අරුණි ශපීරෝ‍ වෙතින්

දෙනුන් දෙදෙනාගේ අන්දරය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 26, 2013

දෙනුන් දෙදෙනෙක් ගැන කතන්දරයක්.
කැමත්තක් තෝරාගන්න

සමාජවාදය
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ඔබේ අසල්වැසියාට ඔබ එක දෙනක් දෙයි.

කොමියුනිස්ට්වාදය
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ආණ්ඩුව දෙදෙනාම අරගෙන ඔබට කිරි ටිකක් දෙයි.

ෆැසිස්ට්වාදය
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ආණ්ඩුව දෙදෙනාම අරගෙන ඔබට කිරි ටිකක් විකුණයි.

නිලවාදය
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ආණ්ඩුව දෙදෙනාම අරගෙන එකෙක්ට වෙඩි තබා අනෙකාගෙන් කිරි දොවා ඒ කිරි විසිකරයි.

සාම්ප්‍රදායික ධනවාදය
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ඔබ එකෙක් විකුණා පිරිමි ගවයෙක් මිල දී ගනියි. ඔබේ පට්ටිය වැඩි වී ආර්ථික වර්ධනය වෙයි. ඔබ ඔවුන් විකුණා ඒ ආදායමෙන් විශ්‍රාම යයි.

ආයෝජන ධනවාදය
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. බැංකුවේ සේවය කරනා ඔබේ සහෝදරයාගෙන් ණයවර (credit) ලබාගෙන ඔබ එයින් තුන්දෙනෙක් ඔබේ මහජන කොටස් වෙළඳපොලේ කොම්පැණියකට විකුණයි. ඒ හා සම්බන්ධ සාමාන්‍ය ඉල්ලීමක් අනුව ණය තුරැස්/සමකොටස් (equity) හැටියට ඉතිරිය මාරු කරගන්නේ දෙනුන් හතර ආපහු ලැබෙන විදියටයි. ඊට දෙනුන් පහකට ගෙවිය යුතු බදු සහනයක් ද ඇතුවයි. දෙනුන් හය දෙනෙකුගේ කිරි අයිතිය අතරමැදියෙක් මඟින් ඔබේ කොම්පැණියේ වැඩි කොටස් අයිතිකරුවා සතු කේමන් දූපතේ කොම්පැණියකට රහසිගතව පවරයි. ඔහු දෙනුන් හතක ගේ කිරි අයිතිය ඔබගේ කොටස් වෙළඳපොල කොම්පැණියට ආපහු විකුණයි. කොම්පැණියේ වාර්ෂික වාර්තාව කියන්නේ දෙනුන් අටක් අයිති කියා සහ තවත් දෙනක ගේ අයිතියට අවසරයක් ද ඇතැයි කියාය.

ඇමෙරිකන් සමාගමක්
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ඔබ එකක් විකුණයි. අනෙකට දෙනුන් හතරක ගේ කිරි සපයන්නට යැයි බලපෑම් කරයි. පසුව ඔබ උපදේශකයෙක් කුලියට ගන්නේ දෙන මැරී ඇත්තේ මන්දැයි විමසන්නට.

ප්‍රංශ සමාගමක්
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ඔබ වර්ජනයක යෙදෙයි. කෝලාහලයක් සංවිධානය කරයි. පාරවල් අවහිර කරයි. මන්ද ඔබට දෙනුන් තුන් දෙනෙක් අවශ්‍ය නිසාය.

ඉතාලි සමාගමක්
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ඔවුන් කොහේදැයි ඔබ නොදනියි. ඔබ දවල් කෑමට යන්නට තීරණය කරයි.

ස්විස් සමාගමක්
ඔබට දෙනුන් පන්දාහක් ඇත. ඒ එකෙක් වත් ඔබට අයිති නැත. ඔබ ඔවුන්ගේ අයිතිකරුවන් වෙතින් ඔවුන් රඳවාගන්නට ගාණක් අය කරයි.

චීන සමාගමක්
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. කිරි දොවන්නට තුන්සියයක් සිටිති. කිසිම රැකියා හිඟයක් නැතැයි සහ ඉහළ ගව නිෂ්පාදනයක් ඇතැයි කියයි. සත්‍ය තත්වය වාර්තා කරන මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගනියි.

ඉන්දියානු සමාගමක්
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ඔබ ඔවුන්ට වන්දනා මාන කරයි.

බ්‍රිතාන්‍ය සමාගමක්
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. උන් දෙදෙනාටම පිස්සු හැදී ඇත.

ඉරාකි සමාගමක්
හැමෝම හිතන්නේ ඔබට දෙනුන් බොහොමයක් ඇතැයි කියාය. ඔබට එකෙක් වත් නැතැයි ඔබ කියයි. කිසිවෙක් ඔබව විශ්වාස කරන්නේ නැත. ඔබට සුනු විසුණු වී යන්නට බෝම්බ දා ඔවුන් රට ආක්‍රමණය කරති. ඔබට තවමත් දෙනුන් නොමැත. එහෙත් අඩු ගානේ ඔබට ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත.

ඔස්ට්‍රේලියන් සමාගමක්
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. ව්‍යාපාරය හොඳ යැයි සිතේ. කාර්යාලය වසා දමා බියර් කිහිපයක් බී ප්‍රීතිවන්නට ඔබ යයි.

නවසීලන්ත සමාගමක්
ඔබට දෙනුන් දෙදෙනෙක් ඇත. වමේ ඉන්නා වැඩියෙන් ආකර්ශණීය යැයි ඔබට සිතේ.

ග්‍රීක සමාගමක්
ප්‍රංශ සහ ජර්මන් බැංකු වලින් ඔබ දෙනුන් දෙදෙනෙක් ණයට ගෙන ඇත. ඔබ උන් දෙදෙනාවට අනුභව කරයි. බැංකුව ඔවුන්ට ලැබිය යුතු කිරි ඉල්ලා එති. ඒක දෙන්නට බැරි නිසා ඔබ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කතා කරයි. ඔවුන් එබට තවත් දෙනුන් දෙදෙනෙක් සඳහා ණයකරයක් දෙයි. ඔබ ඒ දෙනුන් දෙදෙනාවත් අනුභව කරයි. බැංකුව සහ IMF දෙකම කිරි සහ ගවයින් ඉල්ලා ගන්නට එති. ඔබ කොණ්ඩෙ කපා ගන්නට ගිහින්ය.

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on පෙබරවාරි 26, 2013 at 9:05 පෙ.ව.

    ඔබට හොඳ දෙනුන් අවශ්‍යව ඇත. ඔබේ ඉල්ලීමට කන්දී රජය හොඳ දෙනුන් ආනයනය කිරීමට සැරසෙයි. අදාළ ඇමෑත්ත පාත්තයා අර දෙනුන් ගෙන්වන සමාගමෙන් විශාල කොමිස් කුට්ටියක් ඉල්ලයි. එවිට දෙනෙකුගේ මිල ඉතා ඉහල යයි. ලොක්කාටත් කුට්ටියක් ඕනේ නිසා මිල තවත් වැඩිකර, විවිධ බදු එකතු කර, බැංකු ණයක්ද දී ඔබට දෙනුන් ලබාදී, මහා උත්සවයක් පවත්වා අපට අං තට්ටු ප්‍රදානය කරයි.

    රටේ නම …………………….?

  2. රාජ් said, on පෙබරවාරි 27, 2013 at 1:52 පෙ.ව.

    මේක උඩ තවත් පෝස්ටුවක් අත්හැරියෙ මොකෑ.

    ලංකාවෙ,
    $-ඔබට දෙනුන් දෙදෙනෙකු ඇත. …… උන් විකුණා කාර් රේස් පවත්වයි.
    $-ඔබට දෙනුන් දෙදෙනෙකු ඇත. රැකබලාගැනීමේ සිට කිරිගැනීම දක්වා සියල්ල ඔබ කලයුතුය. රජයට බද්දක් ගෙවිය යුතුය
    $-ඔබට දෙනුන් දෙදෙනෙකු ඇත. උන් වර්ධනයට රජයේ ආධාර අවශ්‍ය යයි ඔබ සිතයි.
    $-ඔබට දෙනුන් දෙදෙනෙකු ඇත. ඔබ ගවමස් නොකයි. එබැවින් අන්‍යන්ද ගවමස් නොකෑ යුතු යයි ඔබ තීරණය කරයි.
    $-ඔබට දෙනුන් දෙදෙනෙකු ඇත………….
    $-ඔබට දෙනුන් දෙදෙනෙකු ඇත…………….

    මොනවද මෙහේ වෙන්න බැරි. 🙂

    • arunishapiro said, on පෙබරවාරි 27, 2013 at 6:12 පෙ.ව.

      රාජ්,

      ලෝක ප්‍රවෘත්ති දැක්කම රාජ්, ලෝකය ඉන්න අවදානම බහුතරයක් දකින්නෙ නැහැ. දවසට එකක් ලියලත් මදි වගෙයි කියලා හිතෙන නිසා එකකට වැඩියෙන් දාන්න පටන් ගන්නයි යන්නෙ. අවදානම වළක්වන්න බැරි වෙයි, ඒත් ඊට පස්සෙ වත් ආයේ නැඟිටින්නේ කොහොමදැයි හරි දැනගන්න අවශ්‍ය එකෙකුට උදව්වක් වේවිනේ. අනික, කැම්පස් ළමයි කට්ටියකුත් සෙට් වෙලා මේ දවස්වල ඇමෙරිකන් ඉතිහාසය ඉගෙන ගන්න.

      ඉතාලියෙ මිනිස්සු ලන්ච් වලට ගිහින් මැතිවරණෙටත් ගිහින් නෑ.
      ස්කොට්ලන්තයේ ස්වාධීනත්වය (බ්‍රිතාන්‍යයෙන් අයින් වෙන්න) තීරණය කරන 2014 ජනමත විචාරයට දැන් ස්කොට් තරුණ පිරිස් වල 58% ක කැමැත්ත ලැබිලා.
      ඔබාමා අපේ කැමැත්ත අහන්නෙ නැතිව අපේ පට්ටියෙන් බාගයකටත් වැඩියෙන් අසල්වැසියාට දෙන්න හදනවා, අපි වැඩිකරගත්තු පට්ටිය විකුණලා විශ්‍රාම යන්න ලෑස්ති වෙද්දි.
      අපි මෙහෙ නීත්‍යානුකූල නොවන රෙගුලාසි ගෙනැවිත් අපරාධ කරන පාලකයන්ට දඬුවම් දෙන්න ජනතාව පෙළගසද්දී, ලංකාවේ කට්ටියක් ඇමෙරිකාවෙන් අහනවා ඇමෙරිකාව යුද අපරාධ (ඒවට හසුවෙලා හිරේ විලංගුවේ වැටිච්ච, තනතුරු අහිමි වෙච්ච අය ගැන නොකිය) කරනවා නම් (ඒත් දඬුවම් විඳින්නෙ නැතිව) එයාලටත් යුද අපරාධ කරන්න බැරි ඇයි කියලා.

  3. තහනම් වචන said, on පෙබරවාරි 27, 2013 at 11:21 ප.ව.

    විශිෂ්ටයි අරුණි! උපුටා ගත්තට කමක් නැද්ද?

  4. රූ said, on පෙබරවාරි 28, 2013 at 3:28 පෙ.ව.

    මේක ටික කාලෙකට කලින් පත්තරේ ගියා..ලංකාවේ වර්ෂන් එක තිබුනෙ

    Sri Lanka
    You have a cow and a bull
    You vote for one of them to be the president and other to be the prime minister.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: