අරුණි ශපීරෝ‍ වෙතින්

කහ පීත්ත පටියේ වගතුග

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 28, 2013

images

කහ පීත්ත පටියක් කාලයක් යනකම් මගේ අඩවියේ පැත්තක දිස්වේවි. ඒ මල්ලි යුද්ධෙට ගිහින් එනකම් බලා ඉන්නවා කියන්නයි. සාමාන්‍යයෙන් එය ඇඟේ පළඳිනවා නැත්නම් ගහක් වටා බැඳෙනවා. අහල පහල ඉන්න කැනඩා පාත්තයෝ ටිකක් විතරයි දකින්නෙ ගහක බැන්ඳොත්.

“ඇය කහ පීත්ත පටියක් බැඳ සිටියා” යන සිංදුව/කවිය ශතක හතරක කාලයක් පස්සට දිවෙන්නක්. එහි පිළිබිඹු වෙන්නේ කාන්තාවගේ ඉරණම තීරණය කෙරෙන යම් අවස්ථාවක දී ඇය ආදරවන්තයා එනතෙක් බලාගෙන සිටීම. ඔහු වෙනුවෙන් ඇය අවංකව බලා සිටීවි ද? මේක ඇමෙරිකාවට ගෙන එන්නේ ඉංග්‍රීසි සංක්‍රමණික පදිංචිකරුවන්. පියුරිටන් සංස්කෘතිය සමඟ. ඉංග්‍රීසි සිවිල් යුද්ධය කාලයේ දී ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ පියුරිටන් හමුදාව යුදබිමට කහ පීත්ත පටි සහ කහ ඉනේ පටි බැඳගෙන ගිහින් තියෙනවා.

ඇමෙරිකන් හමුදා වල පා ගමන් කරන ලද පැරණි ජනප්‍රිය සිංදුවක් ද කහ පීත්ත පටියක් සංකේතවත් කරනවා. 1917 දී ජෝර්ජ් ඒ. නෝර්ටන් ලියන “ඇයගේ ගෙල වටා ඇය පැළඳි කහ පීත්ත පටිය -Round Her Neck She Wears a Yeller Ribbon- යන්නෙන් කියැවෙන්නෙ සූසී සිම්ප්ස්කින්ස් සහ ඇයගේ සොල්දාදු ආදරවන්තයා වූ සයිලස් හබාඩ් ගැනයි. දැන් කාලේ කරන යුද්ධ වල දී සිංදු කිය කියා පා ගමන් යන්නෙ නැහැනේ!!!

“පරණ ඕක් ගහ වටා කහ පීත්ත පටියක් බඳින්න,” යැයි අර්වින් ලෙවින් ලියන සිංදුවක් ජනප්‍රිය වෙන්නේ 1970 ගණන් වල දී. ඒ කාලේ බලහත්කාරයෙන් තරුණයන්ව වියට්නාම් යුද්ධයට යවපු කාලේ. යුද වාර්තා ලැබෙද්දී ඇමෙරිකන් ජනතාව මුලින් යුද්ධෙට ගිය සොල්දාදුවන් ගැන තරහින් සිටියෙ. පාරේ යද්දී ඔවුනට කෙළ ගැසූ අය, ඔවුන්ට කඩවල් ඇතුලට එන්න අවසර නොදීපු අය, අසල්වැසියන් ඇසුරුකම් නැවැත්වීම කරපු බවත් ඉතිහාසයට එකතු වෙනවා. ඒත් කාලයක් යද්දී වෙන්නෙ මොකක් දැයි වැටහුනාම සොල්දාදුවන් ගැන තරහා හැරුනේ දේශපාලනඥයන් වෙතට. අර්වින් ලෙවින් ලියන සිංදුවේ සොල්දාදුවා තම ආදරවන්තියට කියනවා ගෙදර එනවාට කැමති නම් ඕක් ගහේ කහ පීත්ත පටියක් බඳින්න කියලා. එයා බස් එකේ එද්දී පීත්ත පටිය නැත්නම් බස් එකෙන් බහින්නෙ නැතිව දිගටම යන්නම් කියල. ඔහු එද්දී එක කහ පීත්ත පටියක් වෙනුවට සීයක් දකින්න ලැබෙනවා!!!

කාලයක් යද්දී, බලහත්කාරයෙන් යුද්ධයට යවන එක නැවතිලා, කැමැත්තෙන් බැඳෙන සොල්දාදුවන් එනකම් බලාගෙන ඉන්න ආදරවන්තයන් විතරක් නෙමෙයි, පවුලේ ඕනෑම කෙනෙක් යුද්ධෙට ගියාම කහ පීත්ත පටියක් එල්ලන චාරිත්‍රය පටන් ගන්නවා.

කහ පීත්ත පටිය ගැන විස්තර ඉංග්‍රීසි විකිපීඩියාවෙනි.

* ඊට උඩින් තියෙන Rand Paul 2016 මෙහෙ ඉන්න රිපබ්ලිකන්කාරයන්ට පොඩි හින්ට් එකක්. එයාල පහුගිය දවස්වල එයාලගෙ ටවුන්හෝල් ඩොට් කොම් අඩවියේ මහජන විචාරණයක් පැවැත්වූවා. පසුගිය මැතිවරණයේ දී මිට් රොම්නිගෙ එකම ප්‍රතිවාදියා ලෙසින් ඉතිරි වෙච්ච රොන් පෝල් ට ඔවුන් මහා සම්මේලනයේ දී සැලකුව ආකාරය රිපබ්ලිකන් පක්ෂයේ පරාජයට හේතු වූවා කියල දකින මම වගේ කොටසක් ඉන්නවා. ඉතින් මේ ඊයේ පෙරේදා ටවුන්හෝල් විසින් පැවැත්වූ මහජන විචාරණයේ දී රූන්ඩ් පෝල්ගෙ නම වත් ඔවුන් එකතු කරන්නෙ නැහැ 20 ගාණක් වගේ ඉන්න ලැයිස්තුවට. ඒත් කවුද වැඩියෙන් ම ඉදිරියෙන් චන්ද ලැබුවේ? write-in නොහොත් කැමති නම ලියත හැකි අපේක්ෂකයා. රිපබ්ලිකන් පක්ෂයේ අය ඒ නම කුමක් දැයි පවා හෙළි කරන්නේ නැහැ!!!!!

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. praveena said, on පෙබරවාරි 28, 2013 at 6:07 පෙ.ව.

    මල්ලිට බුදු සරණයි කියලා තමා කියන්ට වෙන්නේ. දැන් නම් එයා යන පැත්ත එච්චරම දරුණු නෑ නේද?
    කහ පීත්ත පටි අපිත් මෙහේ එල්ලුවා කියලා හිතාගන්ට. 😀

  2. kavikaari said, on පෙබරවාරි 28, 2013 at 7:04 පෙ.ව.

    කාලෙ ඉක්මනටම ගෙවිල යාවි අක්කෙ. මල්ලි ඉක්මනටම ඒවි!!!

  3. wicharaka විචාරක said, on පෙබරවාරි 28, 2013 at 8:40 පෙ.ව.

    දැන් යුද්ධය ඉවර වුනත්, යුද්ධය තිබුන කාලේ අපේ සොල්දාදුවෝ ට්‍රක් රථයක දුර ගමනක් යනවානම් සින්දුවක් දෙකක් කිව්වා සතුරු කරදර නැති ප්‍රදේශ වලදී.

    සොල්දාදුවාව තේරුම් ගන්න අය බොහොම අඩුයි කියලා හිතෙනවා. සොල්දාදුවාට අනුකම්පාව අවශ්‍ය නැති බවත් නිවැරදි හඳුනා ගැනීම සහ පිළිගැනීම ප්‍රමාණවත් බවත් දන්නේ බොහොම ටික දෙනයි.

    ඔබේ ලිපියට බොහොම ස්තුතියි.

  4. Gold fish said, on පෙබරවාරි 28, 2013 at 11:14 පෙ.ව.

    හැම තැනම යුද්ධනේ අප්පා…

  5. Maathalan said, on පෙබරවාරි 28, 2013 at 12:09 ප.ව.

    ආදරය කියන දේ මහ පුදුම දෙයක්…

    මට ලස්සන සින්දුවක් මතක් උනා විකටර් රත්නායකගේ..

    දැනගත්දා සිට පෙරුම් පිරූවේ….
    අක්කෙ මං මතු සක්විති වෙයි සිතලාදෝ……..

    • arunishapiro said, on පෙබරවාරි 28, 2013 at 1:54 ප.ව.

      දොස්තරවරු බෝධි සත්වයන් වගේ පෙරුම් පුරනවලු … සොල්දාදුවන් සත්විතිලා වෙන්න හදනවාලු … අහ් මට වැරදුනා, මට වැරදුනා …. සොල්දාදුවෙක් නෙමෙයි මල්ලියෙක් නේද එහෙම පෙරම් පිරුවේ …… 😀

  6. Ravi said, on පෙබරවාරි 28, 2013 at 2:24 ප.ව.

    Any soldier worth his salt should be antiwar. And still there are things worth fighting for. – Norman Schwarzkopf 

    Do you know what a soldier is, young man? He’s the chap who makes it possible for civilized folk to despise war. – Allan Massie 

    මම ලඟදි කියවපු Davis Baldacci ගෙ පොතක තිබ්බ මෙහෙම …පොත හොයාගන්න නම් බැරිඋනා. ඒත් අදහස මෙහෙමයි.

    Countless thousands are keeping awake every night putting their lives at great peril just so you can sleep with pleasant dreams. The greatest tragedy is either you don’t know or if you know you don’t care.

    My best wishes for your dear brother Aruni!!!

    • arunishapiro said, on පෙබරවාරි 28, 2013 at 2:42 ප.ව.

      Ravi,

      ස්තූතියි රවී.

      David … වෙන්න ඕනෑ ඩේවිස් නෙමෙයි. එයා ලියලා තියෙන පොත් ගොඩේ ඕක හොයන්න ලේසි වෙන්නෙ නෑ!!!

      ඔය හා සමාන කතාවක් ටොම් කෲස් රඟපාන (වීරයා එයයි) A Few Good Men (1992) චිත්‍රපටියේ කියැවෙන්නෙ නම් හැබැයි දුෂ්ට චරිතය රඟපාන ජැක් නිකල්සන් කටින් .. අදහස වරද්දා ගත්තොත් නම් වැඩේ ක්‍රිමිනෙල්!!!!

      • Ravi said, on පෙබරවාරි 28, 2013 at 2:56 ප.ව.

        ඔව්, අරුණි, David තමයි නම, S සහ D අකුරු යතුරු පුවරුවෙ එක ලඟ තියෙන නිසා වෙච්ච පටලැවිල්ලක්…කමෙන්ට් එක පබ්ලිෂ් වුනු ගමන් මම වැරැද්ද දැක්කා. ඒත් මේ වදන් තදේ කමෙන්ට් එකක් දැම්මොත් දැම්මනෙ. ඩිලිට් කරල ආය හදන්න බෑනෙ. 😦

        • arunishapiro said, on පෙබරවාරි 28, 2013 at 2:58 ප.ව.

          Ravi,

          මාත් “ඒ මදැයි,” ලියන්න ගිහින් “මදැයි,” විතරක් වැටුණනේ!!!!!

          පසුව එකතු කරන ලදි: ඔයා කළේ ටයිපෝ විතරයි; මගෙ එක වචනයක් හිතේ අනික් වචනේ විතරයි යතුරු පුවරුවේ වැදුනේ!

  7. සපතේරු උන්නැහේ said, on පෙබරවාරි 28, 2013 at 5:06 ප.ව.

    අක්කගෙ කතාවට වඩා වෙනස් වුනත් යුද්දෙට ගිය ප්‍රියයෙක් ගැන මම අහල තියෙන ඉතාම හැඟීම්බර ගීතයක්…. මානෙල් ගෙ කටහඬින් දැනුත් ඇහෙනව වගේ…

    // යුධ භටය යන යුධයට
    ඉඳින්නෙමි මම ඔබ එනතුරා
    යනුව නොපැකිල සටනට
    ලෙයින් නැහැවුන කුරිරු යුධ බිම
    නොඑන මුත් සැම දෙන මිදී
    ඉඳින්නෙමි මම ඔබ එන තුරා
    ඇහැල ගස මල් පල දරන විට
    ඇහැල ගස යලි කොල සලන විට
    සීත සමයේ හිම වැටෙන විට
    වසන්තේ මල් කෙමි ඇදෙන විට
    යන යුධට හැම අයම එන තුරු
    ඉන් පසුව වුව ඉඳිමි නිරතුරු
    යෙහෙන් ගොස් යලි එනුව යහතින්
    මග නොමග දෙව් සරණ ලබමින්.. .//

    මෙයත් හොඳට කියනව… මානෙල් වගේම හැඟීම්බර නැතත්….

    • arunishapiro said, on පෙබරවාරි 28, 2013 at 5:39 ප.ව.

      සපතේරු උන්නැහේ,

      කිරි මණ්ඩලේ කිරි බෝතලේ රහ වගේම තමයි මානෙල් ගේ කටහඬ දැනුත් ඇහෙනවා වගේ මටත් දැනෙනවා!!

      ගොඩක් ස්තූතියි එකතු කළාට.

      ඇයි මේ ටික:

      මොකද කට පියාගෙන යන්නෙ!කියාපන් සින්දුවක්!!
      යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා// [මගෙ යාලුවො මං එනතුරු උන්දැ බලාගයි නිරතුරු]//

      යුද්දෙට මං ගියා.. ගෑණි ගෙදර තියා//
      [මගෙ යාලුවො මං එනතුරු
      උන්දැ බලාගයි නිරතුරු]//

      තව.. හයියෙන්!!

      [ස්වර්ගෙට ගිය කලේ
      උන්දැ ඒවි බොලේ]//
      [අපොයි මගේ හා පැටියා
      කියා අඬයි බොලේ]//

      [ස්වර්ගෙට ගිය කලේ..
      උන්දැ ඒවි බොලේ]//
      [අපොයි මගේ හා පැටියා
      කියා අඬයි බොලේ]//

      නා‍ට්‍ය‍ය‍ – හු‍ණු‍ ව‍ට‍යේ‍ ක‍තා‍ව ‍(හෙන්රි ජයසේන) (1967)
      ගායනය – සෝමසිරි අලකොලංග,විජිත සල්ගාදු

      අරන් ආවේ නූර්ති සහ වේදිකා නාට්‍ය ගී අඩවියෙන්.

  8. දේශකයා said, on මාර්තු 1, 2013 at 1:06 පෙ.ව.

    කහ පීත්ත පටිය මට නං ආඩම්බරයට හෝ කනගාටුවට කරුණක් නොවන්නේ එය සිවිල් සමාජීය සංඥාවක් වන නිසාය. නමුත් එයින් ජනිත වන අදහස, ශක්තිමත් වී පැවතීම ඇත්තටම ධෛර්යය වඩවන්නකි. තේරුනාද මන්ද…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: