අරුණි ශපීරෝ‍ වෙතින්

වික්ටෝරියා රැජින මැන්ගුස්ටින් කාලා නැහැල්ලු

Posted in Uncategorized by arunishapiro on මාර්තු 11, 2013

IMG_5034

“ඉදුණා ම [මැන්ගුස්ටින්] පලතුර යනු අනගිතම ගඩු ගුඩා Lansium domesticum] තරම් ම ඉතා මටසිලුටු හා රසැති වූවකි. සමහර විට එය ඉදුණු මුද්දරප්පලම් යැයි වරදවා සිතනු ඇත. එහි සුවඳ හා එහි රස නිසා බොහෝ දෙනෙකුට එය කොච්චර කෑවත් ප්‍රමාණවත් යැයි නොසිතේ. කෑම රැචියක් හා කන්නට පණක් නොමැති තරමට ලෙඩින් ඉන්නා අය මේ පලතුර දුන්නොත් එයින් සතුටට පත්වෙනවා යැයි විශ්වාසයකි. එසේ නැත්නම්, මැන්ගුස්ටින් ගෙඩියක් වත් කන්න බැරි තරමට ලෙඩින් ඉන්නේ නම් රෝගයෙන් එයාව සුව කරන්නට බැරි යැයි ද විශ්වාසයකි.” -ජෝර්ජියස් එවර්හාඩස් රම්ෆියස්, ඇම්බොයිනා වේ ආණ්ඩුකාරයා, (1628-1702)

Georg Eberhard Rumphius වඩාත්ම සුප්‍රසිද්ධ වෙන්නේ ඇම්බෝනියාවේ (වර්තමාන ඉන්දුනීසියාවේ) පැලෑටි වර්ගීකරණයක් Herbarium Amboinense (1741)* නමින් සකස් කළ තැනැත්තා හැටියටයි. 1,200 ක් පැලෑටි වර්ග ගැන සටහන් තබන ඔහු එයින් 930 ක නිශ්චිත species නාමයන් ද, තවත් 140 ක genus නාමයන් ද හඳුන්වන්නට සමත් විය. පින්තූර හා විස්තර වලින් ඔහු කළ දායකත්වය පසු කාලයක දී Linnaeus විසින් කළ binomial scientific classification සඳහා උපකාරී විය.

1670 දී ඇස් අන්ධ වී යන ඔහු අනිත් අයගේ සහයෙන් වෙළුම් හයකින් යුත් අත්පිටපතක් සකස් කරන්නට සමත් වෙයි. 1674 දී ඔහුගේ භාර්යාව සහ දරුවා භූමිකම්පාවක් සහ සුනාමියකින් මිය යයි. 1687 දී පොත නිමා කරන ඔහුගේ සියළු පින්තූර ගින්නකින් දැවී යයි. ඉතින් 1690 වෙද්දී ඔහු අනිත් අයගේ සහායෙන් නැවත එය නිමා කරන්නට සමත් වෙයි. ඒත් අත්පිටපත රැගෙන නෙදර්ලන්තය බලා ගිය නෞකාව ප්‍රංශ හතුරු ප්‍රහාරයක් නිසා මුහුදුබත් වෙයි. වෙනත් අත්පිටපතකින් එය නැවත සකස් කිරීම මුල සිට ආරම්භ වෙයි.

Herbarium Amboinense අවසානයේ නෙදර්ලන්තයට එන්නේ 1696 දී ය. ඔහු සේවය කළ ඊස්ට් ඉන්දියා කොම්පැණිය එහි සංවේදී තොරතුරු බොහොමයක් අඩංගු යැයි කියමින් එය ප්‍රකාශන නොකර සිටිති. රම්ෆියස් 1702 දී මිය යන්නේ තම උත්සාහයේ මුද්‍රිත ප්‍රකාශණයක් පළවේ දැයි නොදැනය. 1704 දී තහනම ඉවත් වෙද්දී කිසිම ප්‍රකාශකයෙක් එයට ඉදිරිපත් නොවේ. එය අවසානයේ ප්‍රකාශණය වෙන්නේ 1741 දී ය. ඔය විස්තර ඉංග්‍රීසි විකිපීඩියාවෙනි.

සටහන පටන් ගන්නා උපුටනය ඇත්තේ ඒ Herbarium Amboinense පොතේ යැයි සැලකේ. මා ඒ පොත කියවා නැත. එය ඉංග්‍රීසියට පරිවර්තනය වූවකි.

වික්ටෝරියා රැජිනට මැන්ගුස්ටින් කන්නට සිත් වී ලෝකය පුරා නැව් යවමින් මැන්ගුස්ටින් ගෙඩියක් ගෙනැවිත් දෙන්නාට තෑගි දෙන බව ජනප්‍රවාදයකි. අනේක තැන් වල වික්ටෝරියා රැජිනට මැන්ගුස්ටින් පිරිනැමුවා කියන වාර්තා වල කිසිත් සත්‍යයක් නැතැයි කියන්නට නොයෙකුත් තතු ගෙනැවිත් පෙන්වන්නේ මෙතැනයි.

මුහුදු ගමන් මාර්ග වලින් කුළුබඩු, මුතු මැණික් යනාදිය ප්‍රවාහනය වෙද්දී මැන්ගුස්ටින් වැනි වැඩිකල් තබාගත නොහැකි පලතුරක් ගෙන යන්නට සමත් වූවෙක් එවක නොවූ බව ඔප්පු කරන සාධක බොහොමයක් වෙනත් සටහන් වලින් එහි පෙන්වා දී ඇත.

සමහර බඩු රැගත් නැව් ගමනාරම්භයේ දී එක් රාජ්‍යයකට අයිති වුවත් මුහුදේ සිද්ධ වූ කොල්ලකෑමක දී නැව මුහුදුබත් වූයේ නැතිනම් නැව බඩුත් එක්කම වෙනත් රාජ්‍යයකට හිමිකම අයිති වූ අවස්ථා ද තිබිණ.

ඉතින් ඉතිහාසයට වාර්තා එකතු කරන්නට වෙහෙස වූ මිනිසුන් සහ මුහුදු වෙළඳ මාර්ග හදන්නට වෙහෙස වූ මිනිසුන් ඉතිහාසයේ සිටි නිසා ආක්‍රමණ, යටත්විජිත, කොල්ලකෑම් පසුකර අද මැන්ගුස්ටින් වගා කරන රටක ඉන්නා අයට මැන්ගුස්ටින් කන්න කැමති අය ඉන්නා රටකට විකුණන්නට හැකි ගණුදෙනු යුගයකට අපි පා තබා සිටිමු.

එදා වික්ටෝරියා රැජිනට කන්නට පවා අවස්ථාවක් නොලැබුණ මැන්ගුස්ටින් ගෙඩිය අද ඇමෙරිකන් වෙළඳපොලේ දී පිරිනැමෙන්නේ කන්නට කැමති ඕනෑම කෙනෙකුට ය. ගෙඩියක් $2.50 කි. පින්තූරයක් ගන්නා තෙක් එයට පැවැත්මක් නොලැබුනේ, ලංකාවේ බිහිවූවකට සමාන වෙන්නට ඒ තරම් හැකියාවක් නොවූවත් දම්පාට මැන්ගුස්ටින් ඇතුලේ සුදුපාට බික් තියෙන ගෙඩි වාද්දුවේ ගාලු පාර* අසල විකුණනවා මැවී පෙනුන නිසයි!!!!!

ගෙඩියක රහ බලනවා වගේ නොවුනාට මැන්ගුස්ටින් යුෂ පානයත් හරිම රහයි. 😀

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. Maathalan said, on මාර්තු 11, 2013 at 10:58 පෙ.ව.

    ඉතින් එන්න කියන්නකෝ ආච්චිට. ගෝනියක් පුරවලා දෙන්න. ඔහේ කාලා තියෙයි ගොරකා මද…

    • arunishapiro said, on මාර්තු 11, 2013 at 11:02 පෙ.ව.

      Maathalan,

      නෑ නෑ මාතලන් ගණුදෙනුවෙන් ලාබ හොයන්න පුලුවන් ඉල්ලුම ඇති තැනට සැපයුම යවන්න පුලුවන් නම් …. සැපයුම තියෙන තැනට පාරිභෝගිකයා ගිහින් නෙමෙයි 😀
      ගොරකා මද ගහෙන් කඩා ගත් සැණින් කටේ දාගෙන ඇත්තෙමි .. ම් … ඒකත් හරිම රහයි!!!!

  2. wicharaka විචාරක said, on මාර්තු 11, 2013 at 12:12 ප.ව.

    ගොරක මද වලට සමහර පැතිවල කියන්නේ ‘ගොරක හිදල’ කියලා. මමත් කාලා තියනවා. හැබැයි ගොඩක් කෑවොත් මොකද වෙන්නේ? වැසිකිලි යනකොට යකඩ උලකුත් අරං යන්න වෙනවා. ‘මළ බද්ධය’ හැදෙන නිසා.

    මැන්ගුස්ටීන් බිස්නස් එකක් පටන්ගත්තානම් හොඳයි වගේ අරුණි.

    • arunishapiro said, on මාර්තු 11, 2013 at 8:55 ප.ව.

      විචාරක,

      ‘ගොරක හිදල’ ස්තූතියි තවත් අලුත් වචනයක් ඉගෙන ගත්ත. පමණ දැන අනුභව කළ යුතු දෙයක් එහෙනම්. 🙂

      තායිලන්තයෙන් එන මැන්ගුස්ටින් තමයි මෙහෙ වැඩියෙන් දකින්නෙ. ලංකාවේ අයට PayPal වගේ ක්‍රම ලැබිලා අන්තර්ජාලයේ කඩවල් අරින්න පහසු වෙන දවසට මැන්ගුස්ටින් රට පටවන වැනි වෑයම් ගන්න අයත් බිහිවේවි.

  3. Shanthi Chandrasekera said, on මාර්තු 11, 2013 at 12:44 ප.ව.

    Mmm aluth athdakeemak oyata labenna athi mangus beemen neda?. ow kaawata epa wenne nathi palathurak.. Anuradhapure thiyena thimbiri gahath oya wage gedi hadena ewagema athule mada thiyenawa idunama kalath thiyenawa eth ammala kiyanawa ewa kaawoth idimenawa kiya . oya egana ahala thiyenawada ? ammala hal polana kulla ganna gannawa oya kiyana thimbiri gedi. thanks Aruni .

    • arunishapiro said, on මාර්තු 11, 2013 at 9:06 ප.ව.

      Shanthi,

      ඔව් ඊමේල් කවිකාරි නංගිගේ සටහනක් දැකලා තමයි දැනගත්තෙ ලංකාවේ අඹරැල්ලා ජූස් බොන්න තියෙනවා කියල. ලංකාවට ගිය විගසින් එය රස බැලුවා. ගෙදර අඹරැල්ලා ගහක් තිබිලත් පුංචි කාලේ ඉඳලා අපිට බ්ලෙන්ඩර් තිබ්බෙ නැති නිසා අඹරැල්ලා ජූස් බීලා තිබ්බෙ නැහැ. මැන්ගුස්ටින් ජූස් ද ඒ වගේ අලුත් අත්දැකීමක් තමයි.

      තිඹිරි ගහේ ගෙඩි ගැන මේ ඇහුවමයි. තිඹිරි ගහේ ලාටු ගාලා හදන දරු උපත් සඳහා වෙන්වෙච්ච කාමරය නිසා ඊට තිඹිරි ගෙය කියා නම් වැටිලා තියෙන කතාවක් නම් කොහේ හරි තැනක දී අහලා තියෙනවා.

  4. අටම්පහුර said, on මාර්තු 11, 2013 at 3:43 ප.ව.

    රුපියල් පණහා ගානේ ගෙඩි හතරක් පහක් ගෙනල්ලා අමුවෙන් ගස් පල්ලේ පතබාවපු එකේ ප්‍රතිපලයක් විදිහට කිරි බැහැලා කහපාට උන මදුළු ටික අයින් කරලා , ඉතුරුවෙන මදුල දෙක පීරිසියකට දාලා දෝණියැන්දට දීලා ඒය එක ආසාවෙන් කන හැටි බලාගන

    ‘‘අත්තී….. තාත්තා ඉස්සර චූටි කාලේ උදේට නැගිටපු ගමන් ගහයටට දුහලා වැටිලා තියන එව්වා ඇති වෙනකං අහුලගන කාලා අනිත් එව්වා එහෙම්මම තියලා ගෙදර එනවා‘‘

    කියපුවහම කෙල්ල කැත හිනාවක් දානවා

    ෂුවර් එකටම එයා හිතන්නේ

    …….අනේ මෙච්චර රස කෑමක් දාලා එයි එහෙනං……

    අනේ අපේ අවාසනාව ……කිලෝ මීටර් පණහක් හැටක් කඩයකට අරගන එන්ඩ බැරි හැටියක් පළතුරු ගෙඩියක් අපට තලාගන්නේ නැතුව

    කරුමේ…කරුමේ

    • arunishapiro said, on මාර්තු 11, 2013 at 9:18 ප.ව.

      අටම්පහුර,

      ඉතා ලස්සනට ලියලා!

      ගහෙන් වැටෙන ගෙඩියක් කන්න පුළුවන්කමක් අවුරුද්ද පුරාම ලැබෙන කොට ඉතින් අනාගතය ගැන වැඩි සැලසුම් අවශ්‍ය වෙන්නෙ නැහැනේ. කාලයක් යද්දී ගහෙන් වැටෙන ගෙඩි ක්‍රමයෙන් අඩුවෙලා යද්දී, කඩේ තියන ගෙඩි ගිණි ගනන් වෙද්දී, ඒත් දන්නෙ නැහැ ඇයි ඒ නිකම් ලැබිච්ච ගෙඩියේ ගාණට වඩා වැඩි ගාණක් ගෙවලා කඩෙන් ගෙඩියක් ගන්න වෙලා තියෙන්නේ කියන එක.

      ඒත් ඒක මන්දැයි වටහා ගත්ත දාට, වැඩියෙන් ගාණක් ගෙවලා පළතුරු ගෙඩියක් ළඟට ගෙනැවිත් දෙන එක අගය කරාවි. එහෙම අගය කරන්න පිරිසක් බිහිවෙච්ච දාට කිලෝ මීටර් පනහක් හැටක් කඩයකට යවන්න ක්‍රම ද පළතුරු වෙළෙන්ඳන් හොයා ගනීවි. වැඩියෙන් පාරිභෝගිකයන් රටේ වෙළඳපොලේ ඉන්දැද්දී ඔවුන් වෙනුවෙන් පළතුරු වගා කරන අය ද වැඩිවේවි. එතකොට පළතුරු මිලත් අඩුවේවි.

      තාම ලංකාවේ අය ඉන්නෙ ගහෙන් වැටෙන ගාණට කඩෙන් දෙන්න ඕනෑ යැයි කියන තැන. වෙළඳපොලට බැරි නම් ඒක ආණ්ඩුව ලවා කරවා ගන්න පුලුවන් කියලා හිතනවා!!!!

      • Bindi said, on මාර්තු 12, 2013 at 5:20 පෙ.ව.

        හරියටම හරි . මගේ ජපන් මිතුරියක් නිතරම ලංකාව ගැන කතා අහන්න ආසයි . මෙහෙ තියෙන හැම පලතුරක්ම අපේ තියෙනව කියල අපි ඉතින් කයිවාරු ගහනවනේ . හැබයි ඔන්න එයා හැබෑවටම ලංකාවට යන්නයි හදන්නේ .මෙහෙ වගේ ලස්සනට අසුරලා හැම තැනම පලතුරු ගන්ට නැති බව හිමිට කියන්න වෙනවා .

        ගහෙන් වැටුණු හරි ගහට නැගල හරි කඩා ගන්නවා ඇරෙන්න , වාරෙට ඕනෑතරම් කන්න ලැබෙනවා ඇරෙන්න පළතුරක් මිලට ගන්න එහෙමකට හරි හමන් ක්‍රමයක් දියුණු නොවීම ගැන කනගාටුයි තමයි .

        මැංගුස් කියන්නේ පලතුරු ලොව රැජින . දුරියන්ලු රජතුමා . මන් නෙමේ කියන්නේ චීන රටේ බවයි අහන්න ලැබුනේ . මැංගුස් බිම හදන්න කොච්චර ඕනද අප්පේ . ඔය පලතුර එපාම වෙන්නේ කොච්චර තෝරලා ගෙනාවත් ඇරලා බලනකම් විශ්වාස නැහැ හොඳද නැද්ද කියල .

        • arunishapiro said, on මාර්තු 12, 2013 at 9:40 පෙ.ව.

          Bindi,

          මම පලතුරු රජ්ජුරුවන්ටත් ආසයි 😀 නැහැය පැත්තකින් තියලා රස බලනවා!!!!

          ඔව් මැංගුස්ටින් ගෙඩියක් ඇරලා බලන කම් ෂුවර් නැහැ තමයි … mystery නිසා අගේ වැඩි කරනවානේ.

  5. හර්ෂ said, on මාර්තු 12, 2013 at 2:34 පෙ.ව.

    මැංගුස්ටින් ගෙඩිය පතුලේ තියෙන බීසීසී ලාංඡනය උඩ තීන්ත තවරලා ඉස්සර ප්‍රින්ටින් කරලා තියෙනවද ?

    • arunishapiro said, on මාර්තු 12, 2013 at 9:42 පෙ.ව.

      හර්ෂ,

      මම ලංකාවේ හිටියෙ එහෙම ලාංඡනයක් වැදෙන්න කළින් .. දැකපු බවක් මතකයේ නැහැනෙ. අල ගෙඩි නම් කපලා ප්‍රින්ටින් කරලා තියෙනවා .. බණ්ඩක්කා කරල් වලින් එහෙමත්.

  6. udara9jayasinghe@yahoo.com said, on මාර්තු 13, 2013 at 2:17 පෙ.ව.

    තමුන්නැහේ ඇමරිකා ගියාට පස්සේ මොළේ අඤ්ඤකොරොස් වෙලාද? වාද්දුවේ කොහෙද නොනේ හයිලෙවල් පාරක්? අද උදේ එනකොට තිබ්බෙත් නැහැ. යද්දි තියෙයි ද? අනික මැංගුස් විකුණන්න තියෙන්නේ උතුරු කළුතර පාලම ගාව දකුණටත වඩා.

    • arunishapiro said, on මාර්තු 13, 2013 at 7:18 පෙ.ව.

      udara,

      තමුන්නැහේ අකුරුක් නෑර කියවනවාට ඉතාමත් ස්තූතියි. අයියෝ නැහැ ලංකාවේ ඉන්නකොටත් තිබ්බෙ මෙහෙම මොළයක්ම තමා.

      මම කළුතර ජීවත් වූ කාලයේ වාද්දුව හරියේ තමා මතක හැටියට මැන්ගුස්ටින් විකුණුවේ .. ඔව් හයිලෙවල් පාරේ නෙමෙයි, ගාලු පාරේ තමයි. 😀

  7. කවීන් said, on මාර්තු 14, 2013 at 1:28 පෙ.ව.

    අරුණි අක්කේ පොඩි අවුලක්

    //Georg Eberhard Rumphius වඩාත්ම සුප්‍රසිද්ධ වෙන්නේ 1741 දී ඇම්බෝනියාවේ (වර්තමාන ඉන්දුනීසියාවේ) පැලෑටි වර්ගීකරණයක් Herbarium Amboinense නමින් සකස් කළ තැනැත්තා හැටියටයි.//

    දෙවැනි තැනක කියල තියනවා 1741දී තමයි පොත පලවෙන්නේ කියල. නමුත් පලවෙනි සදහනේදී Rumphius පැලෑටි වර්ගීකරණය කරලා තියෙන්නේ 1741 කියන අදහස නේද ඉස්මතු වෙන්නේ. එක්කෝ පලවෙනි සඳහනේදී වර්ෂය දාන්නෙම නැතුව හිටියොත් පැටලිල්ල නෑ.

    මට පැටලුනා Wikipedia ලිපිය කියවල තමයි අවුල ලිහා ගත්තේ. 😀

  8. chandi said, on මාර්තු 14, 2013 at 12:20 ප.ව.

    මැංගුස් හරිම රස පළතුරක් වගේම අවුසදයක් කියල දන්නෙ ටික දෙනයි. එහි පිළිකා නසන ගුණයක් තියෙනවා කියල මැලේසියානුවන් කියන්නෙ. එහේ තියෙනවා බෝතල් කල පැණි බීමක් ලෙස සකස් කල මැංගුස් බීම. හරිම මිළයි. අපේ අය තාම දන්නෙ නැතිනිසා අටම් කිව්වා වාගෙ අපතේ හරිනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: