අරුණි ශපීරෝ‍ වෙතින්

වස්තු සම්පත් හැමෝටම එක සමාන ලෙසින් සාධාරණව බෙදන්න බැරි ඇයි?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 6, 2013

The Hive and the Honey Bee

වෙනිසියුලාවේ උගෝ චාවේස් ඊයේ මිය ගියේය. තෙල් ළිං ජනසතු කිරීමෙන් මහත් ජනතා ප්‍රසාදයක් දිනාගත් ඔහු බලයේ සිටින්නට සමත් විය. ඒ ජනසතු කළ තෙල් ළිං අකාර්යක්ෂමව සහ නිසි නඩත්තුවෙන් තොරව පවතින ඒවාය. කැස්ත්‍රෝලා මෙන් රට බංකොළොත් වෙද්දී බලයේ සිටිමින් කරකියා ගන්නට දෙයක් නැතිවෙනවාට වඩා මරණයෙන් ඔහුට ලැබෙන්නේ ගැලවීමකි.

තෙල් ලාබ, ක්‍රමයෙන් අඩුවීම චැවේස් ගේ වරදක් නොව සමාජවාදී ක්‍රමයේ වරදයි. ක්‍රමයට ගියේ ඔහු නිසා ඔහු වරදකරු වුවත් ක්‍රමයට යන්නට ඔහුට සහාය ලැබුනේ අන්දබූතයෙන් සිටි වෙනිසියුලාවේ ජනතාව නිසා ඔව්හු වරදේ හවුල්කාරයන්ය. සතියකට පමණ පෙර කියුබාවේ රාවුල් කැස්ත්‍රෝ ජනධිපති තනතුරෙන් අස්වෙනවා යැයි කියුවේ මන්දැයි දැන් පැහැදිලියි. වෙනිසියුලාවේ තෙල් සුවිශේෂී සහන මිලකට ලබාගන්නා කියුබාව නව වෙනිසියුලානු රජය හා කුමන ගිවිසුමකට එළඹේ ද?

වෙනිසියුලාවේ ඇමෙරිකන් දෙදෙනෙක්ට ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණයකට උත්සාහ කළා යැයි ඊයේ රටෙන් පිටවෙන්නට සිද්ධ වුණි. ඇමෙරිකන් ආණ්ඩුව මේ කාලයේ සාගතයෙන් සිටියත්, අපේ බදු සල්ලි වලින් ණය දෙන්නම් කියමින් එහෙට ඇඟිල්ලක් ගහන්නට තැතක් නොදරාවි යැයි සිතිය නොහැකියි. අසමාන ලෙසින් බෙදී ඇති වස්තු නැවත සමාන ලෙසින් බෙදන්නට වෑයම් කරනා ඔබාමා ඇයි වෙනිසියුලාවේ ඒ උත්සාහයේ වෙනසක් කරන්නට යන්නේ කියා නම් බේරා නොගත හැකි අවුලක්ය!!!!!!!!

අසමාන ලෙසින් වස්තු සම්පත් බෙදෙනවා යැයි තවමත් ලොව හැම පැත්තකින්ම නිතර අහන්නට ලැබෙයි. එසේ කියන අය දකින්නේ යුක්තිය විසින් පසඳාලිය යුතු අසාධාරණ තත්වයක් මතු වී තිබෙන බවයි. සාධාරණ වූ තත්වය නම් ජීවිතය ගෙන යන්නට, සෞඛ්‍යයට හා සතුටට අවශ්‍ය වූ දේවල් යම් පිරිසකට නොමැති නම්, ඒ අවස්ථාවේ දී වෙනත් පිරිසක් විසින් මොවුනට වඩා අතිරික්ත සුඛෝපභෝගී තත්වයන් භුක්ති විඳිනවා නම්, එසේ නම් මොවුන්ටත් ඊට අවස්ථාවක් ලැබිය යුතු බවයි.

හැමෝටම එකම තත්වයකින් වූ වස්තු සම්පත් භුක්ති විඳින්නට අවස්ථාවක් නැත්නම් කිසිවෙක් වැඩිමනක් වූ වස්තු සම්පත් භුක්ති විඳිය යුතු නැත යන්න ඔවුන්ගේ තර්කයයි. මිනිස් වර්ගයාගේ පරම තත්වය නම් වෙළඳපොලේ පවතින සියළු පාරිභෝගික භාණ්ඩ එක හා සමාන ලෙසින් බෙදී පැවතීම යන්න මේ අයගේ අදහසයි.

ඉතින් මේ පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත්ම ප්‍රායෝගික වූ ක්‍රමය හැටියට ඔවුන් යෝජනා කරන්නේ රැඩිකල් ආකාරයකින් ඊට මූලික වෙන විජට්ටුවන්* අහිමි කිරීම නොහොත් බුක්තිය පැහැර ගැනීම නොහොත් අපසර්ජනයයි. මූලික වෙන විජට්ටු ලෙසින් ඔවුන් දකින්නේ 1. සමාජයේ සියළු භෞතික නිෂ්පාදන සාධක හිමිකම සහ 2. සමාජයේ නිෂ්පාදනය කටයුතු වල නියැළෙන ආකරය යන දෙක. යම් බලකිරීමකින් නොහොත් ප්‍රරෝධනයකින් සහ අනිවාර්ය කිරීමකින් ඉහත විජට්ටු ඔවුන් වෙතින් ඉවත් කළ හැකි අලුත් විජට්ටුවක් මේ සඳහා ඔවුන් යොදා ගනියි.

අතිරික්ත සුඛෝපභෝගී තත්වයන් සුළු පිරිසක් භුක්ති විඳින්නේ භෞතික නිෂ්පාදන සාධක හිමිකම සහ නිෂ්පාදන කටයුතු වල නියැළෙන ආකරය අනුව නිසා, ඒවා සියළු ජනතාව අතර සාමානාත්මතාවයෙන් යුතු බවකට පත් කරන්නට යොදා ගන්නා විජට්ටුව ආණ්ඩුවයි.

මේ වැඩ සටහන සමාජවාදයයි හෝ කොමියුනිස්ට්වාදයයි. ඔවුන් හේතු ගණනාවක් පෙන්වා ඊට පටහැනි ධනවාදය ප්‍රතික්ෂේප කරති.

සුළු පිරිසක් අනික් අයට වඩා වස්තු සම්පත් භුක්ති විඳීම ඔවුන් සලකන්නේ අසාධාරණ හේතුවක් ලෙසිනි. එහෙත් එහි දී ස්වභාව ධර්මයා විසින් සියළු මිනිසුන්ට එකම ලෙසින් ඥානය, ශක්තිය, ඕනෑකම යනාදිය දායාද කර නැති බව ඔවුන් සැලකිල්ලට ගැනීම ප්‍රතික්ෂේප කරති.

සුළු පිරිසක් අනික් අයට වඩා වස්තු සම්පත් භුක්ති විඳීම අකාර්යක්ෂම වූ යැයි ද ඔවුන් හේතුවක් ලෙස දක්වති. මිනිස් වර්ගයා දොම්නස් කරන සහ දුප්පත් කරන වසංගතයේ අවසාන හේතුව ද මෙම අකාර්යක්ෂම බව යැයි ඔවුන් පෙන්වති. ඒ අකාර්යක්ෂම බව මුලිනුපුටා දමන්නට සමාජවාදයෙන් හැකි යැයි කියති; එහෙත් ක්‍රමය පැහැදිලි නැත. අත්හදා බැලීම් සාර්ථක වූ පරිස්ථානයක් සොයාගත නොහැකියි.

භෞතික නිෂ්පාදන සාධක අයිති වූ පුද්ගලික හිමිකම (private ownership) යන කෲර ආයතනය ඉවත් කර ඒවායෙහි මහජන අයිතිය ස්ථාපිත කිරීමෙන් සමාජයේ සියළු මිනිසුන්ගේ තත්වයන් අතිශය ප්‍රීතියෙන් උතුරා යනු ඇතැයි ඔවුන් තර්ක කරති. ලෝකයේ පරිපූර්ණ වූ ප්‍රීතිමත් සමාජ තත්වයක් සාක්ෂාත් කරගත හැකිවෙන්නේ මෙසේ වස්තු සම්පත් බෙදී ඇති අසාධාරණ තත්වය ඉවත් කිරීමෙන් යැයි ඔවුන්ගේ තර්කයයි.

ඉතින් ආණ්ඩුවක් පත් කරගන්නේ පවතින කෲර වූ අසමාන තත්වය වෙනස් කරගන්නට ය. බෙදා හැරීම සාධාරණව කළ යුතු යැයි සංකල්පයෙන් හැම කෙනෙකුටම ලැබිය යුත්ත ලබා දෙන්නට හැකි පද්ධතියක් සැලසුම් කිරීමට මිනිසාට හැකි යැයි මත පදනම් වූ චින්තනයකින් ආණ්ඩුවට ඒ ක්‍රියාවලිය ප්‍රරෝධන (promote) හා අනිවාර්ය (compulsory) කළ හැකි බලය පවරති.

දරීද්‍රතාවය යනු මිනිස් වර්ගයාගේ ප්‍රාථමික තත්වයයි. මෙය මුලින් ම පෙන්වා දුන්නේ Principles of Civil Code (1843) ලියූ ජෙරමි බෙන්තම් විසිනි. මිනිස් නොවන සත්වයන්ට වඩා තම ජීවන තත්වය උසස් කරගැනීමට මිනිසාට සහායක් වෙන එකම දැය නම් ඒ මිනිසා විසින් ම සැලසුම් කරගත යුතු ක්‍රියාකාරකම් වලින් ලැබෙන ඵලයයි.

ඉතින්, මිනිසාගේ ආර්ථික කටයුත්ත විය යුත්තේ වස්තු සම්පත් බෙදාහැරීම (wealth distribution) සැලසුම් කිරීම නොව නිෂ්පාදනයයි. මිනිසා කළ යුත්තේ තමන් ඉන්නා තත්වයේ දකින අඩුපාඩුවක් තමන්ට වඩාත්ම සුදුසු ලෙසින් වෙනස් කරගන්නට තම උත්සාහය යෙදවීමයි.

මතුපිටින් පමණක් බලා සමාජ තත්වයන් ගැන පැමිණිලි කරන අයත් මෙහි දී “එය එසේමය” කියා එකහෙළා එකඟ වෙති. ශ්‍රමය පමණයි, වෙන කිසිම දෙයක් නෙමෙයි ශ්‍රමය තමයි මිනිසා තිරිසනුන්ට වඩා ඉහළ බවකට ගෙන යන්නේ යැයි ඔවුන් ද කියති. “එය එසේමය” කියන ඔවුන් හැම නිෂ්පාදනයක් ම එළියට බහින්නේ ශ්‍රමය සහායෙන් බව පිළිගනිති. ඉතින් එහෙනම් ශ්‍රමය යොදවන අය විතරයි එයින් නිපැදවෙන වස්තු සම්පත් පාවිච්චියට අයිතීන් ලැබිය යුත්තේ යැයි ඔවුන් කියති.

ඒත් අපි කතා කරන්නේ මෙහි දී මිනිස් වර්ගයා ගැන බව ඔවුන් අමතක කරති!!!!!!!

තිරිසනාට වෙනස් මිනිස් ස්වභාවයක් නම් කාලයේ ප්‍රවාහය (flux of time) පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් තිබීමයි. මිනිසා ජීවත්වෙනුයේ නිරතුරුවම වෙනස්වෙන ලෝකයක. ඉපදී වැඩි කල් යන්නට මත්තෙන් අතීතය, වර්තමානය සහ අනාගතය අතර වෙනසක් ඇති බව ඔහු වටහා ගනියි. අදට වඩා යම් වෙනසක් අනාගතයේ දී බලාපොරොත්තු වෙන ඔහු ඒ වෙනස ඇති කර ගැනීම සඳහා යම් සැලසුමක් හදා ගනියි. සවිඥානිකව අනාගතය ගැන සැලසුමක් හදාගත හැකියාව මිනිසාට විශේෂ වූවකි. -ලුඩ්විග් වොන් මීසස්, මිනිස් ක්‍රියාකාරකම් (1949)

අනාගතයේ ඇති විය හැකි අවශ්‍යතා ගැන ඒවා හට ගන්නට පෙර අවධානයක් යොමු කරන මිනිසා හෙට පරිභෝජනය සඳහා අද වෙහෙසෙයි. උත්සාහය සහ වින්දනය අතර කාල පරතරයක් ඇතැයි හඳුනාගැනීමේ හැකියාව ඇති මිනිසා සිය ශ්‍රමය පාවිච්චි කරන ආකාරයට ඉයුජින් බොයිම්-බැවෙර්ක් කියුවේ වටරවුම් නිෂ්පාදන ක්‍රම වල යෙදෙනවා කියාය. ස්වභාව ධර්මයෙන් ලැබී ඇති නිෂ්පාදන සාධක වලට මිනිසා විසින් එකතු කර ඇත්තේ දැන් පරිභෝජනය නොකර අනාගතයේ පරිභෝජනය කළ හැකි සාධකයකි. එයින් මිනිසාගේ භෞතික පරිසරය සහ ඔහුගේ ජීවන විලාසය රැඩිකල් අයුරකින් වෙනසකට භාජනය විය.

එයින් ඇතිවූයේ මිනිස් ශිෂ්ඨාචාරයයි.

මිනිස් ශිෂ්ඨාචාරය බිහිවූයේ රජවරුන්, ජනරාල්වරැන් හෝ Führers ලා (මෙය ලියුවේ ජර්මන් පාඨකයන් අරමුණු කරගෙන) වෙතින් නොවන බව මීසස් කියයි. එසේ ම එය “පොදු” මිනිසුන් ගේ (common men) ශ්‍රමය නිසා ද බිහි වූවා නොවේ.

මිනිස් කොට්ඨාශ දෙකක සහයෝගය නිසා ශිෂ්ඨාචාර මිනිසා බිහිවිය. ඉතිරි කරන්නට හුරු වූ මිනිසුන් හා වටරවුම් නිෂ්පාදන ක්‍රමය ඍජුවම පාරිභෝගික භාණ්ඩ නිපදවන්නට යොදාගන්නට දත් මිනිසුන් අතර වූ ගණුදෙනුවකින් මිනිස් ශිෂ්ඨාචාරය පටන් ගති. ඉතිරි කිරීම් නැත්නම් සහ සාර්ථක ලෙසින් ඒ ඉතිරි කරන ලද වූව පාවිච්චියට ගන්නා ක්‍රමයක් දන්නා අයෙක් නැත්නම් මිනිසාගේ තත්වයේ අදට වඩා වැඩි වෙනසක් හෙට දිනයේ දී සිද්ධ නොවේ.

ලැබුණ විගස සියල්ල පරිභෝජනය නොකර හෙටටත් ගන්න කල්තබා ගන්නා හැදියාව ඇති තිරිසන් සත්වයින් ද සිටිති. ඔවුන්ට ඒ ධනවාදී හැදියාව සහජයෙන් ආවේනික වී ඇත. එහෙත් එසේම අනුන් වෙහෙසෙන්නේ කොතරම් දැයි නොසොයා තම ශ්‍රමය උපරිමයෙන් යොදවන (worker bee) සමාජවාදී හැදියාවක් ද තිරිසන් සත්වයින්ට සහජයෙන් ආවේනික වී ඇත!!!!!

එහෙත් මිනිසාට ලැබී ඇත්තේ එවැනි සහජයෙන් ආවේනික වූ තත්වයන් නොවේ.

මිනිසාට ඉතිරි කිරීම හෝ පරිභෝජනය කිරීම යන දෙකින් කැමැත්තක් තෝරා ගතහැකි ස්වභාවික ස්වභාවයක් (natural state) ලැබී ඇත!!!!! මිනිසාට තමන් අතින් නිමැවුන දැයට කොපමණ වෙහෙසක්, කාලයක් වැය වුනා දැයි දැක අනෙක් අයෙකු නිපැවූ දැයකට කොපමණ වෙහෙසක්, කාලයක් වැය කළා දැයි ගණන් හදන්නට හැකියාව සහජයෙන් දායද වී ඇත!!!!!

අවුල් පටන් ගන්නේ එතැන දී ය. 😀

මී මැස්සන් කරන්න බැහැ … මේ හිතන්න පුළුවන් මිනිසුන්ව!!!!

* විජට්ටුව යනුවෙන් අදහස් කර ඇත්තේ ආණ්ඩුක්‍රම හදාරන අය යාන්ත්‍රණය (mechanism) ලෙසින් හඳුන්වන්නයි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on මාර්තු 6, 2013 at 10:40 පෙ.ව.

    අගය කළ යුතු ලිපියකි. ඔබට ස්තුතියි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: