අරුණි ශපීරෝ‍ වෙතින්

ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රයට වඩා සාර්ථක වෙළඳපොල ප්‍රජාතන්ත්‍රවාදය

Posted in Uncategorized by arunishapiro on මාර්තු 11, 2013

734091_10151489614776489_1335220386_n

“තාත්තේ, ඇයි තමන්ගෙ සල්ලි වලින් දෙනවාට වඩා අනුන්ගෙ සල්ලි වලින් දුප්පතුන්ට තෑගි දෙන්න යොදාගැනීම ආත්මාර්ථකාමී බවෙන් අඩු යැයි කියන්නෙ?”

“මම හිතන්නෙ, වැඩිහිටියන් තමන් කරන දේවල් ගැන දන්නවා කියල බොරුවට රඟපානවා විතරයි.”

දේශපාලන හෝ ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික හෝ වෙළඳපොල ප්‍රජාතන්ත්‍රවදය යන දෙකේ දී ම බහුතරයගේ තීරණ අනුව රටේ පාලනය සිද්ධ වේ. ප්‍රජාතන්ත්‍රවාදයක දී චන්දයෙන් හා ජනමත විචාරණයෙන් පුරවැසියන් විසින් රටේ පරිපාලනයට සුදුසු වූවන් කවුදැයි තෝරා ගන්නා ලෙසකින් වෙළඳපොලක දී පාරිභෝගිකයා මිල දී ගැනීමෙන් සහ මිල දී නොගැනීමෙන් තම අභිමතයන් කියා පායි.

ජනතා නියෝජනයෙන් වෙන ආණ්ඩුවක් හා වෙළඳපොල ආර්ථිකයක් යනු මිනිසාගේ ඉතිහාසයේ එකම පරිනාම ක්‍රියාවලියකින් බිහි වූ යාන්ත්‍රණ දෙකකි. එහෙත් ඒකීය පුද්ගලයාගේ අභිරුචියන් සහ උවමනාවන් වලට ඉඩක් ලැබෙන්නේ දේශපාලන හෝ ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඉතාමත් සුපිරි ඉහළ මට්ටමකින් වෙළඳපොලේ තිබෙන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයයි. එහෙත් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කුමක් දැයි නොදන්නා කමෙන් දෝ අද ජනතා නියෝජනයෙන් සිද්ධ වෙන ආණ්ඩුවත්, වෙළඳපොලෙන් සිද්ධ වෙන ආර්ථිකයත් දෙකම විකෘති වී ගොසිනි.

අම්මා තාත්තා විසින් තම දරුවන්ට කන්න බොන්න අඳින්න දිය යුත්තේ මොනවා දැයි යන්න පවා නැවතත් ආණ්ඩුවේ තීරණයන් අනුව තෝරා ගැනීමට සිද්ධ වෙන තත්වයකට ලෝකය පත් වී සිටිති. ඒ අම්මෙක් තාත්තෙක් තම දරුවන්ට කන්න බොන්න අඳින්න දිය යුත්තේ කෙසේ දැයි දන්නේ නැති නිසා නොවේ. ඒ සාමාන්‍ය අම්මෙක් තාත්තෙක් තමන්ගේ ජනතා නියෝජිතයන් තෝරා ගන්නේ කෙසේදැයි නොදන්නා නිසාවෙනි. මිලිටරි ප්‍රතිපත්තියක් හෝ විදේශ ප්‍රතිපත්තියක් ගැන කතා කරද්දී මේ අය තවත් දුරට අන්දබූත වෙති.

වෙළඳපොලක් යනු බහුතරයාගේ කැමැත්ත සහ බලාපොරොත්තු සැලකිල්ලට ගන්නා යාන්ත්‍රණයක් පමණක් නොවේ. වෙළඳපොල විසින් අවැදගත් ඉතාමත් ස්වල්ප කිහිප දෙනෙක් පමණක් නොවන්නේ නම් (වනගත සන්නාසියන් වැනි), අනෙකුත් සුළු ජාතීන් සියල්ලන්ව ම සැලකිල්ලට ගන්නකි.

උදාහරණයක් ලෙස පොත් ප්‍රකාශකයන් ගනිමු. ඔවුන් සාමාන්‍ය පාඨකයන්ට බහුතර වශයෙන් පොත් අච්චු ගසද්දී සුළු පාඨක පිරිසකට සර්පයන් ගැන විශේෂයෙන් වෙන් වූ ශාස්ත්‍රීය පොත් අච්චු ගසති!!!!!!!

නිමි ඇඳුම් කර්මාන්තය ද එසේම ය. සාමාන්‍ය දේහ ලක්ෂණ ඇති අයට ඇඳුම් බහුතර වශයෙන් විකුණද්දී ඔවුන් වඩා විශාල හෝ ඉතා කුඩා අයටත් ඇඳුම් හදති. ඒත් දේශපාලනයේ දී පමණක් බහුතරය සැලකිල්ලට ගෙන සුළු ජාතීන් විසින් ඉතා දැඩි සේ ප්‍රතික්ෂේප කරන්න නොසලකා හැරීමක් සිද්ධ වේ.

වෙළඳපොල ආර්ථිකයක මිල දී ගන්නා අය විසින් නිෂ්පාදන ක්‍රියාවලිය යන්නේ කොහාට ද යන්න සෑම පාරිභෝගිකයෙක් ම වියදම් කරන හැම සතයකින් ම මාර්ගය පෙන්වා දෙයි. එය සියළු ව්‍යාපාරික කටයුතු වල ආවශ්‍යක (essential) ලක්ෂණය වන්නේ ය. ආර්ථික ඓන්ද්‍රිකයේ (organism) දී සියල්ලන්ට ම ඒ ඒ අයගේ තත්වය (position) හා කළ යුත්ත (activity) කුමක් දැයි කියා පවරන්නේ පාරිභෝගිකයා විසින් ය.

වෙළඳපොල ආර්ථිකයක දී නිෂ්පාදන සාධක හිමිකරුවන් යනු පාරිභෝගිකයා ගේ විධි නියෝග බාර ගන්නා අය සහ මහා භාරකරුවන් වෙති. ඉතාමත් අනගි ලෙසින් වඩාත්ම අඩු මිලට පාරිභෝගිකයාට සේවය සපයන්නට ඔවුන් අසමත් වුවහොත් ඔවුන්ට අලාභ පාඩු විඳින්නට සිද්ධ වේ. ඉල්ලුම පවතින කාලය ඉක්මවා යන්නට පෙර ඔවුන් වෙනස් වුනේ නැත්නම් ඔවුන් ගේ දේපල පවා අහිමි වී යයි.

වැඩවසම් දේපල යනු ආක්‍රමණිකයෙක් හෝ ආක්‍රමණිකයාගේ ගැත්තෙක් විසින් අයත් කරගත්තකි. අයත් කරගත්තාට පසුව වෙනත් ආක්‍රමණිකයෙක් එනතුරා ඔහුටත් ඔහුගේ උරුමක්කාරයන්ටත් එහි ඵල භුක්ති විඳින්නට පුළුවන. ඒත් ධනවාදී දේපල යනු පාරිභෝගිකයාව වඩාත්ම තෘප්තිමත් කරන ලෙසකින් නැවත නැවතත් ක්‍රියා කිරීමෙන් පමණක් නැවත නැවතත් ලබාගත හැකි දේපල වෙති.

වෙළඳපොල ආර්ථිකයක දී නිෂ්පාදන සාධක වල අමුද්‍රව්‍ය හිමිකම කියන්නා යනු, නිතර වෙනස් වන ස්වභාවයෙන් යුතු පාරිභෝගික ඉල්ලුම අනුව වඩාත්ම තෘප්තිමත් ලෙසකින් ඒවා සපයන්නට හැකියාව තියෙන අය බවට පත්විය යුතු බලපෑමට ලක් වී සිටින්නෙකි. ඉතින් අයෙක් උරුමයෙන් ලැබෙන ව්‍යාපාරයක් හෝ මහත් වස්තු සම්පත් ඇතිව පටන් ගත් ව්‍යාපාරයකට හිමිකම් කියන්නෙක් වුව ද, එයාට අළුතින් වෙළඳපොලට ඇතුල් වන තරඟකරුවන් හා තරඟයේ යෙදෙන්නට එයින් පමණක් විශේෂ වාසියක් ලැබෙන්නේ නැත. IBM යනු 1911 දී පටන් ගත් කොම්පැණියකි. 2011 ආදායම බිලියන $106 කි. මයික්‍රොසොෆ්ට් යනු 1975 දී පටන් ගත් කොම්පැණියකි. එහි 2012 ආදායම බිලියන $73.72 කි. ඇපල් කොම්පැණිය 1977 දී පටන් ගත්තකි. එහි 2012 ආදායම බිලියන $156 කි. හෙට මොවුන්ට ඉදිරියෙන් වෙන කවුරුන් හෝ ඉන්නට සමත් වීම තීරණය පාරිභෝගික කැමැත්ත අනුව සිද්ධ වෙන්නකි.

බහුතරයකට අනගි ලෙසින් සපයන්නට හැකියාව මත යම් ව්‍යාපාරයක් බිහි වී පැතිර යෑම ධනවාදී විධි ක්‍රමයේ වැදගත් ලක්ෂණයකි. බහුතර ජනකායකගේ උවමනාවන් සපුරා බහුතර සමාජයක ජීවන තත්වය ඉහළ යවන්නට, ධනවාදී ක්‍රමයට හැරෙන්නට හැකි වෙනත් කිසිම ආකාරයක් ලොව නැතැයි වර්තමාන පරිගණක ක්ෂේත්‍රය දිහා පමණක් බලා අයෙකුට වටහා ගත හැකියි.

ධනවාදී ව්‍යවසායකත්වය නිසා අද සාමාන්‍ය මිනිසාගේ ජීවන තත්වයේ වෙනදා නොමැති වූ සුඛෝපභෝගීත්වයක් දැකිය හැකියි. ජීවන කාලය දීර්ඝ වී, ලෙඩ රෝග ජයගෙන, එදා ධනකුවේරයන් පමණක් පරිහරණය කරන ලද භාණ්ඩ අද සාමාන්‍ය මිනිසුන් ද ලබාගන්නට සමත් වෙති. අධ්‍යාපනික හා අධ්‍යාත්මික වශයෙන් ද ඒවා උවමනා අයට ඉඩප්‍රස්ථා අද ලොව වැඩි වී තිබේ.

මේ සියළු හපන්කම් කිසිම ආණ්ඩුවක් හෝ කිසිම පුණ්‍ය ආයතනයක් නිසා සිද්ධ වූවක් නොවේ. මේවා මීට වඩා බහුල ලෙසින් පැතිර නොයාම නම් පැහැදිලිව ම ආණ්ඩු වල මැදිහත්වීම නිසා සිද්ධ වෙන්නකි!!!!!!!

ධනවාදයට පෙර යුගයේ කඩයක් හෝ ගොවිතැනක් කරන්නට දන්නා අයට තම ආර්ථිකයේ උන්නතියක් කරගන්නට ඉඩප්‍රස්ථාව තිබිණ. වෘත්තීමය ලෙසකින් මුදල් පොලියට දෙන අයට ද ඒ හැකියාව ලැබිණ. ඒවායෙන් ඉතිරි කරගන්නා ලාභ වලින් ඔවුනට ස්ව උත්සාහයකින් තම තත්වයේ අභිවෘද්ධියක් කරගන්නට හැකිවිණ.

එහෙත් අනිත් අයට, දේපල අයිතියක් නැති ශ්‍රමිකයනට මෙට්ටයක් යට හෝ බිම වළලා කාසි කිහිපයක් ඉතිරි කරගන්නට හැකියාව තිබුණි. ජීවිත රක්ෂණ, ඉතිරි කිරීමේ බැංකු, සුරැකුම් පත් යනාදිය බිහි වූ ධනවාදය නිසා සාමාන්‍ය ආදායමක් සොයාගන්නට හැකි වූ ශ්‍රමිකයන් හැමෝටම ඉතිරි කරන්නට අවස්ථාවක් පෑදිණ. එයින් ඔව්හු හැකි තරම් ප්‍රයෝජන ගත්හ.

විවිධ පංතිවල අය ගත් ඉතිරි කරන උත්සාහයන් නිසා එකතු වූ මුදල් වලින් ණය දෙන බැංකු වැදගත් කාර්යයක් ඉටු කරන්නට සමත් වූහ. එයින් මුදල් ආයෝජන හා ව්‍යාපාර කටයුතු හරියාකාරව සිද්ධ වෙන්නේ කෙසේදැයි කියා නොදන්නා අයට වැඩි වෙහෙසක් නොමැතිව තම ශ්‍රමයෙන් උපයාගත් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කරන්නටත් ආයෝජනය කරන්නටත් හැකියාව පෑදිණ. මේ ක්‍රියාවලිය නිසා තමයි බහුතර සමාජයක සමාජ තත්වයන් ඉතා සීඝ්‍රයෙන් වඩා සුවදායක වූයේ.

එහෙත් මේ පරිනාමය කඩාකප්පල් කරන්නට ලෝකයේ සෑම ජාතියක් ම පාහේ ඉතා අවිනීත ලෙසින් දායක වූහ. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය හා කුඩා රට රටවල් සමඟ ඔව්, ඇමෙරිකාවත් තවමත් නියැළී ඉන්නේ රැඩිකල් උද්ධමන (inflation) ප්‍රතිපත්ති වලයි. පොදු මහජනතාවගේ සුවසෙත ගැන වඩාත් සැලකිල්ලක් දක්වනවා කියමින් ඔවුන් හොරකම් කරන්නේ රක්ෂණ ඔප්පු මිල දී ගත්තවුන් ගෙනි. විශ්‍රාම වැටුප් වෙනුවෙන් වෙහෙසන අය ගෙනි. සුරැකුම් පත් හා ඉතිරි කිරීමේ ගිණුම් වලිනි.

කාටූන් “අපට පාඩුවේ ඉන්න දෙන්න, ධනවාදය,” අඩවියෙනි. “නිදහස නම් කාටවත් හිංසාවක් නොවන තෝරා ගැනීමකට බාධක නැතිවීම” යැයි මා ලියූ සටහනේ, මෙසේ ‘අපට පාඩුවේ ඉන්න දෙන්න’ යැයි ලොව මුලින් ම ඉල්ලා සිටියේ ප්‍රංශයේ M.Legendre නම් කර්මාන්තකරුවා ය.

සටහන ලුඩ්විග් වොන් මීසස් විසින් ඔක්තෝබර් 1958 දී ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ පවත්වන ලද “නිදහස සහ දේපල” යන දේශනය හා ඔහුගේ “මුදල්, විධික්‍රමය සහ වෙළඳපොල ක්‍රියාවලිය” (1990) නම් ග්‍රන්ථය ඇසුරිනි.

582453_10151489815906489_1062215864_n

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. තරිඳු රොෂාන්ත said, on මාර්තු 11, 2013 at 11:27 පෙ.ව.

    I have worked in apparel industry for more than 2 years. Because of that I know the industry most of the time ignores the wants of minority. I was told by a buyer of a very well-known brand that if the customers see the style is available for the above average people, they tend to reject it. The skinny girl wouldn’t like to find her fat friend dressed in the same outfit as her he said. You might think this is not the norm but it is. The factory catered for UK market exclusively making women cloths of high quality. There were never XL or XXL the largest is L.

    That is not to say larger sizes aren’t made for all styles. The average, general and bland types always have larger sizes. In fact the quantities of larger sizes are higher in those styles. So I guess the minority isn’t totally ignored. But they are certainly not that important.

    I guess the success of democracy depends on how divided the population is. If the majority rules, they can do whatever they want to the minority. Sure it would be wrong in many ways. But it still would be democratic technically. Democracy, economic or constitutional isn’t perfect I believe. But that’s the best available right now as far as I know. Or is there any better alternatives? I wonder sometimes. How can we improve the democracy model? How can we guarantee that the whisper of minority wouldn’t go unheard for the shout of majority?

    • arunishapiro said, on මාර්තු 11, 2013 at 11:42 පෙ.ව.

      තරිඳු රොෂාන්ත,

      සම්පූර්ණ ඇඟළුම් කර්මාන්තය ගැන සලකන්න. ඒ ඒ බ්‍රෑන්ඩ් එක හදන අය ඔවුන් ඉලක්ක කරනා වෙළඳපොල කොටස ගැන නෙමෙයි. ඩොලර් මිලියන 2.5 තනපටියක් වික්ටෝරියාගේ සීක්‍රට් හැදුවේ කුඩා පිරිසක් ඉලක්ක කරගෙන. මෙහෙ Big & Tall හදන්නේ ෆුට්බෝල්, බාස්කට්බෝල් ක්‍රීඩකයන් වගේ අයට; ඒ කඩෙන් සාමාන්‍ය දේහකාය ඇති අයට වස්ත්‍ර ගන්න නැහැ. වෝල්මාට් වලින් ගන්න හැකි ඩොලර් දෙකේ ටී ෂර්ට් තවත් කොටසක්.

      ගොඩක් වෙලාවට කඩේ ගියාම හිතෙනවා තමයි කාට ද මේවා හදලා තියෙන්නෙ කියල!!! ඒත් තමන්ට හරියන එකක් හදන කෙනෙකුත් ඉන්නවා, ගාණ වැඩියි තමන්ගේ සුවිශේෂී උවමනාව අනුව. ගාණ අඩුයි හැමෝටම ගැලපෙන දේට.

      ඒක තමයි ලොව සාධාරණ එකම ක්‍රමය. තමන්ගේ සුවිශේෂී උවමනාවක් සඳහා මිල දී ගන්නා වැඩියෙන් ගාණක් ගෙවීම. අද ලෝකයේ වෙළඳපොල තුල මෙය දකින්නට හැකි වුනත්, අද ලෝකයේ ආණ්ඩු තුලින් දකින්නට ඇත්තේ සුවිශේෂී වූ කොටසක් බහුතරයාගේ වියදමෙන් යැපීමයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: