අරුණි ශපීරෝ‍ වෙතින්

වියට්නාම් වලින් ඇමෙරිකාවට සපයන ඩ්‍රැගන් ෆෲට් රස බැලුවෙමි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 16, 2013

dragon fruit

ඩ්‍රැගන් ෆෲට් Hylocereus undatus දැන් ලංකාවේ ද වවන බව දැනගන්නට ලැබුණ. මෙහෙ කඩයක දී විකුණන්න දාලා තියෙනවා දැක්කම එහි රහ මොන වගේ ද බලන්න හිතුණ. ගෙඩියක මිල $7.49 ක්.

ඇතුලේ තියන මදය තමයි කන්න ගන්න කොටස. කැලරි අඩු පලතුරක්. ඇන්ටිඔක්සිඩන්ට් යනාදියෙන් ගුණාත්මක බවින් පිරුණක් යැයි ද සටහන් වෙන්නක්. කිවි පළතුරේ හා සමාන ඉතා කුඩා ඇට ඇතුලේ දකින්නට ලැබෙනවා. ඒවා විකලා ගිලින්න ඕනෑ. නැත්නම් ආහාර මාර්ගයේ ජීර්ණය වෙන්නෙ නැතිලු. මෙයින් පානීය යුෂ හා වයින් හදනවාලු. තේ වලට මෙහි මල් මුසු කරලා බොන්න ගන්නවාලු. කෑම හැඩ දාන්නට මෙයින් මලක් භාවිතා කරන්නත්, එහි මල අනුභවයට ගන්නත් පුලුවනිලු.

පෙයාර්ස් ගෙඩියක් එක්ක කිවි ගෙඩියක ඇට විතරක් මුහුන් කරලා වගේ රහක් මගේ දිවට දැනුනේ!!! තවම ෂුවර් නැහැ ඒ රසට කැමති ද අකමැති ද කියල!!!

මධ්‍යම සහ දකුණු ඇමෙරිකානු දේශයන්ට ආවේනික වූ මේ පළතුර වර්තමානයේ දී එය වැවෙන දේශගුණය ඇති බොහෝ රටවල වගා කෙරෙන්නක් බවට පත්වෙලා. Pitaya යන නම ස්පාඤ්ඤ බසින් උච්චාරණයේ දී පිතාජා විදියට තමයි සිද්ධ වෙන්නෙ. වියට්නාම් හා ඉන්දුනීසියාව පැත්තේ එය කෙසේ උච්චාරණය වෙනවා දැයි නොදනිමි.

IMG_5116 IMG_5117

පිතාජා වර්ග කිහිපයක් තියෙනවා:
Hylocereus undatus: රතු ලෙල්ල, ඇතුලේ සුදු මදය, මෙය තමයි ජනප්‍රිය ලෙසින් ඩ්‍රැගන් ෆෲට් නම දරන්නෙ.
Hylocereus costaricensis: රතු ලෙල්ල, ඇතුලේ රතු මදය. Hylocereus polyrhizus එහි ම නමක්.
Hylocereus megalanthus: කහ ලෙල්ල, සුදු මදය, කහ පිතාජා Selenicereus megalanthus එහි ම නාමයන්

මෙය වැඩියෙන් ම ජනප්‍රිය, ඒ කියන්නෙ වැඩියෙන් ම මේ පළතුර කන අය ඉන්නෙ කොලොම්බියාවේ කියා තමයි දැනගන්නට ලැබුනේ.

මෙය වියට්නාම් විසින් වැඩියෙන් ම රට පටවන පළතුර.

චීන පුරාවෘත්තයන්ට අනුව පළතුර නිර්මාණය කරලා තියෙන්නෙ ගිනි පිඹින මකරුන් විසින් වසර දහස් ගණනකට පෙර. සටනක දී මකරා ගින්දර පිඹිද්දී අන්තිමට එළියට එන්නෙ මේ පළතුර!!! මකරාව මරලා දාන ජයග්‍රාහී සොල්දාදුවන් මේ පළතුරු එකතු කරලා එම්ප්‍රද්‍රෝරුවාට එය නිධානයක් ලෙසින් පිරිනමනවාලු.

අනිත් අය කියන්නෙ මේ ජනප්‍රිය පුරාවෘත්තය පටන් ගත්තෙ දකුණු ඇමෙරිකා රටවලින් ආසියාවට පළතුර ගෙන ගියාට පස්සෙ කියලයි.

පිතාජා වවන්න කැමති අයට මෙතැනින් කියවන්න පුලුවන් හවායි විශ්ව විද්‍යාලයේ ඒ ගැන විස්තර ඇතුලත් ලිපියක්.

හෙටත් කන්න තියාගන්න එපායෑ. පැෂන් ෆෲට් ගෙඩියක් $2.99 කට සහ පේර ගෙඩි තුනක් (රාත්තල $5.99) අරන් ආවා. ඒවා තියෙන රටවලට ගිහින් කන්න යන වියදමට වඩා මේ ගාණට මෙහෙ දී ගන්න ලැබෙන එක හරි ලාබයි. 😀

IMG_5115

photo

passion fruit

Advertisements

24 Responses

Subscribe to comments with RSS.

  1. හරී said, on මාර්තු 16, 2013 at 9:30 පෙ.ව.

    පළතුරුවල ගණන්..

    ලංකාවෙත් ටික කාලෙකට කලින් නම් ඩ්‍රැගන් ෆෘට් වගාව ව්‍යාප්ත කරන්ඩ ලොකු උත්සාහයක් තිබුනා.. දැන් නම් එච්චර ඒ ගැන ඇහෙන්නෙ නෑ..

  2. dishan83 said, on මාර්තු 16, 2013 at 10:45 පෙ.ව.

    ඩ්‍රැගන් ෆෲට් ඔහෙත් ඕව වගා කරනවා ඇති දැන් ලංකාවෙ ඇපල් පලතුරත් වගා කරනවා නෙ 😀 ඇමරිකාවෙ පේර මිල තමා මරු ඒ අතින් අපිනම් වසනාවන්තයි. පැෂන් ෆෲට් මෙ දවස් වල පිරිලා තියෙනවා ගෙදර තියෙන පැෂන් වැලෙ

    • arunishapiro said, on මාර්තු 16, 2013 at 11:08 පෙ.ව.

      dishan83,

      මේ සටහන දැම්මට පස්සෙ “පිතායා” නමින් ෆ්ලෝරීඩා වල ඩ්‍රැගන් ෆෲට් වගා කරන බව අයෙක් දන්වා එව්වා. ඔව් කාලයක් යද්දී දේශයකට පමණක් සීමා වෙන පළතුරු කියා දෙයක් නැතිවෙලා යාවි.

      ඩ්‍රැගන් ෆෲට් වගේ ම පේර හා පැෂන් ෆෲට් මිල වැඩි වීමට තවත් හේතුවක් තමයි මේවා මිල දී ගන්න අය මෙහෙ වෙළඳපොලේ අඩුවීම. මෙහෙ ඇපල් හරි ලාබයි .. මිල දී ගන්නා අය වැඩියෙන් ම ඉන්න නිසා. ඊ ළඟට මිදි. ඊ ළඟට දොඩම් (ඔරේන්ජස්); ඒ පිළිවෙලින් තමයි වැඩියෙන් ම මිල දී ගන්නා මෙහෙ පළතුරු තියෙන්නෙ.

      එක රටකින් නැත්නම් තව රටකින් ගෙන්වන නිසා මෙහෙ වෙළඳපොලේ අවාරයක් කියලා එකකුත් නැහැ. ඒ පහසුකමට තමයි ආවරේ දී වැඩියෙන් මිල ගෙවන්නෙ!!!

  3. budditha said, on මාර්තු 16, 2013 at 11:55 පෙ.ව.

    මමත් දවසක් ලංකාවෙන් ඩ්‍රැගන් ෆෲට් ගෙඩියක් මිලදී ගත්තා..ඔය පින්තුරවල තියෙන ප්‍රමාණයේ ගෙඩියක් රු.200කට අඩුවෙන් ගත්තේ.. මමනම් ඇත්තටම ඒ රසට වැඩි කැමැත්තක් නැහැ.. මට මතකයි ඩ්‍රැගන් ෆෲට් ගැන මුලින්ම ඇහුවේ 10 වසරේ විද්‍යාව පොතෙන් ඒ දැනට වසර 5-6කට පෙර.. ඒ කාලේනම් ලංකාවේ ඩ්‍රැගන් ෆෲට් තිබුනේ ෆුඩ් සිටි වල විතරයි.. මිලත් අධිකයි.. දැන් අර පාරේ රබුටන් තියාගෙන විකුනනවා වගේ ඩ්‍රැගන් ෆෲට්ටුත් ලංකාවේ පාරේ තියාගෙන කිලෝ ගානට විකුනනවා..

    • arunishapiro said, on මාර්තු 16, 2013 at 8:08 ප.ව.

      budditha,

      🙂 ගුණාත්මක බව ඇහිලා ද නැත්නම් වැඩි ගාණට විකුණන්න පුලුවන් වෙයි කියලා ඇහිලා ද කියා හිතාගන්න බෑ. හැබැයි රසට ඉල්ලුමක් තියෙන නිසා වෙන්න බෑ .. රහට අකමැති අය තමයි වැඩියෙන් ඉන්නෙ බලාගෙන යනකොට.

  4. Madu said, on මාර්තු 16, 2013 at 11:56 පෙ.ව.

    ඩ්‍රැගන් ෆෲට් දැන් ලංකාවේද වගා කරනු ලැබේ. සමාන්‍යෙයන් මිල රු 400/- ක් (කිලෝවක්) පමණ වන බව මා අසා තිබෙනවා.

    ඔබ අතින් පොඩි දෝශයක් වී ඇත. විද්‍යාත්මක නාමකරණ සම්මත රීතීන්ට (කැරොලස් ලිනේයස් විද්‍යාඥයාගේ ද්විපද නාමකරණ රීති) අනුව මුද්‍රිත මාධ්‍යයේදී අදාල නාමය Italic ලෙස සඳහන් කළ යුතුය. සමාන්‍යෙයන් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයේද එලෙසම භාවිත කරයි.

    ස්තුතියි෴

    • arunishapiro said, on මාර්තු 16, 2013 at 8:15 ප.ව.

      Madu,

      ඔව් ඔව් typo දෝෂ නම් හදාගන්න පුලුවන් … අනික italics දාන්නෙ නැත්නම් යටින් underline කරන එකත් සම්මතයක්. ඒත් දෝෂ සහගත මතවාදයේ එල්ලී සිටීම හදාගන්නෙ කොහොම ද?!!! 🙂

      • Madu said, on මාර්තු 16, 2013 at 11:29 ප.ව.

        නාමයට යටින් වෙන වෙනම ඉරි අදින්නේ අතින් ලිවිමේදී පමණයි. italics අකුරු භාවිත කරන්නේ මුද්‍රිත මාධ්‍යයේදීය. නමුත් මෙම අවස්ථා දෙකේදීම ද්වි පදයේ පළමු අකුර capital විය යුතුයි.

        • arunishapiro said, on මාර්තු 17, 2013 at 7:48 පෙ.ව.

          Madu,

          මේක ඩිජිටල් මාධ්‍යයකින් ඉදිරිපත් වෙන බ්ලොග් එකක්.

          අනික මේක මගේ බ්ලොග් එක නිසා දාන්නෙ ගෙවීමක් කළත් නොකළත් මම කැමති දැන්වීම් විතරයි.

  5. Gold fish said, on මාර්තු 16, 2013 at 12:20 ප.ව.

    දම් පාට පැෂන් පෘට්ද…?
    ලංකාවේ දැකලා තියෙනවා කාලා නෑ….

  6. Maathalan said, on මාර්තු 16, 2013 at 12:36 ප.ව.

    මෙහේ බඩු හෑව් නෝනේ. පට්ට රහයි.. ඒත් ඉතින් මගේ ප්‍රියතම. කජු පුහුළන් තමයි. කාලා තියෙයි…?

  7. අටම්පහුර said, on මාර්තු 16, 2013 at 12:43 ප.ව.

    ඩ්‍රැගන් ෆෲට් මොන එහෙකට පලතුරක් කරාද මන්දා මට නං කිසිම රසක් නැ , කඩවල් වල නිතරම ගන්න තියනවා , මම දැකලා තියනවා වගා කරන විදිහ කොන්කීට් කනුවක් උඩ පරණ ටයර් වල තමා හිටවලා තිබ්බේ

  8. දූපත් වැසියා said, on මාර්තු 16, 2013 at 2:25 ප.ව.

    අපේ දිහා ඇත.

  9. Kumari Ranasinghe said, on මාර්තු 16, 2013 at 7:16 ප.ව.

    Mmm… Maath dakala thiyenawa. Eth gaththey na. Ai kanna bari unoth aparade salli:) . Eth Dan hithenawa aran kala balanna.
    Kiyanna puluwanda Florida wala koi hariyeda mewa waga karanne , eyala vikunana wada kiyala, poddak e paththey rawumak yanna..:)

  10. amalpasanna said, on අගෝස්තු 15, 2013 at 4:06 පෙ.ව.

    ඉස්සර කාලෙනම් ඇමෙරිකාව තමයි වියට්නාමෙට සමහර දේවල් පටවල කුඩු වෙන්න දුන්නෙ.

    • arunishapiro said, on අගෝස්තු 15, 2013 at 4:55 පෙ.ව.

      amalpasanna,

      වියට්නාමෙට මුලින් ඇතුල් වෙලා රටේ විනාශයට පාර කැපුවේ ප්‍රංශය, ජපානය සහ චීනය ඒ අනුපිළිවෙලින්. ඇමෙරිකාවේ සමාජවාදී නායකයන් අනුන්ගේ පව් කරගහන්න ගිහින් එහි පිරිසක් බේරාගන්න උත්සාහයෙන් තව පිරිසක් විනාශ කළා. වර්තමාන සිරියාව දිහා බැලුවම මැදිහත්වුනා නම් ඇමෙරිකාවට පුළුවන් එහි මිය යන අහිංසකයන් රාශියක් බේරාගන්න. නමුත් ඇමෙරිකන් විදේශ ප්‍රතිපත්ති හදන අය කුරුවල් මොළ වල ඉන්න නිසා මැදිහත් වෙන සහ මැදිහත් නොවන දේවල් තෝරාගන්න දන්නෙ නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: