අරුණි ශපීරෝ‍ වෙතින්

හැම සතයකින්ම චන්දය ප්‍රකාශ කරන සුවිශේෂී ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථාව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 8, 2013

පුද්ගලික දේපල යන්නෙහි සමාජය හඳුනන අර්ථය සහ එහි ආර්ථික ක්‍රියාකාරීත්වය බහුතරයක් විසින් වරදවා වටහා ගන්නා ලද්දකි. වැඩවසම් රදළයෙක් යනු ආක්‍රමණයකින් දේපල අල්ලා ගත්තෙක් හෝ එසේ අල්ලා ගත්තෙකුගේ සහායකයෙකි. එවැන්නා ගේ නිති අරමුණ තමනට සහ තම කල්ලියට යටහත් පහත් ලෙසින් සේවය නොකරන, ඊට අයිති නොවූවන්ට, තමන් කියනා පරිද්දට පිටතින් වෙන කිසිම ආකාරයකින් ජීවිකාව උපයා ගැනීමට ඉඩක් නොදීමයි.

එවැනි ප්‍රාථමික සමාජයක දී, ඉඩම් යනු නිෂ්පාදනයේ සියළු සාධක වෙති. ඉතින් එහි දී ඉඩම් හිමිවෙන්නේ ආක්‍රමණික කල්ලියට ය. ඔවුන් විසින් හතුරන් යැයි සැලකූ අයට කිසිවක් නොලැබුණි. කොන්දේසි රහිතව අවිගත් රදළයන්ට නතු වෙන්නට අකමැති නම් එතැන වාසයට අවසරයක් නොලැබිණ.

වැඩවසම් රදළයන්ට එසේ යටත් නොවූ කොටසේ දාසයන් සහ වහලුන් සිටියහ. ඔවුන් කල දාසකම් වල ඵලයන් භුක්ති වින්ඳේ රදළයන් ය. රදළ කල්ලිය කියන පරිදි සේවය කර ලාබ වාසි වලට යම් පංගුකාරයෙක් වූ කල්ලියේ සාමාජිකයන්ට ද වඩා පහතින් වූ සමාජ තත්වයක සිටි දාසයන්ට සහ වහලුන්ට කඹුරන්නට සිද්ධ වූයේ ආපසු දෙයක් ලැබෙන කිසිම පොරොන්දුවක් නැතිවය.

යුරෝපයේ බුද්ධිමය විචාරමය යුගය ආරම්භයත් සමඟ (1650-1700) ඉහත වැඩවසම් ක්‍රමයන් නැති වී ගොස් නිදහස සහ සිවිල් අයිතීන් ගැන අදහස් හට ගැනිණ. එය ඉතා සෙමෙන් සිද්ධ වූ දීර්ඝ කාලීන පරිනාමයකි. කාලයෙන් කාලයට ඇණ හිටින ලද ආපස්සට ගියත් නැවත ඉදිරි ගමන් සිද්ධ වුන යුගයක් පසුකර දේශපාලන, ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණයන් බිහි වුණි. එහි ආර්ථික සහ සමාජයීය ප්‍රතිඵල අපිට දකින්නට ලැබෙන්නේ කාර්මික විප්ලවයෙන් පසුව නූතන ධනවාදය බිහිවීමෙනි.

18 වැනි සහ 19 වැනි සියවස් හි වැදගත් ලිබරල්වාදී වෙනසක් ලෝකයේ සිද්ධ වුණි. එනම් උරුමයෙන් හිමි වූ රාජ්‍ය සහ වංශාධිපති සම්ප්‍රදායය අහෝසියයි. ඒ වෙනුවට ජනතාව විසින් පත් කරගන්නා නියෝජිතයන් වෙතින් රටවල් ආණ්ඩු කරන්නට පටන් ගැනිණ. සියළු ආකාර වල දාස සහ වහල් ක්‍රමයන් අහෝසිය සහ සියළු පුරවැසියන්ට සම්පූර්ණ අයිතීන් භුක්ති විඳින්නට අවසර දෙන නීති හා ප්‍රතිපත්ති ගැන කතාබහ පටන් ගැනිණ.

මේ ලිබරල්වාදී* ආරම්භයට ඉක්මණින් පහරක් එල්ල වූයේ මැක්සිමිලියන් රොබෙස්පියෙර්ලා වැනි කොමියුනිස්ට්වාදීන්** වෙතිනි. ආගමික අදහස් වලින් උත්පාදනය වී වස්තු සම්පත් ජනසතු කිරීමෙන් සහ නැවත බෙදාහරින ක්‍රම වලින් සමානාත්මතාවයක් ගැන වූ ප්‍රාථමික කොමියුනිස්ට්වාදයක් ලොව පටන් ගැනිණ. ඔවුන් කියා සිටියේ මිනිස් තත්වය ගැන සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙන්නට හැකි එකම සමාජ හා ආර්ථික ක්‍රමය ලැබෙන්නේ සියළු නිෂ්පාදන සාධක ‘සමාජය’ විසින් අයිතිය ලබා ගැනීමෙන් සහ සියළු ආර්ථික ක්‍රියාවලියන්ගේ ඵලය සියළු මිනිසුන් අතර එක හා සමානව බෙදා හැරීමෙන් කියාය.

ඒ කොමියුනිස්ට් අදහස් ඉදිරිපත් කළ විප්ලවකරුවන් සත්‍යයෙන් ම විශ්වාස කළේ ආණ්ඩුවේ සැලසුම් වලින් මිනිස් වර්ගයාට නිදහස සහ සම්පූර්ණ සන්තුෂ්ටිය උදාකර දිය හැකි යැයි කියාය. මහජන මතය ද එය සමාජයේ තාර්කික අවසානය ලෙස කිසිත් විචාරයකින් තොරව පිළිගන්නට සූදානම් වී සිටියහ.

ලිබරල් යන අය දක්ෂිණාංශ අදහස් ඇති අය ලෙසින් ද, ඔවුනට විරුද්ධ වූ අය වාමාංශික ලෙසින් ද නම් කෙරුණි. ජනප්‍රිය මතයන් වූයේ ලිබරල් අය ආත්මාර්ථකාමී පංතියේ උවමනාව නියෝජනය කරමින් සූරාකන්නට (exploit) ඉදිරිපත් වී ඉන්නා බුර්ජුවාසී (bourgeoisie) අය ලෙසිනි. වාමාංශික අය (පසුකාලයේ සමාජවාදී) කම්කරු බහුතරයාගේ උවමනාවන් සපුරාලන්නට සත්‍යයෙන් පෙනී සිටිනා අය ලෙසිනි.

මේ ප්‍රතිසංස්කරණවාදීන් එකිනෙකාගේ අදහස් විවේචනය කරමින් කතා පවත්මින් සිටිය දී තවත් පැත්තකින් ලොව අපූරුතම මිනිස් වර්ගයාට බෙහෙවින් ම වැඩදායක වූවක් සිද්ධ වෙමින් පැවතිණ. ඒ කාර්මික විප්ලවයයි. එහි ව්‍යාපාරික සිද්ධාන්තය එතෙක් ලෝකයේ කිසිම ආගමකට, නීතියකට හෝ තාක්ෂණික නවෝත්පාදනයකට නොහැකි වූ ලෙසකින් මහත් වෙනසක් ලෝකයට දායාද කරමින් සිටියේය.

තොග නිෂ්පාදනයෙන් එහි පරිභෝජනය ඉල්ලා සිටි මහා ජන සමූහයකට භාණ්ඩ සපයන්නට නිෂ්පාදනයේ යෙදී සිටියවුන් ලොව ප්‍රථම වතාවට සමත් වී සිටියහ. ඒ රජවරුන් අතලොස්සකට, රදළයන් කල්ලියකට හෝ ඉහළ පංතියේ පිරිසක් පමණක් වෙනුවෙන් නොව මුළු මහත් ජනතාවගේ පරිභෝජනය පිණිසයි.

අලුත් සිද්ධාන්තය දේශපාලකයන් පිරිසක් සොයාගත්තක් නොවේ. එය කාලයක් යනතුරු රදළයන්ගේ, ඉහළ පංතියේ (gentry), හෝ නගරබද කුලීනයන්ගේ අවධානයට හසු වී නොතිබුණකි. ඇමෙරිකන් උපනිවේෂයන් (යටත්විජිත) වලින් කපු පුළුන් ගෙනැවිත් එංගලන්තයේ හැනොවර් හි මහා පරිමාණ වශයෙන් රෙදි නිපදවන්න පටන් ගැනීම නිසා එතෙක් අඩු ආදායම් ලත් අයට කපු රෙදි භාණ්ඩ පහසු මිලට ගන්නට අවස්ථාව ලැබිණ. පාරිභෝගිකයන් වැඩිවීම නිසා අතිරික්ත නිෂ්පාදනයන් යවා තිරිඟු වලට හුවමාරු කරගන්නට ඔවුනට අවස්ථාව පෑදිණ. තිරිඟු ආනයනය කරන ඔව්හු එංගලන්තයේ සාගතයෙන් පෙළුන ජනතාව ගේ කුසගිනි නිවන්නට සමත් වූහ.

ධනවාදයේ විශේෂත්වය වූයේ වෙළඳුන්ට වෙන කිසිවෙකුගේ කොන්දේසි අනුව නොව සම්පූර්ණයෙන්ම වෙළඳපොල අනුව ක්‍රියාකරන්නට සිද්ධ වීමයි. එනම් පාරිභෝගිකයන් ඉක්මණින් අවශ්‍ය යැයි කියන්න වහාම අනගි ලෙසින් අඩු මිලකට සපයන්නාට ලාබ වාසි ලැබීමයි.

ඕනෑම නිෂ්පාදනයකට නිෂ්පාදන සාධකයක් ලෙසින් මිනිස් ශ්‍රමය අවශ්‍යයයි. ඒත් ශ්‍රමය යනු, කොතරම් වෙහෙසක් හා කාලයක් වැය කළත්, මහජනතාවගේ වඩාත්ම හදිසි ඉල්ලුම හැකිතරම් අඩු මිලකින් වඩාත්ම හොඳින් තෘප්තිමත් වෙන ආකාරයෙන් ඉතාමත් ඉක්මණින් සපයන්නට නොහැකි නම්, එවිට යොදවන කාලයත්, අමුද්‍රව්‍යත් සමඟ වැය කළ ශ්‍රමයත් අපතේ යයි.

ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක දකින්නට ලැබෙන වෙළඳපොලක මූලාදර්ශනය (prototype) එයයි. එහි සුපිරි බලය නිහිත (vested) ලෙසින් හිමි වී ඇත්තේ පාරිභෝගිකයාට. වෙළෙන්ඳා සාර්ථකත්වයක් අත්කර ගන්නේ වඩාත්ම හොඳින් පාරිභෝගිකයා ගේ උවමනාවන් තෘප්තිමත් කිරීමෙන් පමණකි. නිෂ්පාදන සාධක වලට පුද්ගලික හිමිකම් තිබීම නිසා එයින් එහි අයිතිකරුවන්ව පොළඹවන්නේ පාරිභෝගිකයාට සේවය කිරීමටයි.

ලොව අතිවිශිෂ්ට අර්ථ ශාස්ත්‍රඥයන් වෙළඳපොල දකින්නේ හැම සතයකින්ම පාරිභෝගිකයා චන්දය ප්‍රකාශ කරන සුවිශේෂී ප්‍රජාතන්ත්‍රවාදී සංස්ථාව ලෙසිනි.

* ලිබරල් යන වචනය භාවිත වෙන්නේ 19 වැනි සියවසේ යුරෝපීය අර්ථයෙනි. වර්තමාන ඇමෙරිකාවේ ලිබරල් යැයි හැඳින්වෙන්නේ සමාජවාදීන්වයි.
** 1850 ට පෙර ලෝකයේ සමාජවාදය (socialism) යන වචනය සාමාන්‍යයෙන් භාවිතා වූයේ නැත.

විජයබාහු රජුගේ කාසි පින්තූරය මෙතැනින්. එහි තවත් කාසි පින්තූර හා කාසි ගැන අගනා විස්තර සඳහන්.

වැඩි විස්තර:
ඔටුනු පැළඳි ලෝකය
මාස්ටර් සර් මට හිමිතැන මට දෙනවාදෝ
බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකියි
විමර්ශනය නොකරන ලද ජීවිතය
මුදල් මැව්වේ කවුද?

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 8, 2013 at 9:24 පෙ.ව.

    ස්තුතියි මේක ලිව්වට අරුණි මේක දන්න කෙනෙක්ට ලකාවේ සමහර බ්ලොග් කියවන කොට හිනා යනවා අරුණි දන්නේ නෑ ලිබරල් කියන තනි වචනය නිසා වෙලා තියන අවුල මේක තේරුම් කරලා දෙන්න බෑ අදකාලේ ඇමරිකානු අර්ථයෙන් ඉංග්‍රීසියෙන් ලිබරල් වචනය යෙදිලා තියන දේවල් කියවල සමහරු සම්පුර්ණ වැරදි විරුද්ධ අර්ථයකින් තේරුම් අරගන්නවා ඊට පස්සේ ඒවා ලංකාවේ දේශපාලනය විග්‍රහ කරන්න භාවිතා කරනවා මෙහෙම සනීපෙට ඉන්න කොට මම කියන සමහර දේවල් තේරෙන්නේ නෑ වටහල දෙන්නත් බෑ ඊට පස්සේ හිතෙනවා ඇමරිකාවේ ගිහින් ඉන්න ලංකාවේ අය මෝඩ කතා කියනවා වගේ හැඟීමක්. ලංකාවේදී නොදන්නා කම ආශිර්වාදයක්.

  2. mppgunasinghe said, on මාර්තු 8, 2013 at 11:24 පෙ.ව.

    මෙවැනි ලිපි වලින් කෙරෙන දැනුම්වත් කිරීම අගමුල පටලවා ගත් අයට විශාල සහනයක්. විවිධ භූගෝලීය ප්‍රදේශයන් හි සමාජ විකාශය පිළිබඳ මෙතෙක් තුලනාත්මකව සසඳා කතා කළ සමහර ඇත්තන්ට වැරදුනාවත් ද ? වැනි කල්පනාවලියක යෙදෙන්නට ඔබේ ලිපිය උදව් වුනා. ස්තුතියි.

    • arunishapiro said, on මාර්තු 8, 2013 at 3:49 ප.ව.

      mppgunasinghe,

      සමහර අයට නම් ඇත්තටම වැරදිලා, සමහර අයට පෙන්නලා දුන්නත් ඕනෑකමෙන් ම නොබලා සිටිනවා, ඒත් නිවැරදිව දැක්ක අයත් එදා පටන් අද දක්වා ඉන්නවා … දැනුම එකතු කරන අයෙක්ගේ වගකීම තමයි කවුරු කවුරුන් දැයි තෝරා බේරා ගැනීම.

      * මහාචාර්ය මනතුංගයන් complimentary පොතක් දෙන්නම් එයාට කෝල් කරන්න කිව්වා. මම අංකය ඊමේල් මඟින් එවා ඇත.

  3. maduruoyasafari said, on මාර්තු 9, 2013 at 12:26 පෙ.ව.

    උදාහරණයක් කියන්නම් ( මොකෝ උදාහරණ නැත්නම් මට තේරුම් ගන්න අමාරුයි පොඩි කාලේ ඉදන් ). මෙක ඇත්තටමඇ උන දෙයක්. දඹුල්ලේ ආර්ථික මධ‍යස්ථානයට ගොවියෙක් ටැක්ටර් 2 ක පටෝගෙන, වම්බටු ඇරන් එනවා. එක ගෝනියක කිලෝ 20 විතර. ගෝනි 150 තියනවා,එකක. දෙකේම 300. ඔක්කොම කිලෝ 6000. මධ‍යස්ථානයට එලියෙදි, බ්‍රොකර් කෙනෙක් හම්බ වෙනවා. කිලෝ එකට 20 දෙන්නම් , කරත්ත දෙකම මට දෙන්න. ඒ යොජනාවේ බලකිර්‍රමෙ ස්වරයකුත් තියනවා. කිලෝ 6000 ගන්න බ්‍රොකර් එවලෙම ඇතුලෙ වෙලෙන්දෙකුට, කිලෝ එක 40 ගානෙ විකුනනවා. එලියට ඇවිත්, ගොවියගෙ මාස හයක අදායම 120,000 දෙනව. උදෙ සතයක් වත් ඇරන් ආපු නැති මිනිහා පැයකින්, 120,000 අරන් ගෙදර යනවා. මම ගකිස්ස්සෙ ඉදන් රුපියල් 60 ගෙවල බටු ගන්නවා. මේ වගේ තමා හැමදේම. මගේ රුපියල් 60 ඇතුලෙ නම් ජන්දයක් නැ. 🙂 නිදහස් වෙලදපොල කියන එක බොහෝ තැන් වල විකෘති වෙලා නෙද තියෙන්නෙ. අපි මුදල් ගෙවන්නෙ එකතුකල වටිනාකමට සහ ” සහ සාධාරණ ලාභයට” නෙමේ නෙද. ( බටු බ්‍රොකර් එකතුකල වටිනාකමක් නැ මම හිතන්නේ ). “නිදහස් වෙලදපොලක්” තියනවා කියන ඇමරිකාවෙත් අඩු වැඩි වශයෙන් මේක නේද තත්වය ?
    ස්තුතියි ලිපියට.

  4. සමන් said, on මාර්තු 9, 2013 at 12:02 ප.ව.

    Thanks …will definitely read. seems intresting.

  5. සමන් said, on මාර්තු 9, 2013 at 12:05 ප.ව.

    Do not think abt how my name changed…:). ITs me who asked it first as Maduruoyasafari-Thanks for the book recommendation.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: