අරුණි ශපීරෝ‍ වෙතින්

ඇලෙක්සිස් ද ටොක්විල් ලියූ ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 12, 2013

IMG_4992

Alexis de Tocqueville මුලින්ම ඇමෙරිකාවට පය ගැහැව්වේ 1831 මැයි මාසයේ දී. අබිරහසක් විසඳන්නට. ඔහු ප්‍රංශ දේශපාලන චින්තකයෙක්. ඉතිහාසඥයෙක්.

යුරෝපීයයන්ට, විශේෂයෙන්ම ටොක්විල්ගේ රටේ, ඒ කියන්නෙ ප්‍රංශයේ අයට උවමනාව තිබ්බා මේ ලෝකෙට එකතු වෙච්ච නව ඇමෙරිකන් ජනරජය වැඩ කරන්නෙ කොහොම දැයි දැනගන්නට. මොකද එයාලට ඒ කාලයේ ‘සමානාත්මතාවය’ කියන එක වටහා ගැනීමේ ලොකු අපහසුවක් තිබ්බ නිසා. ප්‍රංශ ආණ්ඩුවට දැනගන්නට උවමනා වෙච්ච තවත් දෙයක් තමයි ඇමෙරිකාවේ දණ්ඩන පද්ධතිය ගැන. මොකද ඒ කාලේ ලෝකයේ වඩාත්ම මානුෂික දණ්ඩන පද්ධතිය තිබ්බෙ ඇමෙරිකාවේ යැයි කියන්නෙ Eric W. Plaag.

බුෂ් පුතා අතින් කෙළසී ගියාට වඩා ඉතා දරුණු ලෙසින් අද බරක් ඔබාමා රටේ දණ්ඩන යුක්තිය යන්න මුළු ඇමෙරිකන් ඉතිහාසයේම වඩාත්ම අමානුෂිකත්වයෙන් යුතු තැනට ගෙනැවිත්. එක පැත්තකින් රටේ ව්‍යවස්ථාවෙන් දී ඇති තම ආරක්ෂාව සලසා ගන්නා තුවක්කු අයිතිය උදුරාගන්න නීති ගෙනෙනවා. අනෙත් පැත්තෙන් ඩ්‍රෝන් ප්‍රහාර අනුමත කරනවා. ඔබාමා අනුමැතිය දෙන ඩ්‍රෝන් ප්‍රහාර ගැන කතාබස් කරන සමහර අය, එය හුවා දක්වන්නේ ඇමෙරිකාව කරනවා නම් ඇයි අපිටත් ඊට අවස්ථාව ලැබිය යුතු යැයි කියන අර්ථයෙන්. ඒත් නිදහස අගයන අය කියන්නෙ කවුරු කළත්, කාට කළත්, එය අයුක්තියක් බවයි.

අද යුක්තිය අවුල් වෙලා තියෙන්නේ, පසුගියදා බරක් ඔබාමා දිවුරුම් දුන් දිනයේ දී ටෙනසි කොංග්‍රස් සභික ළමා ඇලෙක්සැන්ඩර් ‘Roots’ පොත සත්‍යයක් ලෙසින් සලකා සඳහනක් කළාට, කොංග්‍රසයේ අද ඉන්නා බහුතරය ටොක්විල්ගේ Democracy in America (2003) පොත කියවා නැති නිසාත් වෙන්නත් ඇති. 😀

ඒත් ඉතින් බහුතර රටවල් එක්ක සංසන්දනය කරද්දී නම් මෙහෙ තවමත් එක මේසයේ වාඩිවෙලා ජනාධිපතිගේ පාලන ක්‍රමයේ වැරදි ඔක්කොම ලෝකයටම ඇහෙන්න කියන්න පුළුවන් රටක්. පාලකයන්ට බඩ ගාමින් වඳින්න අවශ්‍ය නැති රටක්.

විචාරය සහ මෝහය මේ දිනවල මෙහෙ දරුණු සටනක ඉන්නෙ.

ලෝකයේ ගොඩක් රටවල 2013 කියන්නෙ විචාරය සහ මෝහය අතර ගැටුම් ඇති කාලයක් යැයි දකින්න පුලුවන්. උතුරු කොරියාවේ සහ කියුබාවේ ඒ ගැටුම් නැහැ!!!! ගැටුම් නැහැයි කියන්නෙ එහි වාසය කරනා පුරවැසියාගේ ජීවිතය සතුටින් ගෙවෙනවා කියන එක ද නෙමෙයි.

ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය බිහි වූ රටට ඒ කාලයේ ම ඇවිත් කරන විමර්ශනයකින් පසු ඇලෙක්සිස් ද ටොක්විල් ලියූ පොත අද ලෝකයේ හැමෝටම වැදගත්. මේ පොත සැලකෙන්නේ සමාජ අධ්‍යයනය හා දේශපාලන ශාස්ත්‍රය ගැන මුලින් ම ලියූ පොතක් හැටියට.

යුරෝපීයයන්ට එදා දැනගන්නට අවශ්‍ය වෙච්ච අනිත් කාරණය තමයි, මෙච්චර වේගයෙන් මේ රටේ ආර්ථික දියුණුවක් පැතිරෙන්නෙ කොහොමදැයි යන්න. වේතනයට ප්‍රජාතන්ත්‍රවාදයේ බලපෑම කොහොම දැයි විමසන පරිච්ඡේදයක් ඔහු ලියනවා.

සමානාත්මතාවය පවතින ඇමෙරිකන් පර්යේෂණය සාර්ථක වේ දැයි ටොක්විල් සැක කරන හැටි පොත පුරාම දකින්නට ලැබෙන දෙයක්. සමානාත්මතාවයක් උත්පාදනය වී තියෙන හැටි දැක්කාට, එය කොච්චර දීර්ඝ කාලයක් පවත්වා ගෙන යන්නට හැකිවේ දැයි කියන්නයි ඔහුගේ සැකය. රාජාණ්ඩුවක් සහ වංශාධිපති ආණ්ඩුවක් නොමැතිව, වංශාධිපති සුළු පිරිසක් අතින් පමණක් පාලනය වෙන බලතල ආණ්ඩුවකට නැතිව, මෙහෙම පුරවැසියන් අතර රටේ බලය බෙදිලා කාලයක් යද්දී බහුතරය විසින් සුළුතරයව ක්‍රෑරභාවයකින් කරන පාලනයකට පිවිසේවි දැයි යන්න එදා ඔහු සැකයට පාත්‍ර කරන ලද්දක්!!!!

බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ප්‍රංශයේ විසූ කාලයේ ඔහු වෙත ගිය අයෙක් ඇමෙරිකාව එංගලන්තයේ රජ්ජුරුවන්ව පහ කරලා යැවු බව අසා රජෙක් නැතිව රටක් ගෙන යන්නේ කෙසේදැයි කියමින් එයාව ඇමෙරිකාවේ රජකමට සුදුස්සෙක් යැයි ලියමනක් දී ඇතැයි ‘මිනිසාගේ අයිතීන්’ පොතේ ලියන්නේ තෝමස් පේන්. නෝර්මන්ඩියෙන් නිසා සුදුසු යැයි ද, තමා Dukes of Normandy වලටත් වඩා පරණ වංශවත් පරම්පරාවකින් පැවත එන කෙනෙක් යැයි ද, එයාගෙ පෙළපතේ අවජාතක අයෙක් නැතැයි ද සුදුසුකම් හැටියට පෙනවාල තියෙනවා. නෝර්මන්ඩියෙන් එන වංශවතුන්ට එංගලන්තයේ රජකම ලැබිලා තියෙන එකත් පුර්වාදර්ශ සුදුසුකමක් හැටියට දක්වන්නෙ. ඒ offer එක ඇමෙරිකාවට යවන්න කිව්වත් බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් එය කළේ නැහැ. පිළිතුරක් දුන්නෙත් නැහැ. ටික දවසකට පස්සෙ මේ වංශවතා තවත් ලිපියක් එවනවා. ඒකෙන් කියන්නෙ එයාගෙ offer එක බාරගන්නෙ නැත්නම් එහෙම බාරගත්තෙ නැහැයි පෙන්වන්නට ලීරා තිස්දාහක් එවන්න කියලයි!!!! මෙය තෝමස් පේන් ලියූ The Rights of Man පොතේ සඳහන් වූවක්.

ඇමෙරිකාව ඉපදිලා වැඩි කාලයක් යන්නට පෙර ටොක්විල් ඇමෙරිකානුවා කවුද? කියලා අහද්දී ඔහු සෙව්වේ ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් ද? යන්නයි.

අද ලෝකයේ බහුතර රටවල් ප්‍රජාතන්ත්‍රවාදී වූවත්, ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් දැයි ඒවායේ වාසය කරන පුරවැසියන් දන්නවා දැයි සැකයි.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මැදපංතියේ බහුතරයක් විසින් ධනපති සුළුතරය ක්‍රෑරභාවයකින් පාලනය කිරීම නොවේ!!!!

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මැදපංතියේ බහුතරයක් විසින් දුප්පතුන්ට කවරදාක හෝ මැදපංතියට එන්නට නොහැකි සේ ඔවුන් ණය බරින් තැබීමත් නොවේ!!!!!

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. සඳ ශ්‍රී ජයසිංහ said, on මාර්තු 1, 2017 at 9:55 ප.ව.

    හොද ලිපියක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: