අරුණි ශපීරෝ‍ වෙතින්

අපි අහුවෙයි ඕවාට නොහොත් ඇදුරුතුමාගේ නයාට මා ඉතා ආදරෙයි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 9, 2013

ද්වේෂයෙන් පිරුණු සමාජයක් වේගයෙන් දුවන්නේ සියල්ලන්ගේ ම පරිහාණිය කරා ය. සියල්ලන් සියල්ලන්ම මංකොල්ලා කා මහත් පිරිසක් මරණයට මුහුණ දුන්, ඊට වඩා පිරිසක් අහේනියට මුහුණ දුන්, ඊටත් වඩා පිරිසක් බියෙන් තැතිගෙන ජීවත් වූ කාල වකවාණු ලංකා ඉතිහාසයේ තිබුණ ද, ඒ ලංකා ඉතිහාසය ගැන කතා කරන්නටවත් අයෙක් අද රටේ නැත.

ඉතිහාසයක් ගැන කතා නොකරන්නේ ද, එයින් පාඩමක් ඉගෙන ගන්නේ ද නැත.

තාර්කික සංවාදයකට, දත්ත හා මූලාශ්‍ර දක්වමින් එන්නට බැරි කළ අහක ඉන්නා නයෙක් අල්ලා ගැනීමෙන් ද්වේෂය වැපිරීම මෙවැනි මුග්ධයන්ට ඉතා සතුටකි.

තවත් කෙනෙක් සතුටින් ඉන්නවා දකින්නට අකමැති අය මුග්ධ අන්දබූත ජනතාවක් පෙළ ගස්වන්නේ තමන් නයාට වඩා සුචරිත වූ හැදියාවක් ඇතැයි හුවා දක්වන්නට යෑමෙන්.

ඒ සුචරිත හැදියාව යැයි ඔවුන් හුවන්නේ, අසික්කිත, තැනට සුදුසු නොවන, මාතෘකාවෙන් පිටත දුවන, ආචාර්යවරුන් කියාගන්නා පිස්සන්ගේ හෑලි වලට ඉඩදෙන, බ්ලොග් කමෙන්ට් වාරණය නොකිරීමය.

අනේ අපොයි!!!!!

අපි අහුවෙයි ඕවාට!!!!!!!!!

ඇදුරුතුමාගේ නයාට මා ඉතා ආදරය කරන බව සියළු දෙනාටම මෙයින් දන්වමි. එවැනි නයි අරින්නට හැකි අය රටේ තව තවත් වැඩිවේවා යැයි මගේ පැතුමයි!!!!!!!!!

Advertisements

28 Responses

Subscribe to comments with RSS.

  1. Maathalan said, on මාර්තු 9, 2013 at 9:23 පෙ.ව.

    අපිටත් හින්ට් එකක් ගහලා වගෙයි. ඔවුන්ගේ නස්කූනී බව පෙන්වීමට නම් එසේ කල යුතු වන්නේය. එසේ කල හෙයින් අද ඔවුන් කව්දැයි යන්න සැවොම වටහාගෙන ඇත. විරුද්ධ මතවලටත් ඉඩක් තිබිය යුතුමය. එහෙත් යම් කිසි ශිෂ්ඨත්වයක් ඇතිවය. එසේ පහර දිම් වලටලක් වෙනවා කියා, නොලියා සිටීම, මුගදයන්ගේ අරමුණ ඉටුකිරීමකි. ඇයට එල්ල කල නින්දා අපහාස තරයේ හෙලා දකිමු.. විශේෂයෙන් උදාර කාන්තාවකට..

    • arunishapiro said, on මාර්තු 9, 2013 at 8:17 ප.ව.

      Maathalan,

      අයියෝ ඔයාලට හින්ට් නෑ මාතලන්. තමන් සුචරිත යැයි හුවා දක්වමින්, ද්වේෂය පතුරුවන අසික්කිත වැඩේ කරන හිපොක්‍රිට්ස්ලා ගැන විතරයි මේ ලියලා තියෙන්නෙ.

      මෙය අද ඊයේ පටන් ගත්තක් නොවේ. කෙල්ලන්ගෙ හිත් රිදෙන අසික්කිත සටහන් දාලා මීට ගොඩක් ඈත එපිටක දී එක බ්ලොග් ලියන්නියක් බ්ලොගය නවතන්න අදහස් කර සිටිය දී මම ඇතුළු ලොකු පිරිසක් පුද්ගලිකව ඊමේල් යවමින් එය නතර කරන්න එපා කියා අයැද සිටියා.

      බ්ලොග් ලියන අයෙක් ගේ උදාර බවක් ඇත්ද නැත්ද ගැන කතාවකුත් නෙමෙයි, ඇයි අනුන්ට කිසිම පහරක් නොගහන, තමන්ගෙ තැනේ තමන්ගෙ දේවල් ගැන ලියන අයෙකුට එළවා එළවා පහර දෙන්න මෙහෙමත් රුදාවක් තියෙන්නෙ?

      වක්ක්‍රෝක්තිය යොදා ගනිමින්, ශිෂ්ඨ මිනිසුන්ට ලැජ්ජා හිතෙන විදියට කරන මේ වැඩේ පැහැදිලිව ම තියෙන යටිකූට්ටු අදහස ඔවුන් අකැමති අදහස් වලට ඉඩදීම නැවැත්වීම තමයි.

      හරියට මුහුණට මුහුණලා ඇවිත් ගහලා සල්ලි උදුර ගන්න බය නිසා ආණ්ඩුව ලවා සල්ලි උදුර ගන්නවා වගේ අශිෂ්ඨ වැඩක්. 🙂

      අහිංසකයන් ලවා ඔවුන්වම වාරණය කරවන්නට කටයුතු කිරීම හරි සුචරිත හැදියාවක් ලෙසින් මොවුන් පෙන්වනවා.

      • Maathalan said, on මාර්තු 10, 2013 at 5:49 පෙ.ව.

        මේවාට උගත් යැයි කියාගන්න මිනිසුන් සම්බන්ධ වීමයි දුකට කාරණය. ඇයි කෙලින් ඇවිත් ඒ දේ කියන්න බැරි. කශේරුකාවේ අවුලක්ද…?

        • arunishapiro said, on මාර්තු 10, 2013 at 8:08 පෙ.ව.

          Maathalan,

          උගත්කම තිබ්බට බුද්ධිමත් බව ලැබෙන්නෙ නැහැ. මේ දෙක අතර වෙනස දකින්න බැරි අය බොහොමයි. කශේරුකාවේ අවුලක් නෙමෙයි මාතලන්, එහෙම අය තමන්ට නැති වූවක් නොලැබුනේ සමාජ ක්‍රමයක් නිසා යැයි තරයේ විශ්වාස කරමින් ඒ ගැන ද්වේෂයෙන් පිරී සිටින නිසා සාක්කි ඇස් පනා පිට තියෙද්දී උවමනාවෙන් ම තමන්ට ඕනෑ ටික පමණක් දිහා බැලීම.

  2. www.randora.lk said, on මාර්තු 9, 2013 at 10:10 පෙ.ව.

    මොකක්ද?අප්පච්යේ ඔය හැටි තරහ ගන්න වුන කාරණය

  3. Indika Upshantha said, on මාර්තු 9, 2013 at 11:39 පෙ.ව.

    //මාතෘකාවෙන් පිටත දුවන, ආචාර්යවරුන් කියාගන්නා පිස්සන්ගේ හෑලි වලට ඉඩදෙන, බ්ලොග් කමෙන්ට් වාරණය නොකිරීමය.//

    ඔන්න මේ පාරනම් කුමාරිහාමිට තෙල් ගාන්න පාරක් දීල ලොකු නෝන.

    • arunishapiro said, on මාර්තු 9, 2013 at 8:20 ප.ව.

      Indika Upshantha,

      එහෙම අය සුචරිත යැයි ලියලා තියෙන්නෙ කුමාරිහාමි කෙනෙක් නම් වෙන්න ම බෑ … මම දන්න කුමාරිහාමිලා නම් ඔයිට වඩා හොඳ වැදගත් මිනිස්සු. 😀

  4. praveena said, on මාර්තු 9, 2013 at 9:28 ප.ව.

    @සිංහයා,

    හපොයි මම කුමාරිහාමි නම් වෙන්ටම බෑ. 😀

    @ අරුනි,

    අරුනි කරලා තියෙන්නේ කවුරුත් නොකරන බය නැති වැඩක්… 🙂

    ඔන්න නිර්භීත කාන්තාවකට මගේ ආචාරය!!!

    මේක දැකලවත් මහ ඇදුරු බිරිඳ පාඩමක් ඉගෙන ගනී කියලා හිතනවා.

    අනෙක් අතට අනුන්ගේ ගෙවල්වල නයි නෙමේ පිඹුරෝ ඇරගත්තත්, කාටවත් ඇති අමාරුව මොකද?

    • arunishapiro said, on මාර්තු 9, 2013 at 9:44 ප.ව.

      praveena,

      //මේක දැකලවත් මහ ඇදුරු බිරිඳ පාඩමක් ඉගෙන ගනී කියලා හිතනවා.// මොකක් ද ඒ ඉගෙන ගන්න තියෙන පාඩම? ආ ගිය තැනක විස්තර අහන්න බලාගෙන ඉන්න අයට ඒවා නොකියා සිටීම ද?

      //අනෙක් අතට අනුන්ගේ ගෙවල්වල නයි නෙමේ පිඹුරෝ ඇරගත්තත්, කාටවත් ඇති අමාරුව මොකද?// මේක තමයි මාත් අහන්නෙ. මම වගේ ඒ අපූරු නයි පිඹුරෝ දකින්න කැමති අයට ඉඩ දීලා … අනෙක් අයට නොයා ඉන්න පුළුවනිනේ.

    • arunishapiro said, on මාර්තු 11, 2013 at 9:23 ප.ව.

      praveena,

      සමාවෙන්න ප්‍රවීනා, කෙනෙක් ඊමේල් එකක් එවලා මම ඔයාගේ ආචාරයට ස්තූතියි කිව්වෙ නැහැ හරිම නරකයි කියලා!!!

      මේක නිර්භීතකමක් විදියට සැලකුවේ නැති නිසා ද කොහෙද ඒක අතපසු වුනා.

      ඒක එහෙම නම් ඉතින්, ඔයාට ඉතාමත් ස්තූතියි 😀

  5. Bindi said, on මාර්තු 9, 2013 at 11:05 ප.ව.

    චීන කැලැන්ඩරයට අනුව මේක සර්ප වර්ෂය . ඉතින් නයි පිඹුරන් හිටියම මොකද . තමන්ට යන්න බැරි තැනකට වෙන කෙනෙක් ගියහම මොකද . එයා ලියන දේවල් ඉවසන්න අමාරු නම් නොකියවා හිටියම ඉවරයි . ඉවසන්න අමාරුම නම් ලියපු ලිපියේම තමන්ට ඇති විරෝදය දක්වලා කතා කරලා ඒ ගැන ඉවරයක් කරන එකයි වැදගත් කම . විෂ හංගගෙන තැන තැන පතුරන්නේ නැතුව .

    මේ යන පිළිවෙල අනුව පුද්ගලික තොරතුරු වැඩිපුර සයිබරයට මුදා හරින්නේ නැතුව ඉන්න එක මානසික සුවයට හිතකරයි . අනික් අතට මුණු පොතට කට්ටිය එකතු කර ගැනීමේදී පරිස්සන් වීම වැදගත් .අපි හැමෝම නොදැන මුල කාලේදී යම් පමණකට පුද්ගලිකත්වය එලි කරනවා . වැරැද්ද තේරුම් ගන්නකොට පරක්කු වැඩියි .

    • arunishapiro said, on මාර්තු 10, 2013 at 1:03 පෙ.ව.

      Bindi,

      ස්තූතියි බින්දි නංගි. මට මේ සර්ප වසර කියලා අමතක වුනානේ … සියළු සර්පයන්ට ජයවේවා!!!

      බින්දි නංගි කියන එකේ අනිත් පැත්තයි මම කළේ. මේ ළඟක දී මගේ මුහුණු පොතට වැඩිය නොදන්න අයවත් එකතු කරගත්තා.

      මේ යන විදියට බ්ලොග් යාළුවෙක් මූණුපොතේ share කරලා තිබ්බ කාටූන් එකක දැක්කා වගේ අනුන්ට අරක එපා, මේක එපා කියන ඒ ඒ අයටයි මේ මේ අයටයි ඕනෑ විදියට ජීවත්වෙන්න ගියොත් වැඩි කලක් යන්න ඉස්සර වෙලා අනුන්ට ජීවිතෙත් එපා කියන අය විතරයි සමාජයේ කතා කරන්න බය නැති වෙන්නෙ. ඒක තේරුම් ගන්න කොට නම් හොඳටම පරක්කු වැඩියි!!!!!!

  6. Kenji @ Japan said, on මාර්තු 9, 2013 at 11:17 ප.ව.

    භය නැතිව කතාකරන්න පුළුවන් ටික දෙනත් ඉන්නෙ පිටරටවලනේ.
    නීතිය වල් වැදිල තියෙන මේ කාලෙයි/ඒ කාලෙයි කිසිම වෙනසක් නැහැනෙ.
    මම නම් පුංච් කාලෙ වගේම දැනුත් ආසයි නයි නටනවා බලන්න.
    හැබැයි මට අරහන්ම දේ තමයි නයි “ඇරිල්ල”. 🙂 :).

    • arunishapiro said, on මාර්තු 10, 2013 at 1:05 පෙ.ව.

      Kenji @ Japan,

      සමහර අයට සිගරට් බොනවා අරහන් .. තව අයට සමාජවාදය අරහන් … මොනා කරන්න ද එහෙම මෙහෙම මනුෂ්‍යයන් ඉන්නවා … අනුන්ව වෙනස් කරන්න බැහැ. 😀 😀

  7. inesh wickramaraja said, on මාර්තු 10, 2013 at 12:30 පෙ.ව.

    මේ මොකද්ද?මට තේරෙන්නෙ නෑ,පොඩ්ඩක් පැහැදිලි කරනවද?

  8. svimukthi said, on මාර්තු 10, 2013 at 12:54 පෙ.ව.

    1.
    ලංකාවේ අපි සතුටු වෙන්නේ මෙහෙමයි
    I get pleasure from another’s suffering
    I get pleasure from my own suffering
    ඇය සමග අපිට තරහ යන්නේ ඇයව කියවන විට මට දුක හිතෙන්නේ මම නොවිඳින ඇය විඳින අපූරු සතුට මට නොතේරෙන නිසා
    I Am Sad Because She’s Happy
    I Am Mad Because She’s Happy
    ලංකාවේ ජනප්‍රිය වෙන ටෙලි නාට්‍ය වල ලක්ෂණයක් තමයි හැම තිස්සෙම අඬන දුක්වෙන වැලපෙන දුක් විඳින චරිතයක් මේවායේ ඉන්නවා , ලාංකිකයාගේ pleasure එක තමයි දුක.දුක්විඳින අයත් එක්ක අපි අනන්‍ය වෙනවා සතුටින් ඉන්න අය අපිට පේන්න බැහැ.

    2.
    ලංකාවේ අපේ භාණ්ඩ හා සේවා අතර සම්බන්ධය මේ වගේ දෙයක්

    I Enjoy my new car by show it off to others not by riding it.
    I Enjoy my holiday not by stay in star class hotel but show it off to others where i stayed
    ලංකාවේදී ඇපල් අයිෆෝන් 5 නැත්නම් ගැලැක්සි s3 එකක් තියන කෙනා ඒ දුරකතනයේ තියන නවාංග පාවිච්චි කිරීමෙන් ලබන සතුටට වඩා සතුටක් ලබනවා මේ අලුත්ම මිල අධික ජංගම දුරකථනය තමන්ට තියනවා කියල අනුන්ට පෙන්වීමෙන්.3.

    3.
    ලංකාවේ අපේ ආශාව සකස් වෙන්නේ මෙහෙමයි
    I like this brand new BMW car.
    He owns it.
    so I desire him

    I like to have a nice cellphone and pretty girlfriend
    He got both
    I hate him
    ලංකාවේදී පාරිබෝගික භාණ්ඩ හා සේවා වලට ඇති ආශාව මේ භාණ්ඩ අයිතිකරු ට ඇති ආශාවක් හෝ වෛරයක් බවට පත්වෙනවා.

    ලංකාවේදී අපි පාරිබෝගික භාණ්ඩ හා සේවා වලට ආශා කරල මහන්සිවෙලා වැඩ කරලා මුදල් සොයාගෙන මේ භාණ්ඩ මිලට අරගෙන ඒ භාණ්ඩ වල සුඛෝපභෝගී කම හරි සේවාවක් හරි ඒ භාණ්ඩය තුලින්ම විදින්නේ නැහැ .

    එක කණ්ඩායමක් කරන්නේ පාරිභෝගික භාණ්ඩ හිමි පුද්ගලයන්ට ආශා කරනවා ඒ අය හිමිකර ගන්නවා නැත්නම් තමන්ට හිමි භාණ්ඩ හිමි පුද්ගලයින්ව නැත්නම් තමන්ට හිමි භාණ්ඩ හා සේවා අනුන්ට පෙන්වලා සතුටුවෙනවා අනෙක් කණ්ඩායම කරන්නේ පාරිභෝගික භාණ්ඩ අනුන්ට පෙන්වලා සතුටුවෙන පුද්ගලයන්ට වෛර කරනවා.

    • arunishapiro said, on මාර්තු 10, 2013 at 1:18 පෙ.ව.

      svimukthi,

      😀 තමන්ට ඕනෑ දෙයක් තමන්ට ලබාගන්න විදියක් දකින්න බැරි වුනාම ඔහොම තමයි. තමන්ට ඕනෑ මොනා ද කියල දන්නෙත් නෑ. අනුන්ට තියෙනවා නම් ඒකටත් අකමැතියි.

  9. සුදීක. said, on මාර්තු 10, 2013 at 1:01 පෙ.ව.

    සිග්මන් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා මිනිස්සු අනිත් අය ගැන අදහස් ඵල කරන්නේ තමන් ගැන හිතලා කියලා. ඒකෙන් පැහැදිලි වෙනවා මේ දේවල් නයා කියලා කියන අය තමන්ගේ දෙයක් ගැන කතා කරනවානම් කරන්නේ නයා දාන්න කියලා. මම නම් හැම විටම හිතා බලන මුලධර්මයක් තමයි ඕක.

  10. දුකා said, on මාර්තු 10, 2013 at 3:02 පෙ.ව.

    මෙහෙමනේ අක්කේ . .

    ඇත්තෙන්ම කෙනෙක් යම් සාර්ථකත්වයක් (භෞතිකව වෙන්න පුලුවන් අධ්‍යාත්මිකව වෙන්න පුලුවන්) ලබා ගත්තාට පසු ඒ සාර්ථකත්වය අනෙක් අය හා බෙදා ගන්න කැමතියි මට හිතෙන විදිහට හේතු කාරන කීපයක් නිසා.

    1. කම්මැලි කම නිසා උකටලී වෙලා ඉන්න අයට ඉස්පරේෂන් එකක් දෙන්න.
    2. තමන්ගේ සතුට අනෙක් අය සහ බෙදා ගන්න.
    3. අනෙක් අය තමන්ට ඉරිසියා කරනවා දැකලා අමුතු (කාලකන්නි ) සතුටක් ගන්න – මේකේ අමුතු ගතියක් තියෙනවා ඇත්තෙන්ම. විශේෂයෙන් කෙනෙක්ගේ දියුනුව ඉවසන්න බැරි කුහක අයගේ ඉරිසියාව.

    මේ කරුනු කීපයක් . .

    එහෙව් එකේ තමන්ට තමන් ගැන විස්වාසයක් තියෙන්න ඕන තමන් නයි අරිනවනම් ඇරියේ මොන හේතුව නිසාද කියලා.

    එතකොට අනෙක් උන් මොන දේ කිව්වත් මම කල දේ දන්න නිසා අනේ උඹලා ඕන එකක් කියපන් මම දන්නවනේ මම කලේ ඇයි කියලා කියලා හිත හදාගෙන ඉන්න පුලුවන්.

    • arunishapiro said, on මාර්තු 10, 2013 at 8:20 පෙ.ව.

      දුකා,

      ඇයි දුකා මල්ලි සිංහල බ්ලොග් වලින් කොච්චර දෙනෙක් සතුට වගේ ම දුකත් බෙදා ගන්නවා ද?

      ඇයි කෙනෙක් දුක/සතුට ගැන අන්තර්ජාලයේ ලියන්නෙ? කවුද හරියට ම දන්නෙ? මම නම් දන්නෙ නෑ .. මට ඒක ඇයි කියලා හොයන්න ඕනෑකමක් ද නැහැ.

      ඒ ලියන කරුණු වලට එකඟ වෙනවා නම් ඒ ගැනත්, එකඟ නොවෙනවා නම් ඒ ගැනත් ලිව්වට පුද්ගලයාගේ පුද්ගලික ජීවිතයේ දේවල් හාරලා අවුස්සලා ඒ ගැන ලියන්නෙ මොන කැත සිරිතක් සිංහල අයට තියෙන නිසා ද?

  11. රාජ් said, on මාර්තු 11, 2013 at 2:40 පෙ.ව.

    ලැජ්ජයි! වෙන කියන්න දෙයක් නෑ.

  12. chandi said, on මාර්තු 14, 2013 at 12:11 ප.ව.

    මෙවැනි ක්‍රියා හෙලා දකිනවා ඇරෙන්නට කියන්න දෙයක් නෑ නංගි. ඇත්තටම ලැජ්ජාවෙන්න වෙනවා මෙවැනි දේ කරනා අයගැන.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: