අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨතම ඇන්ටි-මොනොපොලිස්ට් වූ කොරනේලියස් වැන්ඩබිල්ට්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 11, 2013

waiting-for-a-smaller-boat1800 ගණන් වල මුල් කාලයේ යාන්ත්‍රීකරණයට භාජනය වූ හුමාලයෙන් දුවන නැව් කර්මාන්තයට ආණ්ඩුව මැදිහත් වීම නිසා දේශපාලන ව්‍යවසායක වූ හා වෙළඳපොල ව්‍යවසායක වූ යැයි දෙකොටසක් බිහි වූහ. එවක ලොව ප්‍රමුඛයන් වූ බ්‍රිතාන්‍යය හා තරඟ කරන්නට නම් දේශීය අයට සහනාධාර දී රටේ ව්‍යාපාර නඟාලිය යුතු යැයි කට්ටියක් කීහ. අනෙක් කට්ටිය කීවේ අපි තවම අලුත් රටක්. පොඩ්ඩක් ඉඩදෙන්න මෙයාලට තමන්ගේ දක්ෂතා පෙන්වන්න කියල. දේශපාලන ව්‍යසායකයන් නම් ආණ්ඩුවේ ආධාර ලබාගත් අයයි. වෙළඳපොල ව්‍යවසාකයන් වූයේ අනගි බඩුවක් නිර්මාණය කර අඩු මිලට සපයන්නට හැකි වූ අයයි.

කිසිම ව්‍යවසායකයෙක් තනිකරම එක පැත්තකට සීමා නොවූවත් පැහැදිලිවම ඉන්නේ කොයි පැත්තේ දැයි දකින්නට හැකිවිය.

19 වැනි සියවසේ සහ 20 වැනි සියවසේ ධනවාදීන් සියල්ලන්වම “වංශාධිපති පල්හොරු” යැයි එක ගොඩට දමා ලේබල් ඇලවීම නිසා අවංක ව්‍යවසායකයා සහ ‘ආණ්ඩුවේ සහායෙන් කොල්ල කෑ’ ව්‍යවසායකයා අතර වෙනස පැහැදිලි නොවෙන නිසා ඒ වෙනස පෙන්වා දෙන්නට අනගි උත්සාහයක් බර්ටන් ඩබ්ලිව්. ෆොල්සොම් අතින් 1987 දී ඉටු වී ඇත. අද මේ පොත ඉතිහාසය, ආණ්ඩුක්‍රමය හා අර්ථ ශාස්ත්‍රය හදාරන අයගේ පරිහරණයට එකතු වූවකි.

නිව් යෝර්ක් හි පළමුවෙන්ම හුමාලයෙන් දුවන නැවක් හදා එය ප්‍රවාහනයට යොදා ගත්තා යැයි සැලකෙන්නේ රොබට් ෆුල්ටන් නැමැත්තාවය. 1807 දී හඩ්සන් ගඟ දිගේ ඉහළට ඔහුගේ ක්ලෙයාර්මොන්ට් නැමති නැව පැයකට සැතපුම් හතරක් වේගයෙන් ඇදී යාම නිසා ප්‍රවාහනයට, අලෙවිකරණයට හා නගර ඉදි කරන්නට නව මාවත් බිහිවිය. ඔහු නිව් යෝර්ක් ප්‍රාන්තයේ නැව් ප්‍රවාහන මොනොපොලියේ අයිතිකරුවාය. නිව් යෝර්ක් ආණ්ඩුවේ නීති සම්පාදයකයන් ඔහුට වසර තිහකට නිව් යෝර්ක් හි සියළු හුමාලයෙන් දුවන නැව් කටයුතු සඳහා වරප්‍රසාදයක් හිමිකර තිබුණි.

නිව් ජර්සි ප්‍රාන්තය යාබදව පැවතෙන්නයි. එහි වාසය කළ තෝමස් ගිබන්ස් නැමැත්තා උත්සාහ ගත්තේ දේශපාලන ව්‍යසායක රොබට් ෆුල්ටන්ගේ මොනොපොලිය හා තරඟ වදින්නට හැකිදැයි විමසන්නට. 1817 දී ඔහු වයස 11 දී සිට සිය පියා යටතේ සේවය කරමින් සිටි කොර්නේලියස් වැන්ඩබිල්ට් නම් 23 හැවිරිදි තරුණයාට රස්සාවක් දෙන්නේ නිව් යෝර්ක් මොනොපොලියේ අය කරන මිලට අඩුවෙන් ප්‍රවාහන පහසුකම් සපයන්නට හැකිදැයි සොයන්නට.

කොර්නේලියස් වැන්ඩබිල්ට් වෙළඳපොල ව්‍යවසායෙකි. “නිව් ජර්සි නිදහස් විය යුතුයි,” යනුවෙන් ලියූ කොඩියක් රඳවා ගත් වැන්ඩබිල්ට් 1817 දී දවස් හැටක කාලයක් එලිසබෙත්, නිව් ජර්සි සිට නිව් යෝර්ක් නගරයට වඩා ඉක්මණින් හා වඩා අඩු මිලකට මගීන් ප්‍රවාහනයට සමත් විය. අඩු මිලකට ඉක්මණින් යා ගත හැකි නිසා ඔහුගේ නැවට ගොඩ වූ අය කෙමෙන් කෙමෙන් වැඩි වූහ.

නිව් යෝර්ක් ප්‍රාන්ත අවසරය නොමැති වූ නිසා ඔහු කළේ නීති විරෝධී ව්‍යාපාරයකි. ඔහුව නීතිය හමුවට ගෙන එනු ලැබීය.

1824 දී Gibbons v. Ogden නඩුව ඇසූ සුපිරි විනිසුරු ජෝන් මාෂල් ඇමෙරිකන් ඉතිහාසයට සටහනක් එකතු කළේය. ප්‍රාන්ත ආණ්ඩු වලට ප්‍රාන්ත අතර වෙළඳාම රෙගුලාසි කරනු නොහැකියි, එය කළ හැක්කේ ෆෙඩරල් ආණ්ඩුවට පමණි කියා ඔහු තීන්දුවක් දුන්නේය. මෙතෙක් යටත් වූ ප්‍රාන්ත ආණ්ඩුවේ මොනොපොලියෙන් මිදී සතුටට පත් නිව් යෝර්ක් වැසියන් වහාම ජෝන් මාෂල් නමින් නැව් දෙකක් දියත් කළහ.

නඩු තීන්දුවෙන් පසු පළමු වසර තුල දී ඔහායෝ ගඟේ නැව් දිවීම දෙගුණයකින් ද, වසර දෙකකට පසුව එය හතර ගුණයකින් ද වැඩි විය. වෙළඳපොල ව්‍යවසායකයාගේ ජයග්‍රහණයෙන් නැව් ඉදිකරන තාක්ෂණයේ දියුණුවක් ඇතිවිය. එතෙක් ෆුල්ටන්-ලිවින්ග්ස්ටන් ගේ උවමනාවන්ට අනුව පමණක් නැව් හදපු අයට දැන් නව අදහස් අනුව නැව් හදන්නට නව මූල ධනය ආයෝජන විය. ඒ නව අදහස් අතර ෆුල්ටන් අය පාවිච්චි කරමින් සිටි කොපර් බොයිලේරු වෙනුවට tubular බොයිලේරු යොදා ගැණින. අලුත් බොයිලේරු සඳහා anthracite coal හොඳින් වැඩ කරන බව ද සොයා ගැණින. එතෙක් පාවිච්චි කරමින් සිටි cordwood අත්හැර දැමීමෙන් ඔවුන්ගේ ඉන්ධන වැය බාගයකින් අඩුකරගත හැකියාව ලැබිණ.

ෆුල්ටන් මොනොපොලියේ අහෝසිය සමඟින් නැව් ප්‍රවාහන මිල අඩුවිය. නිව් යෝර්ක් නගරයේ සිට ඇල්බනි නගරයට යන්නට මගියන් වෙතින් අය කෙරුනු ඩොලර් හත නඩු තීන්දුවෙන් පසුව ඩොලර් තුන දක්වා පහළ බැස්සේය. ෆුල්ටන් ව්‍යවසායකයන් අඩු මිල ගණන් යටතේ සේවා සපයන්නට නොදත්තේ මොනොපොලියක් ලාබ ලබන්නට පමණක් හුරු පුරුදු වී සිටි නිසයි. ගිබන්ස් සහ වැන්ඩබිල්ට් දෙදෙනා 1820 ගණන් අග භාගයේ දී හැම වසරකම පාහේ ඩොලර් හතළිස්දාහක ලාබයක් සොයන්නට සමත් වූහ.

වෙළඳපල නිදහස් වීමෙන් සහ භාණ්ඩ හා සේවා නිෂ්පාදකයන් වැඩි වීමෙන් අනගි බඩු අඩු මිලට ලැබෙන්නේ එසේය.

පුද්ගල අයිතිය ගැන කළින් ලියූ සටහනක මේ කොරනේලියස් ගැන සඳහනක් කළෙමි. ඔහුගේ මුනුපුරා හැදූ මන්දිරයේ පින්තූර පහත.

දේශපාලන ව්‍යවසායකයෙක් නොවී, වෙළඳපොල ව්‍යවසායකයෙකු වූ වැන්ඩබිල්ට්, පසුව ඔහු සේවය කළ ගිබන්ස් ගෙන් සමුගෙන, හුමාලයෙන් දුවන නැව් දෙකක් මිලට ගෙන ස්වයං ව්‍යාපාරිකයෙකු විය. 1830 ගණන් වෙද්දී ඔහු ඊසාන දිග ප්‍රාන්ත පුරා නව වෙළඳ මාර්ග බිහි කරන්නට සමත් විය. ඔහුගේ පරමාර්ථය වූයේ කඩිනම් හා අඩු මිලට විශ්වාසදායක සේවයක් සැපයීමයි. නිව් යෝර්ක් සිට ෆිලඩෙල්ෆියාවට යන්න අය කළ සම්මත ඩොලර් තුනේ ටිකට් පත ඩොලරයකට ගෙනෙන්නට ඔහු සමත්විය. නිව් බ්‍රන්ස්වික් සිට නිව් යෝර්ක් නගරයට එන්නට ඔහු සත හයක් ද නොමිලේ ආහාර වේල් ද සැපයීය.

“මේ, මගියෙකුට පයින් යනවාට වඩා සල්ලි ඉතුරු කරගත හැකි කාලයක්,” යැයි Niles නම් වූ පුවත්පත කියා සිටියේය.

ඔහු ලද ලාබයෙන් වැන්ඩබිල්ට් කරන්නේ වඩා විසාල හා වඩා වේගයන් යා හැකි නැව් මිල දී ගැනීමයි. නිව් යෝර්ක් නගරයේ සිට ප්‍රොවිඩන්ස්, රෝඩ් අයිලන්ඩ් දක්වා ගමන් කරන්නට අය කරන ලද ඩොලර් අට, ඩොලර් හතරක් දක්වා අඩු කරන ඔහු අනතුරුව එය ඩොලරය දක්වා අඩු කරන්නට සමත් වෙයි. නිව් යෝර්ක් හි Evening Post පුවත්පත “රටේ ඉන්නා ශ්‍රේෂ්ඨතම ප්‍රායෝගික ඇන්ටි-මොනොපොලිස්ට්,” යැයි ඔහුව හැඳින්වීය.

මිල අඩු කරන යුද්ධ වල දී ඔහුගේ තරඟකරුවන් සමහර අවස්ථාවල දී ඔහුගේ නැව් මාර්ග මිලට ගත්තේය. සමහර විට ඔවුන් බංකොළොත් වූ නිසා ඔවුන්ගේ නැව් මාර්ග වැන්ඩබිල්ට් සතු විය. දේශපාලන ව්‍යවසායකයෙක් හා වැන්ඩබිල්ට් තරඟ කළ ආකාරය පහත විඩියෝවේ ඉතිහාස මහාචාර්යවරයා කදිමට පැහැදිලි කරයි.

“මට අනිත් අයට වඩා 20% කට අඩුවෙන්, එයා කරන ලෙසින්ම සේවාව සපයන්නට නොහැකි නම්, මම නැවෙන් බහිනවා,” -වැන්ඩබිල්ට්

Burton W. Folsom, Jr. ලියූ The Myth of the Robber Barons (1987) පොතෙන් ඇමෙරිකාවේ සිටි තවත් විශිෂ්ඨ වෙළඳපොල ව්‍යවසායකයන් ගැන කියැවිය හැකියි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. naleendilruksha said, on පෙබරවාරි 11, 2013 at 12:54 ප.ව.

    අගනාම ලිපියක්….තරගකාරීත්වය භාණ්ඩයක මිල අඩුකරනවා තමයි. පැරසිටමෝල් පෙත්ත සත ගණනක් වෙද්දි පැනඩෝල් පෙත්ත අද 1.50කි. මේ විදෙස් උදාහරණවලට වඩා අපේ රටේ කර පෙන්විය හැකි ප්‍රායෝගික උදාහරණයක් දෙන්න හැකිද?

    • arunishapiro said, on පෙබරවාරි 11, 2013 at 3:46 ප.ව.

      naleendilruksha,

      ස්තූතියි.

      ලංකාවේ ඛනිජ තෙල් බෙදන්නෙ (ලංකාවේ තෙල් වෙළඳාමක් නැහැ!!) පාඩු ලබමින්. මම මේ ළඟ දී ලංකාවේ පත්තර වලින් කියවපු විස්තර වලින් දැනගත්ත තොරතුරු අනුවයි ඒ. අනේක වූ සහනාධාර ක්‍රම වලට ගැලපෙන්න සංකීර්ණ තෙල් මිල සූත්‍ර හදන්න යන්නෙ නැතිව, රජයටත් සමහර පුද්ගලික අංශ වලටත් දෙන ඔක්කොම සහනාධාර ඉවත් කළොත් හැමෝගෙම තෙල් මිල අඩුවේවි. පාරිභෝගිකයා රවටමින් තෙල් ලාබෙට දෙනවා යැයි කියමින් අනාගත පරම්පරාවල ඉපදෙන්න ඉන්න අයවත් ණය කරන්නෙ නැතිව තෙල් වලට ඇති පාරිභෝගික ඉල්ලුම අනුව පමණක් තෙල් විකුණන්න පටන් ගන්න එක වහාම කළ යුතු වූවක්. මුලින් මිල ඉහළ ගිහින් වැඩි කාලයක් නොගිහින් ආපහු මිල අද තියෙනවාටත් වඩා පහළ යාවී. මොකද සැබෑ මිලට මිල දී ගන්න සිද්ධ වුනාම පාරිභෝගිකයා නාස්තිය අවම කරලා අරපිරිමැස්මට ඉක්මන් වෙන නිසා.

      • Uditha Meegahathenna (@UdithaMe) said, on පෙබරවාරි 11, 2013 at 4:32 ප.ව.

        ඇයි පුද්ගලික බස් ගාස්තු. රජය මිල පාලනය කරන්න කරන්න සේවාවේ තත්වය පහල යනවා මිල ඉහල යනවා. පුද්ගලික බස් ගාස්තු මිල නියම කිරීමෙන් රජය අයින් උණානම් මුලින් මිල ඉහළ ගිහින් වැඩි කාලයක් නොගිහින් ආපහු මිල අද තියෙනවාටත් වඩා පහළ යානවා ඒ වගේම එකිනෙකා හා තරඟ කරන බස් කොම්පැනි ඇතිවෙලා විධිෂ්ඨ ප්‍රවාහන සේවයක් ලාංකිකයාට කෙටි කාලයකින් දකින්න පුළුවන්. අර මුලින් වෙනස් වීමේදී ගන්න වෙන කම්පනය ගන්න කවුරුත් කැමති නෑ එකයි අපේ ජාතිය ලොවෙන් තුරන් වේගෙන යන්නේ වෙනසට ඇති බිය නිසා නැතිව මුස්‌ලිම අය වැඩිය ළමයි හදන නිසා නොවෙයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: