අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහස කුමක් දැයි ලෝකයට කියා දුන් ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 6, 2013

IMG_4995

පැහැදිලි කරන ලද සත්‍යයන් මහත් රාශියක් ලෝකයේ තියෙනවා. ඒත් ඒවා වටහා ගන්නට හා පිළිපදින්නට උත්සාහයක් ගන්නා අය ලොව ඉන්නේ අල්පයකි.

“ඕනෑම කෙනෙකුට වෑයම අත්හැරිය හැකියි. එය ලෝකයේ ඉතාමත් පහසුවෙන් කළ හැකි වූවයි. ඒත් ඔබ වටා සිටිනා සියළුම අය විසින් ඔබ උත්සාහය අත්හැර දමන්නේ මන්දැයි ඔවුන්ට වැටහෙනවා යැයි කියද්දී, උත්සාහය අත් නොහැර සිටින්නේ නම්, එයයි සත්‍ය ශක්තිය.” -කියුවේ කවුදැයි සටහන් වී නැති අනගි ප්‍රකාශයකි

“Anyone can give up, it’s the easiest thing in the world to do. But to hold it together when everyone else would understand if you fell apart, that’s true strength.” -Unknown

නිදහස කුමක් දැයි ලෝකයට කියා දුන් ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්ථය ගැන වාද ආරම්භ වූයේ එය අපරානුමත වෙන්නටත් කළින්. එංගලන්තයේ ජෝන් ලොක් සහ එංගලන්තයෙන් පැමිණ ඇමෙරිකාවේ පදිංචි වූ තෝමස් පේන් වැනි දාර්ශනිකයන්ගේ අදහස් විචාරයෙන් ඇමෙරිකන් ආදීපීතෘවරුන් විසින් ලියා අත්සන් තබන ලද නිදහස් ප්‍රඥප්තිය (1776 ජූලි 4) හා ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිදහස වෙනුවෙන් තවමත් නිර්භයව පෙනී සිටින ලොව වැදගත්ම ලියැවිලි වෙති. ව්‍යවස්ථාව අපරානුමත කරගන්නට පෙර, 1787 ඔක්තෝබරයේ සිට 1788 මැයි දක්වා කාලය තුල දී ඇලෙක්සැන්ඩර් හැමිල්ටන්, ජේම්ස් මැඩිසන් හා ජෝන් ජේ යන තිදෙනා විසින් රචනාවන් 85 ක් ලියූහ. ඒවා The Federalist Papers යනුවෙන් හැඳින්වේ.

ඔවුන් එම රචනා Publius යන අන්වර්ථ නාමයෙන් පුවත්පත් වලත්, පත්‍රිකා වශයෙනුත් බෙදා හැරියහ. Publius Valerius Publicola පුරාතන රෝමයේ විසූ වංශවතෙකි. ඔහු රෝම රාජාණ්ඩුව පෙරළා රෝම ජනරජය පිහිට වූ නායක වංශවතුන් හතර දෙනාගෙන් එක් අයෙකු විය. “ජනතාවගේ හිතවතා” යන්න ඔහුට පටබැඳි සුරතල් නාමය විය. ආදීපීතෘවරුන් පාවිච්චි කරන ලද්දේ එයයි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ඔටුන්නට එරෙහි කුමන්ත්‍රණ හිස් අහිමි වෙන වරදක් යැයි සැලකුනේ 1817 දී ඌව කැරැල්ලෙන් පටන් ගත් ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ අයට පමණක් නොවේ!!!!!

වර්තමානයේ දීත් ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන වාද බහුලයි. එක කල්ලියක් විහාරික ව්‍යවස්ථාවාදී (living constitutionlism) නමින් හැඳින්වෙති. ඔවුන්ට අනුව නූතන අවශ්‍යතා අනුව ව්‍යවස්ථාව පරිනාමය විය යුතුයි. අනෙක් කල්ලිය නම් මෞලිකතාවාදීන් (originalism) වෙති. ඔවුන්ට අනුව ව්‍යවස්ථාවේ අර්ථයන් එය අපරානුමත වූ කාලයේ තේරුම් වලින් වටහා ගත යුතුයි. යම් වගන්තියක් පරිනාමය විය යුතු ද, ඔවුන් කියා සිටිනුයේ, ඒ සඳහා Article V යන්නෙන් විධිමත් ප්‍රතිසංශෝධන පියවර පැහැදිලි කර ඇති බවයි. ඒ වගන්තිය රාජ්‍ය බලය අවම කර ජනතාවට වැඩි බලය තහවුරු කරන ලද්දකි.

විධායක, නීති සම්පාදක හා අධිකරණය යන තුන් කට්ටුවට අතර බෙදී යන පාලන බලය නිසා ඇමෙරිකාවේ සුපිරි උසාවියට නිතරම ව්‍යවස්ථාව හා ගැටෙන නීති සම්පාදන ගැන තීන්දු ලියන්නට සිද්ධ වෙයි. මෞලිකවාදී කල්ලියේ යැයි සැලකෙන සුපිරි උසාවි විනිසුරු ක්ලැරන්ස් තෝමස් ව්‍යවස්ථාවේ ඔරිජිනල් අදහස් මොනවා දැයි විමසන්නට පරණ ලියකියැවිලි නිතරම සහාය කරගනියි. උදාහරණයක් ලෙසින්, 2010 දී McDonald v Chicago හි ඔහු වහල්ක්‍රමය අහෝසිය වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් වූ Frederick Douglass සිට ඉංග්‍රීසි ජුරි සභිකයෙක් වූ William Blackstone වැනි පරිශ්‍රයක් තුලින් ලියැවිලි උපුටා තම අදහස් දැක්වීය.

ඉහත සඳහන් කළ “ෆෙඩරලිස්ට් රචනා” සුපිරි උසාවි තීන්දු වල දී 300 වතාවකට වඩා යොදාගෙන ඇත. නීති විමසුම් ලිපි 6000 කට වඩා ප්‍රමාණයක් මෙම ෆෙඩරලිස්ට් රචනා සලකා බලති. එසේම උසස් පෙළ පාසැල් සහ විශ්ව විද්‍යාල අධ්‍යයනයේ දී කොටසක් වශයෙන් ද මේ රචනා භාවිතය සිද්ධ වේ.

ව්‍යවස්ථාවේ අදහස් වටහා ගන්නට හැකියාව ලැබෙන අතකොළුවක් වශයෙන් සුවිශේෂී ස්ථානයක් ෆෙඩරලිස්ට් රචනා ලබා ඇතැයි කියන අයට America’s Constitution: A Biography (2006) ලියූ Akhil Reed Amar නම් යේල් විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්යවරයා ද අයත් වෙයි. එහෙත්, ඔහුගේ ඉහත පොතේ ඔහු විසින්ම මුලින් ගෙනෙන රීතියක්; ව්‍යවස්ථාවේ ලියැවී නැති දේවල් ගැන සලකද්දී ඒවා එහි ලියැවී ඇති ප්‍රධාන අරමුණ සහ පැහැදිලි අර්ථයන්ට කිසිසේත්ම පටහැනි නොවිය යුතුයි, යන තමන්ගේ ම රීතිය කඩ කර ඇත!!

ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එහි ලියැවී නැති දේවල් ගැන සඳහන් කරන්නේ එහි නව වැනි සංශෝධනයේය: “ව්‍යවස්ථාව මඟින් පැහැදිලිව කියා නොමැති සමහර අයිතීන්, ජනතාව සතුව පවතින අයිතීන් ප්‍රතිශේධනය (deny) කරන හෝ ඒවාට නිගා කරන ලෙසින් යොදාගත නොහැක.”

මේ දිනවල නැවතත් වරක් සිත සතුටෙන් පිරී යන්නට, සොඳුරු මිනිසාගේ ආරක්ෂාව අරබයා ලියැවුන ලොව අනගි අදහස් පිරි “ෆෙඩරලිස්ට් රචනා” මම කියවමින් සිටින්නෙමි!!!!

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. buddie-බුඩී said, on පෙබරවාරි 6, 2013 at 9:23 පෙ.ව.

    Kalekin Arunige blog eka patte awe, oya monawa kiwwath give up karanna amaru dewal thiyenawa neda
    “Anyone can give up, it’s the easiest thing in the world to do.” like Love/ things we love, eka num lesiyen give up karanna be 😀 😀 😀

  2. kashyapa said, on පෙබරවාරි 6, 2013 at 9:35 පෙ.ව.

    හහ්….හහ්..හා…..ඕකත් හරියට ‘මහින්ද චින්තනේ’ වගේ වෙන්ඩ ඇති ……….නැත්තම්..1865 විතර වෙනකම් ඇමරිකාවේ වහල්ලු හිටියෙ, 1830ගනන් වල යන්තම් ඉතුරුවෙලා හිටිය (මිලියන ගානක් මරා ගත්තට පස්සෙ )ස්වදේශීක ඉන්දියානුවන්ගේ ඉඩම් ටික කොල්ලකා ගත්තේ, 1950/60 ගනන් වෙනකනුත්, කල්ලන්ව ඇතුලටවත් වැද්ද ගත්තෙ නැති සුද්දන්ට විතරක් ඇරිච්ච පාසැල් , හෝටල් තිබ්බෙ,….සුද්දෙක්ට බස් එකේ සීට් එක නුදුන් වරදට රෝසා පාකර්ව අත් අඩංගුවට ගත්තෙ,(උදාහරණ ටොන් ගානක් උනත් ඇති )ඔය මහා නිදහසේ විශ්ව ප්රකාශනයේ (හික්..) තියෙන්නේ සුද්දගේ නිදහස විතරක් හින්ද වෙන්න ඇති . එක්කෝ ඔය 1776 එන්නේ 1960 පස්සෙද මන්ඳා….මට වැරදිලාවත්ද??

    • arunishapiro said, on පෙබරවාරි 6, 2013 at 10:22 පෙ.ව.

      kashyapa,

      ලංකාවේ වාමාංශිකයන් ඇමෙරිකාවේ වහල්ක්‍රමය ගැන හහ් හහ් හා ගා හිනාවෙමින් තමන් ඉන්නා වහල් භාවය නොදිකියි. වහල් බවින් ගොඩ එන්න ඇති එකම ක්‍රමය ඇත්තේ ඇමෙරිකන් ධනවාදයේ උත්කෘෂ්ටය තුලින් බව දකින ලංකාවේ වාමාංශිකයා බියට පත්වෙයි. එම සත්‍යය සෙසු පුරවැසියන් ගෙන් වසන් කරනු පිණිස එය පැහැදිලි කර පෙන්වන අයෙකුට අනේක වූ ලේබල් අලවමින් මහත් වෑයමක යෙදෙයි. අහෝ, ලොවෙන් තුරන් වී යන ක්‍රමයක වහලෙක් වී කල් ගෙවනා බව ඔහු නොදකින හැටි!!!!!!!

      හොලිවුඩ් චිත්‍රපටි වලින් ඇමෙරිකන් ඉතිහාසය කියවන අයට සත්‍ය තොරතුරු සොයාගැනීමේ උවමනාවක් නැහැ. පහත උදාහරණ ඇතිව විස්තර ඇති පමණින් මේ අඩවියේ ලියා ඇති වුවත්, උවමනාවක් ඇත්නම් ඒවා තමන්ට සොයාගත හැකිවුවත්, හැමදාම තම මුලාවේ ලැග තුටුවීමත් තවත් වාමාංශික ලක්ෂණයකි.

      ඇමෙරිකන් නිදහස් ප්‍රඥප්තිය ලොව ප්‍රථම වතාවට සියළු මිනිස්සුන්ට සමනාතාමතාවයක් මෙසේ පිරිනමන ලදි: “අපි මේ සත්‍යයන් ස්වයං ප්‍රත්‍යක්ෂ ලෙසින් පිළිගනිමු. සියළු මිනිසුන් එක හා සමාන වූ මිනිසත් බවින් නිර්මාණය වී සිටිති. ඔවුන්ගේ නිර්මාණකරුවා ඔවුන්ට උදුරාගත නොහැකි අයිතීන් ලබා දී ඇත. ඒවා අතර ජීවිතයට, නිදහසට සහ සතුට සොයා යන්නට අයිතිය අඩංගුයි.” We hold these truths to be self-evident, that all men are created equal, that they are endowed by their Creator with certain unalienable Rights, that among these are Life, Liberty and the pursuit of Happiness.

      එසේ ස්වයං ප්‍රත්‍යක්ෂ සත්‍යයක් පිළිගෙන, එය සම්මත කරගත් ඇමෙරිකන්කාරයා අනතුරුව නිකම් බලා සිටියේ නැත. ලොව කිසිම තැනක එදා නොතිබුණු ස්ථානයක් තම රටේ සෑම පුරවැසියකු වෙනුවෙන්ම ස්ථාපිත කරන්නට ඇමෙරිකන්කාරයා දැවැන්ත උත්සාහයක් ගෙන යන ලදි. එයට ඇමෙරිකාවේ වහලෙක් ලෙසින් ඉපදිච්ච අයත් සහාය වූහ. වහල් ක්‍රමය අහෝසියට දැවැන්ත සේවයක් ඉටු කළ ෆ්රෙඩරික් ඩග්ලස් වැනි වීරයන් රටේ සම්මානනීය පුද්ගලයන් වූහ. ඔවුන්ගේ නාමයන් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණි.

      අද කළු ඇමෙරිකානුවෙක් රටේ ජනාධිපතිවරයා ය.

      ඇමෙරිකන් අධිකරණ පද්ධතියේ ඉහළම උසාවිය නම් සුපිරි උසාවියේ තර්ගුඩ් මාර්ෂල් නැමති කළු ඇමෙරිකානුවා 1967-1991 දක්වා පත් වීම. එම සුපිරි උසාවියේ ම ක්ලැරන්ස් තෝමස් නමින් කළු ඇමෙරිකානුවෙක් අද සිටීම.

      කොන්ඩලීසා රයිස් නැමති කළු ඇමෙරිකන් කාන්තාව 2005-2009 දක්වා ඇමෙරිකාවේ විදේශ ලේකම්වරිය වීම.

      වැඩියෙන්ම වේතනයක් ලබන ඇමෙරිකන් දැල් පන්දු (NBA basket ball) ක්‍රීඩකයා Kevin Garnett නැමති කළු ඇමෙරිකානුවෙකි. 2008-09 වේතනය පමණක් $24,751,934. පියා කළු ඇමෙරිකන් වන, මව අයිරිශ් ඇමෙරිකන් වන Jason Kidd 2008-09 වේතනය පමණක් $21,372,000. කළු ඇමෙරිකානු Jermaine O’Neal 2008-09 වේතනය පමණක් $21,372,000. කළු ඇමෙරිකානු Kobe Bryant 2008-09 වේතනය පමණක් $21,262,500. කළු ඇමෙරිකානු Shaquille O’Neal 2008-09 වේතනය පමණක් $21,000,000. ඔවුන් ලබනා දැන්වීම් මුදල් හා වෙනත් ඉපැයුම් වේතනයට වඩා වැඩිය.

      සෙරීනා විලියම්ස් අද දක්වා සිය කුසලතාවයෙන් උපයා ඇති මුදල් ප්‍රමාණය US$ 32,773,004 කි. ලෝකයේ කාන්තා ක්‍රීඩිකාවන් අතරින් වැඩිම ඉපැයුමක් ඇති කාන්තාව සහ ටෙනිස් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් අතරන් 4 වැනි වැඩිම ඉපැයුමකට හිමිකම් කියන්නේ කළු ඇමෙරිකානු ඇයයි.

      කළු ඇමෙරිකානු පියෙකුටත් තායිලන්ත මවකටත් දාව උපදින ටයිගර් වුඩ්ස් නැමති ගොල්ෆ් ක්‍රීඩකයා කුසලතාවය අතින් තවමත් ලෝකයේ most successful golfer of all time වෙයි. 2010 ජූලි මස ෆෝර්බ්ස් සඟරාව ලෝකයේ ධනවත් ම ක්‍රීඩකයා ලෙස ඔහු නම් කරයි. කුසලතාවයෙන් උපයා ගත් ආදායම මිලියන 105 ක් පමණ යැයි ඔවුන් කියද්දී මිලියන 90.5 ක් යැයි Sports Illustrated සඟරාව කියයි. මේ තෑගි මුදල් හා දැන්වීම් මුදල් ඇතුළු සියල්ලම ය. ඔහුගේ වයස 35 කි.

      ඇමෙරිකන් නිෂ්පාදනයේ නව සොයාගැනීමක් සඳහා patent බලපත්‍රයක් ලැබි ප්‍රථම කළු ඇමෙරිකානුවා එය රෙදි සෝදන ක්‍රමයක් සඳහා එය ලබා ගන්නේ 1821, මාර්තු 3 වැනිදා. නම: Thomas L. Jennings

      1834 ඔක්තෝබර් 14 වැනිදා ඇට වගා කරන ක්‍රමයකට patent බලපත්‍රයක් ලබන කළු ඇමෙරිකානුවා Henry Blair of Glenross. ඔහු 1836 අගෝස්තු 31 වැනිදා කපු වගා කරන ක්‍රමයකට ද එවැනි බලපත්‍රයකට හිමිකම දරයි.

      1870 පෙබරවාරි 22 වැනිදා “Dining, Ironing Table and Quilting Frame Combined” සඳහා patent බලපත්‍රයක් ලබන කළු ඇමෙරිකානුවා Thomas Elkins ය. ඔහුට “Chamber Commode” සඳහා patent බලපත්‍රයක් 1872 ජනවාරි 9 වැනිදා ලැබෙයි. ඔහු 1879 නොවැම්බර් 4 වැනිදා patent for a “Refrigerating Apparatus” for “food or corpses,” which provides a convenient container and method of chilling using the evaporation of water සඳහා ලබයි.

      බිස්කට් කපන උපකරණයක් නිපදවා patent බලපත්‍රයක් 1875 නොවැම්බර් 30 වැනිදා ලබන කළු ඇමෙරිකානුවා Alexander P. Ashbourne.

      සපත්තු මහන්නාගේ කැබිනෙට්ටුවක් නිපදවා 1880 පෙබරවාරි 3 වැනිදා patent බලපත්‍රය ලබන කළු ඇමෙරිකානුවා Joseph W. Waller.

      බිත්තර ගහන “Egg Beater” නිපදවා 1884 පෙබරවාරි 5 වැනිදා patent බලපත්‍රය ලබන කළු ඇමෙරිකානුවා Willis Johnson.

      කැබිනෙට්ටු ඇඳක් (පාවිච්චි නොකරන විට අල්මාරිය ඇතුලට දමත හැකි ඇඳ) නිපදවා 1885 ජූලි 14 වැනිදා patent බලපත්‍රයක් ලබන ප්‍රථම කළු ඇමෙරිකානු කාන්තාව Sarah E. Goode නැමත්තියයි. 1885 දී ලෝකයේ වෙනත් රටකින් කාන්තාවක් නිෂ්පාදනය කර අයිතියක් ලැබි දෙයක් ගැන දන්නවා ද?

      රේල් පාර සඳහා සංඥාවක් නිපදවීම වෙනුවෙන් patent බලපත්‍රයක් ලබන්නේ 1888 ජනවාරි 10 දා කළු ඇමෙරිකානු A.B. Blackburn.

      1887 සිට 1893 දක්වා patent බලපත්‍ර 5 ක් ලබන්නේ කළු ඇමෙරිකානු H. Creamer නැමැත්තා Steam Trap Feeder නිපදවීමෙනි.

      හිම දිය කරන්නක් නිපදවා 1890 මැයි 27 දා patent බලපත්‍රයක් හිමි කරගන්නේ කළු ඇමෙරිකානු F.J. Farrell විසිනි.

      ප්‍රථම කළු ඇමෙරිකානු බැංකු හිමියා ඇලබාමා ප්‍රාන්තයේ බැංකුවක් ආරම්භ කරන්නේ ඩොලර් දෙදාහක මුල්‍ය යොදවා 1890 ඔක්තෝබර් 15 වැනිදා ය.

      ධාන්‍ය බඳින “Grain Binder” ක්‍රමයක් සඳහා 1892 පෙබරවාරි 23 වැනිදා Peter D. Smith නැමති කළු ඇමෙරිකානුවා patent බලපත්‍රයක් ලබා ගනියි.

      1892 අගෝස්තු 13 වැනිදා වහල් සේවකයකු ව සිට පසුව නිදහස ලැබූ ඇමෙරිකානුවා John H. Murphy ප්‍රථම අප්‍රිකානු-ඇමෙරිකන් පුවත්පත බල්ටිමෝර් හි ආරම්භ කරයි. ඔහුගේ පාඨක සංඛ්‍යාව එකල ලක්ෂයක් විය. අද දිනයේ ද පත්‍රයේ අයිතිය ඇත්තේ ඔහුගේ හතරවැනි පරම්පරාවේ ඥාතීන් ට ය.

      1894 ජනවාරි 8 වැනිදා කළු ඇමෙරිකානු Fredrick J. Loudin විසින් “Key Fastener” සඳහා ද 1892 දෙසැම්බර් 12 වැනිදා “Fastener for the Meeting Rails of Sashes” සඳහා ද patent බලපත්‍ර ලබා ගනියි.

      1896 පෙබරවාරි 4 වැනිදා කළු ඇමෙරිකානු Willie H. Johnson විසින් patent බලපත්‍රයක් ලබන්නේ “A Mechanism for Overcoming Dead Centers” සඳහා ය. 1898 ඔක්තෝබර් එය වැඩි දියුණු කිරීම නිසා ඔහුට තවත් patent බලපත්‍රයක් ලැබෙයි.

      1896 දෙසැම්බර් 8 වැනිදා දෙහි ගෙඩි (ලෙමන්) මිරිකන උපකරණයකට patent බලපත්‍රයක් ලබන්නේ J.T. White විසිනි.

      1897 පෙබරවාරි 2 වැනිදා අයිස් ක්‍රීම් බෙදන (scoop) සඳහා උපකරණයකට patent බලපත්‍රයක් ලබන්නේ Alfred L. Cralle නැමැත්තා ය. අද දිනයේ ද භාවිතා වන අයිස් ක්‍රීම් බෙදන උපකරණ ඔහු සොයාගත් මුල් උපකරණයට සමාන ය.

      1897 නොවැම්බර් 23 වැනිදා දුම්රිය පෙට්ටි එකට හප්පා එකට අමුණා ගැනීම සඳහා “Jenny coupler” නිපදවා patent බලපත්‍රය ලබන්නේ කළු ඇමෙරිකානු Andrew Jackson Beard විසිනි. ඒ සඳහා 1897 දී ඔහුට $50,000 ක් patent අයිතියෙන් ලැබිණ. ඔහුට ඇති අනිත් patents අතරට steam driven rotary engine සහ double plow අයත් වෙයි.

      පැන්සල් උල් කරන උපකරණයක් නිපදවා 1897 නොවැම්බර් 23 දා patent බලපත්‍රය ලබන කළු ඇමෙරිකානුවා John Lee Love ය.

      1897 නොවැම්බර් 23 වැනිදා “Casting Composite or Other Wheels” සඳහා වැඩි දියුණු කිරීමක් නිසා patent අයිතියක් හිමිවන්නේ E.R. Robinson ය.

      1897 නොවැම්බර් 30 වැනිදා “Device for Rolling Cigarettes” සඳහා patent බලපත්‍රය ලබන කළු ඇමෙරිකානුවා J.A. Sweeting.

      ගොල්ෆ් ක්‍රීඩාවේ ගොල්ෆ් බෝලයට පහර දෙන්නට පෙර තබන golf tee යන්නේ first U.S. patent අයිතිය හිමි වන්නේ 1899 දෙසැම්බර් 12 වැනිදා කළු ඇමෙරිකානු දන්ත වෛද්‍යවරයෙක් වූ George F. Grant ට ය.

      1923 නොවැම්බර් 20 වැනිදා මහා මාර්ග සංඥා ක්‍රමයක් නිපදවා patent අයිතිය හිමි කරගන $40,000 කට General Electric Corporation වෙතට තාක්ෂණය විකුණන්නේ කළු ඇමෙරිකානු Garrett Morgan විසිනි.

      1970 පෙබරවාරි 12 වැනිදා Joseph Louis Searles III කළු ඇමෙරිකානුවා New York Stock Exchange හි ප්‍රථම කළු ඇමෙරිකානු සාමාජිකයා වෙයි.

      • kashyapa said, on පෙබරවාරි 6, 2013 at 10:55 පෙ.ව.

        ඉතින් ඔය ඔක්කොම කලු මිනිසුන්ගේ දක්ශතාවයට ලැබුනු දේවල්නෙ…නැත්නම් සටන් කරල දිනා ගත්ත දේවල්නෙ……..මම අහන්නේ..1776 දී ඔච්චර ලස්සන නිදහස් ප්‍රකාශනයක් හදපු ඇමරිකවේ 1955 වෙනකන් කල්ලන්ට සුද්දො එක්ක බස් එකේ එකට යන්න බැරි උනේ …ස්වදේශිකයන්ගෙ ඉඩම් කොල්ල කෑවෙ…… හරි අපූරු නිදහසක්නේ තිබිල තියෙන්නේ නේද කියලයි. …..

        අනිත් එක කොහෙවත් නැති ලේබල් අලවන්නේ මමද ඔයාද කියල ඔයා ලියපු උත්තරය ආපහු කියවල බලනවද කරුනාකරල නිකම් බයිල කියන්නේ නැතුව…

        ඇමරිකන් ධනවාදයේ උත්කෘශ්ඨය (හික්) මේ ලෝකෙ ගෙනියන්නේ කොහාටද කියල දැනගන්න ඒක වෙනුවෙන් කුලියට ලියන ඔයාගෙන් ටියුශන් ගන්න මට ඔනෙකමක් නැහැ කොහොමත්.

        • arunishapiro said, on පෙබරවාරි 6, 2013 at 11:55 පෙ.ව.

          kashyapa,

          ඇමෙරිකාවේ සුදු අයටත් නිකම් ලැබිච්ච දෙයක් නෙමෙයි නිදහස. සුදු අය අතරත් ප්‍රවේණි දාසයන් ලෙසින් ඇමෙරිකාවට යුරෝපයෙන් ගෙනෙනු ලැබූ අය සිටියා යැයි ඔබ දන්නේ නැතිවා වෙන්නත් පුලුවන්. යටත්විජිත ඇමෙරිකානුවන් තම දක්ෂතාවයෙන් සටන් කරලා දිනාගෙන, අධිරාජ්‍යවාදීන් ගෙනැත් දාපු ප්‍රවේණි දාසයන් සහ වහල් අයත් එක්කත් බෙදා ගත්තේ සත්‍ය සමානාත්මතාවයෙන් යුතු නිදහසයි. Frederick Douglass came to agree with Smith and Lysander Spooner that the United States Constitution was an anti-slavery document.

          නිදහස යන්න ඉබේ පහළ වූවක් නොවේ. නිදහස ආරක්ෂා කරගැනීම ද ඉබේ සිද්ධ වෙන්නක් නොවේ.

          දේශපාලන වාසි වලට ජාතිවාද අරගල දියත් කරන්නේ අරයාගෙන් අරගෙන මෙයාට බෙදලා දෙන්න තමන් දන්නවා කියල හිතන සමාජවාදී සැලසුම් අගයන අයයි. ඔවුන් නිසා හිස එසවූ ජාතිවාදයේ දී කළු ජනතාව හා එක් වී ඔවුන්ගේ අයිතීන් යළි ස්ථාපිත කරන්නට සහාය දුන් සුදු අයත් (රොබට් කෙනඩි, වර්ජීනියා ඩර්, James Peck, James Zwerg වැනි අය රෝසා පාර්ක්ස් හා මාටින් ලුතර් කින්ග් වැනි අය සමඟ අතිනත ගෙන සිවිල් අයිතීන් ව්‍යාපාරයේ සිටියා යැයි උවමනාවක් ඇත්නම් කෙනෙකුට සොයාගත හැකියි.

          එහෙම උවමනාවක් නැති අය තමන්ට ඕනෑ කොටස විතරක් අරගෙන ඇමෙරිකාවට බැන බැන තමන්ගෙ දොර පිළිකන්නේ තියෙන ජාතිවාදය දකින්නේ නැහැ.

          විචාරය මිනිසා වෙතින් ගිලිහී යද්දී, අයිතීන් මොනවා ද, සටන් වැදී දිනාගත් අයිතීන් ආරක්ෂා කරගන්නේ කෙසේද, යනාදිය දන්නේ නැති අය නිසා නැවත නැවතත් ජාතිවාද බිහිවෙනවා ඒ අය මුලාවෙන් රවටන්නට උත්සාහ කරනා අයගේ උප්පරවැටි වලට හසුවෙද්දී.

          ඉතින් ඒ නිසා සත්‍ය නිදහස වෙනුවෙන් පෙනී ඉන්නට හැමදාම ඒ වෙනුවෙන් කැප වූ කොට්ඨාශයක් ලොව සිටිය යුතුමයි.

          වාමාංශිකයන්ගේ වාමාංශික හැදියාව කීම ලේබල් ඇලවීමක් නෙමෙයි, ඔවුන්ම උජාරුවෙන් ප්‍රදර්ශනය කරන ලේබල් එක කුමක්දැයි කියා පෙන්වා දීමයි!!!!

          //ඔයාගෙන් ටියුශන් ගන්න මට ඔනෙකමක් නැහැ // ඇයි මෙහෙ එන්නෙ? ඇයි මේවාට ප්‍රතිචාර දාන්න උත්සාහයක් ගන්නේ? (උත්තර ඉල්ලන ප්‍රශ්න නෙමෙයි!!!)

          • Uditha Meegahathenna (@UdithaMe) said, on පෙබරවාරි 6, 2013 at 4:07 ප.ව.

            @kashyapa
            දැන් අද ලංකාවේ පන්සිල් පද උදේ හවා කියනවා නිතර බණ දහම් අහනවා කවුරුත් ඒවා පිළිපදිනවද? නැහැනේ ඉතින් මේ බුදු වදන් දැන් ලංකාවේ අද දවසේ ප්‍රයෝගික දෙයක් නොවුනා කියල එකෙන් බුදුන් දෙසුව පන්සිල් පද පහ වැරදි දෙයක් වෙනවද? ලාංකිකයා දිහා බලල බුදු වදන් වැරදියි කියන්න පුලුවන්ද?
            මොකද්ද ඔබේ තර්කය? පහුගියදා අනන්ත වාරයක් ජනාධිපතිවරණයට එක පුද්ගලයාට තරඟ කරන්න පුළුවන් මහා නවීනතම දියුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවසා දරාගෙන ඉන්න මිනිස්සුන්ට ලැජ්ජාවක් තියනවනම් රෝසා පාර්ක්ස් හා මාටින් ලුතර් වැනි නම් ලියන්නවත් පුලුවන්ද? තමන්ගේ ඇහේ පොල් පරාල අයින් කරගෙන අනුන්ගේ ඇස් වල රොඩු ගැන හොයන්න නැත්නම් අන්ධ වෙයි.
            2013 දී රජ පවුලක් යටතේ ඉන්න වහල්ලු .1865 ඇමරිකාවේ තිබුන වහල් ක්‍රමයට හිනා වෙනවා.

            • kashyapa said, on පෙබරවාරි 6, 2013 at 9:33 ප.ව.

              @උදිත, උදිත කියන්නෙත් මම කියන එකමනෙ ලංකාවෙ බුද්ධාගම තිබ්බත් සිද්ද වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත ඒ වගේ ඇමරිකාවෙ මහා නිදහස් ව්‍යවස්තාවක් තියෙනව කිව්වත් (අරුනිට අනුව )සිද්ද වෙන්නෙ වෙන දේවල්…ඒකනෙ මම ඕක මහින්ද චින්ත්නේ වගෙ කිව්වෙ….කොල කෑලිවල ලස්සන වචන තියෙනව ඒත් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත…ඉතින් ඔයා කියන්නෙත් මම කියන එකම හින්ද අරුනිට කඩේ යන එක නවත්තලා ඔයාට පුලුවන් ඕන්නම් මට කඩේ යන්න …

              ඔයා වගේම අනන්ත වාරයක් ජනාධිපති වෙන්න පුලුවන් ව්‍යවස්තා සංශෝදනයට මමත් විරුද්දයි ඉතිං අපිදෙන්නටම රෝසා පාකර් ගැන ලියන්න පුලුවන් මගෙ හිතේ…..පොල්පරාල තියෙනවනම් ඒකත් අපි දෙන්නටම එකවගේ…මොකද ඕක සම්බඳයෙන් අපි දෙන්නම එකම ත්ත්වයෙ ඉන්නෙ.
              2013 ලංකාවෙ විතරක් නෙමෙයි මුලු ලෝකෙම ඉන්නේ මේ පවතින ජඩ සිස්ටම් එකේ වහල්ලු ඉතින් එත්නදිත් අපි දෙන්නම ඉන්නෙ එකම බෝට්ටුවෙ……මාරයි නේද ඔයා නිකන් නැතිවෙල ඉදලා හම්බවුනු අයියා වගේනෙ මට බදාගන්න හිතෙනව

              • arunishapiro said, on පෙබරවාරි 6, 2013 at 9:48 ප.ව.

                kashyapa,

                //1865 ඇමරිකාවේ තිබුන වහල් ක්‍රමයට හිනා වෙනවා.// කියලා උදිත ලියලා තිබ්බ ටික දැක්කෙ නැද්ද? මේ 2013 බව දැනගන්න කැලැන්ඩරයක් වත් හොයාගෙන බලන්න.

  3. magenama said, on පෙබරවාරි 7, 2013 at 4:28 පෙ.ව.

    ප්‍රායෝගිකව මොකක් වුනත් වඩා වැදගත් වෙන්නෙ ඒ වෙන දෙයට රටක නීතිය මඟින් ලබා දීලා තියෙන ආවරණය මොකක්ද කියන එක,නිකමට හිතමු දෙවන ලෝක යුද්ධය කාලේ ජර්මනියේ සිදු වුන දේවල් වැරදියි කියලා අපි හැමෝම වගේ පිලි ගන්නවා.(වධ කදවුරු).ඒත් වඩා භයානක කරුන එව්වා ඒ කාලේ නීතිය තුලින්ම ගිහිල්ලා කරපු එක. අනික මහින්ද චින්තනය කියන්නෙ පක්ශයක ප්‍රකාශයක්.ව්‍යවස්තාවක් කියන එක ඊට වඩා සංකීර්නයි….නේද?(මං මේ කියන්නේ චින්තනය හොඳයි..ව්‍යවස්තාව හොඳා…………යි කියලා නෙමේ,හොඳේ………….)

    • arunishapiro said, on පෙබරවාරි 7, 2013 at 7:47 පෙ.ව.

      magenama,

      යමක් වැටහෙන්නේ එය කුමක් දැයි වටහා ගන්න උවමනාවක් ඇති අයට පමණයි. වටහා ගන්න උත්සාහයක් නැති අය ජර්මන් holocaust පවා සිද්ධ වූයේ නැතැයි කියනවා.

      මම මහින්ද චින්තනය කියවා නැති නිසා ඒ ගැන කතා නොකරමි. කතා කරන්නේ දන්න දේවල් ගැන පමණයි!!! 😀

      ඔව් ඔබ හරි, එය මැතිවරණයක් වෙනුවෙන් ඉදිරිපත් කළ පක්ෂ පොරොන්දු ප්‍රකාශනයක් මිස රටේ ව්‍යවස්ථාව නෙමෙයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: