අරුණි ශපීරෝ‍ වෙතින්

පිවිතුරු ප්‍රජාතන්ත්‍රවාදයක් ද? ජනරජයක් ද? -10 වැනි ෆෙඩරලිස්ට් රචනාව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 1, 2013

b8d0cfd7a7394d5bd591a2eab1d318fd

ෆෙඩරලිස්ට් රචනා අංක 10 පළමු කොටස මෙතැනින් සහ දෙවැනි කොටස මෙතැනින් කියවන්න. මේ එහි තෙවැනි හා අවසාන කොටසයි. ලියා ඇත්තේ ජේම්ස් මැඩිසන් විසිනි. ප්‍රකාශිත වූයේ 1787 නොවැම්බර් 22 දා. මෙය ෆෙඩරලිස්ට් රචනා අතර වැදගත්ම රචනාව යැයි සැලකෙන්නයි. එසේම මෙහි දී පෙන්වන්නේ ඇමෙරිකාවේ ආදීපීතෘවරු ඇමෙරිකන් ආණ්ඩුව පක්ෂ නියෝජනයකින් බෙදුම්වාදීව පවතින ආණ්ඩුවක් වීමට කැමත්ත දැක්වූයේ නැති බවයි.

“ජනරජයක් යනුවෙන් මා අදහස් කරන්නේ නියෝජනය කරන සැලසුමකින් යුතු ආණ්ඩුවක් යැයි කීමෙන් මා අදහස් කරන්නට වඩා වෙනස් වූ බලාපොරොත්තුවක් දැක්වේ. අනතුරුව අපි සොයනවාට වඩා වෙනස් වූ විසඳුමක් සහ පොරොන්දුවක් දෙයි.

ජනරජයක් යන්න පිවිතුරු ප්‍රජාතන්ත්‍රවාදයකින් වෙනස් වෙන්නේ මොන ආකාරයෙන් දැයි අපි විමර්ශනය කර බලමු. එවිට යුනියනයක් විසින් එයින් ලබාගත යුතු කාර්යක්ෂම බවේ හා විසඳුමේ ස්වභාවය කුමක් දැයි අපිට වටහා ගත හැකිවේවි.

ප්‍රජාතන්ත්‍රවාදයක් සහ ජනරජයක් අතර වෙනස වැදගත් කරුණු දෙකක් මඟින් දකින්නට හැකියි.
1. ජනරජයක දී එහි පුරවැසියන් අතින් තෝරා පත්වෙන තවත් කුඩා ආණ්ඩුවල නියෝජිතයන් ගණනාවක් දකින්නට ලැබේ.
2. විශාල රටක විශාල පුරවැසියන් සංඛ්‍යාවකට එකතු වී ජනරජයක් හදා ගන්නට පුළුවන.

පුරවැසියන් මහා ආණ්ඩුවට යොමු කරන මහජන අදහස් නියෝජිතයන් වෙතින් විස්තරාත්මක වීමෙන් සහ ප්‍රසාදනයෙන් (refine) ඉදිරිපත් වෙයි. නියෝජිතයාගේ ප්‍රඥාව විසින් පුරවැසියන්ට රට ගැන ඇති කැක්කුම, ඔවුන් තුල ඇති දේශප්‍රේමීත්වය, සහ ඔවුන් යුක්තියට දක්වන ආදරයේ සත්‍ය අර්ථය විමසනු ඇත. ඒ මාර්ගයෙන් කොටසකට පමණක් කරන සලකා බැලීම් සහ තාවකාලික විසඳුම් වලට විසඳුම පාවා දීමක් ඔහු නොකරනු ඇත. මේ ක්‍රමය යටතේ මහජනතාවගේ හඬ, ඔවුන්ගේ නියෝජිතයන් වෙතින් ඉදිරිපත් වෙද්දී, එවිට ජනතාව එක්රුස් වී ඔවුන් තම තමන් වෙනුවෙන් හඬ නඟනවාට වඩා වැඩි පොදු යහපතක් සිද්ධ කරන්නට මාර්ග පාදනු ඇත.

එහෙත් අනෙක් අතට, මෙහි විපාකය ඇතුලතට නැඹුරු වෙනු ඇත. පරිස්ථානීය ප්‍රාග්නිශ්චයන් ඇති මිනිසුන් හෝ දුෂ්ට සැලසුම් ඇති මිනිසුන්, තතු වසන් කර දූෂණයෙන් හෝ වෙනත් මාර්ග වලින් තනතුරු වලට පත් වී ජනතාවගේ කැමැත්තට ද්‍රෝහී වනු ඇත.

එහි දී පැන නැඟෙන ප්‍රශ්නය විස්තීර්ණ (extensive) ජනරජයක් ද නැත්නම් කුඩා ජනරජයක් ද මහජන යහපත වෙනුවෙන් වඩා හොඳ භාරකාරයන් පත් කර ගන්නේ යන්නයි. පැහැදිලි හේතු දෙකක් නිසා විස්තීරණ ජනරජයක් සුදුසු යැයි පෙනේ.

මුලින්ම, ජනරජයක් කොතරම් කුඩා වුවත්, කුඩා පිරිසකගේ උපක්‍රම වලින් ආරක්ෂා වෙන්නට හැකි තරම් නියෝජිතයන් සිටිය යුතුයි. එනමුත්, විශාල ජනරජයක ඉන්නා නියෝජිත සංඛ්‍යාව මහා රාශියක් වීමෙන් ඇති කරන අන්දබූතයෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීමට තරම් සීමා විය යුතුයි.

එහෙයින්, මේ දෙකේම සිටින නියෝජිතයන් ඔවුන් නියෝජනය කරන පුරවැසියන්ට සමානුපාතිකව නොසිටිති. විශාල සංඛ්‍යාවක් වාසය කරන ප්‍රදේශයකත් කුඩා පිරිසක් වාසය කරන ප්‍රදේශයකත් එහි නියෝජිතයන් වන්නට සුදුසුකම් ඇති අය එක හා සමාන වුවහොත්, විශාල ප්‍රදේශයට වැඩියෙන් තෝරා ගැනීම් ලැබී වැඩියෙන් වාසි ලැබේ. වඩා සුදුසු වූවෙක් තෝරාගත හැකියාව ලැබේ.

හැම නියෝජිතයෙක්වම තෝරා ගැනෙන්නේ වැඩි පිරිසක් විසින් නිසා නුසුදුස්සෙක්ව චන්ද ප්‍රෝඩා වලින් දිනවීම පහසු නොවනු ඇත. පෘථුල නිදහස් චන්දයක් පැවතීමෙන් වඩාත්ම දක්ෂතාවයන් සතු වූ ද, වඩාත්ම ව්‍යාපක සහ ගතිගුණ හොඳ යැයි නම් දරා ඇති පුද්ගලයන් වටා මැතිවරණය කේන්ද්‍රීය වනු ඇත.

මෙහි දී පාපෝච්චාරණයක් කළ යුතු වන්නේ, අනෙක් සෑම සියළු දෙයක් මෙන් ම, අපහසුතාවයන් පැන නැඟෙනු ඇති බවයි. චන්දදායකයන් විශාල සංඛ්‍යාවක් සිටීමෙන් නියෝජිතයන්ට ඔවුන්ගේ පරිස්ථානීය තත්වයන් ගැන දැනුම මඳි වනු ඇත. වැදගත් කමෙන් අඩු අර්බූද මඟ හැරෙනු ඇත. මැතිවරණ දිස්ත්‍රික්කය කුඩා බවින් වැඩි වුවහොත් නියෝජිතයා එහි ඉන්නා වාසීන් සමඟ වැඩියෙන් කුළුපගකම් ඇති කර ගනිමින් ඔවුන් අනවශ්‍ය ලෙසින් ළං වෙනු ඇත. එහි දී වැදගත් ජාතික අර්බූදයන් වටහා ගැනීමේ හැකියාවට ඔහු නුසුදුසු වනු ඇත.

ෆෙඩරල් ව්‍යවස්ථාවක් මෙහි දී සතුටුදායක විසඳුමක් ඉදිරිපත් කරයි. වැදගත් හා සියල්ලන්ටම බලපාන අර්බූදයන් විසඳීම ජාතික ආණ්ඩුවටත්, පරිස්ථානීය අර්බූද විසඳීම ප්‍රාන්ත නීති සම්පාදකයන්ටත් පැවරීමයි.

පිවිතුරු ප්‍රජාතන්ත්‍රයක සහ ජනරජයක් අතර දෙවැනි වෙනස නම් ජනරජයකට වඩා විශාල ප්‍රදේශයක් ආණ්ඩු කිරීමට හැකියාව තිබීමයි. මෙයින් කල්ලි බෙදුම්වාදයන් උත්පාදනය අපහසු වෙයි.

සමාජයක් කුඩා වෙද්දී, එහි කැමැත්තන් සහ පැහැදිලිව දැකිය හැකි කල්ලි ද අඩු වී යයි. එවිට ඔවුන් අතර මහා කල්ලියක් දකින්නට ලැබීම නිරතුරුවම සිද්ධ වේ. යම් කල්ලියක් නියෝජනය කරන කොටසක් සංඛ්‍යාවෙන් කුඩා වෙද්දී සහ ඔවුන් ජීවත් වෙන ප්‍රදේශය කුඩා වෙද්දී, ඔවුන් ගේ පීඩන සැලසුම් පහසුවෙන් අනික් කල්ලිය හා එකතු වී සිද්ධ කරනු ලබයි.

ප්‍රදේශය විසල් කිරීමෙන් කල්ලි හා කැමැත්තන් වැඩි වෙති. එහි ඉන්නා සියල්ලන්ට ම පොදු වූ එක අභිප්‍රේරණයක් වටා එක්කාසු කිරීමේ හැකියාව අඩු වී යයි. එහි දී අනිත් පුරවැසියන්ගේ අයිතීන් ආක්‍රමණය ඔවුන්ට අපහසුය. එක පොදු අභිප්‍රේරණයක් තිබුණ ද, එයට පක්ෂ වී සිටිනා අයට එකිනෙකා සොයාගෙන ඔවුන්ගේ එකතුවෙන් වැඩ කිරීම අපහසු වනු ඇත.*

අනෙක් දුර්වලතා තිබුණත්, හැමෝම දන්නා අයුක්ති සහගත හා අවඥා සහගත අරමුණක් පවතින්නේ නම්, එවිට එකිනෙකාගේ කැමැත්ත සොයන අවශ්‍යතාවය, මහා ප්‍රදේශයක වාසය කරන සංඛ්‍යාව අතර සීමාසහිත වෙන්නේ ඔවුන් එකිනෙකා අතර විශ්වාසය පිළිබඳ සැකයක් පැවතීමට සාමානුපාතිකව එය සිද්ධ වෙන නිසාය.

ඉතින් අපිට පැහැදිලිව පෙනී යන්නේ විශාල පෙදෙසකට ඇති වාසිය, ප්‍රජාතන්ත්‍රයකට වඩා ජනරජයකට ඇති වාසිය හා සමාන බවයි. විශාල ජනරජයකට කල්ලි අතර පාලනය කුඩා ජනරජයකට වඩා කාර්යක්ෂමව කළ හැකිය. ප්‍රාන්තයකට වඩා යුනියනයකට එය වඩා කාර්යක්ෂමව කළ හැකිය.

එහි වාසිය ලැබෙන්නේ පරිස්ථානීය ප්‍රාග්විනිශ්චයන් සහ අයුක්ති සහගත සැලසුම් වලට ඉහළින් ඉන්නා සද්ගුණවත් හා බුද්ධිමත් නියෝජිතයන් පත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ද? යුනියනයක් තුල දකින්නට ලැබෙන නියෝජිතයන් අතර මේ අවශ්‍ය ගුණාංග වැඩියෙන් තිබෙනු ඇතැයි කීම නොසලකා හරිනු බැරිය.

වැඩියෙන් ආරක්ෂාව ලැබෙන්නේ වැඩියෙන් කල්ලි සංඛ්‍යාවක් සිටීමෙන් ද? එවිට එක කල්ලියකට අනිත් අයට වැඩියෙන් සංඛ්‍යාවක් සිටීමෙන් අනික් අයව පීඩනයට පත් කිරීම කළ නොහැකියි. ඉතින් කල්ලි බොහොමයක් සිටීම නිසා යුනියනයක ආරක්ෂාව වැඩි ද? අයුක්ති සහගත වැඩි ජනතාවක් සිටින්නේ නම් ඔවුන්ගේ රහසිගත අභිප්‍රායයන් සාක්ෂාත් කර ගැනීමට වැඩි බාධක විශාල ජනරජයකින් ලැබෙන්නේ ද? නැවතත්, අපිට පෙනෙන්නේ යුනියනයේ විශාලත්වය වැඩියෙන් වාසියක් ලබා දෙන බවයි.

බෙදුම්වාදී කල්ලි වල නායකයන් ඔවුන්ගේ ප්‍රාන්ත වල ගිනි අවුලන්නට උත්සාහයක් ගනු ඇත. එහෙත් සාමාන්‍ය ලැව්ගින්නක් සේ ප්‍රාන්ත පුරා පතුරුවා යවන්නට ඔවුනට නොහැකි වනු ඇත. ආගමික කල්ලියක් පරිහානියට පත්වී යම් සමාබන්ධන කොටසක් තුල දේශපාලන කල්ලියක් වෙන්නට ඉඩ ඇත. නිසා එහෙත් අනේක වූ නිකායයන් මුළු රට පුරාම විසිර පැවතෙන විට එවැනි මූලයකින් හටගන්නා අවදානමකින් ආරක්ෂා වෙන්නට හැකියි.

කඩදාසි සල්ලි වලට ඇති නැඟී ගෙන එන කැමැත්ත, ණය ආලෝපනයට රිසි බව, එක සමාන ලෙසින් දේපල විභජනය හෝ වෙන එවැනි තවත් නොහොබිනා දුෂ්ට ව්‍යාපෘතියක් යුනියනයේ එක සාමාජිකයෙක් රවටා ගන්නවාට වඩා යුනියනයේ සියල්ලන් රවටා ගැනීමට හැකියාවෙන් අඩු වෙනු ඇත. හරියට යම් රෝගයක් එක පළාතකට හෝ එක දිස්ත්‍රික්කයක් ගොදුරු කරගන්නවා වුනාට මුළු රටම ගොදුරු කරගන්නා හැකියාවෙන් අඩු වෙනු ඇත.**

ප්‍රමාණය සහ ඔබින ලෙසින් සැකසෙන යුනියනයක, ඒ නිසා, අපිට රිපබ්ලිකන්*** ආණ්ඩුවක සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන ආබාධ වලට රිපබ්ලිකන් විසඳුම් දැකිය හැකියි. ජනරජයක අප සිටීමෙන් අපට ලැබෙන සතුට හා ආඩම්බරයේ මට්ටම අනුව අපි ෆෙඩරලිස්ට් හැදියාව සාත්තු සප්පායම් කර ඊට සහයෝගය දෙමු.

-පූබ්ලියස්”

* මේ ලියන කාලේ Facebook තිබ්බේ නැහැ!!!
** කාල් මාක්ස් ඉපදෙන්නෙ මෙයට අවුරුදු 31 කට පසුව.
*** මේ කියන්නේ වර්තමාන රිපබ්ලිකන් පක්ෂය ගැන නෙමෙයි.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on මාර්තු 1, 2013 at 6:12 පෙ.ව.

    ගහෙන් ගෙඩි එන්න වගේ පෝස්ට් දානකොට අපි කොහොමද කියවන්නෙ 🙂

  2. සමන් said, on මාර්තු 1, 2013 at 11:05 ප.ව.

    හැම නියෝජිතයෙක්වම තෝරා ගැනෙන්නේ වැඩි පිරිසක් විසින් නිසා—සුදුස්සා ම පත් වීමෙ, සම්භාවිතාව ඉහල යැමේ අනුමානය අපේ රටට නම් තාම ගැලපුනේ නැ මම හිතන්නේ..ඇමරිකාවෙත්, ඇල් ගොර් ජන්ද ගත්තා නේද බුශ් ට වඩා ?කොහොම උනත් මේක ලියපු කෙනා ගේ අවංක අනුමානය තේරුම් ගන්න පුලුවන්..මොකො ඊටත් වඩා හොද අනුමානයක් කරන්ඩ අමාරුයි වගේ.කවදා හරි දවසක බහුතරය හරි නිරපේක්ශව හරි තීරනය ගනි කියන බලාපොරොත්තුවෙන් ඉන්න පුලුවන්.ලිපියට ස්තුතියි.

    • arunishapiro said, on මාර්තු 2, 2013 at 8:19 පෙ.ව.

      සමන්,

      ඔව්, ප්‍රජාතන්ත්‍රවාදයේ තියන ආශ්චර්යයම එහි අඩුපාඩුවක් ද වෙන්නේ නායකත්වයට සුදුස්සා කවුද යන්න තෝරාගැනීමේ දී.

      ලෝකය හා මිනිසා ගැන අවබෝධයට යම් වෙහෙසක් ගන්නා අය හැමදාම ලෝකයේ හිටියෙ අඩුවෙන්. බහුතර අයට සරල ප්‍රස්තුතයක් පවා අවබෝධයට ස්වභාවයෙන් ම හැකියාවක් නැහැ. ඒ නිසා සංකීර්ණ ප්‍රස්තුත වටහා ගන්න කොහෙත්ම බැහැ. හැබැයි ඒ අයට එසේ වටහා ගන්න ස්වකීය හැකියාවක් නැති නිසාම ඔවුන් ඒවා වටහා ගන්නට දැනුම ඇති අය කියා දෙන මාර්ග අනුගමනය තෝරාගන්නවා. අනිත් අය රැල්ලක් පස්සෙ ගිහින් හති වැටුණම, බඩගිනි දැනෙන කොට මොකක් ද එහෙනම් අපිට බඩපුරවා ගන්න, මෙච්චර හති වැටෙන කම් දුවලා ලබාගත්තු දෙයක් නැතිවෙන්න හේතුව කියලා දැනගන්න වටපිට බලනවා. ලෝක ස්වභාවය සහ මිනිස් ස්වභාවය ගැන බුද්ධිමත් ටික දෙනෙකුට කියලා දෙන්න හැකිනම්, අපේ අධ්‍යාපන පද්ධතිය එයට සැකසී නැතිකම ඉතා කණගාටුවක්, ඒත් දැනුම සොයා එන ටික දෙනාට වත් අද මෙහෙම කියා දෙන්න තැන් විවෘත වෙද්දී, දැනුමක් ඇති අයව අනුගමනය කරන දැනුම සොයාගන්න නැති අයටත් අවස්ථාව ලැබෙන නිසා, එවිට බහුතරයකට සුදුස්සා කවුද යන්න තෝරාගැනීමට අවශ්‍ය දැනුමක් ලැබේවි.

      ඉතිහාසයේ පටන් මිනිසාට වූ පීඩන තත්වයන් විසින් නොදැනුම ඇත්තාව තෙරපීමෙන් ගලවා ගෙන ඇත්තේ කවුද කියා හොයා බැලුවොත් මේක සත්‍යයක් බව වැටහේවි.

  3. Naleen Dilruksha said, on මාර්තු 1, 2013 at 11:21 ප.ව.

    අපේ දැනුම් පිපාසය වෙනුවෙන් වෙහෙසෙමින් මේ කරනා මෙහෙය හරිම අගෙයි අරුණි.

  4. Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 2, 2013 at 3:24 පෙ.ව.

    මේක හරිම අසාධරණයක් නේ ගෝස්ට් රයිටර්ල දාලද මේ තරම් පෝස්ට් දාන්නේ..මෙහෙමත් ලිවිල්ලක්


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: