අරුණි ශපීරෝ‍ වෙතින්

ශිෂ්ඨාචාර වීමට නම් තමා කැමති පරිදි ඉතිරි කරන්නට ඉඩක් ලැබිය යුතුයි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 7, 2013

IMG_5007

ඉතිරි කිරීම යනු අනාගත දිනයක පරිභෝජනය වැඩිපුර ප්‍රමාණයෙන් හෝ දියුණුවෙන් යුතු තත්වයකින් කරගන්නා අරමුණින්, මේ දැන් පරිභෝජනයට ගැනීමෙන් වැළකෙන ඕනෑම ක්‍රමයකි. මූල්‍ය එකතුවක් (capital accumulation) හැදෙන්නේ ඉතිරි කිරීම් වලිනි. ඉතිරි නොකරන කල දැනට තිබෙන මූල්‍ය එකතුව අඩු වී යයි.

මිනිස් ක්‍රියාවක් එක්කෝ තවත් ඉතිරි කිරීම් කරනු සඳහා තම දක්ෂතාවය වැඩි දියුණු කරගන්නට තෝරා ගන්නකි, නැත්නම් තම ආදායමට වඩා පරිභෝජනය කරමින් මුල්‍ය තැන්පතු අඩු කරන්නට තෝරා ගන්නකි. අමතර ඉතිරි කිරීම් සහ පරිභෝජනය නොකරන මෙතෙක් එකතු කරගත් ඉතිරි කිරීම් යනු ද කිසිම විටෙක ඔටෝමැටික් ලෙසකින් එකතු වෙන ලද ඒවා නොවෙති. ඒවා ක්ෂණික පරිභෝජනය උවමනාවෙන්ම නොකර සිටිය නිසා කළින් එකතු වී තිබෙන්නකි. ක්ෂණික පරිභෝජනයෙන් වැළකී ඉතිරි කිරීමක් කරන්නා බලාපොරොත්තු වෙන්නේ එක්කෝ එය අනාගතයේ දී පරිභෝජනයට ගන්නට ය. නැත්නම් එයින් මූල්‍ය භාණ්ඩයක්* (capital good) ලබාගන්නට ය.

මූල්‍ය භාණ්ඩයක් ශ්‍රමය පමණක් වෙහෙස වූවාට බිහිවෙන්නේ නැත. එයට ශ්‍රමය මෙන්ම ස්වභාව ධර්මයෙන් අමුද්‍රව්‍ය සහ නිපදවන දැනුමක් අවශ්‍යයය.

අරමුණක් නැත්නම් ඉතිරි කිරීම් නැත. මිනිසා ඉතිරි කරන්නේ, නැත්නම් හෙට කන්නට තබාගන්නේ, එයින් හෙට ඇතිවෙන කුසගිනි වලින් පෙළෙනවාට වඩා කන්නට යමක් ලැබී හෙට තත්වයට දියුණුවක් ඇතිවේය යන බලාපොරොත්තුවෙනි. සමහර විට තමන්ගේ තත්වය නැත්නම් වෙන අයගේ තත්වය තිබෙනවාට වඩා යහපත් කරලීම ඔහුගේ අරමුණ විය හැකියි. එහෙත් කිසිම අයෙක් තමන් නොදන්නා අයෙකුගේ යහපත වෙනුවෙන් කියා අද පරිභෝජනය නොකර ඉන්නේ නැත. ඉතිරි කිරීම් කිසිවක් නැත්නම්, එවිට මූල්‍ය භාණ්ඩ උප්පත්තියක් නොලබයි.

සෑම මූල්‍ය භාණ්ඩයක් ම කවුරු හෝ නිශ්චිත කෙනෙකුට අයිති වූවකි. පසු පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කරන ලද අයගේ දේපල නිසා මූල්‍ය භාණ්ඩයක පැවැත්ම ඇතිවිණ. එසේ පුද්ගලික දේපල වශයෙන් මූල්‍ය භාණ්ඩයක් පැවැත්මක් ලැබීම ධනවාදයේ ලක්ෂණයකි.

වර්තමානයේ දී, ධනවාදී ලෝකයක් දායද වූවන් පවා සමාජ පද්ධතියක් තුලින් සුපිරි අධිකාරියකින් කරන සැලසුම් වලට කීකරු වී සිටිති. ඉතින් පාලකයන්ගේ කැමැත්තට අනුව පමණක් සියල්ල නිර්මාණය කරන්නට ඔවුනට සිද්ධ වී ඇත. පාලකයන්ගේ නිර්දේශයන් අනුව කටයුතු කිරීම සමාජවාදයේ ලක්ෂණයකි. සුපිරි අධිකාරිය (ආණ්ඩුව) විසින් තමන්ට පරිහරණය කළ හැක්කේ කොතරම් කියාදැයි සහ ඉතිරි කළ හැක්කේ කොතරම් කියාදැයි කියා (බදු වලින්) රෙගුලාසි පනවා ඇති අතර ඒවාට අනුචිත ලෙසින් කටයුතු නොකරනවා නම් දඬුවම් නියම කරති. එසේ බලද්දී, සියළුම නිෂ්පාදන සාධක බලඅධිකාරියක් යටතට ගෙන ඇත.

වර්ජීනියාවේ ෆෙයාර්ෆැක්ස් පැරණි ටවුමේ පිහිටන මෙම අතීතයේ පිදුරු සහ ධාන්‍ය ගබඩා කරන ලද බිල්ඩිම ඉදිකරන ලද්දේ 1900 දී.

වර්ජීනියාවේ ෆෙයාර්ෆැක්ස් පැරණි ටවුමේ පිහිටන මෙම අතීතයේ පිදුරු සහ ධාන්‍ය ගබඩා කරන ලද බිල්ඩිම ඉදිකරන ලද්දේ 1900 දී.

ඉතින් මිනිසාට ඇත්තේ තෝරා ගැනීම් දෙකකි.
1. භෞතික වූ නිෂ්පාදන සාධක වශයෙන් එන පුද්ගලික දේපල හිමිකම.
2. මධ්‍යම අධිකාරියක් මඟින් එහි අණසක අනුව තීරණය කරන සියළු භෞතික වූ නිෂ්පාදන සාධක

පුද්ගලික දේපල හිමිකම යටතේ කුමක් නිෂ්පාදනය වෙනවා දැයි තීරණය කරන්නේ පාරිභෝගික ඉල්ලුම අනුව ය. මොන අනගිත්වයෙන් ද, මොන තරම් ප්‍රමාණයෙන් ද නිපදවිය යුත්තේ යැයි පුද්ගලික දේපල හිමිකරුවා තීරණය කරයි.

මධ්‍යම අධිකාරියක් වන ආණ්ඩුවක් කවුරු කුමක් නිපදවන්නේ ද, කාට කොපමණක් පරිභෝජනය කරන්නට ඉඩ දෙනවා ද යන්න තීරණය කරයි.

ඒකීය පුද්ගලයන්ට තම පුද්ගලික දේපල (තමන් උපයන සියල්ල) තබා ගැනීමටත්, තාවකාලිකව ඒවා පරිභෝජනයට නොගෙන අනාගතයේ උපයෝගීතාවය වැඩි කරගනු පිණිස ඉතිරි කරන තීරණයක් ගන්නටත්, ඉඩක් නොදන්නේ ද එවිට මිනිසාගේ නිෂ්පාදන උත්සාහයන්ට කිසිත්ම දිරි ගැන්වීමක් නොලැබේ. දිරි ගැන්වීමක් (incentive) නොමැති දෙයක නියැළීම මිනිස් ස්වභාවයේ දකින්නට නැහැ. එහි දී තෝරාගැනීමක් කරනා මිනිසාට තිරිසන් සතුන්ට වඩා ඉහළ මට්ටමකට තම තත්වය ඉහළ දමන්නට හැකියාවක් ද නොලැබේ.

ඉතින්, පුද්ගලික දේපල අයිතියට එරෙහි වන අය විසින් (සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන්) හැම විටම උත්සාහ කරන්නේ කොන්දේසි විරහිතව මධ්‍යම අධිකාරියකින් නිකුත් කරන ආඥා වලට නතු වී කටයුතු කරන සමාජයක් සැලසුම් කිරීමටයි.

* මූල්‍ය භාණ්ඩයක් යනු පරිභෝජනයට ගන්නා භාණ්ඩයක් නොව පරිභෝජනයට ගන්නා දැයක් නිෂ්පාදනය කරන්නට උදව් වෙන භාණ්ඩයයි. කැත්තක් හදාගන්නට අවශ්‍ය වෙන යකඩ තලය හා ලී මිට මූල්‍ය භාණ්ඩ හෙවත් ඉහළ පර්යායේ භාණ්ඩ (higher order goods) වෙති. මූල්‍ය භාණ්ඩ වූ යකඩ තලය හා ලී මිටට ශ්‍රමය එකතු වී කැත්තක් බිහි වේ. කැත්ත යනු දෙවැනි පර්යායේ (second order) භාණ්ඩයකි. කැත්තෙන් කපා ගන්නා කෙසෙල්කැන යනු පරිභෝජන භාණ්ඩ (first order goods) ගණයට අයත් වෙන්නයි. –Capital and Interest: A Critical History of Economical Theory (1884), Eugen von Böhm-Bawerk

ලුඩ්විග් වොන් මීසස් ලියූ රචනා එකුතවෙන් හැදෙන “මුදල්, විධික්‍රමය, සහ වෙළඳපොල ක්‍රියාවලිය -Money, Method, and the Market Process (1990) හි ධනවාදයට එරෙහි සමාජවාදය යන 13 වැනි පරිච්ඡේදය ඇසුරිනි.

*** මගේ සිංහල භාවිතයේ බරපතල වචන තිබීම වැඩියි කියන අයට: දැනගන්න පහදාගන්න අහන ප්‍රශ්නයකට කිසිදිනෙක පිළිතුරක් නොදී සිටියේ නැහැ. ඒ නිසා මෙහි ප්‍රතිචාර දමන්නට අකමැති අයට Facebook හෝ ඊමේල් මඟින් අහන්නට පුළුවන්. දැනුමට යමක් එකතු කරගන්නට කැමැත්තක් ඇත්නම් පමණක් මිසක් වෙනත් දේශපාලන කේන්ද්‍රීය වූ අරමුණු වෙනුවෙන් මාව අමතන්න එපා. අයෙක් උත්සාහ කළ යුත්තේ ආණ්ඩුවක් පෙරළන එකට නෙමෙයි. බලයට එන, බලයේ ඉන්නා ඕනෑම ආණ්ඩුවක් හදාගන්න එකටයි. නැත්නම් හැමදාම ආණ්ඩු පෙරළමින් ඉන්නට සිද්ධ වේ.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on මාර්තු 7, 2013 at 8:38 පෙ.ව.

    obe lipiya mata godak udaw una langadee aramba karanna hadana mage viyaparaya gana. aththatama kamathi oba handunwadun Capital and interest kiyana potha kiyawanna. danata mama igenaganimin innawa start your business step by step kiya.. ow oba hari hamadama andu peraleemen kawadawath ratak goda naganna baha. inna kenage adupadu hadagena ohu lawa oruwa padayanna niyama disawa hoyadena ilakka thanata yana ekai kala uththe kiya mata hithenawa. ithin thanks obata niwaduwak thibunoth mata liyanna .obata suba dawasak!!!

    • arunishapiro said, on මාර්තු 7, 2013 at 8:46 පෙ.ව.

      Shanthi,

      සබැඳියෙන් යන්න පුළුවන් පොතට. වම් පැත්තේ ඇති ලින්ක්ස් වලින් පොතේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට යා හැකියි. එය පරණ ඉංග්‍රීසි වලින් ලියා තියෙන්නෙ!!! ඉතින් කියවද්දී ඇතිවෙන අපහැදිලි යමක් ඇත්නම් අහන්න. අනිත් අයටත් වැදගත් වෙනවා යැයි සිතුනොත් මෙහි දී ම විස්තර කරන්න පුලුවන්. නැත්නම් ඔයාට විතරක් පැහැදිලි කරන්නම්!!! මම Facebook වලින් එව්වා පණිවිඩයක්.
      නව ව්‍යාපාරයට ජය! ඔබටත් සුබ දවසක්!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: