අරුණි ශපීරෝ‍ වෙතින්

වියෙනා, වර්ජීනියාවේ ඇම්ෆෝරා අවන්හලේ රසැති බ්ලින්ට්සස්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 8, 2013

IMG_4980

පැය 24 පුරාම උදේ, දවල් හා රාත්‍රී ආහාරයන් යැයි සැලකෙන දේවල් වලින් තමන් කැමති වූවක් අනුභව කරන්නට හැකි ඇම්ෆෝරා අවන්හල 1977 සිට පවත්වාගෙන ව්‍යාපාරයකි. වර්ජීනියාව ප්‍රාන්තයයි. වියෙනා යනු මේ 2010 ජනසංඛ්‍යා ලේඛන දත්ත අනුව 15,687 ක් ජීවත්වෙන නගරයයි. වොෂිංටන් දිස්ත්‍රික්කයට ආසන්න බැවින් එහි නොයෙකුත් උත්සව, ජනරැළි වලට එන අය මේ පැතිවල ද සැරිසරන්නහ.

එහි ප්‍රථම ස්වදේශී නොවන ජනතාවක් පදිංචි වූ බවට සටහන් වෙන්නේ 1740 දී බවයි. 1754 දී සොල්දාදුවෙක් හා ඉඩම් හිමියෙක් වූ චාල්ස් බ්‍රෝඩ්වෝටර් නගරයේ පදිංචිකරුවෙක් විය. ඔහුගේ දුව සමඟ විවාහ වූ ජෝන් හන්ටර් නැමැත්තා එහි වාර්තාගත වෙන ප්‍රථම නිවස ඉදිකරන ලදැයි සැලකෙන්නේ 1767 දී ය. එයට ජෝන් හන්ටර් උපන් ස්කොට්ලන්තයේ Ayr නම දී Ayr Hill යැයි හඳුන්වා ඇත. 1850 ගණන් වල දී විලියම් හෙන්ඩ්‍රික් නැමති වෛද්‍යවරයෙක් එහි පදිංචි වී නගරයේ නම ඔහුගේ ගම වූ වියෙනා, නිව් යෝර්ක් අනුව වියෙනා යැයි වෙනස් කරන ලදි!!!

වියෙනාව යනු නිව් යෝර්ක් වලට ද ආවේනික නමක් නොවේ. එහි මුල් පදිංචිකරුවන් ස්වදේශීන් වූ අතර ඔවුන් කිහිප වතාවක් එකම ස්ටැටන් අයිලන්ඩ් ඉඩකඩම් විකුණා ඇත්තේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ මුල් සංක්‍රමණික පදිංචිකරුවන් වූ ඕලන්ද ජාතිකයන්ටය!!!!

IMG_4982පැය 24 පුරා විවෘතව පවතින වෙළඳ ස්ථානයන් ඇමෙරිකාවේ වෙළඳපොල ගැන වූ විශේෂ ලක්ෂණයකි. ඉතා මෑතක් වනතුරු ලොව පැය 24 පුරාම විවෘතව පැවති වෙළඳස්ථාන බහුලව පැවතියේ ඇමෙරිකාවේ පමණි. යුරෝපා රටවල එය තවමත් එතරම් ජනප්‍රිය සංකල්පයක් නොවේ.

බ්ලින්ට්සස් blintzes/blins යනු ස්ලාවික් ජනතව විසින් ලොවට දායද කරන ලද රසවත් ආහාරයකි. යුක්රේන් සම්භවයකින් යුතු එය ක්‍රිස්තියානි ආගමට පූර්ව යුගයක සූර්යයා සංකේතවත් කරන ලද ආහාරයක් ලෙසින් නිර්මාණය වූවා යැයි සැලකේ. සාම්ප්‍රදායික වශයෙන් හේමන්තයේ අවසන සලකුණු කරමින් සූර්යයාගේ නව උප්පත්තියට ගෞරව කරන ලෙසින් එය බිහි වී ඇත. එය රුසියන් සත්‍යලබ්ධික (Orthodox) පල්ලිය මේ දක්වා පවත්වා ගෙන එන සිරිතක් ලෙසින් ද සැලකේ.
IMG_4981
මේවා පෑන් කේක් රසයෙන් යුතුයි. ඇතුලට චීස් පුරවා ඇත. ඒ සමඟ අනුභවයට ජෑම් ලෙසකින් හදන ලද ස්ට්‍රෝබෙරි හා බ්ලූබෙරි පිරිනැමේ. ලංකාවේ මීකිරි රසයෙන් එන sour cream ද ලැබෙන අවස්ථා ඇත. රැසියන් බසින් බ්ලින්ට්ස් බේක් කරනවා යැයි කිව්වාට ඒවා ලිප මත වූ තැටියකට පෑන් කේක් මෙන් උකු දියරයක් වත්කර හදා ගන්නකි.

බ්ලින්ට්සස් ඇමෙරිකාවේ ජනප්‍රිය වූයේ යුදෙව් සංක්‍රමණිකයන් නිසාය. එය යුදෙව් ආගමේ චාරිත්‍රයකට අයිති නැතිවුවත් යුදෙව් උත්සව වල දී දකින්නට ලැබෙන්නකි.

මේ ඇම්ෆෝරා අවන්හලේ දී වසරේ 365 දවසේ 24/7 ඕනෑම අයෙකුට බ්ලින්ට්ස් එකක රස බලන්න පුළුවන්.

IMG_4983

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. තරිඳු රොෂාන්ත said, on මාර්තු 8, 2013 at 8:44 පෙ.ව.

    I am not really sure but i think i have had them once. i was told the name then but can’t really remember if it’s the same name. It was as you say here. Pancake filled with cheese. I had sour cream with that. It was a Romanian who made that for me. It was amazing but don’t know how authentic that is.

    Seven-eleven is a very popular 24/7 stores chain that can be seen in Thai urban areas. The number of stores surprises me as I am not sure how profitable it is to have that many stores close to each other. You could literally see the next store from the one you are in sometimes.

    • arunishapiro said, on මාර්තු 8, 2013 at 8:51 පෙ.ව.

      තරිඳු,

      රුමේනියාවේ ස්ලාවික් බලපෑම් දැකිය හැකි නිසා ඔව් එය බොහෝ දුරට අව්‍යාජ බ්ලින්ට්සස් වෙන්නතැති. එයට කියන තව නම් ගොඩක් තියෙනවා .. මේක තමයි ජනප්‍රිය නම.

      7-Eleven දැන් ජපානයේ ද දකින්න තියන ජනප්‍රිය කඩදාමයක්. ලෝකයේ ඒ වගේ සිල්ලර කඩ අතර වැඩියෙන්ම ප්‍රමාණයක් තියෙන්නෙ එයටයි. පටන් ගෙන ඇත්තේ 1927 දී ඩැලස්, ටෙක්සස් වල. 2009 දී ඩොලර් බිලියන 16.6 උපයන බවක් කියනවා. ඉතින් මම හිතන්නේ කොච්චර තිබ්බත්, එක ළඟින් තිබුණත්, එයාලගේ බිස්නස් මොඩල් එක නිවැරදි නිසා, පහසු සිල්ලර කඩය -convenience store- පාඩු නැහැයි කියලා!!!!

  2. Shanthi Chandrasekera said, on මාර්තු 8, 2013 at 12:16 ප.ව.

    katata kela awa kaama dakkama. ape rate wellawahum kiyala kaamak hariyata e wage neda? pan cake wage neda? uk welath oyata samana kaama thiyenawa mage chuti kadeth hithan inne lankawe awenika kaama hada vikunanna danata podi research ekak kala wade patan ganna kalin. eth hithuwa tharam prathipala labune . naha. mama inna palathe wadi denek lankawa gana ahalawath naha. india wela kotasakda kiyala ahanawa. eth kohomahari wade patan aran lankawe kaama eyalata hadunwala denawa kiya hithuwa. mage touter nam try karanawa mawa honda business karayek karanna. mage waradi hada denawa aluth vidihata hithanna ona kohomada kiya denawa. mage aluthma subject ekak meka kalin igenagaththeBiology. ithin padu wenna hari athhada balannada? mokada oya hithanne ? thanks Aruni.

    • arunishapiro said, on මාර්තු 8, 2013 at 5:44 ප.ව.

      Shanthi,

      ඔව් පෑන් කේක් හා සමානයි. වෙල්ලවැහුම් කියන්නෙ පෑන් කේක් එක හදලා මැද්දට පොල්පැණි දැම්මම. හරි රසයි.

      ඔයාගේ චූටි කඩේ දැනට මොනවා ද විකුණන්නේ? අවන්හල් වැඩේ ලේසි නැහැ, නිවාඩුවක් යන්නත් බැහැ. පාඩු වෙන්න කියලා නම් අත්හදා බලන්න එපා, ලාබ හොයන අදහසක් ඇත්නම් විතරක් අත්හදා බලන්න. 😀

      ලංකාවේ දී මම ඔබරෝයි හෝටලේ කෝපි කඩේ වැඩ කළා කිසිම දෙයක් නොදත්!! උසස් පෙළ ප්‍රතිඵල එනකම් බලාගෙන හිටපු කාලේ. මේ මම මෙහෙ වැඩකරපු අවන්හලේ පින්තූරයක්. ලංකාවේ කෑම නැහැ. මුහුද අයිනෙ සංචාරකයන් වෙනුවෙන් කරපු මේ තැනට ඇතුල් වෙලා පුටුවක වාඩිවෙලා වැඩි වේලාවක් බලා ඉන්නට සිද්ධ නොවී ඉතා ඉක්මණින් අඩු මිලට ලැබෙන කෑම බීම තමයි වැඩි. කෝපි සහ ‘සිනමන් බන්’ වගේ දේවල් තමයි උදේට වැඩියෙන්ම විකිණුනේ. අනික් හැම ව්‍යාපාරයක දී වගේ ම තියෙන්න ඕනෑ එයට පමණක් සුවිශේෂී වූ යමක්. ඒක කුමක් දැයි කියා තමන් මුලින් ම තෝරාගන්නට ඕනෑ. මෙතැන අයිතිකාරයා මට මැනේජර්, කුක්, වේටර් ඔක්කොම වැඩ බාර දීලා තිබ්බෙ. මායි එයයි විතරයි පටන් ගනිද්දී. පිළියෙල කරන ආහාර වලට යන ගණන් මුලින් ම දැනගන්න අවශ්‍ය දෙයක්. ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය දිගු කාලයක් එකම මිලකට කොයි තැන් වලින් ද ගන්න පුළුවන් කියන එකත් වැදගත්. කඩේ අනෙකුත් operating වැය: ස්ථානයේ කුලිය, විදුලිබල ගාස්තු, ප්‍රචාරණ දැන්වීම්, කුණු ඉවත් කරන අයට ගෙවන වැය .. යනාදිය හැම සතයක් ම කොච්චරක් ද, කොහෙ යනවා දැයි දැනගෙන ඉන්නත් ඕනෑ. හරියට ගණන් හදනවා නම් ඕනෑම අවස්ථාවක දී එක කෝපි කෝප්පයකින් කොච්චර ලාබයක් ලැබෙනවා ද කියලා කියන්න පුළුවන් වෙන්න ඕනෑ. ඉතින් සත පහකින් වගේ ගෙදර දී හදාගන්න පුළුවන් කෝපි කෝප්පයක් $2.50 දෙන්නෙ ඇයි කියලා දන්නෙ නැත්නම් ආහාර කඩයක් වුවත් පටන් ගන්න කොටම අසාර්ථකයි.

      ලංකාවේ කෑම මෙහෙ අයට පුරුදු කිරීම අමාරු අපේ කෑම මේසයට තැබීමේ දී එහි අඩංගු මොන දේවල් දැයි හඳුනාගැනීම අපහසුව. අද මෙහෙ පුංචි කඩවලත් දකින්නට ලැබෙන දෙයක් තමයි මිරිස් කරලේ සිට කුරුඳුපොත්ත දක්වා නම එක්කම ලස්සන පින්තූර ප්‍රදර්ශනය. ඉන්දියන් සහ තායි අතර මැද්දෙ තියෙන රහක් කියල තමයි මම කියන්නෙ. ඒත් ඒ දෙකම රහ බලලා නැති අයත් ඉන්නවානේ.

      අපේ කෑම පුරුදු කරන්න ඉලක්ක කරගන්නවා නම් ලංකාවේ ගෙදරක හදන විදියට රහට (ඒත් තුනපහ මිරිස් යාන්තම් අඩුවෙන් දාලා) හදන්න ඕනෑ. කෑම වල තියෙන්නෙ මොනාද කියල පැහැදිලිව පෙනෙන වට්ටෝරු වලින් පටන් ගන්න එක සුදුසුයි. ටික කාලයක් යයි නිතර යන එන කට්ටියක් හදාගන්න. හැබැයි ඒ මුල් කට්ටිය හැදිච්ච ගමන් වැඩේ හරි මොකද එයාලා තමයි අලුත් අයව ඇදගෙන එන්නෙ. මම දැකලා තියෙන්නෙ බියර් වයින් එක්ක දෙන ආසියානු තැන්වලට වැඩියෙන් සෙනඟක් යන බව.

      අනන් මනන් නැති පපඩමක්, පොල් රොටියක්, කට්ලට් එකක්, පුංචියට හදාගත්තු මාළු පාන් එකක් එහෙම රහ බලන්න නොමිලේ දෙන එකෙන් අනිත් කෑම වලත් රහ බලන්න කැමති කරවා ගන්න පුළුවන්.

      වැදගත්ම දෙයක් තමයි හැමදාම එකම විදියට පෙනෙන හා එකම රහ දැනෙන කෑම හදන එක. මේක මම ගෙදර දී නම් කරන්නෙ නැහැ. අවන්හලේ දී කෑම ඒ හදාගත් රෙසිපියට අනුව හැම අවස්ථාවක දී ම මැනලා ඒ ඒ නියමිත ගාණට දාලා හදන්නෙ. පෑන් කේක් හැමදාම එකම රහයි! එකක් වැය/ප්‍රතිලාභ ගණනයට පහසු නිසා. අනෙක කන්න එන මිනිස්සු එක දවසක එක රහක් අනිත් දවසේ තව රහක් වුනාම ආයේ එන්නෙ නැති නිසා. එකම විදියට පිළිගන්වන කොට තැන ගැන විශ්වාසයක් හටගෙන එතැන හොයාගෙන එන අය එන්න එන්න වැඩියි. යම් කෑමක් ඇණවුම් කරන අය නැත්නම් ඒක menu එකෙන් අයින් කරලා දාලා අලුත් එකක් දෙන්නත් පුළුවන්!

      ඊ ළඟට ආසියාවේ අවන්හල් ගැන සුද්දෝ කියන ලොකුම පැමිණිල්ල තමයි ගොඩක් කාලේ නාස්ති වෙන බව. අපි අර අවන්හල පටන් ගන්න කළින් හැම රෙසිපියක්ම කිහිප වතාවක් හැදුවා ටයිම් කරලා. ඕඩර් එක කුස්සියට එන්නෙ වේටර් කෑෂ් රෙජිස්ටර් එකට ඇණවුම ඇතුල් කරපු සැනින්. මිනිත්තු 15 ක් ඇතුලත ඕනෑම ආහාර පිඟානක් මේසයට යවන්න හැකි තරමට කළින් සියල්ල සූදානම් කර තියෙන්න ඕනෑ. අවන්හලේ 15 ක් මේසයකට වාඩි වුනත්, 5 ක් වාඩි වුනත් එහෙම මේසයට උණුසුම් ආහාර යවන්න හැකියාව හදාගන්න පුළුවන්කම තියෙන්න ඕනෑ. ඒවා කඩේ ආරම්භයට පෙර අත්හදා බැලිය යුතු සහ ඒ වියදම් කඩේ ලාබ වලින් පසු කාලෙක අඩු කරගන්න ඒවා.

      කඩේ පටන් ගත්තට පස්සෙ මුලින්ම ගොඩවෙච්ච අයෙක් කෑම පරක්කු වෙද්දී හෝ කෑම එච්චර හොඳ නැහැයි කියලා ගියොත් ආයේ එයා කවදාවත් එන්නෙ නැහැ. වෙන අයටත් යන්න එපා කියල කියන්නෙ. මුල දවස්වල ඉතා හොඳින් ගෙනියන්නට හැකිවුනොත් පසුව සුළු ප්‍රමාදයක දී අඩුපාඩුවක දී ඔවුන් ඒක නිසා කියල ආයේ නෑවිත් ඉන්නෙ නැහැ.

      ඉහත කියපු අවන්හල සෑහෙන්න ජනප්‍රිය වුනා. අපි තව අත්උදව්වට අයත් සේවයට ගත්තා. ඒත් රටේ ආර්ථික අවපාතයෙන් මුහුදු වෙරළට එන සංචාරක සංඛ්‍යාව අඩුවෙද්දී අයිතිකාරය බිස්නස් මොඩල් එක වෙනස් කළා. ජනප්‍රිය උදේ කෑම වෙනුවට දවල් හා රාත්‍රී ආහාර වැඩි මිලකට දෙන්න ගියා. ඒවට වැඩියෙන් අය කරන්න පුලුවන් නිසා. ඒත් තියෙන ඉල්ලුම නොසලකා හැරලා නැති ඉල්ලුමක් හදාගන්න විශේෂයෙන්ම සංචාරකයන් අඩු සමයක දී අත්හදා බලන්න එකඟ නැහැයි කියල මම අයින් වුනා. උදේ කෑම හොයාගෙන ආපු අයව නැතිවෙලා ඒ කට්ටිය වෙන තැන් හොයාගෙන ඉතින් ආපහු ගෙන්න ගන්න ලැබිලා නැති නිසා ද කොහෙද දැන් කඩේ ගිම්හානයේ ද වැඩිපුර කාලයක් විවෘත නැහැ.

      ඉතින් ඔයාගේ පුංචි කඩේ දැනට විකිණෙන දේවල් වලට මේ කරන්න යන අලුත් අත්හදා බැලීමෙන් තර්ජනයක් වේවි ද යන්න සෑහෙන්න කල්පනා කළ යුත්තක්. මේ අත්හදා බැලීමට අකමැති අය අනිත් බඩු ගන්න එන එකෙන් ද වැළකී සිටීවි ද?

      මෙන්න මම මෙතෙක් කාලයක දී ලංකාවෙන් පිටත රටක දී දැකපු වඩාත්ම සිත ගිය ආසියානු අවන්හල. කෑම රහයි. මිල ඉතා ඉහළයි. අවන්හල ඇතුලත පරිසරය ඉතා සුන්දරයි. නැවත බල්ටිමෝර් ගියොත් යන්න අමතක කරන්නෙ නැහැ. ඉතා ජනප්‍රිය තැනක්, මේසයක් ගන්න පහසු නෑ. කන්න ඇවිත් සිටි බහුතරය ආසියානු නොවන අයයි. එතැන දී මම බීපු $2.50 කොත්තමල්ලි කෝප්පයේ රහ බලපු තවත් ගොඩක් අයත් හිටියා. හකුරු කෑල්ලක් නැතිකම විතරයි එකම අඩුපාඩුව. 😀

      http://baltimoresnacker.blogspot.com/2009/08/baltimore-restaurant-week-ambassador.html
      http://www.ambassadordining.com/index.html
      http://www.urbanspoon.com/r/31/350076/restaurant/North-Baltimore/Ambassador-Dining-Room-Baltimore
      http://weblogs.baltimoresun.com/entertainment/dining/reviews/blog/2008/08/ambassador_dining_room.html

  3. සපතේරු උන්නැහේ said, on මාර්තු 8, 2013 at 1:14 ප.ව.

    දැක්කම ආසාවෙ බැරුවා… හැබැයි හොඳ කැලරි ගානක් ඇති… ස්ලාවික් නෝනල මහත දෙහෙත ඇති මහිතෙ…

  4. Kumari Ranasinghe said, on මාර්තු 8, 2013 at 7:41 ප.ව.

    Oyath kanne man aasama karana kama jathi 🙂 ikea giyama maath asai pancake kanna,, rasai neda,,jelly ekka.
    Maath punchi yata Kama vikunana business ekak karanawa:) thama Ithin balansa mattamey,,, Tiffinfoodsflorida.com
    Hithanawa tika kalekin eka saru Kara ganna puluwan kiyala,,,,,
    Ayemath awith yanna ennam,,

    • arunishapiro said, on මාර්තු 8, 2013 at 8:06 ප.ව.

      Kumari,

      බලාගෙන යනකොට ගොඩක් අය පෑන් කේක් වලට කැමති.

      ඔය පැත්තෙ ඉන්න මගේ යාළුවන්ටත් දෙන්නම් ඔයාගෙ බිස්නස් ලින්ක් එක. අපිත් ඔය පැත්තෙ ආපු දවසක රස බලන්න පුලුවන් වේවිනේ.

      ජයෙන් ජය ම ලැබේවා!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: