දිගටම තියාගන්න ඕනෑ කියල තමයි හිතුනේ!!!!!

ස්ටාර් ට්‍රෙක් එපිසෝඩ් වලින් දැකලා ඇති එහි වෛද්‍යවරයා අතේ නිතරම තියෙන ට්‍රයිකෝඩර් විජට්ටුව. ඒක රෝගියාගේ ඇඟ උඩින් එහාට මෙහාට ගෙන ගිහිල්ලා තියෙන ලෙඩ ටික ඔක්කොම කියන්න පුලුවන්. ඇස්ටන්, පෙන්සිල්වේනියාවේ පර්ඩ්‍යු විශ්වවිද්‍යාලයේ නිර්මාණයක් තමයි සැමනෙලා වැනි බැක්ටීරියා වර්ග හඳුනාගත හැකි ට්‍රයිකෝඩරයක් නිපැදවීම. ආහාර නිෂ්පාදන කර්මාන්තයේ දී වැදගත් වෙන විජට්ටුවක්.

X Prize Foundation විසින් ගන්නා උත්සාහයක් තමයි පාරිභෝගිකයාට ට්‍රයිකෝඩරයක් නිර්මාණය. තෑග්ග ඩොලර් මිලියන 10 ක්. එය වෙළඳපොලට ගෙන ඒමට ඔවුන් තවත් ඩොලර් මිලියන 10 ක් වෙන්කරලා තියෙන්නෙ. දැනට රටවල් 30 කින් කණ්ඩායම් 230 ක් ඉදිරිපත් වෙලා ඉන්නවාලු. එයාලගෙ දැනට තියෙන ඉලක්කය තමයි නියුමෝනියාව, දියවැඩියාව, sleep apnea වගේ ලෙඩ, දොස්තර කෙනෙක් හෝ නර්ස් නෝනා කෙනෙක් නැතිව තනිවම රෝග විනිශ්චයන් 15 ක් කරත හැකියාව ඇති විජට්ටුවක් නිර්මාණය. තෑග්ග දිනාගන්න දවසට ස්ටාර් ට්‍රෙක් වල රඟපාපු ඩේටාව මුණ ගැහෙන්නටත් ලැබෙනවාලු!!!!

ස්ටාර් ට්‍රෙක් වලින් දැක්ක කතා කරන පරිගණක දැන් සත්‍යය ලෝකයේ සාමාන්‍යයක්. අපිට එහි දැක්ක ෆේසර් දැන් ටේසර් නමින් ලැබිලා තියෙනවා. මුල්ම කාලයේ සිටි කළු කෙල්ල උහුරා ගේ කණේ පැළඳි සන්නිවේදන විජට්ටුවත් දැන් බ්ලූටූත් නමින් තියෙන්නෙ. ප්‍රබන්ධයේ Padd, සත්‍ය ලෝකයේ අයිපෑඩ් වෙලා. කවුරුත් නොගිය තැන් වලට යන්න ස්ටාර් ෂිප් එන්ටර්ප්‍රයිස් එකට පුලුවන් ලිතියම් ක්‍රිස්ටල් වලින්. අද ලිතියම් බැටරි නිසා සෙල් ෆෝන්, අයිපෑඩ් විතරක් නෙමෙයි හදවත ක්‍රියා කරන පේස්මේකර් පවා ක්‍රියා කරනවා. ස්ටාර් ෂිප් එකේ වීදුරු වල තිබ්බේ විනිවිද පෙනෙන ඇලුමිනම්. හෙට අනිද්දා සංචාරකයන් අරගෙන යන්න ලෑස්තිවෙන වර්ජින් ගැලක්ටික් අභ්‍යවකාශ යානා වල සහ මිලිටරි රථ වල ජනේල හැදෙන්නෙ විනිවිද පෙනෙන ඇලුමිනා වලින්.

ජෝඩි පැළඳ සිටි වයිසර් එක ජෝඩි නමින් ම ඉදිරිපත් වෙන්නෙ. තවත් ස්ටාර් ට්‍රෙක් විජට්ටු ගැනයි විස්තර මෙතැනින් සහ මෙතැනින්.

ප්‍රබන්ධයේ එන විද්‍යාත්මක විජට්ටු එහෙම සත්‍යය වෙද්දී, ඒකීය මිනිස් උවමනාවන් අනුව හැඩගැසෙන විජට්ටු ලොව නිෂ්පාදනය වෙද්දී, පාලකයන්ගේ ස්වභාවයන් නම් වෙනස් වෙලා නැහැ. ස්ටාර් ට්‍රෙක් The Mark of Gideon එපිසෝඩයේ දී මිස්ටර් ස්පොක් කියපු මේ කතාවත් තවම ලෝකයේ සාමාන්‍යයක් වීම නම් දොම්නසට කාරණයක්: “අපි පිළිගන්න ඕනෑ පළමු හා අවසන් වතාවට, රාජ්‍යයෝපායෙහි එකම අරමුණ අර්බූදය තවත් දිග් ගැස්සීම විතරයි කියල.” -“We must acknowledge once and for all that the purpose of diplomacy is to prolong a crisis.” -Mr. Spock

දීර්ඝායුෂ සහ සමෘද්ධිය ලැබේවා! Live long and Prosper!!!!

Advertisements

32 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on පෙබරවාරි 1, 2013 at 10:37 පෙ.ව.

    ප්‍රබන්ධ වල දැකපු තව ගොඩක් දේවල් අපිට අනාගතයෙදී ඇත්තටම ලැබෙයි….

    • දිනූෂි පැල්පළ said, on පෙබරවාරි 2, 2013 at 7:51 පෙ.ව.

      ගොල්ඩ් ෆිෂ්,
      එහෙම අපිට අනාගතයේදී දකින්නට ලැබෙන දේවලුත් නවීන විද්‍යාව හරහා ලැබෙනවා. ඒ වගේම නොලැබෙන දේවලුත් තියෙනවා. හැම දේම නවීන විද්‍යාවට වත් තාක්ෂණයට වත් ලබා දෙන්න බැහැ. මිය ගිය දෙමව්පියන්ගේ ආදරය සෙනෙහස වගේ දේවල් ලෝකේ කොච්චර දියුණු වුනත් ආයෙමත් ලබා ගන්න බැහැ.

    • arunishapiro said, on පෙබරවාරි 2, 2013 at 11:04 පෙ.ව.

      Gold fish,

      ප්‍රබන්ධ ඔක්කොම කියවලා නැති නිසා කොහේවත් නොලියපු දෙයක් ලෝකෙ බිහිවෙලා ඇත්දැයි කියන්නට බැහැනේ ද කියලත් සිතුණා.

      • දිනූෂි පැල්පළ said, on පෙබරවාරි 3, 2013 at 10:26 පෙ.ව.

        @ අරුණි,
        ලොකේ කොහේවත් විද්‍යා ප්‍රබන්ධයක නොලියවුනු දේවල් වෙන්න පුලුවන් කම තියෙනවා. හැම දෙයක්ම වාර්තා ගත කරන්න තරම් හැමෝටම කාලවේලාවක් නැහැනේ. නමුත් මෙහිදී වැඩියෙන්ම වැදගත් නවීන උපකාරණ වලට හසු නොවන ලෝකයේ ත්‍රිමාන වලට හසු නොවන විවිධ දේවල් හා ක්‍රියාකාරීත්ව සැබවින්ම තිබිය හැකි බවයි.

  2. naleendilruksha said, on පෙබරවාරි 1, 2013 at 11:57 පෙ.ව.

    වෙනත්ම මතයක ඉන්න මාව මේ ලිපි මගින් ඔබ ඉතාමත් සාර්ථක ලෙස තවත් ඉසව්වකට මාව ගෙන යනවා… ඔබ මේ දේ කරන්න ගන්නා කැපවීම පුදුම සහගතයි

    • දිනූෂි පැල්පළ said, on පෙබරවාරි 2, 2013 at 7:58 පෙ.ව.

      නලීන් දිල්රුක්ෂ,
      හැමවිටකදීම ඔබ කියන දේ හා සාමාන්‍ය ජීවිතයේදී පිරිමින්ගේ ආකල්ප අතර පවතින්නේ පුදුම සමානකමක්. මම එහෙම කිව්වම මා එක්ක අමනාප වෙන්න එපා. මම දේශනවලට විදේශගත වී ඉඳලා එනකොට මහත්තයාට එයා කැමති දෙයක් අරන් ඇවිල්ලා දුන්නම ඒක දිහා පුදුමයෙන් බලා ඉඳලා ඇස් ලොකු කරගෙන එයා කියන දේ මට මතක් වුනා ඔයා දාපු කමෙන්ට් එක දැක්කම. ඒකයි මම එහෙම කිව්වේ. තරහා වෙන්න එපා.

    • arunishapiro said, on පෙබරවාරි 2, 2013 at 11:08 පෙ.ව.

      naleendilruksha,

      ස්තූතියි.

      තමන් දරණ මතයකට විරුද්ධ හා වෙනස් මත ගැන කියවද්දී සමහර විට තමන්ගෙ මතය තවත් පැහැදිලිව ඉදිරිපත් කරන්නත්, තමන්ගේ මතය තර්කානුකූලව ඔප්පු කරන්නත් වැඩියෙන් හැකියාවත් ලැබෙනවා. හැබැයි ඊට තමන් අවංක විය යුතු වීම ඉතා වැදගත්. තමන්ට බොරු කියාගෙන පටන් ගන්නා මුලින්ම පැරදෙන්නෙ තමන්මයිනෙ … ඉතින් කොහෙද අනුන්ව පරාජය කරන්නේ.

  3. අටම්පහුර said, on පෙබරවාරි 1, 2013 at 12:30 ප.ව.

    //නිපැදවීම් අතරින් වඩාත්ම අනගි බඩු තෝරා විකිණීමයි//

    අපි හරිම අවාසනාවන්තයි , ලංකාවේ වෙන්නේ ඕකේ අනිත් පැත්ත , කඩකාරයාට, බඩු ගෙන්වන කෙනාට වැඩිම ලාභය තියන දේ තමයි එයාල විකුණන්නේ , මිනිස්සුත් කුණු කොල්ලයට බඩු හොයනවා. කෙනෙක් 100ට විකුණපුදේ අනිකා 50ට විකුනන්ඩ උත්සාහ කරනවා, අන්තිමට වෙන්නේ , වැඩකට නැති බාල කූණු ගොඩවල් ටිකක් වේළද පොලට එකතුවෙන එක , වැඩේ නං හරියට වෙන්නේ නැ, දැනට අවුරුදු පහලවකට කලින් දෙතුන් දාහට තිබ්බ ඒවා දැන් දෙතුන් සියට ගන්න පුළුවන් , හැබැයි මාසයයි දෙකයි , අවුරුදු 15කට කලින් ගත්ත එවිවා තවම වැඩ,

    වරද තියෙන්නේ විකුණනකෙනාගේ නෙමෙයි, ඔහු කඩයක් දාන්නේ ලාභ ලබන්න , මිළදී ගන්න කෙනා හරිදේ තෝරා බේරාගන ගන්නවානං ජරාවල් වෙළද පොලට එනඑක නවතිනවා,

    කණගාටුයි කියන්න හරිදේ මිලදි ගන්න උවමනාව , දැනීම ,වාසනාව තියන පාරිබෝගිකයෝ හතර පස්දෙනෙක්වත් මටනං එක මාසෙකට හම්බවෙන්නේ නැ, බලෙන් ඇගේ ගැහුවත් හොද දේ එපා කියලා . කුණු ගොඩවල්ම ඉල්ලන අය තමයි බහුතරය.

    අමාරුවෙන් හම්බකරගන්න මුදල් නිරපරාදේ නාස්ති කරගන්නවා දකින කොට දුකකට වඩා හිතට එන්නේ තරහක්

    • arunishapiro said, on පෙබරවාරි 2, 2013 at 11:14 පෙ.ව.

      අටම්පහුර,

      විකෘති කරන ලද ආර්ථික රටාවක නිදහස් තීරණ වලට ඉඩක් නැහැ. ඒ නිසා වැඩිම ලාභය හෝ අනගි බඩුව යන්න ගැනත් විකෘති වූ සංකල්පයක් තමයි බිහිවෙලා තියෙන්නෙ.

      ප්‍රවෘත්තියකින් දැක්කා සුඛෝපභෝගී වාහනයක මිල අඩු කරලා රේගු බදු ගෙවපු කතාවක් ගැන. රේගුවේ ඉන්නෙ කැළණිය කැම්පස් එකෙන් ගිය බහුතරයක්. රේගු බදු ගහන හැටි සාධාරණීය කරන්න ඔවුන් ගන්නා උත්සාහයන් ඉතා රසවත්!!!!

      පාරිභෝගිකයාට බනිනවා වෙළෙන්ඳා. වෙළෙන්ඳාට බනිනවා පාරිභෝගිකයා. දෙගොල්ලන්ම එය නවත්තලා වහාම රටේ වෙළඳපොල විකෘති කරන එවුන්ට බනින්න පටන් ගත යුතුයි. 😀

    • දිනූෂි පැල්පළ said, on පෙබරවාරි 3, 2013 at 10:32 පෙ.ව.

      @ අටම්පහුර,
      ඔයාට ඔය තරහා එන්නේ මිනිස්සු බාල බඩු මිලදී ගැනීම ගැන ඇති වූ හිතේ අමාරුව හින්දා නෙවෙයි. ඔයාග් කඩේ බඩු මිල වැඩියි ගිණි ගනං කියලා ඔයාගේ පාරිභෝගියෝ ඔයාගේ කඩයට එන්නේ නැතුව අඩු මිලට අවට තියෙන වෙනත් වෙළඳ සැල් වලට යනවා බලා ඉන්න බැරි ඉරිසියාවට තමයි. මොනවා කරන්නද ටිකක් අඩුවට දෙන්න බලන්න. වෙළඳ පළ ක්‍රියාකාරීත්වය ඔයා අඬපු තරමට ඉක්මනින් වෙනස් වෙන්නේ නැහැ. වෙළඳ පළ මිළ ක්‍රමය යටතේ ඔයා කියන ඔය තත්වය නිසා පාරිභෝගියාට අත්පත් වෙන්නේ වාසියක් කියලයි මට නම් හිතෙන්නේ. ඇයි අඩු මිලට හොඳ බඩු දෙන්න බැරි. නිෂ්පාදන පිරිවැය අඩු කරගත්තාම ඔයා ඔය හොඳයි කියලා වැඩි මිලට විකුණන් කඩේ හංගගෙන ඉන්න බඩු අඩුමිලට විකුණගන්න පුලුවන්. නිකම් කලුකඩ බිස්නස් කරපු කෙනෙකුට තමයි ඔහොම හිතෙන්නේ.

      • arunishapiro said, on පෙබරවාරි 3, 2013 at 11:43 පෙ.ව.

        දිනූෂි පැල්පළ,

        අටම්පහුර ට තරහ ගිහින් නැහැ. එයාට ඇතිවෙලා තියෙන්නෙ දුකක්. දුකට හේතුව බාල බඩු ලාබ නිසා මිල දී ගෙන යන හැදියාව. ඒක ඉරිසියාවක් නෙමෙයි. ඒක ඔවුන්ගේ නොදැනුම නිසා කරන මුදල් නාස්තිය ගැන ඇතිවෙන දුකක්.

        දිනූෂි කියනවා අඩුවට දෙන්න බලන්න කියලා …. එය වෙළෙඳපොල ගැන කිසිම දැනුමක් නැතිව කියන කතාවක්. කිසිම වෙළෙන්ඳෙක් අඩු මිලකට බඩුවක් විකුණා ලාබයක් ලබා ගත හැකි නම් එය නොකර ඉන්නේ නැහැ. ඒත් ඉතින් වෙළඳපොල කුමක් ද, ආර්ථිකය වැඩ කරන හැටි කෙසේ ද නොදන්නා අය ලාබය කුමක් දැයි දන්නේ ද නැහැනේ. ලාබයක් නැතිව වෙළඳාම් කරන්න බැහැ කියලත් දන්නේ නැහැනේ.

        //නිෂ්පාදන පිරිවැය අඩු කරගත්තාම ඔයා ඔය හොඳයි කියලා වැඩි මිලට විකුණන් කඩේ හංගගෙන ඉන්න බඩු අඩුමිලට විකුණගන්න පුලුවන්. නිකම් කලුකඩ බිස්නස් කරපු කෙනෙකුට තමයි ඔහොම හිතෙන්නේ.// අටම්පහුර වැඩි මිලට කඩේ බඩු හංගා ගෙන ඉන්නවා කියල ඇයි බොරු චෝදනා එල්ල කරන්නේ? අටම්පහුර කියන්නේ, ඉතා පැහැදිලි ලෙසින්, බාල බඩුවල මිල අඩු නිසා අරන් ගිහින් වැඩි කාලයක් පාවිච්චි කරන්න බැරිකම ගැන දුකක් තියෙනවා කියලයි. නිෂ්පාදන පිරිවැය අටම්පහුරට වෙනස් කිරීම මධ්‍යම සැලසුම් මඟින් බහුතර තීරණ ගන්නා ආර්ථිකයක ඉතා අසීරු කටයුත්තක් බව නොදන්නා අයයි බාල බඩු සහ කලුකඩ බිහිවෙන්නේ ද මධ්‍යම සැලසුම් මඟින් ආර්ථිකය හසුරුවන නිසා බව නොදන්නේ.

        මෙහෙම අයෙක් ලියන දෙයක් තමන්ට ඕනෑ විදියට හරවාගෙන බොරු ලියනවා නම් ඔයාගේ ප්‍රතිචාර වලට ඉදිරියේ දී ඉඩක් නොදෙන්නෙමි.

        ලාබයක් ඇතිව වෙළඳාම් කරන්න පුලුවන් නම් පමණයි පාරිභෝගිකයාට වාසියක්, එනම් අඩු මිලට අනගි බඩුවක් ලැබෙන්නේ. ඒ කොහොමදැයි තව විස්තර ඉදිරියේ දී ලියන්නම්.

        දැනට කෙටියෙන්:
        ලාබය පෙන්නුම් කරන්නේ වෙළඳපොලට නිෂ්පාදනය කළ යුත්තේ මොන භාණ්ඩ ද හා මොන සේවා ද යන්න ගැන indicator එකක්. වෙළඳපොල ආර්ථිකයක ලාබ ලැබෙන භාණ්ඩ හා සේවා නිවැරදි නිෂ්පාදනය. පාඩු විඳින භාණ්ඩ හා සේවා වැරදි නිෂ්පාදන. සහනාධාර, බදු, ගාස්තු හා රෙගුලාසි වලින් විකෘති වෙච්ච සමාජවාදී ආර්ථිකයක ලාබ හා පාඩු වෙළඳපොලේ indicator එක නිවැරදිව ක්‍රියාකරන්න ඉඩදෙන්නේ නැහැ. ඒ නිසා මධ්‍යම සැලසුම් ගහන සමාජවාදී පාලකයන්ට ලාබ හා පාඩු වලින් දැනගන්නට ලැබෙන feedback එකත් ලැබෙන්නේ නැති නිසා කොච්චර අවංක පාලකයෝ සිටියත්, කොච්චර අවංක ශ්‍රමිකයෝ හිටියත්, නිෂ්පාදනය කළ යුත්තේ මොනවා ද? යන්න කියාදෙන guide එකක් නැහැ. ඉතින් එක එක්කෙනාගේ හිතුමතයට කරගෙන යන ආර්ථිකය අවසානයේ කඩාවැටෙනවා.

      • අටම්පහුර said, on පෙබරවාරි 4, 2013 at 5:34 පෙ.ව.

        දිනූෂි පැල්පළ නෝනා

        අනේ නෝනේ මම කඩකාරයෙක් නෙමෙයි , මම අටපාස් බාස් කෙනෙක් මම තැන්තැන්වල ගිහිල්ලා මහන මෙෂින් හදලා ජීවත්වෙන එදාවේල හොයා ගන්න අසරණයෙක් මිසක් ඔයා හිතපු කෙනා නෙමෙයි, කාට උනත් උදව්වක් කරන එක මගේ සිරිතක් නිසා මම මෙෂින් හදන්ඩ යන තැන්වල ඒ වැඩේ ඉවර වෙලා මුදල් ලැබෙනකං ඉන්න වෙලාවට, ආයතන හිමිකරුවාට සහ පාරිබෝගිකයාට උදව්වක් පදව්වක් කරනවා. ඒක කරන්නේ ලාභ ප්‍රයෝජන බලා පොරොත්තුවෙන් නෙමෙයි ,

        මම මිනිස්සුන්ට පෙන්නනවා හොදම දේ , ඒ භාංඩයට අදාලව මම දන්න සියළුදේ මම එයාලට කියලා දෙනවා(හොද සහ නරක දෙකම), සමහරක් වෙලාවට පාරීබෝගිකයෝ මම නොදන්න දෙයක් මට කියලා දෙනවා. කවදාවත් මම කූණු ගොඩක් කාගෙවත් ඇගේ ගහන්නැ,

        මම මොනවාහරි මීලදි ගන්න කොට කොහොම හරි මුදල් එකතු කරගන හොදම දේ මිලට ගන්නවා,නැත්තං නිකන් ඉන්නවා

        මම මුදල් පසුපස හතිදාගන දුහන දනපාල කෙනෙක් නෙමෙයි, සල්ලි හොයන්න බල්ලෝ මරනවා වාගේ වැඩ කරානං මට ඔබ කියනවා වාගේ මුදලාලි කෙනෙක් වෙන්නත් තිබුනා,

        මුදල් ජීවිතය කර නොගත්ත මට හොදට නින්ද යනවා

  4. kumaraya said, on පෙබරවාරි 1, 2013 at 12:39 ප.ව.

    ඔබ අන්තිමට කියපු වාක්‍යය ට මම එකඟයි ..
    එහෙම නොකළොත් .. කපටි දේශපාලකයන් ට පැවැත්මක් නැති වෙනවා ….

    • දිනූෂි පැල්පළ said, on පෙබරවාරි 2, 2013 at 7:52 පෙ.ව.

      කුමාරයා,
      දේශපාලනයේදී වගේම සාමාන්‍ය ජීවිතයේදී වුනත් කපටිකම් නැතුව බැහැනේ.

    • arunishapiro said, on පෙබරවාරි 2, 2013 at 11:16 පෙ.ව.

      kumaraya,

      දිනූෂිට නම් වැටහිලා කුමාරයා දමා ඇති කමෙන්ටුව. ඒත් මට නම් කුමාරයා කුමක් කියනවා දැයි පැහැදිලි නැත.

      • දිනූෂි පැල්පළ said, on පෙබරවාරි 3, 2013 at 10:38 පෙ.ව.

        අරුණි,
        හැමවිටකදීම හැම කෙනෙකුම කපටිකම් වලින් රැවටීම හොඳ නැහැ තමයි. ඒත් දේශපාලනයේදී නම් කපටිකම නැතුවම බැරි තත්වයකට පත් වෙලා අවසානයි. මොකද ඇත්ත කිව්වොත් මිනිස්සු ඡන්දේ දෙන්නේ අනිත් පැත්තට. පෞද්ගලික ජීවිතයේදී නම් ඒ ඒ අවස්ථානූරූපීව තමයි අපි කරන දේ තීරණය වෙන්නේ. මොකද ජීවිතයටම බොරුවක් කියලා නැහැ. කට්ටකමක් කරලා නැහැ කියලා අපිට කියන්න පුලුවන්ද? එහෙම කියනවානම් ඒක තමයි ලොකුම බොරුව. ලොකුම කට්ටකම. කැම්පස් ගිය අලුත කොල්ලෙක් ඉන්නවද කියලා ඇහුවම ඕනම කෙල්ලෙක් කියන්නේ හිටියේ නැතත් ඉන්නවා කියලයි නැත්තන් කොල්ලන්ගෙන් බේරිලා ඉන්න බැරිව යනවනේ. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතයේ අනික් දේවලුත්. ඇත්ත කියන්න ඕන වෙන තැන් තියෙනවා. නමුත් සම්‍යක් ප්‍රයෝග අවශ්‍ය වන තැනුත් තියෙනවා. මේ දෙකම බැලන්ස් කරගන්නවා කියන එක තමයි ජීවත් වෙනවා කියලා අපි කරන්නේ. අරුණි ඔයා වුනත් එහෙමයි නේද මම හිතන්නේ

        • arunishapiro said, on පෙබරවාරි 3, 2013 at 11:47 පෙ.ව.

          දිනූෂි පැල්පළ,

          //හැමවිටකදීම හැම කෙනෙකුම කපටිකම් වලින් රැවටීම හොඳ නැහැ තමයි.// මෙවර දිනූෂි මා ලියන ලද්දත් තමනට කැමති පරිදි වෙනස් කරගෙන.

          කිසිම විටෙක කිසිම කෙනෙකුව කපටිකම් වලින් රැවටීම හොඳ නැහැ -අරුණි ශපීරෝ

          //අරුණි ඔයා වුනත් එහෙමයි නේද මම හිතන්නේ// නැහැ අරුණි ශපීරෝ නම් වූ මම සම්‍යක් ප්‍රයෝගය පාවිච්චි කරන්නේ නැත. කැම්පස් එකේ දී කොල්ලෙක් ඉන්නවා ද කියල ඇහුවාම, නැහැ, ඒත් මට ඔයා එක්ක යාළුවෙන්න කිසිම ඕනෑකමකුත් නැහැයි කොල්ලන්ට කියන්නට තරම් ගටක් මට තිබිණ!!!!

  5. Ravi said, on පෙබරවාරි 1, 2013 at 1:30 ප.ව.

    / ලංකාවට රූපවාහිනිය ආපු අලුත අපේ ගෙදර ස්ටාර් ට්‍රෙක් බලන්න වාඩිවුනේ තාත්තයි මායි විතරයි /

    රූපවාහිනියෙ මුල් දවස්වල මමත් දැහැන් ගතවෙල බලපු වැඩසටහනක් Star Trek. හැබැයි ඊට වැඩිය මට අල්ලල ගියේ Blakes Seven…

    ” Space: the final frontier. These are the voyages of the starship Enterprise. Its five-year mission: to explore strange new worlds, to seek out new life and new civilizations, to boldly go where no man has gone before. ”

    ඔය තේමා පාඨය ඇහෙනකොට ඉතිං වැඩ ඔක්කොම නවත්තල අපි ඇවිල්ල රූපවාහිනිය ඉස්සරහ හරි බරි ගැහෙනව.

    / දීර්ඝායුෂ සහ සමෘද්ධිය ලැබේවා! /

    දීර්ඝායුෂ ප්‍රාර්ථනය නම් හරි..ඒත් සමෘද්ධිය ලැබේවා කියන්නෙ සුබ ප්‍රාර්තනයක් ද කියල පොඩි කුකුසක් නම් තියනව වර්තමානෙ 😀

    • දිනූෂි පැල්පළ said, on පෙබරවාරි 2, 2013 at 7:54 පෙ.ව.

      රවී,
      සමෘද්ධිය කියන්නේ යමක් හොඳින් යහපත්ව ඉටු වීම. ඉතින් ඒ අර්ථයෙන් සමෘද්ධිමත් වේවා කියලා කියන්න පුලුවනි. නමුත් එයින් ඔබ අදහස් කරන්න ඇත්තේ දේශපාලනික අර්ථයක් වියහැකියි. එවිට එය සුබ පැතුමකට වඩා දේශපාලනික සංකේතයක් වීමට ඉඩ තිබේ.

    • arunishapiro said, on පෙබරවාරි 2, 2013 at 11:26 පෙ.ව.

      Ravi,

      ඔව් බ්ලේක්ගේ හත්දෙනා මාත් ආසාවෙන් බැලුව. සුදු අප්පුහාමිට එය මගේ සිතේ මැවිච්ච වැඩ සටහනක් නොව සත්‍යයෙන් තිබියක් යැයි ඔප්පු කරන්න ලැබුනේ ඉතා මෑතක දී.

      අයියෝ රවී, ඔයා ආණ්ඩුවේ සයිට් වල සබැඳි අමුණලා මේකට…. මාව වහලා දාවි ද දන්නෑ. ඒ වගේ විසල් වෑයම් හැමදාම අවසානයේ ගෙනාවේ සමෘද්ධියට විරුද්ධ පැත්ත. මා ලිව්වේ තමන් විසින් වෙහෙසක් ගෙන සමෘද්ධිය ලබාගන්නට ඉඩක් ලැබේවා කියල පැතුමක්!!! 😀

  6. buwa said, on පෙබරවාරි 1, 2013 at 9:35 ප.ව.

    කලාකරුවා විද්‍යාඥයින්ට හිතන්න පසුබිම හදල දීපු අවස්ථා ලෝකයේ ඕනි තරම් ,අරුණි නෝනට ගැජට් ගැන කථා කලොත් “අයි” ම තමයි නේ :p

  7. wicharaka විචාරක said, on පෙබරවාරි 1, 2013 at 10:10 ප.ව.

    අගනා, සරළ, එහෙත් ගැඹුරින් සිතිය යුතු විස්තරයක්. බොහොම ස්තුතියි. පහුගිය කාලයේ ඔබේ ලිපි කියවූවා, නමුත් අදහස් දැක්වුවේ නැත්තේ රෝගීව සිට සුවය ලබමින් සිටිය නිසා. අතිශයින් විවාදාත්මක ඒ කරුණු ඔස්සේත් හිතා බැලුවා.

    සමෘද්ධිය ලැබේවා කිව්වේ මේ අපේ ලංකාවේ දෙන එක නෙවෙයිනේ. 😀 අපේ සමෘද්ධිය සහ මහපොළ ගැන ඔයා දන්නවා ඇතිනේ. 😀

  8. Yasiru said, on පෙබරවාරි 2, 2013 at 1:29 පෙ.ව.

    හොද ලිපියක්.අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

  9. දිනූෂි පැල්පළ said, on පෙබරවාරි 2, 2013 at 7:47 පෙ.ව.

    අරුණි,
    මම හරිම ආසාවෙන් මේ ලිපිය කියෙව්වේ. මමත් ඉස්සර කුඩා කාලේ පාසැල් අවදියේ ලංකාවේ ඉන්නකොට මේ වැඩ සටහන බලනවා. ඒ කාලේ මේ වගේ තවත් ගිය වැඩ සටහනක් තමයි බිග් ෆුට්. ඒ වගේම සෙසමි ස්ට්‍රීට්, ෆ්ලීෆර්, චාර්ලීස් ඒන්ජල්ස්, ෆේමස් ෆයිව්, ද ඒ ටීම්, දි ඉන්ක්‍රෙඩිබල් හල්ක් වගේ ලස්සන වැඩ සහන් රාශියක් රූපවාහිනිය ආරම්භක කාලවකවානුව තුළ ප්‍රදර්ශනය වුනා. ඒ කාලේ මම හරිම පොඩියි. ඒත් ඒ නිර්මාණ ඉතාම ආශාවෙන් රස වින්දා. ඒ වගේම ඩොක්ටර් හූ වගේ වැඩසටහන්, ඇෆඩ් හිච්කොක්ගේ චිත්‍රපට ආදිය තාත්ති ළඟට වෙලා බැලුවා. ඒ ඒවායේ ප්‍රදර්ශනය වූ බිය මුසු කුතුහලයට කුඩා දැරියන් වූ අප තරමක් බිය පත් වූ නිසායි. නමුත් ඉතාම ආශාවෙන් රස විඳී ළමා කාලය ඔයාගේ මේ ලිපිය හරහා ආයෙමත් මගේ මනසට දැනුනා. ඔයා ලස්සනට ලියලා තියෙනවා. මම ගොඩාක් ආසාවෙන් මනසින් අතීතයේ සැරි සරමින් මේ ලිපිය රස වින්දා.

  10. දිනූෂි පැල්පළ said, on පෙබරවාරි 3, 2013 at 10:21 පෙ.ව.

    @ අරුණි,
    එක කාලයක දී දකින හීන තවත් කාලයක දී හැබෑ වෙනවා. මම දැක්කා වෙබ් අඩවියක තියෙනවා තරුණියන්ගේ කන්‍යාභාවය පිරික්සීම සඳහා මීටර 10 ක් පමණ ඈතින් සිට ක්‍රියාත්මක කළ හැකි විද්‍යාත්මක උපකරණයක් නිපදවා තියෙනවා කියලා. ඒත් එක්කම ඒකේ මැදක් හරියේ දී තමයි දාලා තියෙන්නේ ඒක බොරුවක් කියලා. ඒ ලිපියේ අවසානය හරියේ දාලා තියෙනවා බැර වෙලාවත් ඒ වගේ උපකරණයක් නිපදෙව්වොත් ගැහැණුන්ට මොනවගේ ඉරණමක් අත්වේවිද කියලත්.
    ඒ කොහොම වුනත් නවීන විද්‍යාව සාර්ථක වන තැන් හා අවස්ථා තිබෙනවා. ඒ වගේම අසාර්ථක විය හැකි අවස්ථාත් තියෙනවා. විද්‍යාවේ දියුණුව වගේම විද්‍යාවට ළඟා විය නොහැකි ස්ථාන මානසික ශක්තිය යොදවා ජය ගත හැකි අවස්ථාත් තියෙනවා. මම ඉස්සර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලේ නතරවෙලා සිටියේ නේවාසිකාගාරයේ මගේ සමීපතම යෙහෙළියන් සමඟ. වරක් මේ සේරම නිවාඩුවට ගෙවල්වලට ගියා. මට යන්න බැරි වුනා. මම තදින් අසනීප වෙලා හිටිපු නිසා. මේ අය ගියදා රාත්‍රියේ මට තදින් අසනීප වුනා. මම හිතුවේ උණ විතරයි කියලා බැලින්නම් ඒක වෛරස් එකක් එක්ක ආපු ටිකක් දරුණු එකක්. මට ලූස් මෝෂන් වෙනවා තත්පරෙන් තත්පරේ. කෑම කන්නත් බැහැ. දවස් දෙක තුනකින් බත් ඇටයක් අතින් ඇල්ලුවේ නැහැ. බිස්කට් එකක් හරි බීම ටිකක් හරි විතරයි උගුරෙන් පහලට යන්නේ. කන සේරම වමනෙට එනවා. එදා රෑ මම විතරයි තනියම රෑම් එකේ. මට හොඳටම අමාරුයි. කියන්න කවුරුවත් නැහැ. මම රෑ කෙඳිරිගෑවා අම්මා කිය කියා. පුදුමේ කියන්නේ මම සනීප වෙලා ගෙදර ගියාම අම්මාට මේ සිද්දිය කීවාම ඇය මා එක්ක කිව්වා හරියට මේ වෙලාවටම මගේ ලොකු දුව කෙඳිරි ගගා මා ළඟට වෙලා මා දිහා බලා ගෙන ඉන්නවා ඇයට දැනුනා කියලා. ඒත් ඒ සිදුවීම විස්තර කරන්න ඇයට තේරුමක් නැහැ. මාව ඇය දැක්කා මගේ කටහඩ ඇහුනා හොඳට ඇහුනා ළඟ ඉද්දී වගේම කියලයි කිව්වේ. ඒ කියන්නේ දරු සෙනෙහස වගේ දේවල් වලදී නවීන විද්‍යාවට හසු නොවන තවත් මාන ක්‍රියාත්මක වෙනවා කියලා එදා මට හිතුනා. මම රට ඉද්දී මෙහෙ ඉන්න මගේ අම්මා තාත්ති සනීප නැතිව ඉද්දී මටත් ඒ වගේම අත්දැකීම් සිදු වෙලා තියෙනවා.

    • arunishapiro said, on පෙබරවාරි 3, 2013 at 11:28 පෙ.ව.

      දිනූෂි පැල්පළ,

      // මම දැක්කා වෙබ් අඩවියක තියෙනවා තරුණියන්ගේ කන්‍යාභාවය පිරික්සීම සඳහා මීටර 10 ක් පමණ ඈතින් සිට ක්‍රියාත්මක කළ හැකි විද්‍යාත්මක උපකරණයක් නිපදවා තියෙනවා කියලා.//

      වෙබ් අඩවියක දැම්මත්, පොතක ලියැවුනත්, විද්‍යාත්මකයි කියල විද්‍යාඥයෙක් කිව්වත් ඒ පමණින් යමක් විද්‍යාත්මක සත්‍යයක් වෙන්නේ නැහැ!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: