අරුණි ශපීරෝ‍ වෙතින්

නඩු අහන්නයි නඩු කියන්නයි එකවර බැහැ -10 වැනි ෆෙඩරලිස්ට් රචනාව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 1, 2013

[10 වැනි ෆෙඩරලිස්ට් රචනාවේ මුල් කොටස මෙතැනින් කියවන්න.]

b8d0cfd7a7394d5bd591a2eab1d318fd“නීති සම්පාදනයේ දී කිසිම පුද්ගලයෙකුට තමන් පෙනී සිටින්න වෙනුවෙන් විනිශ්චය කරන්නට ඉඩක් නොලැබේ. මන්ද එහි දී ඔහුගේ කැමැත්ත, නිශ්චිතවම ඔහුගේ පක්ෂභජනය ඔහුගේ විනිශ්චයට බලපාන නිසා එහි දී ඔහුගේ අවංකත්වය දුෂණය කරනු ඇත.

විනිශ්චයකරුවන් හැටියත් සහ නඩු කියන්නන් හැටියටත් දෙකින්ම එකවර පෙනී සිටින්නට කල්ලි වල අයට ඉඩදිය නොහැකි ඊටත් වඩා වැදගත් හේතු ඇත. එහෙත් බොහෝ වැදගත් නීති සම්පාදක පනත් යනු ප්‍රධාන වශයෙන් ම නීතිය විසින් තීරණය කරන ඒවාය. එහි දී ඒකීය පුද්ගලයන්ගේ අයිතීන් ගැන නොවූවත්, ඒවා පුරවැසියන් විශාල පිරිසක් ලෙසින් හැදුණ කල්ලියකගේ අයිතීන් පිළිබඳව වූ නීතීන් වෙති. ඉතින්, විවිධ පංතිවල ඉන්නා නීති සම්පාදකයන් සමඟ මේ පක්ෂභේදයන් වෙනුවෙන් පෙනී සිටිනවුන් ම ඒවා තීරණය කරනවුන් ද විය හැකියි.

යෝජනා කරන යම් නීතියක් පුද්ගලික ණයතුරුස් ගැන වූවක් ද? එවිට ණය දෙන අය එක පැත්තකට ද ණයකරුවන් අනෙක් පැත්තට ද වැටෙයි. නඩුකාරයා ඔවුන් අතර සමබරතාවය පවත්වා ගත යුතුයි. එහෙත් කල්ලියක් යනු, එසේ විය යුතු ද වේ, ඔවුන් වනාහී විනිශ්චයකරුවන් ද වෙන්නහ. වඩාත්ම විවිධත්වයෙන් ඉන්නා කල්ලිය, තවත් විදියකින් කියනවා නම්, වඩාත්ම බලවත් කල්ලිය ජයගන්නා කල්ලිය යැයි අපේක්ෂා කෙරෙයි.

දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්විය යුතුය, කොතරම් ද, විදේශීය කර්මාන්තකරුවන් වෙත පනවන සීමාවන් වලින් ද? මෙයට ඉඩම් හිමියන් උත්තර දෙන්නේ කර්මාන්තකරුවන්ට වඩා වෙනස් ආකාරයකටයි. කිසිදු පැත්තක් යුක්තිය හෝ පොදු යහපත තමන්ගේ එකම අභිප්‍රේරණයන් සේ යොදා නොගනු ඇත.

විවිධ වර්ගයන් වලින් යුතු දේපල සඳහා බදු අනුපාතනය කිරීම යන්න වඩාත්ම නිශ්චිත අපක්ෂපාතීත්වය උවමනා කරන්නයි. එහෙත් මේ තරම් සාධාරණත්වයේ රීති පාගා දමන්නට පොළඹවන්නා වූ දැවැන්ත අවස්ථාවක් වෙනත් කිසිම නීති සම්පාදක පනතකට ලැබෙන්නේ නැත. සුළු කණ්ඩායමක් ඉන්නා පැත්තට වැඩි බරක් පටවන හැම ඩොලරයකින්ම ඔවුන් තමන් ගේ පොකැට්ටු වල ඩොලරයක් ඉතිරි කරගනු ඇත.

පොදු යහපතට ඔවුන් සියල්ල ගේ ම හිස් නම්වා ගනිමින් උරණ වී ඇති දෙපැත්තේ අවුල බේරන්නට බුද්ධිමත් පාලකයන් ඉදිරිපත් වේවි යැයි සීතිම සරලමතිකය. මන්ද බුද්ධිමත් පාලකයෙක් හැම විටම මුලසුන නොසිටිනු ඇත. එවැනි වෙනසක් කරන්නට පෙර ඍජුව බලපාන්නේ නැති සහ යාන්තමෙන් බලපාන්නා වූ ප්‍රතිඵල ද විමසා බැලිය යුතුයි. එහෙත් ඒවා යම් කල්ලියකට වහාම උවමනා වී ඇති කැමැත්තන් අනුව සැලකිල්ලට ලක් වී අනිත් පැත්තේ අයගේ අයිතීන් සහ සියල්ලන්ගේ පොදු යහපත ගැන නොසලකා හැරීමෙන් සැලකිල්ලට පාත්‍ර නොවනු ඇත.

මෙයින් අපිට වඩාත්ම පැහැදිලි නිගමනය නම් කල්ලි අතර ඇතිවන බෙදුම්වාදී හේතුන් ඉවත් කළ නොහැකි බවයි.

සහනයක් ගෙන දිය හැක්කේ එයින් ඇතිවන ප්‍රතිවිපාක පාලනයෙන් පමණකි.

මහා කල්ලිය එක පැත්තක් නොගන්නේ නම්, එවිට ජනරජ මූල ධර්මයන් විලින් සහනයක් ලැබෙන්නේ විසංවාදයේ ඉන්නා දෙපැත්තට මහා ජන නියෝජනය කරන ආණ්ඩුව සතු වැඩි චන්දයෙන් අයහපත්කාරී දැක්ම පරාජය කරන්නට හැකියාව ලැබීමෙනි. සුළු කල්ලියක් පැත්තක් ගන්නා කළ ආණ්ඩු පද්ධතියක් හිරකරන්නට එය සමත් වේ. සමාජයක් වියවුල් කරන්නට එය සමත් වේ. ඒත් ව්‍යවස්ථාව අනුව එය ක්‍රියාත්මක කර එහි ප්‍රචණ්ඩත්වය වෙස් මුහුණකින් වසන්නට නොහැකිය.

පැත්තක් ගන්නා අය මහා කල්ලියක් වෙද්දී, ජනප්‍රිය ආණ්ඩුවක් එවිට පොදු යහපත පරිත්‍යාග කර, ඒකීය පුද්ගලයන්ගේ අයිතීන් පරිත්‍යාග කර, මහා කල්ලියේ ලාලාසයන්ට හා කැමැත්තන්ට ඉඩ දෙයි.

පොදු යහපත සහ පුද්ගලික අයිතීන් එවැනි මහා කල්ලියක ගෙන් ආරක්ෂා කරන්නට අවශ්‍ය නම්, ඒ අවස්ථාවේ දී ම, ජනප්‍රිය ආණ්ඩුවේ ධීරගතිය සහ ආකෘතිය තව දුරටත් පවත්වා ගන්නට අවශ්‍ය නම්, එහෙනම් එය තමයි අපේ මේ සංවාදයේ අරමුණ.

අපේ ජ්වලිත ආශාව නම් ජනප්‍රිය ආණ්ඩුව, ඉතා දිගු කාලයක් තිස්සේ ලැජ්ජා හිතෙන හැදියාවකින් කටයුතු කරන ආකාරයෙන් බේරා ගැනීම හා ආණ්ඩුව යනු මිනිස් වර්ගයා විසින් හදාගන්නා ලද්දක් හා අගයෙන් වැඩි කරගන්නා ලද්දක් බවට පත්කර ලීම යැයි මෙයට එකතු කරන්න මට ඉඩදෙන්න.

ඉතින් මේ අරමුණ කෙසේ ද සාක්ෂාත් කරගන්නේ? සාක්කි පෙන්වන්නේ අපිට එය කළ හැකි ආකාර දෙකක් ඇති බවයි. එක්කෝ මහා කල්ලියේ ඇති ඍන ලාලසයන් හා කැමැත්තන් අපි වළක්වා ගත යුතුයි. නැත්නම් ඒ කල්ලියේ පීඩන ක්‍රියාවලියන් වලින් දුර්විපාක ඇතිකරලීමේ හැකියාව ඔවුනට අහිමි කළ යුතුයි.

මහා කල්ලියේ ආශාවට සමඟ ඊට අවස්ථාව පෑදුන හොත්, එවිට සද්ගුණය හෝ ආගමික අභිප්‍රේරණ මඟින් යම් පාලනයක් ඉටු කරාවි යැයි අපිට බලාපොරොත්තු තබාගත නොහැකියි. ආචාර ධර්ම අගැයුම් ඒකීය පුද්ගලයන් තුල පවතින්නා වූ අයුක්තිය සහ ප්‍රචණ්ඩත්වය පාලනය නොකරයි. ඒවායෙන් කරත හැකි විනාශය ඊට හවුල් වී ඉන්නා ජන සංඛ්‍යාව අනුව අඩු වැඩි වීමත් පාලනය නොකරයි. තවත් විදියකින් කියනවා නම්, මහා කල්ලියගේ උවමනාවන් ඉහළ යද්දී ආචාර ධර්ම අගැයුම් වල සඵලතාවය අඩු වී යයි.

පිවිතුරු ප්‍රජාතන්ත්‍රවාදයක් මහා කල්ලියේ ප්‍රචණ්ඩත්වයක දුර්විපාක විශාල කරයි. පිවිතුරු ප්‍රජාතන්ත්‍රවාදයක් යැයි මා අදහස් කරන්නේ පුරවැසියන් විසින් එකතු වී හැදෙන හා පාලනය වෙන ආණ්ඩුවක මහා කල්ලියක් විසින් පමුණුවන හානිය යහපත් කරන්නේ නැතැයි කියාය. පිවිතුරු ප්‍රජාතන්ත්‍ර ආණ්ඩුවක, පොදු ලාලසයන් හා කැමැත්තන්, හැම විටම, එහි සම්පූර්ණයේ ඉන්නා මහා කල්ලිය විසින් උසලනු ලබයි. දුර්වල කල්ලියක් හෝ උඩඟු ඒකීය පුද්ගලයෙක් පරිත්‍යාගයට ඇති නැඹුරුව සොයා බලන්නට කිසිම විධි ක්‍රමයක් එයට නැත.

ඒ නිසා, එවැනි ප්‍රජාතන්ත්‍රවාදයන් සෑම විටම කැළඹිලි සහ කලහයන් වල අපූරු රුඟුම් දක්වන්නකි. ඒවා පුද්ගලික ආරක්ෂාව සහ දේපල අයිතීන් සමඟ අනූනසාරී (incompatible) වෙයි. එවැනි ආණ්ඩුවල ජිවිතය, එවැනි ආණ්ඩුවල මරණය සේ ම කෙටි ය, ප්‍රචණ්ඩ ය.

මෙවැනි ආණ්ඩු වලට සහාය දක්වන දේශපාලන න්‍යායවාදීන් දෝෂ සහගත චින්තනයෙන් බලාපොරොත්තු වෙන්නේ ජනතාවක් පරිපූර්ණ දේශපාලන සමානාත්මතාවයකට ගෙන ආ පසු, ඔවුන්ට හිමි බඩු භාණ්ඩ, ඔවුන්ගේ ආකල්ප, සහ ඔවුන්ගේ ලාලාසාවන් ද සමානාත්මතාවයෙන් යුතු වේ යැයි කියාය.”

[අවසන් කොටසට මෙතැනින් යන්න.]

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on මාර්තු 1, 2013 at 8:23 පෙ.ව.

    මෙහෙනම් සිදුවෙන්නේ ‘නඩු බාලවීම’ පමණයි. නීතිය පිළිබඳව අවබෝධය නැතිකම නොවෙයි. බල ලෝභය තුලින් මතුවොඕ ලැජ්ජා නැතිකම නිසයි නීතිව වල් වැදී තිබෙන්නේ. මෙහි අනිටු ඵල විපාක නුදුරු අනාගතයේදී දැකිය හැකියි. දැනටමත් මිනිස්සු නීතිය අතට ගන්නේ එහි පෙරනිමිත්තක් ලෙසයි.

    • arunishapiro said, on මාර්තු 1, 2013 at 8:37 පෙ.ව.

      විචාරක,

      පකිස්තානයේ නිදහස් අරගලයේ දී මානුෂික අපරාධ කරපු ඉස්ලාමීය නායකයෙකුට යුද අපරාධ ට්‍රිබියුනල් එකක් මරණ දඬුවමක් දීලා. ඒකට ප්‍රීති ඝෝෂා කරන්නයි දඬුවම් නොලැබූ අනිත් අයටත් දඬුවම් දෙන්න යැයි, මෙයාව එල්ලුම් ගහට යවන්නැයි හඬ නඟන්න පාරට බැස්ස මහජනතාව සහ පොලීසිය අතර ගැටුම් වලින් 44 ක් මිය ගිහින්.
      http://www.nytimes.com/2013/03/02/world/asia/death-toll-from-bangladesh-unrest-hits-42.html

      ඔය වාර්තාව අනුව එහි සඳහන් අයෙක් මෙන් ම මමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට විරුද්ධයි. ඒත් අපරාධකරුවන්ට මෙච්චර කාලයක් ගිහින් හරි දඬුවම් ලැබෙන එක ගැන නම් සතුටුයි.

      නීතිය කුමක් දැයි නොදන්නා විට යුක්තිය හා සාධාරණත්වය තමන්ට කැමති කැමති විදියට නිර්වචනය කරගැනීම මිනිස් හැදියාවක්. මිනිස්සු නීතිය අතට ගන්නෙ ඒ හැදියාව නිසා. ඉතා භයානක පෙරනිමිත්තක්! වහාම මුලාවෙන් ගැලවෙන හැටි වටහා නොගත්තොත් තවත් භීෂණ සමයක් ඇතිවීම වළක්වා ගත හැකි නොවේවි.

  2. Yasiru Udana said, on මාර්තු 1, 2013 at 11:02 පෙ.ව.

    ඔව් මේ විචාරකයා මෙලෝ දෙයක් දන්නේ නැතුව කියවන්න තමයි දන්නේ.ඕකෙන් නඩු බලවෙනවද යාළුවා

    • arunishapiro said, on මාර්තු 1, 2013 at 11:39 පෙ.ව.

      Yasiru Udana,

      විචාරක විසින් කියා ඇත්තේ “නඩු බාල වීම”; නඩු අහන ප්‍රමිතිය අඩුවෙලා ගිහින් කියන එක.

      විචාරක කියන තත්වය සත්‍යයක්. නීතිය පිළිබඳ අවබෝධය ඇති අය නෙමෙයි නඩු අහන්නෙ වුනාම නීතිය ක්‍රියාත්මක කරන්න විදියක් නැතිව නීතිය වල් වදිනවා තමයි.

      රටක ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නේ නීතියට පූර්වාදර්ශයක් මිසක් රටේ නීතිය සැලසුම් කිරීමක් නෙමෙයි. නීතිය සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම නොහොත් නඩු විසඳීම හා දඬුවම් තීරණය කරන්නේ උසාවි පද්ධතියෙන් මිසක් පාර්ලිමේන්තු පද්ධතියෙන් නෙමෙයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: