අරුණි ශපීරෝ‍ වෙතින්

විචාරය සහ මෝහය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 9, 2013

Thomas Paine

විචාරය (reason) සහ මෝහය (ignorance) එකිනෙකට පරස්පරය. බහුතර මිනිස් ප්‍රජාව බලපෑමට ලක් කරන්නේ මේ දෙකින් එකකි. මෙයින් එකක් වැඩියෙන් ක්‍රියාත්මක වෙන්නේ ද, එය මේ දෙකෙන් කොයි එක වුවත් කම් නැත, ඒ රටේ ආණ්ඩුව ලෙඩ නැතිව දුවන මැෂිමක් සේ කාර්යක්ෂමව ක්‍රියා කරයි.

විචාරය එයටම අවනත වෙයි. මෝහය එයට ආඥාදායකත්වය දුන්නට යටත් වෙයි.

ලෝකයේ ඇති ආණ්ඩුක්‍රම අතර පැවැත්මට ඉඩක් ඇති පද්ධති දෙකකි.

පළමුවැන්න, ජනතාව වෙතින් තෝරා පත් වී ජනතාව නියෝජනය කරමින් ආණ්ඩු කිරීමයි.

දෙවැන්න, පරම්පරා උරැමයෙන් ආණ්ඩු කිරීමයි.

පළමුවැන්න සාමාන්‍යයෙන් සැලකෙන්නේ ජනරජයක් කියාය. දෙවැන්න රාජාණ්ඩුවක් හෝ වංශවතුන්ගේ (aristocracy) ආණ්ඩුවක් යැයි සාමාන්‍යයෙන් සැලකෙයි. එහෙත් පරම්පරාගත වංශවතුන් පරදවා ජනතා බලයට ප්‍රමුඛත්වය දෙන්නම් යැයි පාරට්ටු බෑ කොමියුනිස්ට් ලෝකයේ ෆිඩෙල් කැස්ත්‍රෝ 1961 සිට 2011 දක්වා පාලනයේ සිට අනතුරුව සිය සහෝදර රවුල් කැස්ත්‍රෝට 2011 දී පාලන බලය උරුම කළේය. උතුරු කොරියාවේ කිම් ඉල්-සුන් 1948 සිට 1994 දක්වා බලයේ සිට එය උරුම කළේ පුතා කිම් යොන්ග්-ඉල් ට ය. ඔහු 1994 සිට 2011 දක්වා බලයේ සිට එයාගේ පුතා වූ ද, අනෙකාගේ මුණුපුරා වූ ද කිම් යොන්-ඉල් ට 2011 දී බලය උරුම කළේය.

ආණ්ඩුවකින් කෙරෙන කාර්යභාරයන් ඉටුවෙන්නට නම් කුසලතා හා හැකියාවන් ඇති පුද්ගලයන් සිටිය යුතුයි. එය උරුමයෙන් පමණකින් ලැබෙන්නේ නැත. උරුමයෙන් පැවත එන ආණ්ඩුවක් සාර්ථක ආණ්ඩුවක් යැයි පිළිගන්නා අය තුල විචාරයට ඉඩක් නැත. එවැනි අය තුල ඇත්තේ මෝහයයි. මෝහයෙන් පිරුණු පුරවැසියන් වැඩියෙන් සිටිනා විට, උරුමයෙන් දායාද වන ආණ්ඩුවක පැවැත්ම ස්ථිරසාරය.

ඊට පටහැනි ලෙසින්, ව්‍යවස්ථාදායකව නිර්මාණය කරන ලද ජනරජයක් ස්වභාවයෙන්ම ඉල්ලන්නේ එහි පුරවැසියන් තුලින් විචාරයකි. එවැනි ජනරජයක ආරම්භයට, එහි පැවැත්මට, එහි ක්‍රියාකාරීත්වයට යන සියල්ලටම විචාරය වැඩියෙන් තිබෙන පුරවැසියන් අවශ්‍ය වෙයි. එවැනි ආණ්ඩුවක පැවැත්ම රඳන්නේ එහි මෙහෙය වඩාත් හොඳින් හඳුනාගන්නට හැකියාව හැකි පුරවැසියන් සිටින්නේ නම් පමණි. එහි මෙහෙය වඩාත් හොඳින් හඳුනා ගන්නට නම් පුද්ගලයන් තුල පවතින මෝහයට වඩා වැඩියෙන් විචාරය තිබීම අත්‍යාවශ්‍යයයි.

එකක් නිදහස් ලෙසින් පැවතෙන්නේ විචාරයේ සහායෙන්. අනෙක යටහත් ලෙසින් පැවතෙන්නේ මෝහයේ සහායෙන්.

මේ දෙකම මිශ්‍ර වූ ආණ්ඩුවක්? අහෝ, එවැනි ආණ්ඩුවක් ඉදිරියට යන්නේ දූෂණයේ (corruption) බලයෙන්. මිශ්‍ර ආණ්ඩුවක දැකිය හැකි උරුමයේ හැදියාවට කරච්චල් කන්දොස්කිරියාවල් කරන්නට ජනරජයේ හැදියාව ඉදිරිපත් වෙද්දී, විචාරය අල්ලස් සහ දූෂණයෙන් මිල දී ගන්නට සිද්ධ වේ. මිශ්‍ර ආණ්ඩුවක් ඒ නිසා අසාර්ථක වූවකි. පැවැත්මකින් තොර වූවකි. එවැනි ආණ්ඩුවකට තම පැවැත්ම ආරක්ෂා කරගන්නට නම් එක්කෝ ජනරජයක් කරා විචාරයෙන් යා යුතුය, නැත්නම් මෝහයෙන් උරුමයට යා යුතුය.

මේ අදහස් Thomas Paine ලියූ The Rights of Man (1792) කෘතියෙන් තව දුරට කියැවිය හැකියි. 1737 සිට 1809 දක්වා ජීවත් වූ තෝමස් පේන් 1774 දී ඇමෙරිකාව බලා ආ ඉංග්‍රීසි ජාතිකයෙකි. දේශපාලන දාර්ශනිකයෙක් වු හෙතෙම මිනිසා සතු “ස්වභාවික අයිතීන්” (natural rights) මොනවා දැයි විග්‍රහ කළේය. ඔහු ආණ්ඩුවේ ක්‍රෑර පාලනයෙන් (governmental tyranny) නිදහස් වෙන්නට යැයි ඒකීය පුද්ගලයන්ව උනන්දු කළ අයෙකි.

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. Naleen Dilruksha said, on පෙබරවාරි 9, 2013 at 3:38 ප.ව.

    පිදෙල් ක්‍රැස්තෝ යනු දේශපාලන අර්ථයෙන් නොව නායකයෙක් යන්න ගැන ඔබ දරන මතය කිමෙක් ද?

    • arunishapiro said, on පෙබරවාරි 9, 2013 at 4:16 ප.ව.

      Naleen Dilruksha,

      තමන්ගේ නායකයා වෙන කිසිවෙක් නොව තමා යැයි මම දරන මතයයි. මම හැම පුද්ගලයෙක් තුලම ඇති සුවිශේෂී වූ දක්ෂතාවයන් දකින්නට හැකියාව ඇත්තෙක්මි.

      සමහර අයට අනුන්ව ගොනාට අන්ඳවන්න ආශ්චර්යය උපදවන කුසලතාවයක් ඇත. ෆිඩෙල් කැස්ත්‍රෝ වනාහි එය ‘කෙළ පැමිණියෙක්’ (කටේ කෙළ නෙමෙයි!!!). අද ඇමෙරිකන් ජනාධිපති බරාක් ඔබාමා ද ඊට ඉතා දක්ෂ වූවෙක්. එහි දී ඔවුන් හා තරඟ කරන අනෙක් ‘නායකයන්’ කියා ගන්නා අයගේ මහත් දුර්වලතාවයන් හා සසඳද්දී ඔවුන් අති දක්ෂ යැයි පිළිගන්නෙමි. ඒ නිසා එහෙත් ඔවුන් පිළිබඳ ගෞරවයක් මා තුල නැත. මිනිසුන් රවටන කිසිවෙක් ගැන ගෞරවයක් මා තුල නැති නිසාය.

      නායකයන් යැයි අගය කරන්නට අයෙක් කැමැත්තේ නම් මෙන්න උදාහරණයක්. එහෙත් මෙයා ද මගේ පොතේ ලියැවෙන්නේ යහපත් උදාර පුරුෂයෙක් කියා පමණි.

  2. Yasiru Udana said, on පෙබරවාරි 9, 2013 at 11:34 ප.ව.

    හොද ලිපියක් යාළුවා.අපේ පැත්තෙත් ඇවිදින් යන්න http://sinhapedia.blogspot.com

  3. Naleen Dilruksha said, on පෙබරවාරි 10, 2013 at 5:00 පෙ.ව.

    බොහොම ස්තුතියි පිළිතුරට

  4. ashan kosala said, on පෙබරවාරි 10, 2013 at 1:47 ප.ව.

    kaalinawa ithama wadagath lipiyak aruni shapiro mahathmiyani

  5. wicharaka විචාරක said, on පෙබරවාරි 11, 2013 at 9:26 පෙ.ව.

    හැමදාම මෝහයේ ගිලී ඉන්න, තට්ටු මාරු ක්‍රමයටම හුරුවූ, අපේ රටේ මෝඩ සහ අහිංසක මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. මොවුන් ඒ මෝහයෙන් ගලවාගන්නට, ඔවුන්ගේ චින්තන ශක්තිය වර්ධනය කරන්නට ක්‍රියාකරන පැහැදිලි බලවේගයක් තවම නැහැ.

  6. Surendra Fernando said, on නොවැම්බර් 8, 2014 at 7:43 ප.ව.

    ලංකාවේ සිටින මෝහයේ ගිලී සිටින වැඩිදෙනෙක් එයින් ගලවා ගන්න තියෙන මාර්ගය පන්සලයි , මොකද අපේ මිනිස්සු බොහෝ දෙනෙක් (මෝහයේ ගිලුණු ) සිවුරක් දමා ගත්තු කෙනෙක් කියන දෙය අවිවාදයෙන් පිලිගන්නවා , නමුත් පන්සලත් අද වැඩිපුරම දෙසපලකයින්ගේ දොළ පිදීනි වලට යට වෙලා ,එම නිසා අපේ මිනිස්සු කවදා ගොඩ ඒවිද කියා සිතන්න බැහැ , මෝහයේ ගිලුන අය ගොඩ ගත හැක්කේ පරාර්ථකාමී ආගමික නයකයින්ටයි .

    • arunishapiro said, on නොවැම්බර් 9, 2014 at 3:17 ප.ව.

      Surendra Fernando,

      මෝහයෙන් ගැලවීමේ මාර්ගය ඇත්තේ තමන් අත. පන්සලක හෝ පල්ලියේ සහාය ඊට ලබාගන්නවා දැයි තෝරා ගැනීම ඇත්තේ තමන්ගේ අතේ.

      හැම දෙයකින්ම ගොඩ යන්න නායකත්වයක් හොයන එකෙන් ගැලවෙන්න කාලේ හරි.

      හැකියාවක් ඇත්නම් Joyeux Noël (2005) ප්‍රංශ චිත්‍රපටිය බලන්න. එහි ඉංග්‍රීසි උපරැසි යොදා තිබෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: