අරුණි ශපීරෝ‍ වෙතින්

ජාතික එකතුවකින් විජාතික බලවේගයන් වලින් ආරක්ෂාව ලැබේ

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 21, 2013

DONT TREAD ON ME

ජෝන් ජේ ලියූ තෙවැනි ෆෙඩරලිස්ට් රචනාව කළින් අදහස් තවත් පහදයි.

“ඕනෑම රටක ජනතාවක් (ඔවුන් ඇමෙරිකන්කාරයන් සේ බුද්ධිමත් සහ හොඳින් කරුණු කාරණා දන්නේ නම්) තමන් ගේ යහපත පිණිස යැයි කියමින් වැරදි විශ්වාස වල වසර ගණනාවක් එල්ලී සිටිනුයේ කලාතුරකිනි. 😀

ජාතික අරමුණු සඳහා පමණක් වූ බලය ඇති එක ෆෙඩරල් ආණ්ඩුවක් යටතේ තිර ලෙසින් එකතු වීම වැදගත් යැයි ඇමෙරිකානුවන් දකින්නේ මේ නිසයි. මේ ගැන තව දුරටත් සලකා බලද්දී, ඒ මතය දැරීමට හේතු සප්‍රමාණ (valid) සහ නිසැක යැයි මට වැටහේ.

බුද්ධිමත් සහ නිදහස් මිනිසුන් විවිධ ඉලක්ක කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ අතරින් පළමුවැන්න ආරක්ෂාවයි. එය නිශ්චිත ලෙසින් හා සම්පූර්ණ ලෙසින් විග්‍රහ කරන්නට විවිධ අවස්ථා, විවිධ අදහස් වලින් විවිධාකාරයෙන් පුළුවනි.

ආරක්ෂාව සම්බන්ධයෙන් කතාබහේ දී විදේශීය හමුදා වලින්, බලපෑම් වලින් සහ රට ඇතුලත ඇතිවන එවැනි අවදානම් ගැන ද සැලකිය යුතුයි. අනතුරු වලින් ප්‍රධාන වෙන්නේ විදේශයන් වලින් එන ඒවාය. විදේශීය ප්‍රචණ්ඩත්වයක දී ජාතික ආණ්ඩුවක් කාර්යක්ෂම ලෙසින් ආරක්ෂාව සපයනවා දැයි මුලින්ම විමසමු.

ලෝකයේ පැවති යුද්ධ ප්‍රමාණය, ඒවාට පාදක වූ හේතු ප්‍රමාණය සහ හේතුවල දරුණු තත්වය සමඟ සමානුපාතික වේ. ඒ හේතු වනාහී සත්‍යයක් ද, හිතින් මවාගත්තා වූවක් ද, විහින් අවුස්සා ගන්නා ලද්දක් ද, නැත්නම් කැමැත්තෙන් ආරාධනා කර ගෙන්වා ගත්තක් ද යනාදියෙන් වෙනසක් වෙන්නේ නැත. මෙය සත්‍යයක් නම් වඩා වැදගත් වෙන්නේ, වඩා යුක්ති ගරුක වූ යුද්ධ කරන්නට පෙළඹෙනු ඇත්තේ එක්සත් වූ ඇමරිකාවක් ද එක්සත් නොවූ ඇමෙරිකාවක් ද යන්නයි. එක්සත් ඇමෙරිකාවක් යුද්ධ කරන්නට හේතු අඩුවෙන් සොයා ගනු ඇත. එසේම එක්සත් රටක් අනෙකුත් විදේශයන් සමඟ සාමයෙන් කටයුතු කරන්නට වඩා කැමති වෙනු ඇත.

යුද්ධයක් පටන් ගැනීමට යුක්ති සහගත වූ හේතු වෙන්නේ තමනට කෙළින් ප්‍රචණ්ඩත්වයක්, පහර දීමක් හෝ ආක්‍රමණයක් කළ විටය. දැනටමත් විදේශයන් හයක් සමඟ ඇමෙරිකාව ගිවිසුම් වලට එකඟ වී ඇත. පෘසියාව (prussia -ජර්මන් අධිරාජ්‍යය) හැරෙන්නට අනිත් සියළුම විදේශයන්, නාවුක මාර්ග වලින් අපට කන්දොස්කිරියාවල් කරන්නට හා අනතුරු පමුණුවන හැකියාවෙන් යුතු වෙති. පෘතුගාලය, ස්පාඤ්ඤය හා බ්‍රිතාන්‍ය සමඟ දැඩි සේ වානිජ කටයුතු වල අපි නිරත වෙමු. බ්‍රිතාන්‍යයට සහ ස්පාඤ්ඤයට අපේ රටේ අසල්වැසි දේශයන් අයිතියි.

ඇමෙරිකාවේ සාමය පවත්වා ගැනීමට ඇමෙරිකාව විසින් විදේශීය රටවල්හි පවතින නීතියේ ශ්‍රීලය රැකීම ඉතා වැදගත්. ප්‍රාන්ත 13 ක් විසින් කරනවාට වඩා, සන්ධාන තුන් හතරකින් කරනවාට වඩා, මෙය එක රාජ්‍යයක් හැටියට සිද්ධ කරන්නේ නම් වඩා අපණ්ණ ලෙසින් හා කාලානුගතව ඉෂ්ට කළ හැකියි.

කාර්යක්ෂම ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත් විට, එහි සේවය කරන්නට රටේ හොඳම මිනිසුන්ව* 😀 පත්කර ගනු ඇත. නගරයකට හෝ දිස්ත්‍රික්කයකට රාජ්‍ය සේවයට මිනිසුන් ඉදිරිපත් කළ හැකිය. කෙසේ වුවත්, ජාතික ආණ්ඩුවක තනතුරු සඳහා කුසලතා සහ සුදුසුකම් ඇතැයි නම් දරා ඇති පුද්ගලයන්ව නිර්දේශ කිරීම අත්‍යාවශ්‍යයි.** 😀 මහජනතාව විසින් තෝරා ගනු ඇත්තේ, අනේක ක්ෂේත්‍රයන් වලින් එන සුදුසුකම් ඇති පුද්ගලයන්ය. එය අපේ ප්‍රාන්ත දැනටමත් මනාව ඔප්පු කර ඇත.

රටේ උසස්ම කුසලතා ඇති අය අතරින් මෙසේ තෝරා ගැනීම නිසා ඒකීය ප්‍රාන්ත ආණ්ඩුවකට වඩා ජාතික ආණ්ඩුවක පරිපාලනය, දේශපාලන අනුශාසන, සහ අධිකරණ තීරණ වඩාත් ප්‍රඥාවන්ත, ක්‍රමාණුකූල, යුක්ති ගරුක බවින් යුතු වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් යුනියනය විදේශයන් අනුව සලකා බලද්දී වඩාත් ආරක්ෂිත වූවක් ද, අප එකිනෙකාගේ ප්‍රාන්ත අනුව ද වඩා ආරක්ෂිත වූවක් ද වෙනු ඇත.

විදේශයන් සමඟ එකඟ වී ඇති ගිවිසුම් විවිධ ප්‍රාන්ත හෝ සන්ධාන අතර ඇත්තේ නම් අහම්බෙන් වූ වැරැද්දකින් උල්ලංඝනය වන ඉඩකඩ ද, එයින් යුක්ති සහගත යුද්ධයක් පටන් ගැනීමට හැකි ඉඩකඩ ද, එක ජාතික ආණ්ඩුවක් හැදීමෙන් අවම වනු ඇත. බොහෝ අවස්ථාවල දී යුද්ධයක් හටගන්නට පාදක වෙන්නේ එක ප්‍රාන්තයක හෝ දෙකකින් පැන නැඟෙන නොසන්සුන්කමකින් හෝ විරෝධතාවයකිනි.

උදාහරණයක් ලෙසින්, ගෝත්‍රික ඉන්දියානුවන් අතර වූ එකම යුද්ධයක් වත් වර්තමාන ෆෙඩරල් ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වය නිසා ඇති නොවිණ. ඒවා ඒ ඒ ප්‍රාන්ත වල අනිසි ක්‍රියා මාර්ගයන් නිසා හටගත් ඒවාය. අහිංසක ජීවිත බේරා ගන්නට ඔවුන් වරදකරුවන්ට දඬුවම් දීමට අපහසු හෝ අකමැති වූහ.

යුනියනය මඟින් යුද්ධ තීරණය කිරීමේ දී එවැනි කෙණහිලිකම් වලට ඉඩක් නොලැබී සම්පූර්ණ රටේ ආරක්ෂාව වැඩියෙන් රැකෙනු ඇත.

ස්පාඤ්ඤ සහ බ්‍රිතාන්‍ය මායිම් පෙදෙස් වල දී කුමන හෝ ප්‍රචණ්ඩත්වයක් හට ගැනීමෙන් මේ රටවල් සමඟ යුද්ධයක් ඇති වන්නට ඉඩ ඇත. මේ උවදුර මඟ හරවා ගත හැක්කේ නුවණක්කාර ජාතික ආණ්ඩුවකට ප්‍රාදේශීය ලාලසයන් පවතින්නේ නැති නිසාය. 😀

එයට සමාකාමීව යමක් නිරාකරණයට වැඩියෙන් බලයක් ඇති නිසා, ජාතික ආණ්ඩුවක් යුද්ධ කරන්නට යුක්ති සහගත හේතු අඩුවෙන් ඉදිරිපත් කරනු ඇත. යම් ප්‍රාන්තයක් අවුලුවා ගන්නේ නැතිව සේ ම යම් විදේශීය රටක් අවුලවා ගන්නේ ද නැතිව කටයුතු කිරීමට ජාතික ආණ්ඩුවක් වැඩි හැකියාවෙන් යුතුයි.

පුද්ගලයන්ගේ ගෞරවය සේ ම, ප්‍රාන්ත ගෞරවය ද රැකෙන්නේ ස්වභාවයෙන්ම මිනිසා තුල පිහිටා ඇති තමන්ගේ ක්‍රියාකාරකම් යුක්ති ගරුක යැයි පෙන්වන්නට ගන්නා උත්සාහයෙනි. තමන් විසින් කරන ලද වැරදීම් හදා ගන්නට නොව ඒවා ප්‍රතිසංස්කරණයට විරුද්ධ වෙන ස්වභාවය මෙහි දී දකින්නට ලැබෙනු ඇත. එහෙත් ජාතික ආණ්ඩුවකට මධ්‍යස්ථ ලෙසින් අවංකව සියළු පැති විමසා බලා අනතුරැදායක තත්වයන් වලින් ප්‍රාන්ත ගලවා ගන්නට හැකියි. 😀

ශක්තිමත් රටක් යම් පැහැදිලි කිරීමක් කරද්දී, යම් වන්දියක් ගෙවද්දී, එය බාරගැනීම සාමාන්‍ය පිළිවෙතකි. අඩු බලයක් ඇති කුඩා රටකින් ලැබෙන ඒවා ප්‍රමාණවත් නැතැයි ප්‍රතික්ෂේප වෙනු ඇත. කුඩා ප්‍රාන්ත පවතිනවාට වඩා ඇමෙරිකාවේ ජාතික ආණ්ඩුවක් ඇත්නම් එහි දී මෙයට අපට ඉඩකඩ ලැබේ.

1685 දී, Genoa රජය දහසය වැනි ලුවී රජුගේ අප්‍රසාදයට පත්විය. ප්‍රධාන මහේස්ත්‍රාත් (doge) සහ සෙනෙට් සභිකයන් හතර දෙනෙක් සමඟ ප්‍රංශයට පැමිණ සමාව ලබාගන්න යැයි දහසය වැනි ලුවී රජු ආඥා කළේය. සාමය වෙනුවෙන් එය පිළිපදින්නට ඔවුනට සිද්ධ විය. එහෙත් දහසය වැනි ලුවී රජු කිසිම විටෙක ස්පාඤ්ඤයෙන්, බ්‍රිතාන්‍යයෙන් හෝ වෙනත් ඕනෑම බලවත් රටකින් එවැනි ඉල්ලීමක් කරාවි ද?”

-පුබ්ලියස්

ප්‍රකාශිත දිනය: 1787 නොවැම්බර් 3

* 1787 ව්‍යවස්ථා සම්පාදනයට එකතු වූ නියෝජිතයන් ඉහළ හා මධ්‍යම පාංතික රස්සාවල් වල නියැළුන අය වූහ. බහුතරයකට එක වෘත්තීයකට වඩා තිබිණ: 35 ක් නීතිඥයන් වුවත් ඔවුන් සියල්ලම නීතියෙන් ජීවිකාව ඉපැයූවේ නැත. 13 ක් වෙළෙන්ඳන්; 7 ක් ඉඩම් විකුණන; 11 ක් රක්ෂණ විකුණන; 14 ක් මහා/කුඩා පරිමාණ වැවිලි වගාව; 8 ක් මහජන සේවය; 3 ක් විශ්‍රාම ගිය ආර්ථිකය සරුසාර කරගත් අය; 2 ක් විද්‍යාඥයන්; 3 ක් වෛද්‍යවරුන්; 1 අයෙක් විශ්ව විද්‍යාලයක සභාපතිවරයෙක්.

** සෙනෙට් සභාවේ රෑන්ඩ් පෝල් තමනට නිල වියදම් සඳහා ලැබුණු මුදලින් $600,000 ක් ආපසු රාජ්‍ය භාණ්ඩාගාරයට පැවරීය. ඒ අතර නියෝජිත සභාවේ ජෙසී ජැක්සන් ජූනියර් සහ ඔහුගේ බිරිඳ ආණ්ඩුවේ මුදල් $750,000 ක් සොරකම් කළ නිසා තමන් වරදකරුවන් බව පිළිගෙන ඇත.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. නලින් දිල්රුක්ෂ said, on පෙබරවාරි 21, 2013 at 11:56 පෙ.ව.

    මේවා අපේ රටකට ආදේශ කරන්නට නම් අපේ මිනිසුන්ගේ මොළ මුළුමනින්ම සෝදා දමන්නට වෙයි..

  2. Chandi said, on පෙබරවාරි 22, 2013 at 11:15 පෙ.ව.

    මේකම තමයි වෙන්න ඕනෙ. අපේ අයට තේරෙන්නෙ නැත්තෙත් මේ ටිකමයි. කවදා හැදේවිද? එකමුතුව කෙසේ වෙතත් දෙපැත්තට ඇදීම නවතින්නෙ නෑ.

    • arunishapiro said, on පෙබරවාරි 23, 2013 at 8:42 පෙ.ව.

      Chandi,

      දෙපැත්තට නෙමෙයි චාන්දි අක්කා දැන් පැති කීයක් දැයි කියන්නත් බැරි තරමට හැම අතටම ඇදෙනවා වගේ .. ඉතිහාසය නොදන්න අය එයින් ඉගෙන ගන්නේ ද නැති නිසා … ප්‍රවණතාවය තවත් බෙදී යෑම මිසක් එකමුතුව නෙමෙයි කියන අනාවැකිය තමයි හරියන බව පේන්නේ. ලංකාවේ ආර්ථිකය සහ සමාජ අර්බූද ආයේ වැටේවි 1975-76 වගේ … 87 භීෂණය කාලයේ දී වගේ … ඊට පස්සෙ ආයේ හිමිහිට නැඟිටීවි .. ඒත් ඉතිහාසයෙන් ඉගෙන නොගත්තොත් ආයේ ටික කාලයක් යද්දී මේ ජීවිත වටරවුම ආයේ පටන් ගනීවි.

  3. dilsubhaUOC said, on පෙබරවාරි 26, 2013 at 5:20 පෙ.ව.

    American ithihasaya goda ketiyi namuth anek ithihasayan parisheelanaya karanawata wada wadi wegayen godak honda padam igana ganna puluwan.aththatama rataka jathika abhilashayak wana Arkshawa kiyana karanayedi bedee wenwa siteematawada ,ekata ekamuthuweemai wadagath saha awshya wanne.Habai Srilankawata nam eka therumganna thaw 1 century ekak pahu karnnawath wewi.Thamanta wechcha waradi nopenena eke loke anith minissu dihawath balala hadewi kiyala balaporoththusahagathawa imu.Ehema subhawdeewelawth hitha hada gnnawa.

    • arunishapiro said, on පෙබරවාරි 26, 2013 at 8:55 පෙ.ව.

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
      සිංහලෙන් ලියන්න ඉහත වැනි පරිවර්ථකයක් භාවිතා කළොත් මට කියැවීම පහසුයි. මෙහෙම ලිව්වාම අමාරුයි … ටිකක් දුර කියවාගෙන යද්දී කම්මැලිත් හිතෙනවා 😦

      රටක් හැටියට ඇමෙරිකන් ඉතිහාසය වසර 236 ක් වෙද්දී එහි වූ අය තම ඉතිහාසමය දේවල් ඉතා පරිස්සම් කරගත්තා. ඊට ප්‍රධානම අත් උදව්ව ලැබෙන්නේ රටේ වැසියන් පණ මෙන් ආරක්ෂා කරගන්නා නිදහස් ප්‍රකාශණ අයිතියයි කිව්වොත් නිවැරදියි.

      පැහැදිලි ලෙසින් කරුණු කාරණා දක්වනවා නම් මිනිස් මොළය කියන්නෙ වටහා ගැනීමේ හැකියාවකින් යුතු වූවක්. පැහැදිලි ලෙස කරුණු කාරණා සමාජයේ දකින්නට බැරි හේතු අතර: පුද්ගලික වාසි තකා දන්නා අයත් නොකියා සිටීම; ඒවා කිව්වොත් මරණය හෝ සුදුවෑන් ඒම!!; නොදන්නාකම; ද්වේෂයෙන් ඉන්නා රටකින් හොඳ අදහස් පවා ගන්නට අකැමත්ත යනාදී හේතු බලපානවා.

      ඒත් එයින් කියන්නෙ මේ අදහස් ශ්‍රී ලාංකිකයාට වටහා ගන්න ශතකයක් යාවි කියා නෙමෙයි. කවුරු හෝ කියා දෙන එකෙන් වාසි හොයන පුද්ගලික ඇජෙන්ඩාවක් නැති මම වගේ කෙනෙක්ට මෙහෙම පැත්තක ඉඳලා සෑම පුරවැසියෙක්ටම තම ආරක්ෂාවට හා තම දියුණුවට හේතු වන අදහස් බෙදාගන්න පුළුවන්. ඒක වැදගත් යැයි දකින අයට ඒ ගැන තව අනිත් අයට කියාදෙන්න පුලුවන්. එහෙමයි හොඳ අදහස් ලෝකේ පැතිරිලා යන්නේ!!!

      තමන්ට වෙච්ච වැරදි නොපෙනෙන අයට ඒවා හදා ගන්න උත්සාහයක් නොමැති වුනාම ළඟා වෙන්නේ අසාර්ථකත්වය. පුද්ගලයාටත් එහෙමයි, සමාජයටත් එහෙමයි (මොකද සමාජයක් කියන්නෙ පුද්ගලයන් ගෙන් හැදෙන නිසා), රටටත් එහෙමයි (රටක් හැදෙන්නෙ විවිධ සමාජ වලින් නිසා). ඒක මිනිස් හැදියාව හා ලෝක ස්වභාවය අනුව යන්නක්. ඒ නිසා අසාර්ථකත්වය සොයන මිනිස්සුන්ට වඩා සාර්ථකත්වය සොයන මිනිස්සු වැඩියෙන් සිටීවි කියා හැම විටම සුබවාදීව හිත හදා ගන්න ඕනෑ.

      බලාපොරොත්තු නැත්නම් මිනිස් ජීවිතයේ තේරුමක් නැහැ. පවතින තත්වයේ අඩුපාඩුවක් දකින්නට හැකි මිනිසා එම අඩුපාඩුව මඟ හරවාගන්නට ක්‍රමයක් නොදකින්නේ නම් කිසිවක නියැළෙන්නේ නැහැ.

  4. dilsubha UOC said, on මාර්තු 1, 2013 at 2:00 පෙ.ව.

    ඔව් මම එය පිලිගන්නවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: