අරුණි ශපීරෝ‍ වෙතින්

මාග්නෙට්ස්කි පනත

Posted in Uncategorized by arunishapiro on මාර්තු 22, 2013

Widow Zharikova grieves over husband Magnitsky's body

මාග්නෙට්ස්කි පනත ඇමෙරිකන් කොංග්‍රසය විසින් 2012 අග දී සම්මත කරන ලද්දකි. 2012 දෙසැම්බර් 14 වැනිදා එය නීතියක් බවට පත් කරමින් ඔබාමා විසින් අත්සන් තැබුවේය.

සර්ගේ මාග්නෙට්ස්කි නීතීඥයෙකි, විගණක පරීක්ෂකයෙකි? (auditor). ඔහු Hermitage Capital Management නම් වූ රැසියාවේ විශාලතම විදේශ මුදල් ආයෝජනය වූ සමාගමක සේවය කළේය.

එහි ලොක්කා වූ Bill Browder ව්ලැඩමියර් පූටින් රසිකයෙකි. කොතරම් පූටින් ගැත්තෙක් වුවත් රුසියන් සමාගම් පලහිලව්වක දී Browder විසින් සොයාගත් නොගැලපෙන තත්වයක් රුසියන් ඉහළ ලොක්කෙක්ව උරණ කරන ලදි. Browder ගේ රස්සාව අහිමි විය. ඔහු තම ආයෝජන මුදල් ද රැගෙන ඉවත් වී ගියේය. ඒ ආයෝජන වලින් රුසියන් ආර්ථිකයට ලැබුණු යහපත නැවතීම ගැන රුසියන් රජයේ කිසිවකුගේ කණගාටුවට කාරණයක් ද නොවිණ!!!

මේ සිද්ධිය නිසා පටන් ගන්නා විමර්ශනය අනුව, රුසියන් රාජ්‍ය නිලධාරීන්, එහි උසාවි සහ පොලීසිය සමඟින් එකතු වී ගෙන ගියා යැයි සැක කෙරෙන ලද ඩොලර් මිලියන 230 ක රුසියන් රාජ්‍ය බදු වංචාවක් විමර්ශනය කරන ලද සර්ගේ මාග්නෙට්ස්කිව රුසියානු රජය අත් අඩංගුවට ගන්නා ලදි. නඩුවට පෙර තමන් වරදක් කළා යැයි පිළිගන්නේ නැතිව වසරක් සිරබාරයේ සිටින මාග්නෙට්ස්කි 2009 වසරේ දී මොස්කව් සිරගෙයක දී වද හිංසා ලැබ අනතුරුව නොසැලකිල්ල නිසා වයස 37 දී මිය ගියේය.

ඉතින් පූටින් ආණ්ඩුව රුසියානුවන්ට කියා දෙන පාඩම මෙයයි. රුසියන් ලොක්කන්ට අනුව රුසියානුවන් සෙසු පුරවැසියන් ගෙන් හොරකම් කළාට සමාවක් ලැබේ. එහෙත් ඒ හොරකම හෙළිකරන්නට යෑමේ දී ලැබෙන්නේ මරණයයි.

ඒත් ඉතින් මොස්කව් වල මැරුණ රුසියානුවෙක් නිසා ඇයි ඇමෙරිකාවේ පනතක් සම්මත වෙන්නේ?!!!!!

ඇමෙරිකාවේ බැංකු පද්ධතියට රුසියානු දූෂිත සල්ලි ඒම වැළකීමටයි කියා තමයි පනත ගේන්නෙ. ඒත් එහි අරමුණ මානුෂික අපරාධ වලට දඬුවමක් දීමයි. සර්ගේ මාග්නට්ස්කි ගේ මරණයට වගකිව යුතු යැයි සැලකෙන සියළු රුසියානු නිලධාරීන්ට ඇමෙරිකාවට පැමිණෙන අවසරයක් නොලැබෙන පනතකි මේ පනත.

පනත යෝජනා කරන්නේ සෙනෙට් සභික Ben Cardin විසිනි. ඒ පනත නිසා තහනම පැනවෙන සියලු රුසියානු රාජ්‍ය නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක්හොරකම ගැන තවත් විස්තර වෙබ් අඩවි තොරතුරැ වලින් කියවත හැකියි.

ව්ලැඩමියර් පූටින් ඇමෙරිකන් පනතට කැමති වූයේ නැත. ඒ සමාන පනතක් රුසියාවේ සම්මත කරගන්නට ක්‍රියා කළහ. මානුෂික අයිතීන් උල්ලංඝනය කළ සියළුම ඇමෙරිකානුවන්ට රුසියාවේ සංචාරය තහනම් කරන්නට යෝජනා විය. එහෙත් ඒ ගැන සොයා බලද්දී ඔවුනට පෙනී ගියේ රුසියාවේ සංචාරය කරන හෝ රුසියාවේ දේපල අයිතියක් තිබෙන ඇමෙරිකානුවන් එතරම් නැති බවයි. ඊට වඩා රුසියානුවන් ප්‍රමාණයකට ඇමෙරිකාවේ දේපල හිමි සහ ඇමෙරිකාවේ සංචාරයට එන බවයි. මේ දිනවල නිව් යෝර්ක් නගරයේ සහ ෆ්ලොරීඩා වෙරළබඩ සුඛෝපභෝගී මහල් ප්‍රසාදයන් බොහොමයක් රුසියන් ධනවතුන් විසින් මිල දී ගන්නා නිසා ඇමෙරිකන් නිවාස වෙළඳපොලට සුළු උත්තේජනයක් ලැබී ඇත.

එහෙත් හෑල්ලුවක් අත් විඳින්නට සිද්ධ වූවා යැයි සිතන (එය මානුෂික වදහිංසා ගැන කේස් එකක් යැයි නොදැකිය හැකියාව නිසාම) පූටින්ට මුකුත් නොකර නිකම් සිටිය නොහැක. 2012 දෙසැම්බර් 19 වැනි දා ඩූමා (රුසියන් පාර්ලිමේන්තුව) විසින් 400 ක් පක්ෂවත් 4 ක් විපක්ෂවත් අනුමත කරන ලද්දේ ඇමෙරිකාව විසින් රුසියානු දරුවන් හදා ගන්නට ගැනීම නැවතීමයි.

මේ පනත ඩිමිත්‍රි යැකොව්ලෙව් (චේස් හැරිසන්) පනත යැයි නිල නොවන ලෙසින් නම් විය. ඩිමිත්‍රි යනු හදාගන්නට ගත් රුසියානු දරුවෙකි. තමාව හදාගන්නට ගත් ඇමෙරිකන් පියා ගේ නොසැලකිල්ල නිසා වාහනයේ සිටිය දී උෂ්ණත්වයට හසු වී මිය ගිය බාල වයස්කාර දරුවෙකි.

ඇමෙරිකාවේ වැසියන් පසුගිය දශක දෙකේ දී රුසියාවෙන් අනාථ දරුවන් (නොයෙකුත් ආබාධ වලින් පෙළෙන දරුවන්) 60,000 කට වැඩි සංඛ්‍යාවක් හදාගන්නට බාර ගන්නා ලදි. හදාගන්නට ගත් දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා මියගිය රුසියන් දරුවන් සංඛ්‍යාව සහ තමන්ගේ ම දරුවන් නොසැලකිල්ලට ලක්වීම නිසා මිය ගිය සංඛ්‍යාව අතර කිසිත් වෙනසක් දක්වන්නේ නැත.

රුසියානු ජනතාව දරුවන් හදාගන්නට ඇමෙරිකන්කාරයන්ට ඉඩ නොදෙන පනත ගෙනෙනවාට එරෙහිව පෙළපාලි ගියහ.677px-Moscow_rally_13_January_2013_Trubnaya_Square_1

රුසියාව ලෝකයේ ගබ්සා වැඩියෙන් ම කරනා රට ද වෙයි. එය ලෝකයේ ගබ්සාවන්ට නීතියෙන් ඉඩදුන්, 1920 දී, ප්‍රථම රට ද වෙයි. 2009 දත්ත දක්වන පරිදි රුසියාවේ මිලියන 143 ක ජනතාවක ජනගහණය තුල මිලියන 1.2 ක ගබ්සා සිද්ධ වී ඇත. ඉතින් මේ දරුවන් හදාගැනීමට ඇමෙරිකාවට දීමට නොහැකි නීතිය නිසා රුසියාවේ ගබ්සා තවත් වැඩිවුනා දැයි කියන්නට හැක්කේ අනාගතයේ ඒ දත්ත සොයා ගැනීමට හැකි වූ විටය.

රුසියාව කිසිම විදේශිකයෙකුට රාජ්‍ය රූපවාහිනියේ රජයට එරෙහි කිසිත් කීම තහනම් කරන නීතියක් ගෙනෙන්නට උත්සාහ කළත් එය ඔවුන් අත්හැර දැමූහ. එහෙත් ආණ්ඩුවේ නොවන සංවිධාන (NGO) හි රුසියාවේ ඇතුලත ඇමෙරිකන් පුරවැසියන්ට දේශපාලන වූ වැඩ කළ නොහැකි නීතියක් ගෙනෙන ලදි.

දැන් පූටින් විසින් ඇමෙරිකාව හෑල්ලු කරන්නට තවත් උත්සාහයක් ගනියි. ඒ මිය ගිය මාග්නෙට්ස්කිට (in absentia) එරෙහිව ඔහු දශකයට ඉහත දී කරන ලද්දා යැයි කියන බදු වංචාවක් වෙනුවෙන් නඩුවක් අසා තීන්දුවක් දෙන්නටය.

මාග්නෙට්ස්කිගේ මරණය සිද්ධ වූයේ කෙසේ දැයි විමර්ශනය කර 2013 මාර්තු 19 වැනි දා තීන්දුවක් දුන් රුසියන් ආණ්ඩුව කියා සිටියේ ඔහු හදෘයාබාධයකින් මිය ගිය බවයි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Maathalan said, on මාර්තු 22, 2013 at 11:37 පෙ.ව.

    අපොයි මෙහෙත් එහෙම අත් අඩංගුවට ගත්තයින් පස්සෙ එක එක ඒවා වෙලා මිනිස්සු මැරෙණවා. ජහ මනයා ඒකේ වරද පටවන්නේ ආන්ඩුවට. ජය මනයට පිස්සු නේ…

  2. Ravi said, on මාර්තු 22, 2013 at 3:46 ප.ව.

    ග්ලස්නොස්ට් සහ පෙරස්ට්‍රොයිකාවෙන් වෙච්චි එකම වෙනස මට පේන්නෙ රුසියානු ජනතාවට තමන්ගෙං ආණ්ඩුව සහ ආණ්ඩුවෙ දූෂිත නිලධාරීන් ගසා කන මුදල ගනං හිලව් ඇතුව දැනගන්ට ලැබෙන එක විතරමයි වාගෙ. එක අතකට ඒකවත් මදෑ…අපෙං මෙච්චර ගසාකනවයි කියල දැනගන්ට ලැබෙන එකත් සුළුපටු දෙයක්ද? 🙂

    • arunishapiro said, on මාර්තු 24, 2013 at 10:19 ප.ව.

      Ravi,

      කාලයක් යද්දී ඒකටත් හුරු වෙනවා. ගසා කන ගාන නිෂ්පාදන වැයේ කොටසක් කරලා පාරිභෝගිකයාට පැටවෙද්දී විකල්පයක් ඇතැයි ඒත් පිළිගන්න කැමති නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: