අරුණි ශපීරෝ‍ වෙතින්

හිම කුණාටුවක් වැටෙනා දිනයෙක මිස්ට රූන්ඩ් පෝල් යයි වොෂිංටනයට

Posted in Uncategorized by arunishapiro on මාර්තු 6, 2013

Rand Paul Goes to Washington

කෙන්ටකි ප්‍රාන්තය නියෝජනය කරන රෑන්ඩ් පෝල් සෙනෙට් සභිකයා අද හිම කුණාටුවක් වැටෙමින් පවතින වොෂිංටනයේ දී ඔබාමා ආණ්ඩුවේ නව CIA අධ්‍යක්ෂක පත්වීම අනුමතයට බාධා කරමින් දීර්ඝ කතාවක් (filibuster) පටන් ගත්තේ උදෑසන 11:45 ට පමණ ය. මෙම සටහන මම පළ කරන වේලාව සවස 5:30 යි. ඔහු තවමත් සභාවේ මුලසුන දරමින් සිටින්නේ ය. ඔහුගේ පරමාර්ථය ඒ පත්වීම ඇණහිටුවීම නොවේ. ඔහුගේ පක්ෂයට ඒ සඳහා ප්‍රමාණවත් චන්ද ප්‍රමාණයක් නැත. ඔහුගේ පරමාර්ථය මේ ව්‍යවස්ථාවට පටහැනි ජනාධිපති හැදියාව ගැන ජනතාවගේ අවධානයක් ලබා ගැනීමයි.

ඔහුගේ කතාවේ පදනම රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නිසි ක්‍රියාවලිය -due process- ඔබාමා ආණ්ඩුවේ දී සිද්ධ වෙන්නේ ද යන්න විභාගයයි. බරක් ඔබාමා විසින් ඇමෙරිකන් පුරවැසියන්ට එරෙහිව ඇමෙරිකාවේ දී ඩ්‍රෝන් ප්‍රහාරයන් එල්ල කරන අවසර දෙන්නේ කෙසේදැයි කොංග්‍රස් සභාවේ දී අසන්නට ඔහු පටන් ගත්තේ ය. ඇමෙරිකන් ආණ්ඩුවේ පවතින checks and balances නොහොත් විධායක, නියෝජිත හා අධිකරණය අතර බලය බෙදී පවතින ආකාරය නොතකා ජනාධිපති ඔබාමා කටයුතු කරන ආකාරය විමසුම් කරන්නට රටේ ව්‍යවස්ථාවෙන් ජනතා නියෝජිතයන්ට ඇති බලය මෙහි දී දකින්නට ලැබුණි. ඩ්‍රෝන් ප්‍රහාර කොංග්‍රසයේ අනුදැනුම නොමැතිව සිද්ධ වීම අනුමත නොකරන්නට පක්ෂයන් දෙපැත්තෙන්ම සෙනෙට් සභිකයන් හෙමින් හෙමින් ඔහු සමඟ එකතු වන්නට පටන් ගති.

මිස්ට ස්මිත් යයි වොෂිංටනයට -Mr. Smith Goes to Washington චිත්‍රපටිය නිමැවුනේ 1939 දී ය. එහි පළමු දර්ශනය පැවැත්වෙන්නේ වොෂිංටන් දිස්ත්‍රික්කයේ ව්‍යවස්ථා ශාලාවේ දී ය. එහි දර්ශන දායකත්වය දරන්නේ ජාතික මාධ්‍ය සංගමයයි. ආරාධිත අමුත්තන් හාරදහසකට, ආරාධනා ලැබූ සෙනෙට් සභිකයන් 45 ක් ද ඇතුලත් විය.

එයින් ඇමෙරිකාවේ ප්‍රතිරුපයට හානියක් වෙතැයි බිය වූ අය ද සිටියහ. ඔවුන් රටේ ව්‍යවස්ථාව හරියට නොදැන සිටි අය විය යුතුයි!!!!

එදා ඒ චිත්‍රපටිය තහනමට ලක්වූයේ හිට්ලර්ගේ ජර්මනියේ, මුසෝලිනිගේ ඉතාලියේ, ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රැන්කෝ ගේ ස්පාඤ්ඤයේ, සහ ජෝසෆ් ස්ටාලින්ගේ රුසියාවේ ය!!!! ඉතින් වෙනත් යමක් කිය යුතු ද?!!!!!!

අද රෑන්ඩ් පෝල් අහනා ප්‍රශ්න ඇමෙරිකන් කොංග්‍රසය ඉදිරියේ විමසීම මිස්ට ස්මිත් වොෂිංටනයට පැමිණ සිටිනවා වැනිය. එයින් ඇමෙරිකාවේ ප්‍රතිරූපයකට හානියක් වෙනවා යැයි අයෙක් සිතන්නේ ද එයා ඇමෙරිකාවේ ව්‍යවස්ථාව නොදන්නෙකි.

අපේ යහළු මිත්‍රයන් යම් මතයක් මහජන වේදිකාවක ප්‍රකාශ කරද්දී ඒවා විචාරය කළ යුත්තේ අපිම ය.

අපේ රටවැසියන් යම් මතයන් මහජන වේදිකාවක ප්‍රකාශ කරද්දී ඒවා විචාරය කළ යුත්තේ අපිම ය.

අපේ ජනතා නියෝජිතයන් යම් මතයන් මහජන වේදිකාවක ප්‍රකාශ කරද්දී ඒවා විචාරය කළ යුත්තේ අපිම ය.

අපේ රටේ පාලකයන් ව්‍යවස්ථාවෙන් පිටත පැන බලය ක්‍රියාත්මක කරනවා නම් ඒවාට හේතු ඉල්ලා සිටිය යුත්තේ ද අපිම ය.

ඇමෙරිකන් ඉතිහාසය ගැන සත්‍ය විමර්ශනයක් කරන අයෙකුට දැන ගන්නට ලැබෙන්නේ ඇමෙරිකන්කාරයෙක් වැරද්දක් කරද්දී එයාව හදාගන්නට වැරැද්ද පෙන්වා දෙන්නට මුලින් ම ඉදිරියට ආවේ ඇමෙරිකන්කාරයන් ම බවයි. මා ජීවත්වෙන්නට තෝරාගත් මේ රටට ඇති මගේ ආදරය තව තවත් වැඩිවෙනවා යැයි කියන්නට ඕනෑ ද? 😀 😀

වසර 236 කට පෙර ලියැවුන ව්‍යවස්ථාවෙන් ම ඊට නිසි ඉඩකඩ හදා දී තිබීම කොතරම් අපුරු ද?!!!!!!!

තවමත් රෑන්ඩ් පෝල් පවත්වා ගෙන කතාව සමාජ මාධ්‍ය තුල පැතිරෙන්නේ filiblizzard 2013 නමිනි. Blizzard යනු හිම කුණාටුවකට කියන නමකි. මෙතෙක් ඉතිහාසයේ ඇමෙරිකන් කොංග්‍රසයේ පැවැත්වුනු දීර්ඝතම ෆිලිබස්ටර් කතාව පැය 24 ක් ඉක්මවා යන ලද්දකි. රූන්ඩ් පෝල් කියන්නේ බරක් ඔබාමා වෙතින් නිසි ප්‍රතිචාරයක් ලැබෙන්නේ නම් වහාම කතාව අවසන් කරන බවයි …. බලහත්කාරයෙන් උදුරා ගන්නා බදු මුදල් වැය විය යුත්තේ මෙවැන්නකටයි!!!!!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. naleendilruksha said, on මාර්තු 7, 2013 at 6:49 පෙ.ව.

    ව්‍යංගයද ඉතාමත්ම පැහැදිලිය. ස්තුතියි අරුණි.

    • arunishapiro said, on මාර්තු 7, 2013 at 7:17 පෙ.ව.

      naleendilruksha,

      🙂 අයියෝ මම හිතුවේ කියන්න තියෙන දේවල් කෙළින් ම ලියලා දැම්මා කියලා … ඔය පැත්තෙන් බලන විදියට බැලුවම ව්‍යංගයක් එකතු වෙලා නේන්නම්!!! මේකනෙ වැඩේ නලීන්, යම් රටක් ප්‍රබන්ධ හැදුවාම හිරේ දාන්න යනවා නම් ඒවා ඇත්ත කියල හිතලා, ඇත්ත කිව්වොත් හිරේ දාන්න යනවා නම් ප්‍රබන්ධ ගොතනවා කියලා … එහෙම රටක අයට යමක් කෙළින් ම කිව්වත් ව්‍යංගාර්ථ හොයාගන්න පුළුවන්. 🙂

  2. Shanthi Chandrasekera said, on මාර්තු 7, 2013 at 12:11 ප.ව.

    harima rasawath , wiyangayada rasawath thanks Aruni.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: